මේ ළඟදී මට අපූරු පොත් දොරට වැඩුමකට සහභාගි වෙන්නට ලැබුනා. ඒ වැඩිහිටියන්ට සහ පොඩි හිටියන්ට යන දෙපිරිසටම ලියූ පොත් දෙකක් ජනගත කිරීමක්... ළමා සාහිත්‍ය උදෙසා පොත් ලියවෙනවා අඩු මෙවැනි කාලෙක, පරිවර්ථන පොත් සඳහා දරුවෝ වඩා කැමැත්තක් දක්වන එවැනි පොත් පත් වැඩි මෙවැනි කාලෙක, මනෝරි ලියනවඩුගේ සොයුරියගේ “නෙල්ලි කැලේ බංඩියා” කෘතිය ළමා පරපුර වෙත පිදෙන වටිනා ත්‍යාගයක්. අපේ රටේ පුරාණ ගති සිරිත්, ගම්බද පරිසරය , ගැමි හුරුව මනා ලෙස මේ පොතට කැටි කරන්නට කතුවරිය සමත් වී ඇත. මේ සඳහා පොත කියවූ මගෙන් ඒ ගැන අදහසක් විමසා සිටි මනෝරි අක්කාට.. මා ලියා දුන් ඒ සටහන පොතේ අන්තිම පිටුවේ ඇතුලත් කර ඇති බව ත් දුටුවා. මනෝරි අක්කා තවත් ළමා පොත් ලිවිය යුතුය. ඔබට ඒ සඳහා හොඳ හැකියාවක් ඇති බව මම කියමි. ළමා පොත කියවූ හැමෝම මා සමග එකඟ වනු ඇත.
මතකත් ඇති ඔබට පෙර කාලෙක ලීව මේ වාට්ටු කතා....
" ආයෙ දිව්වොත් එහෙ මෙහෙ යවන්නේ නෑ ගෙදර... " මම සුපුරුදු භය කිරීමේ අවිය පාවිච්චි කරා අපේ වාට්ටුවේ හිටපු දඟම දඟ පැංචෙක්ට.
" ආ කමක් නෑ මං මෙහෙ ඉන්න ආ....සයි" මේ නම් මහා ඇට්ටර පැංචෙක්. ඒත් මේ ඔවුන්ගේ ඉස්පිරිතාලේ ඉඳීමේ කැමැත්ත පිටුපස මහා ඛේදවාචක ගොඩක් හමුවෙනවා.
ඔවුන්ගේ ගේදොර සමාජ වටපිටාව විපරම් කල විටයි වැටහෙන්නේ මේ දරුවාට නිදා ගන්න ඇඳක් ලැබුනේ ඉස්පිරිතාලෙදී බව, කුඩා ලෑලි ගෙවල් වල පැදුරු කඩමාලු වල , ඇතැම් විට වැඩිහිටි ආරක්ෂාවක් නැතිව මේ දරුවෝ නිදන්නේ. සමහර ගෙවල් වලට වැස්සට වතුර දැම්ම විට, කන්න බොන්න අඟහිඟ වුන විට, සමහර දෙන්නා දෙමහල්ලෝ රණ්ඩු සරුවල් වුන විට, දරුවන් උස්සාගෙන ඉස්පිරිතාලේ නවතින්න එන අම්මලාත් අඩු නෑ. ඔවුන්ට මේ පරිසර තුලදී ඇසෙන වාග් මාලාව නුසුදුසුය, දකින ආදර්ශයට ගන්නා දේ නුසුදුසුය.
"එහෙනම් ඉන්ජෙක්ෂන් එකක් දෙනවා ඔන්න දැඟළුවොත් එහෙම ආයෙත්" මගේ භය කරන ටැක්ටික් පාවිච්චි කරා. " අපෝ දෙන්න දෙන්න මං භය වෙයි ඕවට" ඔහු අත පෙන්වයි.
විශ්වාස කරන්න.. මේ පොඩ්ඩාගේ වයස අවුරුදු 4යි. ආයෙම සැරයක් දුටුවේ අම්මා කියන දෙයක් කනකට නොගෙන වාට්ටුව පුරා දුවන ආකාරයයි.
"එක විදියකට ඉන්නේ නෑ දුවනවා වාට්ටුව පුරාම ඉතින් කොහොමද අසනීප හොඳ වෙන්නේ" දඟකාර පැංචා දිහා බලාගෙන මම ඔහුගේ මවට කීවා.

"අහන්නේම නෑ කියන දේ ඩොට්ට" ඇදුම වැඩි වී පැමිණි මේ පිරිස සිටින්නේ කොයි පුරයකද යන්න කතා බහෙන්ම වැටහේ.
"බත් කෑවද පුතේ" මම ඔවුන් පරීක්ෂා කරන ගමන් යාළුකම් පාන්නට එසේ අසමි එතකොට මදක් හෝ මොවුන් සන්සුන් වේ.
"අනේ මේ වැඩක් බලාගෙන යන්න" මේ පැංචා කියයි.
" මේ දන්නවද මම හරි වසයි" ඇඟිල්ල උරුක් කරමින් පොඩි දුවෙක් දවසක් අප සැමට ගෝරනාඩු කල විට ඇගේ අම්මා කීවේ, "අනේ ඩොක්ටර් ගෙදරත් ඔහොමයි" කියාය.
ඒ ඔවුන් හැදෙන වැඩෙන පරිසරයේ ආභාෂය වෙන්නට පුළුවනි. දරුවන් හැදෙන්නේ වැඩිහිටියන් දිහා බලාගෙනයි. ඔවුන්ගේ කුඩා මනසවල් හරියට අඹන්නට පෙර තියෙන මැටි ගුලියක් වගේ. නමුත් ඔවුන් ජීවත් වෙන සමාජය විසින් ඔවුන්ව කුඩා වැඩිහිටියන් බවට පත්වෙලා.
මට හමුවෙනවා, අවුරුදු දහයටත් අඩු දරු දැරිවියන්, ජීවිතේ එපා වෙලා යැයි කියන. දිවි නහ ගන්න හදන (වැඩිහිටියන් බය කරගන්න ඇට්ටර කමට කරන අයත් ඉන්නවා) බහුතරය ගෙවල් වල වැඩිහිටි ප්‍රශ්න, සමාජ පීඩන හමුවේ ජීවිත් නොවිය යුතුය කියා සිතනවා.
ඔවුන්ගේ ඇසට පෙනෙන්නේ, කනට ඇහෙන්නේ ඒ වයසේ දරුවෙක් නොදැකිය යුතු, නෑසිය යුතු දේ. අපි කොහොමද මේ අයගේ පරිසරය වෙනස් කරන්නේ. අප වාට්ටුවේ තිබෙන රූපවාහිනී යන්ත්‍රය ඉදිරි පිට පොඩි දරුවෝ පෙළ ගැහෙනකොට නම් මම ඉතා කල්පනාකාරීයි, සමහර විට ළමා වැඩසටහන් අතරතුර පෙන්වන වෙනත් වැඩසටහන් ගැන සඳහන් කිරීම් ඇත්තටම දරුවන්ට සුදුසු නැතිවා වගේම අද තිබෙන දැන්වීම් ප්‍රචාරන ක්‍රමද බොහොම බාල වර්ගයේ ඒවාය.

සිංදු කියා බලන්නට අසන්නට දෙයක් ඇත්තේම නැත. ඒ වගේම මට හමුවෙනවා නගුලක් දැක නැති කුඹුරකට බැස නැති, වැවක ගඟක නාපු නැති දරුවන් පිරිසකුත්, වැල වරකා නොදන්නා දරුවන්ද ජීවිතේට කාපු නැති බාලාංශ පන්ති වල දරුවන් ද හමුවෙනවා. අවාසනාවකට මේ දරුවන්ගේ නිවෙස් පරිසර වල වැඩිහිටි රූපවාහිනී වැඩසටහන් බලන්නට නිරන්තරයෙන්ම මේ කුඩා වුන් පුරුදු වි ඇති ගතියක් දකින්න ලැබෙනවා. රාත්‍රී 8 න් පසු රූපවාහිනිය ළඟ පොදි ගැහෙන්නට අප සමග රණ්ඩු සරුවල් කරන දරුවෝද එමටය.
වාට්ටුවේ කුඩා උන් සඳහා පුස්ථකාලයක් පැවතියද අපි හරි හෙද සොයුරියන් හරි බලෙන් මතක් කළොත් මිසක් අර අම්මලාටවත් දරුවන්ට නිසි යමක් කියා දීමට උවමනාවක් නැති බවකුයි වැටහෙන්නේ. දෙමාපියන් බොහෝ වෙලාවට ඉන්නේ ඔවුන්ගේ අතේ තියෙන අර ස්මාර්ට් ෆෝන් එකේ ස්ක්‍රීන් එකට ඔළුව ඔබාගෙන එහෙම නැත්නම් අල්ලපු ඇඳේ අම්මා එක්ක ඕප දූප කතා කර කර. එහෙමත් නැත්නම් දරුවා එක්කම ඇවිඳින් රෝහලේ කොරිඩෝවේ ඇති ටීවී එකෙන් වැඩිහිටි වැඩසටහන් නරඹමින්.
අප වෙත එන බොහෝ දරුවන් කතා බහ කරන්නේ අඩුවෙන් බව දෙමාපියන් කියයි. බහුතරයක් දරුවන් ටී වී එකට, ලැප්ටොප් එකට, හෝ අයි පෑඩ් ෆෝන්, මේ ඕනෑ ආකාරයක ස්ක්‍රීන් ටයිම් එකකට හුරු වෙලා සිටින අය. මගේ කුඩා දරුවා පවා ටීවී එකක් හෝ ලැප්ටොප් එක හෝ දිහා හැල හොල්මනක් නැතිව බොහොම නිසොල්මනේ බලාගෙන සිටින අයුරුත් එයින් ඇය පවා අප සමග කතා බහ අඩු කළ අයුරුත් මගේ මතකයට නැගේ.
බටහිර රටවල “reduce screen time !” ලෙස පර් යේෂණ පවා සිදු කර දරුවන්ගේ මොළයට, පරිකල්පන ශක්තියට (imagination) මෙන්ම cognitive development , පරිසර සහ මනෝ මූලික වර්ධනයට ඉන් බෝහෝ හානි සිදුවන බව සොයා පැහැදිලි කර තියෙනවා.
ඔවුන් පවසනවා, දරුවන්ට සොබා දහම හා බද්ධ වෙන්න වෙලාවක් වෙන් කරන්න කියලා. මඩ වැලි අනන්න, ගලා යන ස්වභාවික ජලයේ සෙල්ලම් කරන්න ම් ගස් කොළන් අත් ගාන්න, සුරතල් සතුන් හා සෙල්ලම් කරන්න ඔවුන්ට ඉඩ දෙන්න කියලා. එහෙත් කොන්ක්‍රිට් වනාන්තර වල ගාල් වී සිටින අපි කොයි තරම් දුරට අපේ දරුවන් ව මෙවැනි දේවලට යොමු කරනවා ද ? දරුවන් ඇස් වලින් කන් වලින් වගේම ඇඟිලි තුඩු වලිනුත් මුල් අවධියේදී ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. එනිසා අත් වලින් අල්ලා බලා ඉගෙන ගන්න පරිසරයේ දේ ඔවුන්ට යොමු කිරීම වඩා වැදගත්. හැබැයි ඒ අල්ලන වැලි ගල් කැට, ගස් කොළ , කටේ දා ගන්නවා දැයි විමසිලිමත් වීම වැඩිහිටියන්ගේ වැඩක් !
ඒවගේම ඔවුන් තව දුරටත් පැහැදිලි කරනවා, දරුවන්ට මව් බසින් මුල සිට කතා කරන්න කියලා. පළමුව මව් බස හොඳින් ප්‍රගුන කරන දරුවෙක්ට වෙනත් බසක් ඉගෙනීම පහසු බව පර් යේෂන මගින් පැහැදිලි කරලා තියෙනවා. එමෙන්ම එහෙම දරුවන් ඉක්මනින් සමාජ සම්බන්ධතා මෙන්ම තමන් වැඩෙන පරිසරය ගැන මහා දැනුම් සම්භාරයක් ඉක්මනින් උකහා ගන්නවා කියලත් කියනවා. ඒකට හේතුව දරුවාට අවටින් ඇසෙන දේ තේරුම් ගත හැකිවීම වෙන්න පුළුවන්. ගෙදරක බහුත්‍රය සිංහල කතා කරමින් සිංහල ටීවී වැඩසටහන් පවා විකාශනය කරමින්, දරුවාට පමණක් ඉංග්‍රීසිය පමණක් හුරු කරවීම සහ කතා කිරීම මා අපේ සමාජයේ නිතර දකින වරදක්.
මේ ඔබට වැදගත් වේ යැයි හැඟෙන මා කියවූ අඩවි කිහිපයක්. මේවායෙන් තව බොහෝ තොරතුරු ලැබෙයි.
මෙන්න මේ ආටිකල් එක වෙබ් එම් ඩී එකෙන්. රෝගාබාද ගැන හරියාකාර තොරතුරු සොයාගන්නට සුදුසු වෙබ් ලිපිනයක්... reduce screen time in teens
මේ තවත් එවැනි උපකාරී උපදෙස් දෙන වෙබ් අඩවි දෙකක්... healthy kids healthy future - නිරෝගී දරුවන් නිරෝගී අනාගතයක් සහ reduce screen time tools දරුවන් තිරයෙන් මුදා ගැනීමේ ක්‍රම උපායන්
ඉතින් මට සමාජයට දෙන්න පණිවිඩ බොහෝ මයි. නමුත් ලියන්නට ඇති කාල වේලාව අඩුයි. එනිසා හැකි සෑම විටම මේ ආකාරයෙන් ලියන්නට හිතා ගත්තා.