එක
දිගටම වෙහෙසෙන්න සිදුවුනා, අවුරුදු දෙකක පමණ දරුවෙක්, තමන්ගේ ආච්චිගේ
බෙහෙත් පෙති බෝතලෙන් බෙහෙත් පෙති කාලා... මුලින් අහන කොට සෙමට ගත්ත බෙහෙත්
බව කීවත් දරුවාගේ අසාධ්‍ය රෝග ලක්ෂන හමුවේ, අම්මා පවසනවා ඇගේ මවට මානසික
රෝගාබාධයක් ඇති බවත් ඒ සඳහා දිගටම බෙහෙත් බොන බවත්.. ඒවා බී ඇති බවත්.
උදරය සෝදා,(gastric lavage) නහයෙන් බටයක් දමා (NG tube), විෂ උරාගන්නා ඖෂධීය රසායන උරාගන්නා ක්‍රියාකාරී අඟුරු (ඇක්ටිවේටඩ් චාකෝල්) දීම වැනි මූලික ප්‍රතිකාර වලට අමතරව... බෙහෙත කුමක්දැයි නොදන්නා නිසා විශේෂයෙන් සැලකිල්ලෙන් පරීක්ෂා කරමින් සිටින්නට වුනා.... .... බෙහෙත් වගේ දේවල් ප්‍රවේශම් තැනක, අල්මාරියක වගේ ලොක් කරන්න යතුරු දාන්න පුළුවන් තැනක තියන්න ඕනේ...විශේෂයෙන් ගෙදර කුස්සියේ ඇති භූමිතෙල්, විෂබීජනාශක, කෘමි නාශක මදුරු කොයිල් වැනි දේවල් දරුවන්ට ගන්න අතපොවන්න හැකි තැන් වල තියන්න එපා... දැන් මම ඒ අම්මට කියා දෙනවා. ඒ දරුවාගේ ඇඟ වැහෙන්න එලා තිබුනේ අම්මාගේ ලේන්සුව... ඒකත් පහළ කොටස විතරයි.. ඇයි ඇහුවම "හදිසි ඒකකයෙන් වමනේ කරව්වානේ... බඩ සේදුවා එතකොට ඇඳුම් තෙමුන නිසා ඉවත් කරා ගෙදරින් ගෙනෙනකම් ඇඳුමක් නෑ " කියන උත්තරේ දුන්නේ. වාට්ටුවේ දෙන්න කියලා ඇඳුමක් රෙදි කඩක් තිබුනේ නෑ.
උදරය සෝදා,(gastric lavage) නහයෙන් බටයක් දමා (NG tube), විෂ උරාගන්නා ඖෂධීය රසායන උරාගන්නා ක්‍රියාකාරී අඟුරු (ඇක්ටිවේටඩ් චාකෝල්) දීම වැනි මූලික ප්‍රතිකාර වලට අමතරව... බෙහෙත කුමක්දැයි නොදන්නා නිසා විශේෂයෙන් සැලකිල්ලෙන් පරීක්ෂා කරමින් සිටින්නට වුනා.... .... බෙහෙත් වගේ දේවල් ප්‍රවේශම් තැනක, අල්මාරියක වගේ ලොක් කරන්න යතුරු දාන්න පුළුවන් තැනක තියන්න ඕනේ...විශේෂයෙන් ගෙදර කුස්සියේ ඇති භූමිතෙල්, විෂබීජනාශක, කෘමි නාශක මදුරු කොයිල් වැනි දේවල් දරුවන්ට ගන්න අතපොවන්න හැකි තැන් වල තියන්න එපා... දැන් මම ඒ අම්මට කියා දෙනවා. ඒ දරුවාගේ ඇඟ වැහෙන්න එලා තිබුනේ අම්මාගේ ලේන්සුව... ඒකත් පහළ කොටස විතරයි.. ඇයි ඇහුවම "හදිසි ඒකකයෙන් වමනේ කරව්වානේ... බඩ සේදුවා එතකොට ඇඳුම් තෙමුන නිසා ඉවත් කරා ගෙදරින් ගෙනෙනකම් ඇඳුමක් නෑ " කියන උත්තරේ දුන්නේ. වාට්ටුවේ දෙන්න කියලා ඇඳුමක් රෙදි කඩක් තිබුනේ නෑ.
යන්තම්
ඒ දරුවා සුව අතට හැරෙනවිට... රෑ එකොළහට පමණ තව දරුවෙක් ගෙනෙනවා අවුරුදු 3 ක
පමණ.... භූමිතෙල් බීලා ඇඟේ හලාගෙන... හැබැයි බීලා තියෙන්නේ හවස 5 පමණ ලු.
ඇයි මෙච්චර පමා උනේ ඇහුවම අනිත් දරුවෝ දෙන්නත් එක්ක එන්න බැරි නිසා සැමියා
වැඩ ඇරිලා එනකම් හිටියා කියලයි. අතේ මාස 3ක දරුවෙක් නිදි.. මේ දරුවා එක්ක
තව අවුරුදු 5ක පමණ දරුවෙක්... මේ ඔක්කොමලා ඉතා කිලිටි ඇඳුම් ඇඳගෙන
හිටියේ... දැන් ඉතින් කොහොමත් භූමිතෙල් පෙවුනාම වමනය කරවීම හෝ බඩ සේදීම
කරන්නේ නැති නිසාත්, පෙවී ඇති ප්‍රමාණය ගැන නිනවුවක් නැති නිසාත්, වේලා ගත
වී පැමිණි නිසාත් දරුවා මොනිටර් කිරීම හෙවත් සුපරීක්ෂා කාරීව බැලීම පමණයි
අපට කරන්නට තිබුනේ.. පොඩ්ඩා නම් බොහොම දඟකරමින් හිටියා. සැමියා
කම්කරුවෙක්...
දැන් ඊළඟ ප්‍රශ්නේ,
“නවතින්න වෙයිද ඩොකටර්, ඇඳුම් ගෙනාවේ නෑ” අනේ ඉතින් අපේ ඇඟේ ලේ වතුර වෙන
සුළු විදිහට දරුවෝ ගැන සැලකිලිමත් නොවන, ආර්ථික අපහසුතා ඇති මෙවැනි පවුල්
වල මෙවැනි අඩු සමාජ අවබෝධයක් සහිත මව්වරු එක්ක කතා බහ කරලම දැන් විඩාවට පත්
වෙලා ඉන්න අපි, වාට්ටුවේ අපි තියා ඇති ඇඳුම් වල මේ පැංචාට හරියන ඇඳුමක්
තිබුනේ නැති නිසා... මුළු රෑම ඒ පැටියා අර ඇඳුමෙන්ම සිටියා..
කලින්
මා කියූ පෙති බී පැමිණි දරුවාගේ අම්මා, මානසික රෝගියෙක් වන ආච්චී ළඟ දරුවා
දමා යන්නේ..කඩේක වැඩට... තාත්තා කම්කරුවෙක්.. තව අවුරුදු 10 පමණ අයියා
තමයි.. මල්ලී පෙති කනවා දැකලා කටට අත දාලා පෙති අරන් දාලා තියෙන්නේ...
ඊළඟට...අම්මාට දේශනයක් දුන්නා ආච්චීත් මානසික රෝගියෙක් නිසා ඇයට දරුවන් බලා
ගන්න දමා යන්න එපා කියලත්...
අද
උදෑසන ඔවුන් බලන්න පැමිණි අල්ලපු ගෙදර වැඩිහිටියෙක් මට කියනවා... "අනේ
ඩොක්ටර් බලන්න, අර වයසක ගෑණු කෙනාට ළමයි බලන්න බෑ.. පෙති බීලා නිදි මතේ
ඉන්නේ වැඩි හරියක්... දැන් මේ බබා, වැටි වැටී ඇවිදිනකොට මත් වෙලා වගේ නිසා
අපියි දැකලා ඇහුවේ අනිත් බබාගෙන් පුතේ මල්ලිට මොකද කියලා.. එතකොට ඒ ළමයා
තමයි කීවේ මල්ලී ආච්චිගේ පෙති බීලා බව... අපි ඉක්මනට ඉස්පිරිතාලෙට
ගෙනාවා..."
ඒත් දැන් ඒ අම්මා අපිට
ඔය කතා මොකුත් කීවේ නෑ... දරුවා දැන් බීවා උස්සගෙන ආවා වගේ තමා කතා කලේ... ඒ
දරුවාටත්, ඇඳුම් ගෙනත් නෑ... ලේන්සුවක් පෙරවලා !
දෙමාපියන්
ආර්ථික යුද්ධෙක... රටේ පාලකයන්ට මේවාගේ සංවේදී කතා අහන්න අත්දකින්න
ලැබෙන්නේ නැතිවා ඇති... බොහෝමයක් අයට දරුවන්ට ඇඳුමක් පැළඳුමක් ලබා දෙන්නවත්
මුදල් නෑ... ඒ අය දකින අපේ හිත් තමයි හඬා වැටෙන්නේ..
රටේ
මිනිසුන් වෙනුවෙන් ක්‍රියා කල යුතු කාලයක... බහුතරයක් දෙනා බොහෝ දුක්
විඳිමින් ජීවත් වෙන බව දකිනවා. මේ ගැන අපි මොකද කරන්නේ ? අසරණ අයට සහන සලසන
ක්‍රමයක් අපේ රටේ රෝහල් තුල ඇති කරලා තියෙන්නේ එක්කෝ රෝහල් කාර් යය මණඩලයේ
උත්සහයෙන් එහෙම නැත්නම් එන් ජී ඕ එකක හරි සහන පුණ්‍ය ආයතනයක
අනුග්‍රහයෙන්.
කිරි
දරුවන් අරගෙන එන අම්මලා බොහෝමයකට නැපීස් නෑ.. අපි වාට්ටුවේ එකතුකරලා තිබෙන
දේවල් වලින් ජීවානුහරණක කර කර දෙන්නේ... සමහර අම්මාලාට බෙඩ් ජැකට් නෑ...
එකම එක කුණු ගඳ ගසමින් ඇඳගෙන ඉන්නවා... චීත්ත බෙඩ් ජැකට් මම කීප වරක්
ගෙනැවිත් දුන්නා.. මා ඇන්ද ඒවා පවා ... සෝදා මැද ගෙනත් දුන්නා.
මට
වෙලාවකට හීල්ලෙනවා... මේවගේ දරුවන් ඇස ගැටෙද්දී.. ඔවුන් පරික්ෂා කරද්දී,
හිත පුරා බොහොම ලොකු දුකක් ඇතිවෙනවා. මට මගේ දරුවා මතක් වෙනවා. මගේ දරුවා
දකිද්දී, දුක් විඳින මේ පොඩි ජීවිත මතක් වෙනවා. “රජ මැදුරක ඉපදී සිටියානම්
නුඹත් රජෙකි පුතුනේ” කියන වචන ටික හිතේ දෝංකාර දෙනවා.
තව
මොනවද අපට මේ ගැන කරන්න පුළුවන්... මතකනේ උතුරු කොනේ ජීවිත ගැන මම ලීවා. ඒ
හා සමානව දුක් විඳින පිරිසක් මේ දකුණු කොනෙත් ඉන්නේ......
"ඇයි මේ අපිරිසිඳු ඇඳුම් අන්දවන්නේ. ?" අපේ ප්‍රශ්ණ ඇසීම් හමුවේ ඔවුන් නිරුත්තරයි... අසරණයි
හැමදාම
අපි ගෙවල් පීරලා ඇඳුම් එකතු කරගෙන දෙනවා, සල්ලි වලට අරගෙන දෙනවා..
...නමුත් එය සෑහෙන්නේ නෑ... එනිසයි මම මෙහෙම ලියන්න හිතුවේ...
මේ
සටහන කියවන සංවේදී හිත් ඇත්තවුන්ගෙන් මා ඉල්ලන්නේ.. ඔබේ කුඩා දරුවා ඇඳලා
ඉවත දමන කුඩා වූ ඇඳුම් තිබේනම්... මා සේවය කරන රෝහල් ළමා වාට්ටුවට ලබා
දෙන්න...ළදරු පැම්පර්ස් උනත් කමක් නෑ. ඒක විශාල පිනක්... මේ කුඩා අසරණ
ජීවිත දැක්කම මට බොහෝම දුකක් දැනෙනවා.. අනේ උන් ඇති හැකි තැනක උපන්නා
නම්... කියලා ! මේ කොළඹ ආසන්නම තිබෙන අති දුෂ්කර ජීවිත ගත කරන බොහෝ දුගී
අයවලුන් යන එන රෝහලක් !
පසු සටහන :
පසු සටහන :
මේ සටහන ලීවේ මුහුණු පොතේ... මගේ යහළුවන්ට, නෑ හිතවතුන්ට... මෙහෙම ලියලා
මුහුණු පොතේ දින දෙක තුනක් ඇතුලත බොහෝ සත්කාර හිත් තියෙන අයවලුන් අප
රෝහලවෙත ආවා. අඳින්න බැරි නමුත් වෙනකෙනෙකුට ඇඳිය හැකි බොහෝ දෑ රැගෙන ආවා.
සෙල්ලම්බඩු, පිටිකිරි ළදරුවන්ට අවශ්‍ය සනීපාරක්ෂක දෑ රැගෙන පැමිණි ඔවුන්
ගෙනා දෙයින් වාට්ටුවේ තිබෙන එකම කබඩ් එක පිරී ඉතිරී ගියා. දැන් මේවා සැරෙන්
සැරේ අවශ්‍යම කෙනෙක්ට පවුලකට ලබා දෙනවා. ඊළඟට අලුත උපන් බිළිඳුන් සිටින
වාට්ටුවට ඔවුන් පරීක්ෂා කිරීමට ගිය විට එතැන තිබෙන දුෂ්කර බොහෝ දුගී
අම්මලා, බිළිඳුන් වෙනුවෙන් අපේ වාට්ටුවෙන් ගෙන්වා නැපී, තුවා සහ අනෙකුත් දේ
ලබා දෙනවා.
ඔබ හැම දන්නවා රජයේ රෝහල් වලට එන්නේ දරිද්‍රතාවයේ බොහෝ
ගිලී ඇති ජීවිත. අනුන් කරනකම් බලා නොසිට අපෙන් රටට සිදු විය යුතු දේ කරන
එකයි වැදගත්කම !
අනේ කොච්චර දෙයක්ද. මටත් බැරිද මීට ආධාරයක් කරන්න??
ReplyDeleteපුළුවනි... ඔබ නගරයේ තිබෙන රෝහලේත් මෙවැනි වාට්ටු තිබෙන්නට පුළුවන් , මෙවැනි වෙද හෙද කාර් යය මණ්ඩල සිටින්නට පුළුවන්... හැකිනම් සොයා බලා උදව් කරන්න...එසේ නොමැති නම් මුහුණු පොත හරහා මා අමතන්න..(උතුරට පිටරටින් ඇඳුම් පෙට්ටි ලැබුනු අවස්ථාවේ කස්ටම් එකෙන් නිදහස් කරගන්න ගිහින්.. ඇයි පාවිච්චි කරපුවා එවන්නේ ලංකාවේ ඉන්නේ හිඟන්නොද ? වැනි හිත් රිදවන කතා අසන්නට වුනු බව ඔවුන්ගේ නෑ හිතමිතුරන් කීවා, ඒවා ප්‍රවාහනය කරලා බෙදා දුන්නේ එහි හමුදා කඳවුරේ ප්‍රධානියා විසින්. එවිට මා ට්‍රාන්සර් ලැබී දකුණු කොනට ඇවිත්) දකුණු පස ඇති අනිත්කොන ෆේස්බුක් ලින්ක් එක හරහා පණිවිඩ එවීමට පුළුවනි...
Deleteහැකි උදව්වක් කරමු............ කරන විදිහකුත් සදහන් කරානං වටිනවා....
ReplyDeleteපුළුවනි... ඔබ නගරයේ තිබෙන රෝහලේත් මෙවැනි වාට්ටු තිබෙන්නට පුළුවන් , මෙවැනි වෙද හෙද කාර් යය මණ්ඩල සිටින්නට පුළුවන්... හැකිනම් සොයා බලා උදව් කරන්න...එසේ නොමැති නම් මුහුණු පොත හරහා මා අමතන්න..(උතුරට පිටරටින් ඇඳුම් පෙට්ටි ලැබුනු අවස්ථාවේ කස්ටම් එකෙන් නිදහස් කරගන්න ගිහින්.. ඇයි පාවිච්චි කරපුවා එවන්නේ ලංකාවේ ඉන්නේ හිඟන්නොද ? වැනි හිත් රිදවන කතා අසන්නට වුනු බව ඔවුන්ගේ නෑ හිතමිතුරන් කීවා, ඒවා ප්‍රවාහනය කරලා බෙදා දුන්නේ එහි හමුදා කඳවුරේ ප්‍රධානියා විසින්. එවිට මා ට්‍රාන්සර් ලැබී දකුණු කොනට ඇවිත්) දකුණු පස ඇති අනිත්කොන ෆේස්බුක් ලින්ක් එක හරහා පණිවිඩ එවීමට පුළුවනි...
Deleteමේ වගේ ඩොක්ටර්ස්ලා හත් අට දෙනෙක් ලංකාවට හිටියත් ඇති ජාතියම පුබුදුවන්න.. ඔබ අපිට ගෞරවයක්..
ReplyDeleteදැන් උදව් කරන්න ඕන නැත්නං පස්සේ හරි කරන්නං. පොඩි දැනුවත් කිරීමක් කරා නං ඇති..
ස්තූතියි. බ්ලොග් ඔස්සේ එය කරන්න අමාරුයි. මාව නොදන්නා පිරිස් වැඩි නිසා. මුහුණු පොත ඔස්සේ යහළුවන් බොහෝවිට මෙවැනි දෑ කරනවා එකතුවී.
Deleteමේ ළමයින් තරමක් හෝ වානාවන්තයි ඔබ වගේ 'අම්මා' කෙනෙක් සේවය කරන රෝහලකට එන්න ලැබුනාට.
ReplyDeleteදුකක් ඇත්නම් ඒ, හැමෝටම මෙසේ නොසිතීම ගැනයි. විශේෂයෙන්ම බොහෝ ඇති හැකි අයවලුන්ට
Deleteඇත්තටම අක්කා, දොස්තරකමට අවශ්‍ය දැනුම විතරක් නෙමෙයි ඔය වගේ මානව දයාවෙන් පිරුණු හදවත්.
ReplyDeleteඋදව්වක් කරන්න පුළුවන් වේවි. මම බලලා ඉන්බොක්ස් කරන්නම් ඔයාට.
ෂුවර් බස්සි, තෑන්ක්ස්.
Deleteදරුවෝ ගැන නිතරම ඇහැ ගහගෙනම ඉන්න ඕන. මේ වගේ දේවල් වලින් දෙමවුපියෝ විතරක් නෙමෙයි, බෙහෙත් ගන්න ආවම දොස්තරලා පවා කරන්නේ මොකද කියලා එක පාර හිතා ගන්න බැරුව අසරණ වෙනවා.
ReplyDeleteබිව්වේ මොනවද කියලා දන්නෙත් නෑනේ අම්මලා... අපි බොහෝ කරදර වෙනවා බෙහෙත මොකක්ද හොයන්න. දැන් ඔය දරුවාත් බිවා කියන පෙති බෝතලේ කලවමේ පාට පෙති 4ක් තිබුනා... මේ මීනිස්සුන්ගේ වැඩ !
DeleteTake a bow Doctor, You have a Beautiful Heart !!!
ReplyDeletethank you ! for appreciating these efforts !
Deleteමම කවදාවත් ළමයි ඇදපු ඇදුම් පාවිච්චි කරපු සෙල්ලම් බඩු කාටවත් දීල නෑ. මම එහෙම කලේ වෙන කෙනෙක් ඇදපු ඇදුම් තමන්ගෙ ළමයින්ට අම්මලා තාත්තලා අකමැති ඇති කියලා හිතලා. ඇත්තටම අපි දන්නෙ නෑ මෙහෙම මිනිස්සු ලංකාවෙ ඉන්නවා කියලා. (ලංකාවෙන් ඇවිත් ගොඩක් කල්). උදව් කරන විදිහකුත් කියන්න අපි උදව් කරන්නම්.
ReplyDeleteමිනිස්සු ඉන්නවා ඉල්ලන්න බැරි කමට , නමුත් බොහෝ දුෂ්කරතා ඇති... ඔවුන්ගේ ඇඳුම් කඩමාලු කතා ගොන්නක් කියනවා... මා මුහුණු පොතේ මැවැනි දෑ ගැන ලියන්නේ මා ගැන දන්නා පිරිස් ඉන්න නිසා. අනික මේ සියල්ල බාරදෙන්නේ රෝහලට. මා සේවය කරන්නේ ළමා වාට්ටුවේ ඉතින් බොහෝ කුඩා ජීවිත වල දුක දකිනවා. අපට මෙවැනි දෙයක් සාර්ථක ලෙස...යම් ස්ථිර තැනක ඇති කල හැකි නම් වටිනවා. ශිෂ්‍ය අවධියේ නම්,කණ්ඩායම් ගතව පන්සල් මූලික කරගෙන මෙවැනි සත්කාර දියත් කලා. පල්ලියක පැවති.. සුප් කිචන් සංකල්පයට උදව් කරා. එහිදී පැමිණෙන අයවලුන් වෙත ලබා ගැනිමට මෙවැනි පාවිච්චි කරන ලද ඇඳුම්, කාමරයක ගොඩ ගැසූ බව මතකයි. ආයෙත් කරන්න පුළුවන්නම් හොඳයි...
Deleteඔබ හැමදාමත් කරන්නේ “හිතට විඳින්නට “ පුළුවන් සත්කාර්යයක් බව දන්නවා . ඒ වෙනුවෙන් ගෞරවය පිළිගන්න. ඉදිරියේදිත් කළ හැකි කළ යුතු යමක් වෙතොත් මෙවන් දැනුවත් කිරීමක් කරන්න .
ReplyDeleteස්තුතියි ඔබට
ස්තූතියි මහේෂ් අයියා... මෙවැනි දෑ කරන්නට කාලය අඩුයි.. නමුත් බැරිම තැන ලීවේ.
Deleteමිනිසුන් වෙනුවෙන් මිනිසුන්ම නැගී සිටිය යුතුයි අක්කා අර අපි වෙනුවෙන් අපි වගේම. ඔයාල මේ ගන්න පියවර ඉස්සරහට ලොකු ගමනක් යන්න හයිය වෙන්න කියල සුබ පතනවා. අපිත් එකතු වෙන්නම්.
ReplyDeleteදැනුවත් කිරීම වටිනවා අක්කේ. දන්න අයට කියන්නම්. උදව් කරමු. මං හිතුවෙ නෑ ඔබේ රෝහලේ මෙවැනි අවශ්‍යතා තිබෙන බවක්.
ReplyDeleteඅහන්න දකින්න ලැබෙන කතා එක්ක දොස්තර කෙනෙක්ගෙන් මේ වගේ සටහනක් දකිද්දිත් සතුටුයි.ඔබ කරන සේවය ගොඩක් ඉහලයි.අගයන්න ගෞරව තරම් උසස් විදිහට ඔබ ඔබේ රාජකාරිය කරනවා. ගොඩක් සතුටුයි ඩොක්ටර්... පුළුවන් විදිහකට මේ වගේ අපහසුතා තියන අයට උදව් කරන්න දායක වෙන්නම් :)
ReplyDeleteඅපේ රට වාසනාවන්තයි ඔයා වගේ හිතන කීපදෙනෙක් හරි ඉන්න හින්දා...දුප්පත් කම නූගත් කම එක්ක බැඳුනු නොසැලකිල්ල හින්ද ළමයින්ට වෙන ව්‍යසන ගම්බද පලාතක ගුරුවරියක් වුන මටත් ආගන්තුක දෙයක් නෙමෙයි.අපේ ශක්ති ප්‍රමාණයෙන් යමක් කලත් ඒ හිදැස පුරවන එක කරන්න බැරි දෙයක් තමයි.ඒත් ඒ හිදැසේ වර්ගපලය අඩු කරන්න හරි අපට පුළුවන්...
ReplyDeleteමං මගේ මුළු හිතින්ම ඔබට ගරු කරනවා ස්තූති කරනවා..
අපි හැමෝම එකතු වෙලා අපේ ශක්ති ප්‍රමාණයෙන් දරැවන්ට සුන්දර සුරක්ෂිත ලෝකයක් උරුම කරල දෙමු
හොද දයාබර සිතක් ඇති ඔබට මෙවැනි දේ කිරීමට තවත් ධෛර්යය ලැබේවා.
ReplyDeleteඅදයි මේ පැත්තට ආවේ. ඉතා වටින කාර්‍යක් ඔබ සිදු කරන්නේ..
ReplyDelete