Wednesday, January 8, 2014

චීන්නු ස්මාර්ට් ෆෝන් එකෙන් ලෙඩ සෙවීම සහ අපේ අයගේ නොදැනුවත්කම

නෙළුම් කුළුණ හදන්න ඇවිත් ඉන්න චීන්නුත් අපේ අයට වඩා ඉදිරියෙන් ඉන්නවා කියලා දැනුනේ, දවසක්, රේඩියෝලොජි ඩිපාර්ට්මන්ට් එකට ආපු චීන්නු දෙන්නෙක් ඔවුන්ගේ එක්ස් රේ පරීක්ෂනයේ විස්තර සම්බන්ද කොළය සමග පැමිණ

“ඩොක්ටර් මොකද්ද මේ සඳහන් වෙන්නේ…” යැයි මගෙන් ඇසුවා, ඇහුවේ සිංහලෙන් නෙමෙයි, ඉංග්‍රීසියෙන්.

“මේ සඳහන් වෙන්නේ, early osteoarthritis “ කියලා මගේ කටින් පිටවෙද්දීම, චීන ගෑණු ළමයා කරේ, “පොඩ්ඩක් ඉන්න ඩොක්ටර්, මේකනේ ලෙඩේ ?” කියලා ඇගේ සාක්කුවෙන් ඇදලා ගත්තු, සැම්සුන්ග් එස් 4 එකෙන්, Google search කරපු එකයි. ඊට පස්සෙ මිනිත්තු පහක් විතර කියවලා, තව සයිට් එකකට ගියා, චීන සයිට් එකක් කියලයි තේරුනේ.

"හරි අපි තව  මාස ගාණක් මෙහෙ ඉන්න නිසා, මෙහෙ ඇඩ්මිට් වෙලා බෙහෙත් ගන්න අමාරුයි. මේ රෝගේ ගැන මට තේරෙනවා, කොහොමත් මේ අමාරුවත් එක්ක මෙයාට මෙහෙ වැඩ කරන්න බෑ.අපේ රටේ මේකට අපේ වෛද්‍යවිද්‍යාව සහ ඔබේ බටහිර වෛද්‍ය විද්‍යාව යන දෙකෙන්ම බෙහෙත් කරන නිසා අපි එහෙ යන්නම්.ස්තූතියි “ කියලා සමු ගත්තා.
මට හමු වුන පළමුවෙනි රෝගියා ඔහොම දෙයක් කියපු….
මම පුදුමයට පත් වුනා. ඒ එක්කම මට අපේ රෝගීන් ගැන මතක් වුනා..

සායන වලට පැමිණෙන්නන්, වාට්ටු වල ඇඩ්මිට් වෙන්නන් අතරේ මම දකින ප්‍රධානම දුර්වල කමක් තමයි ලෙඩ ගැන තියෙන නො දැනුවත් කම,
පරණ කාඩ් එකක් සායන පොතක් නොගෙනාවොතින් අපිත් අමාරුවේ වැටෙනවා…
ගොඩක් අය කියන්නේ ,
“මොකද්ද හාට් එකේ ප්‍රශ්ණයක් කියලයි කීවේ ඩොක්ටර්,
වකුගඩුවේ මොකද්ද කීවා
මතක නෑ,
දන්නේ නෑ,
තේරුනේ නෑ
ස්කෑන් කරන්න කීවා,
කරගන්න බැරි උනා,
ඇයි මට හොඳයිනේ ඉතින් බෙහෙත් නැවැත්තුවා.
දැන් ඇඟට අමාරුවක් නෑ, ඊට පස්සෙ ක්ලිනික් ආවේ නෑ…
ඇත්තටම මෙවැනි පිළිතුරු අහලා අහලා අපිටනම් පුරුදු වෙලා. මේ අය මෙහෙම උනත්, එංගලන්ත ඇමෙරිකාව වැනි දියුණු රටවල මිනිස්සු තමන්ගේ ලෙඩ ගැන, තම සිරුර ගැන, වගේම කන බොන ආහාර පාන ගැනත් උනන්දුයි.
ඒ විතරක් නම් මදැයි ලෙඩේ ගැන අපි කියන දේ උනත්, බෙහෙත් ගැන අපි දොඩන විස්තර කරන දේ උනත් මතක තියා ගන්නේම නැති තරම්.
“අම්මේ, දරුවාගේ මුත්‍රා වලට විෂබීජයක් ගිහින් තියෙන්නේ, එනිසා මේ බෙහෙත් දවස් හතක්ම බීලා, ඉවර වෙලා දවස් 3 කින් මූත්‍රා පරීක්ෂා කරගෙන ඒ රිපෝට් එකත් අරගෙන මෙහෙ එන්න ඕනේ, උණ ගත්තොත් , බඩ රිදිලා, අමාරු උනොත් ඉක්මනින් ගෙනෙන්න” දෙතුන් විටක් මෙය කීවාය. ලියාත් දුන්නෙමි.

ඊළඟ දවසේ තාත්තායි අම්මයි දරුවයි මහ රෑ එනවා.. වාට්ටුවට.

"ඩොක්ටර් මෙන්න මූත්‍රා පරීක්ෂණ රිපෝට් එක…"

මම @#$@%#^&@෴@  කටින් වචනයක් පිට කරේ නැති වුනත් හිතින් දහසක් තරු සහ ගිනි පිටවෙනවා…

“මම මොකද්ද කරන්න කීවේ ?”
“මූත්‍රා පරීක්ෂනයක් කරලා පෙන්වන්න කීවා ?‍”දරුවාගේ අම්මා කියයි.
“එතකොට බෙහෙත් ?”
“උණ ආවොත් දෙන්න කීවා” ආයෙත් ඇය කියයි.
“ඊයේ මමම කිව්ව එක මට මතක නැත්තෙ නෑ අම්මා, මේ බලන්න මේ කාඩ් එකෙත් පැහැදිලිව ලියලා තියෙනවා නේද ?”
තාත්තා අම්මාට ඔරවයි…
“අපිත් යන්න ටිකට් කපද්දි දෙතුන් ගමන මේ අම්මට කිව්වනේ” වාට්ටුවේ මිසීත් කතාවට එකතු වෙයි.
හරි කියන්න බලන්න ඊයේ මොනවද කීවේ කියලා.
“මුත්‍රා වලට විෂබීජයක් ගියොත් කියලා මුත්‍රා පරීක්ෂනේ කරගෙන, උණ ආවොත් බෙහෙත් දීලා පෙන්වන්න කිව්වා, හරිද ඩොක්ටර්” අම්මා ජයග්‍රාහි අයුරෙන් කියයි..

අපි සැවොම කට උත්තර නැතිව මුහුණෙන් මුහුණ බලාගතිමු.

මේකට ඇත්තටම හේතුව මොකක්ද කියලා, මෙවැනි පළමු සිදුවීමෙන් පසු මම හොයන්න පටන් ගත්තා,

බොහෝ අයට තමන්ගේ ලෙඩේ ගැන දැනගන්න උවමනාවක් නෑ. ඔවුන් හිතන්නේ දොස්තර සියල්ල දනී. සියලු ලෙඩ හොඳ කරයි. 
ඉස්පිරිතාල කියන්නේ මැජික් සිදුවෙන තැන්, දවස් දෙක තුනෙන් ලෙඩේ හොඳයි කියා පමණි. 
තමන්ට වැළදුනේ මොකක්ද කියලාවත් ඔවුන්ට දැනගන්න උවමනාවක් නෑ. 
අයි කිවු එක පහළද නැත්නම් නූගත් කමද කියලා වෙලාවකට හිතෙනවා… 

කලින් වැඩ කළ අනිත්කොණේ තරුණියකට විවාහ පත් වී වසර දෙකක් ගතවුනත් දරුවන් නැති හෙයින් ක්ලොමිෆින් නැමැති බෙහෙත පටන් අරගෙන ඊළඟට පැමිණෙද්දී සැමියාත් සමග එන්න යැයි පැවසීමු. ඇය  ඩිම්බ මෝචනයට දුන් පෙති සැමියාට පොවා, ඔහුත් සමග පැමිණියේ ජයග්‍රාහී අයුරෙනි…

මේ තත්වය මග හරවන්න, මම නම් කුමක් හෝ සංකීර්ණ රෝග විනිශ්චයක් හෝ ප්‍රතිකාර ක්‍රමයක් නම් එක වරක් කියා, නැවත වරක් මට කියන ලෙස රෝගියාට කියන්නෙමි. නමුත් තවම එක පාරක්වත්, හරියට නැවත කියන රෝගියෙක්, මවෙක් හෝ පියෙක් මට හමුවී නැත…
ඇදුම රෝගයට , ඉන්හේලරයට යොදන කරල්, දරුවාට පොවාගෙන , සායන පැමිණි මව , මෙන් දහසක් පිරිස මට හමු වන්නේ එහෙයිනි.

හවුස් එම් ඩී, නැමැති කතාවේ පෙන්වන ඇඳුම රෝගය හොඳ නොවන බව කියන ගැහැණියක්, ඉන්හේලරය පාවිච්චි කරන බව කියා, එය පාවිච්චි කරන්න යැයි කියූ විට සෙන්ට් බෝතලයකින් සුවඳ විළවුන් විඳින්නාක් මෙන් බෙල්ල දෙපැත්තට විදගන්නා අයුරු මට මතක් වේ….

තම දරුවාට ඇති ලෙඩේ මොකක්දැයි අහන මව් වරුන්ට පියවරුන්ට, තමන්ට වැළදි ලෙඩේ මොකක්දැයි අහන තරුණ තරුණියන්ගෙන් මම අහන්නේ, ඉන්ටර්නෙට් පාවිච්චි කරනවාද කියලයි. බොහෝ අය පරිගණක ආශ්‍රිත රැකියාවක් කරන අය වෙති. එහෙයින් මම ඔවුන්ට ලෙඩේ ගැන කියවිය හැකි, විශ්වාසදායී වෛද්‍ය ලිපි ඇති වෙබ් ලිපින ලබා දෙන්නෙමි.බොන බෙහෙත් මොනවද, ඒවායෙන් ඇඟට සිදුවෙන්නේ මොනවද කියවන්න මග පෙන්වන්නෙමි.

 ඊළඟ පාර ආවිට මට ඒ ගැන පවසන්නට ඔවුන්ට සිදුවෙන නිසා ඔවුන්ට අනිවාර්‍යයෙන් ඒවා කියවන්නට සිදු වේ. එසේ නැති රෝගියෙක්නම් මම පැහැදිලි ලෙස කියා, සිංහලෙන් උපදෙස් පොතේ ලියා දෙන්නෙමි.
අප රටේ බොහෝ දුබල දුර්වල කම්, අසාධාරණ අදමිටු කම් වලටත් හෙතුව මෙයම වේ…තමන්ගේ නොදැනුවත්කම නිසා සියල්ලන්ටම වැඳගෙන ඔළුව පාත්කරගෙන සිටියි.

 ඔවුන් කිසි දෙනෙක් දැනුවත් වීමට උවමනාවක් නැත. රවටන අය විසින් රවට්ටන්නේද, සල්ලි කාක්කන් විසින් මුදල් ගරන්නේද , සියල්ල අහිමි කරගන්නේද එහෙයිනි. මේකට හොඳවෙයි කියා විටමින් පෙති දෙන , පාට පාට, පිටි පෙති දෙන හොර වෙදුන්ට රැවටෙන්නේද එහෙයිනි.

ඕනෙම තැනකට, දෙයකට යන්න කලින් දැනුවත් වෙන්න. එතකොට ඔබව ලේසියෙන් කෙනෙකුට රවටන්න හැකි වෙන්නේ නැත.

59 comments:

  1. ඕකෙම තව පැත්තක් තමයි වෛද්‍යවරයා දෙන උපදෙස මතක තියාගෙන ඒක පැත්තක තබා අල්ලපු ගෙදර මිනිහා කියන විදිහට බේත් පාවිච්චි කරන එක.ඒකට හේතුව තමයි අපේ රටේ වෙදදුරු හා ලෙඩා අතර නිර්මානය වෙලා තියෙන සමාජමය ගැට්ට.වෙදදුරුවරයා ලෙඩා ඉන්න මට්ටම හා ලෙඩා වෙදදුරුවරයා ඉන්න මට්ටම අවබෝධ කරගන්න එක තමයි කරන්න වෙන්නේ.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
    Replies
    1. මම අකමැතිම ඔය උස් පහත් කම්, පන්ති බේදයට, වැඩිය ඕනෙ නෑ,,, වෛද්‍ය කාමරේ පුටුව නැතිව, ඉඳගන්න පුටුවක් අරගෙන මම කොරිඩෝව දිගේ එද්දි , වයසකම වයසක කුදු ගැහිච්ච, කකුලේ අමාරුව තියෙන සුළු සේවිකාවක් දුවගෙන එනවා " හා හා ඩොක්ටර් මට කිව්වනම් ගෙනත් දෙනවනේ කියලා" මං කිව්වා "ඇයි මේ මගෙ අත පය හතර හොඳට තියෙන්නේ කියලා" හිනාවක් දැම්මා. හුදෙක් ලිවීමෙන් පමණක් නොවේ ඒවා ක්‍රියාත්මක කිරීමද කළ යුතුයි කියලයි මං හිතන්නේ...

      Delete
  2. සාමාන්‍යෙන් ලංකාවේ වෛද්‍යවරයෙක් එක්ක සාමාන්‍ය ලෙඩෙකුට සමහර විට කතා කරන්ත බැරි අවස්තා තියෙනවා නේද? මම කියන්නේ සමහරු ගැන. ඒ වගේම සමහර ලෙඩ්ඩුන්ගේ නූගත්කම හන්දා මේ වගේ තත්ව ඇතිවෙන්ට පුලුවන් නේද? එයාලා ඔයිට වඩා දැනුවත් කරවීමෙන් හොඳ ප්‍රථිපල ගන්ට බෑද?

    ReplyDelete
    Replies
    1. මේවට නීති ඕනේ පොඩි කුමාරිහාමි. ඔසී වල වෛද්‍ය විද්‍යාලෙට ඇතුල් වෙන්න කලින්, එතික්ස් ගැන ටෙස්ට් එකක් තියෙනවා නේද... නම මතක නෑ.ඒක පාස් උනොත් විතරලු, ලකුණු කොයි තරම් ඉහළ උනත් ඩොකෙක් වෙන්න පුළුවන්. ළඟදි මෙහි ආ ඔසී වැසියෙක් කීවේ...මෙහෙටත් ඕනෙ ඔහොම දේවල් අප්පා...

      Delete
  3. ඔය ඉන්ටර්නෙට් එකයි ෆොන් එකෙනුයි බලලා ලෙඩේ ගැන කියවන්න මාත් පුරුදුවුණේ අපේ තාත්තාගෙන්. තාත්තාත් මොකක් හරි කිවුව ගමන් දුවන් ඇවිත් තොරතුරු හොයනවා. පස්සේ කනක් ඇහිලා ඉන්න නෑ විස්තර කියනවා. මුලින් කරදරයක් වගේ පෙනුනට ඇත්තටම ඒක හොද ප්‍රයෝජනවත් වැඩක්. අපි නොදන්න ගොඩක් දෙවල් දැන් තාත්තා දන්නවා. මොකද අපි නම් මුණුපොතයි බ්ලොග් වලටයි වැඩයක් යන්නේ. බැලින්නන් හරි ප්‍රයොජනේ ගන්නේ තාත්තා.

    ReplyDelete
    Replies
    1. ඒකනේ සිහින මදාරා, ඇත්තටම අපි කොයි තරම් පොඩි දේවල් වලටද ඉන්ටනෙට් එක පාවිච්චි කරන්නේ. ඒත් එහෙම දැනුවත් වුනාම කාටවත් අපිව රවට්ටන්න බැහැ නේ... ඔන්න මම ළඟදි ගියා රජයේ ආයතනයකට, ඒකෙ වැඩ කෙරෙන හැටි. ඒ ලිපි ලේඛන ගැන දැනුවත් වෙලා ගිය නිසා "මේකට සති දෙකක් යනවා" කිව්ව කම්මැලි නිලදාරිනියට දේශනාවක් දීලා එසැනින් ඒ වැඩේ කරගන්න පුළුවන් වුනා...

      Delete
  4. ඔය කිව්වට සමහර දොස්තර ලා අපි කියන දේ අහන්නේ නැ.මට අවු 7 ඉදලා බඩේ ලෙඩක් තිබුනා මේක මගේ අධ්‍යාපන කටයුතු වලට විතරක් නෙවේ අවු 20 දි ජොබ් වලට පවා බලපෑවා. දොස්තරලා 20 දෙනෙක්ගෙන් විතර බෙහෙත් ගත්තා.මම ලෙඩේ විස්තර කියද්දි බෙහෙත් ලියලා ඉවරයි.බෙහෙත් ටික බිව්වම මුලු දවසම වැසිකිළියේ නැත්නම් ඒ පැත්ත පළාතේ යන් නෑ.අන්තිමට අත ඇරලා දැම්මා ඊට පස්සේ අවු 21 දි බෙහෙත් ගත්තා අංගොඩ පැත්තේ දොස්තර කෙනෙක්ගෙන් එයා මම කියපු විස්තර හොදට ඇහුවා scan එහෙම කරලා බඩවැලේ ඉදිමුමක් කියලා බෙහෙත් දුන්නා කිරි අත අරින්න කිව්වා මාස 3ක් බෙ‍ෙහත් මාස 3ක බිව්වා.දැන් මට 24 ලෙඩේ නැ.

    ReplyDelete
    Replies
    1. ඔයා කියන දේ හරි ප්‍රසාද්, අපිට බොහෝ ලෙඩ පහසුවෙන් හොයා ගන්න පුළුවන් රෝගියාගෙන් රෝගයේ ඉතිහාසය ඇහුවම ඒක කරන්නට ඉස්පාසුවක් නැති එක බොහෝ අලකලංචි ගොඩක මුලක්. ඇත්තටම වෛද්‍ය විද්‍යාල වල උගන්වන දේවල් අමතක කරලා වගෙයි හිතෙන්නේ පෙලක් වෙලාවට. මට කාවවත් විවේචනය කරන්න බෑ. එනමුත් රෝගී සිත් සුවපත් කරන සැබෑ වෛද්‍යවරු සිටීම භාග්‍යයක්..

      Delete
  5. මම නම් අවුරුදු දෙක තුනකින්,ඇස්ප්‍රින් පෙත්තක් වත් අරගෙන නැහැ.ඒත් මගෙ ටැබ් එකේ,ලෙඩ රෝග ගැන,පොත් 100 ක් විතර තියෙනවා.දන්න කෙනෙකුට,ලෙඩක් හැදුනාම,ඉක්මනින්ම දන්න දේ කියල දෙනව.දොස්තර ගාවට යන්න ඉස්සෙල්ල දැනගන්න ඕන දේවල් සේරම ඉන්ටනෙට් එකේ තියෙනව.

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම තමයි ඉන්න ඕනෙ ! ඇත්තටම සුළු සුළු දේවලට වෛද්‍යවරු හොයාගෙන ගිහින් සල්ලි වියදම් කරගන්න ඕනේ නෑනේ

      Delete
  6. දොස්තරලගේ පහත් වැඩ ගැන මොකද කියන්නේ?

    ReplyDelete
    Replies
    1. හැම ක්ෂේත්‍රයකම පහත් වැඩ කරන්නෝ සිටිති... ජීවිත බේරා ගැනීමට සිටින්නන් පහත් වැඩ කිරීම නම් දරාගත නොහැකි දෙයක්.. some doctors are bad, some doctors are mad, other doctors are sad because of the previous 2 categories... i wrote an article about this matter.. along with the society, we all are facing the consequences of the bad ones...

      Delete
  7. අනිත් කොණ, ඔය උඩින් පොඩ්ඩි ලියලා තියෙන කතාවෙත් ඇත්තක් තියෙනවා. "කතාවෙත්" කියන එකේ "ත්" වලින් අදහස් වෙන්නේ ඔයා කියන කතාවත් ඇත්ත නිසා. ඇයි ඔය වගේමනේ මිනිස්සු කඩවල් වලට ගිහිල්ලා ගන්නෙත් තමන්ට ඕනේ දේට වඩා බඩු විකුණන කෙනාට ඕනේ දේනේ. ගෙවල් හදන්නේ ආකිටෙක්ට්ට සහ බාස්ලට ඕනේ විදියට. ඔයිට වඩා වෙනස්ව හිතන වැඩකරන අයත් එක්ක වැඩ කරන්න ලේසි නෑ කියලා කියනවා.

    මගේ දුවගේ ඇපෙන්ඩිසයිටිස් ඕපරේෂන් එකකට කලින් දුව සර්ජන්ගෙන් අහපු ප්‍රශ්ණවලට අපිත් හොල්මං වුනා.

    මේකෙන් වෙනත් සංකූලතා ඇතිවෙන්න පුළුවන්ද?
    ඇනස්තීසියා දුන්නාම මට ආපහු සිහිය එයි කියලා ඔයාට ෂුවර්ද?
    ඔයා මීට කලින් මේවගේ සර්ජරි කීයක් විතර කරලා තියෙනවද?
    ඒවයින් කීයක් වැරදුනාද?

    ඒ සර්ජනුත් පුදුම ඉවසීමකින් ඒ ප්‍රශ්ණවලට උත්තර දුන්නා. ඒ වගේම ගෞරවයකිනුත්.

    ඉතින් අනිත් කොණ, දැකලා නැතත් මම ඔයාව හඳුනනවා. නමුත් ලංකාවේ දොස්තරලා කී දෙනෙක්ගෙන් බයක් සැකක් නැතුව ඔය වගේ ප්‍රශ්ණ අහන්න පුලුවන් කියලද ඔයා හිතන්නේ?

    එක පාරක් මගේ ඇහැ පරීක්ෂාරනකොට මගේ ඇහැ වැහෙනවා කියලා මේ විශේෂඥයෙක් කියන අපතයෙක් මට බැන්නනේ තමුසේ ඕයි කියලා. මම ඒකාට බැන්නේ නැත්තේ ඒකව චැනල් කලේ මගේ හොඳම යාලුවගේ දොස්තර බිරිඳ හරහා නිසයි. ඊට පස්සේ මම ඒකා ලඟට ගියේ නෑ.එහෙම වෙන්නේ මගේ ඇහැ හුඟක් සංවේදියි කියලා තේරුම් ගන්න බැරි ඒකාගේ විශේෂඥ කම මොකටද අනිත් කොණ?

    ඉතින් මිනිස්සු දොස්තරලගෙන් ඈත් වෙලා තියෙන්නේ නිකම්ම නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. හෙන්රිගෙ කතාව මමත් අනුමත කරනවා. මගෙත් දොස්තරලත් එක්ක තියෙන්නෙ එච්චර සුන්දර අත්දැකීම් නෙමෙයි. අපි සල්ලිත් ගෙවලා, වරු ගනන් පෝලිමෙත් හිටලා ගියාම , අපි නොදන්න කමට දැණගන්න දෙයක් ඇහුවොත්, එයාලට කේන්තියනවා. හදන්නෙ පුළුවන් ඉක්මනින් රෝගියාව එලව ගන්න.

      මේ ගතිය වැඩිය තියෙන්නෙ ඔය කොළඹ ඉන්න සල්ලි මත්තෙම නැහෙන ස්පෙෂලිස්ලා අතරෙයි. අනිත් කොණ වගේ අවංකවම සේවයක් කරන අයටත් මේක කැලලක්. මොකද වැඩිදෙනෙක් දොස්තරලා දිහා බලන්නෙ, මස්කඩ මුදලාලිලාගෙ මිම්මෙන් නිසා

      Delete
    2. @"මේකෙන් වෙනත් සංකූලතා ඇතිවෙන්න පුළුවන්ද?
      ඇනස්තීසියා දුන්නාම මට ආපහු සිහිය එයි කියලා ඔයාට ෂුවර්ද?
      ඔයා මීට කලින් මේවගේ සර්ජරි කීයක් විතර කරලා තියෙනවද?
      ඒවයින් කීයක් වැරදුනාද?" ++++++++++++++++++++++++++++++++++++++++++

      Henry, මම දවසක් අපේ අම්මට බෙහෙත් ගන්න ගියා ඔලුවේ කැක්කුමකට ..එයාට රක්තවාතය තියනවා ..ඉතින් මම ඇහුවා මේක රක්තවාතය නීසාද කියලා ....ඩොක්ටර් කියාපි රක්තවාතය කියලා එකක් මම දන්නේ නැ අපේ බටහිර විද්‍යවේ එහෙම 1ක් නැ කියලා ...ඔයාලා ඩොක්ටර්ලා වෙන්න යනවනේ කියලා .

      Delete
    3. ටොමියා - එහෙම අය ළඟටම මිනිස්සු ආයෙත් යනවනේ... බනින එකනම් හරිම අමානුෂිකයි. චැනල් පොළවල් මීටර් සීයෙන් සීයට තියෙන රටක් වෙලා මේකත්..

      Delete
  8. දොස්තරලා විවිධාකාරයි.. ඒක මම හොදටම මූණ දුන්නේ ඉතාලි ආවට පස්සේ.. මම ෆාමසියේ ඉන්න හන්දා මම දන්නවා ලෙඩේට ඕන බෙහෙත ගැන.. ඒත් හුඟක් ඒවට වෛද්‍යවරයෙක්ගේ සහතිකයක් ඕන හන්දම දොස්තරයෙක් ගාවට ගියාම හිටපු ගමන් ඌ කියන්නේ වෙන බෙහෙත්.. මම කී පාරක්නම් ඕවට රණ්ඩු වෙලා ඇත්ද..

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත දිනේෂ්, බෙහෙත් සමග ගැවසිලා, ඩ්‍රග් කම්පැනි සමග සම්බන්ද වෙන නිසා ෆාමසිස්ට්ලාට ඇත්තටම ඖෂධ ගැන වඩා හොද දැනීමක් තියෙනවා තමයි. අත්දැකීම් සහ නිතර පරිහරණය වීම තුලින් තමයි මතකය අලුත් වෙන්නේ. ඒක පිළිගන්න කැමති නෑ ගොඩ දෙනෙක්. එංගලන්තය ඇමෙරිකාව වැනි රටවල ක්ලිනිකල් ෆාමසිස්ට් රෙජිස්ටාර් ලා පවා ඉන්නවා, දොස්තර ප්‍රෙස්ක්‍රයිබ් , යෝජනා කරන බෙහෙත් වර්ග වල ගුන අගුණ සහ interactions, side effects.. මැනේජ් කරන්න. ඒ අයට ඉහලින් යන්න දොස්තරලටවත් බෑ.

      Delete
  9. අනිත් කොණ ඔය කියලා තියෙන කේස් එකට හේතුව අපේ මිනිස්සු දොස්තරලා ළඟ‌ට යන්නෙම බයෙන් වීම කියල මට හිතෙන්නෙ.. තාමත් අපේ මිනිස්සන්ට දොස්තරගෙ වචනෙ දේව වචනෙටත් වඩා විශ්වාසයි... දොස්තර කිව්වම තියෙන්නෙ බය මුසු ගෞරවයක්නෙ.. හි හි....

    අනිත් එක තමයි අපි දොස්තරට රෝග ලක්ෂණ ටික කිව්වම ඔලුව වන වන ඉඳලා බේත් තුණ්ඩුව ලියලා දීලා, ඒක ගන්න විදිය විතරක් කියන එක... ලෙඩේ මොකද්ද කියල පොඩ්ඩක්වත් කියන්නෙ නෑ... ඒවා කිය කිය ඉන්න ගියොත් රෑ එළිවෙනකං ලෙඩ්ඩු බලන්න වෙයි.. මං මේ කිව්වෙ ඔය අපි යන ඩිස්පැන්සරි වල තත්වෙ.. ස්පෙෂලිස්ට්ලා ගැන නං දන්නෙ නෑ...

    ඕකට මම කරන වැඩේ තමයි ගෙදර ඇවිල්ලා දීපු බේත් ටිකේ නම් ටික සර්ච් කරන එක... එහෙම තමයි මට මේ මොකද්ද වෙලා තියෙන්නෙ කියල හිතාගන්නෙ.. වෙන ඉතිං කරන්න දේකුත් නෑ... ( සාමාන්‍යයෙන් මං ඕනෙ වෙලාවක වචනෙක හරි අවුලක් වගේ නං සර්ච් එකක් දාන එක පුරුද්දක් කරං ඉන්නෙ.. ගූගල් දෙයියා නැති වෙච්ච දවසට මගේ පණ්ඩිතකමුත් හමාරයි... හි හි)

    ReplyDelete
    Replies
    1. ඒක තමයි හිරු... දෙන ඕනෙම දෙයක් බොන්නයි ඉස් මුදුනේ තියා පිළිගන්නයි හදන එකමයි වැරැද්ද, ඇයි මේක මෙහෙම දුන්නේ මොකද්ද මේ බෙහෙතෙන් වෙන්නේ. කියන දේ කියලා දෙන්න ඕනේ. ඇන්ටිබයොටික් එකක් දෙනවානම් ඇයි දෙන්නේ. මොනවද රෝග ලක්ෂන කියලා කියන්න ඕනේ. ඇන්ටිබයොටික් වලින් පස්සෙ ප්‍රෝ බයොටික් අඩංගු දේ ආහාරයට ගන්න ඕනේ කියලා කියන්නේ කී දෙනාද ? මේවා අපේ රටේ සිද්ධ වෙන්නේ නෑනේ. මමත් රෝගීන්ට කියන්නේ යන්න ඔන්ලයින් ගිහින් චෙක් කරන්න, අපි කියපු පලියට බොන්න හදන්න එපා කියලා...

      Delete
  10. කතාව ඇත්ත. ලංකාවේ වෛද්‍ය වෘත්තිය නිසි පරිදි සැකසිලා නැහැ. ඒක නිකං දෙවියන්ගේ අඩවියේ තියෙන දෙයක් ගානටයි මිනිස්සුන්ට පෙන්නන්නේ.. මමත් දවසක් පුතාව ඇඩ්මිට් කරල ලෙඩකට, ඩොක්ටර්ගෙන් ඇහුවා මොකක්ද ලෙඩේ කියලා. රිපෝට් වගයක් ආවම කියන්නං කිව්වා තරහෙන්. ඒවත් ආවම ආයි ඇහුවම අපි බේත් කරනවා හොදවෙයි කිව්වා. මම කිව්වා මට අසනීපය මොකක්ද කියල දැනගන්නයි ඕන කියල. ඔන්න ගිරිය පුප්පල බෙරිහන් දුන්නා ඔයාට තේරෙනවද අපි කියන දේවල් යන්න නිකං මගේ වෙලාව කන්නෙ නැතිව කියලා. මටත් මල “ඔයාගේ වගකීම මට ඒක තේරෙන්නේ නැත්නං තේරෙන විදියකට කියන එක. අනික මගේ වගකීම මගේ දරුවගේ අසනීපේ ගැන දැනගන්න එක කියලා“ එයා ගැන මම ටීචින් හොස්පිට්ල් එකේ ඩිරෙක්ටර්ට පැමිණිලි කරා. එච්චරයි...

    ReplyDelete
    Replies
    1. සමහරුන්ට මතක නෑ වෛද්‍යවරයෙක් ලෙස දිවුරුම් දුන්නු විට කියපු දේවල් වත්, ඔහොම කියන්නේ ඒකයි. ඔහොම හැසිරෙනවා කියන්නේ බරපතල මානසික රෝගාබාදයක්. ඇත්තටම එහෙම අය වෛද්‍යවරු වෙනන් සුදුසු නෑ.එහෙම තේරෙන්නෙ නැති කමක් කිසිම විටක නෑ... සිංහලෙන් තේරුම් කරන්න පුළුවන් රෝගාබාද තමයි තියෙන්නේ. පැහැදිලි කරන්න බැරිකම ඔවුන්ගේ දුබල කමක්

      Delete
    2. සහතික ඇත්ත. ස්තුතියි ඩොකා...

      Delete
  11. ඔව්... ගොඩාක් දොස්තරලා ඉන්නේ මුදල් පස්සේ දුවමින්.. අනික් දොස්තරලා කාර්,ගෙවල් ගනිද්දී එක්කෙනෙක් විතරක් සුළු පඩියට වැඩ කරන්නේත් ඇයි අනික... චැනලින් කරන කෙනෙක්ගේ එක දවසක ආදායම 25000ක්,50000ක් හෝ ඊටත් වැඩි වෙනවා..ඉතින් බලන්නේ දවසකට ලෙඩ්ඩු වැඩි ප්‍රමාණයක් බලන්න... එහෙම කරද්දී එක ලෙඩෙක්ට විනාඩි 5කට වඩා ගන්න බෑ... ඉතින් කොහොමද ඉතිහාසයක් හොයන්නේ.. ඒ මදිවට බෙහෙත් සමාගම්, මේ දොස්තරලට කොයිතරම් කවනවද කියලා බලන්න නම් හවසකට චැනලින් සෙන්ටර් එකකට යන්න ඕන.. සේල්ස් රෙප්ලා කීදෙනෙක් ඉන්නවද හමුවෙන්න බලාගෙන...

    අනික සමහර අය හිතන් ඉන්නේ එයාලා තමයි ලොකුම ලොක්කො කියලා.. අනික් මිනිස්සු "අනේ දොස්තර මහත්තයෝ" කියල වැඳ වැටෙනවනම් ඒ තරම් සතුටක් තවත් නෑ... කවදාවත් අපි දෙයක් කීවට අහන්නේ නෑ , හරහට දෙයක් කියනවා මිසක.. අපිටත් තියෙන්නේ ඔවුන්ට සමානම උපාධියක් උනත් වෙනස තියෙන්නේ ක්ෂේත්‍රයේ පමණක් උනත් ඔවුන් සූදානම් නෑ අපිව සමාන තැනක සලකන්න...

    මොවුන් මේ කවර් කරගන්න හදන්නේ මොන ඇරියස් එකක්ද කියා මට තේරෙන්නේ නෑ.. ඔබ කියනවා වගේ එතික්ස් නොදන්න ගොං ගොඩයෝ ගිරවා දාලා දොස්තරලා වෙලා ලෙඩක් හඳුනගන්න බැරුව කොරවෙලා තමන්ගේ හරක්කම වහගන්න ඔහොම කරනවා කියලයි අපටනම් හිතෙන්නේ... පහත් එවුන් ඔය වගේ උතුම් රැකියා වලට වැටුනම තමා ඔය පහුගිය කාලේ වගේ ගෑනු පේන්න බැරි සත්තු බිහිවෙන්නේ

    ඒකටම හරියන ගොබ්බ මිනිස්සු ටිකක් ඉන්නේ අපේ රටේ.. සමහරු දොස්තර වහ දුන්නත් බොයි... සමහරු දොස්තර දෙන බෙහෙත් පැත්තක තියලා වහ බොයි.. තමන්ගේ ලෙඩේ ගැන උගත් දොස්තර කියන දේට වඩා අපේ හරක්ට වටින්නේ කුඩු මුදලාලි හරි කමක් නෑ ඒ ගැන අතිනුත් දාලා කියන දේයි..

    මේ පරතරයට දෙගොල්ලොම වගකියන්න ඕන..
    මොකද සන්නිවේදනයේ වගකීම අසන්නා මෙන්ම කියන්නාද දැරීම යුතුවන නිසා

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත ලහියා. ඕවා ඇත්තටම මේ රටේ විතරයි., වෙන දියුණු රටවල , රෝගියා රෝදපුටුවේ තියන් එක එක පරීක්ෂණ වලට ගෙන යන්නෙත් ඒ රටවල් වල , රෝගියාට වෙදකම් කරන දොස්තරම තමයි, ඇමෙරිකාවේ අවුරුදු 5 සේවය කර පැමිණි මගේ යහළුවෙක් ඒ බව පැවසුවා. ඔහු ඇතැම් විට රෝගීන්ගේ දේවල් සඳහා එහෙමෙහෙ දුවන්නේ මෙහෙ එහෙම නොවන බව අමතක වී.. (House M.D. , greys anatomy වැනි වෘතාන්ත බැලුවොත් තේරෙයි ඔබට, කොතරම් වෙනස්ද කියලා දොස්තර රෝගී සබඳකම්) ඒ මොනවා උනත් හැමෝම මිනිස්සුනේ කියලාවත් හිතුවොත් ... ඒකම ඇති නේද. මිනිස්සුන්ගේ මොළ හදන්න මොකක් නමුත් කරන්න වෙනවා.

      Delete
    2. අනිවාර්යයෙන්... මේක වෙනස් කරන්න කරන්න තියෙන දේවල් කරාම මේ රටේ හැම ගැටළුවක්ම විසඳෙනවා.. එකක් තමා මේ පාලන ක්‍රමය වෙනස් කරන්න ඕන.. සර්ව ජන ඡන්ද බලය මහා හිසරදයක් වෙලා තියෙන්නේ... ගමට වැඩක් කරලා දෙනවනම් පාරට තාර ටික දෙනවනම් ඡන්දේ දාන අපේ වාහෙලා ඔය දේස පාලුවොන්ගේ ප්‍රතිපත්ති ගැන අකුරක්වත් හොයන්නේ නෑ.. උගත් බුද්ධිමත් මිනිස්සුන්ට විතරක් මේ රටේ පාලනය හා පාලකයින් තේරීම භාර දෙනවනම් හොඳයි.. හැම ක්ෂේත්‍රයකම ඇමති කම ඒ ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙක්ට ලැබිය යුතුයි. මෙන්න මෙතනින් සෑහෙන දේවල් හැදේවි.. ඉන් පස්සෙ උවමනා වෙන්නේ අර Maxim Gorky වගේ, මිනිස්සුන්ගේ ඔළු සුද්ධ කරන එකයි..
      මේක මහ කජ්ජක් නෙවේ.. ඒත් වෙලා තියෙන්නේ නූගත් අමනයින්ට ගිය බලය උගත් ජනතා හිතවාදීන් අතට ගැනීම අතිශය දුශ්කර හෙවත් නොහැකි වීමයි. එසේ උත්සාහ කරන්නන්ගේ ඉරණම පසුගිය වසර ගණනාවක් තිස්සේ දැක්කෙමු..
      සොබා දහමේ වරණ දෙකකි.. සැමවිටම එකක් පමණක් තෝරා ගත හැකිය.. ඒ Fight or Flight ය
      Fight කර කිසිවෙකුට පලක් ඇති දෙයක් නොවෙන නිසා Fly කරවත් යමෙකුට වැඩක් ඇති යමක් කරන්නෙමියි මම දැනට සිතමි

      Delete
  12. ඔබ වැනි අදහස් ඇති නව පරපුරේ වෛද්‍යවරු බිහිවීම ගැන සතුටකි. ඩොකෙක් වීම යනු අනික් මිනිස්සුන්ට වඩා ඉහලින් සිටීමේ හීනමානයෙන් පෙලෙන මානසික රෝගය පමණක් වී ඇති රටක ඔබට ජය අනාගතය සුභ අනාගතයක් වන්නේ මහින්ද චින්තනය නිසා නොව ඔබ වැනි මිනිසුන් වැඩි වැඩියෙන් බිහිවිමෙනි.
    New York වල නම් තමන්ගේ රෝගය ගැන දැනගැනීම Patients' Bill of Rights එකෙන් නීතියෙන්ම ලබා දීල තියන හින්ද හීන මාන දොස්තරලටත් ලෙඩ්ඩුන්ට මොනවා හරි ඇහුවම පාර්ට් දාන්න බැහැ As a patient in a hospital in New York State, you have the right, consistent with law, to: Receive complete information about your diagnosis, treatment and prognosis කියල නීතියෙන්ම දාල තියන හින්ද අනිවාර්යයෙන් දොස්තර ලෙඩා අහන දේවල් වලට උත්තර දෙන්න වෙනවා. මේ තියෙන්නේ මෙහේ Patients' Bill of Rights එක ගිහින් බලන්න ලංකාවටත් මේ වගේ එකක් අවශ්‍යතාවයක් මම හිතන්නේ http://www.health.ny.gov/professionals/patients/patient_rights/docs/english.pdf

    ReplyDelete
    Replies
    1. ඒක තමයි. රෝගය ගැන දැනුවත් වීම රෝගියෙක්ගේ මූලිකම අයිතියක්... මම වෙලාව අරන් පැහැදිලි කරලා, මේ බෙහෙත දෙන්නේ ඇයි කියලත් කීවත්, සමහරු නො ඉවසිල්ලෙන් ඉන්නේ හරියට මම එයාලගේ කාලෙ කනවා වගේ , දුවන්න බලාගෙන. ඇත්තටම මෙහෙම දෙයක අවශ්‍යතාවය තියෙනවා. ස්තූතියි ලින්ක් එකට සහ දැනුවත් කිරීමට.

      Delete
  13. ඔය ආචාරධර්ම කියන ඒවා පොතේ වත්, නීතියේ වත්, තිබිලා වැඩක් නැහැ. තියෙන්න ඕනේ හිතේ. රූපවාහිනියේ වෛද්‍ය සාකච්ඡා වලින් මීට වඩා මිනිසුන් දැනුවත් කරන්න ඕනේ. නමුත් එතනත් සිද්ද වෙන්නේ වෙළඳ ප්‍රචාර. පාසල්වල සෞඛ්‍ය අධ්‍යාපනයේදී කොහොමද වෛද්‍යවරයකු හමුවන්නේ, මොනවද රෝගියා සතු අයිතිවාසිකම්, වෛද්‍ය උපසෙස් පිළිපදින්නේ කොහොමද, නිවැරදිව බෙහෙත් ගන්නේ සහ පාවිච්චි කරන්නේ කොහොමද, තමන්ට තියන රෝග වලට සුදුසු වෛද්‍ය වරයකු සොයාගන්නේ කෙස්ද යන්න ඉගැන්විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. සැබැවින්ම. ඒ ගැන කරන්න පුළුවන් දෙයක් වෙත්නම් කළ යුතුයි. මම නම් මට හැකි අයුරින් කරනවා. ඒත් ලිපියේ සාරංශය ලෙස ගතහොත්, දැනුමෙන් සන්නද්ධ වෙන්න කියලයි මම කියන්නේ.

      Delete
  14. මුව හමට තඩි බාන්නා හේ අනිත් කොණට දොස් නගලා තේරුමක් නැහැ අපි.... අපි සියලු දෙනාම අසරණයි .... :(

    ReplyDelete
    Replies
    1. ඒකට කමක් නෑ සයිලන්ට් සහන්, ඇත්තටම බොහෝ දෙනෙක් අසරණයි. දැනුමෙන් සන්නද්ධ වුනොත් අසරන කම මැකී යනු ඇති... පොඩ්ඩක් ඉංග්‍රිසියෙන් කතා කලොත් වෛද්‍යවරයාගෙන් වැඩි සැලකිල්ලක් ලැබෙයි කියලා හිතන අයත් ඉන්නවා..

      Delete
  15. ඇත්තම කියනවා නම් මම අකමැතිම කොටසක් තමයෝ ලංකාවේ සෞඛ්‍ය සේවකයෝ. නමුත් ඔබ වැනි තමනුත් මනුෂයෙක් කියල තේරෙන අය සිටීම ගැන සතුටුයි.ඔබ වෛද්‍යවරයාගෙන් වියයුතු සේවය නිවැරදිව වටහාගත් බවක් තමයි පෙන්නේ. වෛද්‍යවරුන් තෙරෙඋම් ගතයුතු දෙයක් තිබෙනවා. දැන් ලංකාවේ සිටිනවා විද්‍යා උසස් අද්‍යාපනය ලැබූ අය. ඔවුන්ට පහසුවෙන් රෝග සහ ඖෂධ ගැන වටහාගන්න පුළුවන්. නමුත් ඔවුන් බොහෝ දෙනෙක් 60 දශකයේ තම ජීවත් වෙන්නේ. ලෙඩ්ඩුන්ට මේවා කියල වැඩක් නැ අපි තමයි දන්නේ කියල. ඔබ වැනි අය කිහිපදෙනෙක් මේ වෙනස පටන්ගත්තොත් ඉක්මනින් බොහෝ පිරිසක් දැනුවත් කරන්න පුළුවන් වේවි. මගේ දැක්ම අනුව ලංකාවේ සෞඛ්‍ය සේවය ඉදිරියෙන් ඉන්නේ සායනික අංශයෙන් පමණයි. පර්යේෂණ හා තාක්ෂණ අංශයෙන් අපි ඉන්නේ බොහොම පසුපසින්. මෙම අංශ ශක්තිමත් කිරීමට පටන්ගත් සම සෞඛ්‍ය උපාධියේ කාල සීමාව අවුරුදු 3 කට අඩු කරන්න වෛද්‍ය සංගම් වලිකන්නේ තමුන්ගේ නොදැනුවත් කම එලිවේවි කියන බයට. නමුත් මෙම අංශ ශක්තිමත් වෙන්න ඕනේ බව ඔවුන් තේරුම් ගතයුතුයි. මගේ බිරිඳගේ වෛද්‍ය මිතුරියන් සමග කතාවට වැටුනම ගොඩක් දෙනෙක් අහන්නේ ඔබ වෛද්‍ය වරයෙක්ද කියල ? ඒ ඔවුන් හිතන ආකාරය. ගණිත අංශයෙන් ඉගෙන ගත්ත්ටේ කිව්වම ඔවුන් පුදුම වෙනවා. නමුත් එය එසේ වියයුතු නැහැ . තොරතුරු තාක්ෂනය දියුණු කාලේ බොහෝ දේවල් ඉගෙන ගත හැකියි. අවස්සන් වශයෙන් කියන්න තිබෙන්නේ "molecular diagnosis " , " PCR", "bio medical sensors",වගේ දේවල් ඇහුණාම ඇස් දෙක ලොකු කරගෙන බලන්නේ නැතුව , ඒවා ගැන ඉගෙන ගන්න. වෛද්‍ය ඔබේ සියලු දෙනාගේ දැනුම සායනික අද්යපනයට සීමා කරන්න එපා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම වටිනා කියන උපදෙසක් දුන්නේ ඔබ, කියවන නිසාම නොයෙක් සායනික කරුණු සැලකිල්ලට ගන්නවා. අන්තර්ජාලය සමග බොහෝ වෛද්‍යවරු ඈතින් ඉන්නේ... ඉක්ටා එකෙන් කරපු සමීක්ෂණයකට අප රෝහලට ආපු දත්ත එකතු කරන ශිෂ්‍යාවට බොහොම අපහසුතාවයට පත්වෙන්න උනා, පරිඝණක දැනුම අඩු වෛද්‍යවරු නිසා. අන්තිමට මම ඉදිරිපත් වි ඇගේ ප්‍රශ්ණාවලියට උත්තර හෙව්වේ.. ඇය බෙහෙවින් පුදුම වුනා. බ්ලොග් එක ගැන කිව්වේ නෑ. මම විතරක් කොහොමද වෙනස් වුනේ. කියලායි ඇසුවේ...

      Delete
  16. උඹ කොච්චර වෙනස් වුනත් මේ ක්‍රමේ වෙනස් කරන්න බෑ . ඒත් එහෙම තියෙද්දිත් මේ කරන දේට, මනුස්සකමට මගේ ආචාරය.

    ReplyDelete
  17. දෙයක් අවබෝධ කර නොගෙන වචන වල ඇදහිලි වල රාමුවල හිරවී ඒවා වල එල්ලෙමින් වාද විවාද කරන ඒක ලංකාවේ ත්‍රී වීල් ඩ්‍රයිවර් ලාගේ සිට විවි ආචාර්ය වරුන් දක්වා අත්වින්දෙමි. කැමතිනම් දැනට ලංකාවේ දේශපාලන සංවාද වන තැන්වල ඉන්න "උගත්" සමූහයා කරන සංවාද බලා තේරුම ගන්න. මේක ලාංකීය අවුලකි. අගමුල නැතිවීම් කියන වචනය ගැලපේ.

    ReplyDelete
    Replies
    1. බොහොම හරි කොකාවල අයියා. ලාංකීය අවුල තමන් ගැන ලොකුවට හිතන කුහක මානසිකත්වය නිසාමයි කියලා හිතෙනවා

      Delete
  18. ඇත්තටම මෙලෙස සිතන ඔබ වැනි වෛද්‍ය වරුන් සිටීම ලොකු පිනකි. වේලාව ලැබෙන විදියට හැකි තරම් ලියන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නෙමෙසිස්

      Delete
  19. ඉස්පිරිතාලෙට බෙහෙත් ගන්න ආපු ගෑනුන්ව දූෂනේ කරලා උඩ තට්ටු වලින් අත අරින දොස්තරලා , තමන්ගෙන් බෙහෙත් ගන්න ආපු රෝගීන්ගෙ නිර්වස්ත්‍ර ෆොටෝ ගන්න දොස්තර මහත්තුරු ඉන්න රටේ ඔබ වැනි දොස්තර දෙවිවරු සිටීම මහත් සතුටක්....තාක්ෂනේ දියුණුව වැදගත් වැඩට යොදවන්න මුලින්ම පුරුදු වෙන්න ඕන.දොස්තර මහත්තයෙකුට දවසක්වත් අලුත් රෝග ගැන,අලුත් බෙහෙත් තොරතුරු ගැන,අලුත් වෛද්‍ය තාක්ෂනේ ගැන හොයන්න සතියකට දවසක්වත් වෙන් කරනවනම් ඒක දෙපක්ෂයටම ගොඩක් වැදගත්

    ReplyDelete
    Replies
    1. එහෙම නරක කරන පුද්ගලයන් කොහෙත් ඉන්නවා මල් මල්, හැම වෘත්තියකම..... ආගමික , දේශපාලන, වෛද්‍ය, ගුරු, ඉංජිනේරු... ඒත් වෛද්‍යවරයෙක් කියන කෙනා ටිකක් වෙනස් වෙන්න ඕනේ කියන එක මමත් පිළිගන්නවා මොකද මිනිස්සුන්ගේ ජීවිත එක්කනේ ඩීල් කරන්නේ. ඔබේ අදහසට ස්තූතියි

      Delete
  20. දෙවරක් නොසිතාම මෙය මගෙ fb බිත්තියෙ share කරන ලදී! :) :) :) :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තනි අලියා...

      Delete
  21. ලංකාවේ දොස්තරලා හිතාගෙන ඉන්නේ ඒ ගොල්ලන්ට වඩා වැඩ කාරයෝ වෙන නෑ කියල.මං ලේසියෙන් ඉස්පිරිතාලෙකට යන එකෙක් නෙවෙයි.මොකද මට ඒක මහා මූසල තැනක නිසා.ඒත් ගැස්ට්‍රයිටිස් හොදටම වැඩිවුන දවසක යන්න වුනා.සිහිය නැතිවෙන තරමට ආව නිසා.
    ඒ ගියාම වාට්ටුවේ ඉන්ටර්න් ඉන්න ඩොකා තමයි විස්තර ගත්තේ.බිව්වද අහනවා.මං කවදාවත් බීල නැහැ.ඉතින් ඒක කිව්වම කොච්චරක් බිව්වද අහනවා.මටත් මල පැනල මං කිව්වා මිනිහෙක් කියන දේවල් පිළිගන්න බැරිද කියල.ඔය වාදේ දුර ගිහින් මට කිසිම බෙහෙතක් නොකර ඉන්න තත්වෙට ආව.පස්සේ මං දන්නා සීනියර් ඩොක්ටර් කෙනෙක්ට කෝල් කරලා සද්දයක් දම්මේව්වට පස්සේ තමයි හරි ගියේ.
    අපේ පුද්ගලික හඳුනුකම් වලින් ප්‍රයෝජන අරගෙන මිනිස්සුන්ට සද්දේ දම්මවන්න මං කැමති නැහැ.ඒත් එදානම් එහෙම කරන්නම සිද්ද වුනා.ලෙඩා කියන රෝග විස්තර අහන්න බැරි,ඒ දේවල් පිළිගන්න බැරි මේ අයට තියෙන ලෙඩේ මොකක්ද?
    ඒගොල්ලට හිතෙන හිතෙන විදියට බෙහෙත් කරන්න නම් දොස්තරලා ඕන නැහැනේ.අවුරුදු ගානක් හිස්ට්‍රි ගන්න පුරුදු කරන්නේ ඒවා වැදගත් නිසානේ.ඉන්ටර්න් කාලෙදිම ඔහොම නම් පස්සේ කොහොම වෙයිද?
    පහුවදා උදේ රෙජිස්ටාර් එක්කත් ඕකම මතු වුනා.බොන්නේ නැහැ කිව්වම බොරු කියන්න එපාලු.
    ඩොකාල මෙඩිකල් ස්ටුඩන්ට්ල බොන තරම මං දන්නවා.ඉතින් අනෙක් මිනිස්සුත් එහෙම්මම බොනවා කියල ඒ අය උපකල්පනය කරන්නේ කොහොමද?
    දෙන්න ගැනම වාට්ටුව බාර ස්පෙෂලිස්ට පැමිණිල්ලක් දාලම තමයි මං එලියට බැස්සේ.(අයෙමත් පාරක් තව හිතවත් කමක් පාවිච්චි කරන්න වුනා.)
    දෙන්නා මට හොදවයින් කියල බනින්න ඇති.ඒත් කමක් නෑ.කවද හරි ලෙඩෙකුට කතා කරන්න ඉගෙන ගන්න පුරුදු වෙයිනෙ.

    ReplyDelete
    Replies
    1. බොහෝ දේ බොහෝ විට වෙනස් වෙන්නේ, අමතක වීමෙන් වගේම නොසැලකිල්ලෙන්, ඒවගේම තමයි ගොඩක් අය බොරු කියන නිසා වෙන්න ඇති එක පාර පිළි නොගන්නේ. ඒත් රෝගියා කියන පිළිතුරු බාරගත යුතුයි. මොකද අපි පොලිසිය නෙමෙයිනේ හරි වැරැද්ද බේරන්න. බොහෝ විට ඔය වගේ බාල අමනෝඥ ක්‍රියා නිසයි මිනිස්සු පිරිහෙන්නේ. දොස්තරලා වැඩ කාරයෝ කියලා හිතන් ඉන්නවද මන්දා... මම නම් හිතන්නේ, ඊට වඩා වැඩ්ඩෝ ඉංජිනේරුවෝ,සහ කාර්මික ශිල්පීන්... වෙදකම් කරනවා කියන්නේ වැඩ්ඩෝ නෙමෙයි. උගත් දෙයින් මිනිස්සුන්ට සේවයක් කරන බොහොම ගරු කර යුතු වෘත්තියක් වෙදකම. මට හිතෙන්නේ සුළුතරයක් වූ අධිමාන්නෙන් පෙළෙන නරක යින් නිසා හැමෝම ඒ ගොඩට දැමීමක් වගෙයි ඔබේ අදහස. සමාවෙන්න හොඳ අය බොහෝමයක් සිටිනවා. හැමෝම නරක් වුනානම් මිනිස්සුන්ට මේ තරම් සෙතක් සැලසෙන්නේ නෑනේ. නොමිලේ බෙහෙත් කරන තමන්ගේ අතේ තියන තුට්ටුවත් අනුන්ට වියදම් කරන දොස්තරලාත් ඉන්නවා.... :D

      Delete
  22. විශ්වාසදායී වෛද්‍ය ලිපි ඇති වෙබ් ලිපින keepayak denna puluwanda?

    ReplyDelete
    Replies
    1. අඩවි කිහිපයක්ම තියෙනව, සමහර ඒවායෙන් වෛද්‍යවරුන්ට පමණක්ම ලියැවෙන අතර සමහර ඒවා රෝගීන්ට පමණක් අවශ්‍ය සියලු විස්තර සපයනවා. අනිවාර්‍යයෙන් ඊළඟ ලිපියෙන් , කොහොමද හොයන්නේ, මොනවද බැලිය යුත්තේ කියලා පැහැදිලි කරන්නම්... ඒ අදහස දුන්නට ස්තූතියි.

      Delete
  23. අක්කාගෙ ලිපිය කියෙවුවා. ඒ හැම දේම ඇත්ත. අපේ මිනිස්සුන්ගෙ තියෙන්නෙ නොසැලකිල්ල. කාඩ් එකේ හරි ක්ලිනික් පොතේ හරි සිංහලෙන් ලොකු අකුරෙන් ලියල දහ පාරක් කියල දෙන දේත් "කිවුවෙ නෑ", "දන්නෙ නෑ" කියන එක තමයි කියන්නෙ අන්තිමට.....

    හැමෝගෙම කමෙන්ට්ස් ටිකත් කියෙවුවා. ගොඩක් ඒවා සහතික ඇත්ත. සමහර ඒවා ගැන හිතුණ දේවල් නොකියා ඉන්න එක හොඳයි කියලා හිතෙනවා

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත නංගී. හැමෝම විවිධ මත දරනවා, ඒත් මෑතක ඉඳන් වෛද්‍යවරුන් ගැන හොඳක් කියවෙන්නේම නැති තරම්. සුළුතරයක් නරක කරන අය නිසා හොඳ වෘත්තිකයනුත් දුකෙන්.

      Delete
  24. කලින්ම කියන්නං මම මේ ලියන දේවලින් කාටවත් අභියෝග කරනවාවත් , හැල්ලුවට ලක් කරනවාවත් නෙවෙයි , ගුගල් කරල තොරතුරු හොයාගන කියවන්න දැනුමක් මට නැ ,

    මේ ලිපි තුලින් දැක්ක ඔයා ගැන පුදුමයක් සහ ආදරයක් සහ ගෞරවයක් හිතුනා

    මෙන්න මම දන්න දොස්තරලා

    වයස සති තුනේදි අපේ මල්ලිව ජීවත් කරන්න බැ කියලා ඇතුලේ ඇදකින් උස්සලා එලියේ කොරිඩෝවේ ඇදකට දැම්මා , හිත හදාගන එලියට එනකොට තාත්තා කිතුල් රා බොන්න ගිහින්දුන්න දොස්තර කෙනෙක් දැකලා මොකටද ආවේ කියල ඇහුවහම සිද්ධිය කියලා කියලා ‍එයා මැදිහත් වෙලා ආයත් බෙහෙත් කරා , දැන් මිනිහට අවුරුදු තිස් එකක් මාරක හත අටක්ම පැනලා තාමත් ඉන්නවා

    කකුලට පනුවෝ ගහලා අපේ දොස්තරලා අහලකටවත් නොයන ලෙඩෙකුව මොකක්ද සංවිධානයක් මාර්ගයෙන් ලංකාවට ආව කොකේෂියන් ඩොක්ට කෙනෙක් , ලෙඩා දාලා තිබ්බ බංකුව ගාවට ඇවිත් බිමට දනහිස්දෙක තියාගන තමන්ගේ උකුල උඩින් අර පනුවෝ බිමට වැටෙන කකුල සුද්ද කරනවා මම දැකලා තියනවා

    බන්ධනාගාර ගතවෙලා ඉන්න මිනිස්සු මිටර් දෙක තුනක් ඇත පුටුවල ඉන්දවලා ලෙඩේ අහලා බෙහෙත් ලියවා මම දැකලා තියනවා

    අහිංසක වයසක මිනිහෙක්ට එක්දාස් ගානක් දීලා චැනල් කරලා ගිහිනුත් '' එක පාරකට එක ලෙඩක් කියනවා ඔයි '' කියනවා මම දැකලා තියනවා

    ජීවිතේට අරක්ක බීලා නැති වැදගත් මිනිහෙක්ට සල්ලි දීලා චැනල් කරපු ලොකු දොස්තරයෙක් '' තමුසේ දවසකට කොච්චර බොනවද '' '' මම නෙකබොන්නේ නැ ඩොක්ට '' '' නිකං ඉන්නව හලෝ බයිල නොගහ '' කියනවා මම දැකලා තියනවා.

    වෙනත් දොස්තර ‍කෙනෙකුගේ ක්ලිනික් එකකට ගියා කියලා '' රාජපක්ෂගේ පොල් ගෙඩියක් '' තව එක එක එව්වා කියලා අපේ හාමිනේට අපහාස කර කර ප්‍රතිකාරයක් නොකර බලාගන හිටියා එක් දොස්තර කෙනෙක්. අන්තිමට පෙෂර් එක වැඩිවෙලා ඇස්දෙකත් බොදවෙලා නොපෙනෙන තැනට ආවට පස්සේ දන්න දන්න අයට කියලා වාට්ටුව මාරු කරලා බබාවත් සීසර් කරලා ගත්තා . නැත්තං අදමට උන්දැත් නැ ලොකු කෙල්ලත් නැ , පස්සේ හම්බෙච්ච පොඩි කෙල්ලත් නැ

    අපේ අම්මගේ ගර්භාෂය අයින් කරන්න ගිහිල්ලා මුත්‍රා වාහිනි කපලා දැම්මා එක්කෙනෙක් , වැරුද්ද පිලි ගන්නවා වෙනුවට , සමාව ඉල්ලනවා වෙනුවට , ඒන්ඩ ඕන තැනින් නෙමෙයි අනිත් තැනින් මුත්‍ර එනවා කියලා කියපු අම්මට වාට්ටුවටම ඇහෙන්න අපහාස කලා , එදත් දන්න දන්න තැන්වලට කතා කරලා යාන්තං ගොඩ දාගත්තා

    තවත් කෙනෙකුගේ කකුලකට කටු දෙක අතර සෙන්ටි මීටර් දෙකක් විතර දුර තියලා ප්ලේට් එකක් දාලා අවුරුද්දකටත් වඩා බලාගන උන්නා හාවෙනකං , වැරුද්ද පිලි ගත්තෙම නැ , අන්තිමට අර මනුස්සයට අවුරුදු තුනක් විතර රස්සාවක් නොකර ඉන්න උනා , වැඩේ ගොඩ ගියේ රටේ ඉහලම තැනකින් කතා කරපු නිසා

    සාමන්‍ය දොස්තර කෙනෙක් බෙහෙත් ඇදුමට දීලා වැඩි හොදට '' ඔයා කෝකටත් මේ මගේ සර්ටත් පෙන්නන්ඩ''' කියලා කියපු දෙවනි ලමයා හම්බෙන්ඩ උන්න අපේ හාමිනේව කියපු කෙනාට පෙන්නුවා , එයා ලියලා දුන්නෙත් අර පවුලේ දොස්තර නෝනා දුන්න බෙහෙත්ම හන්දා

    ''සර් -යානි ‍ඩොක්ට දුන්නෙත් මේවාම තමයි . ගත්ත එවා තියනවා ඒ වාම දුන්නට කමක් නැද්ද අළුතෙන් නොගෙන '''

    කියලා කියපුවහම

    '' ආ එහෙම එහෙනං මෙහෙම දෙන්ඩකෝ කියලා ''

    මාත්‍රව දෙගුනයක් කලා

    කෝකටත් කියලා පාමසියේ ඉන්න හිතවත් ගෑණු ළමයෙක්ට පෙන්නුවහම

    '' අයියේ අක්කට මෙහෙම බෙහෙත් දෙන්ඩ එපා , ළමයෙක් ලැබෙන්ඩ ඉන්න කෙනෙකුට තියා නිකං මනුස්සයෙක්ට දෙන්ඩත් නරකයි''

    කියපු නිසා අපේ අපේ හිතවත් දොස්තර නෝනට පෙන්නුවා රිසිට් එක

    එයා නලලේ අත ගහගන . තවත් ඩොක්ට කෙනෙක්‍ට කෝල්කරා ,

    පස්සේ මට කියුවා

    ''ඔයා බෙහෙත් නොදි ආයේ ආපු එක හොදයි මම අර කියපු විදිහට දෙන්න මෙහෙම දෙන්න එපා ''

    මට තිබ්බා ිතර නිතර සෙම්ගෙඩි හැදෙන ලෙඩක් වසර 12 ක් විතර . ලොකු දොස්තරලා දාස් ගනන්වල බෙහෙත් දෙනවා හරි යන්නේ නැ , ඔපරේෂන් කරන්ඩ තමා කතාව , ඔය කලින් කියාපු තරුණ නොනා එක පාරි බෙහෙත් දුන්නේ , දැන් අවුරුදු 6කටත් වැඩියි තම සෙමගෙඩි හැදුන්නැ

    '''''' තව කියනවානං දන්න ‍දේවල් එමටයි ''''''''''

    anith kona දොස්තර නෝනාටත් දයානි පෙරේරා අපේ දොස්තර නෝනාටත් බුදු සරණයි

    ReplyDelete
  25. දොස්තරලත් ලෙඩ්ඩුත් දෙගොල්ලගෙම වගකීම් සහිතව කටයුතු කරන්න ඕන. සමහරක් ලෙඩ්ඩු ඉන්නව එයාල දවසක් බෙහෙත් ගත්තම ආයෙ අවුරුද්දකින් ආවත් දොස්තරයට තමුන් මතකයි කියල හිතං ඉන්න.

    ReplyDelete
  26. මම ළඟදී ඇහේ නගනයකට අක්ෂි විසේසග්නවරියක් හමු වුවා. ඇය බෙටඩීන් නම් ද්‍රාවණයෙන් ඇස සේදිය යුතු ආකාරය මට විස්තර කළා. ෆාමසියේ සිටි ගැහැණු ළමයා මගෙන් කිහිප විටක්ම එය අසා නැවතත් වෛද්‍ය වරියගෙන් අසාගෙන එන ලෙස ඉල්ලා සිටියා. මා නැවතත් වෛද්‍ය වරිය හමු වී සියලු ද්‍රව්‍ය එක් කලයුතු ආකාරය අසා දැනගෙන පැමිණියා. මා යලිත් ඇයට විස්තර කළා. එවිට ඇය දොස්තර වරිය හමු වන්නට ගියා. ඉන්පසුවයි ඇය මට බෙහෙත් නිකුත් කලේ. මා කැෂියර් වරයාගෙන් විමසා සිටියේ ඇය අලුත් අයෙක්ද කියා. නමුත් ඇය තරුණ වුවත් පැරණි සේවිකාවක් බව ඔහු දන්වා සිටියා. නමුත් ඇය රෝගියාගේ පැත්තෙන් සිතා, ඒ වගේම තමන් නොදන්නා දේ දැනගෙන කරන්න ඉදිරිපත් වූ බව මට ඒ මොහොතේ වැටහුනා.

    ReplyDelete
  27. මෙක මම කලින් කියවල නැද්ද.හරිම කනගාටුයි.
    මෙගැන කියනවනම් ඇත්තටම දෙපැත්තෙම අවුල් තියෙනව.දෙගොල්ලොම හිතන් ඉන්නෙ ලෙඩ දැනගන්න ඔන නැ දොසතර ඔක්කොම දන්නව කියල.
    මම එක කතාවක් කියන්නම් ඩොක්ටෙර්ස්ලගෙ මානසිකත්වයගැන.එක සැරයක් මම සිද්දවුනා ලේඩි ඩොක්ටෙර් කෙනෙක්ට සර්විස් එක දෙන්න.එතනදි එයාකියපු දෙට විරුද්ද දෙයක් මම කියපුවම එයා මට කියනව 'ඔයා කොහොමද මට කියන්නෙ මම ඩොක්ටෙර් කෙනෙක් "කියල
    මම කිවුව "ඩොක්ටෙර් මම මෙතෙන්ට ආවෙ බෙහෙත් ගන්න නෙමෙයි.මෙතන ප්‍රොෆෙශනල් මම ඩොක්ටෙර් නෙමෙයි.මෙක ගැන මට වඩ ඩොක්ටෙර් දන්නෙ නැ.බෙහෙත ගන්න වෙලාවට මම ඩොක්ටෙර් කියනදෙ අහන්නම්"කියල.මට එහෙම කියන්න සිද්දවුනෙ එයා හැදුවෙ වැරද්දිවැඩක් කරන්න.
    හොද ලිපියක්.ස්තුතියි.ඔක්කොම කියවන්න ඔන.

    ReplyDelete
  28. කාලීන ලිපියක්... මම හිතන්නෙ දෙගොල්ලම වෙනස් විය යුතුයි. වැඩිහරියක් දොස්තරලා බෙහෙත් ලැයිස්තුව ලියලා දෙනවා මිසක් ලෙඩේ ගැන හෝ ගන්න පිළිවෙල ගැන රෝගියාට පැහැදිලි කරන්නේ නෑ. ලෙඩ්ඩුත් ලියලා දෙන එක අරන් එනවා මිසක් විස්තර අහන්ට යන්නේ නෑ. දොස්තරට තියන බය හින්දද එහෙම නැත්නම් ඕනකමක් නැති හින්දද!

    ReplyDelete
  29. මමත් ඩොක්ටර්ගේ ව්‍යෛමය ලිපිය කියෙව්වා. හරිම වැදගත්. මම නම් තවම පුංචි කෙල්ලෙක්. නමුත් මටත් හුඟක් දේවල් දැන ගන්න පුලුවන් වුනා ඩොක්ටර්ගේ මේ ලිපිය කියෙව්වාට පස්සේ. ඩොක්ටර්ට හුඟක් පින් අපිට මේ විදිහේ වෛද්‍ය දැනුම නොමිලේ බෙදාහදා දෙන එකට

    ReplyDelete
  30. Doctor ඔබ තුමියගේ ලිපි කිපකක් මම කියෙව්වා අතෙතටම බොහොම වැදගත් දේවල් තියනවා. නමුත් මේ ලිපියේ කියල තියනවා වගේ ලෙඩේ ගැන අපි දැනුවත් වීම නම් වැදගත්, නමුත් මම මගේ අත්දැකීමෙන් කියන්නේ බොහොමයක් රජයේ රෝහල් වලදීනම් මේ දේ ගොඩක් දුරට වෙනස්. රජයේ සමහර Doctors ලාගෙන් ලෙඩේ පෙන්නන්න ගියාම දෙන බෙහෙත අරන් එනවා ඇරෙන්න ලෙඩේ ගැන අහන්න ගියාම Doctor ගේ ලොකුකම බල්ලන්න වෙනවා, එතකොට කියන්නේ ලේඩේ ගැන නෙවෙඉ අපි MBBS කරේ කොහෙද කියල. ඒ තරමට තමන්ගේ Doctor කම නිසා මොලුව ඉදිමිච්ච පිරිසක් අද රජයේ රෝහල් වල ඉන්නේ (සමහරක්).

    ReplyDelete
  31. මේක ලංකාවෙ කරන්න බැහැ. මේ බ්ලොග් එක කරන වෛද්‍යතුමිය වගෙ අය ඉන්නෙ අතලොස්සයි. අතිබහුතරයක් වෛද්‍යවරු මහා උද්දච්චකමකින් ඉන්නෙ. ඒක අධ්‍යාපන ක්‍රමය හා වෙනත් සමාජයීය සාධක නිසා ඇතිවෙනවා විය හැකියි. රෝගියා යමක් දන්නවා කියා ඇඟෙව්වොත් වෛද්‍යවරයට හිනා යනව.ගමේ ගොඩේ විදියට ඇදගෙන එහෙම ගියොත් බනින්නත් ඉඩ තිබෙනවා. සරල වෛද්‍ය වාර්තාවක් අවබෝධ කරගන්න ඕනම කෙනෙකුට පුළුවන්. අනෙක සෞඛ්‍ය සේවයේ සමාන්තර රැකියා කරන අය ඖෂධ ගැනත් දැනුමක් තිබෙනවා. නමුත් ලංකාවෙ වැඩවසම් ස්ටයිල් එක නිසා රෝගීනුත් කට පියාගෙන ඉන්නවා. කතා කරන්න ආවොත් ඔයාද දොස්තර මමද දොස්තර කියල අහනවනෙ.

    මේ මම මීට ටිකක් ලගින් යන විදියට ලියපු පෝස්ට් එකක්
    http://yakaageadaviya.blogspot.com/2014/01/blog-post_7692.html

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !