Sunday, September 14, 2025

මා ලියූ මගේ පස්සෙන් එන්න ගැන ....

"ජීවක රන්බණ්ඩාර, අපිට පොත්වල නිතර හමුවෙන තමන්ගෙ එකම ආදරය වෙනුවෙන් සටන් කරන තරුණයෙක් නෙවේ. එයා සටන් කරන්නෙ රටේ අනාගතයට ලැබිය යුතු ආදරය ලබා දෙන්න."


නිතර කියවන ආකෘතියෙන් බැහැර වුණ කතා පොතක් ගෙවුණ සති අන්තයේ මට ලැබුණා. ඇත්තටම මේ පොත අතට අරන් කියවන්න මම මාස කීපයක්ම බලාගෙන හිටියා.
මගෙ පස්සෙන් එන්න -
බෝ අක්කව මම අඳුරගන්නෙත් ලිවීම නිසා. සායනික සටහන් නොවේ පොතෙන් අක්කගෙ දැක්ම ගැන මට චූටි අදහසක් තිබුණත්, අක්කා කියා තිබෙන ඇතැම් කරුණු එක්ක මේ පොත මට නිතර කියවන්න ලැබෙන රාමුවෙන් පිට පොතක් වෙන බව මම අනුමාන කරගෙන හිටියෙ.
ජීවක රන්බණ්ඩාර, අපිට පොත්වල නිතර හමුවෙන තමන්ගෙ එකම ආදරය වෙනුවෙන් සටන් කරන තරුණයෙක් නෙවේ. එයා සටන් කරන්නෙ රටේ අනාගතයට ලැබිය යුතු ආදරය ලබා දෙන්න.
ලොකු පසුබිම් කතාවක් එක්ක උපාධි අපේක්ෂකයෙක් විදියට කොළඹ එන ජීවක නවාතැන් ගන්නෙ බාච්චු වත්තෙ. කොළඹ කියන්නෙ කොහොමත් නිරය සහ දිව්යලෝකය එකම අහස යට දකින්න පුලුවන් තැනක්, එහෙම තැනක මේ වතු සමාජයේ දරුවන්ට මූණ දෙන්න වෙන ව්යසනයට ජීවක තමන්ගෙ මට්ටමින් පිළියම් යොදනවා.
ජීවක වටා රැස් වෙන මිතුරු පවුර , ජීවකගෙ රිදමයටම අත්වැල් සපයන කණ්ඩායමක්. ජනාත්රි, තිලක්, සමීර, දනුක වගේම අරණ්යා, ඔහු යන ගමනට උපකාර කළා මිස ඔහුව අත් හැරියේ නැහැ.
මේ සියලු චරිත එකතු කරල අක්කා වියපු කතාවේ මත්ද්රව්ය උවදුර, ඖෂධ මාෆියාව ගැන ගොඩක් කාරණා එකතු වෙලා තියෙනවා. ඒ සමාජය ඇතුළේ ක්රියාත්මක වෙන, නිසි අධ්යාපනය නොලැබීම සහ මත් ද්රව්ය ඇබ්බැහිය අතර දෙපැත්ත මාරුවෙමින් යන චක්රය ගැන ගොඩක් දේවල් මමත් ඉගෙන ගත්තා. ඒ චක්රය ක්රියාත්මක වෙනතාක්කල් වාසි වෙන්නෙ කාටද කියලත් මම තේරුම් ගත්තා.
එතකොට මේකෙ ලව් ස්ටෝරි එකක් නැද්ද? මොකද නැත්තෙ ඒකත් තියෙනවා , ඒකත් හරිම ප්රායෝගික ආදරයක්. ගොඩක් පොත්වල නිතර කියවෙන සහ අපි ආසාවෙන් බලාපොරොත්තු වෙන ආදරේට වඩා මේ ආදරේ වෙනස්.
" මට මේ හදිසියේ ලෞකික බැඳීමක් ඕනෙ නෑ. මට තියෙන්නෙ මේ ක්රමේ එක්ක ගණුදෙනුවක් . මචං කෙල්ලෙක්ට ආදරේ කරන්ඩ, එහෙ මෙහෙ යන්ඩ, පවුල් පන්සල් වෙන්ඩ මට වෙලාවක් නෑ. ඒක ලෙඩක් වෙන්ඩ ඇති. ඒත් මම ඉන්න තත්ත්වෙ අනුව මට බෑ එහෙම සංකීර්ණ බැඳීමකට මුල පුරලා තව කෙනෙක්ට දුකක් දෙන්ඩ" ආදරේ වගේ සංකීර්ණ කාරණාවකදී කෙනෙක් මේ ගානට තමන්වම තේරුම් ගැනීම ගොඩක් වටිනවා කියලා මට හිතෙනවා .
මේ පොත සාමාන්යය , උසස් පෙළ කරන පාසල් දරුවන්ට කියවන්න වටින පොතක් කියලා මට හිතුනා. ඒ කාලෙ ඔලුවට එන ආකල්ප ඔවුන්ගෙ දැක්ම රටට වැඩදායී විදියට වෙනස් කරයි කියලා මට හිතුනා.
අක්කගෙ ඊළඟ පොත එනකල් මම බලා ඉන්නවා, ඒකත් ඒටිපිකල් පොතක් වෙන බව නම් මට විශ්වාසයි....
විතැන් - Madushika Ramanayake


No comments:

Post a Comment

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !