අම්මා නංගී සහ ඇය...
ශෝකී දෙනෙත් තවමත් එසේය. රිපෝට් වගයක් පෙන්වන්න තියෙන බව මතකය.
"ඩොක්ටර් ගේ බබා මේ වගේ වෙන්න කියලා දුව අරගත්තා මේ පිංතූරය.." අම්මා පවසයි.
අට හැවිරිදි (හරියටම මතක නෑ) ඇය ඇතුලත් වුනේ හිසරදය කියාගෙනය... බොහෝ වෙලාවක් කල්පනාවෙන් පසුවේ...බැලූ බැල්මට දුක්බර මුහුණේ සිනහවක් හටගත්තේම නැත.
නමුත් ඊට එහා ගිය අපැහැදිලි චිත්‍රයක් මට ඇගේ කතා බහෙන් තේරුම් ගිය නිසා.... අම්මාගෙන් විමසද්දී ... හෙළි වුනේ දරු දෙදෙනාත් මේ අම්මාත් රැක බලාගන්නේ අම්මාගේ තාත්තා ඔහුගේ පැන්ෂන් පඩියෙන් බව. පියා වෙන ස්ත්‍රියක් හා දීග කයි...
"මාසෙකට ලැබෙන්නේ පන්දහසයි දරු තුන් දෙන්නාගේ වියදමට.. ඒකෙන් මොනවා කරන්නද, කන්න බොන්නම සෑහේන්නෙ නෑ" ඇය පවසයි.
දරුවාගේ කායික රෝගාබාද හෝ ලක්ෂණ නොවූයෙන් , මනෝවෛද්‍යතුමන් වෙත යොමු කලේ වෙනත් සැඟවුනු පීඩාවක් වේදෝයි සිතමිනි.
අප නිවැරදිය... ඇගේ පියාගේ වෙන්වීම ගැන නිරන්තර දුකෙන් කල් ගෙවයි... බොහෝ ආර්ථික දුෂ්කරතා නිසා පාසැලේ උවමනා ඉටුකිරීමට මව අපොහොසත් වේ. මෙවැනි කතා බස් බොහෝමයක් වේ.
"මේ මම ගොතපු බෑන්ඩ් ඩොක්ටර්ට... මේක මිස්ට " ඇය වෛවර්ණ රිබන් වලින් ගෙතූ අත් පළඳනා අපට බෙදයි.
අනේ අපි මොකද මේ වෙනුවෙන් කරන්නේ.. මුදල් දුන්නොත්.. ඒක දරුවාගේ හිතට නරක ආදර්ශයක්... එනිසා මම ඇයට කතා පොත් ටිකක් මිළ දී ගත්තෙමි. එනමුත් ප්‍රසූත නිවාඩු ගිය නිසා ඇයට ලබාදිය නොහැකි විය. නැවත ඇය අප වාට්ටුවට පැමිණියොත් ලබා දෙන්න යැයි තවම ඒවා කබඩ් එකක ය.
රහසේ වැලපෙන දුක්වෙන මේ කුඩා හිත් පොඩිති ගැන ඇතිවන්නේ අප්‍රමාණ දුකකි.. ඒ දුකම මට මහත් වෙහෙසකි...
ඉතින් මේ හිත හදාගන්නේ කොහොමද ? ඔවුන්ගේ ලෝකය සතුටු දායක තැනක් කරන්නේ කොහොම ද ?
.......................................................
ඇඳුමෙන් පැළඳුමෙන් ම ඔවුන් ඉතා දැඩි දුෂ්කරතා ඇති පවුලක් බව පැහැදිලියි.
දරුවාගේ වයසට වඩා දෙගුණයක් පහළින් බර සටහන් වේ. ඉළ ඇට පෑදී ඇත.
බඩ එළියේ යෑමත් වමනයත් සමග රෝහලට ඇතුල් විය.
"දැන් බඩ එළියේ කී පාරක් ගියාද "
මවට නිනවුවක් නැත... දෙපාරක් බව පවසයි... නමුත් අල්ලපු ඇඳේ අම්මා අපට බාධා කරමින් පැවසුවේ..." දෙපාරම වතුර වගේ ගියෙ නෑ ඩොක්ටර්... ඝනව ගියේ" දරුවාගේ මව හිස සලයි.
මේ මව පිළිතුරු දෙන අයුරු සහ කතාබහ අමුතුය.
"බබා හොඳටම අඬනවා රෑට මොනව ද කෑවේ? '
මව පිළිතුරු නොදේ...
ආයෙත් මා හඬ වැඩිකර අසද්දී " මෙයා කන්නේ නෑ ඩොක්ටර් මොකුත්"
එහෙම බෑ දරුවා බඩගින්නේ ඉන්නේ.... අල්ලපු ඇඳේ ඉන්න දරුවගේ අම්මා, මා දෙස බලා හිස වනයි...
"කන්න දෙන්න මොනවා හරි තියෙනවනම් දරුවට " මම කීවාට , මොවුන් ළඟ කිසිවක් නැති බව මම අත්දැකීමෙන් දනිමි.
"ගෙදරින් බලන්න ආපු වෙලාවේ අනිත් දරුවෝ දෙන්නට ඒ බබාගේ බත් එක කැවුවා මේ අම්මා" අල්ලපු ඇඳේ අම්මා දිව විත් මට පවසයි...
මෙවැනි පරිසරයක මෙවැනි පීඩිත ජිවිත ගැන දකිමින්... හිත නොසැලී සිටින්නේ කොහොමද ?
රෝහලෙන් ලැබෙන නොමිලේ කෑම නිසාම රෝහල් ගත වන පිරිස කොපමණ ද?
ඇතැම් විට දරුවාට කිසිඳු රෝග ලක්ෂණයක් නැත.
...........................................
"මම රට ගියේ දරුවට හොඳින් සලකන්න එද්දි හොඳටම ලෙඩ වෙලා... අනේ ඩොක්ටර් බබාව දිගටම ක්ලිනික් ගෙනත් නෑ ගෙදර අය.. ආයෙම ක්ලිනික් දාලා දෙන්න"
තරුණ මවක් පැමිණ අප හමුවේ බැගෑපත් වේ.. අවුරුද්දකට වැඩි කාලයක් ක්ලිනික් හෙවත් සායන පරීක්ෂාවට නොපැමිණි දරුවාට මුත්‍රා ආසාධනයකට ප්‍රතිකාර කර ඉන්පසු ... සායනික පරීක්ෂාවට යොමු කරන ලදී.
" මහත්තයා නැතුව මං තනිවම දරුවා හදන්නේ " ඉස්සරනම් ඔහොම ඇහෙද්දී හිතුවේ මහත්තයා මැරිලා කියලා... දැන්නම් මෙවැනි කතා අහලා අහලම ...මේ කියන්නේ අධමයෙක් වෙන කසාදයක් හෝ අඹුවක් හොයාගෙන මේ දරුවත් මවත් අසරණ කළ බව වැටහේ.
"මම මෙහෙ රස්සාවක් හොයා ගත්තා නෝනා ආයේ මම යන්නේ නෑ.. ඉන්නේ මෙච්චරයිනේ මට. " මේ තරමින් හෝ ඔවුන්ගේ දුක බෙදා ගැනීම කෙතරම් අගනේද ?
.....................
රාත්‍රී වැඩමුරය අතර තුර...ගෙදරින් එන ඇමතුමකි
"පුතේ බබාට හොඳටෝම උණ... ඉක්මනින් එන්න බැරිද ?"
"අම්මා දැන් මේ හුඟක් අමාරු බබෙක් අරගෙන මහ රෝහලට යනවා" හිත පොළව මත පතිතවී කුඩු පට්ටම් වෙනවා වගේ දැනුනි...
"එහෙනම් කියන්න ...මොකද කරන්නේ" කළ යුතු දෑ ලියා පොතකුත් බෙහෙතුත් ලැහැස්ති පිට තිබේ... ඇයට උපදෙස් දී නැවත හැරෙද්දී වාට්ටුවේ සේවක පිරිස දුක් වේ " අනේ ඩොක්ටර් බබා අසනීපෙන් ද?...."
මොනවා කරන්නද...දරුවා බලා කියාගෙන උදව් කරන්නට මගේ අම්මා ඉන්න එක මට මහා ලොකු උදව්වකි.
" එක දරුවෙක් හස්බන්ඩ් අරන් යනවා එයාගේ ඔෆිස් එක ළඟ ඩේ කෙයා එකට... පොඩි එක්කෙනා මං අරන් එනවා මෙතන ළඟ ඩේ කෙයා එකට " දෙමාපියන් අහිමි මගේ යහළුවෙක් පවසයි. නැන්දා මාමාගෙන් උදව්වක් නැති බව පෙනේ.
රාත්‍රිය පුරා බොහෝ වෙහෙස වී ආ සැනින් යළි අසනීප දරුවා හා වෙහෙසෙමි
.................................................
මෙහි ඇතුල් වෙන බොහෝ දරුවන් අඩු බර සහිතය.
ඔවුන්ගේ ගිලී ගිය දෙනෙත් කෝටු අත පය මවෙත ඉතිරි කරන්නේ දැඩි දුකකි.
දැන් නම් පෝෂණය සම්බන්ධ පශ්චාත් උපාධිධාරී වෛද්‍යවරියක් සිටින නිසා ඇය මේ දරුවන් සහ භාරකරුවන් සියල්ලන්ම තනි තනිව හමුවී ඔවුන්ගේ ආහාර වේලෙහි අඩුපාඩු සොයා බලයි. නමුත් ආර්ථික අහේනියකින් පෙළෙන බොහෝ පවුල් වල මේ පෝෂ්‍යදායි ආහාර වට්ටෝරුව දෙනවදැයි සිතිය නොහැකිය. මේ දරුවන් බොහෝමයක් ආත්තම්මා හෝ ආච්චිගේ සෙවනෙහි ඇති දැඩි වේ. මව රට යෑම හෝ දෙන්නා දෙමහල්ලන්ගේ ආරවුල් නිසා දුක් විඳින්නේ තැලෙන්නේ මේ සිත් පොඩිති ය.
වසන්තා ආන්ටී, ඇගේ දියණියගේ පාසැලේ (විශාකා විදුහල) ආදි ශිෂ්‍ය සංගමය විසින් සිදුකරන පුණ්‍යකර්මයක් ගැන පවසා අප වාට්ටුව ගැනත් විමසුවාය.
වාට්ටු බාර හෙද සොයුරිය සමග සාකඩ්ජා කොට අපට අවැසිම, ඔවුන්ගේ දීමනාවේ ප්‍රමාණයට සරිලන ලෙස... මේ දේ ලැබුනොත් හොඳයි යන්න පැවසුවේ ඊමේල් මගිනි. බර උස මැනීමට නිවැරදි උපකරණ මෙවලම් නැති එක මහත් අඩුවක්ව පැවතියා. ඇතැම් විට ක්ලිනික් එකෙන් බර මැන්න විට ග්‍රෑම් පන්සීයක් පමණ එහෙ මෙහෙ වේ.. එවිට අම්මලා ළමයි වාට්ටු එකින් එක පුරා ඇවිද්දවන්නට සිදුවේ.. එය කාලයත් ශ්‍රමයත් මහන්සියත් අපතේ යැවීමකි. උස මනින්නනම් වාට්ටුවේ කිසිත් නැත... බිත්තියකට හිටවා.... සලකුණු කර ටේප් එකකින් මැන ගනිමු.... බර අඩු දරුවන් ප්‍රමාණය ඉතාම ඉහළය. ඉතින්මෙවැනි අඩුපාඩු සොයා බලා සපුරාලන්නට හැකිවීම ගැන ඔවුන්ට බොහෝ කෘතඥ වෙමු.
වෛද්‍යවරුන් ලෙස අප කරන්නේ රෝගාබාද මැඩලීම පමණක් නොවේ. සමාජ සාධන කටයුතුත් ඒ අතරේ වේ. බොහෝමයක් එහෙමයි. සුළුතරයක් එහෙම නොවන අයත් සිටින බව අවබෝදයෙන් දනිමි. කිසිවෙක් කර දෙන තෙක් සිටින්නේ නැතිව අපිම පිළියම් සෙවීමට උත්සුක වන්නෙමු. මන්ද අප මේ ගොඩ නගන දේ අපට නොව අපේ අනාගත දරු පරපුරට පමණක්ම නිසා ය.
ඒ අස්සේ .. "අද කාන්තා දිනය... මොනවද හම්බුනේ ?' යෙහෙළියක් අසයි... ඇගේ රැකියා ස්ථානයේ නම් සියළු කාන්තාවන්ට මල් සහ කේක් ලැබුනු බව පවසයි.
"අපිට නම් හම්බුනා.... වැඩ " මම කීවෙමි...
:(
ReplyDeleteසංවේදී කතා පෙලක්."අපිටනම් හම්බ උනා වැඩ".මේ වචන කීපය තුල නොලියූ කතා ගොඩක් තියනවා කියලා සිතුනා.
ReplyDeleteඒකනම් එහෙමයි නේද ගිම්.. ගෙදරත් වැඩ රෝහලෙත් වැඩ
Deleteඒක හරි..........
ReplyDeleteකාන්තා දිනයේ මට මතක තියෙන විශේෂ දවස් දෙකක් තියෙනවා.. එකක් මිට අවුරුදු විසි පහකට විතර කලින් වතාවක් කාන්තා දින සැමරුමක් බදුල්ලේ තිබුනා. එදා මහජන බැංකුවෙන් වනිතා වාසනා ගිණුම් අරඹන්න රු. 500ක් වටිනා වවුචර අහසින් දැම්මා අපි හිටපු පිට්ටනියට. මම උඩ පැනලා එකක් අල්ලාගෙන අපේ අක්කට ගිණුමක් හදා ගන්න දුන්නා. දෙවෙනි එක එච්චර හොඳ මතකයක් නෙවෙයි. වතාවක් මම පුහුණු කඳවුරක දවසේ කාර්යභාර නිලධාරී විදියට ඉන්නකොට රාත්‍රී පුහුණුවන කාන්තා නැවි නිවාසයක් පරික්ෂා කිරීමට ගියා. එය යහපත් මට්ටමෙන් නොතිබුණු නිසා ඔවුන් සියලු දෙනාම ගෙන්වා දඬුවමක් ලබා දෙන ලෙස කාර්යභාර ජෙෂ්ට කාන්තා නැවියන් කණ්ඩායමකට භාර දී වෙනත් ස්ථාන කිහිපයක් පරික්ෂාවට පිටව ගියා. පැය තුනකින් පමණ නැවත කඳවුරට එනවිට අර පුහුණුවන කාන්තා නැවියන් කෙලින් සිටීමටවත් නොහැකි තරම් හෙම්බත්ව ලොබි එක ඉස්සරහා රැස්කොට හිටියා. ඔවුන් සියල්ලගේම ඇඳුම්වල මඩ.. 'මේ මොකද?' මම අසන විට ජෙෂ්ට කාන්තා නැවියෙකු සිනහා වෙමින් කිව්වේ 'සර් අද කාන්තා දිනේනේ.. එක පොඩ්ඩක් මතක් කරලා දුන්නා මුන්ට' කියල.. මට මහා අපුලක් දැනුනා.
ReplyDeleteමේ එක එක දේවල් වලට දින වෙන් කරගෙන ඉන්න එකට මම නම් පුද්ගලිකව කැමති නෑ. කාන්තා දිනේ උනත් එහෙමයි. මගේ මතය දවස් 365 ම කාන්තාවන්ට 'නිසි පරිදි' ආදර ගෞරව දැක්විය යුතුයි යන්නයි.
නේවි එකේ කතා.. හෙහ්..
Deleteමට මතකයි එක පාරක් වුමන් සේලස්ල වගේකට පී ඕ කෙනෙක් දුන්න පනිෂ්මන්ට් එකක්. කතාකරන්නවත් ඕන නෑ ඒ ගැන. ගැහැණු වුණත් ඔවුන් වත් ඔවුන්ට ගරුකරගන්නෙ නෑ...
අපිට වුමන් සෙක්ෂන් ගැන මොනවත් කරන්න බෑ කරබං බලා ඉන්නව ඇර. සීඕට කම්ප්ලේන් කලා කියලත් වැඩක් නැ
නොදැක්ක වගේ ගියා
මැරෙන්නයැ
පිස්සු වගේ..
Deleteතාමත් මේ වගේ සිදුවීම් වෙනව කියල ඇහෙද්දි..
වැඩක් නෑ කතා කරල..
ලෝකෙන් උතුං රට නමට විතරයි කවදත්
ඒකනම් එහෙම තමයි නේද... හැමෝම එක වගේ සංවේදීව හිතන්නේ නැහැනේ
Delete