මේ ළඟදී මට අපූරු පොත් දොරට වැඩුමකට සහභාගි වෙන්නට ලැබුනා. ඒ වැඩිහිටියන්ට සහ පොඩි හිටියන්ට යන දෙපිරිසටම ලියූ පොත් දෙකක් ජනගත කිරීමක්... ළමා සාහිත්‍ය උදෙසා පොත් ලියවෙනවා අඩු මෙවැනි කාලෙක, පරිවර්ථන පොත් සඳහා දරුවෝ වඩා කැමැත්තක් දක්වන එවැනි පොත් පත් වැඩි මෙවැනි කාලෙක, මනෝරි ලියනවඩුගේ සොයුරියගේ “නෙල්ලි කැලේ බංඩියා” කෘතිය ළමා පරපුර වෙත පිදෙන වටිනා ත්‍යාගයක්. අපේ රටේ පුරාණ ගති සිරිත්, ගම්බද පරිසරය , ගැමි හුරුව මනා ලෙස මේ පොතට කැටි කරන්නට කතුවරිය සමත් වී ඇත. මේ සඳහා පොත කියවූ මගෙන් ඒ ගැන අදහසක් විමසා සිටි මනෝරි අක්කාට.. මා ලියා දුන් ඒ සටහන පොතේ අන්තිම පිටුවේ ඇතුලත් කර ඇති බව ත් දුටුවා. මනෝරි අක්කා තවත් ළමා පොත් ලිවිය යුතුය. ඔබට ඒ සඳහා හොඳ හැකියාවක් ඇති බව මම කියමි. ළමා පොත කියවූ හැමෝම මා සමග එකඟ වනු ඇත.
මතකත් ඇති ඔබට පෙර කාලෙක ලීව මේ වාට්ටු කතා....
" ආයෙ දිව්වොත් එහෙ මෙහෙ යවන්නේ නෑ ගෙදර... " මම සුපුරුදු භය කිරීමේ අවිය පාවිච්චි කරා අපේ වාට්ටුවේ හිටපු දඟම දඟ පැංචෙක්ට.
" ආ කමක් නෑ මං මෙහෙ ඉන්න ආ....සයි" මේ නම් මහා ඇට්ටර පැංචෙක්. ඒත් මේ ඔවුන්ගේ ඉස්පිරිතාලේ ඉඳීමේ කැමැත්ත පිටුපස මහා ඛේදවාචක ගොඩක් හමුවෙනවා.
ඔවුන්ගේ ගේදොර සමාජ වටපිටාව විපරම් කල විටයි වැටහෙන්නේ මේ දරුවාට නිදා ගන්න ඇඳක් ලැබුනේ ඉස්පිරිතාලෙදී බව, කුඩා ලෑලි ගෙවල් වල පැදුරු කඩමාලු වල , ඇතැම් විට වැඩිහිටි ආරක්ෂාවක් නැතිව මේ දරුවෝ නිදන්නේ. සමහර ගෙවල් වලට වැස්සට වතුර දැම්ම විට, කන්න බොන්න අඟහිඟ වුන විට, සමහර දෙන්නා දෙමහල්ලෝ රණ්ඩු සරුවල් වුන විට, දරුවන් උස්සාගෙන ඉස්පිරිතාලේ නවතින්න එන අම්මලාත් අඩු නෑ. ඔවුන්ට මේ පරිසර තුලදී ඇසෙන වාග් මාලාව නුසුදුසුය, දකින ආදර්ශයට ගන්නා දේ නුසුදුසුය.
"එහෙනම් ඉන්ජෙක්ෂන් එකක් දෙනවා ඔන්න දැඟළුවොත් එහෙම ආයෙත්" මගේ භය කරන ටැක්ටික් පාවිච්චි කරා. " අපෝ දෙන්න දෙන්න මං භය වෙයි ඕවට" ඔහු අත පෙන්වයි.
විශ්වාස කරන්න.. මේ පොඩ්ඩාගේ වයස අවුරුදු 4යි. ආයෙම සැරයක් දුටුවේ අම්මා කියන දෙයක් කනකට නොගෙන වාට්ටුව පුරා දුවන ආකාරයයි.
"එක විදියකට ඉන්නේ නෑ දුවනවා වාට්ටුව පුරාම ඉතින් කොහොමද අසනීප හොඳ වෙන්නේ" දඟකාර පැංචා දිහා බලාගෙන මම ඔහුගේ මවට කීවා.

"අහන්නේම නෑ කියන දේ ඩොට්ට" ඇදුම වැඩි වී පැමිණි මේ පිරිස සිටින්නේ කොයි පුරයකද යන්න කතා බහෙන්ම වැටහේ.
"බත් කෑවද පුතේ" මම ඔවුන් පරීක්ෂා කරන ගමන් යාළුකම් පාන්නට එසේ අසමි එතකොට මදක් හෝ මොවුන් සන්සුන් වේ.
"අනේ මේ වැඩක් බලාගෙන යන්න" මේ පැංචා කියයි.
" මේ දන්නවද මම හරි වසයි" ඇඟිල්ල උරුක් කරමින් පොඩි දුවෙක් දවසක් අප සැමට ගෝරනාඩු කල විට ඇගේ අම්මා කීවේ, "අනේ ඩොක්ටර් ගෙදරත් ඔහොමයි" කියාය.
ඒ ඔවුන් හැදෙන වැඩෙන පරිසරයේ ආභාෂය වෙන්නට පුළුවනි. දරුවන් හැදෙන්නේ වැඩිහිටියන් දිහා බලාගෙනයි. ඔවුන්ගේ කුඩා මනසවල් හරියට අඹන්නට පෙර තියෙන මැටි ගුලියක් වගේ. නමුත් ඔවුන් ජීවත් වෙන සමාජය විසින් ඔවුන්ව කුඩා වැඩිහිටියන් බවට පත්වෙලා.
මට හමුවෙනවා, අවුරුදු දහයටත් අඩු දරු දැරිවියන්, ජීවිතේ එපා වෙලා යැයි කියන. දිවි නහ ගන්න හදන (වැඩිහිටියන් බය කරගන්න ඇට්ටර කමට කරන අයත් ඉන්නවා) බහුතරය ගෙවල් වල වැඩිහිටි ප්‍රශ්න, සමාජ පීඩන හමුවේ ජීවිත් නොවිය යුතුය කියා සිතනවා.
ඔවුන්ගේ ඇසට පෙනෙන්නේ, කනට ඇහෙන්නේ ඒ වයසේ දරුවෙක් නොදැකිය යුතු, නෑසිය යුතු දේ. අපි කොහොමද මේ අයගේ පරිසරය වෙනස් කරන්නේ. අප වාට්ටුවේ තිබෙන රූපවාහිනී යන්ත්‍රය ඉදිරි පිට පොඩි දරුවෝ පෙළ ගැහෙනකොට නම් මම ඉතා කල්පනාකාරීයි, සමහර විට ළමා වැඩසටහන් අතරතුර පෙන්වන වෙනත් වැඩසටහන් ගැන සඳහන් කිරීම් ඇත්තටම දරුවන්ට සුදුසු නැතිවා වගේම අද තිබෙන දැන්වීම් ප්‍රචාරන ක්‍රමද බොහොම බාල වර්ගයේ ඒවාය.

සිංදු කියා බලන්නට අසන්නට දෙයක් ඇත්තේම නැත. ඒ වගේම මට හමුවෙනවා නගුලක් දැක නැති කුඹුරකට බැස නැති, වැවක ගඟක නාපු නැති දරුවන් පිරිසකුත්, වැල වරකා නොදන්නා දරුවන්ද ජීවිතේට කාපු නැති බාලාංශ පන්ති වල දරුවන් ද හමුවෙනවා. අවාසනාවකට මේ දරුවන්ගේ නිවෙස් පරිසර වල වැඩිහිටි රූපවාහිනී වැඩසටහන් බලන්නට නිරන්තරයෙන්ම මේ කුඩා වුන් පුරුදු වි ඇති ගතියක් දකින්න ලැබෙනවා. රාත්‍රී 8 න් පසු රූපවාහිනිය ළඟ පොදි ගැහෙන්නට අප සමග රණ්ඩු සරුවල් කරන දරුවෝද එමටය.
වාට්ටුවේ කුඩා උන් සඳහා පුස්ථකාලයක් පැවතියද අපි හරි හෙද සොයුරියන් හරි බලෙන් මතක් කළොත් මිසක් අර අම්මලාටවත් දරුවන්ට නිසි යමක් කියා දීමට උවමනාවක් නැති බවකුයි වැටහෙන්නේ. දෙමාපියන් බොහෝ වෙලාවට ඉන්නේ ඔවුන්ගේ අතේ තියෙන අර ස්මාර්ට් ෆෝන් එකේ ස්ක්‍රීන් එකට ඔළුව ඔබාගෙන එහෙම නැත්නම් අල්ලපු ඇඳේ අම්මා එක්ක ඕප දූප කතා කර කර. එහෙමත් නැත්නම් දරුවා එක්කම ඇවිඳින් රෝහලේ කොරිඩෝවේ ඇති ටීවී එකෙන් වැඩිහිටි වැඩසටහන් නරඹමින්.
අප වෙත එන බොහෝ දරුවන් කතා බහ කරන්නේ අඩුවෙන් බව දෙමාපියන් කියයි. බහුතරයක් දරුවන් ටී වී එකට, ලැප්ටොප් එකට, හෝ අයි පෑඩ් ෆෝන්, මේ ඕනෑ ආකාරයක ස්ක්‍රීන් ටයිම් එකකට හුරු වෙලා සිටින අය. මගේ කුඩා දරුවා පවා ටීවී එකක් හෝ ලැප්ටොප් එක හෝ දිහා හැල හොල්මනක් නැතිව බොහොම නිසොල්මනේ බලාගෙන සිටින අයුරුත් එයින් ඇය පවා අප සමග කතා බහ අඩු කළ අයුරුත් මගේ මතකයට නැගේ.
බටහිර රටවල “reduce screen time !” ලෙස පර් යේෂණ පවා සිදු කර දරුවන්ගේ මොළයට, පරිකල්පන ශක්තියට (imagination) මෙන්ම cognitive development , පරිසර සහ මනෝ මූලික වර්ධනයට ඉන් බෝහෝ හානි සිදුවන බව සොයා පැහැදිලි කර තියෙනවා.
ඔවුන් පවසනවා, දරුවන්ට සොබා දහම හා බද්ධ වෙන්න වෙලාවක් වෙන් කරන්න කියලා. මඩ වැලි අනන්න, ගලා යන ස්වභාවික ජලයේ සෙල්ලම් කරන්න ම් ගස් කොළන් අත් ගාන්න, සුරතල් සතුන් හා සෙල්ලම් කරන්න ඔවුන්ට ඉඩ දෙන්න කියලා. එහෙත් කොන්ක්‍රිට් වනාන්තර වල ගාල් වී සිටින අපි කොයි තරම් දුරට අපේ දරුවන් ව මෙවැනි දේවලට යොමු කරනවා ද ? දරුවන් ඇස් වලින් කන් වලින් වගේම ඇඟිලි තුඩු වලිනුත් මුල් අවධියේදී ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. එනිසා අත් වලින් අල්ලා බලා ඉගෙන ගන්න පරිසරයේ දේ ඔවුන්ට යොමු කිරීම වඩා වැදගත්. හැබැයි ඒ අල්ලන වැලි ගල් කැට, ගස් කොළ , කටේ දා ගන්නවා දැයි විමසිලිමත් වීම වැඩිහිටියන්ගේ වැඩක් !
ඒවගේම ඔවුන් තව දුරටත් පැහැදිලි කරනවා, දරුවන්ට මව් බසින් මුල සිට කතා කරන්න කියලා. පළමුව මව් බස හොඳින් ප්‍රගුන කරන දරුවෙක්ට වෙනත් බසක් ඉගෙනීම පහසු බව පර් යේෂන මගින් පැහැදිලි කරලා තියෙනවා. එමෙන්ම එහෙම දරුවන් ඉක්මනින් සමාජ සම්බන්ධතා මෙන්ම තමන් වැඩෙන පරිසරය ගැන මහා දැනුම් සම්භාරයක් ඉක්මනින් උකහා ගන්නවා කියලත් කියනවා. ඒකට හේතුව දරුවාට අවටින් ඇසෙන දේ තේරුම් ගත හැකිවීම වෙන්න පුළුවන්. ගෙදරක බහුත්‍රය සිංහල කතා කරමින් සිංහල ටීවී වැඩසටහන් පවා විකාශනය කරමින්, දරුවාට පමණක් ඉංග්‍රීසිය පමණක් හුරු කරවීම සහ කතා කිරීම මා අපේ සමාජයේ නිතර දකින වරදක්.
මේ ඔබට වැදගත් වේ යැයි හැඟෙන මා කියවූ අඩවි කිහිපයක්. මේවායෙන් තව බොහෝ තොරතුරු ලැබෙයි.
මෙන්න මේ ආටිකල් එක වෙබ් එම් ඩී එකෙන්. රෝගාබාද ගැන හරියාකාර තොරතුරු සොයාගන්නට සුදුසු වෙබ් ලිපිනයක්... reduce screen time in teens
මේ තවත් එවැනි උපකාරී උපදෙස් දෙන වෙබ් අඩවි දෙකක්... healthy kids healthy future - නිරෝගී දරුවන් නිරෝගී අනාගතයක් සහ reduce screen time tools දරුවන් තිරයෙන් මුදා ගැනීමේ ක්‍රම උපායන්
ඉතින් මට සමාජයට දෙන්න පණිවිඩ බොහෝ මයි. නමුත් ලියන්නට ඇති කාල වේලාව අඩුයි. එනිසා හැකි සෑම විටම මේ ආකාරයෙන් ලියන්නට හිතා ගත්තා.

සමහර ගෙවල්වල ඔය විකාර රූප පෙට්ටිය් හැන්දෑවට කළුවර නැතිවෙන්න දාන ලයිට් එකක් වගේ. ඔහේ පත්තුවෙනවා. සමහර වෙලාවට ඔක්කොම වටවෙලා කුනුවෙච්චි, තුට්ටු දෙකේ ඉන්දියන් කතා හෝ ඒ ආකෘතියට කෑලි ගානට ගහන 'නාට්ටි කෑලි' බලනවා.
ReplyDeleteදෙමව්පියන් නූගත් විදිහට ළමයින්ගේ බුද්ධි වර්ධනය ගැන සොයා නොබලන්නේ සමාජයේ පහල ස්ථර වල පමණක් නොවේ. බුද්ධිමත් යයි අප සිතන සැලකියයුතු තරම් පවුල් ගණනක දෙමව්පියන් ක්‍රියාකරන්නේ අඳබාලයන් වගේ.
අපේ රටේ රුපවාහිනී විශේෂයෙන්ම අපේ බුදු මුදලින් නඩත්තු වෙන රජයේ රුපවාහිනී නම් අප්‍රසන්නයි.
ReplyDeleteළමයින්ට හොදින්ම අධ්‍යාපනය දෙන රුපවාහිනී නාලිකාව ලෙස මම නම් දකින්නේ ජපානයේ NHK E නාලිකාවයි. රටක අධ්‍යාපන පරතිසන්සකරන ඇති කරන්න ඕනේ රටේ සමාජයේ ඇති ප්‍රශ්න සැලකිල්ලට ගෙන මිසක් මිනිස්සු විකුනන්නම නොවෙයි. කවුරු කොහොම කිව්වුවත් අපේ රටේ උපාධිදැරී වෘත්තිකයන්ගේ පවා ආකල්ප හරිම පහල මට්ටමක තිබෙන්නේ. යම් සේවයක් කර දුන්නම ස්තුතියි කියන්න වරදක් වුනාම සමාවෙන්න කියන්න තරම්වත් වුවමනාවක් නෑ. ඒවා පොඩි කලේ ඉදලම අධ්‍යාපනයෙන් හදන්න ඕනේ දේවල්. රුපවාහිනී අධ්‍යාපන වැඩසටහන් හදන්න NHK E හොද ආකෘතියක් බව මම හිතන්නේ. සමාජයේ ඉහල සිට පහල දක්වා මේ තිබෙන ඉච්ඡාභංගත්වය නැති කරන්න නම් පෙරපාසල් ගුරුවරු සිට ජේෂ්ඨ මහාචාර්යවරයා දක්වා සියලුම ගුරුවරු ඉගැන්වීම ගැන ආකල්ප වෙනස් කරගැනීමට අවශ්‍යයි.
ලියන්න දුවේ! අවිවේකී වුවත් ඔය වගේ ලිවීමේ ශක්තිය ඇති කෙනෙකුගෙන් සමාජයට වන යහපත සුළු නැහැ ඔයා ගේ දෙමාපියන් හා ගුරුවරුන් ට පින්! ළඟදී සිට ඔබව කියවනවා.
ReplyDeleteමේ වගේ 'ඩොක්ටර් ඇන්ටි'ලා ඉන්නවනම් අපිත් පොඩි කාලේ කැමැත්තෙන් ඉස්පිරිතාල වල නවතිනවා.. :)
ReplyDeleteTV, ස්මාර්ට් ෆෝන් ඇතුළු ස්ක්‍රීන් බුතයින්ගෙන් ළමුන් මුදවා ගැනීම සඳහා ජාතික මට්ටමේ පුළුල් සමාජ දැනුවත්කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කල යුතුයි. ළමුන්ටත් වඩා දෙමව්පියන්.. වෛද්‍යවරුන්ගේ සහාය ලබා දෙන්න පුලුවන්නම් නෙලුම්යාය හරහා පාසල්වල මෙවැනි වැඩමුළු සංවිධානය කරන්න පුළුවන් වෙයි.
දුප්පත්කම එක ගැටලුවක්.. මාධ්‍යවලින් ළමයින්ගෙ ඔළු විකෘති කරන එක ඊට වඩා අන්ත ගැටලුවක්.මට තියෙන බය ඔය වස්සානේ ප්‍රේමයයි,මේ ආදරයයි ඇතුළු නානාප්‍රකාර වසංගත බලලා හැදෙන පරම්පරාව දවසක මේ රටේ වැඩිහිටියන් වෙන බව මතක් වෙනකොට.උන් පුංචි කාලෙ ඉඳන් ටීවී එකෙන් දකින්නෙ ගෘහස්ථ හිංසනයයි,බීගත්ත මිනිස්සුයි,අනියම් සම්බන්ධතාවල පැටලෙන ගෑණු මිනිස්සුන්වයි..
ReplyDeleteදුප්පත් කමට වඩා දෙමව්පියන්ගේ නුගත් කම මේකට හේතු වෙනවා මම නම් හිතන්නේ.. හොඳ නරක මොකක් ද කියල අම්මලට තේරුම් ගන්න බැරි වුනාම ළමයි මේ වගේ අනාථ වෙනවා කියලයි මට හිතෙන්නේ... අම්මල ෆෝන් එකට පිස්සු වැටිල, නාට්ටි ටිකට පිස්සු වැටුනට පස්සේ ළමයි ගැන කවර කතා ද.. දුප්පත් පොහොසත් බේදයක් නෙවෙයි නේද එතන තියෙන්නේ..
ReplyDeleteළමයින් ව තාක්ෂණයෙන් ඈත් කරන්න හදන එක තේරුමක් නැති දෙයක්.. අපි පොත් කියෙව්වට දැන් ඉන්න අයට පොතට වඩා සමහරවිට ඊ-බුක් නැත්නම් , ඔය කතන්දර කියන පොඩි පොඩි apps වගේ දේවල් වලට කැමතියි...
තාක්ෂණයෙන් ඈත් කිරීමම නෙමෙයි. වැඩි වෙලාවක් ඒවාට යෙදවීම නිසා සිදුවන මානසික මෙන්ම කායික හානිය වැඩියි. මං හිතන්නේ අවශ්‍ය වයසට ඒවා ලබා දීම කමක් නෑ..
Deleteඉස්සෙල්ලම ඔය දවස් හතම ළමයින් ටියුෂන් යැවීම නතර කරන්න කිව්වා නම් හොඳ නැත්ද? සෙල්ලම් කරනන්වත් වෙලාව නැති ළමයි කොච්චරද.අපේ දුව ගිය ළඳරු පාසල් ගුරුතුමිය දවසක් අන්නාසි හැදෙන්නේ උස ගස් වල කියල. අපේ දුව කිවලු නැහැ පොඩි තැන පලයක් වගේ එකක මද කියල. ටීචර් පුදුම වෙලා ඔයා කොහොමද දන්නේ කිව්වහම. අපේ තාත්තා ලංකාවට ගිය වෙලේ මාමගේ ගේ පිටිපස්සේ හැදෙන අන්නාසි පඳුරු ගොඩක් පෙන්නුවා කිවලු. පස්සේ ගුරුතුමියම ගූගල් කරලා බලල.
ReplyDeleteමේ රටේ ළමයිනුත් හුඟක් ඇස් කණ්නාඩි දානවා . නැගෙනහිර ආසියානුන් කොහොමත් කණ්නාඩි දානවා වැඩියි. ඒ මදිවට ඉතින් මේගොල්ලෝ පාරේ යන්නෙත් ෆෝන් එකේ ඇහැ අලවන් කණේ ඇබ ගහල. බයිසිකලේ බෙල් එක එක පාරක් ගහල නම් මදි. කොහෙත් තියෙන ප්‍රශ්ණයක් ඕක. කරන්න වෙන වැඩ ඇත්නම් ළමයි ඕවට ඇබ්බැහි වෙන්නෙම නැහැ. අමාරුයි තමයි . ඒවගේ ආකර්ෂණය වැඩියි. සම්පුර්ණයෙන් අයින් කරන්න බැහැ . ඉගෙන ගන්නත් ඕක ඕනනේ.
ReplyDeleteඑළියේ පහලියේ සෙල්ලම් කරන්න යවන්නත් දැන් ළමයින්ට ඉඩ කඩ මදි. අනික ඉස්සර වගේ නෙමේ. කියකින් ආරක්ෂා වෙන්නද. එක අතකට පර්චස් තුන හතරේ තමන්ගේ කියල ඉඩමක හිර වෙනවට වඩා මේ රටවල වගේ තට්ටු නිවාස සංකීර්ණ හොඳයි. පොඩියට හරි සෙල්ලම් කරන්න තැනක් තියෙන. අර කවුද මේ මැතිවරණෙට කලිනුත් එහෙම ගෙවල් හදන්න පොරොන්දු වුනා නේ ද .
ගෙවල් ඇතුලේ නම් ඉතින් චිත්‍ර අඳින්න හරි අත්කම් වැඩ වලට හරි ඉඩ පහසුකම් සැපයීම වගේ විසඳුම් තමයි.
එළියට යවලා නම් බලන්නේ නැතුව ඉන්න බෑ අක්කා මෙහෙත් මානසික රෝගීන් අපචාර වල යෙදෙන්නෝ බොහොමයි නේ.. ඔය තාක්ෂනේ හැටි එහෙමම නේ. පොඩි දරුවාගේ ඉඳන් ඒවට හුරුවෙලා.
Deleteදැන් ඉන්න පරම්පරාව ළමයින් විදිහට දකින්න අපේ වැඩිහිටියෝ සූදානම් නැතිකමයි ගැටලුව.... උන්ට ළමයින්ට විදිහට සැලකුවානං ළමා කාලයක් උන්ටත් ලැබේවි.......
ReplyDeleteඅදයි මේ පැත්තේ ආවෙ . ගිම්මි තමයි පාර කිව්වේ .
ReplyDeleteමටත් පුංචි අත්දැකීමක් මතක් වුණා මේ ලිපිය කියෙව්වම . දවසක් වාට්ටුවක හිටි පුංචි පැටියෙකුට අපි කිව්වා සින්දුවක් කියන්න කියලා. ඔහු කළේ තම මාමාගේ ජංගම දුරකතනය අතට ගෙන එහි වූ ඔහුගේ කුඩා වයසට තරම් නොවන ගීතයක් වාදනය කර පෙන්වීමයි.
බොහොම වටිනා ලිපියක් . ස්තුතියි ලිපිය වෙනුවෙන් ....
Great blog. Started reading today. Best wishes.
ReplyDeleteමම ඔබව කියවන ගොඩක් කල් ඉදල, හැබැයි අද තමයි ලියන්නේ... හොයාගෙන ඇවිත් කියවන්න තරන් කියවන්න දේවලුත්, කියවන්න අසා හිතෙන විදහට ලියන්න ඔබට තියන හැකියාවත් ලියන සංවේදී සිදුවීම් නිසත් ලොකු කැමත්තකින් කියවන්නේ මම. මෙන්න මේ ලින්ක් 2න් වැඩක් තියේවිද බලන්න.
ReplyDeletehttp://raisingchildren.net.au/babies/babies.html
http://raisingchildren.net.au/preschoolers/preschoolers.html
ළමා කාලයේ පාසැල් පොත පතින් පරිබාහිර දෑ කියවීම හා අනෙකුත් ක්‍රියාකාරකම් වලට නැඹුරු කර යුතුය. අද රටේ පවතින අඩ්‍යාපන ක්‍රමය හා අඩ්‍යාපන මොඩලය මෙය කරන්න අවකාෂයක් දෙන්නේ නැහැ.
ReplyDeleteපහතින් සඳහන් කරන්නේ මගේ බ්ලොග් එකේ 15-05-2010 මා කළ සටහනක්:
2001 වසරේ ඉන්දියාවෙදී මට හමුවුනා ජර්මන් ජාතික මනෝවෛද්‍යවරියක්. ඇගේ අදහස අනුව බීරළු ගෙතීම මානසික හා කායීක සෞඛ්‍යය (mental and physical health) සම්බන්දව ඉතා අගේ සේවයක් ඉටු කරන්න සමත්. මෙ වියුමෙ සූක්ෂමතාවය හා නිර්මාණ හැකියාව යොදාගෙන තරුණ අය හැඩගැස්සීමෙ හැකියාව ඇය ලස්සනට ගෙනහැර දැක්වූවා. අගේ මතය අනුව මුදල් උපයන මාර්ගයක් ලෙස නෙවුවත් විනෝදාංශයක් (pass time) සේ මෙ කලාව ඉගෙනීම තරුණියන්ට ජීවිත ජයගන්න උපකාරි වෙන්න පුලුවනි.
මේ ඒ ගැන 2016 මාර්තුවේ පළ වූ අලුත්ම වාර්තාවක්:
http://startingchain.com/six-health-benefits-of-knitting-and-crochet-that-will-surprise-you/
වැදගත් කරුණු ගොඩක්. ඔය වාට්ටුවල පුස්තකාලනම් වාට්ටුවෙ අයම උනන්දු කෙරෙව්වොත් තමා කෙරෙන්නෙ. වාට්ටුවෙ අයත් පොත් නැති වෙයි කියන බයට නිකං හිටියොත් ඉවරයි.
ReplyDeleteමෙහෙ වාට්ටුවට එන සමහර අම්මල කැමතිම නෑ ගෙදර යන්න. ඩොක්ටර්ස්ල කියනව, ඒ අයගෙ ගෙවල්වල ෂිෆ්ට් එකටලු නිදියන්නෙ. මෙහෙ ආවහම ඊට වඩා හොඳ නිසාලු මොනව හරි කියාගන ඉස්පිරිතාලෙ නවතින්න හදන්නෙ
දැන් කාලෙ ළමයින්ට වටපිටාව ඉතාම නරකයි කියලයි මගෙ හැඟීම. ඉතින් වටපිටාව හදන එක දෙමාපියන්ගෙ වගකීම.
ReplyDeleteඉලෙක්ට්‍රොනික උපකරණ කුඩාම ළමුන්ට දෙන එක අඩු කළ යුතුයි කියන එක මමත් ඉහළින්ම පිළිගන්න දෙයක්.
මඩ, ගල්, වැලි, ගස්, කොළ එක්ක සෙල්ලම් කරන්න නම් දැන් කාලෙ දෙන එක ටිකක් ගැටලුසහගතයි ගොඩක් අයට තමන් ඉන්න පරිසරයක් එක්ක. එක්කො වටේම කොන්ක්‍රීට්. එක්කො විශබීජ.
පිටත පරිසරයට කුඩාම දරුවන්ගෙ තිබෙන සම්බන්ධ්යත් දැන් කාලෙ ගොඩක් අඩුයි.
මමත් දැන් මාස 3ක බිළිඳෙකුගෙ පියෙක්. මමත් පුළුවන් තරම් උත්සාහ කරන්නෙ ඔබ කිව් ආකාරයට යම් ප්‍රමාණයක හරි දෙයක් කරන්න. තව ඉදිරියට තමා. මා අවට එසේ කළ හැකි පරිසරයකුත් තිබෙන නිසා පහසුයි.
බලමු.
ලිපිය වටිනවා.