Saturday, September 25, 2010

The bitterness in life

It takes lots of courage to face life as it comes. many of us tend to struggle towards the harder aspects seeking complex pathways , when the beaten path is just around the corner. Some never show their miseries and down falls.
The only path to happiness is to accept life as it comes. this I've realized after so many years of living.

යමකට හෝ දෙයකට ඇලෙන්නේ ගැටෙන්නේ බැඳෙන්නේ නැතුව ජීවත් විය හැකිනම් අපේ හිත් වලට දැනෙන මේ සංකා සෝ තැවුල් කිසිවක් නැතිවේවි. ඒත් එක්කම සතුට හිනාව සොම්නස මේවාත් නැති වේවි නේද ? මතුපිටින් පෙනෙනවාට වඩා බොහෝ දෑ ජිවිත වල පතුලේ සටහන් වී තිබෙනවා. නමුත් අපට පෙනෙන්නේ ... පෙනෙන්නට එළියට දමන දෑ පමණි. "ඔයාට මොනවාද තියෙන ප්‍රශ්ණ, අපටනේ ප්‍රශ්ණ තියෙන්නේ " යැයි කියන්නට කලියෙන් "මම තමයි ජීවිතේ වැඩියෙන්ම දුක් විඳලා තියෙන්නේ, මම තරම් පීඩිත වෙන කෙනෙක් නෑ" හිතන්නට කලියෙන් සිතන්න මේ වාගෙම හැමෝටම සිතෙන බව. නමුත් හැමෝම එක වාගේ ඒවා පෙන්වන්නේ නැති බව.

ජීවිතේ වෙනස් වෙන්නේ අපටත් නොදැනීම. කොයිතරම් යථාර්තවාදීව ජීවත් වෙන්නට සිදු වූවත් අපට සමහර විට අපේ අදහස් එක්කම ගැටෙන්න සිදුවෙනවා. බොහෝ කල් බලා හිඳ හිතට දැනුනු ලෙංගතුකම හිතටත් නොදැනීම හිත පතුලේම පැල පදියම් වෙලා. අපට දැනෙන අයුරින් ඒ විඳීම් එලෙසම අනෙක් අයටත් නොදැනෙන එකම තමයි මේ ජීවිතයේ ඇති අරුමය. මේ ගැටුම් වියවුල් සියල්ල එනිසා නොවේදැයි මට සිතේ. ජීවිතය කොයිතරම් දුක්බර වුනත් වාට්ටුවෙන් ටිකට් කපාගෙන යන රෝගීන්ගේ මුවින් ඇසෙන පැසසුම් සහ සැනසුම් වදන් පහන් හැඟුම් සමුදායක් ඇති කරනවා. දැන් දැන් සිංහල රෝගීන් බොහෝමයක් රෝහලට පැමිණෙනවා. අහනකොට කියන්නේ මෙහෙ දැන් හොඳයි සිංහල වෛද්‍යවරුන් බොහෝමයක් සිටින බවත් මෙහි සියලු පහසුකම් ලැබෙන බවත් හැම අතරම පැතිරෙන බව ඔවුන් අපට කීවා.
මෙහි පැමිණෙන බොහෝ දෙනෙක් නීරක්තියෙන් පෙලෙනවා. මෙයට බොහෝ හේතු තිබුනත් ප්‍රධාන හේතුව වන්නේ යකඩ ඌණතාවයි. පෝෂණය සහිත කෑම වේලක් ගන්න යැයි කීවාට ඔවුන්ගේ ප්‍රශ්ණ කන්දරාවත් සමග පෝෂණය සොය සොයා කෑම කන්න බැරි බව නොදන්නවා නොවේ. නීරක්තිය නිර්ණය කල සෑම රෝගියෙක්ටම හිමෝග්ලොබින් මට්ටම පහත් සාමාන්‍ය අගයට ගන්නකම්ම රුධිර පාරවිලනය කරන අතර ඖෂධ ද ඒ සමගම දෙනවා. එසේ පැමිණි එක් රෝගී කතක් හත් මස් වියැති ගැබිණියක් වූ අතර ඇගේ හිමෝග්ලොබීන් මට්ටම 3.6 g/dl ලෙස සටහන් වී තිබුනා. ගෙදර තව දරුවන් දෙදෙනෙකුත් සිටින ඈ කොහොමද මෙහෙම හිටියේ යන්නයි අපිට ප්‍රශ්ණයක් වුනේ. සැමියා කුලී වැඩ කරන අතර ජීවත් වෙන්නට දැඩි සටනක නිරත වෙන ඔවුන්හට නිසි පෝෂණ ආහාර වේලක් ගැනීම ගැන උපදෙස් දීම ගඟට ඉණි කපනවා වැනි වැඩකි.

මේ දිනවල මේ ප්‍රදේශයට ඇද වැටෙන වර්ෂාව නිසා පහත් බිම් වල වතුර පිරිලා.වැස්ස කොයිතරම් සොඳුරු වුනත් වැස්සේ තෙමෙන එක කොයි තරම් සොඳුරු වුනත් , ගම් බිම් යටකරගෙන උන් හිටි තැන් අහිමි කරන එකත්, නුදුරු දිනවල ඩෙංගු වැනි වසංගත රෝග පැතිරෙන එකත් එතරම් සොඳුරු නෑ.

"I love to walk in the rain because no one can see me cry"....

වැසි වැටෙන රාත්‍රී කාලයේ උනත් කුඩයක් ඉහලගෙන චොර චොර හඬින් පෑගෙන මඩ කඩිති උඩින් පැන පැන වාට්ටුවට යන්නේ කළ යුතු කාර්‍යය ඒ අයුරින්ම කිරීමටයි. අද උදේ වාට්ටුවට ගියේ පුළුවන් කමට නොවේ. උණ හෙම්බිරිස්සාව කැස්ස නිසා ඔද්දල් වුනු ශරීරයේ හැම මාංශ පේශියක්ම ඇදුම් කද්දී , කිසිදාක සහනයක් නොලැබෙන සිතුවිලි කන්ද පාමුල හිතේ හිස්කමත් කරපින්නාගෙන කළ යුතු වැඩ කොටස ඉටු කිරීමට උදෑසන 6.55 පමණ වෙද්දි වාට්ටුවට ගියෙමි. සෑම රෝගියෙකුම පරීක්ෂාකර ඔවුන්ගේ දුක සැප විමසා ඒ අවසන මේසයට පැමිණි මට දැඩි කලාන්ත ගතියක් එනවාත් හිස මේසය මත තබනවාත් පමණි මතක. ඉන්පසු හෙදියක විසින් මා නැගිටවා ඇතුලු කාමරයේ තිබූ ඇඳට මා ගෙන ගොස් තිබිනි. පැය 2 පමණ නින්ද ගිය මට නැවත ඇහැරුනේ කෑම බීම සමග තේ සාදා ඔවුන් කතා කල හඬිනි. වෛරස් උණ රෝගය නිසා පැය 6න් 6ට පැරසිටමෝල් පෙති සමග පුළුවන් තරම් දියර වර්ග පානය කරමින් හැකි අයුරින් වාට්ටුවේ වැඩ කළෙමි. හදිසි ලෙඩුන් පැමිණි විට විතරක් මා ඇහැරවනන්ට හෙදියන් පවා සැලකිලිමත් විය. එසේ ආ එක් රෝගියෙක්ගේ නාඩි පරීක්ෂා කරද්දී "ඩොක්ටර්ට උණ නේද ?" ඇය ඇසු විට හෙදියන්ට පවා සිනහා පහළ විය. අනෙක් වෛද්‍යවරිය පැමිණෙන තෙක් මා වාට්ටුවේම රැඳුනෙමි.

Sunday, September 19, 2010

ඉර හඳ යටදී ආදරේ විඳින්න...

පපුවෙන් නැගුනු හීන් රිදුමකුත් සමග ඉර හඳ යට බැලීමි....මේ චිත්‍රපටිය හදවතට සමීප වෙන්නේ කුඩා කළ සිට අත්විඳි යුද්ධයත් සමග මානව සබඳතාවන් උපරිමයෙන් පුරුද්දා අප හිත් අපටම මොහොතකට නැති කරන නිසාවෙනි. සියල්ල අහිමිවූවත් මානව දයාවෙන් අනෙකා දිහා බලන්නට පුළුවන් වීම කොයිතරම් උතුම්දැයි මට සිතේ... ඒ ආශ්‍රිත පෙදෙස් අප සිටිනා මේ ප්‍රධාන රෝහලට නුදිරින් තිබේ. මීට අවුරුදු එකහමාරකට කලින් මේ පෙදෙස් වලින් ඇසුනේ වෙඩි හඬයි, බෝම්බ පුපුරණ හඬයි පමණයි. එවන් හඬක් දැන් මේ පෙදෙස්වලින් බොහෝ කලකින් ඇසුනේ නැත... මතුවට ඇසෙන්නේද නැත. මෙම ප්‍රදේශවල ජනයා ජීවිත බියක් නොමැතිව දැන් නම් සැනසිල්ලෙන් වෙසෙයි. චිත්‍රපටය පුරා ලියැවී ඇත්තේ ආදරය මනුස්සකම කැටිවූ දයාබරත්වයයි. කාලකන්ණි යුද්ධය විසින් ඔද්දල් කරන ලද මිනිස් ජීවිත ... ඒ විඳි තරමක් දුක් කිසි දිනක අමතක නොවන බවනම් සැබැවි. ගින්න නිවා දැමිය හැක. එහෙත් ඒනිසා ඇතිවූ දැලි පැල්ලම් නැතිවන්නට බොහෝ කල් ගත වෙනු ඇත...

මුහුණින් පෙනෙන සිනහවට යටින් දුක්ඛ දෝමනස්සයන් බිලියන ගනනින් පොදි ගැසී ඇත. වෙනස ඇත්තේ හැමෝම තම ජීවිතවල කරදර දුක් අනෙකාට නොපෙන්වන නිසාය. මට හමුවෙන නොදත් මිනිසුන් බොහෝමයකගේ මුහුණු පුරා නිරන්තරයෙන් ඇඳී තිබෙන්නේ දුක පමණි. සිනහවක් නොමැති මුහුණු වල ඇත්තේ වෙහෙසකර බවකි..වයස්ගත වෙනතුරු ජීවිතයේ දුකම විඳපු මේ මිනිස්සුන්ගෙන් ඊට වඩා යමක් බලාපොරොත්තු වීමද කළ නොහැකිය.

දියවැඩියාව වැළඳී ඇති එක් කාන්තාවකට ඉන්සියුලින් ඉන්ජෙක්ෂන් ගැසීම ගැන උපදෙස් දෙමින් සිටියදී... ඇගේ ගෙදර ඉන්සියුලින් ගබඩා කිරීමට ශීතකරණයක් නැති බව පැවසුවාය. එහෙනම් අල්ලපු ගෙදරක ශීතකරණයක තබන්න යැයි කීවෙමු. ඒ ගමටම විදුලිය නොමැති බව ඈ පැවසුවාය. දරුවන් 6 දෙනෙකු සිටින ඔවුන්ගේ ආර්ථික මට්ටම ඉතා පහත් අඩියක පැවතිනි. ළඟම තිබෙන රෝහල වූයේද බොහෝ දුරකිනි. අප රෝහල ඇත්තේ ඊටත් බොහෝ දුරකිනි. ශීතකරණයක් ගන්නවාට වඩා සෑහෙන විශාල ප්‍රශ්න ඔවුන්ගේ ජීවිත පුරා ලියැවී තිබුන නිසා ඇගේ ගම ළඟම ඇති සෞඛ්‍ය සේවා කාර් යාලයට ඇගේ ප්‍රශ්ණය පිළිබඳව ලියා දන්වා ඇයට නිසි ප්‍රතිකර්මයක් කරගැනීමට සුදුසු ක්‍රියාපිළිවෙලක් සකස් කරන ලෙස ඉල්ලූයෙමි. පරීක්ෂා කරන බොහෝ දෙනෙකුගේ ඇඟ කොහේ හෝ ෂෙල් කැබලි වැදී තුවාල සහිතය. පැරණි සායනික සටහන් නැති වී ගොසිනි. ඒවා ගෙන ආවේ නැත්තේ ඇයිද ? ඒවාට සිදුවූයේ කුමක්දැයි විමසද්දී ගලන්නේ කඳුළු ගංගාවකි.... ඒ මෙකොණ ජීවිත වෙනස් වූ තරමය. ඉර හඳ යට තුලින් මා දුටුවේද ඒ ජීවිත ගංගාවෙහිම එක් පැතිකඩකි.

මේ ගීය ඉර හඳ යට චිත්‍රපටයෙනි. සදාකාලික වූ කිසිම දෙයක් නොමැති බව නොවැටහෙන ඇතැමුන් කල් ගෙවන්නේ සදහටම ජීවත් වෙන්නේ යැයි සිතමිනි. අප මිය ගිය පසු අපි මේ අපේ යැයි එක් රැස් කරගන්නා කිසිවකින් අපට පලක් නොවනු ඇත. සංසාරය පුරාවට ගොඩ ගැසී ඇති සබඳතා නොයෙක් වර නොයෙක් ආකාරයෙන් මතුවේ. හිතේ විශ්මය නම් ඒ සියල්ල සංවේදී සිත් සතන් ඇති අප ජීවිතය පුරාවට විඳින හෙයිනි.
මතුපිටින් දකින්නාවූ හැඟීම් දැනීම් පමණකින් අප කවුරුන්දැයි විග්‍රහ කිරීම කල නොහැකිය. සමහර අය බොහෝ දෑ සිතේ ගොනු කරගෙන වෙනස්ම වූ ප්‍රතිරූපයක් අන් අය වෙත මවා පායි. සමහරුන් හිතේ මතුවන සියල්ල ඒ ආකාරයෙන්ම පිට කරයි. සැවොම එකිනෙකාට වෙනස්ම වූ සිතුවිලි, විඳීම් සහ දැනීම් සමග පොරබදන මේ ඉර හඳ යට දී ආදරේ පමණක්ම විඳින්න හැකිනම් ලොව කෙතරම් සොඳුරු තැනක් වෙනු ඇතිද ?




තුති ගීතිකාවක බැතිය මවන පවනේ කිතියෙන්

මේ නෙත් උළෙලට එන්න
ඇතුල් හිතේ තියෙන රෝස කැකුළු වර්ෂා අස්සෙන් එන්න… එන්න
අහසේ පැල් බැඳ සදා බලා හිඳිනා ….
මේ ඉර හඳ යටදීම ආදරේ විඳින්න

ජීවිතේ විඳින්න…
ආවේ කොහෙන්ද
ඉන්නේ කොතැනද
මෙහි කවුරුවත් නෑ අහන්න
නොසිතූ මොහොතක මියයන්නට පෙර මේ හමුවීමම කොයිතරම්ම උතුම්ද
තෙත් සමණල් පෙල පාළියේ එන්න
මේ ඉරහඳ යටදීම ආදරේ කරන්න ජීවිතේ දකින්න…

ආවේ තනියම…
යන්නේ තනියම…
එනමුදු තනි කවුරුන්ද…
සුසුමට වැඩියෙන් සමීප වන්නට ,…මේ ළංවීමේ වෙන්වීමක් කොයින්ද
මේ මානව සුවඳේ ගිලෙන්න… මේ ඉර හඳ යටදීම ආදරේ කියන්න …
ජීවිතේ හොයන්න…

song - Ira handa yata sinhala movie
composed by - Nadeeka guruge

Wednesday, September 15, 2010

The bitterness in life

It takes lots of courage to face life as it comes. many of us tend to struggle towards the harder aspects seeking complex pathways , when the beaten path is just around the corner. Some never show their miseries and down falls. even though there are heaps of sadness and sorrow, zillion reasons to be grumpy, I never can make my smile fade away. nevertheless I hide all the dark , sad emotional troll-pops deep within me so no one else gets disturbed. I guess that's why people say there's so much of light and shine in my life. Simply because the darkest parts are always invisible.
The only path to happiness is to accept life as it comes. this I've realized after so much of heartaches and heart breaks.

යමකට හෝ දෙයකට ඇලෙන්නේ ගැටෙන්නේ බැඳෙන්නේ නැතුව ජීවත් විය හැකිනම් අපේ හිත් වලට දැනෙන මේ සංකා සෝ තැවුල් කිසිවක් නැතිවේවි. ඒත් එක්කම සතුට හිනාව සොම්නස මේවාත් නැති වේවි නේද ? මතුපිටින් පෙනෙනවාට වඩා බොහෝ දෑ ජිවිත වල පතුලේ සටහන් වී තිබෙනවා. නමුත් අපට පෙනෙන්නේ ... පෙනෙන්නට එළියට දමන දෑ පමණි. "ඔයාට මොනවාද තියෙන ප්‍රශ්ණ, අපටනේ ප්‍රශ්ණ තියෙන්නේ " යැයි කියන්නට කලියෙන් "මම තමයි ජීවිතේ වැඩියෙන්ම දුක් විඳලා තියෙන්නේ, මම තරම් පීඩිත වෙන කෙනෙක් නෑ" හිතන්නට කලියෙන් සිතන්න මේ වාගෙම හැමෝටම සිතෙන බව. නමුත් හැමෝම එක වාගේ ඒවා පෙන්වන්නේ නැති බව.

ජීවිතේ වෙනස් වෙන්නේ අපටත් නොදැනීම. කොයිතරම් යථාර්තවාදීව ජීවත් වෙන්නට සිදු වූවත් අපට සමහර විට අපේ අදහස් එක්කම ගැටෙන්න සිදුවෙනවා. බොහෝ කල් බලා හිඳ හිතට දැනුනු ලෙංගතුකම හිතටත් නොදැනීම හිත පතුලේම පැල පදියම් වෙලා. අපට දැනෙන අයුරින් ඒ විඳීම් එලෙසම අනෙක් අයටත් නොදැනෙන එකම තමයි මේ ජීවිතයේ ඇති අරුමය. මේ ගැටුම් වියවුල් සියල්ල එනිසා නොවේදැයි මට සිතේ. ජීවිතය කොයිතරම් දුක්බර වුනත් වාට්ටුවෙන් ටිකට් කපාගෙන යන රෝගීන්ගේ මුවින් ඇසෙන පැසසුම් සහ සැනසුම් වදන් පහන් හැඟුම් සමුදායක් ඇති කරනවා. දැන් දැන් සිංහල රෝගීන් බොහෝමයක් රෝහලට පැමිණෙනවා. අහනකොට කියන්නේ මෙහෙ දැන් හොඳයි සිංහල වෛද්‍යවරුන් බොහෝමයක් සිටින බවත් මෙහි සියලු පහසුකම් ලැබෙන බවත් හැම අතරම පැතිරෙන බව ඔවුන් අපට කීවා.
මෙහි පැමිණෙන බොහෝ දෙනෙක් නීරක්තියෙන් පෙලෙනවා. මෙයට බොහෝ හේතු තිබුනත් ප්‍රධාන හේතුව වන්නේ යකඩ ඌණතාවයි. පෝෂණය සහිත කෑම වේලක් ගන්න යැයි කීවාට ඔවුන්ගේ ප්‍රශ්ණ කන්දරාවත් සමග පෝෂණය සොය සොයා කෑම කන්න බැරි බව නොදන්නවා නොවේ. නීරක්තිය නිර්ණය කල සෑම රෝගියෙක්ටම හිමෝග්ලොබින් මට්ටම පහත් සාමාන්‍ය අගයට ගන්නකම්ම රුධිර පාරවිලනය කරන අතර ඖෂධ ද ඒ සමගම දෙනවා. එසේ පැමිණි එක් රෝගී කතක් හත් මස් වියැති ගැබිණියක් වූ අතර ඇගේ හිමෝග්ලොබීන් මට්ටම 3.6 g/dl ලෙස සටහන් වී තිබුනා. ගෙදර තව දරුවන් දෙදෙනෙකුත් සිටින ඈ කොහොමද මෙහෙම හිටියේ යන්නයි අපිට ප්‍රශ්ණයක් වුනේ. සැමියා කුලී වැඩ කරන අතර ජීවත් වෙන්නට දැඩි සටනක නිරත වෙන ඔවුන්හට නිසි පෝෂණ ආහාර වේලක් ගැනීම ගැන උපදෙස් දීම ගඟට ඉණි කපනවා වැනි වැඩකි.

මේ දිනවල මේ ප්‍රදේශයට ඇද වැටෙන වර්ෂාව නිසා පහත් බිම් වල වතුර පිරිලා.වැස්ස කොයිතරම් සොඳුරු වුනත් වැස්සේ තෙමෙන එක කොයි තරම් සොඳුරු වුනත් , ගම් බිම් යටකරගෙන උන් හිටි තැන් අහිමි කරන එකත්, නුදුරු දිනවල ඩෙංගු වැනි වසංගත රෝග පැතිරෙන එකත් එතරම් සොඳුරු නෑ.

"I love to walk in the rain because no one can see me cry"....

වැසි වැටෙන රාත්‍රී කාලයේ උනත් කුඩයක් ඉහලගෙන චොර චොර හඬින් පෑගෙන මඩ කඩිති උඩින් පැන පැන වාට්ටුවට යන්නේ කළ යුතු කාර්‍යය ඒ අයුරින්ම කිරීමටයි. අද උදේ වාට්ටුවට ගියේ පුළුවන් කමට නොවේ. උණ හෙම්බිරිස්සාව කැස්ස නිසා ඔද්දල් වුනු ශරීරයේ හැම මාංශ පේශියක්ම ඇදුම් කද්දී , කිසිදාක සහනයක් නොලැබෙන සිතුවිලි කන්ද පාමුල හිතේ හිස්කමත් කරපින්නාගෙන කළ යුතු වැඩ කොටස ඉටු කිරීමට උදෑසන 6.55 පමණ වෙද්දි වාට්ටුවට ගියෙමි. සෑම රෝගියෙකුම පරීක්ෂාකර ඔවුන්ගේ දුක සැප විමසා ඒ අවසන මේසයට පැමිණි මට දැඩි කලාන්ත ගතියක් එනවාත් හිස මේසය මත තබනවාත් පමණි මතක. ඉන්පසු හෙදියක විසින් මා නැගිටවා ඇතුලු කාමරයේ තිබූ ඇඳට මා ගෙන ගොස් තිබිනි. පැය 2 පමණ නින්ද ගිය මට නැවත ඇහැරුනේ කෑම බීම සමග තේ සාදා ඔවුන් කතා කල හඬිනි. වෛරස් උණ රෝගය නිසා පැය 6න් 6ට පැරසිටමෝල් පෙති සමග පුළුවන් තරම් දියර වර්ග පානය කරමින් හැකි අයුරින් වාට්ටුවේ වැඩ කළෙමි. හදිසි ලෙඩුන් පැමිණි විට විතරක් මා ඇහැරවනන්ට හෙදියන් පවා සැලකිලිමත් විය. එසේ ආ එක් රෝගියෙක්ගේ නාඩි පරීක්ෂා කරද්දී "ඩොක්ටර්ට උණ නේද ?" ඇය ඇසු විට හෙදියන්ට පවා සිනහා පහළ විය. අනෙක් වෛද්‍යවරිය පැමිණෙන තෙක් මා වාට්ටුවේම රැඳුනෙමි.

Wednesday, September 8, 2010

පුංචි විශ්මයන්....Its the heart that really matters in the end

සායනික සටහන් වලින් ඈත්වූ මොහොතක .......
සමහර විට අපට ඉතා සුළු දේවල් කියා දැනෙන ජීවිත සිදුවීම් ඇතැමෙකුගේ ජීවිත අවුල් වියවුල් කොට හානි කරන්නට තරම් විශාල වීම මොන තරම් ඛේදජනකද ? හමුවෙන දකින විඳින සියලු ජීවිත තුල ඇත්තේ අපේක්ෂා සහ බලාපොරොත්තු රාශියකි. හෙට නොව එන අවුරුදු කිහිපය ගැනම සිත සිතා සියල්ලෝ යුහුසුලුව ගමනේ යෙදෙයි. තම අරමුණු සාක්ෂාත් කර ගැනීමට අවට දහසකුත් දෙනාගේ හිත් වේදනාවට පත් කරයි. ඇතැමුන්ගේ ගමන හෙමින් නොව හැල්මේ දුවමිනි. "අපට වැඩි කාලයක් නෑ.. එනිසා අපි යන්න ඕනෙ හෙමින්" අජාන් බ්‍රහ්මවන්සෝ හාමුදුරුවන් වහන්සේගේ බණ දේශනාවල නිතර කියවෙන වදනකි. ඒත් කොහේවත් හෙමින් ගමනක් නම් නොම දැනේ.
මේ ගතවෙන්නේ ජීවිතේ හොඳම කාලයයි ඇතැමෙක් මට කියයි. ජීවිතේ හොඳ නරක සියලු දෑ සාපේක්ෂ නොවෙද... අද හොඳයැයි සිතෙන දේ හෙට නරක් වෙයි. හෙට වෙන තුරු ඉන්නත් අවැසි නෑ ඊළඟ තත්පරයම වෙනස් ය. මට වැටහෙන්නේ ඒ සාපේක්ෂ බවයි. විඳීම් සියල්ල සාපේක්ෂයි. එහි හොඳ හෝ නරක නැත ඇත්තේ විඳීම් පමණි. එතනින් එහාට ගත යුත්තක් නැත. නමුත් අපට කලාන්තරයක් පුරාවට මතක තිබෙන්නේ මේ විඳීම් පමණමයි.

රොබ් තෝමස් ගයන පුංචි විශ්මයන් little wonders ගීය මගෙ හදට සමීපයි. එය අසන අතරවාරයේ මට දැනෙන අයුරින් ඉංග්රීසි ගීයේ වචන හද බසට පෙරළෙයි. කිසිවෙකුට නොපෙනෙන්නට මේ සටහන් තියාගන්නට නොම සිතෙයි. වැල් වටාරම් ගොඩක් පමණක්ම වුනත් සොඳුරු විඳීම් ඇත්තනි මේ හද වැලපීම් ගැන කමා කරනු මැන. Its the heart that really matters in the end.



යන්න දෙන්න,…කරදර වලට
ඔබේ උරහිසෙන් එපිටට පෙරළී
යන්න ඉඩදෙන්න
ඔබ දන්නවාද …
අමාරුම හරිය දැන් අවසන්…
ඇතුල් වෙන්න ඉඩ දෙන්න
ඔබේ නිර්මලත්වය ඔබව තේරුම් කරනු ඇත
අවසානයේ අපට මතක තියෙනුයේ විඳීම් පමණකි…

අපේ ජීවිත ගොඩ නැගෙන
මේ ඇබිති හෝරාවන්
මේ සොඳුරු විශ්මයන්
දෛවයේ වෙනස්වීම් අතර
කාලය ගෙවී යයි
ඒත් මේ ඇබිති හෝරාවන්
මේ සොඳුරු නිමේෂයන්
තවමත් පවතී

දුක් කරදර සියල්ලට
ලිස්සා යන්න ඉඩදෙන්න
ඉදිරියට ඔබ යන්න ඒවා පසුකර
සොඳුරු විශ්මයන්ගේ දීප්තියෙන් පැහැබරව
දැනෙන තුරු ඔබට ජීවිතය
කම් නැත මට හිඳින්නට පුළුවන්
ඔබේ නැවතුම මා නම්
හැමදේම හරියාවි
මන්ද
අවසානයේ වැදගත් “හදවත” පමණක්ම නිසා
සියල්ලටම වඩා විශාල සෙනෙහස පමණක් නිසා

සේදී වියැකී යන
පසුතැවිලි වීම් අතර
මේ විඳීම් පමණක්
මතකයේ රැඳෙනු ඇත
එහෙත්,
මේ පුංචි විශ්මයන්
මේ ඇබිති හෝරාවන්
තවමත් පවතී…

Thursday, September 2, 2010

Change is in you...

Some funny folks that I met recently wanted to know my future plans... as if I have some sort of a "dasa avurudu salasma" for my life.

I've got no plans or hopes about anything. Our lives are so uncertain and unpredictable....
Ive forgotten the past ..... with so much of hardship Ive learned to let go of the past. what ever happened has happened for some reason with no chances of us to undo or change them. Let it be....
I dont dream about the future.. living in the present and treasuring this moment, this second seems sensible to me than living with many hopes desires and mundane plans which would bring a tear at the end....
Many of us dont realize the simple fact that nothing's permanent in this ever changing world.
I do get disturbed often with all the efforts of living an non-attained life. When ever disappointment come my way I just take a deep breath in and think that " this too will pass"
Every night when I come back from the ward I take a quick glance to see my patients sleeping peacefully... which is something rare to be seen.
Yesterday, 2 teenage girls aged 14 and 15 were sent in by the police for they have been reported being abused by some 22 year old man who was the older ones husband. They were not legally married but living together cause the girl's under age and she was 4 weeks pregnant. Their mother who was a home guard was killed by the terrorists last year during the crisis period. Their father left them when they were small. Having no one to take care of them they have been living with a "loku amma" who has taken all their jewelery and have supported them living with an older man and at the same time reported to police about them. I was confused and rather distorted after hearing their story. I asked them all about their past and took a thorough history with each of them sitting either side of me. They seemed innocent and naive with not much of exposure to outer world.At the end I explained them the value of living and education. Every time I speak with them my heart aches with so much pain. Seeing how much these 2 little souls have to put up with in such a young age brought a tear to my eye.

Rumbling upon a pile of junk...
Treasuring the past long gone
Amidst the faded memories
Feeling my morning sun

Rays of hope and justice
Fleet of kisses and hugs
Among the failed invasions
The heart still beats intact

R:M