තමන් වෛද්‍යවරියක යැයි කියා ගන්නා, කොළඹ වෛද්‍ය පීඨයෙන් ඉගෙන ගත් බව කියූ ඉංග්‍රීසි හෝ සිංහල තියා වෛද්‍ය විද්‍යාවේ වචන කීපයක් හැරෙන්න මෙලෝ මගුලක් නොදන්නා තරුණියක් රෝහලට ස්ටෙතසයක් රැගෙන පැමිණ සති කිහිපයක් තිස්සේ , වෛද්‍යවරියක ලෙස රඟපෑමේ යෙදෙද්දී , වෛද්‍යවරුන් වන අපම ඇයව අල්ලා ගත් අන්දම පෙර ලිපියකින් විස්තර කළෙමි. නොකියවූ අයට ලින්ක් එක මෙන්න !
"ඔබ වෛද්‍යවරියක් බව ඔප්පු කිරීමට හැඳුනුම්පතක් තිබේද ?" අපි ඇසුවෙමු.
එවැන්නක් නැතී බව ද ගෙදර ඇතී බවද ඒ තබා ජාතික හැඳූනුම්පතව්වත් ඇය ළඟ නැති බව ඇය පවසයි. සියලූ කතා බහ දමිළ බසිනි.
එසේනම් අප ලොකු දොස්තර මහතා හමුවිමට අප සමග එනවාදැයි ඇගෙන් ඇසූ විට එයටද ඇය එකඟ වුනාය. ඇය ගේ මහා බර බෑග් එකත් රැගෙන අපි වෛද්‍ය අධිකාරී තුමා වෙත ගියෙමු, යන අතරතුර පහළ තට්ටුවේ පිහිටි හමුදා පිරිස් සිටි මේසය වෙතද මෙවැනි සැක කටයුතු කෙනෙක් රැගෙන අපි යන හෙයින් හදිස්සියක් වුනොතින් ඉක්මනින් පැමිණෙන ලෙස දැන්වූවෙමු.
"මේකේ බෝම්බ ද දන්නේ නෑ" අමාරුවෙන් ඇගේ බෑගය රැගෙන යමින් සිටි මගෙන් එය ඉල්ලාගත් අයියා පැවසුවේය.
කිසිදාක දැක නොමැති තරුණියක් වෛද්‍ය අධිකාරී තුමා වෙත රැගෙන යනවා මෙන්ම, ඇය පැන යා හැකි නිසා, ඇගේ බෑගයද ඉල්ලාගෙන ඔසවාගෙන යමින් සීටී අප ගැන මට පුදුම සිතිනි. පසුගිය කාලයේ නම් මෙවැනි කෙනෙක් දුටු පමණින් කත බස් කිරීම පවා අසලටවත් නොගොස් බියෙන් තැති ගැනීමට පුරුදු වී සිටි අපටනම් දැන් එවැනි බියක් කිසි විටෙකත් නොදැනෙයි.
ඉරිදා මධ්‍යහනද පසුවී තිබිනි, සර් එනතුරු අපට ඇය සමග රැඳෙන්නට සිදු විනි. ඒ අතර තුර අපි දිගටම ප්‍රශ්ණ කරගෙන ගියෙමු. දන්නා හඳුනන හැමටම කෝල් කරමින් , ඇය සඳහන් කළ ඇගේ නමින් මේ අවුරුදු 10 ටම එවැනි සිසුවියක් කොළඹ හෝ යාපනය විශ්ව විද්‍යාල වල ඉගෙනුම ලැබ නොමැති බව සහතික කර ගත්තෙමු. ඒ බව ඇයට කියද්දී පවා ඇය පැවසුවේ, නෑ මම කොළඹ ෆැකල්ටි එකේමයි ඉගෙන ගත්තේ. අහවල් ඉස්පිරිතාලේ ෆ්‍රී ඉන්ටර්ස් කරනවා, ෆාමටෝලොජික් නෝට් ඉල්ල ගැනීමට මෙහි ආවේ" කියමිනි. ( ඇය සඳහන් කල ෆ්‍රී ඉන්ටර්ස් යනු සීමාවාසික පත්වීම් ලැබෙන්න කලින් වෛද්‍යවරුන් හඳුන්වන නම ය pre - intern , ඇය ෆාමටොලොජික් කියා කීවේ අප pharmacology යනුවෙන් හඳුන්වන විෂය ය. ඇය මේ වචන කොහෙන් හෝ අසා කියවනා මිස දැනගෙන කියවන්නක් නොවන බව අපට වැටහිනි )
"හරි එහෙනම් අවසාන විභාගයට කරපු විෂයන් ටික කියන්නකෝ " අපේ කෙනෙක් විමසයි.
"බයෝ කෙමිස්ටි, මයික්‍රොබයොලොජි, ෆිසියොලොජි, ෆාමටොලොජික් " ඇය පැවසීය.
අප සියල්ලන්ටම මැයනම් කොහෙන් හෝ අසා දැන ගත් දෙයක් මිස කොළඹ තියා මොනම ෆැකල්ටියකවත් ඉගෙන ගෙන නොමැති බව වැටහිනි. අවසාන වසරේදී කරනු ලබන විෂයන් ඇය සඳහන් කළ ඒවා නොවේ. ඒ සියලු විෂයන් කරන්නේ පළමු වර්ෂ දෙක තුලදීය.
හරි කොළඹ ෆැකල්ටි එකේ අසවල් විෂය උගන්වන ප්‍රොෆෙසර්ගේ නම මොකද්ද?
තව කෙනෙක් ඇසුවේය. " සුසන්තිකා " ඇය පිළිතුරු දුන්නාය.
"කවුද සුසන්තිකා..... සුසන්තිකා ජයසිංහද ? " අයියා විමසුවේය.
"ඔව් ඔව් සුසන්තිකා ජයසිංහ" ඇය යුහුසුළුව පිළිතුරු දුන්නාය. ඇයට මද අස්වැසිල්ලක් දැනුනු බව මුහුණින් පෙනිනි. ඒ ඇය කියූ දෙය හරි ගියා යැයි ඇය සිතූ නිසාය. නමුත් අප නම් සිනහ නොවී සිටියේ ඉතා වැර වෑයමිනි.
"අනේ මම ගෙදර යන්න ඕනේ මම ඇත්ත කියන්නේ. මම ඩොක්ටර් කෙනෙක් තමයි. මේ මගේ ස්ටෙප් එක"
වෙද නළාව පෙන්වමින් ස්ටෙප් එක කියද්දිනම් අපිට සිනහව වලක්වාගත නොහැකි විය.
අප අසන ප්‍රශ්ණ හමුවේ තමන්ගේ බොරු හෙළි වන බව දැනගත් ඈ අඬන්නට විය.
ඉන්පසු දිගින් දිගටම අපි ඇයට පැවසුවේ ඇය වෛද්‍යවරියක නොවන බව අපට වැටහී අවසාන බවයි. එමෙන්ම ඇය සේවය කරනවායැයි කී අදාල රෝහල් වලට දුරකථනයෙන් කතා කොට දැනගත්තේ එහෙම ප්‍රී ඉන්ටර්න් කිසීවෙක් ඒවායේ වැඩ නොකරන බවයි. මේ තැනැත්තිය ඇත්ත සඟවන බව වැටහෙද්දී අප කළේ පොලිසිය වෙත බාර දීමය. එහිදී ඇගේ සත්‍ය නම් ගම් සහ විස්තර දැන ගන්නට ලැබිනි. ඒ වගේම ලොජ් වල රිසිට් , බිල්පත් බොහෝමයක් දැකගන්නට ලැබිනි. යාපනය පුස්ථකාලයෙන් සොරකම් කරන ලද ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳ මහ බරැති ඉංග්‍රීසි පොතක්ද විය. එතෙක් යන එන තැන මිනිසුන්ව මුලා කිරීමට එයද යොදාගත් බවට සැක නැත. නිරන්තරයෙන් ඇගේ දුරකතථනයට කතා කල එක අයෙක් පැවසූවේ. ඇය වෛද්‍යවරියක් බව පැවසූ බවය, ඇය බස් එකේ ගිහින් තිබුනේත් ස්ටෙතස්කෝප් එක අතේ අරගෙනය.
ඒ කතා කල පුද්ගලයා අන්තිමට විමසුවේ "ඇත්තටම එයා ඩොක්ටර් කෙනෙක්ද ?" කියායි.
වෛද්‍යවරුන්ගේ ආපන ශාලාවෙන් ආහාර ගෙන තිබුනේද ස්ටෙතස්කෝප් එකේ පිහිටෙනි. එමෙන්ම රෝහලේ ඇය සැරි සැරූ වාට්ටු ගැනද ටිකෙන් ටික රෝහල් කාර්යය මණ්ඩලයෙන් හෙළි විනි. ඇතැම් වාට්ටුවල සිටින දොස්තරලාගේ නම් ගම් විමසා ටෙලිෆෝන් නොම්මර පවා ඇය ඉල්ලාගෙන දුරකථනයට දමාගෙන තිබුනේ , අර ස්ටෙත් එක මගින් අපේ හෙදි සොයුරියන්වත් රවට්ටමිනි. ස්ටෙත් එකක් නොව උපාධි සහතිකය අතේ අරන් ආවත් පිට කෙනෙක්ට රෝහලේ වාට්ටුවල දොස්තරලාගෙ නම් ගම් හෝ දුරකථන නොම්මර නොදෙන ලෙස අපි ඔවුන්ව දැනුවත් කළෙමු
මට සිතෙන්නේ සමහර විටක ඇය මානසික රෝගයකින් පෙලෙන්නියක් විය හැකිය. සමහර විට අප නොදන්නා ජාවාරමක් ස්ටෙත් එකත් පොතත් සමග වෛද්‍යවරියක ලෙස සමාජයේ පෙනී සිටිමින් කලාද සැක නැත. එයින් අපේ සිත් වලටනම් අවිනිශ්චිත බවක් සහ බියක් ඇතුල් විනි. ඕනෑම රෝහලක මෙසේ විය හැකිය. මෙසේ රඟපා ඕනෑ තරම් ලෙඩුන් අසරණයින් මෙන්ම සමාජයේ ඕනෑම ක්ෂේත්‍රයක අය මුලා කල හැකි නොවේද ?
හරියට උපාධියක්වත් නැතිව බෙහෙත් කරන හොර වෛද්‍යවරුන් හෙවත් quacks ලා ඕනෑ තරම් ලංකාවේ හතර දිග් භාගයේ සිටිති. එවන් හොරුන් ගේ බොරු වෙදකම් නිසා ලෙඩ උත්සන්න වී අන්තිමට රජයේ රෝහල් වලට ගෙනෙන රෝගීන් ගණන විශාලය.
නළාවක් අතින් ගත් පමණින් කිසිවෙක් වෛද්‍යවරයෙකු නොවන බව මහජනයා වටහා ගත යුතුය.වෙද සිසුන් නම් සුදු කෝට් එක පිටින් එහෙ මෙහෙ පාරවල් දීගෙත් යන වග අපි දැක ඇත්තෙමු. නමුත් මා දන්නා තරමින් වෛද්‍යවරුන් කිසිවෙක් ස්ටෙත් එක බෙල්ලේ එල්ලාගෙන පාරේ ගමන් කරන්නේ නැත.
එමෙන්ම අහිංසක රෝගීන් බලන්න එන සෙනගට සත්තම දාන අතරෙම රෝහලේ වැඩකරන වෛද්‍යවරුන් කවුරුන්ද ඊළඟට අමුත්තන් දුටුවොත් කරන්නේ මොනවාද යන්න ගැන සැලකිලිමත් වෙන ලෙස අපි ආරක්ෂක මහතුන්ටද හොඳ දේශනාවක් කළෙමු. පෙර කලෙක මෙවැනි සිදුවීමක් උනානම් අප සියලු දෙනා භය බිරාන්තවෙනවා නො අනුමානය.
කොහොම උනත් තවමත් අපට තිබෙන නොවිසඳුන ප්‍රශ්ණය ඇය වෙස් වලාගෙන පැමිණියේ ඇයි යන්න යි.
ඇය නිදහස් කරන්නේ නම්, මානසික රෝග ඒකකය වෙත යොමු කරන ලෙස අපි පොලිසියෙන් ඉල්ලා සිටියෙමු. මන්ද කිසිඳු චෝදනාවක් නැත්නම් ඇය කළ රඟපෑම නිසැකවම හාරා අවුස්සා සොයා බැලිය යුතුය. එය මානසික රෝගයක් විය හැකිය.
Life, work, stress and Stories from the other end - සායනික සටහන් නොවේ, මේ ජීවිත සටහන් ගොන්නකි....
Wednesday, September 14, 2011
Tuesday, September 13, 2011
දුවන වැසි, සංඛේත වැඩ වර්ජන, සහ ග්‍රීස් යකුන් !
සුපුරුදු පරිදි යළිත් උතුරට වැසි සමය ඇරඹුනා නමුත් පෙර කල මෙන් එය එක දිගට මාස ගණන් පැවතුනේ නෑ. අකුණු සැර අධික වැහි මදිවට, නිතර විදුලි ඇණ හිටීම් , ඒ මදිවට ග්‍රීස් යකා වීසින් මේ කොණ වැසියන්ගේ ජීවිත වල විශාල කලබලයක් ඇති කර තිබුනා.
නීරන්තර වීදුලිය ඇණ හිටීම් අතර මැද මහ රෝහලේ ට්‍රාන්ස්ෆෝමරයකුත් පිපිරුවා, ඒ එක්කම ශල්‍යාගාරයක විදුලි බල්බයක් පුපුරලා සියලු ශල්‍ය කර්ම ඇණ හිටියා. ඔය ජර මර සේරම අතර තුර අපි සුපුරුදු පරිදි අපේ එදිනෙදා රෝහල් වැඩ කටයුතුත් කරගෙන ගියා. ලැප්ටොප් එකේ බැටරිය පිච්චී ලියන්නට බැරි වෙන තරමට අත කඩා දැම්මා වගේ වැඩක් වුනෙත් ඔය දවස් වලමයි. මේ විදුලි අලකලංචිය ඒකටත් හේතුවක් විය හැකියි.
ඒ දිනවල සෑම දිනකම උදෑසන අඩම් තෙට්ටම් වලට ලක්වී ගුටි කා පිහි ඇනුම් සහිතව හදිසි අනතුරු ඒකකයට ඇතූලත් කල ග්‍රීස් යකුන් බැලීමට යැයි සියල්ලෝම වැල නොකැඩී ඇදී යයි. ඔය අතර මානසික රෝගාබාද වලට ලක්වූ අයද සුලභය.
ග්‍රීස් යකුන් ගෙවල් වලට පැමිණි විට බය බිරාන්ත වී පැමිණි අයද බහුල විය.
නමුත් රෝහල් ගත වූ ග්‍රීස් යකුන්ගේ ග්‍රීස් තිබුනු බවක් නොදුටුවෙමු.
පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සටන් කල එළි බැස්සේද මේ කාලයේදීමයි. 2003 වසරේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී ඕවාට වීරුද්ධව මහා විශාල අත්සන් එකතුවක් සකස් කළ බවත් මතක් විනි. නමුත් අද රජයේ වෛද්‍යවරයෙක් ලෙස සේවය කරන අප සමහරකගේ ආකල්ප ශිෂ්‍ය අවධියට වඩා වෙනස් බව මේ ගැන නිරන්තරයෙන් කෙරෙන කතා බස් වලදී වැටහේ. සංඛේත වැඩ වර්ජනයක් පවත්වන්නට කටයුතු යෙදුනා, නමුත් එදින අප රෝහලේ සායන කිහිපයක්ම පැවැත්වෙන දිනයකි. හවස අපි කතිකා කරගත්තේ ඉතා දුර බැහැර සිට සායන වලට පැමිණෙන අපේ රෝගීන්ව අමාරුවේ දමන්නේ කෙසේද කියාය. වෛද්‍යවරුන් තවත් එපා කරවන වැඩ නොකර සායන වැඩ කටයුතු කරමූ යැයි කතාබස් කරන අතරේ එම වැඩ වර්ජනය අහෝසි කල බවට දැනුම් දුන් නිසා අපි සැනසුම් සුසුම් හෙලුවෙමු. මන්ද අවසන කරදර විඳින්නේ අන්ත අසරණ මිනිසුන් පමණක් නීසාවෙනි. රජයේ වෛද්‍යවරුන් නරුම ගති ඇති මුදල් කාක්කන් බව කියමින් තැනතැන බැණ වදින අය අප දහස් ගණනකගේ මානුෂික ක්‍රියාවන් නොදකී.
ස්ටෙතසයක් අත රැගත් හෙරක්ද ?
ඔය අතරේබොහොම විවේකීව පසුවන ඉරිදා දිනයේ උදෑසන වාට්ටු වටයෙන් (ward rounds)පසු අපි වෛද්‍යවරුන්ගේ නේවාසිකාගාරයේ සාලයේ වාඩිගෙන රූපවාහිනිය නරඹමින් සිටියෙමු. හදිසියකින් මෙන් ලොකු බෑගයක් රැගෙන පැමිණි තරුණියක් බෑගය එහි පුටුවක රඳවා අත තිබුනු වෙද නලාවත් සමග සැනකින් රෝහල් වාට්ටු දෙසට දීව ගියාය.
ඔයිට කලින් සතියක අපේ බාහිර රෝගී අංශය වෙත පැමිණි තරුණියක් , තමන් හලාවත රෝහලේ වෛද්‍යවරියක් බවද මෙහි සේවය කරන වෛද්‍යවරියක් මුණ ගැසීමට පැමිණි බවද කියමින් ලොකු කලබගෑනියක් කලාලු, සැවොම විමසිලිමත් වී ප්‍රශ්න අසද්දී රෝහලෙන් පිටවී ගොස් තිබුනා. ඉංග්‍රීසි හෝ සිංහල වචනයක්වත් නොදන්නා ඇය තමන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබා ගත් බවද පැවසුවායැයි එහි සිටි අය අප හා පැවසුවා.
එකත් එකටම මේ එම තරුණිය විය හැකියැයි සීතුනු නිසා අප කිහිප දෙනෙක් ඇය නැවත පැමිණෙන තෙක් රැඳී සිටියා. හදිසියකින් මෙන් වෙද නළාවකුත් අතේ රැගෙන මෙහි සේවය කරන වෛද්‍යවරියක් මෙන් රඟපාමින් ඇය පැමිණියාය.
"තමා කවූද ? " අපි ඉංග්‍රීසියෙන් විමසුවෙමු.
ඉංග්‍රීසි නොදන්නා බවක් ඇය කීවාය, එතැන් පටන් මම දෙමෙළෙන් ඇය හා කතා බස් කළෙමි.
" ඔබ කවුරු හරි මුණ ගැසීමට පැමිණියාද ? දැකලා පුරුදු නෑ"
ඇය පැවසුවේ "මම හලාවත රෝහලේ වෛද්‍යවරියක්. මම අහවල් කෙනා මුණ ගැහෙන්න ආවේ"
" මොන ෆැකල්ටියෙද ?" මම නැවත විමසුවෙමි.
"මම කොළඹ ෆැකල්ටියෙ. දැන් ෆ්‍රී ඉන්ටර්ස් කෙනෙක් හැටියට හලාවත වැඩ කරන්නේ"
එතැනින්ම ඇය කරන්නේ ප්‍රෝඩාවක් බව දහස් ගණන් ලෙඩුන් පැමිණෙන රෝහල් වල වැඩ කර අත්දැකීම් ඇති මට වැටහුනි. ෆ්‍රී ඉන්ටර්ස් කියා කිසිවෙක් නැත. ප්‍රී ඉන්ටර්න් (pre intern) හෙවත් වෛද්‍ය විද්‍යාල වලින් පිටව - සීමාවාසික පත්වීම ලැබෙනතුරු වෛද්‍යවරුන් හඳුන්වන කාලයයි .
"ඔබ කොළඹ වෛද්‍ය පීඨයේනම් අඩු තරමේ ඉංග්‍රීසි වචනයක් හෝ සිංහල වචනයක් දැන ගත යුතුයි. මම ඉංග්‍රීසීයෙන් දිගටම ඇගෙන ප්‍රශ්න කළෙමි. බියෙන් වෙවුලන්නට වූ ඇය, ගොත ගසමින් දෙමළෙන්ම පැවසුවේ.
"මම මේ ඉස්පිරිතාලේ ඉන්න අහවල් දොස්තරගෙන් ෆාමටෝලොජික් නෝට්ස් ඉල්ලාගන්න ආවා " යන්නට
ෆාමටෝලොජික් කියා විෂයක් අප ඉගෙන ගෙන නැත. තිබෙන්නේ ෆාමකෝලොජි හෙවත් ඖෂධවේදයයි.
මැය ලොකු ප්‍රෝඩාවක් කරමින් සියල්ලන්ම මුලා කරමින් ස්ටෙතසයක් රැගෙන මෙලෙස රෝහල් වල ඇතුලේ නිදහසේ සැරිසරමින් කරන්නේ කුමක් හෝ භයානක ක්‍රීයාවක් බව අප කිහිප දෙනාට වැටහිනී. එවිටම කොළඹ විශ්වවිද්‍යාලයේ උගත් අපේ දමිළ අයියා කෙනෙක් අපේ දුරකථන පණිවිඩ නිසා සැනකින් එතැනට පැමින ඇගේ නම ගම සියල්ල අසා හතර වටේට කෝල් දමා එහෙම කෙනෙක් කොළඹ වෛද්‍ය පීඨයේ අවුරුදු 10 පුරාවටවත් ඉගෙන ගෙන නොමැති බව තහවුරු කර ගත්තේය...
දුවන්නට තැත්කරොත් අල්ලා ගන්න බලාගෙන කාරුණිකව ඇයට මම පැවසුවේ, ඇය පවසන ඔය කියන වෛද්‍යවරයා හමුවීමට අප හා පැමිණෙන ලෙසයි. වැඩි පරිස්සමට, පළා යන්නට ඉඩක් නොදෙන්න, මම ඇගේ බෑග් එකද ඉල්ලා ගතිමි. ඉතා බර අධික එහි මොනවා තිබේද යන්න ගැන හිතට බියක්ද ඇතුල් විනි.
අපේ වෛද්‍ය නේවාසිකාගාරයේ සිකියුරිටි මහතුන් දෙදෙනා කැඳවා විමසුවේ මැයට මෙලෙස ඇතුල්වන්නට ඉඩ දුන්නේ ඇයිද කියාය.
ඔවුන් පැවසුවේ... මීට කිහිප සැරයක් එමින් යමින් තමන් හලාවත වෛද්‍යවරියක් බව කියමින් ස්ටෙතසයත් අතේ රැගෙන මැය රෝහල තුලටත් ඉන් පිටතටත් යන එන වගය. "ඉතින් ස්ටෙත් එකක් අතේ අරන් යනකොට අපිට අහන්න බෑනේ ඩොක්ටර්, එයා කවුද කියලා, මෙයා බස් එකට නගින්නෙත් ස්ටෙත් එක අතේ අරගෙනනේ" ඔවුන් මෝඩ තර්ක ඉදිරිපත් කළෝය.
"මේ අපි කවුරුත් ස්ටෙතස්කෝප් එක අතේ අරන් එළියට පාරට යනවා දැකලා තියෙනවාද, කිසිම ඩොක්ටර් කෙනෙක් ස්ටෙත් එක අතේ අරන් මහ පාරේ යනවද ?" මම ඔවුන්ගේ මෝඩ තර්ක සහ සාමන්‍ය දැනුම ගැන ප්‍රශ්ණ කළෙමි. වෛද්‍යවරුන් විශාල සංඛ්‍යාවක් නේවාසිකව සිටින කාමර මෙන්ම ආපන ශාලාවද තිබෙන්නේ එහිය. බොහෝ විට අප නිදහසේ සිටින්නේ කාමර හෝ හොඳින් අගුල් නොදමමිනි.
කිහීප ගමනක් ඇවිත් තියෙනවා මදිවට වාට්ටු වලටත් ගිහින් තියෙනවා. ඇය හැඳ සිටියේද වෛද්‍යවරියකට නූසුදුසු ආකාරයෙනි. අතේ පයේ ඇඟිලි සියල්ලේම ඉතා තද පැහැ නිය ආලේපනයක් ගල්වා තිබිනි. බැලූ බැල්මට මතක් වෙන්නේ වෙනත් වෘතියක් කරන කෙනෙකි.
අපි ඇය කැටුව වහාම අප වෛද්‍ය අධිකාරී කාමරය වෙත ගියෙමු.
මැය කවුද ? කුමකට පැමිණියේද ? ඊළඟ කොටසට මෙතැනින් යන්න... part 2 ස්ටෙත් එකත් අරන් රෝහලට ආ තරුණිය

Monday, August 22, 2011
බෙහෙත් නැති වෙනකොට ....
සති කිහිපයකට කලින් ලියූ මේ සටහන පළ නොකර තිබුනේ හිතේ ඇතිවුන දුකත් කළකිරිමත් නිසා මේ වගේ දේවල් එක දිගට ලිවීම නොකළ යුතු බව සහෘදයෙක් කියූ නිසාය. එනමුත් දින වකවානු සඳහන් නොවන නිසා මෙසේත් සිදු වන බව ලියා තැබීම වටිනවා යැයි සිතේ.
"මේ බෙහෙත නැති නිසා පිටින් ගන්න ලියාගෙන එන්න කිව්වා." එක රෝගියෙක් පරීක්ෂා කරමින් සිටින අතරේ පැමිණි රෝගියෙක් පැවසීය. උදරගත ගැස්ට්‍රයිටිස් වැනි රෝග සඳහා සහ ඇතැම්විට කැක්කුම් පෙති සමග බොන්නට දෙන ෆැමොටිඩීන් සහ ඔමෙප්‍රසෝල් යන ඖෂධ දෙවර්ගයම දැන් සති කිහිපයක සිට රෝහලේ ඕ පී ඩී ෆාමසියෙන් නිකුත් නොකෙරේ. ආයෙ ආයෙත් නියම කරන ඖෂධ කුඩා තුන්ඩු වල නැවත ලියා දෙන්නට සිදු වන්නේ පිටින් ගන්නටයි. දිවයින පත්තරයේ සඳහන් වූයේ අත්‍යාවශ්‍ය ඖෂධ 40 පමණ හිඟයක් ඇති බවය. දැන් හිඟ ඖෂධ ගැන සඳහන් කර අප වාට්ටු හෝ ඒකක සඳහා ලබා දෙන පොතේ ලැයිස්තුව ටිකෙන් ටික දිග වෙන්නේ රජයේ රෝහලුත් පුද්ගලික රෝහල් ගානට දමමිනි.
"මේ බෙහෙත මෙහෙ නෑ පිටින් ගන්න " යැයි නියම කරනකොට දුප්පත් රෝගීන්ගේ මුහුණේ මැවෙන අසරණ සහගත බැල්ම මග හරිමින් අපි වැඩෙහි යෙදෙන්නෙමු. ගමේ ඔවුන්ගේ කුඩා නගරයේ පුද්ගලික ඩිස්පැන්සරියට නොගොස් පැය කිහිපයක් ගෙවා රජයේ මහ රෝහල වෙත ඔවුන් පැමිණෙන්නේ නොමිලේ වෙදකම මෙන්ම බෙහෙත් ද ලබා ගැනීම සඳහාය.
නියුමෝනීයාව හෙවත් පෙනහළු වල ආසාදනයක් සෑදී රෝහල් ගත වුන සුන්දරම් මහතා වාට්ටුවෙන් පිට වූයේ දින දෙකකට කළිනි. ඔහුට මෙයින් පිටවෙද්දි තව සතියකට පාවිච්චි කිරීමට co-amoxyclav නම් ඇන්ටිබයොටික් පෙති වර්ගය අප විශේෂඥ වෛදතුමිය විසින් නියම කරන ලදී. මේ පෙති වර්ගයනම් ඕපීඩී ෆාමසියේ තිබෙන්නේ කලාතුරකිනි. පෙත්තක් රු 70 - 80 පමණ වේ. සමහර වෙළඳ නාමයන්ගෙන් ලීවොතින් අඩු වර්ගයේ ඒවාද තිබෙන බව දන්නෙමු. ඉතින් මේ බව අපේ විශේෂඥවෛද්‍යතූමියට කියා පෙත්තක් රු. 32 වැනි අඩුම මිලට ලබා ගැනීමට හැකි වෙළඳ නාමයක් අපේ විශේෂඥතුමියගෙන් අසා දැනගෙන අපි ලියා දෙන්නෙමු.
නැවත රෝහල් ගත වූ සුන්දරම් මහතා මේ පෙති කිසිවක් පිටින් මිලදී ගෙන නැත. මොකද සතියක් සඳහා මුදලින් රු. 700 පමණ වියදමක් දරන්නට වන හෙයිනි. කුලී වැඩ කර එදා වේල සකසා ගන්නා ඔවුන්හට මෙවැනි මුදලක් දැරිය නොහැකි බව ඔහු කියයි. අනික සති එකහමාරක් පමණ රෝහල් ගත වී සිටි නිසා කුලී වැඩක් කරගැන්මටද නොහැකි විය. ඔහුගේ ජීවිත කතාව අසා සිටියදී හිතේ බොහෝ දුක් දැනේ.
අතේ බඳින ඔරලෝසූව වීසි තිස් දහකට මිලදී ගන්නා මිනීසුන් ඉන්න ලෝකෙක එදා වේල හම්බ කරගන්න රු.200 දවස් කුලියට වැඩෙහි යෙදෙන ඔවුන් කෙතරම් දුකක් විඳිනවාද අපිට සිතේ. පැමිණි එක් රෝගියෙක් පවසා සිටියේ, රෝහල ඉදිරිපිටම තිබෙන ෆාමසියකින් රු 1000 ඉල්ලා සිටි බවයි. ඔවුන්ගේ දෛනික ආදායම රු. 100 හෝ 200 කි. වරද ඇත්තේ කොතැන ද ?
හර්දය රෝගයෙන් පෙළෙන සෙල්වරාසා මහතා ඉතා අසාධ්‍යව රෝහල් ගත කර තිබේ. දරුවන් සියල්ලෝම සිටින්නේ කැනඩාවෙහිය. එනමුදු ඔවුන් අම්මා තාත්තා ගැන නොබලන බව වැටහුනේ ඔහුගේ බිරිඳ අනෙක් රෝගීන්ටද පිටතින් අවශ්‍ය කෑම වතුර වැනි දෑ ගෙනැවිත් දී රු.5, 10 වැනි මුදලක් ලබා ගන්නා බවත් පැවසූ විටය. { " දරුවන්ට එකතු වෙලා මාසෙකට ඩොලර් සීය සීය එව්වත් මේ දෙමාපියන්ට හොඳින් ජීවත් වෙන්න පුළුවන්නේ ", අපේ ජේෂ්ඨ වෛද්‍යවරයා අපට කීවේ දැඩි කළකිරීමකිනි }
මීට පෙර එක්තරා කාල වකවානුවකදී මී උණ හෙවත් ලෙප්ටොස්පයිරෝසිස් දැඩිව පැතිරෙන අවධියේ ඒ සඳහා සුදුසුම බෙහෙත නැති වූ නිසා රෝගින් මුහුණ පෑ කරදරද මතක් වේ. පෙති නොමැතිව රෝහල් වල ලෙඩුන් දුක් විඳින් අයුරු දැකීම දුකකි. මෙවැනි අගහිඟතා මැඩලීමට රජය සම්පූර්ණ සහයෝගය සහ ශ්‍රමය දක්වන බවද අපි දනිමු. නමුත් අන්තිමට කරදරයට පත්වන්නේ අසරණ රෝගීන් පමණි.
අප අතේ තිබෙන මුදල් නෝට්ටුවක් දෙකක් ඔවූන්ගේ අතේ තියන්නට අප හිත කරුණාවන්ත වුනත් ඇතැමුන් අපේ කරුණාව දිගටම බලාපොරොත්තු වන බැවීන් එසේ කිරීමද අපහසුය.

Tuesday, August 16, 2011
ජනාත්‍රිගේ කතාව
රජයේ ඉහළ නිළයක් දරන තාත්තා කෙනෙක් දොස්තර ජනාත්‍රී ඉදිරියේ පුටුවේ ඉඳගත්තේ ඇස් දෙකේ පුරවගත් කඳුළු එක්කම....
"මගෙ එකම දුව ඩොක්ටර් කොහොම හරි බේරලා දෙන්න." ඔහුගේ වචන පටලැවිනි.
දෙමාපිය අවවාද නුරුස්සන සිතින් නිදි බෙහෙත් සහ පැනඩෝල් පෙති ගොන්නක් පානය කළ දැරිය සිහිසුන්ව යන්ත්‍ර වලට සවි කර ඇත.
"අපි කිසිම අඩු පාඩුවක් කලේ නෑ ඩොක්ටර්. උදේ දවල් රෑ තුන්වේලම මගේ අතින් අනලා කැව්වේ. වාහනෙන් ගෙනිච්චේ ගෙනාවේ. ඉගෙන ගත්තේ නෑ ඒකත් කමක් නෑ , ගැලපෙන්නේ නැති කොල්ලෙක් එක්ක යාළුවෙලා අන්තිමට, ඒකට අපි පොඩ්ඩක් බැන්නා , මම පාරකුත් ගැහුවා. ඒපාර අනේ... මගේ දුව..." ඒ අම්මාගේ වැලපිල්ල අහං ඉන්න අමාරුය.
"කොච්චර සැප දුන්නත් වැඩක් නෑ. කියන දේ නාහන දරුවෝ හැදුවහම. මොකෝ ඉතින් මොනවා තිබ්බත් වැඩක් තියෙනවද හරියට ජීවත් වෙන්න උගන්නන්නේ නැතිව." ඇඳ ළඟ සුසුම් හෙළන මව පෙන්වමින් සිස්ටර් කියයි.
ඇඳ මත සිහිසුන්ව පසුවෙන තරුණිය තම වයසේමය. ඩොක්ටර් ජනාත්‍රීට තමන්ගේ කුඩා කාලය මතක් වෙයි. අගනුවර පිහිටි මහල් නිවාස සංකීර්ණයක ඉතා පොඩි ගෙයක තම සොහොයුරු සොයුරියන් සමග නොයෙක් දුෂ්කරතා මධ්‍යයේ ඇති දැඩි වූ අයුරු ඇයට මතක් වේ.
ඒ ගෙයි සාලය දැන් තමා ජීවත් වන වෛද්‍ය නිල නිවසේ කාමරයක් තරම් ය. එය එතරම් කුඩා විය. අවට නිවැසියන්ගේ කෑ කෝ ගැසීම්ද බහුලය. ගායකයෙක් වන්නට තතනන අසල ගෙයක අයියෙක් මහා හඬින් රේඩියෝව දමන්නේද පාඩම් කරන්නට පොත අතට ගන්නා වෙලාවටමය. පහළ ගෙයක ඉන්නා අන්කල් කෙනෙක් හැමදාම බීගෙන ඇවිත් ඒ ඇන්ටී සමග ගෝරි අල්ලද්දී ඒ දරුවන් පැමිණෙන්නේද ජනාත්‍රිලාගේ ගෙදරටය. රැකියාවට යන දෙමාපියන් දෙදෙනා වැඩ ඇරී පැමිණෙන්නේ සවස් කාලයේය. එතෙක් ගෙදර පැමිණි සැනින් ශීතකරණයේ තියෙන හොදි රත් කර බතක් උයන්නට සිදුවේ. බැරි වෙලාවත් අම්මාට උයන්නට වෙලාවක් නැති වුනොතින් දවල් කෑමද පිස ගත යුතුය. පාසැලෙන් දෙන වැඩ කරන්නේ සවස් වරුවේය. රෑට යළි අහර පිසීමට අම්මාට උදව් කල යුතුය. එක පැත්තක පිහිටි පොදු ක්‍රීඩාංගනයට රැස්වෙන කොල්ලෝ කුරුට්ටෝ මහ රෑ වන තුරු ක්‍රිකට් ගසති. කෑ කෝ ගසති. ගසන බෝල පාරක් දෙකක් කාමර වලටද පැමිණේ.
ඇතැම් විට වාර විභාග ළඟ එද්දී අහල පහල ඝෝෂාකාරී බව නිසා පාඩම් කරගන්නට බැරිවා වාගේය.
අම්මා කියන්නේ "කොන්දට උඩින් කරත්තයක් ගියත් තමන්ගේ වැඩේ කරන්න ඕනෙ අනම් මනම් ඔළුවට දාගන්නේ නැතුව " ගෙදර හැමදේටම තියෙන එකම මේසයේ ඔක්කොමලා පොත් පත් අරන් පාඩම් වැඩ කරන්නේ ඉගෙනීම මිසක් වෙන සරණක් නැති නිසාමයි. එවෙලෙට කොන්දට උඩින් යන කරත්ත විෂුවලයිස් කරගනිමින් පාඩමේ යෙදෙනවාය. රෑ වෙන තුරු පාඩම් කරද්දී තේ හදා දෙමින් නිදි වරන අම්මාද , රස්සා දෙක තුනක් කරමින් වැර වීර් යයෙන් මුදල් උපයන තාත්තාද ඔවුන්ට ආදරය සමග ජීවිතය පිළිබඳ හොඳ නරක කියා දෙන්නට උත්සහ කළෝය.
තමන් ගොඩ ගන්න දෙමාපියන් විඳින දුක දුටු ජනාත්‍රී කුඩා කල සිටම උත්සහ කලේ අල්පේච්ජ ජීවිතයක් ගත කරන්නටයි. ඕනෑ නැති විච්චූරණ වටල මුදල් නාස්ති නොකොට අරපිරිමැස්මෙන් ජීවත් වෙන්නට දෙමාපියන් දරණ උත්සහයට මේ දරුවන්ද නොසෑහෙන්න උදව් උපකාර කලේ හොඳින් ඉගෙන ගනිමින් ඒ කල පාසැල් දරුවන් යොමු වන බාහිර අනවශ්‍ය නාස්තිකාර දෑ වලින් තම සිත මුදවා ගනිමින් ය. ඉගෙනීමේ දස්කම් නිසා අගනුවර ඉහළ පාසැලක් ලැබ ඉගෙනුම ලැබුවත් බස් එකෙන් යන එන , සුදු ගවුම් දෙක සෝද සෝදා අඳිමින් සිටි ඇය තම ළඟම මිතුරියන්ටවත් තමන්ගේ අගහිඟකම් දුෂ්කරතා පෙන්නුවේ නැත. අම්මාට අසනීප වී මාස 6 පමණ එක්තැන්වී සිටි කාලයේ , උසස් පෙළ ලියන අතර උදේ රැයින් නැගිට උයා පිහා ගෙදර වැඩ සේරම කරන්නට සිදු වුනේ ජනාත්‍රිටය. දූක ළඟට සැප ලැබෙනු ඇතැයි ඇය නිතර සිතුවාය. පාඩම් කළේ මහජන පුස්ථකාලයේ පාඩම් ශාලාවෙහිය. ඇතැම් දින වල උදේ 7 එහි ගොස් නැවත පැමිණෙන්නේ සවස 6 ටය. තමන්ගේ සහ සහෝදර සහෝදරියන්ගේ ටියුෂන් සහ අනෙකූත් වියදම් සේරම දරන්නට ඇත්තේ දෙමාපියන් දෙදෙනා උපයන පඩිය පමණි. ඔවුන් මේ හැටි වෙහෙසෙන්නේ තම දරුවන් වෙනුවෙන් බව කුඩා කල සිටම ජනාත්‍රි සහ සොයුරු සොයුරියන් මැනවින් වටහාගෙන සිටියෝය.
ඇතැම් විට තම මවගේ සොයුරා ඔහුගේ දරුවන් රැගෙන පැමිණෙන ඒ වාහනයෙන්ම ජනාත්‍රී සහ අනෙක් සොයුරු සොයුරියන්ද පැමිණ ගේ ළඟින් බස්සවාගෙන යයි. ඇතැම් විට ඒ පාරෙ ට්‍රැෆික් යැයි ගව්වක් දුරින් නවත්වා බස්සවයි. එවිට කට්ට අව්වේ, පයින්ම ඉතිරි දුර ගෙවා යන්නට සිදුවේ. මාමාගේ දරුවන්ට KFC හෝ චයිනීස් කවන්නට සිතුනූ දිනක, සෙසු දරුවන් වාහනයේ සිටියදී ඔහුගේ දරුවන් පමණක් ගෙන ගොස් කවා පොවා රැගෙන එයි. එවිට අනෙක් අයට සිදු වන්නේ වාහනයට වී අර කඩවල වීදුරූ තුලින් ඔවුන් ආහාර ගන්නා අයුරු බලාගෙන වේලි වේලි සිටින්නටය. තම මව හෝ පියා සමග මේ ගැන එදා නොදොඩා සිටියේ ඔවුන්ට දැඩි දුකක් ඇතිවේයැයි සිතූනු නිසාය. උසස් පෙළ ළකුණු එන්නට ප්‍රථම "විශ්ව විද්‍යාල වලටනම් යන්න එපා රස්සාවක් කරන්න යැයි" බල කෙරුවේද එවැනි නෑයින් ය. හැබැයි ඒ සියලු නෑයින්ගේ දරුවන් උසස්පෙළ අසමත් වී අද කිසිවක් කරගත නොහැකිව සිටී.
ඒ සියලු දුෂ්කරතා මැඩ වෛද්‍යවරියක් ලෙස පත්වීම ගත් දා දෙමාපියන්ගේ සතුට ඉහ වහා ගිය අයුරු දුටු ඇයට තමන් විඳි දුක් කන්ද අවසන සැනසුම් සුසුම් හෙළීය. ඉගෙන ගන්න එකා නේ කියමින් දුප්පත් නෑයින් රුපියල් 100, 200 මිට මෙළවූ අයුරු ඇයට සිහිපත් වේ. අද ඇය ජේෂ්ඨ වෛදවරියකි. දරුවන් ඉගෙනීමෙන් දස්කම් පාද්දී දෙමාපියන්ගේද ආර්ථික මට්ට්ම යහපත්වී නව නිවසක් තනා සාමකාමි පෙදෙසක වාසය කරන්නට ඔවුනට හැකියාව ලැබී ඇත.
දැඩි දුෂ්කරතා මධ්‍යයේ ඉගෙනුම ලැබූ ඒ අවදියේ ප්‍රේමාරාධනා වලින්ද අඩුවක් නොවීය. එකළ ඇය සා. පෙළ පන්තියේ සිටියාය. ඕවට පැටලුනොත් ඉගෙන ගන්න බැරිවෙයි. හොඳින් ඉගෙන ගෙන අපි ඉන්නා තත්වයෙන් පොඩ්ඩක් හරි ගොඩ එන්න ඕනේ ඇය අර ආරාධනාවට පැහැදිලි කර දී එය ප්‍රතික්ෂේප කළාය.
දෙමාපියන් උනාම දරුවන්ට සැප දෙන එක වැරැද්දක් නෙමෙයි. ඒත් දුකත් පෙන්වන්න ඕනේ. සමාජයේ පය ගහලා ඉන්න උගන්වන්න ඕනේ. අපි පොඩි කාලේ දුක් විඳිද්දී ... අපේ යහළුවෝ සැප විඳිද්දී ඇයි අපට මේ වගේ තිබුනේ නැත්තේ කියා දුක හිතුනු වාර අනන්තයි.යාළුවන්ගේ ගෙවල් වල ගිය විට, තනි කාමරයක් තමන්ගේම කියලා පොත් මේසයක් , පොත් රාක්ක අල්මාරි ඒ දේවල් දකිද්දී ඒකාලේ ඇති වුනේ කියා නීම කල නොහැකි දුකකි. දුක හා ගැටෙමින්, පොරබදමින්, අමාරුකම් මැද පාඩම් කරමින් ජීවිතය ජයගත් අද, එදා අපි දුක දැකපු නිසා සමාජය වඩා හොඳින් තේරුම් ගත්තා නේදැයි, ජනාත්‍රීට සිතුනාය. අද යාන වාහන නිවාස මෙන්ම හොඳ රැකියාවක්ද උරුම ඇය මෙන්ම ඇගේ සහෝදර සහෝදරියන් දෙස බලා දෙමාපියන් සැනසේ.
"ඩොක්ටර් අර poisoning patient ගේ saturation drop වෙනවා" මහ රෑ හෙදිය දුරකථන ඇමතුමක් දෙයි. ඇය ගත් බෙහෙත් වල සැර වැඩි කමට ශ්වසන පද්ධතිය අඩපන වී ඇත. යුහුසුළුවූ සැම නහයෙන් බට දමන්නට බැරි තැන ශ්වරාලය විද බටයක් දමා (tracheotomy ) ඇය කෘතිම ශ්වසන පද්ධතියට සවි කළෝය. දැන් එම තරුණිය නැවත හුස්ම ගනී. දැඩි සත්කාර ඒකකයේ දින 19 සිටි ඈ හොඳටම හොඳවී සිහිය ලැබ සිටියදී, ඇය පැවසුවේ " තමන්ගේ දෙමාපිය දෙදෙනා නපුරු බවත් ඔවුන් සමග නැවත ජීවත්විය නොහැකි බවත් ය.
එතෙක් නිදි නොලැබ දින පතා ඇය අසළ සිටි මව කළ දුෂ්කර ක්‍රියා දැක්කේ අප පමණි.
තරුණියගේ හිත හැදීමට දොස්තර ජනාත්‍රී නිරන්තරයෙන් ඇය ළඟට වී ඇගේ ජීවිත කතාව ඇය හා පැවසුවාය. ඇයට අහිමි වූයේ මොනවාද ? පොඩි කාලේ ඉඳන් සැප සම්පත් පමණක්ම දී උස් මහත් කළ දෙමාපියන් ගේ අගය සහ ජීවිතය ජයගන්න ඇය කිසිම උත්සහයක් නොදැරූ හැටි , දෙමාපියන්ට සැනසෙන්නට කිසිවකකඑය නොකෙරූ සැටි, ඇයට වැටහෙන්නට විය.
පසූදින අම්මා තාත්තා පැමිණි පසු ඒ තරුණිය ඔවුන්ගෙන් සමාව ඉල්ලමින් ඔවුන් බදාගෙන හඬන්නට විය.
දරුවන්ට සැප දෙනවා වාගේම දුකත් පෙන්නා දිය යුතුමය ජනාත්‍රීට සිතේ.
(සත්‍ය කතාවක් ඇසුරිනි)

Friday, August 12, 2011
සිංදූ කියන මල්ලී
ඒ මම තනිව වැඩ කළ සති අන්තයකි. සති අන්තයේ බොහෝ විට වාට්ටුව බාරව සිටින්නේ එක වෛද්‍යවරයෙකු පමණයි. කෙනෙක් ගෙදර යයි. එවිට සියලුම බර එක වෛද්‍යවරයෙක් මතය, නමුත් හැම රෝගී ඒකකයකම වාට්ටු දෙක බැගින් තිබෙන නිසා, සති අන්තයට රෝගීන් ඇතුලත් කරගන්නේ එක වාට්ටුවකට පමණි එවිට අනික් වාට්ටුවට නිදහසක් ලැබෙනවා. ඔන්න ඔය නිදහස ප්‍රයෝජනයට අරගෙන අපි කෙනෙක් නිවාඩු යනවා.
අනෙක් වෛද්‍යවරයාට නිවසේ වැඩකටයුත්තක් යෙදුන නිසා වැඩ අධික සති අන්තයේ ඇයට නිවාඩු දෙන්නට සිදුවුනා. ඒ සති අන්තයේ දවසක රාත්‍රී මට ඇමතුමක් ලැබුනේ අප වාට්ටුවට හදිසි සත්කාර ඒකකයෙන් රෝගියෙක් එවා ඇති බවත් ඔහු සිංදු කියමින් කෑ කෝ ගසමින් හැසිරෙන බවත් ය. විඩාව මොහොතකට හිතෙන් පිටමංකරගෙන මම වාට්ටුව වෙත ගියේ මානසික වාට්ටුවට යැවිය යුතු රෝගීන් මෙඩිකල්/ කායික රෝග වාට්ටුවට එව්වේ මොන එහෙකටදැයි සිතමිනි. මා යනවිට දුටුවේ වාට්ටුවේ කොරිඩෝවේ ඇඳක හිඳගෙන සිටි තරුණයෙක් කකුල් පද්දමින් සිංදු කියන අන්දමයි.
" මා ආදරණීය මගේ අම්මා වෙතටයි... මේ ලියන්නේ ආරක්ෂක කඳවුරේ සිටයි "
එකත් එකටම හමුදාවේ සිටිය අයෙක්...! මට එකපාරටම හිතුනා. ඔහු දෙස බලමින් මා ඇතුල් වෙත්ම හෙදියගේ මුහුණේ වූයේ නොසන්සුන් බවක්. "ආපු වෙලාවේ ඉඳන් සිංදු කියනවා. ඒක නවත්වන්න කිව්වම පිරිත් කියනවා " නර්ස් මිස් චෝදනා කළාය.
"සංජීව (අනවර්ථ නමකි ) මෙහෙ එන්න ...."
මගේ අණින් ඔහුගේ සිංදුව නැවතුනි. එහෙත් ආවේ නැත .
"අංගොඩ කාඩ් එකක් තියෙනවා පේෂන්ට් ළඟ " හෙදිය පැවසීය.
දෙතුන් වර කතා කර නොපැමිණියෙන් , මම සුළු සේවකයත් හෙදියත් සමග ඔහු සමීපයට ගියෙමි.
අපේ ප්‍රශ්ණ කිරීම් ඉදිරියේ ඔහු හෙමින් හෙමින් තම ආගිය තොරතුරු පවසන්නට වීය.
"මොකද මේ කියන දේ අහන්නේ නැත්තේ? "
"මට පිස්සුනේ ඩොක්ටර් ... මේං කාඩ් එක.... හැබැයි පිස්සු හැදුනේ මේ .. මෙන්න මෙතන ෂෙල් කෑල්ලක් වැදුනට පස්සෙ සිහි නැතිව මාස එකහමාරක් ඉස්පිරිතාලේ හිටියා. සිහිය ආවට පස්සෙ මම දන්නේ යුද්ධෙ ඉවරයි කියලා.. ෂෙල් කෑල්ල... මේ.... ඒක තාම ඇතුලේ. දොස්තරලා කීවා ගන්න බෑ කියලා. ඔපරේෂන් කරලා අයින් කරන්න බෑ කිව්වා. "
තම හිස් මුදුන පෙන්වමින් හේ පවසයි. අල්ලා බැලූ අපට ඉහළට එසැවී තිබූ තද යමක් අත ගැටිනි. ඔහු ළඟ තීබුනු X- Ray වලින් එය ඇත්ත බව පැහැදිලි විනි. කහ පැහැති ඩයග්නෝස් කාඩ් එකද අප වෙත දිගු කරයි. කීවා නිවැරදිය.
ඔහු B. A. D. හෙවත් Bipolar affective disorder යන තත්වයෙන් පෙළේ.හැබැයි මේ තත්වය ඇති වෙන්නට, ජාන, රසායනික අසමතුලිතතාවය, මානසික ව්‍යාකූලතා සහ පාරිසරික සාධක වැනි බොහෝ දෑ හේතුවේ. (genetic, biochemical, psychodynamic, and environmental factors.) තමන්ගේ මොළයට කිඳා බැස ඇති ෂෙල් යකඩ කැබැල්ල නිසා මෙහෙම උනා යැයි ඔහු සිතාගෙන සිටී. නමුත් හේතු සාධක වූ දෑ බොහෝය.
යුද වාතාවරණය සහ ඒ ආශ්‍රිත මුහුණ දූන්නු අත්දෑකීම් නිසා මෙලෙස සිදුවන්නටද බොහෝ සෙයින් හැකියාව ඇත. එවැනි බොහෝ දෙනෙකු හෙවත් ආයුධ රැගෙන යුද්ධ කරන්නට සිදුවූ දෙපැත්තේම අය සහ මැදිවූ සාමාන්‍ය ජනයා යන මේ සෑම කෙනෙකුම මුණ ගැසී ඇත. සියල්ලන් කෙරෙහි වූ පොදු මානුෂීය හැඟීමෙන් ප්‍රතිකාර කළ, අපට, ඒ ගැන කියන්නට විස්තර බොහෝය.
" කවදා ඉඳන්ද මෙහෙම උනේ? "
" දෙදාස් නමයේ මැයි 18 තමයි මට ෂෙල් එක වැදුනේ. අපි තමයි ෆ්‍රන්ට් එකේ හිටියේ . මට දුක යුද්දෙ...අන්තිම වෙනකම් බලගන්ඩ ඉන්න බැරි වූන එකයි. තව දවසක් හිටියනම් මට ඒ ඇති. මම සිහි නැතිවෙලා මාව කොළඹ යැව්වා. ඔපරේෂන් කරාට පස්සෙ අංගොඩ දැම්මා. කලින් මෙහෙම තිබ්බෙ නෑ."
ඒ සියල්ල එලෙසින්ම අර කාඩ් එකේද සඳහන්ව ඇත. ඒ කතාව අසමින් සිටි අපට දුකද කණගාටුවද දැනෙන්නට විය.ඔහු පරීක්ෂා කර අවසානයේ, කඳුලු සමග හැඬුම්බර වූ අහිංසක හෙදි සොයුරිය නැවත ඔවුන්ගේ විවේක කාමරය වෙත දිව ගියාය.
"සංජීව බැඳලද ?"
"නෑ යාළුවෙලා හිටපු ළමයා තරහා වුනානේ , ඇයි මට පිස්සුනේ ..." එසේ කියමින් මහ හඬින් හිනාවෙයි.
යුද්ධය පැවති වකවානුවේ ඒ ආශ්‍රිත පළාත්වල සේවය කළ අප සැමගේ ජීවිත ආරක්ෂා වුන නිසා අද අපි අපේ අය එක්ක සුවසේ සිටින්නෙමු. ඒත් ජීවිත කැප කළ ඔවුන් අද මෙසේ නොයෙක් ආකාරයෙන් අසරණව සිටී. සංජීවගේ ගෙවල් මීට එහා පළාතක බව පවසයි.
"දැන් මේ කොහෙද යන්නේ?"
"තවම පඩිය හදලා නෑ. මට රස්සාව කරන්න බැහැනේ ඩොක්ටර් මේ අසනීපේ නිසා. ඒකට ලියුම් ගන්න ආවා" මූලස්ථානයට පැමිනෙමින් සිටින අතර පපුවේ සහ බඩේ දැවිල්ලක් ඇල්ලූ නිසා බස් එකේ කෑ ගසද්දී අවට සිටි අය ඔහුව මේ රෝහල වෙත ඇතුල් කර තිබිනි. යුද්ධය ඉවර වී අවුරුදු 2 පමණ වුවද තවම ඔවුන්ගේ ජීවිත එකලස් වී නොමැත.
"මට හොඳටම හොඳ වෙයිද ඩොක්ටර් .."
මම හිතේ දුක තදකරගෙන ඔහුගේ ඉතිහාස දත්ත සමග පරීක්ෂණ තොරතුරු සටහන් කරන්නට අප මේසය වෙත ගියෙමි.
" සැනකෙළියේ සඳ එළියේ දිමුතු ලතාවයි... " දැන් ඔහු ගයන්නේ ක්ලැරන්ස්ගේ ගීයකි. මුළු වාට්ටුවම ඔහුගේ ගී හඬින් පිරීයයි.
" මේ මොන කරදරයක්ද ! " සමහර ලෙඩුන් නර්ස් මිස්ලාට චෝදනා කරයි.
මේ මහ රෑ සිංදු කියන්න එපා කියා කීප වරක් පැවසූ සාත්තු සේවකයාද කොච්චර කියුවත් වැඩක් නෑ කියමින් , එපා වී පැමිණෙයි. නින්ද යෑමට බෙහෙතක් දුන් පසු සිංදුව නැවතිනි, මද වෙලාවකින් හේ නිදන්නට විය. පසුදා පාන්දර සිට මහ හඬින් පිරිත් කියූ බව පසුදින හෙදිය මට පැවසුවාය.
පසුදින විශේෂඥ වෛද්‍යතුමිය සායනික වටය කරන අතරතුර එකපාරටම ඔහුගේ මහා ඝෝෂා සහගත සිංදු ඇසෙන්නට වීය.
"ආ දැන් වාට්ටුවට රේඩියෝ එකක් තියෙනවා වගේ " ඇයද විහිළුවෙන් ඔහුගෙන් අපට ඇතිවූ කන්දොස්කිරියාව ඉවසුවාය.
දැන් ඔහුට "සිංදු කියන මල්ලී" කියා නමකුත් පට බැඳී ඇත. බැරෑරුම් කායික රෝග කිසිවක් නොවූ නිසා ඔහුගේ උදරගත ගැස්ට්‍රයිටිස් රෝගයට බෙහෙත් කළ අතර ඔහුගේ ඥාතීන් පැමිණි පසු ඔවුන් හා රෝහලෙන් පිටවී ගියේය.

_______________________
Saturday, August 6, 2011
ක්ලිනික්... ක්ලිනික්....ක්ලිනික් !
මම සිහිනයක් දකිමින් සිටියෙමි..... විඩා නොදැනෙන ක්ලිනික් දිනයක් ! කෑකෝ ගැසීම් නො ඇසෙන ක්ලිනික් දිනයක්. බොහොම සුව පහසුවෙන් ඇවිදින් හිඳගෙන සිනාපිරි මුහුණින් එකිනෙකා හා කතා බස් කරන දොස්තරලා සහ රෝගීන්...අමාරුවෙන් මග සොයා යා යුතු නොවන රෝගීන් පිරී ඉතිරී නොගිය කොරිඩෝ, ක්ලිනික් කාමර සහ බාහිර රෝගී අංශයක්. බොහොම සැනසිල්ලේ රෝහලට පැමිණ, උදෑසන සිට පෝළිම් වල රස්තියාදු නොවී, තමන්ගේ දොස්තර මුණ ගැහී කතා බස් කර සැනසිල්ලේ බෙහෙත් ගන්න පුළුවන් දවසක් ! එහෙම දවසක් කවදා ඒවිදැයි මම මෙන්ම ඔවුන්ද සිහින දකිනවා ඇතැයි මට සිතේ.
ඕනෑම ඒකකයක වැඩ කරද්දි ගොඩක්ම වෙහෙස දේ තමයි සතියට දෙතුන් පාරක් පවත්වන ක්ලිනික්. මේවට එන්නේ වාට්ටු වලින් රෝග නිර්ණය කලාට පසුව දිගු කාලීන ප්‍රතිකාර අවශ්‍ය රෝගීන්. ඔන්න ඉතින් මේවායේ වැඩ කරන අපටත් , සුළු සේවකයොන්ටත් , සහභාගි වෙන රෝගීන්ටත් එදා දවසනම් ඉතාම වෙහෙසකර දිනයක් ඒ බව අපි අත්දැකීමෙන් දනිමු.
ක්ලිනික් පටන් ගන්නේ උදේ 8 උනත් මේ රෝගීන් පාන්දර 5 සිට රෝහල් පෝලිම් වල. සමහරු බස් අල්ලා ගන්න බැරි නිසා ඊට කලින් දිනයේ පැමින රෝහලේ කොරිඩෝ දිගට තැන තැන නිදා ගෙන. අනේ සමහර වේලාවට වාට්ටුවේ ඇඳන් වැඩිපුර තියේනම් කතා කරලා දෙන්න ගිහින් සේවකයින්ගෙන් නෝක්කාඩු අහගත්තු වෙලාවලුත් නැත්තේම නෑ. රෝහල කියන්නේ ඉතින් නවාතැන්පලක් නෙමෙයිලු නේ !.
ඔන්න ක්ලිනික් එකට අපි යනකොට, ඒ කාමරේ දොරත් අහුරගෙන ලෙඩ්ඩු පිරිලා.. ඉඩ දෙන්න ඉඩ දෙන්න කියාගෙන යද්දි ඉතින් වාසනාවකට ස්ටෙත් එක කරේ තියෙන්නේ නැත්නම් අපිවත් ඇදලා අරගෙන පෝලිමට දානවා සිකුරුයි.
ඊළඟට ඉතින් එක දිගට බලාගෙන බලාගෙන යනවා, ප්‍රෙෂර් බලලා කොහොමද අහලා, පරීක්ෂන කරලා නම් ඒවා බලලා, බෙහෙත් අඩු වැඩි කරලා, නැත්නම් ඒවම ලියලා ඔක්කොම කරලා කොහොම හරි අපි එක්කෙනෙක් ලෙඩ්ඩු 100 වඩා බලනවා. ඒ අතරේ අපේ සුළු සේවකයින් මහා රෝගී ජන ගංගාව එහා මෙහා කරන්න සත්තම දාන එකත් ඇහෙනවා. පව්නේ ලෙඩ්ඩු. ඉතින් ඒකටත් මොනවා හරි කියනවා. කොහොම හරි පැය ගණන් පෝලිමේ ඉඳලා හිටගෙන ඉඳලා, බැණගෙන දොඩාගෙන අපි ළඟට එද්දි ප්‍රෙෂර් තියෙන අයගේ ප්‍රෙෂර් දෙගුණ තෙගුණ වෙලා.... ඊළඟට සමහරුන්ට කැරකිල්ල, උදේ ඉඳන් කාලා නෑනේ.
{හැබැයි අපේ විශේෂඥ වෛද්‍යතුමියටත් හිතා ගන්න බැරි අපි කොහොමද උදේ ඉඳන් හාමතේ ඉඳගෙනත් හිටගෙන වැඩ සේරම කරන්නේ කියලා . මේ පළාතේ විශ්ව විද්‍යාලයේ ළමයි කෑම නොකා කලන්තේ දාලා නිරන්තරයෙන් ඇඩ්මිට් වෙන සිරිතක් තියෙනවා.
ඔහොම ආපු දරුවෙක් කීවේ උදේ ආහාර වේල මග ඇරුනු බවයි. අපේ මැඩම් ගත් කටටම " මේ මගේ ඩොක්ටර්ස්ලා රෑ පුරාම ඇහැරලා , උදේට කාලත් නෑ. ඒගොල්ලොන් ඔහොම කලන්තේ දාන්නේ නෑනේ. " කියලාඅපිව පෙන්වමින් කීවාය. අපිට හරිම සතුටක් දැනුනා. අඩු තරමේ අපි මැරීගෙන කරන වැඩ කන්දරාව මැඩම්ට තේරෙනවනේ කියලා. දැන්නම් වැඩ අඩු වෙලත් උදේ කෑම වෙලාවට කන අපි, අච්චර වැඩ කන්දරාවක් එක්ක කොහොම නොකා නොබී වැඩ කරාද කියලා හිතෙනවා. }
දැන් ඔන්න ආයෙත් ක්ලිනික් එක... ඉතින් සමහරුන්ගේ ප්‍රෙෂර් කොයි තරම්ද කියනවානම් එසැනින් ඇඩ්මිට් කරන්න වෙනවා. ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ ඉතින් කාලා බෙහෙත් බොන මේ අය බස් එකට එන මහා පාන්දර ඉඳන් මේ වෙනකම් තේකක්වත් නොගෙන බෙහෙත් ගන්න පොර කන නිසා උදේ ප්‍රෙෂර් පෙති වඩිය මග හැරුනු නිසායි. ඔන්න ඊට පාස්සෙ එහෙම එන අයට රෝහල්ගත වෙන්න කියලා කිව්වම එතනත් ප්‍රශ්න " ගෙදරට කියලා ආවෙ නෑ. හෙට ඇවිත් ඇඩ්මිට් වෙන්න ද ?"
"අදට බෙහෙත් ටීක දෙන්න ආයෙ පස්සෙ ඇවිත් ප්‍රෙෂර් බලාගන්නම්"
" ඇඩ්මිට් වෙන්න නම් බෑ. දුවට බබා ලැබිලා, පුතාට විභාග, අල්ලපු ගෙදර ඇන්ටිගේ පුතාගේ ළමයගේ මගුල්ගෙදර "
ඔය වගේ නොයෙකුත් හේතු... හරියට අපි මේ ආසාවට ඇඩ්මිට් කරනවා වගේ. බැරිම නම් ඉතින් එවෙලෙම බෙහෙත් බීලා පැය බාගෙකින් පැයකින් ප්‍රෙෂර් බලලා, උපදෙස් දීලා තත්වයේ භයානක කම කියා දී ගෙදර යවනවා. සමහරුනම් අපිට බැන බැන ගෙදර යනවා.
ඒ අතරේ මේ අයගේ පරණ බෙහෙත් පොත් ( ඒ අයට වෙනම බෙහෙත් නීකුත් කරන පොතක් තියෙනවා, හරියට ඉස්සර කාලේ හාල්පොත වගේ, හැබැයි මේකනම් විකුණන්න උකස්තියන්න බෑ)
නිකුත් කරන කවුන්ටරයේ ඉන්න සුළු සේවකයොන්ට ඒ පොත් හොයාගන්න බැරි වුනොත් ඉතින් ඒ අයත් එක්ක රණ්ඩු, බේරගන්න බැරිම වෙනකොට අපි ළඟට එනවා , දෙගොල්ලොම, ඔන්න ඉතින් ලෙඩ බැලිල්ල පැත්තක තියලා රණ්ඩු බේරනවා. සමහරු දවල් වෙලා ඇවිත් පොත් නිකුත් කරන කවුන්ටරය වැහුවම ඒකටත් අපිව සොයන් එනවා. ඔක්කොම ඉතින් අපේ කර මත. රෝගින් දන්නවා අපිට කිව්වොත් ඉතින් කොහොම හරි වැඩේ කෙරෙන විත්තිය. අපි කොහොමද සායනයට එන අයව හිස් අතින් ගෙදර යවන්නේ.
ඔහොම ඉන්න අතරේ.... බැරිවෙලාවත් තමන්ට පුරුදු දිගු කලක් බොන පෙත්තක පාට මාරු වුනොත් ආයෙම හොයාගෙන එන්නේ අපිව. ඉතින් පාට බේරුමක් කරලා පෙති ටික හරි ගස්සලා හිතත් සනසලා දෙන්නත් වෙන්නේ අපිට.
ඒ අතරේ අපි ලියන පොතක අතපසු වීමක් හරි වැරදීමක් හරි විශේෂඥ වෛද්‍ය තුමියට හරි තූමාට හරි ගියොත්.... ඒකටත් ආයෙත් අපව සොයා පණිවිඩ එවනවා. මහා රෝගී ගඟ මොහොතකට නවතා ඒ අය වෙත දුවලා ඒකත් බලනවා, බැනුම් අහනවා, වැරදි හදනවා කපනවා ලීයනවා.
කොහොම කොහොම හරි රෝගීන් බලනවා. උපරිම කාලය එක්කෙනෙකුට මිනිත්තු 3 හෝ 4 යි. ආපු අලුත ඔන්න ඉතින් ගොඩක් වෙලා අරගෙන කොහොමද කියලත් අහලා නාඩි පෙණහළු හර්දය ඔය ඔක්කොම චෙක් කරපු නිසාත් මගේ පෝළිම ඉතා දිගට විහිදී එහි අඩුවක් ඇති වුනේ නැති නිසාත් සුළු සේවිකාවක් ඇවිත්, ඩොක්ටර් ඔහොම බෑ ඉක්මනින් බලන්න ... ඔන්න ඩොක්ටර්ගේ ලයින් එක විතරක් හොඳටම පිරිලා අද " යැයි කීවා මතකය.
ඉතින් ඔන්න අන්තිමට ක්ලිනික් එකේ සුළු සේවකයින් ඇවිත්, "හරි ඩොක්ටර් ඉවරයි ..." කියද්දී තමයි අපිට සැනසුම් සුසුම් හෙලෙන්නේ....

Tuesday, August 2, 2011
මේ මනූස්සයා මැරුනොත් හොඳයි ඩොක්ටර්....
ප්‍රාදේශිය රෝහලකින් අප වෙත එවා තිබුනු රෝගියෙක් වාට්ටුවා වෙත එවා තිබූනේ සිහිසුන්ව ඔක්සිජන් සිලීන්ඩරයකට සම්බන්ද කළ නල පද්දතිය මුහුණු වැස්ම සමගින්. හදිසියේ සිහිනැතිවීමක් නිසා රෝහල් ගත කල බවක් ඔහුගේ නෑයෝ පවසයි. රෝගියාගේ ඇස් පරීක්ෂා කළ අපිට මෙහි ඊට වඩා යමක් ඇති බව වැටහුනේ කළු ඉංගිරියාවට ටෝච් එක ඇල්ලූ විටයි. ඉතා කුඩා වෙච්චි කළු ඉංගිරියාව (pin point pupils )කුමක් හෝ opioid අඩංගු දෑ (මත්ද්‍රව්‍ය හෝ පෙති) ඕනැවට වඩා ගත් විට, හෝ organophosphate කෘමි නාශක ශරීර ගත වුනු විට ඇති වන ලක්ෂණයකි. වේලාව හවස 6 පමණ ඇත. ඔහූ හූස්ම ගන්නේද අමාරුවෙනි. පෙනුම අවලස්සනය. රැවුල වැවී ඇත. කඩිනමින් කළයුතු දෑ කරමින් සිටි මම විශේෂඥ වෛද්‍යතුමියගේ උපදෙස් පරිදි ඔහු මීට එහා ඇති මහ රෝහල වෙත සී. ටී. ස්කෑන් පරීක්ෂණයකට යොමු කරන්නට ට්‍රාන්සර් කිරීම සඳහා අවශ්‍ය ලිය කියවිලි සකස් කරමින් සීටියෙමි. ඔහු ගෙන ආ අයෙක් මා අසලට පැමිණෙයි.
"ඩෝක්ටර් ලෙඩා මැරෙයිද ?" එලෙස අසන බෝහෝ අයගේ කටහඬේ තිබෙන හැඬුම් ස්වභාවය ඔහුගේ හඬේ නොවීය.මා දෙස එක එල්ලේ බලාගෙන හිඳී.
"ලෙඩා ගේ තත්වය එතරම් හොඳ නෑ. මෝළයේ ලේ ගැලීමක් වෙලාද බලන්න වෙනවා. ඒකයි අපී ...ර යවන්නේ"
"මේ මනූස්සයා මැරුනොත් හොඳයි ඩොක්ටර්." මමද ඒ අසල ඇඳ ඉහපතක යමක් සටහන් කරමින් සිටි හෙදියද ගල් ගැහුණාක් මෙන් බලාගෙන සිටියෙමු. ලෙඩෙක් ඉස්පිරිතාලේ ගෙන එන්නේ ජීවිතය බේරා ගැනීමටයි. මොහූ කියා සිටින්නේ වෙන දෙයක්.
"ඇයි එහෙම කියන්නේ මේ ඥාතියේක් නෙමෙයිද ?"
සාමාන්‍යයෙන් රෝගියෙක් රෝහලට ගෙන ආ කෙනෙක්ම එසේ කීම අපට පුදුමය දනවන සුළු විය.
"මේ මිනිහා කරන්නේ ගංජා කසිප්පු විකුණන එක. මේ පැත්තෙම තරුණ ළමයි. ඉවරයි නෝනා" ඔහු කියයි.
" මේ මිනිහගේ ගෑණිත් ඒවට හවුල් . ඔය අද ඔහොම ඉන්නෙත් මේ මිනිහත් ගංජා ගහනවා. කාටවත් මූට ඉහළීන් යන්න බෑ.ඔක්කොම කරන්නේ ජරා වැඩ. මුළු ගමටම හෙණයක් වෙච්ච මූ මැරුනොත් හොඳයි නෝනා. දැන් ඔය සිහි නැති වෙලා ඇත්තෙත් ගංජා ගහලා වෙන්නැති. අපි උදව් වෙලා ගෙනාවේ ලතෝනිය අහං ඉන්න බැරුව. මේකා මැරෙනවනම් හොඳයි කිව්වේ ඒකයි නෝනා."
මට දෙන්නට පිළිතුරක් නැත. අපට සෑම රෝගියෙක්ම එකය. නමුත් ඔහු ගත කළ ජීවීතය ගැන ඇසූ විට මහ අප්‍රසාදයක් ඇති විය. ඔහූ කළ පාප කර්ම වලට දැන් ඇස් පනා පිට දුක් විඳිමින් ඉන්නා බව පැමිණි අය පවසයි. අපට ඔවුන් කියන ආකාරයෙන් කටයුතු කළ නොහැකියි. කුමන තරාතිරමක වුවත් කුමන ජාතියක වුනත් කවුරුන් පැමිණියත් ඔවුන් අපට රෝගීන්ම පමණකි.
මත් පැන් බී අවසිහියෙන් නගරයේ තැන තැන වැටී සීටින අය සේරම වරින් වර පොලිසිය හෝ යම් අයෙක් මෙහි ගෙන එයි. ඔවුන් සියල්ල අප දත්ත සටහන් කරගනිද්දී පරීක්ෂා කරද්දී සිටින්නේ වෙරි මතිනි. වෙරි හිඳුනු විට කිසිවකුට නොදන්වා ඔවුන් " missing "අතුරුදහන් වේ. සමහර විට අප දැක දැකම තම කැමත්තෙන් වාට්ටුවෙන් පිට වී යයි. එයට අපි යොදාගන්නා පදය ලාමා හෙවත් LAMA - leave against medical advice යනුවෙනී.
අර ගංජා මුදලාලිව නම් අපි සී.ටී. පරීක්ෂණය සහ වැඩිදුර සත්කාර සඳහා ඒවා තිබෙන තව නගරයක මහ රෝහල වෙත යැවූවා. නමුත් ආරංචිය ඔහු එහිදී මීය ගිය වගය. ඒ ගමට ආසන්න ගමක සිටින අපේ සුළු සේවකයෙක් පැවසුවේ අපට එදා ගමේ කෙනෙකුගෙන් අසන්නට ලැබුනු කතාව ඇත්ත බවය.
තවත් දිනක අප මහ රෝහලේම පෙර කලෙක පරිපාලනයට සම්බන්ද රැකියාවක් කළ පුද්ගලයෙක් හදිසි ප්‍රතිකාර ඒකකය වෙත ඇතුල් වී තිබුනේ ලේ වමනේ යෑම නිසයි. අධික කාලයක් තිස්සේ මත්පැන් පානය කරමින් සිටි හේ අක්මා රෝගී තත්වයක් වන සිරෝසීස් සහ ඒ නිසා ඇතිවන අක්මාවෙන් රුධිරය ගෙන යන නාල වල පීඩනය වැඩිවීමේ තත්වයට ගොදුරු වී අන්නස්‍රෝතය අවට රුධිර ශිරා වල ඉඳිමී පිපිරීමේ තත්වයක් ඇතිවී ආහාර මාර්ග පද්ධතිය තුල ලේ වහනය වී සෑහෙන්න අමාරු තත්වයෙන් මෙහි ඇතුලත් කර සිටියදී ඔහු ගොඩ ගන්නට අප දැරූ වෙහෙස මතක් වේ.
එදා නම් මත් පැන් බොන මිනිසුන් ගැන ඇතිවූයේ කියා නිම කල නොහැකි කෝපයකී. ලේ පයින්ට් දෙක තුනක් දුන්නත් ඇතුලත ලේ ගැලීම් අධික වීම නිසා (අක්මාව අකර්මණ්‍ය වීම නිසා රුධිරය කැටි ගැසීමට අවැසි රසායනික දෑද සිරුරේ හීන වේ) අර පිපිරී ලේ ගලන ශිරා ගැට ගැසීම සඳහා කළයුතු හදිසි ශල්‍ය කර්මය කිරීමට මොහොතකට පෙර ඔහු මිය ගියේ බොහෝ දුක් විඳිමිනි. දැන් ඔහුගේ තරුණ බිරින්දෑද දරුවන්ද තනිවී ඇත. ඔවුන් සැමගේ ජීවිත අඳුරේ ය.රෝහලක සිටියත් ලෙඩ දුක් දකිමින් බොහෝ දැනුමක් ලැබුනත් මත්පැන් බීම නවතා ගන්නට බැරි තරම් ඔහු ඇබ්බැහී වී තිබූ හැටි !
මේ ළඟදී අප වාට්ටුව වෙත අපූරු ඇබ්බැහිවීමකට පුරුදු වෙච්චි දරුවෙක් ආවේය. වයස අවුරුදු 16 යි. ඔහු සිහිසුන්ව පසුවෙද්දී පවුලේ අය විසින් හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුල් කොට සුව ලැබුනු පසු අපේ වාට්ටුවට එවා තිබිනි. ඉතා කෙට්ටු ඔහු ගත් කටටම කීවේ " මම අහවල් බෙහෙත බිව්වා මාස 2 තිස්සේ " යන්නයි. දරුණු කැක්කුම් පෙත්තක නමක් ඔහු පවසයි. මෙවැනී ඇබ්බැහිවීම් ගැන ලිවීමේදී බෙහෙත් වල නම් මෙහි ලිවීම කෙතරම් උචිතදැයි මා නොදනිමි. එනිසා සඳහන් නොකරම ඉන්නට කල්පනා කෙරුවෙමි. මානසික රෝගීන් වෙත දෙන පෙත්තක නමක්ද පවසයි.
" මට ගොඩක් කල් ඉන්න වෙයිද ඩොක්ටර්. "
"තමන් විහින් කරගත්තු දේ නේ.තරුණ ළමයි මොකටද මේ වගේ කරගෙන එන්නේ. දැන් ඉතින් ඉන්න වෙයි දවස් කීපයක්."
ඔහු බය බිරාන්ත වී ඔබ මොබ හාත්පස බලයි. වාට්ටු තුල සිටින අසාධ්‍යය රෝගීන් දෙස බලයි.
"දැන් මේ හොඳට තියෙන අත පය, ශරීර ඉන්ද්‍රිය , මේ පොඩි වයසෙම නාස්ති කරගෙන අර වගේ තමයි ඉන්න වෙන්නේ. " නහයෙන් බට දමා හර්ද ස්පන්දනය මනින මැෂින් වලට වයර් මගින් සවිකළ රෝගීන්, කෘෂ ශරීර ඇතිව අමාරුවෙන් හුස්ම ගනිමින් සිටි රෝගීන් මම ඔහුට පෙන්වමින් පැවසීය.
"අනේ අම්මෝ මටනම් බෑ මෙහෙ ඉන්න"
ඒ දරුවාගේ පියා මෙවිට ඔහු පාවිච්චි කළ පෙති ඇති බෑග් එකක්ද සමග අප වෙත පැමිණේ. ඒවා පරීක්ෂා කළ අපිට ඔහු ගන්නා පෙති වර්ග පෙර සඳහන් කල ඒවාම බව වැටහුනි.
ඔහු මේ පෙති වර්ග ගැන දැනගෙන තිබෙන්නේ සා පෙල ලකුණු එන තෙක් නගරයේ පිහිටි පරිගණක පාසැලේ ඉගෙනූම ලබන කාලයේය. කථාවේ හැටියට ඒ වයසේ බොහෝ පිරිස් මේ පෙති වර්ග පාවිච්චියට් ඇබ්බැහි වී සිටිති.
"ඉස්සෙල්ලම එක එක පාවිච්චි කලේ. අන්තිමට සති දෙකකින් විතර ඒ පෙති නොගෙන සෙල්ලම්වත් කරන්න බැරි තත්වයක් ඇති වූනා. මට තේරුනා මම මේකට ඇබ්බැහි වෙනවා කියලා. ඒත් කුඩු ගහනවා ගංජා බොනවා වගේ නෙමෙයිනේ ඩොක්ටර්." ඔහු කළ ක්‍රියාව සාධාරණීකරනය කරන්නටත් සැරසේ.
" මත්ද්‍රවය පාවිච්චි නොකරනවා කියලා වැඩක් නෑ. දැන් ඔයා මෙහෙම මේ පෙති වලට ඇබ්බැහි උන එකත් පුතේ හරියට මත්ද්‍රව්‍ය ගන්නවා වගේ තමයි" ඉතා කෙට්ටූවී සූදු මැලි වී සීටි මේ දරුවා අප අවධානය යොමු නොකර පැත්තක් අපට විවෘත කළේය.
"පුතා දන්නවද මේ පෙති දෙන්නේ විශාල ඔපරේශන් කරලා ලොකු කැක්කුමකින් ඉන්න අයට. සාමන්‍යයෙන් ලෙඩක් නැතිව මේවා බොන්න හොඳ නෑ. කොහොමත් මේවා බිව්වොත් කැරකිල්ල එනවා. වමනේ යන්න එනවා. දැන් ඔයා බිව්ව අනිත් පෙත්ත මානසික රෝගීන් බොන එකක්. වඩා හොඳ මානසික රෝග වාට්ටුවේ හීටියනම් නේද ?" මම කියද්දී ඔහු බයවී මාදෙසද පියා දෙසද බලයි.
" අනේ මට ඉන්නේ එකම පුතා ඩෝක්ටර් මට කොහොම හරි දරුවා සනීප කරලා දෙන්න. මම මීට පස්සෙ පුතා එක්කම එයා පස්සෙන්ම ඉන්නවා." පියා කඳුළු පුරවාගෙන හඬා වැටෙයි.
"මට මේක නවත්තන්න ඕනේ. ඒකට මම මොනවද කරන්නේ ? " ඔහූ ඉතා ඕනැ කමින් වීමසයි.
මේ සටහන කියවන අම්මේ තාත්තේ, ඔබේ දරුවන් ගැන වඩා වීමසිලිමත් වෙන්න. ගෑණු දරුවන්ට වඩා සා පෙල උසස් පෙල අවධියේ පසුවන ඔබේ පිරිමි දරුවන් යන එන තැන් ඇසුරු කරන යහළුවන් ගැන වඩා සෙවිල්ලෙන් ඉන්න. ඔවුන්ට අනුන්ගෙන් දැන ගන්න කලින් මෙවැනි දේ සමාජයේ ඇති බවත් ඉන් සිදුවන හානියත් පැහැදිලි කර දෙන්න. විශ්වාස කරන්න, අපට හමුවෙන සියලූම දරුවන් මෙවැනි දේ සෑම පෙදෙසකම ව්‍යාප්ත වී ඇති බවට සාක්ෂි සපයයි.
" මට ආයෙ ඉස්කෝලේ යන්න ඕනේ හොඳින් උසස් පෙළ කරන්න ඕනේ" ඔහුගේ හිතේ බලාපොරොත්තු එකින් එක ඔහු පවසයි.
නගරයේ පීහීටි ෆාමසි සියල්ලක්ම පාහේ වෛද්‍ය නිර්දේශය අඩංගූ තුංඩුවක් (prescription)අනිවාර් යයෙන් ගන්නා බව ෆාමසි හීමියන්ගෙන් ඇසූ විට පවසයි. නමුත් මේ දරුවා එසේ නියමිත තුංඩුවක් නැතිව මෙවැනි බෙහෙත් වර්ග ඔහේ ඕනෑම ප්‍රමාණයක් දෙන ෆාමසි මොනවාදැයි අප හා කියයි. ගංජා සහ මත්කුඩු වලට ඇබ්බැහි වුන ඔහූගේම පන්තියේ යහළුවන් ගැන පවසයි. මේ බෙහෙත ගන්නට බැරි වුනොතින් එදිනෙදා කරනා වැඩ කරගන්නට සවියක් ශක්තියක් ඇඟට දැනෙන්නේ නැති බවද පවසයි.
ගංජා මත් කුඩු , මත්පැන් සහ හෙරොයින් යන මේවාට ඇබ්බැහි වුනු පිරිස් බොහෝමයක් අප වාට්ටුවට ඇතුල් කරයි. බෙහෙත් සමගම උපදේශනය මගින්ද ඔවුන් ඉන් ගලවා ගැනීමට අප උත්සහ ගන්නෙමු. අර ගංජා කසිප්පු විකුණන ජාවාරම් කාරයා මිය ගියත් කවුරුන් හෝ ඔහුගේ තැන ගෙන යළිත් ඒ වෙළදාම ජයටම පවත්වාගෙන යනවා ඇති. සාමාජයේ යථාර්තය ඒකයි. නරක මුලිනුපුටා දමන්නත් වලක්වන්නත් හැකි අපිටමයි, එහෙම නැත්නම් කර්මය අනුව සමාජයට අවැඩ කරන්නන්ට පව පල දේවියැයි අත් බැඳගෙන සිටින එකනම් කරන්න බැරිම වැඩකි.
පාසැල් වල ඉගෙනුම ලබන දරුවන්ට උපදේශන මාලාවක් කරන්නට යැයි පළාත් සෞඛ්‍ය කාර්යාලයෙන් අප රෝහල් ඒකකයෙන් කළ ඉල්ලීම හැකි ඉක්මනින් නුදුරු දිනකම ඉටු කරමින් එම දේශන මාලාව පටන් ගත යුතුයැයි අපි අදිටන් කර ගත්තෙමු.
"ඩෝක්ටර් ලෙඩා මැරෙයිද ?" එලෙස අසන බෝහෝ අයගේ කටහඬේ තිබෙන හැඬුම් ස්වභාවය ඔහුගේ හඬේ නොවීය.මා දෙස එක එල්ලේ බලාගෙන හිඳී.
"ලෙඩා ගේ තත්වය එතරම් හොඳ නෑ. මෝළයේ ලේ ගැලීමක් වෙලාද බලන්න වෙනවා. ඒකයි අපී ...ර යවන්නේ"
"මේ මනූස්සයා මැරුනොත් හොඳයි ඩොක්ටර්." මමද ඒ අසල ඇඳ ඉහපතක යමක් සටහන් කරමින් සිටි හෙදියද ගල් ගැහුණාක් මෙන් බලාගෙන සිටියෙමු. ලෙඩෙක් ඉස්පිරිතාලේ ගෙන එන්නේ ජීවිතය බේරා ගැනීමටයි. මොහූ කියා සිටින්නේ වෙන දෙයක්.
"ඇයි එහෙම කියන්නේ මේ ඥාතියේක් නෙමෙයිද ?"
සාමාන්‍යයෙන් රෝගියෙක් රෝහලට ගෙන ආ කෙනෙක්ම එසේ කීම අපට පුදුමය දනවන සුළු විය.
"මේ මිනිහා කරන්නේ ගංජා කසිප්පු විකුණන එක. මේ පැත්තෙම තරුණ ළමයි. ඉවරයි නෝනා" ඔහු කියයි.
" මේ මිනිහගේ ගෑණිත් ඒවට හවුල් . ඔය අද ඔහොම ඉන්නෙත් මේ මිනිහත් ගංජා ගහනවා. කාටවත් මූට ඉහළීන් යන්න බෑ.ඔක්කොම කරන්නේ ජරා වැඩ. මුළු ගමටම හෙණයක් වෙච්ච මූ මැරුනොත් හොඳයි නෝනා. දැන් ඔය සිහි නැති වෙලා ඇත්තෙත් ගංජා ගහලා වෙන්නැති. අපි උදව් වෙලා ගෙනාවේ ලතෝනිය අහං ඉන්න බැරුව. මේකා මැරෙනවනම් හොඳයි කිව්වේ ඒකයි නෝනා."
මට දෙන්නට පිළිතුරක් නැත. අපට සෑම රෝගියෙක්ම එකය. නමුත් ඔහු ගත කළ ජීවීතය ගැන ඇසූ විට මහ අප්‍රසාදයක් ඇති විය. ඔහූ කළ පාප කර්ම වලට දැන් ඇස් පනා පිට දුක් විඳිමින් ඉන්නා බව පැමිණි අය පවසයි. අපට ඔවුන් කියන ආකාරයෙන් කටයුතු කළ නොහැකියි. කුමන තරාතිරමක වුවත් කුමන ජාතියක වුනත් කවුරුන් පැමිණියත් ඔවුන් අපට රෝගීන්ම පමණකි.
මත් පැන් බී අවසිහියෙන් නගරයේ තැන තැන වැටී සීටින අය සේරම වරින් වර පොලිසිය හෝ යම් අයෙක් මෙහි ගෙන එයි. ඔවුන් සියල්ල අප දත්ත සටහන් කරගනිද්දී පරීක්ෂා කරද්දී සිටින්නේ වෙරි මතිනි. වෙරි හිඳුනු විට කිසිවකුට නොදන්වා ඔවුන් " missing "අතුරුදහන් වේ. සමහර විට අප දැක දැකම තම කැමත්තෙන් වාට්ටුවෙන් පිට වී යයි. එයට අපි යොදාගන්නා පදය ලාමා හෙවත් LAMA - leave against medical advice යනුවෙනී.
අර ගංජා මුදලාලිව නම් අපි සී.ටී. පරීක්ෂණය සහ වැඩිදුර සත්කාර සඳහා ඒවා තිබෙන තව නගරයක මහ රෝහල වෙත යැවූවා. නමුත් ආරංචිය ඔහු එහිදී මීය ගිය වගය. ඒ ගමට ආසන්න ගමක සිටින අපේ සුළු සේවකයෙක් පැවසුවේ අපට එදා ගමේ කෙනෙකුගෙන් අසන්නට ලැබුනු කතාව ඇත්ත බවය.
______________
එදා නම් මත් පැන් බොන මිනිසුන් ගැන ඇතිවූයේ කියා නිම කල නොහැකි කෝපයකී. ලේ පයින්ට් දෙක තුනක් දුන්නත් ඇතුලත ලේ ගැලීම් අධික වීම නිසා (අක්මාව අකර්මණ්‍ය වීම නිසා රුධිරය කැටි ගැසීමට අවැසි රසායනික දෑද සිරුරේ හීන වේ) අර පිපිරී ලේ ගලන ශිරා ගැට ගැසීම සඳහා කළයුතු හදිසි ශල්‍ය කර්මය කිරීමට මොහොතකට පෙර ඔහු මිය ගියේ බොහෝ දුක් විඳිමිනි. දැන් ඔහුගේ තරුණ බිරින්දෑද දරුවන්ද තනිවී ඇත. ඔවුන් සැමගේ ජීවිත අඳුරේ ය.රෝහලක සිටියත් ලෙඩ දුක් දකිමින් බොහෝ දැනුමක් ලැබුනත් මත්පැන් බීම නවතා ගන්නට බැරි තරම් ඔහු ඇබ්බැහී වී තිබූ හැටි !
_________________
" මට ගොඩක් කල් ඉන්න වෙයිද ඩොක්ටර්. "
"තමන් විහින් කරගත්තු දේ නේ.තරුණ ළමයි මොකටද මේ වගේ කරගෙන එන්නේ. දැන් ඉතින් ඉන්න වෙයි දවස් කීපයක්."
ඔහු බය බිරාන්ත වී ඔබ මොබ හාත්පස බලයි. වාට්ටු තුල සිටින අසාධ්‍යය රෝගීන් දෙස බලයි.
"දැන් මේ හොඳට තියෙන අත පය, ශරීර ඉන්ද්‍රිය , මේ පොඩි වයසෙම නාස්ති කරගෙන අර වගේ තමයි ඉන්න වෙන්නේ. " නහයෙන් බට දමා හර්ද ස්පන්දනය මනින මැෂින් වලට වයර් මගින් සවිකළ රෝගීන්, කෘෂ ශරීර ඇතිව අමාරුවෙන් හුස්ම ගනිමින් සිටි රෝගීන් මම ඔහුට පෙන්වමින් පැවසීය.
"අනේ අම්මෝ මටනම් බෑ මෙහෙ ඉන්න"
ඒ දරුවාගේ පියා මෙවිට ඔහු පාවිච්චි කළ පෙති ඇති බෑග් එකක්ද සමග අප වෙත පැමිණේ. ඒවා පරීක්ෂා කළ අපිට ඔහු ගන්නා පෙති වර්ග පෙර සඳහන් කල ඒවාම බව වැටහුනි.
ඔහු මේ පෙති වර්ග ගැන දැනගෙන තිබෙන්නේ සා පෙල ලකුණු එන තෙක් නගරයේ පිහිටි පරිගණක පාසැලේ ඉගෙනූම ලබන කාලයේය. කථාවේ හැටියට ඒ වයසේ බොහෝ පිරිස් මේ පෙති වර්ග පාවිච්චියට් ඇබ්බැහි වී සිටිති.
"ඉස්සෙල්ලම එක එක පාවිච්චි කලේ. අන්තිමට සති දෙකකින් විතර ඒ පෙති නොගෙන සෙල්ලම්වත් කරන්න බැරි තත්වයක් ඇති වූනා. මට තේරුනා මම මේකට ඇබ්බැහි වෙනවා කියලා. ඒත් කුඩු ගහනවා ගංජා බොනවා වගේ නෙමෙයිනේ ඩොක්ටර්." ඔහු කළ ක්‍රියාව සාධාරණීකරනය කරන්නටත් සැරසේ.
" මත්ද්‍රවය පාවිච්චි නොකරනවා කියලා වැඩක් නෑ. දැන් ඔයා මෙහෙම මේ පෙති වලට ඇබ්බැහි උන එකත් පුතේ හරියට මත්ද්‍රව්‍ය ගන්නවා වගේ තමයි" ඉතා කෙට්ටූවී සූදු මැලි වී සීටි මේ දරුවා අප අවධානය යොමු නොකර පැත්තක් අපට විවෘත කළේය.
"පුතා දන්නවද මේ පෙති දෙන්නේ විශාල ඔපරේශන් කරලා ලොකු කැක්කුමකින් ඉන්න අයට. සාමන්‍යයෙන් ලෙඩක් නැතිව මේවා බොන්න හොඳ නෑ. කොහොමත් මේවා බිව්වොත් කැරකිල්ල එනවා. වමනේ යන්න එනවා. දැන් ඔයා බිව්ව අනිත් පෙත්ත මානසික රෝගීන් බොන එකක්. වඩා හොඳ මානසික රෝග වාට්ටුවේ හීටියනම් නේද ?" මම කියද්දී ඔහු බයවී මාදෙසද පියා දෙසද බලයි.
" අනේ මට ඉන්නේ එකම පුතා ඩෝක්ටර් මට කොහොම හරි දරුවා සනීප කරලා දෙන්න. මම මීට පස්සෙ පුතා එක්කම එයා පස්සෙන්ම ඉන්නවා." පියා කඳුළු පුරවාගෙන හඬා වැටෙයි.
"මට මේක නවත්තන්න ඕනේ. ඒකට මම මොනවද කරන්නේ ? " ඔහූ ඉතා ඕනැ කමින් වීමසයි.
මේ සටහන කියවන අම්මේ තාත්තේ, ඔබේ දරුවන් ගැන වඩා වීමසිලිමත් වෙන්න. ගෑණු දරුවන්ට වඩා සා පෙල උසස් පෙල අවධියේ පසුවන ඔබේ පිරිමි දරුවන් යන එන තැන් ඇසුරු කරන යහළුවන් ගැන වඩා සෙවිල්ලෙන් ඉන්න. ඔවුන්ට අනුන්ගෙන් දැන ගන්න කලින් මෙවැනි දේ සමාජයේ ඇති බවත් ඉන් සිදුවන හානියත් පැහැදිලි කර දෙන්න. විශ්වාස කරන්න, අපට හමුවෙන සියලූම දරුවන් මෙවැනි දේ සෑම පෙදෙසකම ව්‍යාප්ත වී ඇති බවට සාක්ෂි සපයයි.
" මට ආයෙ ඉස්කෝලේ යන්න ඕනේ හොඳින් උසස් පෙළ කරන්න ඕනේ" ඔහුගේ හිතේ බලාපොරොත්තු එකින් එක ඔහු පවසයි.
නගරයේ පීහීටි ෆාමසි සියල්ලක්ම පාහේ වෛද්‍ය නිර්දේශය අඩංගූ තුංඩුවක් (prescription)අනිවාර් යයෙන් ගන්නා බව ෆාමසි හීමියන්ගෙන් ඇසූ විට පවසයි. නමුත් මේ දරුවා එසේ නියමිත තුංඩුවක් නැතිව මෙවැනි බෙහෙත් වර්ග ඔහේ ඕනෑම ප්‍රමාණයක් දෙන ෆාමසි මොනවාදැයි අප හා කියයි. ගංජා සහ මත්කුඩු වලට ඇබ්බැහි වුන ඔහූගේම පන්තියේ යහළුවන් ගැන පවසයි. මේ බෙහෙත ගන්නට බැරි වුනොතින් එදිනෙදා කරනා වැඩ කරගන්නට සවියක් ශක්තියක් ඇඟට දැනෙන්නේ නැති බවද පවසයි.
ගංජා මත් කුඩු , මත්පැන් සහ හෙරොයින් යන මේවාට ඇබ්බැහි වුනු පිරිස් බොහෝමයක් අප වාට්ටුවට ඇතුල් කරයි. බෙහෙත් සමගම උපදේශනය මගින්ද ඔවුන් ඉන් ගලවා ගැනීමට අප උත්සහ ගන්නෙමු. අර ගංජා කසිප්පු විකුණන ජාවාරම් කාරයා මිය ගියත් කවුරුන් හෝ ඔහුගේ තැන ගෙන යළිත් ඒ වෙළදාම ජයටම පවත්වාගෙන යනවා ඇති. සාමාජයේ යථාර්තය ඒකයි. නරක මුලිනුපුටා දමන්නත් වලක්වන්නත් හැකි අපිටමයි, එහෙම නැත්නම් කර්මය අනුව සමාජයට අවැඩ කරන්නන්ට පව පල දේවියැයි අත් බැඳගෙන සිටින එකනම් කරන්න බැරිම වැඩකි.
පාසැල් වල ඉගෙනුම ලබන දරුවන්ට උපදේශන මාලාවක් කරන්නට යැයි පළාත් සෞඛ්‍ය කාර්යාලයෙන් අප රෝහල් ඒකකයෙන් කළ ඉල්ලීම හැකි ඉක්මනින් නුදුරු දිනකම ඉටු කරමින් එම දේශන මාලාව පටන් ගත යුතුයැයි අපි අදිටන් කර ගත්තෙමු.
Subscribe to:
Posts (Atom)