සුපුරුදු පරිදි යළිත් උතුරට වැසි සමය ඇරඹුනා නමුත් පෙර කල මෙන් එය එක දිගට මාස ගණන් පැවතුනේ නෑ. අකුණු සැර අධික වැහි මදිවට, නිතර විදුලි ඇණ හිටීම් , ඒ මදිවට ග්‍රීස් යකා වීසින් මේ කොණ වැසියන්ගේ ජීවිත වල විශාල කලබලයක් ඇති කර තිබුනා.
නීරන්තර වීදුලිය ඇණ හිටීම් අතර මැද මහ රෝහලේ ට්‍රාන්ස්ෆෝමරයකුත් පිපිරුවා, ඒ එක්කම ශල්‍යාගාරයක විදුලි බල්බයක් පුපුරලා සියලු ශල්‍ය කර්ම ඇණ හිටියා. ඔය ජර මර සේරම අතර තුර අපි සුපුරුදු පරිදි අපේ එදිනෙදා රෝහල් වැඩ කටයුතුත් කරගෙන ගියා. ලැප්ටොප් එකේ බැටරිය පිච්චී ලියන්නට බැරි වෙන තරමට අත කඩා දැම්මා වගේ වැඩක් වුනෙත් ඔය දවස් වලමයි. මේ විදුලි අලකලංචිය ඒකටත් හේතුවක් විය හැකියි.
ඒ දිනවල සෑම දිනකම උදෑසන අඩම් තෙට්ටම් වලට ලක්වී ගුටි කා පිහි ඇනුම් සහිතව හදිසි අනතුරු ඒකකයට ඇතූලත් කල ග්‍රීස් යකුන් බැලීමට යැයි සියල්ලෝම වැල නොකැඩී ඇදී යයි. ඔය අතර මානසික රෝගාබාද වලට ලක්වූ අයද සුලභය.
ග්‍රීස් යකුන් ගෙවල් වලට පැමිණි විට බය බිරාන්ත වී පැමිණි අයද බහුල විය.
නමුත් රෝහල් ගත වූ ග්‍රීස් යකුන්ගේ ග්‍රීස් තිබුනු බවක් නොදුටුවෙමු.
පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සටන් කල එළි බැස්සේද මේ කාලයේදීමයි. 2003 වසරේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී ඕවාට වීරුද්ධව මහා විශාල අත්සන් එකතුවක් සකස් කළ බවත් මතක් විනි. නමුත් අද රජයේ වෛද්‍යවරයෙක් ලෙස සේවය කරන අප සමහරකගේ ආකල්ප ශිෂ්‍ය අවධියට වඩා වෙනස් බව මේ ගැන නිරන්තරයෙන් කෙරෙන කතා බස් වලදී වැටහේ. සංඛේත වැඩ වර්ජනයක් පවත්වන්නට කටයුතු යෙදුනා, නමුත් එදින අප රෝහලේ සායන කිහිපයක්ම පැවැත්වෙන දිනයකි. හවස අපි කතිකා කරගත්තේ ඉතා දුර බැහැර සිට සායන වලට පැමිණෙන අපේ රෝගීන්ව අමාරුවේ දමන්නේ කෙසේද කියාය. වෛද්‍යවරුන් තවත් එපා කරවන වැඩ නොකර සායන වැඩ කටයුතු කරමූ යැයි කතාබස් කරන අතරේ එම වැඩ වර්ජනය අහෝසි කල බවට දැනුම් දුන් නිසා අපි සැනසුම් සුසුම් හෙලුවෙමු. මන්ද අවසන කරදර විඳින්නේ අන්ත අසරණ මිනිසුන් පමණක් නීසාවෙනි. රජයේ වෛද්‍යවරුන් නරුම ගති ඇති මුදල් කාක්කන් බව කියමින් තැනතැන බැණ වදින අය අප දහස් ගණනකගේ මානුෂික ක්‍රියාවන් නොදකී.
ස්ටෙතසයක් අත රැගත් හෙරක්ද ?
ඔය අතරේබොහොම විවේකීව පසුවන ඉරිදා දිනයේ උදෑසන වාට්ටු වටයෙන් (ward rounds)පසු අපි වෛද්‍යවරුන්ගේ නේවාසිකාගාරයේ සාලයේ වාඩිගෙන රූපවාහිනිය නරඹමින් සිටියෙමු. හදිසියකින් මෙන් ලොකු බෑගයක් රැගෙන පැමිණි තරුණියක් බෑගය එහි පුටුවක රඳවා අත තිබුනු වෙද නලාවත් සමග සැනකින් රෝහල් වාට්ටු දෙසට දීව ගියාය.
ඔයිට කලින් සතියක අපේ බාහිර රෝගී අංශය වෙත පැමිණි තරුණියක් , තමන් හලාවත රෝහලේ වෛද්‍යවරියක් බවද මෙහි සේවය කරන වෛද්‍යවරියක් මුණ ගැසීමට පැමිණි බවද කියමින් ලොකු කලබගෑනියක් කලාලු, සැවොම විමසිලිමත් වී ප්‍රශ්න අසද්දී රෝහලෙන් පිටවී ගොස් තිබුනා. ඉංග්‍රීසි හෝ සිංහල වචනයක්වත් නොදන්නා ඇය තමන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබා ගත් බවද පැවසුවායැයි එහි සිටි අය අප හා පැවසුවා.
එකත් එකටම මේ එම තරුණිය විය හැකියැයි සීතුනු නිසා අප කිහිප දෙනෙක් ඇය නැවත පැමිණෙන තෙක් රැඳී සිටියා. හදිසියකින් මෙන් වෙද නළාවකුත් අතේ රැගෙන මෙහි සේවය කරන වෛද්‍යවරියක් මෙන් රඟපාමින් ඇය පැමිණියාය.
"තමා කවූද ? " අපි ඉංග්‍රීසියෙන් විමසුවෙමු.
ඉංග්‍රීසි නොදන්නා බවක් ඇය කීවාය, එතැන් පටන් මම දෙමෙළෙන් ඇය හා කතා බස් කළෙමි.
" ඔබ කවුරු හරි මුණ ගැසීමට පැමිණියාද ? දැකලා පුරුදු නෑ"
ඇය පැවසුවේ "මම හලාවත රෝහලේ වෛද්‍යවරියක්. මම අහවල් කෙනා මුණ ගැහෙන්න ආවේ"
" මොන ෆැකල්ටියෙද ?" මම නැවත විමසුවෙමි.
"මම කොළඹ ෆැකල්ටියෙ. දැන් ෆ්‍රී ඉන්ටර්ස් කෙනෙක් හැටියට හලාවත වැඩ කරන්නේ"
එතැනින්ම ඇය කරන්නේ ප්‍රෝඩාවක් බව දහස් ගණන් ලෙඩුන් පැමිණෙන රෝහල් වල වැඩ කර අත්දැකීම් ඇති මට වැටහුනි. ෆ්‍රී ඉන්ටර්ස් කියා කිසිවෙක් නැත. ප්‍රී ඉන්ටර්න් (pre intern) හෙවත් වෛද්‍ය විද්‍යාල වලින් පිටව - සීමාවාසික පත්වීම ලැබෙනතුරු වෛද්‍යවරුන් හඳුන්වන කාලයයි .
"ඔබ කොළඹ වෛද්‍ය පීඨයේනම් අඩු තරමේ ඉංග්‍රීසි වචනයක් හෝ සිංහල වචනයක් දැන ගත යුතුයි. මම ඉංග්‍රීසීයෙන් දිගටම ඇගෙන ප්‍රශ්න කළෙමි. බියෙන් වෙවුලන්නට වූ ඇය, ගොත ගසමින් දෙමළෙන්ම පැවසුවේ.
"මම මේ ඉස්පිරිතාලේ ඉන්න අහවල් දොස්තරගෙන් ෆාමටෝලොජික් නෝට්ස් ඉල්ලාගන්න ආවා " යන්නට
ෆාමටෝලොජික් කියා විෂයක් අප ඉගෙන ගෙන නැත. තිබෙන්නේ ෆාමකෝලොජි හෙවත් ඖෂධවේදයයි.
මැය ලොකු ප්‍රෝඩාවක් කරමින් සියල්ලන්ම මුලා කරමින් ස්ටෙතසයක් රැගෙන මෙලෙස රෝහල් වල ඇතුලේ නිදහසේ සැරිසරමින් කරන්නේ කුමක් හෝ භයානක ක්‍රීයාවක් බව අප කිහිප දෙනාට වැටහිනී. එවිටම කොළඹ විශ්වවිද්‍යාලයේ උගත් අපේ දමිළ අයියා කෙනෙක් අපේ දුරකථන පණිවිඩ නිසා සැනකින් එතැනට පැමින ඇගේ නම ගම සියල්ල අසා හතර වටේට කෝල් දමා එහෙම කෙනෙක් කොළඹ වෛද්‍ය පීඨයේ අවුරුදු 10 පුරාවටවත් ඉගෙන ගෙන නොමැති බව තහවුරු කර ගත්තේය...
දුවන්නට තැත්කරොත් අල්ලා ගන්න බලාගෙන කාරුණිකව ඇයට මම පැවසුවේ, ඇය පවසන ඔය කියන වෛද්‍යවරයා හමුවීමට අප හා පැමිණෙන ලෙසයි. වැඩි පරිස්සමට, පළා යන්නට ඉඩක් නොදෙන්න, මම ඇගේ බෑග් එකද ඉල්ලා ගතිමි. ඉතා බර අධික එහි මොනවා තිබේද යන්න ගැන හිතට බියක්ද ඇතුල් විනි.
අපේ වෛද්‍ය නේවාසිකාගාරයේ සිකියුරිටි මහතුන් දෙදෙනා කැඳවා විමසුවේ මැයට මෙලෙස ඇතුල්වන්නට ඉඩ දුන්නේ ඇයිද කියාය.
ඔවුන් පැවසුවේ... මීට කිහිප සැරයක් එමින් යමින් තමන් හලාවත වෛද්‍යවරියක් බව කියමින් ස්ටෙතසයත් අතේ රැගෙන මැය රෝහල තුලටත් ඉන් පිටතටත් යන එන වගය. "ඉතින් ස්ටෙත් එකක් අතේ අරන් යනකොට අපිට අහන්න බෑනේ ඩොක්ටර්, එයා කවුද කියලා, මෙයා බස් එකට නගින්නෙත් ස්ටෙත් එක අතේ අරගෙනනේ" ඔවුන් මෝඩ තර්ක ඉදිරිපත් කළෝය.
"මේ අපි කවුරුත් ස්ටෙතස්කෝප් එක අතේ අරන් එළියට පාරට යනවා දැකලා තියෙනවාද, කිසිම ඩොක්ටර් කෙනෙක් ස්ටෙත් එක අතේ අරන් මහ පාරේ යනවද ?" මම ඔවුන්ගේ මෝඩ තර්ක සහ සාමන්‍ය දැනුම ගැන ප්‍රශ්ණ කළෙමි. වෛද්‍යවරුන් විශාල සංඛ්‍යාවක් නේවාසිකව සිටින කාමර මෙන්ම ආපන ශාලාවද තිබෙන්නේ එහිය. බොහෝ විට අප නිදහසේ සිටින්නේ කාමර හෝ හොඳින් අගුල් නොදමමිනි.
කිහීප ගමනක් ඇවිත් තියෙනවා මදිවට වාට්ටු වලටත් ගිහින් තියෙනවා. ඇය හැඳ සිටියේද වෛද්‍යවරියකට නූසුදුසු ආකාරයෙනි. අතේ පයේ ඇඟිලි සියල්ලේම ඉතා තද පැහැ නිය ආලේපනයක් ගල්වා තිබිනි. බැලූ බැල්මට මතක් වෙන්නේ වෙනත් වෘතියක් කරන කෙනෙකි.
අපි ඇය කැටුව වහාම අප වෛද්‍ය අධිකාරී කාමරය වෙත ගියෙමු.
මැය කවුද ? කුමකට පැමිණියේද ? ඊළඟ කොටසට මෙතැනින් යන්න... part 2 ස්ටෙත් එකත් අරන් රෝහලට ආ තරුණිය
ඇත්තෙන්ම ඇය කවුද . . . කුමක්ද ඇය එහි කරන්නේ?
ReplyDeleteදරුවන් සොරකම් කරන්නියක්?
බෙහෙත් සොරකම් කරන්නියක්?
ඉක්මනට අනෙක් කොටස දාන්න ප්ලීස්
වෙනදා වගේ කියවලා හොරෙන්ම යන්න බැරි වෙයි වගේ:D..
ReplyDelete..ඉතුරු ටික ලියනකම් අපි බලාගන ඉන්නවෝ....!
දැන් ඉතින් අපි කුතුහලෙන් බලන් ඉන්නම් ඉතිරි ටික කියවන්න. හොඳ කතාවක් වගෙයි එන්නේ.
ReplyDeleteකුතුහලයේ උපරිමයට ගෙනත් දමලා ඔය කොහෙද ගියේ ??? අපි බලා ඉන්නව ඉතුරු ටික කියවන්න !
ReplyDeleteකුමණ හේතුවකට ආවද කියල සිතාගන්න අමාරුයි. ඒත් වෙස්වලගෙන ඇවිත් ඉන්නේ හොඳ දේකට වෙන්න බෑ
ReplyDeleteවෙනස් ආරක , කුතුහලය පිරි ලිපියක් , ඉතිරිය ගැන ආසාවෙන් බලාගෙන ඉන්නවා අපි .
ReplyDeleteඇත්තටම මේ කවුද? ඉතුරු ටිකත් කියවන්න අපි බලන් ඉන්නවා...........
ReplyDeleteඉස්සර වගේම එක දිගට ලියන්න බැරි උනා. කතාව දිග නිසා. සමාවෙන්න ඔන්න අන්තිමට වෙච්චි දේත් සමගම අද ලිපිය පල කලා. අදහස් දැක්වූ සැමටම බොහොම ස්තූතියි.
ReplyDeleteමානසික ආබාදයක් තියන කෙනෙක් වෙන්න ඕනේ?
ReplyDeleteඅසරණ මානසික රෝගියක් වෙන්නත් පුළුවන්... නම කියන්නට නොදන්නා නමුත් ඔවැනි ලක්ෂන පෙන්වන මානසික රෝගයක් ඇතිබව කියවා ඇත..
ReplyDeleteමේ දිනවල රජයේ වෛද්‍යවරුන්ගේ "ගුණ වර්ණනා" නිරතුරුවම අසන්නට ලැබේ.
ReplyDeleteවෛද්‍යවරුන්ට එරිහිව ඇති ප්‍රධාන චෝදනාව පුද්ගලික සේවයේ නියැලීමය. නමුත් මහන්සියට හා සේවයට සරිලන වැටුපක් ලැබෙනවානම් බොහෝ දෙනෙක් එය නොකරනවා ඇත. මට මතක හැටියට සාමාන්‍ය වෛද්‍යවරුන්ගේ වැටුප 30000-40000 අතරේය. එය මදි බව අමුතුවෙන් කිව යුතු නැත. උද හරණයක් ලෙස හමුදා වෛද්‍යවරුන්ට (කියන හැටියට) 100 000 ආසන්නව මාසෙකට ලැබේ. හමුදාව එවැනි ගණනක් ගෙවන්නේ කරනා සේවයට ගලපෙන්නය.