"පවුල් ආරවුල් විසඳන එක අපේ ඒකකයේ කාර්යයක් නොවුනාට.. ඒක ඉබේම අප ඒකකයට බාරදීලා වගෙයි දැනෙන්නේ.." අපේ ජේෂ්ඨ වෛද්‍යවරයා අප හා පැවසුවේ එලෙස අප වෙත යොමුවී තිබූ පවුලක ආරවුලක් සමතයට පත් කරන්න වෙහෙසෙද්දීයි. මේ පවුල අප වාට්ටුව වෙත යොමු වීමට ප්‍රධාන හේතුව වූනේ එම පවුලේ ස්වාමි පුරුෂයා රෝහල් ගත කර තිබූ නිසා.පුරුෂයා රෝහල් ගත කර තිබුනේ රසායනික පොහොරක් පානය කර දිවි නසා ගැනීමට හදපු නිසා. ඔහු හා කතා බස් කරද්දී වැටහුනේ ඔහු මානසික වශයෙන් බොහෝ ලෙස පීඩා විඳින්නෙක් බව.
දරු දෙදෙනෙකුගේ මව් පියන් වන මේ තරුණ යුවල එකිනෙකා දිහා නොබලන්නට තරම් විරසක වී සිටියා. බාල වයසේදී විවාහ වී සිටි ඔවුන් දෙදෙනාම විසි අට හැවිරිදි වියේ පසුවූවා.
අපේ මේසය දෙපස හිඳ ගෙන සිටි අඹු සැමි යුවල එකිනෙකාට පුප්පන්නට වීය. පෙර දිනයක මා වාට්ටුවේ සිටින වෙලාවක එහි පැමිණී එම පුරුෂයාගේ බිරිඳ මා වෙත ඇවිත් ඇසුවේ තනියම පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද කියායි.
"මම ආවේ එයාව බලන්න්න නෙමෙයි. මට දුක් විඳලා ඇති වෙලා ඩොක්ටර් "
"හැමෝම ඉතින් ඔහොම තමයි කියන්නේ. හැමෝම දුක් විඳිනවා හැමෝටම දුක් විඳලා ඇති වෙලා තමයි."
අසල සිටි අපේ ජේෂ්ඨ වයසක හෙදි සොයුරිය අපේ කතාවට සම්බන්ද වීමේ අරමුණින් එතැනට පැමිණියා. කොහොමත් ඇය වාට්ටූවේ සිටින රෝගීන් ගැන විමසිලිමත්. ඒවගේම වයස අඩු අපිට ජීවිතේ ගැන වැඩි තේරුමක් නෑ කියලා වහෙන් ඔරෝවෙන් නොයෙක් වෙලාවට කියන්නත් වාට්ටුවේ කුමන ප්‍රශ්නයකට හෝ හොට දාන්න, අපේ අදහස් වල වෙනසක් කරන්න මේ අපේ ජේෂ්ඨ හෙද සොයුරියට පුළුවන් කමක් තියෙනවා ඒ අපේ හිත් වල ඇය ගැන තිබෙන ලෙංගතු හැඟීම නිසා. නමුත් ඇත්තටම සායනික දැනුම ඇරෙන්න ජීවීත දැනුම අඩු අපිත් ඇයට සලකන්නේ අපේ වැඩිහිටියෙක් හැටියට මිසක් ඇය ගැන අපිට කිසිම අවස්ථාවක තරහා යන්නේ නෑ. මොකද මේ වාට්ටුවේ අනික් හෙද සොයුරියන්ද වෛද්‍යවරයාට උපරිම ගෞරවයෙන් සලකන අප හා මිතුරන් මෙන් ක්‍රියා කරන අය බවට පත්වුනේ ජේෂ්ඨ හෙද සොයුරිය නිසාම බැවිනි. අනෙක් වාට්ටූවල සීමාවාසික වෛද්‍යවරු හා ගැටෙන්නම වෛද්‍යවරයාගේ වැරැද්දක් හොයන්නම සැදී පැහැදී සිටීන හෙද හෙදියන් දකිනකොට අපට අප ගැන ආදරෙන් කටයුතු කරන අය සීටීම කෙතරම් හොඳද කියාමයි සිතෙන්නේ. වාට්ටුවේ සායනික වටවල අතපසුවීම් හසු වෙනකොට අපේ කෑ ගැසීම් ඉවසා සිටින්නත් ඒවාට හැකි ඉක්මනින් ක්‍රියාත්මක වෙන්නත් ඔවුන් සියලු දෙනා කටයුතු කරද්දී එලෙස කෑ ගැසීම ගැන අපටම ඇති වෙන්නේ ලැජ්ජාවක්. නමුත් කේන්තියෙන් පුපුරා බැන අඬ ගසන හෙදියන් වෙනුවට කාරුණික හෙදියන් මේ වෛද්‍ය වාට්ටුවේ සිටීම අප ලද භාඟ්‍යයක්.
ඉතින් කලින් සඳහන් කළ 28 හැවිරීදි තරුණ මව මා ඉදිරිපස අසුනේ හිඳ ගනිද්දී කිසිදු ඉරියව්වක් හැඟීමක් නොමැති ඇගේ සුදු මැලි වී ගිය මුහුණ ඇතුලට ගිලුනු ඇස් වල පිරී තිබුනූ කඳුළු කියා පෑවේ දුක්බර ඉතිහාසයක සුළ මුලයි. ඇයට අපි කල්පනා කියමු.
"මම බැන්දේ අවුරුදු 18 දී. මෙයා මා එක්ක කතා බස් කරලා කරලා ඒයාගේ ඒ අදහස් වලට කැමති වෙලා මම ගෙදරට විරුද්ධව කසාද බැන්දේ. ඒත් මම ඒ ලෙවල් පාස් වෙලා බාහිර කරලා රස්සාව හදා ගත්තා. ලොකු පුතාට දැන් වයස 9යි විභාග කලේ දරුවා ඔඩොක්කුවේ තියාගෙන පාඩම් කරලා. මෙයා ආරක්ෂක සේවයට ගියා. ටික ටික බීමට ඇබ්බැහීවෙලා අන්තිමේ ගෙදර එන හැම වෙලාවෙම බනීන්නයි ගහන්නයි මාව සැක කරන්නයි පටන් ගත්තා. ගිය සතියේ සෙල් ෆෝන් එකත් කුඩු කරා. මට වෙන මනුස්සයෙක් ඉන්නව කියනවා ඩොක්ටර් මට වෙන මනූස්සයෙක් ඕනෙ නම් මම මොකටද දුක් විඳගෙන මෙයා එක්ක හිටියේ අවුරුදු 10 ක්ම. දැන් දෙවෙනි බබාට මාස 9 ඒ දරුවා මෙයාගෙද සැකයිලු. ගෙදර ආවම බයිසිකල් මාක් මිදුලේ තියෙනවා කියලා මිදුලට වෙලා ඒවා චෙක් කරනවා. මම දැන් ඉන්නේ අම්මලගෙ ගෙදර. මම දන්නෙත් නෑ සමහර වෙලාවට වත්තේ හැංගිලා ගේ දිහා බලාගෙන ඉන්නවා. ගෙදරට යන එන අය ගැන.මම මේ හැම දේම කරේ මගේ උවමනාවට කියලා කියනවා. එයාව බැන්දේ, ළමයි හැදුවේ , ගෙවල් හැදුවේ. මට ගුටි කාලා ඇති වෙලා මම තනියම ඉන්නම් ඩොක්ටර් කොහොමත් මේ මනුස්සයා මාව දාල ගිහින් මාස ගණන් පිට ඉඳලා එන්නේ...දරුවාටත් ගහනවා ලොකු පුතා කියන්නේ ලොකු උනහම තාත්තාට අම්මාට ගහන්න දෙන්නේ නැහැ කියා. දරුවොත් දුක් විඳිනවා " මේ ඇය කියූ විස්තරයෙන් කොටසක්.
දරුවන්ට තාත්තා කෙනෙක් සීටිය යුතු බවට ජේෂ්ඨ හෙදි සොයුරිය තර්ක කරයි
මෙහෙම අමනුස්සයෙක් එක්ක ඉන්න පූළුවන්ද... මම ඉන්නේ වෙනත් මතයක. ඒත් මගේ හිතේ නැගෙන සිතුවීලි පිට නොකරන්නට මම බොහෝ වෙහෙස ගත්තා මොකද අන්තිමේ. ඩොක්ටර් මෙහෙම කිව්වා කියලා හතර වටේ යන්නේ මගේ නම නිසායි.
ඇගේ කතාව අවසානයේ මම ඇයට පසු දින උදෑසන පැමිණ අප රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ තුමා මුණ ගැසෙන සේ උපදෙස් දුනිමි. මන්ද ඇය කියන ලක්ෂණ අනුව ඔහු තුල පවතින සැකය හා අනෙකුත් මතයන් වලට උපදෙස් දීමට සුදුසුම පුද්ගලයා ඔහු බැවිනි.
ඒ අවස්ථාවට මමද සහභාගි වුනෙමි.ඒ මනෝ වෛද්‍ය ඒකකයේ වැඩ බලන වෛද්‍යවරයා ලෙස නොයෙක් වර මමද එහි සේවය කළ නිසාය.
"මෙයාට වෙන මිනිස්සු ඉන්නවා. එයා රස්සාවට යනවා එපා කියද්දි. ෆෝන් පාවිච්චි කරනවා" ඔහු පවසන්නට විය.
ඔහු ඉගෙන ගෙන ඇත්තේ 10 වසරට පමණි. තම බිරිඳ තමාට වඩා උසස් රැකියාවක් කිරීම ඔහුට අද මදි පුංචි කමකි. ඇය ගැන තොරතුරු සොයන්නට පසු පසින් යන එකද වත්තේ සැඟවී සිටින එකද අනෙක් චෝදනාද ඔහු පිළිගත්තේ. මට මෙයාව සැකයි ඒකයි කියමින්. එලෙස බහින් බස් වූ දිනයක ඔහු ඇගේ ජංගම දුරකථනය කඩා කුඩු කර ඇයට පෙනෙන්නට වස බෝතලයක් කටේ හලාගෙන තිබේ.
ඔහු කතා කරන විලාශයද අසාමාන්‍යයි. කෙතරම් සමතයකට පත් කරන්න හැදුවත් ඇය ඔහු ඉදිරියේ කොතරම් කිව්වත් ඔහුගේ සැකය එසේමයි ඔහු කියයි. ඔහුගෙන් වෙන්වෙන්නට ඇය පොලිස් පොත් වල පැමිණිලි දමා ඇති බව ඇය අවසානයේ කීවේය. ඒ ඔහු ඒ කෝලාහලය වූ දින ඇගේ මවට ගසා අත කැඩී ඇය රෝහල්ගත කරන්නට සිදු වූ බැවිනි කථා බහ අවසානයේ අප විශේෂඥ තුමාගේ මතය වූයේ ඔහුට ඇත්තේ "Othello syndrome" යනූවෙන් හඳුන්වන මානසික රෝගී තත්වය බවයි. මේ නිසා තම බිරිඳ හෝ සැමියා දෙස සැකයෙන් බලන්නටත් ඇතැම් විට කලහකාරී ලෙස හැසිරෙන්නටත් රෝගීන් පෙළඹෙනවා.
ඔවුන්ගේ පවුල් ප්‍රශ්ණයට විසඳුමක් නොමැති තැන අපේ විශේෂඥතුමාගේ මතය වූනේත් ඔවුන් වෙන්විය යුතු බවය. මේ මෙවැනි ප්‍රශ්ණ නිසා අප වෙත පැමිණි එකම අඹු සැමි යුවල නොවේ. මෙවැනි කතා සිය ගණනින් අසා ඇත දැක ඇත නමුත් අවසානයක් නැත. සියල්ලෝම තමන්ගේ හිතැඟි ඉටු කරගන්නට තම තම නැණ පමණින් කටයුතු කරන්නේ අන් ජීවිත ගණනාවක් අඳුරේ හෙළමිනි. තාත්තා නැතිව ජීවත් වෙන්නට සිදු වන දරුවන්ද , දෙමාපියන් නැතිව තනිවන දරුවන්ද අවසන විඳින්නේ කෙතරම් පීඩනයක්දැයි මෙහි ඇති අනාථ නිවාස වල සායනවලට යද්දී හොඳාකාරවම අපි දැක ඇත්තෙමු.
ඉහත සිදුවීමේ අවසන විශේෂ්ඥ වෛද්‍යතුමා අප දෙසට හැරී මේ ගැන අපි හිතන්නේ මොනවාදැයි ඇසුවේය.
"මම තාම බැඳලා නැති එක ගැන සැනසීමක් දැනුනා (I said, "Im glad that Im not married")" යන්න මගේ කටෙන් එක විටම පිටවුනූ වචන පෙළයි.
Life, work, stress and Stories from the other end - සායනික සටහන් නොවේ, මේ ජීවිත සටහන් ගොන්නකි....
Thursday, July 14, 2011
Monday, July 11, 2011
කාටද සතුටූ...පිස්සුනේ...? ඉන්දු සහ ෆේස් බුක්
"ගුඩ් මෝනින්ග් ඩොක්ටර්" ඉන්දු (මෙය අනවර්ථ නාමයකි) මා දුටු විගස කරමින් සිටි වැඩය නවත්තා කොහේ හිටියත් කෑ ගසයි. ඇය මෙම රෝහලට අමුත්තියක් නොවේ. ගෙදර තියාගෙන ඉන්න බැරි වුන නිසා රෝහලටත් එතැනින් රැඳවුම් නිවාසයකත් එතැනින් පැන ගොස් අසුවූ විට නැවත රෝහලටත් මාරුවෙන් මාරුවට දෝලනය වෙමින් සිටින ඈ එක තැනක රඳවා ගැනීමට ඇති අපහසුව නිසා අප අංශයට ලොකුම හිසරදයක් වී සිටී. රෝගීන් බැලීමට අමුත්තන් එන වෙලාවට ඈ ගැන විශේෂයෙන් සැලකිලිමත්ව සිටිය යුතු වේ. අමුත්තන් රොත්තට එකතුවී වාට්ටු කාර්‍යය මණ්ඩලයේ ඇස් වසා, රෝහලෙන් පිට ගිය වාර අනන්තය. කොරිඩෝ වල ඇවිදිමින් සිටියදී අප පැමිණෙන වෙලාවට අපි එක්කරගෙන ආ වාර අනන්තයි.
ඇය 30 හැවීරිදිය. ඉතා ලස්සනය. නමුත් 23 හැවිරිදි කාලයේ සිටම ස්කිසොෆ්‍රේනියා (schizophrenia ) නම් මානසික රෝගයෙන් පෙළෙන්නියකි. සාමාන්‍ය පෙළ උසස් ලෙස සමත්වී වාණිජ විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරපු අයෙකි. උසස් පෙළ විභාගය ගැනීමට පෙර මානසික රෝගය උත්සන්න වූයෙන් මෙහි පැමිණියාය. තවමත් ඇයට සම්පූර්ණ සුවයක් නැත. මූලිකම හේතුව අම්මාගේ ආදරය හෝ පවුලේ අන් අයගේ ආදරය නොමැතිව තැන් තැන් වල හැදෙන නිසාය.
ඇගේ මවටද මෙම රෝගයම ඇති නිසා අම්මා සහ ඉන්දු එකට එකතු කරන්නට අපි ගන්නා වෑයම ගඟට කැපූ ඉණි මෙන් නිරර්ථක වන්නේය.
මෙවර ඈ එකතු කරගෙන ආවේ ඇය සිටි රැඳවුම්/අනාථ නිවාසයෙන් තුන් වෙනි වතාවටත් පැන ගොස් ඒ අසල ගමක බොක්කුවක් යට සිටියදීය. ගැහැණියක් නිසා අපචාරයට ලක්වීමට ඇති ඉඩකඩද වැඩිය. හරියට පවුලෙන් හෝ හිතවත් අයගෙන් සහයෝගයක් නැතීව හැදෙන නිසා ඇගේ මානසික රෝගයේ අඩුවීමක් දකින්නට අමාරුය. තමන් ගැන හෝ වට පිටාව ගැන වගක් නැත. දැනෙන දේ සියල්ල එලෙසින් කියවයි(Hallucinations), මැවී පෙනෙන දේ සියල්ලද කියවයි. කිසිම දෙයක් ගැන ඇල්මක් බෑල්මක් නැත.
කොන්ඩය හොඳින් පීරා තරහ ගිය වෙලාවට ඉරලා නැතිව ඉතිරී වුන ඇඳුමක් ඇඳගෙන රෝහලේ මල් පැල තවානට වතුර දමයි. තරහ ගිය වෙලාවට කා එක්ක හෝ රණ්ඩු ඇල්ලීමට මාන බලයි. ඇඳගෙන ඉන්නා ඇඳුම් පවා ඉරා දමයි. තරහ නිවුන පසු ඉරිච්ච ඇඳූම් තුරුලු කරගෙන වැලපෙයි. ඇයට කෝපය එන එකටත් , නිදිමත නොඑන විටදිත්, නිදි මත වැඩි විටදිත් යන සියල්ලටම පළි වෛද්‍යවරු වන අප සහ බෙහෙත් දෙන නර්ස් මිස්ලාය.
ඇය මෙලෙස කලබල කරද්දී වාට්ටුවේ තනි කාමරයට ඇයව දමා වසනු හැරෙන්න යමක් කිරීම අපහසුය නැත්නම් අවට සිටින සියල්ලන්ටම ගුටි බැටදෙයි.
කාමරයේ තනි වූ විට "ඇයි අම්මේ මාව මෙහෙම තනි කරලා අත ඇරලා ඉන්නේ. මම අම්මාගේ දරුවෙක් නෙමෙයිද.. අම්මාට මාව එපා නම් පොඩි කාලේ මරලා දැම්මේ නැත්තේ ඇයි. මට ජීවත් වෙන්න එපා වෙලා අම්මේ .. මෙහෙම අනුන්ගේ තැන්වල" කිය කියා ඉන්දු විලාප තියයි. එවා අසා ඉන්න හරිම අමාරුයි. සංවේදී හදවත් ඇති කාගේ උනත් දෙනෙතට කඳුළක් නැංවෙනවා නියතයි.
ලැප්ටොප් එකත් උස්සාගෙන මම රාත්‍රී වැඩ මුරය නියමිත දින වල හවසට එහි යන්නෙමි, වෛද්‍ය හිඟය නිසා මෙම මානසික සෞඛ්‍යය වාට්ටුවේ වැඩබලන වෛද්‍යවරයා ලෙසද උන්නු ගමන් මමද සේවය කරමි. මම ලැප්ටොප් එක දිග ඇරගෙන බ්ලොග් සටහන් ලියන අතරම මූණු පොතේද එහෙ මෙහෙ යන්නෙමි. නර්ස් මිස්ලා වැඩ කරන මේස දෙකින් එකක් ළඟ තිබෙන ප්ලග් පොයින්ට් එකේ, බැටරිය මිය යමින් පවතින ලැප් ටොප් එක ප්ලග් කරගනීමි. අප වෛද්‍යවරුන්ගේ කාමරයේ ප්ලග් පොයින්ට් එකක්වත් වැඩ කරන්නේ නැත. ඒවාට කොතරම් පැමිණිලි ලිව්වත් හදන්නේද නැත එක්කෝ ඒවා හැදෙන්නේ නැතිවා ඇති.
ඉන්දු ද එහෙ මෙහෙ කැරකෙන ගමන් මා අසලට පැමිණ ලැප් ටොප් එක දිහාට එබෙයි.
"මොකද්ද මේ" face book පෙන්වමීන් ඇය මගෙන් අසයි. මම මුහුණු පොත ගැන විස්තර කර දුනිමි.
"මොකටද මෙහෙම ඒවා ?" ඇය මගෙන් විමසයි.
"මුණගැහෙන්න බැරි යාලුවන්ගේ විස්තර දැනගන්න. කතා කරන්න to stay connected" මම ඇයට විස්තර කරමි.
මගේ යහළුවෙකුගේ මගුල් ගෙදරක්. දරුවෙකුගේ උපන්දිනයක් වගේම, එදිනෙදා ජීවිතයේ නොයෙක් ෆොටෝ සහ පළ කල දේ මම බලමින් සිටියෙමි.
"මගුල් ගෙවල් ගන්න එකනම් මහම මහ මෝඩ වැඩක් නේද ?" ඉන්දු මගෙන් අසයි.
"ඇයි එහෙම කියන්නේ" මම මගේ හිනාව තද කරගෙන ඇසූවෙමි.
"බොරු සල්ලි නාස්තියක් විතරයි"
"ඉන්දුට විතරයි ඒක තේරුනේ" මමත් නර්ස් මීසුත් ඇයට ප්‍රශංසා කරද්දී ඇය කියන දේට එකඟ වීම ගැන ඇයට සතුටක් ඇතිවුනු බව මුහුණෙන්ම පෙනේ.
"ඇයි මෙහෙම පොටෝ දාන්නේ" ඇය ලැප් ටොප් තිරය මත දිස්වූ පින්තූර රොත්ත පෙන්වමින් විමසයි
"අනිත් අයට බලාගන්න."
"ඉතින් වැඩක් නෑනේ. එහෙම වෙන දේවල් ඔක්කොම හැමෝටම පෙන්නන්න ඕනෙ ඇයි ?" ඇය විමසයි.
"හොඳ ප්‍රශ්ණයක් ! මමත් තාම හරියටම උත්තරේ දන්නේ නෑ. සමහර විට සතුටක් දැනෙනවා ඇති " මම පිළිතුරු දුනිමි
"කාටද සතූටු ? "
"බලන අයටයි , ෆොටෝ දාන අයටයි " මම කීවෙමි.
"හි හී ...පිස්සුනේ ..." එහෙම කියමින් මහ හඬින් හිනා වෙමින් ඇය වාට්ටුව වෙත දිව ගියාය.
මගේ හිත මොහොතකට හිටිවනම නැවතුනේය. මානසීක රෝගී ලේබලය අලවා බෙහෙත් කරන ඇය අප මේ කරන දේවල් පිස්සු වැඩ ලෙස දකී, වැඩක් නැති නිසරූ දේවල් කියා කියයි ! වරද ඇත්තේ කොතැන ද ? ඇය කියන දේ හරිද ? අපි හරීද ?

Thursday, July 7, 2011
වතුර ෆිල්ටර් කිරීම, වකුගඩු රෝගය සහ අපි....2
ආසනික් සහ වකුගඩු රෝගය ගැන හැමෝම කතා බස් කරන මේ කාලයේ .... පසුගිය ලිපිය හා සම්බන්දයි...
"මගේ මහත්තයා නැතිවුනේ වකුගඩු අමාරුව නිසා, ඒ එක්කම එයාගේ අක්කා, අම්මා තාත්තා, මාමා , තව මාමාගේ පුතෙක් අවුරුදු 36 , ඔහොම අපේ පවුල් දෙකේම ගොඩ ඈයෝ නෑතිවුනා නෝනා. හංගන්න ඕනේ නෑ. කියන්න මටත් වකුගඩු අමාරුව නේද ?" රෝගී කාන්තාව මා දෙසම බලාගෙන කියයි. ඇගේ ඇඳ ඉහ පතේ සඳහන් වූ ක්‍රියැටිනින් අගය දුටු මට බොහෝ දුකක් ඇතිවිය. ඒ යමක් කරන්නට බැරි තරම් අසාධ්‍ය වූ වකුගඩු රෝගීන් මේ පළාතේ බොහෝ සිටින නිසාය .
නාගම්මා නැවත වරක් රෝහල් ගත කර තිබුනා ඇය පෙලෙන වකුගඩු රෝගයේද අවසාන අදියරේ (End stage renal failure) සිටියාය. හුස්ම ගැනීමේ අපහසුතා සමග නීරක්තිය නිසා නිතර රෝහල් ගත වන ඇගේ ක්‍රියැටිනින් අගය බලා සිටියදී ඉහළ යනවාය. 42 හැවිරිදි ඇයගේ පෙනුම 80 වියැති අයකුගේ වගේය. දරුවන් 4 දෙනෙකුගේ මවක් වූ ඇයගේ බාලම දරුවාගේ වයස අවුරුදු 10 කි. යුද්ධය නිසා ස්වාමියා අහිමි ඇගේ දරුවන් රැකුනේ ඇය කුලී වැඩ කර හම්බ කරගන්නා මුදලකිනි. මේ ප්‍රදේශයේ සියල්ලන්ම පාහේ දුප්පත් හෙයින් කුලී වැඩ කරනුයේ හේනක නැත්නම් කුඹුරකය. එයද හැමදාම ලැබන සල්ලියක් නොවේ. රෝගීන් බලන වෙලාවට ඇගේ ඇඳ වටේ පොදි ගැහෙන ඒ දරුවන් රැගෙන එන ඇගේ පියා හෝ අයියා කෙනෙකු නිතර අපෙන් විමසන්නේ ඇය සුව වෙයිද කියාය. වකුගඩුවක් බද්ධ කරගැනීමට ඇති නොහැකියාව නිසා ඇය කෙමෙන් කෙමෙන් වකුගඩු මරුවාට බිලි වෙමින් සිටියාය. මේ වන විට ඇයට බෙහෙත් පෙති අහුරක් පමණ ගිල දමනවා හැරෙන්නට වෙන කරන්න ප්‍රතිකර්මයක් නොමැති විය. විටෙන් විට හුස්ම ගැනීම අපහසු වෙන විට දුම් අල්ලමින්ද පොටෑසියම් අගය වැඩිවෙන විට ඒ සඳහා එන්නත් ලබමින්ද එක් රෝහල් ගත කිරිමකදී රුධිර පයින්ට් 3 පමණ ශරීර ගත කරමින්ද ඉතා දුක්ඛිත අදියරක සිටි ඈ එක්තරා දවසක රෝහල් ගතවීමකින් පසු අප වාට්ටුවේදීම මිය ගියේ අප හැමගේ නෙත් වල කඳුළු ඉතිරි කරමින්.
වකුගඩු රෝගය කියන්නේ මේ ප්‍රදේශවල ජනයාගේ ජීවිත බිලි ගන්නා අංක එකේ මරුවා වී අවසානයි. පෙර කලනම් ඒ තැන තිබුනේ යුද්ධයයි. මුල් කාලයේ සායන වලදී සහ වාට්ටුවල එතරම් විශාල රෝගීන් ප්‍රමාණයක් දැකීම අපට පුදුමයක් විය. පසුගිය කාලයේ තිබූ වාතාවරණය නිසා රෝහලක් වෙත පැමිණීමේ අපහසු තාවයෙන් සිටි ඔවුන් මුල් වරට රෝහල වෙත පැමිණෙද්දී බොහෝ විට පසුවූයේ වකුගඩු රෝගයේ අවසාන අදියරේ.
කෑම අරුචිය, වමනේ යෑම සහ මූත්‍රා පිටිවීම අඩුවීම යන රෝග ලක්ෂණ සහිතව අප වාට්ටුව වෙත එක් දිනක පැමිණි කරුණාපාල නැමැත්තා මින් පෙර කිසිම රෝගයකට බෙහෙත් පෙත්තක්වත් බී තිබුනේ නැත. ඔහුද ගොවි තැනින් එදාවේල සකසා ගත්තෙකි. ඔහු දුටු මතින්ම වකුගඩු රෝගය ඇත්තෙකු බව වටහා ගන්නට වැඩි කාලයක් ගියේ නැත. වකුගඩු රෝගයේ තත්වය මැන බලන ක්‍රියැටිනින් අගය ඉතා ඉහල මට්ටමක පැවතියේය. ඔහු සිටින්නේ ඉතා අසාධ්‍යය තත්වයකයි. රුධිරයේ හිමෝග්ලොබින් අගයද 5 ටත් අඩුවෙනි. රුධිරයත් දිය යුතුමය. ඔහුගේ සහෝදර සහෝදරියන් දරු මුණුබුරන් ඇඳ වටේ රොක් වී ඇත. අමුත්තන් බැලීමේ වෙලාවට අපට නිවනක් නැත. හැමෝටම ඕනෑ වෛද්‍යවරයා මුණ ගැසෙන්නටය. කරුණාපාලගේ ඇඳ අසල රැඳි ඔහුගේ සොහොයුරෙක් වෙත අප මේ රෝගය සම්බන්ද සියලු දෑ විස්තර වශයෙන් පැහැදිලි කර දුන්නෙමු. ඉන්පසු වකුගඩුවක් බද්ධකිරීමේ අවශ්‍යතාවය මෙන්ම ඔහු දැන් සිටින තත්වය අසාධ්‍යය හෙයින් එය ඉක්මනින් කළ යුතු බවද කීවෙමු. ඔහුගේ එක් සහෝදරයෙක් සිටින්නේ ප්‍රධාන නගරයක රෝහලක් සමීපයේ නිසා එහි ගෙන යන බව අපට පවසා සිටියා. නමුත් අපේ මතය වූයේ රෝහලෙන් ඔබ්බට ගමනාගමනය සඳහා ඔහුගේ සෞඛ්‍යය තත්වය හොඳ නැති නිසා ටික කලක් මෙහි සිට තත්වය හොඳ අතට හැරුණු පසු අනුරපුර වකුගඩු සායනයට යොමු විය යුතු බවය. අප විශේෂඥ වෛද්‍යවරයාගේද අත්සන සහිතව ඔහුගේ රෝග විනිශ්චය රැඳි කාඩ් ලිපි සමග ඔහුගේ ටිකට් බලෙන්ම කපාගෙන ඔවුන් තම සොයුරාව තම කැමැත්තෙන් අගනුවර පිහිටි රෝහලක් වෙත රැගෙන ගියේ දැඩි බලාපොරොත්තු රැසක් සමගය. නමුත් යන අතර මගදී ඔහු මිය ගිය පුවත ඉන් දින කීපයකට පසුව අප වෙත රැගෙන ආවේ රෝහලේ සේවය කරන ඒ ගමේම කෙනෙකි. අගනුවර ගෙනියනවාට වඩා මේ ළඟ පිහිටි නුවර තිබූ මහා රෝහලට ගෙන ගියා නම් ! කියා අපට කියැවිනි. නමුත් මරණය කොයි මොහොතේ අප කරා ඒද කිව නොහැකි බවද මතක්වුනි. මෙහි ලියා සඳහන් කළ කිහිප දෙනා පමණක් නොව තව බොහෝ රෝගීන් වකුගඩු රෝගය නිසා මරණයට පත්වුනේ ඒ වාගේම ඛේදජනක අයුරිනි. වකුගඩු බද්ධ කිරීම සඳහා යොමු වූ ඇතැමෙක් තවමත් සායන සඳහා සහභාගි වෙති.
මේ ප්‍රදේශ වල සෑම කෙනෙක්ටම පාහේ අප දෙන පොදු උපදෙස් කිහිපයක් තිබුනා. ඒ වතුර උණු කර ෆිල්ටරයක් මගින් පෙරා පානය කරන ලෙසය. අවුරුදු ගණනාවක්ම ඉතා දැඩි අපහසුතා මැද ජීවිතය එක අතකින්ද මරණය අනික් අතින්ද අල්ලාගෙන ගස් ගල් උඩ රෑ පහන් කල මේ වැසියන් හට මේ ලැබුන නිදහස සමග වතුර ෆිල්ටර් කිරීම යනු සිතාගත නොහැකි සිහිනයකි. ඇතැම් කොට්ටාශ බාර සෞඛ්‍යය නිළදාරීන් විසින් දැනුවත් කිරීම සමග ප්‍රායෝගිකව මේ අය වෙත උපදෙස් ලබා දීම සිදුවුනත් හැමෝගෙන්ම එසේ සිදුවී නොමැති බව අපිට වැටහුනේ වකුගඩු රෝගය සෑදී එලෙස පැමිණෙන්නන් පානීය ජලය සම්බන්දයෙන් අප කරනා විමසීම් වලදී ඇස් ලොකු කරගෙන බලා සිටියදි ය. ඇතැමෙක් කියන්නේ ඔවුන් නල ළිං වල ජලය පානය කරන බවත් ප්‍රශ්නය ඇත්තේ වැව් දියේ බවත්ය. වැව් වල ජලය බීමට තබා නෑමටවත් සුදුසු නොවේ. දිනකට ඇඟ පුරා කුෂ්ඨ සහිතව ඇඟ පත දැවිල්ල සහ කැසීම සහිතව කිහිපදෙනෙකු බාහිර රෝගී අංශයටද වාට්ටුවලටද පැමිණෙන්නේ වැව් වල නෑම හේතු කරගෙනය. ඒවාට පිළියමක් යොදන්න කෙනෙක් හෝ යම් දෙපාර්තමේන්තුවක් තිබෙනවාද යන්න අප නොදන්නා කරුණකි.
වකුගඩු රෝගයේ තත්වය මැන බැලීමට අප සිදු කරන පරීක්ෂණය නම් රුධිරයේ ක්‍රියැටිනින් වල අගය මැනීමය. ඒ සමගම තව බොහෝ දේ පරීක්ෂා කළ යුතුය රුධිර හොමෝග්ලොබින්, පොටෑසියම් වැනි දෑ ඒ අතර වේ. දිනපතා රෝහල්ගතවන අයගෙන් බොහෝමයකගේ මේ අගය මැන බැලීම සිදු කරනවාමයි. රෝග ලක්ෂන පමණක්ම නොව ඔවුන්ගේ ගම් පළාතද අසා දැනගෙන අප එය සිදුකරන්නේ ඒ තරම්ම ප්රමාණයක් වකුගඩු රෝගය නිසා මිය යන නිසාවෙන්ය. බොහෝ විට අවසාන අවස්තාවේ සිටින අය සඳහා කළයුතු රුධිරයේ අහිතකර ද්‍රව්‍යය පෙරීම සඳහා මීට ඔබ්බෙන් පිහිටි අනුරපුර මහා රෝහල වෙත ඔවුන් යැවිය යුතුය. එසේ රුධිරය පෙරන යන්ත්‍ර සහ විශේෂඥයින් සහිත ඒකකයක් තියෙන්නේ මේ පළාතටම අනුරාධපුර රෝහලේ පමණකි. එලෙස වුවත් යැවිය හැක්කේ වකුගඩු බද්ධකිරීම සම්බන්දයෙන් සැලසුමක් ඇති (KT plans) අයවලුන් සහ ප්‍රථම වතාවට රෝග විනිශ්චය කර සායන වලට යොමු කළ යුතු අයවලුන්ය. අනෙක් සමහරක් දෙනා මරණාසන්නව පැමිණියත් ඔවුන් හට කළයුතු විශේෂ ප්‍රතිකර්මයක් නොමැති තරම්ය. අවසානයේදී බොහෝ දුක්ඛිත මරණයක් ඔවුන්ට හිමි වේ.
මෙහෙ වකුගඩු රෝගීන් ප්‍රමාණය කොතරම්ද කියතොත් කලක් ගතවෙත්ම මුහුණ දෙස බැලූ පමණින් වකුගඩු රෝගීන් හඳුනා ගැනීමේ ලක්ෂන අනුව ඒ බව නිගමනය කරගන්නට අපට හැකි විනි. අප විශේෂඥතුමා පවා ඒ බව අපෙන් නොයෙක් අවස්ථාවල විමසා සිටියා. බොහෝ කල් සිට මේ ප්‍රදේශවල කුඹුරු වල පවතින රසායනික පොහොර නිසා මේ ප්‍රදේශ වල ජලය අපිරිසිඳු බව අප එකල ඇසුනු කතා ය. සේවය කිරීමට පැමිණි දා පටන්ම විකිණීමට ඇති ලීටර් 20 වතුර බූලි සල්ලි දී රැගෙන පාවිච්චි කිරීමට අපිට සිදු විනි. නමුත් සාමාන්‍ය ජනයාට එසේ කිරීම අපහසුය. එම ලීටර් 20 වතුර බූලියක මිල රුපියල් 200 කි. කලක් මුළුල්ලේ රෝහලේ පැවති පිරිපහදු ජල කළමණාකරන ක්‍රමයද සැරින් සැරේ අකර්මන්ය වෙයි. ඒ අවැසි තරම් ප්‍රතිපාදන නොමැති හෙයිනි.
අඩුම තරමේ රජයේ හෝ යම් රාජ්ය නොවන සංවිධානයක් මගින් හෝ මෙම වතුර පෙරා පිරිපහදු කරන්නේ නම් මතුවට මේ ප්‍රදේශයෙන් වකුගඩු රෝගීන් ඇතිවීම වත් වලක්වා ගත හැකිය. එමෙන්ම මොවුන් ගේ පවුල් දැනුවත් කිරීම සහ පාසැල් මට්ටමින් දුවා දරුවන් දැනුවත් කිරීමද සිදු කළයුතුමය. එදාවේල හම්බ කරගැනීමට දහක් දුක් විඳින මේ මිනිස්සුන්ට ෆිල්ටරයක් ගැනීම යනු සිහිනයකි. ඔවුන් දිනකට පානය කරන වතුර ප්‍රමාණයද අල්පය.
මේ ප්‍රශ්නය ගැන මීට වඩා සැලකිල්ලෙන් ක්‍රියාත්මක විය යුතුමය.
කොළඹින් පැමිණ සැනකෙළි පවත්වා සංගීත සංදර්ශන පවත්වනවාට වඩා මෙවැනි දෑ තුලින් ඇත්තටම උතුරට වසන්තයක් උදා වෙනවා නො අනුමානය.

Tuesday, July 5, 2011
වකුගඩු රෝගය සහ අපි.. 1
ආසනික් සහ වකුගඩු රෝගය ගැන හැමෝම කතා බස් කරන මේ කාලයේ , වකුගඩු රෝගය එක්ක ඔට්ටු අල්ලන අපිට ඒ ගැන කියන්න කතා බොහෝමයි. ඒ හැම එකකම අවසානය දුකක් ! ඒකතා සේරම ජීවිතයක් බේරන්න ජීවිත ගොඩගන්න කරනා අරගලයන් ය.
අප වාට්ටුවේ බොහෝ කලක් නැවතී සිටි සිරිසේන මියගොස් තිබුනු ආරංචිය අප වෙත ගෙන ආවේ අප රෝහලේම වැඩ කරන ඔහුගේ ඥාතියෙක් විසින්. දරුවන් තිදෙනෙක් සිටින ඔහු කුඹුරු වැඩ කළ දක්ෂ ගොවියෙක්, වයස අවුරුදු 45 කි. ඔහු වකුගඩු රෝගයේ අවසාන අඩියේ (end stage renal failure ) සිටි අයෙකි. රුධිරය පෙරීම (heamodialysis) සඳහා අනුරපුර මහ රෝහල වෙත නොයෙක් වර ඇතුල් වී සිටි ඔහුට වකුගඩුවක් බද්ධ කළහොත් තව කලක් ජීවත් වීමේ භාග්‍යය හිමි වෙන බවද ඒ සඳහා උනන්දුනම් පමණක් නැවත එවිය යුතු බවද එම රෝහලෙන් අප වෙත ලියා දන්වා තිබුනි. වකුගඩුවක් බද්ධ කිරීමටනම් තමන්ගේ කෙනෙකුන් ඒ සඳහා ඉදිරිපත් විය යුතුය. නැත්නම් වකුගඩු රෝගය විසින් ඔවුන් මරණය කරා කැන්දන් යන තෙක් නොයෙක් පෙතිවර්ග ගනිමින් ජීවත් විය යුතුය. මේ දෙනු ලබන පෙති වල උනත් වකුගඩු වල තත්වය හොඳ කරන පෙත්තක් නොමැත. වකුගඩු අකර්මන්‍ය වීම නිසා ශරීරයේ අඩුවන කැල්සියම් සහ හිමෝග්ලොබින් තත්වය පවත්වාගෙන යෑමට අවශ්‍ය මුලික පෙති වර්ග පමණක් රෝහල් වලින් ලබා දේ , ඒවාද ඇතැම් විට රෝහල් වල නොමැත, out of stock ය.
වකුගඩු රෝගයෙන් පෙළෙන මේ උතුරු මැද , සහ උතුරු ප්‍රදේශයේ සිටින මේ වැසියන් බොහෝ දෙනෙකුගේ ඉරණම එසේය. හැම කෙනෙක්ටම haemodialysis , peritoneal dialysis නමින් හඳුන්වන වකුගඩු වලින් පෙරා ඉවත් කරන ශරීරයට අහිතකර විස සහිත දෑ ශරීරයේ ගොඩ ගැසුනු විට එම රුධිරය පෙරා ඒවා ඉවත් කිරීම සිදු කරන්න යොදා ගන්නා යන්ත්‍ර සූත්‍ර , විශේෂඥ වෛද්‍යවරු හෝ ප්‍රාග්ධනය නොමැති වීම නිසා බොහෝ විට වයස , වකුගඩු රෝගයේ තත්වය, සහ වකුගඩු බද්ධ කිරීමට ඇති හැකියාව සලකා බලා ඔවුන්ව අනුරපුර වකුගඩු සායනයට යොමු කරනවා.
අවසාන අවස්ථාවේ ආසාධ්‍යය තත්වයෙන් රෝහල් ගත වෙන අයහට බොහෝවිට අත්වන්නේ මරණය යි. සමහර පුද්ගලයින් තමන් පෙළෙන රෝගය ගැන වටහාගෙන බද්ධ කිරීමක් හෝ විශේෂ ප්‍රතිකාර අවැසි නැතැයි කියා මරණයට සූදානමින් කල් ගෙවනවා. එලෙස අප අනුරපුර වෙත යොමු කල එක් කාන්තාවක් අප වාට්ටුවට ඇතුලත් කර තිබුනේ ඇගේ සායනික සටහන් ගොන්නත් සමගින්. 52 වියේ පසුවූ ඇය ඇඳකට දමා රුධිර පීඩනය ආදිය පරීක්ෂා කර බලද්දී අප විමසුවේ “ඇයි වකුගඩුවක් බද්ධ කරගත්තේ නැත්තේ” කියායි.
“මම නිසා දරුවෙක්ට කරදර කරන්න ඕනේ නැහැ. ඉන්න ටිකේ පිනක් දහමක් කරගෙන සිටියාම අහවරයි” යන්න ඇගේ පිළිතුර විය. ඇගේ රුධිරයේ පරීක්ෂා කරන්නට අවශ්ය ක්රියැටිනින් අගය , හිමොග්ලොබින්. සහ K+ පොටෑසියම් යන මේවා පරීක්ෂා කිරීමට ලැබ්, lab එකට රුධිරය යවා අප මදක් විවේකීව සිටියේ එය රෝගීන් බැලීම සඳහා අමුත්තන් පැමිණෙන වේලාව බැවිනි. සවස හය වෙනවාත් එක්කම අප විවේක කාමරය වෙත දුරකථනයෙන් කතා කල හෙදිය පැවසුවේ මැණිකේ නැමැති එම කාන්තාව හුස්ම නොගන්නා බවය. එවිට විවේක කාමරේ සිටි අපි තිදෙනෙක්ම හැකි ඉක්මනින් ඇය වෙත දිව ගියෙමු.
අමුත්තන් සියල්ල ඇය වටකරගෙන ලතෝනි තියන්නට පටන් ගෙන තිබුනි. ඇගේ ස්වාමියා අපට ඇය වෙත ළංවීමටවත් නොහැකි ලෙස ඇය බදාගෙන අඬමින් සිටියේය. මෙවැනි විටකදී අප ඉතා තදින් ක්‍රියා කිරීමට පුරුදු වී සිටියෙමු. පළමුව රෝගියා ! ඉන්පසු අනෙක් ඕනෑම දෙයක් යන්න අපේ සිතුම් පාඨය විය. උස් හඬින් කෑ ගසා වැලපෙන්නන් ඉවත් කරන්නට වූයේද අපටමය. ඉන්පසු හර්ද ස්පන්දනය , හුස්ම වැටීම සහ නාඩි බලා ගැන්මට විශේෂ මොනිටරයට සවි කර කෘතිම ස්වසනය දෙමින් රෝගියාව දැඩි සත්කාර ඒකකය වෙත තල්ලු කළෙමු. කොරිඩෝව පුරා අමුත්තන් පිරී තිබුනු එවේලේ එක් අයෙකු හර්ද ස්පන්දනය සඳහා පිටතින් මසාජ් කරමින්ද මම කෘතීම ස්වසනය සඳහා නහය කට වටේ තද කරන කෘතිම ස්වසන මෙවලමද (air bag ventilation) එක අතකින් එහි බැලූනය ඔබමින්ද තව කිහිප දෙනෙක් ට්රොලිය තල්ලුකරමින් ද හදිසි සත්කාර ඒකකය වෙත ගියෙමු. එහිදී සිටි ජේෂ්ඨ වෛද්‍යවරිය සමග දෙවරක් පමණ හර්දය වෙත විදුලි සැර දී ඇගේ හර්දය පණ ගන්වා ගත්තෙමු. දැඩි සේ වෙහෙසව සිටි අපට මොනිටරයේ හර්ද ස්පන්දනය ඇහෙනවාත් සමග ඒ හර්ද තරංග රේඛාව දුටු විට හැඬුම් ආයේය. ඒ ජීවිතයක් බේරා ගත් සතුටටය. එ වේලේ විවේකාගාරයේ සිටි අපි වෛද්‍යවරුන් තුන් දෙනාම (දෙදෙනෙකු අනිත් වාට්ටුවක සේවය කරන අයය) එතැනට ගිය නිසා අපට ඉක්මනින් ක්‍රියාත්මක වී ඇගේ ජීවිතය බේරාගත හැකි විනි. නමුත් බොහෝ විට එක වාට්ටුවක සේවය කරන්නේ එක වෛද්‍යවරයෙකු පමණි. එක වෛද්‍යවරයෙකුට ඒසා සියල්ල සිදු කිරීම අපහසුය. එවැනි අවස්ථාවක පුහුණු හෙද, හෙදියන් මෙන්ම සාත්තු සේවකයින්ද සිටිය යුතුමය. සීමාවාසික වෛද්‍යවරයෙකු සේ සේවය කරද්දී මෙවැනි අඩුලුහුඬුකම් බොහෝමයක් දුටුවෙමි. වෛද්‍ය පුරප්පාඩු මෙවැනි මහා රෝහලකත් බොහෝ ඇති නිසා රෝගීන්ට සිදුවන අසාධාරණය කොතරම්දැයි කිව නොහැක. පසුගිය දිනෙක පුවත්පතක මා දුටුවේ අප රටේ රෝගීන් 1334 කට සිටින්නේ එක වෛද්‍යවරයෙකු බවයි. එනමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දී ඇති නිර්ණායකය වන්නේ රෝගීන් 400කට එක වෛද්‍යවරයෙක් යන්න ය.
හදිසි සත්කාර ඒකකයෙන් (ETU)අපි පිටතට පැමිණියේ වීරයන් මෙනි. එයින් පිටත බලාගෙන සිටින මැණිකේ මහත්මියගේ ඥාතීන්ට කියන්නට අපට ඇත්තේ සතුටු පණිවිඩයක් හෙයිනෙ. එනමුත් වකුගඩු රෝගයේ අසාධ්‍යම තත්වයේ සිටි ඇයට මේ අප රැක දුන් පණ කෙන්ද තව ඉතා කෙටි කාලයකට බවද අපි දැන සිටියෙමු..... !

Sunday, June 19, 2011
අමතක වුනු ලිවීම..
යුද්ධය පැවති... නිම වූ... යළි පිබිදෙන ප්‍රදේශයක බොහෝ කල් සේවය කරමින් ඉන්ඳැද්දීත් ඒ අත්දැකීම් නොලියන්නේ ඇයි කියලා හැමතැනින්ම ප්‍රශ්න. අත්දැකීම් කෝටියක් තිබුනත් ඒ කාලේ මතක් වෙද්දි හිතට දැනෙන්නේ වෙහෙසක් දුකක් සහ තේරුම් ගන්න බැරි අමුතුම හැඟීමක්.
ඩෙංගු සමග පොර බැදීම.
ආයෙමත් හිස ඔසවන ඩෙංගු වචනය ඇහෙනකොටම මතක් වෙන්නේ අපේ වාට්ටුවල ඩෙංගු එක්ක අපි කරපු හරඹයයි. වෛද්‍යවරයෙක් වශයෙන් සේවය කළ කාලයේ... මේ ප්‍රදේශයට වට වැස්සත් එක්ක හිස ඔසවපු එක මාරයෙක් තමයි ඩෙංගු.
වාට්ටුවේ දවසකට ඩෙංගු උණ රෝගයෙන් පෙළුනු රෝගීන් 4 දෙනෙකුට අඩු නෑ. වාට්ටුව බාරව හිටියෙත් මම විතරයි. ඒ අයගෙන් දෙන්නෙක්වත් හමුදාවල සේවය කරන්නන්. උතුරු පළාතටම තිබුනු මූලික රෝහල මෙය නිසා හැම ජංජාලයකම අවසන් වෙන්නේ අපේ රෝහලෙන් තමයි. ඇඳන් උඩත් ලෙඩ්ඩු ඇඳන් යටත් ලෙඩ්ඩු. ඇඳක සමහර විට ලෙඩ්ඩු 3 දෙනයි. ward round හෙවත් උදේ හවස අපේ ලෙඩ්ඩු බැලීමේ වටය පටන් ගන්නේ පැය 2 කලින්. නැත්නම් සියල්ලන්ගේම ප්‍රෙෂර් නාඩි බලා අවශ්‍ය පරීක්ෂණ කරන්න වෙලාව මදි. කලබලේ කොතරම්ද කියනවානම් එහෙම එක ඇඳේ දෙතුන් දෙනා සිටින දිනක මගේ එක යහළුවෙක් රෝගියා බලා ගන්න සිටින කෙනාගෙත් නාඩි බලා තිබුනා.
ඒ අතරින් දෙදෙනෙකුවත් හමුදාවේ අය, එක්කෙනෙක් හෝ දෙන්නෙක් අයි. ඩී. පී. කෑම්ප් වල රැඳවියන්. ඉතින් එකම යුධ බිමක දෙපැත්තක සටන් කරගත් දෙපිරිස ඇඳන් දෙකක එකම මාරයෙක් හා පොර බදනවා. ජීවිතය කොයි තරම් අවිනිශ්චිතද. වාසනාවකට මා සේවය කළ කාලයේ අප වාට්ටුවේ නම් කිසිවෙකුත් ඩෙංගු වලින් මිය ගියේ නම් නැත. ඩෙංගු මැඩ පවත්වන්න රෝගී වුනු අවස්ථාවේ බෙහෙත් කිරීම පමණක්ම නොවේ, මදුරුවන් මර්ධනය කිරීමද අවශ්‍යයි. ඒ සඳහා ඔවුන් බෝ වන ස්ථාන හඳුනාගෙන ඒවා හැකි තරම් අවම කිරීමයි කල යුත්තේ.
රාත්‍රියට වාට්ටු පිරී ඉතිරී යන මදුරුවන්ගෙන් බේරී රෑකළ වාට්ටුවේ වැඩ කිරීම ඉතා අපහසුය. ඉතා දිගු ඇඳුම්ද, බාම් වර්ගද ගා ගනිමින් ඔවුන් පළවා හැරීමට බොහෝ විට අපි කටයුතු කළෙමු. කුඩා බාම් කුප්පි රැගෙන විත් ලෙඩ්ඩුන්ටද ඇතැම්විට බෙදන්නෙමු. රාත්‍රී සායනික වටයට පැමිණි අප විශේෂඥතුමා දිනක් මොකද්ද මේ සිද්ධාලේප සුවඳ යැයි ඇසූ විට ලෙඩුන් අප ඔවුන්ට ඒවා දෙන බව කියූවිට එතුමා " ඉතා අපහසුවෙන් මදුරුවන්ගේ කරදරය මැද වාට්ටුව බැලීමට පැමිණි සර් පමණක් මදුරුවන්ගේ ප්‍රහාරයට ලක්වෙද්දී අප සැම බාම් ගාගෙන මදුරුවන්ගෙන් මිදී සිටිනවා යැයි " අපට චෝදනා කරනකොට තමයි තේරුණේ අපට කිට්ටුවෙන්න බැරි මදුරුවන් සේරම සර්ට පහර දෙන බව. ලැබූ අත්දැකීම් නම් අපමණයි
තාම අත්දැකීම් එකින් එක හිතෙන් අහුලගෙන ලියමින් ඉන්නේ...

Monday, April 25, 2011
Accepting, Tolerating, and Forgiving
දිනය : හරියටම පරණ අවුරුදු දා
වේලාව : රාත්‍රී 7.30
හිස් බැල්මෙන් ඔහේ බලාගෙන ඉන්න ඇගේ මුහුණ දෙස යලිත් වතාවක් මම බැලුවෙමි. "අපි කිසි දෙයක් මේ අම්මාගේ කැමැත්තෙන් පිට කරන්නේ නෑ. මෙහෙම වහ බීලා ඇවිත් ඒ ගැන පොලිස්සියට පැමිණිල්ලක් කරොත් ඔයාගේ මහත්තයට වෙන දේ පොඩ්ඩක් හිතන්න."
"මට අද දවල් ඉඳන් හොඳටම බැන්නා. බිම ඉඳගෙන වලං හෝද හෝද ඉන්නකොට තඩි ගලකින් ගැහුවා. දැන් කොන්ද රිදෙනවා. මේ ටිකේම රතිඤඥා පත්තු කරලා ඇඟට දානවා."
මේ මනුස්සයාට මානසික ලෙඩක්ද ? ඇගේ කතාව අසාගෙන සිටි අප හැමටම හිතුනේ එහෙමයි. ඇගේ හය හැවිරිදි දියණිය අම්මාගේ වටේ දැවටෙමින් සිටියාය. මාස 4 ගැබිණියක් වූ ඇය අප වාට්ටුවේ සිටියේ අවුරුදු 8 තිස්සේ සිටි තම සැමියාගේ අඩම්තෙට්ටම් ඉවසාගත නොහැකි තැන මැලතියොන් නැමැති රසායනික විෂ ශරීරගත කරගෙනය. වාසනාවකට ඇගේ කුසේ සිටි දරුවාට හානියක් සිදුව තිබුනේ නෑ.
"අම්මේ බැඳපු මුල ඉඳන්ම මහත්තයා මෙහෙම කරදර කරාද ?"
"ඔව්. ඒත් අපි බැඳලා නෑ. " ඇගෙන ලැබුනේ අප විශ්මිත කරවන සුළු උත්තරයක්.ඇය අවුරුදු 8 තිස්සේ මෙලෙස බොහෝ කරදර විඳගෙන ජීවත්වී සිටින්නේ ඇය නීතියෙන් විවාහ කර නොගත් මිනිසෙක් සමගය.
"බැඳලා නැත්නම් මොන එහෙකට මෙහෙම කරදර විඳගෙන ඉන්නවද ?" මා අසල සිටි තව අයෙක් ඇසුවා.
"ලොකු දුව නිසා ඉවසගෙන හිටියා. ඒ කොහොම වුනත් මම මහත්තයාට ආදරෙයි. මට පැමිණිලි කරන්න ඕනේ නෑ.මට වෙන කරන්න දෙයක් තිබුනේ නෑ"
කිසිම හැඟීමක් ඉරියව්වක් නැති ඒ මුහුණේ හිනාවක්වත් දුකක්වත් සටහන් වී තිබුනේ නෑ. "බිව්වම තමයි කරදර වැඩි." අප හා කතා බස් කරමින් සිටින අතරේ ඇය පැවසුවා මතකය. මොන දේ වුනත් පවුලක්නේ... එනිසා එම සැමියා අප වාට්ටුව වෙත ගෙන්වා උපදෙස් සහ අවවාද බොහෝ ලබා දුනිමු.
"මට මේ පරීක්ෂණය පිටින් කරගන්න සල්ලි නෑ නෝනා, මම කුලී වැඩ කරලා ළමයින්ට කන්න දෙන්නේ "
ඇය සරස්වතී, 40 හැවිරිදි ඇය තයිරොයිඩ් හෝමෝන ඌනතාවය නිසා රෝගී වුනු කාන්තාවක්. "එතකොට අම්මාගේ මහත්තයා ?" මම විමසුවා.
" මහත්තයා බොනවා දවස තිස්සෙම. බොන්න සල්ලි දෙනකම් කරදර කරනවා" ඇය හැඬූ කඳුලෙන් පැවසීය.
" අම්මේ ඔහොම මිනිස්සු එක්ක ඉන්න පුළුවන්ද?"
"ඔව් නෝනා බැරි තැන බැනලා රණ්ඩු කරගත්තා. මහත්තයා ගෙදරින් ගියා" ඇය පැවසීය.
ඇය මාස 5 පමණ සායන වලට පැමිණ තිබුනේ නෑ. හරියට බෙහෙතක් නොමැති කමින් ඇගේ රෝග තත්වය උත්සන්න වී ඇය රෝහල් ගත වී තිබුනේ. " කුලී වැඩ කරලා දවසට රුපියල් 100 විතර ලැබෙන්නේ." ඇය ඒ බවත් සඳහන් කලා. එහෙම කෙනෙකුට රෝහලේ කඩිනමින් සිදු කරගත නොහැකි පරීක්ෂණ පිටින් කරගන්න යැයි පවසන්නේ කෙසේද ? අපි එනිසා රෝහලේ ෆන්ඩ් එකෙන් ඒවා කරගන්න ක්‍රමවේදයක් සකස් කර දුන්නා. මේ තවත් අසරණ වූ ගැහැණියකගේ කතාවක් පමණක් නොවේ. ඔබ මා ජීවත් වෙන සමාජයේ දුක් විඳින දහසකුත් කාන්තාවන්ගේ ඉරණමයි.
ගැහැණිය බොහෝ දුක් දෝමනස්සයන් දරාගෙන සිටින්නට හැකි අයෙකි. ආදරය සහ හැඟීම් නිසා නොයෙකුත් කැපකිරීම් කරයි. තම ජීවිතය සහමුලින්ම අමතක කර අන් අය වෙනුවෙන් ජීවත් වෙයි. කලක් දෙමාපියන් යටතේ සිටින ඈ ඉන්පසු සැමියා යටතේ ජීවත් වෙයි. අන් අය වෙනුවෙන් ඇගේ ඕනෑ එපාකම් වෙනස් කරගනී. ඇගේ කැමැති අකැමැති දෑ වෙනස් කරගනී. කිසිම ආදරයක් නොමැතිවද නොයෙක් සමාජීය හේතු නිසා බැඳි හෝ නොබැඳි එකම පුරුෂයා හා දීග කති. (එක් එක් සමාජය සහ සංස්කෘතිය අනුව ඉහත පැවසූ දෑ අඩු වැඩි වශයෙන් වෙනස් වේ.ඒ මානව සමාජය හැඩ ගැසී ඇති අයුරුය.) දවස අවසන ඇගේ හිතේ පොදි ගැහෙන්නේ දුක් කන්දක් නම් සුසුම් පමණක් නම් එවැනි අධම පුරුෂයින් හා ජීවත් වීම නොමනා යැයි මට සිතේ. එකිනෙකාගේ තිබෙන විවිධත්වය තේරුම් නොගෙන තමන්ගේ උවමනා එපාකම් වලට පමණක් මුල් තැන දෙන මීනිසුන් පිරි ලොවක, අන්‍යෝන්‍ය අවබෝධයෙන් සහ කැපකිරීමෙන් ගතකල යුතු ජීවිතය, ආත්මාර්ථකාමීත්වය මත පමණක් අනෙකාට දුක් දෙමින් අවසන් කරන සෙනෙහෙ දම් සහ සබඳතා පිරි ලොවක සැබෑ මානව දයාබරිත විශාල හිත් ඇත්තෝ අල්පය. එහෙව් විශාල හිතක් ඇති අයට සියලු නොගැලපීම් - කැපකීරීම් බවටද, හද බිඳීම් - හද බැඳීම් බවටද, රීදීම් - සැනෙන් අමතක කොට මෛත්‍රී සහගත සිතුවිලි අනෙකා කෙරෙහි පැතිරීමටද හැකියාව ඇත්තේය.
We often tend to lean on our loved ones... we may be strong souls, running the extra mile that no one else would dare but when it it comes to our loved ones... we always count on them... thinking they would love us no matter what we become.
With life hardships, coming at us in mega tons, and life seems to have no cool spot , with so much of stress piled upon our shoulders, what we really want is some courage, care and strength that would give us an extra push to run that extra mile. But when it lacks the weaker party is pulled down where he or she would end up with depressive dark thoughts, senses and self.
We see these kind of miseries everyday... at the end most of them end with attempted suicides.
As it is said in Buddhism "Love should be impartial to all, free from excessive attachment or false hope and expectation; Accepting, Tolerating, and Forgiving.
but at the end of the day...where does the good go ?

Friday, March 25, 2011
හිමි අහිමි වීම් සහ බලාපොරොත්තු කඩවීම් සමග වස බීම්...

අද අවුරුදු 28 ක දරු දෙදෙනෙකුගේ අම්මා කෙනෙක් තම 3 මස් වියැති බිළිඳාත් 3 අවුරුදු කුඩා පුතාත් සමග අප වාට්ටුවට එවා තිබුනේ හදිසි ප්‍රතිකාර අංශයෙන්. තම දිවි තොර කරගැනීමට ඈ කනේරු ඇට කා තිබුනා. දිවි නසා ගැනීමට වස පානය කරගෙන එන කා එක්ක ඇතිවෙන්නේ කළ කිරීමක්. මේතරම් වටිනා ජීවිතයක් මේ තරම් ඉක්මනට නැති කරගන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් හිතන්නේ නැත්තේ ඇයි කියන එකමයි මගේ හිතට එන්නේ. නමුත් ඔවුන්ගේ අභ්‍යන්තරයේ රැඳි දුක් කන්ද දුටු විට ඔවුන්ට දරාගත නොහැකි දුකක් ඇති වුන විට ශක්තිමත් නැති හිත් මොහොතකට හෝ ඒ අඳුරු අකාරුණික විඳීම් වලින් මිදෙන්නට මෙවැනි තීරණ ගන්නවා. මොවුන් හැමෝටම ඔවුන්ගේ ක්‍රියාව සාධාරණීකරනය කිරීමට හේතු අනන්තයි.
එක්තරා සිවු දරු පියෙක් වස පානය කර පැමිණ සිටියේ තම බිරිඳ දරු සිවු දෙනා හා ඔහුව අතහැර ගිය නිසා.
මා ඉහත කියූ මව තම බීමත් සැමියාගේ හිරි හැර ඉවසාගත නොහැකි තැන එසේ දැඩි තීරණයක් ගෙන දිවි නසා ගැන්මට උත්සහ කර තිබුනා.
ජීවත් වෙන්න කාසි නොමැති කමින්... ආර්ථික අහේනිය නිසා නූගත් කුලී වැඩෙහි යෙදෙන එක් අයෙක් වස පානය කරද්දී, උගත් සමාජයේ ඉහළ පෙලේ ව්‍යාපාර වල නිරත තවත් අයෙක් තම ව්‍යාපාර බිඳ වැටුන නිසා වස පානය කර තිබුනා
18 හැවිරිදි තරුණියක් තම පෙම්වතා සමග ගෙදරට හොරා ඇවිත් ඔහු ඇයව අනාථ කර ලොජ් එකක අතරමං කර දමා ගොස් තිබුනා... ඇය එනිසා වස පානය කර දිවි නසාගන්නට තැත් කර තිබුනා..
මේ අතර අම්මා හෝ තාත්තා බැන්නායැයි.. අයියා අක්කා තරවටු කරායැයි වස පානය කර අප වාට්ටුව වෙත ගෙන එන ඇට්ටර කොල්ලන් සහ කෙල්ලන්ද හිඟ නෑ. මොවුන් බොහෝමයකට ජීවිතේ ගැන හරි වැටහීමක් හෝ දැනුමක් නැති බව ඔවුන් හා කල කතා බහෙන්ම තේරෙනවා. අයියට පාඩමක් උගන්වන්න මෙහෙම කලා අම්මට පාඩමක් උගන්වන්න මෙහෙම කලා. යැයි කියන්නෝද බහුලය
නමුත් අන්තිමට පාඩම ඉගෙන ගන්නේ ඔවුන්මය. මන්ද බොහෝ දුක් විඳ මරණය ළඟා වන නිසාය. එවිට කළ වැරැද්ද නිවැරදි කිරීමට කාලය මදිය.
වකුගඩු ආබාධවලින් හෝ හර්ද රෝග නිසා මරණාසන්නව දුක් විඳින මහළු මෙන්ම තරුණ රෝගීන්ද ඒ අතර බොහෝ වෙත්. මා කරන්නේ එසේ වස බී පැමිණෙන්නන්ට මොවුන්ගේ දුක පෙන්වා දීමය. අතපය හතර හොඳට තිබියදීත් නිසි ශරීර සෞඛ්‍යයකින් හෙබි ඔවුන් ජීවිතේ එක්ක මොන කෝන්තරයක් පිරිමහන්නද මෙසේ අනතුරු දායක දේ තමන්ටම කරගන්නේ යන වග මා ඔවුන්ට පෙන්වා දෙනවා. නමුත් දුකක් කරදරයක් අප හිතට ළංවෙද්දී අපිත් හැසිරෙන්නේ මොන තරම් හැඟීම්බරවද කියන දේ පසුව වටහා ගනිද්දී මට මා ගැනත් තරහක් හිතට එනවා. මා අමතක කර දැමූ මග හැර දැමූ දෑ බොහෝය. ඒ අතර මගේ ලියවීම්ද ආත්ම විඳීම්ද ඇතුලු බොහෝ දෑ වෙත්. යමකට හෝ දෙයට අවසඟව ජීවිතය අහිමි කරගන්නට වෙර දරන ඔවුන්ද... එවැනිම වූ විඳීම් අභියස ඉකි ගසා හඬන වැලපෙන නොවක් දුක් සමග වැඩෙහි යෙදෙන ජීවිත ජීවත් කරවන, සිනහ නගන නින්දට යන නැවත නැගිට අලුත් දවසකට මුහුණ දෙන අපද අතර වෙනස අප... කරදර දුක් කන්ද අභියස, අහිමි වීම් අභියස ජීවිතය අත හැර දමා නොයන එකම නේදැයි මට සිතේ.
සසර පුරාවට අප කරන්නේ මගේ යැයි අපේ යැයි කියාගෙන එකිනෙකා හා යුතුකම් වගකීම් සහ අයිතිවාසිකම් වැනි බැඳීම් වලින් අප අතපය නොව හිත වෙලාගෙන නොවක් බලාපොරොත්තු පොඳි බැඳ ඒවා ඉටු කිරීමට හා ඉටු කරවා ගැනීමට දරණ නිරන්තර කෙළවරක් නොමැති උත්සහයකි. ඒ බැඳීම් නොමැති නම් තනිවෙනවා අතරමංවෙනවා , අසරණ වෙනවා වැනි හැඟීමක් හිතට ඇතිවෙන්නේ. ඒත් ඒ විඳීම් සියල්ල දිහා පැත්තක ඉඳන් බලන්නට විචාරයේ යෙදෙන්නට නොහැකිවූයෙන් .... දිගෙන් දිගටම එවැනි අහිමිවීම් ඉදිරියේ දුක් වෙන්නත් වැලපෙන්නත් අපේ හිත් රිදවා ගන්නත් අප පෙළඹෙනවා. නමුත් මෙහි නිස්සාරත්වය වටහා ගන්නට එක තත්පරයකින් පංගුවෙන් එකක් වැනි සුළු මොහොතකින් හැකි වූයේ... ඒ දුක් කන්ද අභියස ඔවුන් ජීවිතය අත හැරීම වෙනුවට අපි තවදුරටත් ජීවත්වීම යන්න තෝරාගත් නිසාය.

Subscribe to:
Posts (Atom)