පශ්චාත් උපාධිය අවසන් වූ සතියේ අපේ මහාචාර්යවරු එක්ක භෝජන සංග්‍රහයක් පැවැත්වුණා. ඒකෙදි එකිනෙකා ඉදිරියේදී තමන්ගේ අරමුණු සහ මේ කළ කී දෑ වලින් කොහොමද ලෝකයට තමන්ගේ රටට, ප්රජාවට ආලෝකයක් ගෙන එන දෙයක් කරන්නේ කියලා කතා වුණා. මේ ලද ප්රජා සෞඛ්ය අංශයේ අධ්යාපනය නම් මිල කළ නොහැකියි. මට එනිසා දැනටමත් මගේ රටේ විවිධ ප්රජා වැඩසටහන් සහ පර්යේෂණ සඳහා දායක වෙන්න හැකිවෙලා තියෙනවා.
දැන් මේ සමුගැනීමේ උත්සවයේ දී අප්රිකාවේ සහ ආසියාවේ විවිධ රටවල සිට ආ පිරිස ඒ අයගේ රටවල හැටි සහ කරන්න ඕනේ අප්රමාණ දේ ගැන කියනවා. බොහෝ වෙලාවට ඇතැම් වැඩමුළු වලදී කඳුළු වැටුණු අවස්ථා මං මීට පෙර ලියලා තියෙනවා
ඒත් යුරෝපයේ සිට මෙහි ආ ඉගෙන ගත් අය ට නම් තමන්ගේ රටවල් ගොඩ නැංවීමේ ආතතියක් තිබුණේ නෑ.
යුරෝපයේ සංවර්ධිත රටක අයෙක් කීවේ
" මේ සමහර අදහස් දැක්වූ අයට වගේ රටේ අඩුපාඩු හෝ නැවත ගිහින් මගේ රටේ මෙහෙම දේවල් කරන්න කියලා එකක් මට මතක් වෙන්නේ නෑ. එහෙම අහේනියක්, අවුලක් පීඩනයක් මගේ රට විසින් මට ඇති කරලා නෑ. ඒක එක අතකට පුදුමයි නේද ? "
කියලා...
ඒක අතකට පුදුමයි නේද... ???
පුදුම වෙන්න දෙයක් නෑ. රාජ්‍යයක වගකීම සහ පුරවැසි අයිතීන් කියන දේවල් සුරකින රටවල් වල මිනිස්සුන්ට ආයේ වංචා දූෂණ අක්‍රමිකතා හෝ බංකොලොත් ක්‍රමවේද ගැන කරදර වෙන්න ඕනේ නෑ ! රට පුරවැසියන් වෙනුවෙන් සේවා සැපයීම් මූලික කරගෙන යාන්ත්රණය සකස් වී තිබෙනකොට ජීවන ක්රමය පහසුවෙනවා හිතකර වෙනවා.
නෑ නෑ මං නම් ඕවාට මොකුත් කියන්නේ ගියේ නෑ. හැබැයි ඉතින් මට නම් ආයේ අමුතුවෙන් කියන්න දෙයක් තිබුනේ නෑ. ලංකාව ගැන නිව්ස් වලින් ඇති තරම් කියලා තිබුණ නිසා ඔක්කොමලා ඒවා දන්නවනේ. උන්නුගමන් පිටට උරහිසට තට්ටුවක් දාලා කට්ටිය ශෝකය ප්රකාශ කරලා අහනවා ගෙදර මිනිස්සු හොඳින් ද කියලා.
මං ඉතින් කිව්වා මේ ඉගෙනීම දැනටත් සෞඛ්ය සහ සාමාජීය ප්රශ්න ගැන ප්රජාව දැනුවත් කිරීමේ ලොකු උවමනා ඉත්තෑවෙක් ඉන්න මට කොයි තරම් නම් වැදගත් වුණාද කියන එක !
බෝ. සමරතුංග
No comments:
Post a Comment
ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !