අනිත් කොන නමින් මා යුද්ධය අවසන් වූ තැන පටන් ජීවිත ගොඩ ගැනීමේ මානුෂීය මෙහෙවරට උරදුන් ආකාරය ලීවේ ඒකාලේ ඒ මොහොතේම ය.
පොත බවට පත්වුනේ ද ඒ කතාම ය. නමුත් දැන් මා ලියන්නේ මේ කොනේ අගනුවර සිට ය. කතා සිදුවීම් මතකයේ ඇති තැන් පීරා සොයා පිරිපහදු කරගෙන ය.
මට ඔහු හමුවෙන්නේ කායික රෝග වාට්ටුවේදී...
අර සලාං බලාං සද්ධ... යුනිෆෝම් කට්ටිය... ඇඩ්මිෂන් මේසයට ඇවිද විත්...
"මේවා ගලවන්න ඉතින්... මට කතා කරන්න බෑ ඔහොම" මම කාරුණිකව ඔහුගේ අත් පළඳනා මාංචු ඉවත් කරන්නට නියම කළෙමි.
"ඩොක්ටර් අලුත් ?" ඔහු ඇසුවේ දෙමළෙන්...
"ඕම් ! " මම එහෙම කියද්දී ඔහුගේ මුහුණේ සිනහවක් ඇඳුනා. මාත් දමිල බව හිතන්න ඇති ..
රෝගියා ඇතුලත් කරද්දී ඒ වෛද්‍යවරයා ලියූ සටහන දෙස මදකට මා දෑස යොමු කරද්දී මා සිතූ ආකාරයෙන්ම, කඳවුරු වල අත් අඩංගුවේ සිටින්නන් මෙහි ගෙන එන පොදු හේතු ගණනාවෙන් එකක් ! ලේ වමනය යෑම. එහෙම නැත්නම් මම මීට පෙර සඳහන් කළා වගේ, ෆිට් එකට දෙන පෙති නොබී සිටීම. ඒකෙන් වෙන්නේ ෆිට්ස් හෙවත් වලිප්පුව වැඩි වෙලා අසාධ්‍ය තත්වයෙන් මොවුන්ව රෝහල් ගත කරන එකයි. එහෙම ඇතුලත් වූවන් මුල් කාලයේදී නම් බොහෝ විට මා මග හරින බවක් වැටහුනා. නමුත් ඔවුන්ගේ බස හුරුවූ පසුව මා සමග වඩා මිතුරු වුනා.
"මම සිංහල, ඒත් ඔබට පහසු බසකින් කතා කරන්න, මොකද්ද ප්‍රශ්නෙ "
මා හිතූ අයුරින්ම, ලේවමනය ගොස් ඇත්තේ සිර කඳවුරේදීය. දුටු කෙනෙක් නැත.
"හරි එහෙනම් ආයෙ ගියොත් අපිට පෙන්වන්න ! යැයි කීවත් මොවුන් බහුතරයක් කැමැති දින කිහිපයක් රෝහලේ ගත කරන්නට නිසා රෝගවලට මුල්වෙන කිසිත් සොයා ගැන්ම අපහසු ය.
"ඩොක්ටර් මමත් ඔයා වගේ ඩොක්ටර් කෙනෙක්... " ඔහු එක්වරම පවසද්දී මට පුදුම සිතිනි.
"කොහොමද ඔබ අත් අඩංගුවට පත් වුනේ" මට ඕනෑ වුනා ඔහුගේ කතාව දැන ගන්න.
අප රටේ දශක දෙකකටත් වඩා ඔඩු දුවපු තුවාලයක් වී, ජීවිත හානි , ආර්ථිකමය අවපාත එක්කම සාමකාමි සහජිවනය විනාශකරන ලද්දේ යුද්ධය නිසා ය.
"මම ඒ පැත්තේ (ත්‍රස්තයින්ගේ) වෛද්‍යවරයෙක් ලෙස සේවය කළා. මගේ දුවයි නෝනයි ඉන්දියාවේ ඉන්නේ..."
"එතකොට ඔබ ඉගෙන ගත්තේ ?"
"ඉන්දියාවේ.." ඒ රටේ නගරයක් සඳහන් කරමින් ඔහු පැවසීය.
"හොඳට ඉගෙන ගත් නිසා මට ඉන්දියාවට යන්න එහෙ ඉගෙන ගන්න ලැබුනා. මෙහෙ ආවේ මේ ගම නිසා. ඉතින් එයාලට වැඩ කරන්න වුනා. " ඔහු ශෝකී මුහුණෙන් අතීත මතක එකිනෙක දිග හරින්නට විය.
"මම ----රමෙත් වැඩ කළා, ඉන්පසු එහෙ තියෙන රෝහලේ වැඩ කලේ අත් අඩංගුවට ගන්නකම්ම"
මොහු එහෙම කියද්දී , මට මතක් වුනේ ඒ කියූ සැනින් අප අහමුවට පැමිණෙන රෝගීන්ගේ නොයෙක් සංකූලතා වලට වගකියන්න වුනෙත් ඔය කියූ රෝහලෙන් පුහුණු නුපුහුණු ද වත් නොදන්නා වෛද්‍ය සභාවෙන් අනුමත හෝ ලියාපදිංචිය නොගත් වෛද්‍යවරු පිරිසක් විසින් කරන ලද සැත්කම් සහ ප්‍රතිකාර බවයි.
එසේ පැමිණි එක් ආච්චි අම්මා කෙනෙක් අපට පැවසුවේ මුත්‍රා කරන්නට දැඩි සේ තැටමිය යුතු බව ය. පරීක්ෂා කරද්දී ඇගේ යෝනි මාර්ගය සම්පූර්ණයෙන් වැසී තිබුනේ කුඩා හෝ සිදුරක් දකින්නටවත් නොමැතිව ය. ඇය අතේ තිබූනු කාඩ් පතකින් කීවේ ඇය ඒ කියූ ත්‍රස්තවාදීන් විසින් පාලනය කළ ප්‍රදේශයේ රෝහලෙන් ගර්භාෂය ඉවත් කිරීමේ සැත්කමක් කර ඇති බවය. එය යෝනිමාර්ගය හරහා කරන ලද VH& R යන නමින් හඳුන්වන සැත්කම කි. එහිදී ඇතිවූ සංකූලතා මගින් අර එවැනි ගැටළු සහගත තත්වයක් පැන නැංඟේ. ඒ ආත්තම්මාගේ මුත්‍රා මාර්ගය නැවත සකස් කරන්නට සිදුවුනා.
දැන් මොහු පවසන්නේ ඔහුත් ඒ කියන රෝහලේ වෛද්‍යවරයෙක් බව ය. සරම් කමිස හැඳගත් මොහුගේ මුහුණ පුරා රැවුල වැවී ඇත. කොණ්ඩය වැවී ඇත. දිස් වෙන්නේ ඉතා අසරණ සේයාවකි. එකම මේසයක දෙපැත්තක අප දෙදෙන ඉගෙනීමෙන් සමාන වුවත් තෝරාගැනීමෙන් වෙනස් වූ නිසා අද ඉරණම් දෙකක් උරුම වී ඇත. මට ඇති වුනේ කණගාටුවක්... තවත් වෘත්තීය සගයෙක් ගැන ඇතිවන දුකට සමාන දුකක්, කම්පාවක් සහ කළකිරීමක් !
"ඔබේ අපහසුතා මග අරින්නට හැකි පහසුකම් සලසන්නම් " මම ඔහු අස්වසමින් පැවසීමි.
"මිස්, මේත් ඩොක්ටර් කෙනෙක්. " කියමින් අලුත් නර්ස් මිස් ටද ඔහුගේ කතාව පැවසූ අතර අපි දෙදෙනාම ඉන්පසු කම්පා වීමු.
මා නැවත කෑම පැයට නේවාසිකාගාරය වෙත ගිය අතර නැවත වාට්ටුවට ගිය සවස් යාමයේ... සේවා මුරයේ යෙදී සිටියේ පළපුරුදු මෙහි වසර ගණනක් සේවය කරන හෙදි සොයුරියකි.
"අනේ මිස් පව්නේ ඩොක්ටර් කෙනෙක් අර අත් අඩංගුවේ ඉන්නේ" මම මිස් ට මා ඇසූ කතාව කියද්දී...
"අයියෝ ඩොක්ටර් අලුත්නේ , ඩොක්ටර් ට හොඳ ලණුවක් දීලා.. ඔය ඩොක්ටර් කෙනෙක් නෙමේ..ත්‍රස්තයෙක්... ඔය මනුස්සයා ඔහොමමයි. බොරු කියලා ඇටෙන්ෂන් ගන්නවා... අලුත් අයව අන්දනවා. ඩොක්ටර්ව රවට්ටලා " මිස් හිනාවෙවී කියද්දී මට හිතා ගන්නට බැරි විය.
"වෙන්න බෑ මිස්... ඔයාලට නොකියා ඉන්න ඇති... මම මගේ හිතට දැනෙන දේ පවසුවෙමි.
"එයා එහෙම තමයි. අනික් ඩොක්ටර්ස්ලා දන්නවා එයා ගැන" ජේෂ්ඨ හෙදි සොයුරියත් එහෙම කියද්දී මට පිළිගන්නට ම විය. ඉන්පසු අපේ ජේෂ්ඨයින්ගෙන් විමසද්දී ඔවුන්ද ඒ බව සනාථ කළෝය.
සමහර විට මා අලුත් නිසා ඔහුට විශේෂ සැලකිල්ලක් ලබා ගැනීමට එසේ බොරුවක් ගෙතුවා වෙන්න පුළුවනි. එහෙමත් නැත්නම් අවධානය ලබා ගන්නට මෙසේ කියුවා වෙන්න පුළුවනි.
ඇයි මෙහෙම බොරු කිවේ යැයි ඔහුගෙන් මා ඇසුවේද නැත. මා ඔහුගේ බොරුව දන්නා බවක් පැවසුවේ ද නැත.
ඔහු මට ඒ ගැන කියන්නට ආවේත් නැත්තේ කනින් කොනින් කිසිවෙකු මගින් ඔහුගේ බොරුව අපි දන්නවා යැයි ඇසුන නිසා දෝ යැයි මට සිතුනි. ඔහු වාට්ටුවේ කෙරෙන සායනික වට වලදී පවා සිටියේ බොහොම භය පක්ෂපාතීව ය.
ඔහු මට ඒ ගැන කියන්නට ආවේත් නැත්තේ කනින් කොනින් කිසිවෙකු මගින් ඔහුගේ බොරුව අපි දන්නවා යැයි ඇසුන නිසා දෝ යැයි මට සිතුනි. ඔහු වාට්ටුවේ කෙරෙන සායනික වට වලදී පවා සිටියේ බොහොම භය පක්ෂපාතීව ය.
නැවත මට ඔහු මුණ ගැසුනේ මනෝවෛද්‍ය ඒකකයේදී ය. (ඒ තවත් කතාවක් ! ඉක්මනින්ම ලියන්නම් )
පසුව ලියමි - මෙහි දී මං හිතන්නේ... දොස්තර කෙනෙක් බව පැවසීමෙන් වැඩි අවධානයක් ලබා ගන්න ඔහු උත්සහ කරන්නට ඇත්තේ ත්‍රස්තවාදි කෙනෙක් සහ දොස්තරකෙනෙක් යන දෙන්නා දිහා සමාජය බලන විදිහ වෙනස් නිසා කියා මට හිතෙනවා. කෙනෙකුගේ වෘත්තීය සලකා බෙහෙත් කිරීමක් අපෙන් සිදු නොවුනත්... කම්පා වීම හෝ අනුකම්පාව නම් ඒ වගේ තැනකදී සමාජයෙන් ලැබෙන්නේ වෙනස් විදිහට නේද ? මේ මට උපේක්ෂා සහ සෑම් ගේ අදහස් වලින් වැටහුනු දෙයක්. ඔහු එහිදී තමන්ගේ භයානක බව හෝ කරන ලද ක්‍රියාවන් සඟවාගන්න (අලුත් දොස්තරගෙන් අනුකම්පාව ලබා ගන්න) එහෙම කළා කියලා හිතන්න පුළුවන් !
වෘත්තීය අනුව එහෙම කියලා සැලකිලි වල ආකල්ප වල හෝ ප්‍රතිකාර වල වෙනසක් සිදු නොවන බවත් ඔබ දන්නවා ඇති යැයි සිතමි. වෛද්‍ය වෘත්තිය එහෙමයි... දොස්තර කෙනෙක් කියන්නේ මිනිසුන් ජීවත් කරන්නෙක් , ත්‍රස්තවාදියෙක් කියන්නේ ජීවිත නසන්නෙක්.. එතකොට ඒ දෙපිරිස දිහා සමාජය බලන විදිහ වෙනස්... සමහර විට ඒ නිසා ඔහු එහෙම බොරුවක් කරන්න ඇති...
ඔහුගේ හිතේ තමන් කළ කී දේවල් එක්ක සමාජය දැන් ඔහුව පිළිගන්නා ආකාරයත් එක්ක කළකිරීමක් තියෙන්න ඇති එනිසා ඔහු ත්‍රස්තවාදියෙක් ලෙස පෙනී සිටින්නට අකමැති වෙන්නට ඇති..
පසුව ලියමි - මෙහි දී මං හිතන්නේ... දොස්තර කෙනෙක් බව පැවසීමෙන් වැඩි අවධානයක් ලබා ගන්න ඔහු උත්සහ කරන්නට ඇත්තේ ත්‍රස්තවාදි කෙනෙක් සහ දොස්තරකෙනෙක් යන දෙන්නා දිහා සමාජය බලන විදිහ වෙනස් නිසා කියා මට හිතෙනවා. කෙනෙකුගේ වෘත්තීය සලකා බෙහෙත් කිරීමක් අපෙන් සිදු නොවුනත්... කම්පා වීම හෝ අනුකම්පාව නම් ඒ වගේ තැනකදී සමාජයෙන් ලැබෙන්නේ වෙනස් විදිහට නේද ? මේ මට උපේක්ෂා සහ සෑම් ගේ අදහස් වලින් වැටහුනු දෙයක්. ඔහු එහිදී තමන්ගේ භයානක බව හෝ කරන ලද ක්‍රියාවන් සඟවාගන්න (අලුත් දොස්තරගෙන් අනුකම්පාව ලබා ගන්න) එහෙම කළා කියලා හිතන්න පුළුවන් !
වෘත්තීය අනුව එහෙම කියලා සැලකිලි වල ආකල්ප වල හෝ ප්‍රතිකාර වල වෙනසක් සිදු නොවන බවත් ඔබ දන්නවා ඇති යැයි සිතමි. වෛද්‍ය වෘත්තිය එහෙමයි... දොස්තර කෙනෙක් කියන්නේ මිනිසුන් ජීවත් කරන්නෙක් , ත්‍රස්තවාදියෙක් කියන්නේ ජීවිත නසන්නෙක්.. එතකොට ඒ දෙපිරිස දිහා සමාජය බලන විදිහ වෙනස්... සමහර විට ඒ නිසා ඔහු එහෙම බොරුවක් කරන්න ඇති...
ඒ කාලෙ අක්කෙ, LTTTE එකෙන් පොඩි පුහුනුවක් දීලා වෛද්‍ය වරු විදියට බඳවගත්තු අය හිටියා ලු. එහෙම එක්කෙනෙක් ව මම දැක්කා. ඒ වගේ කෙනෙක් ද දන්නෙ නෑ. ඒත් කොහොම හරි බොරුවෙන් හරි විශේශ අවධානයක් ලබා ගන්න උත්සහ කරන මේ වගේ අය නම් කොහෙත් ඉන්නව.
ReplyDeleteසුනාමි ආධාර අරගෙන එහෙ ගිය අපේ කට්ටියකුත් කිව්ව එහෙම කතාවක්. ෆීල්ඩ් එකේ කෙටමින් දීල සර්ජරීස් එහෙම කරන හැටි. සමහරවිට මේ ඒවගෙ කෙනෙක්.
Deleteඑක්කො බෝ කියන විදිහෙ හැඟීමකින්. එහෙම නැත්නම් ඒ ඔහු තමන් ගැන හිතන්නට ආස විදිහ වෙන්නත් පුළුවන්.
ඇත්තට වැඩ කරපු වෛද්යවරුත් හිටිය කියලයි මම අහලා තියෙන්නේ. අර එක පාරක් පුවත්පත් සාකච්චා පවා දුන්නේ.
ReplyDeleteඔව් හිටියා.. බලෙන් වැඩ කරවගත්තු පිරිසකුත්, කැමැත්තෙන්ම ඔවුන්ට එකතු වූ පිරිසකුත්... මම වගේ කෙනෙකුත් ඉඳලා තිබුනා.. අර ගීතා කීවේ ? පසුව ඒකට තව කතා එකතු උනා.. ඒ ගැන ලියන්නත් මග ඇරුනා. ඒ කතාවත් ඉස්සරහට ලියන්නම් !
Deleteතෝරාගැනීමෙන් නොමග ගියත් හෝ අන් අය නොමග යැවූවත් ඔවුනුත් මිනිසුන්ය.
ReplyDeleteසියල්ලෝම මිනිසුන් ය. අප ඒ මිනිසුන් දිනා ගත්තෝය !
Deleteමම නම් කියන්නේ ප්‍රතිකාරයේදී රෝගියාගේ වෘත්තිය ගැන වැඩිය හිතන්න හොඳ නෑ. වෛද්‍යවරයෙක් හෝ, ත්‍රස්ථයෙක්, මොක වුණත් රෝගියෙක් කියල හිතුව නම් කාට වුණත් විශේෂ අවාධානයක් යොමු වෙන එක වලක්වන්න පුලුවන්.
ReplyDeleteඒත් එකම වෘත්තිකයන් යැයි සිතා වැඩි අවධානයක් යොමු වීම, පුහුදුන් අපේ වරදක්ම නෙවේ !
ජය !
වෘත්තීය අනුව එහෙම කියලා සැලකිලි වල ආකල්ප වල හෝ ප්‍රතිකාර වල වෙනසක් සිදු නොවන බවත් ඔබ දන්නවා ඇති යැයි සිතමි. වෛද්‍ය වෘත්තිය එහෙමයි... දොස්තර කෙනෙක් කියන්නේ මිනිසුන් ජීවත් කරන්නෙක් , ත්‍රස්තවාදියෙක් කියන්නේ ජීවිත නසන්නෙක්.. එතකොට ඒ දෙපිරිස දිහා සමාජය බලන විදිහ වෙනස්... සමහර විට ඒ නිසා ඔහු එහෙම බොරුවක් කරන්න ඇති...
Deleteමතකනේ හමුදාවේ අයයි ත්‍රස්තවාදී අයයි වාට්ටුවේ දෙපැත්තේ තියාගෙන බෙහෙත් කරපු කාල... ගැන ලියපුවා..
අපි හොඳ හිතින් දෙයක් කරද්දී ඒ අය බොරු කියලා අපි රවට්ටන වැඩේ තමයි පවුකාරම දේ. මටත් මෙහෙම් දේවල් වෙලා තියෙනවා අන්නත්ත වත්. මේ දැනුත් අපි කරන සත්කාරක වැඩ වලදී එහෙම දේවල් අහු වෙනවා.. සමාජයේ ම වැරැද්ද කියලා හිතාගෙන හිත හදා ගන්නවා
ReplyDeleteමෙතනදි නම් මල්ලි ඔහුගේ හිතේ තමන් කළ කී දේවල් එක්ක සමාජය දැන් ඔහුව පිළිගන්නා ආකාරයත් එක්ක කළකිරීමක් තියෙන්න ඇති එනිසා ඔහු ත්‍රස්තවාදියෙක් ලෙස පෙනී සිටින්නට අකමැති වෙන්නට ඇති..
Deleteතරහ වෙන්න එපා මෙහෙම කිව්වට. ඉතින් එයා දොස්තර කෙනෙක් උනාය කියල විශේෂ අවධානයක් ලැබෙන්න ඕනේ කියන එක මට අමුත්තක් දැනෙනවා. එහෙම වෙන්න ඕනේ නැහැ නේද? වෘතිය වෙනයි , ලෙඩේ වෙනයි . මගේ වෘතිය සගයෙක් කියා කෙනෙක් මුණගැහුනම නම් එකම අත්දැකීම් ගැන කතාබහ කරනවා ඇරෙන්න විශේෂ සැලකිල්ලක් කරන්නෙත් නැහැ, එහෙම බලාපොරොත්තු වෙන උන්ගේ බලාපොරොත්තු කවදාවත් ඉෂ්ඨ වෙන්නෙත් නැහැ.
ReplyDeleteයුද්ධය නිසා මනුස්සකම පවා වෙඩි කෑවා. ඒකෙ අමාරුව දන්නේ වින්ද එවුන්ම තමයි. නමුත් මට නොවැටහෙන කාරණේ තමයි ඒ මිනිස්සුම තමයි ආයෙමත් යුද්ධයක් සඳහා පිඹුරුපත් සකසන්නේ
මං හිතන්නේ මම හිතපු නැති පැත්තක් උපේක්ෂා පෙන්වා දෙනවා... ඔතන මට හිතුනේ නම්.. ත්‍රස්තයෙක් සහ දොස්තර කෙනෙක් යන චරිත දෙකේ ලොකු වෙනසක් තියෙනවා කියලා... ඒකයි ඒයා එහෙම කියන්න ඇත්තේ... කොහොමත් ලොකු වෙනසක් තියෙනවා
Deleteසමහර වෙලාවට ත්‍රස්තයෙක් සහ කලාකරුවෙක් අතර අපි හිතන තරම් වෙනසක් නැති බවත් කියන්නට ඕනේ. හිතක් පපුවක් නැති කලාව වගේ රැකියාවක් එයාල කරන්නේ. එහෙම හිතෙන්නේ නැද්ද?
Deleteකලාවට හිතක් පපුවක් නෑ ? මට නම් එහෙම හිතෙන්නෙ නෑ... ප්‍රතිභාව ඇති කලාකරුවන් ළඟ හිතක් පපුවක් තිබිය යුතුමයි. ඔය අනිත් අය නිකම් රසාස්වාදය සපයන මිනිස්සු විතරයි..නේද
Deleteකලාවට නෙවෙයි. සමහර කලාකරුවන්ට එහෙම රෝගයක් තියෙනවා ලඟදි හඳුනාගත්. අපේ ගොඩක් කලාකාරයෝ අපේ රටේ යුද්ධෙ යනකොට සිතුවිලි වලින් ආබාධිත උනා. ඒක දැනුනේ නැද්ද? මට නම් අනන්ත දැනුනා. කලාකාරයෝ වෙන වෙනම බලකොටුවල ඉඳන් යුද්ධ කළා නේද? නිර්මාණකරණයේදී ආබාධිත සංකල්ප ආවේ ඒකයි. යුධ මානසිකත්වයෙන් ලෙඩවෙච්ච සිංහලයින්ට ඔවුන් දුන්නේ වෙන කලාකෘති. දමිළ අය බැලුවේ වෙන කලාකෘති. ඒවා පරස්පර විරෝධී උනා. කලාවේදී එහෙම වෙන්නේ කොහොමද?
Delete'සිතාරයට වෙඩි වැදුනද යාලුවෝ' කියල අහන මිනිස්සු සමුලඝාතනය උනා කියලයි මම දකින්නේ.
කෝ අපේ කලාකරුවෝ? කෝ අපේ යුධ වියරුවට බෙහෙත් දාන කලාකරුවෝ?? සමහරු පණ අදිනවා ඇහෙනවා. සමහරු මවුකුසේදීම මියගිහින්. ඒ දෙක අතර රික්තයක්.
ඔබ කියවල තියෙනවද 'රෑ මාතා' කියන පොත? හිට්ලර්ගේ 'මාධ්‍යවේදියෙක්'ගේ අත්දැකීම්. මට ඒ කතාවෙයි ලංකාවේ මාධ්‍ය භාවිතාවයි අතර වැඩි වෙනසක් පෙනෙන්නේ නැහැ. කලාකාරයෝ/මාධ්‍යවේදියෝ ගරිල්ලා ක්‍රමයට යුද්ධ කරනවා. අපිට දැනෙන්නේ නැහැ.
උපේක්ෂා........ඔබ මතු කරන සත්‍යය ඉතාම කටුකයි. නමුත් මේක ඒ කලාකරුවන් එසේ වුවා යැයි කියා නිහතමානීව පිලිගන්නවත් සුදානම් නැහැ. එතැනයි ඛේදවාචකය.
Deleteමට හිතෙනවා උපේක්ෂා මේ සැරව ගලන සමාජ චින්තනයන් අස්සේ කලාකරුවා කියන්නේත් ව්‍යංගයෙන් හෝ එක් ඉහඳ පනුවෙක් විතරයි කියලා.
මං නං ඇත්තටම හිතෙනවා අක්කෙ ඒ ඇත්තම දොස්තර කෙනෙක් කියල. එහෙම අවධානය ලබාගන්න උත්සහ කරපු එක එයාගෙ රෝගී තත්වයේම කොටසක්ද?
ReplyDeleteමම හිතුවේ ඉදිරියේදී ඒ ගැන ලියන්න ... එයා එක්ක තව බෝහෝ කතාබහ කරන්න එයා නැවත මුණගැහෙන මනෝ වෛද්‍ය ඒකකයේදී මට පුළුවන් වුන නිසා... තාම ලියනවා ඒ කතාව ඉස්සරහදි ඒ ගැන වඩා වැඩියෙන් කතා බහ කරමු...
Deleteඒ කතාවත් ලියන්න. බලං ඉන්නවා.
ReplyDeleteලියන්නම් කසුන් ! ස්තූතියි..
Deleteයුද්ධයේ ඉතුරු බිතුරු. පිටින් ඉඳන් අපි දැක්කට වඩා හුඟක් දේවල් ඔයා දකින්න ඇති. ඇත්තටම දොස්තර කෙනෙක් වුනත් කැමති වුනා හෝ නැතුව ඒ කාලේ බලෙන් ගෙනියන්නත් ඇති.
ReplyDeleteATH KAWURUWATH KIYAPU PALIYATAMA OYA WISHWASA KALADA EYA DOCTOR KENEK NEMEYI KIYALA.....OBE KATHAWATA ANUWA MATA KIYANNA BAHA EYA DOCTOR KENEK NEWEI KIYALA....DOCTOR KENEK KIYALATH KIYANNA BAHA.....
ReplyDeleteවෘත්තියය විශේෂ අවදානයක් හා සැලකිල්ලක් ලැබීම.....
ReplyDeleteලංකාවේ නර්ස්කෙනෙක්ගෙ......ඇටෙන්ඩන් කෙනෙක්ගෙ...(ඩොක්ටලාගෙ මෙහෙම වෙන්නෑ මොකද පෞද්ගලික ඉස්පිරිතාල තියනවනෙ)නෑදෑයෙක් හරි මිතුරෙක් හරි ඉස්පිරිතාලෙට ආවොත් විශේශ සැලකිලි...ඇයි මෙහෙම වෙන්නෙ...ඩොක්ට කෙනෙක්ට ඉංජිනේරුවෙකුට.....විශේශ අවදානයක් දෙද්දි කම්කරුවට ඒක ලැබෙනවද??ලංකාවෙ ඉහලයැයි සම්මත වුත්තිකයො ලාංජන ගහගෙන වාහනවල යනව ඒ ඇයි?.....
වෘත්තීය නිසා අවධානය දිනාගන්න උත්සාහ කරන්නේ වෘත්තීය ජීවිතයේදී පරිනත නොවූ ය කියල මටනං හිතෙන්නේ , නම්ටු මෙතනදී තත්වය වෙනස්. ඇත්තටම ඔහු අවධානය දිනාගන්න කල වෙන්න පුළුවන්, ඒ වගේම සමහර විටෙක ත්‍රස්තයන්ට එකතු වීම ගැන ඔහුගේ සිතේ පසුතැවීමක් තියෙන්නත් ඇති
ReplyDeleteඒ පුද්ගලයා ගැන නම් අනිත් ටිකත් ලියවුනාම කතා කරන එක වඩා ගැලපේවි.
ReplyDeleteරෝහලකදී යම්කිසි සම්බන්ධතාවයක් ගොඩනඟා ගත්තොත් ප්‍රතිකාර නොවෙනස් උනත් සත්කාර වල නම් පැහැදිලි වෙනසක් තියෙන බව නම් අත්දැකීමෙන්ම දන්න කාරණයක්.ඒත් එක්කම මේක රෝහල් වලට විතරක් සීමා උන දෙයකුත් නෙමෙයි.
ජයවේවා..!!
ඔහුගේ හිතේ තමන් කළ කී දේවල් එක්ක සමාජය දැන් ඔහුව පිළිගන්නා ආකාරයත් එක්ක කළකිරීමක් තියෙන්න ඇති එනිසා ඔහු ත්‍රස්තවාදියෙක් ලෙස පෙනී සිටින්නට අකමැති වෙන්නට ඇති.. ///
ReplyDeleteසමහර විට මෙන්න මේ කාරනය හින්ද වෙන්ටත් පුලුවන් කියල හිතෙනව..
ප්‍රතිකාර සඳහා රෝහලට එන කෙනෙකුගේ වෘත්තීය වැදගත් නැහැ තමයි. නමුත් මම මෙන්න මෙහෙම කරලා තිබෙනවා. මම එක්තරා කාලෙක, උතුරේ සිට දකුණටත් දකුණේ සිට උතුරටත් ගමන් කරන ජනතාව පරීක්ෂා කරන යුද හමුදා පාලක ස්ථානයක පාලනය භාරව හිටියා. එහිදී ඔය ආකාරයට, මම වෛද්‍ය, මම විශ්ව විද්‍යාල කථිකාචාර්ය, මම වාරිමාර්හ/මහාමාර්ග ඉංජිනේරු, මම අධ්‍යාපන අධ්‍යක්‍ෂ කියා, විශේෂ ප්‍රමුඛත්වයක් ලබාගැනීමට උත්සාහ කල අය හිටියා. ඔවුන් කිසිවකුටත් රාජකාරි හැඳුනුම්පත් තිබුනේ නැහැ. ඒ බවොප්පු කරන්න. ඒවා LTTE එකෙන් අරගෙනලු. මම ඔවුන්ට නිතර උපදෙස් දුන්නා, ඔවුන්ගේ දෙපාර්තමේන්තුවලට ලිඛිත ඉල්ලීම් කර, රාජකාරි හැඳුනුම්පත් ලබාගන්න ලෙසත්, එය උතුරට ගෙනගියාම LTTE එකෙන් ප්‍රශ්න ඇතිවනවා නම්, අපේ කාර්යාලයේ ලේඛන ගතකොට තබායන ලෙසත්. නමුත් කවුරුවත් එහෙම කලේ නැහැ. ඒ නිසා ඔවුන්ටත් අනෙකුත් සාමාන්‍ය ජනතාවට මෙන් සලකන්න වුනා. ඇත්තටම එවැනි රාජ්‍ය සේවකයන් ආවේ රාජකාරී අවශ්‍යතාද සහිතවයි.
ReplyDeleteයම්කිසිවකු මම අහවලා කියා කිව්වොත්, ඔහුගේ විෂයයට අදාළ ප්‍රශ්නයක් දෙකක් අහන හැටි මම ඉගෙනගත්තා. (ඒ ඒ දෙපාර්තමේන්තු වලින් කරුණු හොයාගත්තා) දල වශයෙන් පිළිතුරේ අඩංගු වියයුතු කරුනුත් ඉගෙනගත්තා. නමුත් වෛද්‍ය විද්‍යාවට අදාලව නම් එහෙම කලේ නැහැ. බොරු කිව්ව දෙන්නෙක් අල්ලාගත්තා. ඔබටත් කරන්න තිබුනේ වෛද්‍ය විද්‍යාවට අදාලව අර පුද්ගලයාගෙන් ප්‍රශ්න කීපයක් අහන්නයි.
බොරුවක් කියලා හරි අනුකම්පාවක් ගන්න හදන මිනිස්සු කොහෙත් ඉන්නවා.ඒ මිනිස්සු තේරුම් ගන්නේ නැහැ තමන් කරන දෙයින් තවත් කෙනෙක් සමහර විට අසාධාරණයට පත් වෙන්න පුළුවන් වග.
ReplyDeleteඕක නෝනේ ඔය මනුස්සයට නෙමෙයි අපේ රටේ අති මහත් බහුතරයකට තියෙන ලෙඩක්.. අපි බලනවා කොහෙන් හරි කනෙක්සොන් එකක් හොයා ගන්න.. දොස්තර බැරිනම් ඇටෙන්ඩන් කෙනෙක් හරි කමක් නෑ.. එහෙම නැත්නම් ගම කොහේද කියලා අහලා එහෙම සෙට් වෙනවා.. එහෙම නැත්නම් ඉස්කෝලේ කොනෙක්සොන් එකක් හද ගන්නවා.. කොහොම හරි සබ්ජෙක්ට් එකට අදාල අය එක්ක සෙට් වෙන්න තමයි බලන්නේ... ආන්ඩුවේ ඉස්පිරිතාලවල එහෙම විශේෂ සැලකීමකුත් තියෙනවා නොවැ... මක්කත් නැත්නම් කේක් එකක් හරි දීලා අල්ල ගන්න බලන්නේ..
ReplyDeleteඔබ රැවටුනාද, ඔහු රැවටුනාද යන කාරණා පසෙකින් තැබුවත්, මට නම් කියන්න තියෙන්නේ ඔබ මේ කතාව ඉතා සුමටව ගලායන්න ඉඩහරිමින් පෑන හසුරුවනවා කියලා. අගෙයි.
ReplyDeleteවෘත්තිය තරාතිරම ප්‍රතිකාර ලැබීමට අදාල නොවන බව ඔබ අනිත් කොණදී අපට ඔප්පු කලානේ. මේ බ්ලොග් එකේ ජනප්‍රියත්වයට ප්‍රධාන හේතුවත් මම හිතන්නේ ඒකමයි. තමන්ගෙම වෘත්තිය කරන කෙනෙක් තමන්ගෙන සේවයක් බලාපොරොත්තුව ආවාම අපි අපි පොඩි වෘතීය ගෞරවයක් දක්වන එක අන්තිම ස්වභාවිකයි. ඒක එහෙම නොවෙනවා නම් ඒක විශේෂ අවස්තාවක් වෙන්න ඕනෙ. ඔහු ලබාගන්න උත්සාහ කලේ මම හිතන විදියට ඒකමයි.
ReplyDeleteඑයා එක්ක තවදුරටත් කතා කලේ නැද්ද? දොස්තර කෙනෙක් කියන්නෙ දොස්තර කෙනෙකුට හංගන්න පුළුවන් වෘත්තියක් නෙවේනෙ.(වෙනත් වෘත්තීන් වගේ)
ReplyDeleteමේ කමෙන්‌ට් කියවද්දි හිතුනෙ මේ මේ රටේ හැටි කියල..
ReplyDeleteඅද අම්මට කොලනස්‌කොපි එකක් තිබ්බ මහරගම කැන්සර් හොස්පිට්ල් එකේ... ඊයෙ ඇඩ්මිට් වෙලා 9 ඉඳන් වතුර ජාති විතරක් බිබී ඉඳල අද දවල් 10 වෙනකනුත් ඇතුලට අරන් නෑ... ඒ පාර දන්න කෙනෙක්ට කතා කරල 11ට විතර ඇතුලට අරන් තියෙන්නෙ... ඊට පස්සෙ අම්මට කන්න දීලා තාත්තත් මොනා හරි එළියෙ පෙට්ටි කඩේකට ආවම ටෙස්ට් එක කරපු දොස්තර නලාව සාක්කුවෙ දාගෙන එතනට වෙලා පැටිස් එකක් කකා ප්ලේන්ටියක් බොනවලු... තව ලෙඩ්ඩු කී දෙනෙක් බඩගින්නෙද කියල කෑම වෙලාවක් ගන්නෙ නැතුව විනාඩි පහෙන් දුවන්න තමයි එහෙම කරන්නෙ කියල වෙළෙන්ද කිව්වලු... මේ කතාව ඇතුලෙ කොච්චර දේවල් තියෙනවද කියල මං මේ දැං හිතනව...