අද උදෑසන මගේ හිතවත් වෛද්ය සොයුරියක් විසින් මට ලියා තිබූ පණිවිඩ රැසක් නිසා මේ ටික ලියන්න හිතුනේ.
Life, work, stress and Stories from the other end - සායනික සටහන් නොවේ, මේ ජීවිත සටහන් ගොන්නකි....
Monday, July 25, 2022
සිස්ටම් චේන්ජ්....
"On my way home there was so much litter in the roads where people were parked and staying for petrol. The sides of the roads where smelly(you know why) beetle spit on the sidewalks.I think this should be done right now. Very urgently along side the aragalaya
If grass root level is not adjusted things will go haywire. Media people should do this. It's a good point to enforce orderHow can this be done?U can do something from there. That's why i am telling u !"
"මම ගෙදර ඇවිදන් එද්දී (පෙට්රල් නැති නිසා ඇය පයින් ඇවිදන් ගෙදර යන්නේ) පාර දෙපැත්තේ තිබෙන කෑලි කසළ පෙනෙනවා. ඒවා පෙට්රල් පෝලිම තියෙද්දී තිබුණා ඒවා. පාර පුරා බුලත් කෙල ගහලා ගඳ ගහනවා. සමාජයක හිත් වෙනස් වීමක් මුල ඉඳලා නොකරන්න, මේ නිසා ලොකු විනාශයක් වෙනවා. ජන මාධ්ය ට පුළුවන් ලොකු දෙයක් කරන්න මිනිසුන්ගේ ඔළු හැදීම වෙනුවෙන්. ස්වයං විනය ඇති කරන්න ඕනේ. ඔබටවත් මොකුත් කරන්න බැරි ද?"
ඇය මට ලියා තිබ්බා. අපිට මොනවද කළ හැක්කේ ?
මිනිස්සු තනි තනිව හිතලා වෙනස් වෙන්න ඕන කාලය ඇවිත් තියෙන්නේ. තාක්ෂණික මෙවලම් එක්ක දැනුම ඕනේ තරම්. තියෙනවා එක හොයාගන්න ඕනේ එක තමන් වෙත ලබා ගන්න ඕනේ.
Google search වත් නොකර හිතළු කියවන වැඩිහිටියන් වගේම තරුණ පිරිස් අපි දකිනවා. මම මේ ගැන ළඟදීත් ලීවා.
තමන්ගේ චින්තන පරාසය වැඩි කරගන්න කියවන්න ඕනේ. ඒවගේම තමන්ගේ හිතේ සහවේදනය ඇතිවීම පිණිස මානුෂවාදී අදහස් කියවන්න ඕනේ. තේරුම් ගන්න ඕනේ.
දරුවන්ට කුඩා කාලයේ ඉඳන් ලෝකේ මිනිස්සුන්ගේ චින්තනය වෙනස් වූ හැටි, දර්ශනවාදය Philosophy පිළිබඳ දැනුමක් ලබා දෙන්න ඕනේ. ඒ තුළින් හැඟීම් එක්ක ක්රියාත්මක වෙන මනුස්සයෙක් වෙනුවට වඩා වැඩි වපසරියක් තුළ බුද්ධිය සහ මානුෂීය බව එක්ක හිතන්න හැකි මනුස්සයෙක් බිහිවෙයි.
දැනුමෙන් සන්නද්ධ වෙනවිට මනුස්සයෙක් තුළ සංයමය වැඩෙනවා.
එතකොට කොයි තරම් අපහසු කාල තුලදී වුණත් මිනිස්සු අනෙකාව පෙලන්නට, කරදර කරන්නට, විනාශයක් කරන්නට පෙළඹෙන්නේ නෑ. හැම විටම තමන්ගේ ගුණධර්ම ආරක්ෂා කරගන්නවා.
බෝ 2022ජූලි
Saturday, July 23, 2022
ගිනි වැදුණු විශ්වයක තොරතුරු
පුස්තකාලයක් කියන්නේ මට විශ්වයක් !
මම දන්නා කාලෙක ඉඳන් මට පාසැල් පුස්තකාලයත් ඉන්පසු මහජන පුස්තකාලයත් කියන්නේ හිත පුරා මහා ආශ්වාදජනක හුස්ම පුරවන තැන්. පොත් මල්ලක අරන් එන්නේ කියවමින් අපූර්ව ලෝකයක අතරමං වෙන්න තියෙන ආශාවට.
අපි මේ තරම් දිගු දුරක් එන්න අපිට පාර කීවේ පොත්. මම, ගෙදරට කඩෙන් බඩු ඔතන් එන පත්තර කොළය පවා කියවන්නේ යැයි වැඩිහිටියන් කියන ජාතියේ ළමයෙක් විමි.
මගේ උතුරු සේවය කාලේ කිලිනොච්චි වැඩ භාරගත් දවසේ අපි ඔක්කොමල යාපනය සෞඛ්‍ය කාර්යාලයට රිපෝට් කරන්න ගිහින් එද්දී අහම්බෙන් මහජන පුස්තකාලය පසු කරගෙන යද්දි ඒ දැනුණු සතුට වචන වලට හරවන්න අපහසුයි.
මෙතන ට ගොඩ වැදී යමු කියා බැස්සාට එතන ඒ වෙද්දී යම් ගොඩනැගීම් නිසා වහලා ඇතුලට යන්න බැරි බව කීවම ඒ පාර මම එතන හිටගෙන පින්තූරයක් අරගත්තා මගේ මතකය වෙනුවෙන්. එහි ගිය අනිත් කිසි දිනක ජායාරුපයක් නොමැත. මන්ද එකල කැමරා සහිත ජංගම දුරකථන අප වෙත නොතිබුණු නිසා ය.
පුස්තකාලයක් ගිනි වැදී දැවෙද්දි දැවෙන්නේ මහා විශ්වයක් ! ඒ විශ්වයක වගතුක සාරවත් ලෙස ලියා සකසා ඇති Sandaresee Sudusinghe රචිත "ගිනි වැදුණු පියාපත්" පොත එළදැක්වීම මට මඟ හැරුණේ අතිශය කලබල කාලයක් වූ නිසා ය.
මේ පොත කියවන ඒ අතරතුර තවත් පොත් ගින්නක් ගැන කතා ඇති වුණා. අවුරුදු ගණනාවකට කලින් මේ වැඩිහිටි පරම්පරාව වගකිවයුතු ආරවුල් ගණනාවක් නිසා ඇවිළුණු උල්පතේ කතාව කවි ම, ඔව් කවි 110කින් අපූරුවට ගෙත්තම් කරලා. ඒ කවි අතරේ ලියන්නියගේ නෙතින් වට කඳුළු බිඳු හීනියට දිලිසෙමින් තිබුණා.
දැනුම සොයා නොගිය මිනිසුන්ගේ හැසිරීම්, අපහාස, අවමාන නිසා සහවේදනයක් නැති මිනිසුන් බිහිවීම නිසා කරදරයට කම්පාවට පත් සමාජයක් දකිමින්, වඩා සුවිශාල හිත් ඇති වගකීමක් සහිත මිනිසුන් ලෙස හැසිරෙන්නට නොදත් සංයමයක් නොවූ සමාජයක් දකිමින් ඒ වේදනා එක්ක මේ පොත කියනවා.
මුළු රටක් ඇවිළුණු ගිනි දශක ගණනාවක් අපි දැක්කා අත් වින්දා. එහෙත් ඒ හිත් ගිනි අපි නොදැක්කා. ජූලි කලබල අපි නොදැක්කා ඒත් ඒ ගිනි රස්නය මුළු රටම කාබාසිනියා කළා. ජාතිය සොයා සොයා කාබාසිනියා කළා. සුළු ජාතිකයෙක් නොවුණු අප එය වෙනස් ව අත් වින්දා. මම ඒ ගැන කොතෙකුත් අකුරු කළා.
පුස්තකාලයක් කියන්නේ විශ්වයක් ! ඒ මහා විශ්වයේ ඇවිද ගිය මිනිසුන් මේ පොතේ මතුවෙලා මහත් වූ අපූර්ව කතාවක් කියනවා.
ඇයගේ මේ වියමන් බොහෝ සාරවත් වි ඇත්තේ ඇය හුදෙක් තමාගේ හැඟීම් වචනයට පෙරළන්න නැතුව මේ ඉතිහාසය දැනුම හොයාගෙන ගිහින් ඒ කරුණු කාරණා සියල්ල බොහොම සංයමයෙන් ලියා දක්වන නිසා.
ඇය සොයා ගිය ඒ මාවත දිගේ හෙමි හෙමින් පියමනිමි. නැවත නැවතත් ඒවා කියවමි.
පුස්තකාලාධිපතිනිය රූපවතී නඩරාජා සොයා ගිය ඇයගේ කතාව මා මුහුණුපොතේ කියෙව්වේ විස්මයෙනි. දැන් මා හමුවේ, 1981 දී ඇවිලෙන විශ්වය අභියස කම්පිතව බලා ඉන්නා ඇගේ සේයාරුව පිටු අතරින් මතුවේ.
දැනුමෙන් මොටවු ජාතියකට නැණ පහන් දල්වන්න හදනවාට සඳරැසී නංගි ඔබට බොහෝ ස්තූතියි.
ඔබේ කවි මෙහි සටහන් නොකරන නමුදු මතු පොත ගෙන කියවන්නට ඉන්නා හිත් අවුස්සන රිසියෙන් ඇතැම් කවි ගැන මෙසේ යම් සටහනක් තබමි.
3 කවියේ චෙල්ලප්පා මහතා වෙත මගේ ගෞරවය ලියා තබමි. පුස්තකාලය ගොඩ නැගූ මිනිසුන්, එහි අභාෂය ලැබූ මිනිසුන් ඒ ගිනි ගන්නා විට ගිනිගත් සිත් ඇතිව කම්පාවුණු රටක මිනිසුන් මේ පොතෙන් විටින් විට එළියට ඇවිත් මහාර්ඝ කතන්දරයක් කීයා දෙයි. මහජන මුදල් කෝටි ගණන් තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන් යොදා ගන්නා පාලකයින් ඉන්නා රටක සෑම් ඒ. සභාපති හෙවත් නගරාධිපතිගේ විකුම් කෙතරම් අගනේ දැයි සිතමින් එහෙව් විරුවන් සිතින් වන්දනා කරමි.
කොට්ට කිලන්ඟු තල් හකුරු රස , මතකයෙන් විඳිමින් 43 කවිය කියවීම්. අඳුරු වන්නි අහස පුරා ලියැවුණු එවන් වේදනා බොහෝ දෑසින් දුටු බව ලියා තබමි
98 කවියෙන් මා ද නොදැන සිටි ඒ මන්තරය ලියුවාට ස්තුති බව කියමි. මේ පොත ගැන කියවන ලියන මිනිසුන් අඩු වෙන්ට කාරණා විමසමි. යළිඳු පොතේ අකුරු අතර කිමිදෙමි. මහා දැනුම ගබඩාවක් මවෙත ළඟා වූ හැගීමක් දැනේ.
කවි පොතකින් කළ හැකි දේට එහා ගොස් ඔබ අපට ඉතිහාසය උගන්වා ඇත. ඒ ඉතිහාසය පිරමින් මම පොත කියවන්නෙමි.
109 කවිය හිත මත දෝංකාර දෙද්දී.. සත්සමුදුරෙන් එපිට හිඳගෙන මගේ මව් බිම දෙස බලා ඉමි. විදා පිල් නටනු නොහැකිව උපන් බිමින් පිටමන්ව නොරට විත් මහත් විස්කම් පෙන්වන උතුරු සහෝදරයින් සහෝදරියන් අදත් මූණ ගැසේ.
එහෙත් අද රටේ හැම දෙසකම දරුවන් අඳුරේ ය. එන්න අපි එළි දල්වමු.
ස්තූතියි සඳරැසී නංගි, කවියක දවටා මේ තරම් දැනුමක් බෙදනවා ට, මහා පොළොවේ මේ ඉතිහාස හුස්ම දරණවාට, අවුරුදු හතළිහකට පසු මේ සියල්ල ස්මරණය කරන්නට ඉඩ සකස්කර දුන්නාට.
ස්තූතියි පොත් ප්‍රකාශක ජනක ඉනිමංකඩ සහෝදරයා මේ තරම් අගනා ලෙස පල කරාට.
ගිනි වැදුණු පියාපත්
සඳරැසී සුදුසිංහ
මිල රු500
ප්‍රකාශනය - විදර්ශන ප්‍රකාශන
(පොත ගැන විචාරයක් නොවේ පොත කියවන අතර සිතින් වට සිතුවිලි මෙසේ ගොනු කළෙමි.
📷මුදු හතක් එහා දුරු රටට ආ ගිනි වැදුණු පියාපත්, සාරියකින් සැරසී සිටින්නේ ගත් කතුවරිය සඳරැසී සුදුසිංහ නංගි.
යුද්ධයක අවසානයෙන් පසු උතුරට ගිය මං යාපනය මහජන පුස්තකාලය ඉදිරියේ ගත් පින්තූරය මෙහි දකුණු පස ඉහළ)
By Bodhini Samaratunga
2022 ජූලි
Saturday, July 16, 2022
2021 හෙවත් ගිය අවුරුද්දේ අද වගේ දවසක
අප්පච්චී ඇප් එකකට රෙජිස්ටර් වෙමින් සිටී...
"ලොකු දුව...මෙන්න පාස්වර්ඩ් ඉල්ලනවා මගේ ඊමේල් පස්වර්ඩ් මොකටද මේකට..."
"නෑ නෑ අප්පච්චි මේ අකවුන්ට් එකටලොග් වෙන්න කැමැති පාස්වර්ඩ් එකක් දා ගන්න."
ටිකකින් ආයෙත්
"මෙන්න terms and conditions වලට agree වෙන්නලු. කෝ කොහෙද තියෙන්නේ ඒවා කියවන්න."
"ආ ඒක කියවන්න ඕනෙ නෑ...ඔන්න ඔතන ක්ලික් කරලා accept කරන්න"
"එහෙම කොහොමද agree වෙන්නේ. ඒවා මොනවද කියලා බලන්න ඕනේ.කොහොමද ඒ ටික කියවන්නේ... කෝ මට ඒක කියවන්න ඕනේ... "
මම ...නිරුත්තරව....😯
"මේ තියෙන්නේ මේක උඩ ක්ලික් කරාම terms and conditions එනවා අප්පච්චී."
"කෝ ඉන්න මම කියවලා බලන්න ඕනේ. කවුද දන්නේ අපෙන් මොනවා අරගන්නවද කියලා"
දැන් මිනිත්තු 10කුත් ගිහින් අප්පච්චී තාම කියවනවා....
ටක්ගාලා මෙලෝ මළදානයක් කියවන්නේනැතුව i agree i accept කියා රෙජිස්ටර්වන...අපි ගැන හිතමින් මම කල්පනා කළා .😕
මම ඕවා කියවන කෙනෙක් දැක්කමයි !
සාමාන්‍යයෙන් අප්පච්චී එක්ක නිතරම සමපාත නොවන මගේ දේශපාලනික සාමාජීය මතිමතාන්තර... එක්ක වාද විතරමයි.
අවසානේ මේ දවස්වල මම කියපු සේරම සනාතවුණු අප්පච්චිලා විශ්වාස කළ දේශපාලනික වෙනස නොවුන එකේ ඉඳලා වැක්සීන් එකට එනකම්ම වාද විවාද තමා...
ඒත් තවම එයාලගෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවා...
අද මේ සටහන මතක් වුණේ... අවුරුද්දකට කලින් ඉඳන් මේ දේශපාලන අවුල මිනිසුන් දැනන් හිටියා.
ඒත් තමන්ට අපහසු වෙනකම්ම ඉවසන් හිටියා. තවත් ඉවසුවා. ගෑස් පුපුරද්දි ත්, පෝලිමේ වල ජීවිතේ දියවේද් දිත් ඉවසන් හිටියා. අවසානේ මේ විදිහට හරි සමාජය ම නැගී සිටියා.
Friday, July 15, 2022
අපෙත් නැවෙන මහපට ඇඟිලි, බාලගිරි දෝස සහ බඩ කැසීම්
මෑතක රූපවාහිනි තරු වැඩසටහනක, ඇඟිල්ලක් නැමෙන්නේ තමන්ගේ පියාට වූ අනතුරක් නිසා යැයි කියන පුද්ගලයෙකු අල්ලා ගෙන ෆෙස්බුක් සටහන් ලියැවෙනු පෙනේ. ඒ සඳහන් කළ වීඩියෝ ව මම ද නැරඹුවෙමි. ඇත්තටම බොහෝ දෙනෙක් ඒ කෙනාට අවමාන කරන්නට ලියා තිබුනා ට මට ඒ කතාව ගැන පුදුමයක් නොවන්නේ. ඊට වඩා දේවල් මම මේ රැකියා කළ කාලයේ සමාජයෙන් අසා තිබෙන නිසා. අපි නොදන්නා දේ ගැන කවුරුන් හෝ අපිට කියලා දුන්නු දෙයක් හෝ සමාජයේ මුල් බැසගෙන තිබෙනා දෙයක් අපි විශ්වාස කළ නිසා. ඒ දෙය වැරදි හෝ බොරුවක් හෝ පදනම් විරහිත බව වෙනත් කෙනෙකු අපට කියා දෙනකම්, අපි ඉගෙන ගන්නකම්, පරීක්ෂණ මඟින් ඔප්පු කරනකම් අපි කොයි තරම් නම් කාලයක් ඒවා විශ්වාස කළාද කියන එකයි.
ඒ කෙනා වුනත් වැඩිහිටියන් විසින් පෙන්වා කියා දුන් දෙය විශ්වාස කරන්නට ඇති, එය ඇත්ත නොවේ කියා සමාජ මාධ්ය ජාල ඔස්සේ පෙන්වා දෙනකම්. ඒ කෙනා දැනන් හිටියා නම් ඇඟිල්ලක් නැවෙන එකේ පදනම එය නොවන බව සහ එම hyperflexibility තත්ත්වය ඒ කෙනාට ක්රියාකාරකම් කිරීමට අපහසුවක් නොවන බව. ඒ කෙනා දැනගෙන උන්නා නම් සමහර විට එසේ නොකියන්නට පුලුූවන්. මේ තත්ත්වය ජාන මඟින් සම්ප්රේෂනය වන තත්ත්වයක්. එය රෝගයක්ම කියා කියන්න නොහැකියි, මොකද සමහර සින්ඩ්රෝම් තත්ත්ව වලදී වගේම කිසිම ගැටළුවක් ඇති නොකරන ලෙස මෙසේ අධි නැවීමක් සහිත ඇඟිලි පිහිටන්න පුළුවන්. මේ ගැන වැඩිදුර කියවන්න පුළුවන් ලින්ක් මම මේ සටහනේ අවසානයේ අමුණන්නම්.
ඒවගේ තවත් අදහස්/ කතා තියෙනවා කවුරුත් හොයන්නෙ නැති....
"බාලගිරි අද නොවේ හෙට" අපි කොච්චරවත් දොර උළුවහුවල ලියනවා දැකලා තියෙනව නේද ? ඒකට ඇත්තම හේතුව මොකක්ද කියන එක දන්නේ කීයෙන් කීදෙනා ද ?
මම ළමා රෝග වාට්ටුවේ වැඩ කරන කාලයේ, රෝහලේ ප්රාජා වෛද්ය අංශයේ කටයුතු කළ හෙදිය රුක්ෂානි මිස් ඇවිත් ඇවිටිලි කළා ගර්භනී මව්වරුන් වෙනුවෙන් නව ජන්මයා හෙවත් අලුත උපන් බිළිඳුන් ගැන උපදෙස් දෙන්න එයාලා ගෙන යන වැඩසටහනට මසකට වරක් සහභාගි වෙන්න කතා කරන්න කියලා. ඒ කාලයේ මම පොත් ගැන කොහොමත් කතා පවත්වන නිසා අපේ එවකට ළමා රෝග විශේෂඥ වෛද්යවරයා ගෙන් ඇවිත් ඉල්ලා සිටියා, අවසර දෙන්න කියා. නිකම් වෛද්යවරයෙක් කොහොමද එහෙම කතා පවත්වන්නෙ, මම කියන්නම් ඕනෑ දේවල් කියා ඔහු වාට්ටුවෙන් මාරුවී යන තෙක් දැනුවත් කිරීම ඔහු පිට පවරා ගත්තා.
ඔහු මාරුවෙලා ගිය පසු විශේෂඥ වෛද්යවරියක අප වාට්ටුවට ආවා. ඇයට මේ වැඩේ ගැන රුක්ෂානි මිස් කියද්දීම ඇය කීවේ “මේ ඉන්නේ කතා කරන්න පුළුවන් අය…මම කරන්න ඕනේ නෑ. මෙන්න මෙයාට පුළුවන්” එහෙම කියද්දී මට පුදුම හිතුනා. සමහර ගුරුවරු /අපේ ප්රධානීන් අපගේ හැකියා හඳුනාගෙන අපව වැඩි දියුණු කරනවා. එහෙම කෙනෙක් තමා උත්තරා හිදැල්ලාරච්චි විශේෂඥ වෛද්යතුමිය. ඇය මට මෙලෙස සායනවලදී ගර්භනී මව්වරුන් දැනුවත් කිරීමේ කාර්යය බාර කළා. බටහිර වෙදකමේ, කොලික් කියා හඳුන්වන ලංකාවේ බාලගිරි කියා හඳුන්වන, ඒ විස්තරේ අලුත් අම්මලා තාත්තලාට කියා දෙන්න මට හැකි වෙන්නේ ඒ අනුව.
මොකක්ද එහෙනම් බාලගිරි දෝසේ…
ඉංග්රිසියෙන් මෙහෙමයි විස්තර කරන්නේ “Colic occurs when a healthy baby cries for more than 3 hours a day at least 3 days per week for more than 3 weeks. Colic can start a few weeks after birth (familydoctor.org
)
කොලික් නම් මේ තත්ත්වය පටන් ගන්නේ ඉපදිලා මාසයක් වගේ යද්දී… ඒකට හේතු මේ මේ යැයි පෙන්වන්න නැහැ. හැබැයි යම් යම් පැහැදිලි කිරීම් තියෙනවා. ඇතැම් හේතු ලෙස පෙන්වා දෙන්නේ දවස පුරා තමන් අලුත් පරිසරයක ශබ්ද සංවේදනා දැනෙන්න ගන්නා කාලය එද්දී ඒ කියන්නේ ඉපදිලා සති කිහිපයක් යද්දී දරුවාට ඒ දැනෙන වෙහෙස, සංඥා සංවේදනා ශබ්ද එක්ක ඒ දැනෙන වෙහෙස මෙහෙම අඬලා කෑ ගහලා පිට කරන බව, තවත් අදහසක් තමා හරියට තවම නොවැඩුණු ආහාර ජීර්ණ පද්ධතියේ ඇති වන අපහසුතාවය, වාතය පිරීම වගේ දේවල්, ළදරු කිරි, ආහාර දෙනවානම් ඒ නිසා ඇතිවන අපහසුතා. දරුවෙක් පිළිසිඳ ගත් දවසේ ඉඳන් කුස තුළ වැඩෙන්නේ වතුර පිරුණු පරිසරයක. ඇහෙන ශබ්ද මේ අපි කතා කරන ඒවා නොවෙයි. රුධිර වාහිනීවල රුධිර පොම්ප කරන ශබ්ද ෂ් ෂ් ෂුෂ් වගේ, හෘදය ගැහෙන ශබ්ද, එවා තමා ඇහෙන්නේ. දරුවා එළියට ඇවිත් අමුතු ශබ්ද ගොඩක්, සහ දැනෙන අපහසුතා එක්ක මෙහෙම හවසට හැඬීමෙන් ඒ සියලු අපහසුතා පිට කරන බව. මෙවෙලෙට කොච්චර කිරි දුන්නත් නැලවෙන්නෙ නැති බවත් ඔබට මතක ඇති. බටහිර ක්රමවේද වල වයිට් නොයිස් white noise කියලා සංගීතයක් පාවිච්චි කරනවා මෙහෙම අඬන බබාලව නළවන්න. එය හරියට දූවිලි පිසින යන්ත්රයක ෂුෂ් හඬට සමානයි. ඒ නිසා සමහර අම්මලා ෂ්…. හඬින් දරුවෝ නළවනවා බටහිර රටවල ප්රචලිතයි. ලංකාවේ නම් ළමයා එහෙට මෙහෙට හොළවමින් උඩ පනිමින්… දොයි දොයි දොයි… කියමින් තොවිලයක් නටන වැඩිහිටියන් මට මුණ ගැසී තිබේ. අපේ වාට්ටුවේදි වුනත් එසේමයි.
මේ කොලික් හෙවත් බාලගිරි නිසා දිගුකාලීන අපහසුතා දරුවාට ඇතිවෙන්නෙ නෑ. ඒත් වෛද්ය තොරතුරු සටහන් පෙන්වා දෙනවා අම්මලාට මේ නිසා විශාදිය හෙවත් depression තත්ත්වය, ඉක්මනින් දරුවා කිරි වැරීම, සහ වැඩිහිටියන් අතර හිත් අමනාපකම් ඇති විය හැකි බව.
අඬන බිළිඳුන් එහෙ මෙහෙ අතට හොළවා නැළවීම තුළින් ළදරුවන්ගේ මොළය හෙල්ලීම හෙවත් shaken baby syndrome කියන තත්ත්වය පවා ඇති විය හැකියි. මේ තත්ත්වය ඔබට ගූගල් කර බැලිය හැකියි.
ඔව් ඔබ නොදන්නා අත්භූත යමක් ඔබට ඇසුනොත් ඒ ගැන සිංහලෙන් හෝ ඉංග්රීසියෙන් ඔබට ගූගල් වෙබ් අඩවියේ සෙවුමෙන් එහි ඇත්ත නැත්ත වටහා ගත හැකියි.
ඉතින් අපි වටහා ගත්තා මෙහෙම දේවල් ගැන අම්මලා තාත්තලා දැනුවත් කළොත් අපිට පුළුවන් යම් තරමකට ඔවුන් කම්පා වෙන එක, බාලගිරි කියල යක්ෂයෙක් එනව හෝ දෝසයක් එනව කියලා බය වෙන එකෙන් ඔවුන්ව මුදවා ගන්න. ගොඩක් අය ඉන් පසු යූටියුබ් එකෙන් වයිට් නොයිස් ගැන හොයා බලා තිබුනා. ඒ බව කීවා ස්තූති කළා. මම රෝහලින් යනකම්ම ඒ ගර්භණී සායනවල දී අපේ දැනුවත් කිරීමේ වැඩේ කරගෙන ගියා. එහිදී කිරි දීම වගේම නොයෙකුත් රෝගාබාද ගැනත් දැනුවත් කළා
ඉතින් අපිට වැරදෙනවා. එහෙම වෙන්නේ අපිට වැරදි උගන්වලා හෝ දීර්ඝ කාලීනව සමාජගත වූ වැරදි මතයක් අපි කරපින්නාගෙන යෑමෙන්. හරියට මේ දවස්වල අපේ රටේ සිදුවෙන සිදුවීම් වගේ. රටට අගතියක් වෙන දේවල් ගැන අපිට කොන්ද කෙලින් තීරණයක් ගන්න බැරි වෙලා තියෙන්නෙ මේ නිසා.
මම එලෙස නොයෙක් කාලයන්වල අත් දුටු කතා කිහිපයක් මෙතන ලියන්නේ ඔබේ දැනුවත් වීමට.
"ඩොක්ටර්.."
මව දරුවා ඇඳෙහි තබා මවෙත පැමිණ යම් අපහසුතාවයකින් යමක් අසන්නට මෙන් සැරසෙයි.
"ඇයි අම්මා"
"පුතා සුයිමිං (swimming) කරන්න ගත්තට පස්සේ, මොලේට වතුර යනවත් වැඩි ඇති නේද?"
මෙවැනි අන්ඩර දෙමළ කතා අහලා අහලාම මේවට හිනාවෙන්න හෝ කලබල නොවෙන්න තරම් මානසිකත්වයක් අපට ඇතිවෙලා තියෙන නිසා හොඳයි.
" ඇයි අම්මාට එහෙම හිතෙන්නේ"
"නෑ වතුර යටදි නහයෙන් මොලේට වතුර යනවනේ" ඇගේ නොදැනුවත්කම මට මැනවින් වැටහිනි.
ඉන්පසු එළඹුනේ රූප සටහන් මගින් ඇයට මිනිසාගේ හිස්කබල මොළය සහ නාසය උගුර කට පිහිටා ඇති අන්දම පැහැදිලි කිරීමේ කාලයකි. ඇයට ඇඳ පැහැදිලි කළාම ඇය ඒ ගැන පිළිගත්තා.
ඒත් ඇයි අපි කුඩා කාලයේ ඉගෙන ගන්නා විද්යාව පාඩම් මේ තරම් ඉක්මනට අමතක කරන්නේ?
මද වෙලාවකින් පසු නර්ස් නෝනා කෙනෙක් "ඩොක්ටර් .........මොකද මේ බී එච් ටී (ඇඳ ඉහ පත) එකේ මූණු ඇඳලා... ඇනටමි පාඩමක්වත් කියලා දුන්නද ?" කියා අසයි.
මේවගේ අමුතු කතා අඩුවක් නැත
.....................
ගර්භනී අම්මාවරුන්ව පරීක්ෂා කරද්දී බඩේ නියපොතු පාරවල් තිබුනොත් අපි විශේෂයෙන් ඒ ගැන වද වෙනවා... ඇතැම් විට එය අක්මාව සම්බන්ධ රෝගාබාද තත්වයකට මුල පිරීමක් දෝ කියලා හිතලා. ඔන්න ඉතින් එහෙම හිතන් අම්මෙක්ගේ බඩ පරීක්ෂා කරනකොට, ඇගේ කුසේ සීරිම් පහරවල් තිබුනා.
“අම්මේ බඩ කසනවා ද?” මම ඇසුවා
"නෝනා දන්නවද බඩ කසන්නේ ඇයි කියලා ? ඇතුලේ ඉන්න බබාගේ කෙස් වදිනවා බඩේ ඒකයි"
ඇය මට කියනවා.
දැන් මට වෛද්ය ශිෂ්ය සමයේ උගත් human anatomy පාඩම, ගර්භාශය, දරුවා දක්වා තිබෙන පටල ප්රමාණය. ඉන්පසු උදරයේ හමේ සිට පහලට තිබෙන ස්ථර සියල්ල සිහිවේ.
අත පය , හිස, මේවානම් උදරය අල්ලා බැලූ විට දැනේ ඒත් කෙස් ? දැන් ඇයට මෙය පැහැදිලි කරන්නේ ?
" මේන් මෙච්චරක් විතර ඝනකමක් තියෙනවා . අම්මේ ඉතින් කොහොමද ඔයාගේ හමට බබාගේ කෙස් දැනෙන්නේ මෙහෙම වෙන්න පුළුවන් වැඩිම හේතුව හෝමෝන වෙනස්කම් තමා." මම ඇයට පැහැදිලි කරමි. යන්තම් ඇතිවන මේ කැසීම් තත්ත්වය බරපතල නෑ. එහෙත් ගර්භණී සමයේ අක්මාව සම්බන්දයෙන් ඇතිවන රෝග තත්ත්වයේදීත් කැසීම රෝග ලක්ෂණයක් නිසා අපි ඒ ගැන වඩා සැලකිලිමත් වෙන්නෙමු.
"ඕවා ඔයාලට තේරෙන්නෙ නෑ. " කියමින් ඇය නිහඬ වෙයි. අපරාදේ පැහැදිලි කරන්න ගිය කාලය ! මම සිතින් සිතමි. බොහෝ විශ්වාස වලට පදනමක් නැති වුනත් ඒවා සමාජයේ මුල් බැසගෙන ඉවරයි.
එහෙත් අපි වඩාත් විමසිලිමත් වෙමු. සමාජය විසින් මුල්බැසගත් කාරණාවල ඇත්ත නැත්ත සොයා බලමු. හැම විටම පර් යෙෂණ පත්රිකා වගේ ඒවා කියවා කරුණු කාරණා සොයා බලමු
මහපට ඇඟිල්ල අනිත් පැත්තට නැවෙන එක ගැන ... බාලගිරි සහ බඩ කැසීම මගේ සත දෙක ඔයාලට ලිව්වේ දැනුවත් කරන්න.
ඔව් අරගලය අස්සේ මේවාත් ලියන්න වෙලා මොකද මේවගේ දැනුම හොයාගෙන යන්නේ නැති මිත්යා විශ්වාස රැඳුණු සමාජයක් රවට්ටන්න හරි ලේසියි.
චේ ගුවේරා... එ ක අවස්ථාවක කියනවා විප්ලවයක අවශ්යම කාරණාව දැනුමෙන් සන්නද්ධ වීමයි කියලා ...
ඉතින් මම මතක ඇති කාලෙක ඉඳන් කරන්නේ ඔයාලව දැනුමෙන් සන්නද්ධ කරන එක...
....................................
වෛද්ය බෝධිනී සමරතුංග
අධි නැවෙන සුළු ඇඟිලි - https://www.nhs.uk/conditions/joint-hypermobility-syndrome/
බාලගිරි අද නොවේ හෙට ගැන https://www.mayoclinic.org/.../symptoms-causes/syc-20371074
Thursday, June 16, 2022
පහන් තරුව අද්දර සිට ලියමි
ඉතින් සමාවෙන්න නිතර නොලිව්වාට බ්ලොග් එක....
මීට මාස දෙකකට කලින් ලංකාවේ අඩු ආදායම් පවුල්වලට සෝලා පැනල හරි ගහලා දෙමුද කියලා පෝස්ට් එකක් මම ලිව්වා මතක ඇති....
අපිට තනිව බොහෝ දේ කරන්න නොහැකි වුණත් කණ්ඩායම් වශයෙන් බොහෝ දේවල් කළ හැකියි
ඒක මම වැඩ කළ හැම තැනකදීම අත් දුටු සත්යය.
මේක ඔයාගෙ රාජකාරිය නොවෙයි ! ඒවා ගොඩ නංවන්න රජය දැනගන්න ඕනේ !
තමන්ගේ ඩියුටිය විතරක් බලාගන්න
ඔයා ඔහොම කරනකොට මිනිස්සු අපෙනුත් ඒවා බලාපොරොත්තු වෙනවා.
විහින් මැරුම් කන්නේ නැතුව රාජකාරිය විතරක් කරන්න...
මේ මම සැරෙන් සැරේ අහගත්තු දේවල්.
මේ සියලු අවවාද ඇත්ත තමා. ඒත් මට මතක් වෙන්නේ ම හෝ ගානා පොකුණ චිත්රපටියේ ටීචර් ගේ දෙබසක් "මට බෑ ඒත් අපිට පුලුවන්!"
ලංකාව වගේ රටක මේ තරම් කඩා වැටීම් බහුල රටක මේ තරම් හරි ජීවිත බේරෙන්නේ වැඩ කටයුතු ඇදගෙන යන්නේ අන්න ඒ අපේ හිත්වල හයිය නිසා. මේ අපි නොකළ යුතු දේවල් වෙන්න හැකියි මේ අපේ රාජකාරිය නෙමේ වෙන්නත් පුළුවන්. ඒත් එහෙම කියලා බලන් ඉන්නත් බෑ.
ඉතින් ලංකා පොළොවෙන් සමුගනිද්දි තිබුණු රට පසුගිය මාස දෙක තුනේ ආර්ථික අහේනිය එක්ක අන්තයටම කඩා කෑලි විසිරී යනකොට මෙහෙ ඉඳන් අපි බොහෝ දෙනා හූල්ලමින් හිටියේ...
සෝලා පැනල හරි මිනිස්සුන්ට සවිකරලා දෙමුද කියලා ඒ ගැන වුණු කතාවේදී... මට පුද්ගලික පණිවිඩයක් එවලා තිබුණා විදේශ පුහුණුව ලබන තවත් වෛද්යවරියක වන චාපා අක්කා.
"නංගි මොනවා හරි කරනවානම් මාවත් එකතු කරගන්න... අපි මොනවා හරි කරමු නංගි. මම සතියකට දෙකකට සැරයක් ලංකාවේ රාජය බැංකු වලට විදේශ මුදල් දානවා මේ දකින දේවල් දරාගන්න බැරි නිසා."
අක්කා සහ මම නිතර කතා නොකළාට අපි හමුවුනේම ව්යසන වලදී වෛද්ය උදව් උපකාර දෙන්න... ගංවතුර කාලේ ස්වේජ්ජා වෛද්ය කඳවුරු ගණනාවක් කළ අපි ආයේ එකතුවුනා. ඒ කාලේ දීම ගංවතුර කඳවුරු නිසා එංගලන්තයේ ඉන්න ගත් කතුවර චන්දන අයියා අඳුන්වා දුන්න කමනිකා නංගිත් එකතුවුනා , සෝලා වැඩේ ගැන සංවාදයෙන් "මොනවා හරි කරමු" කියපු ළමා රෝහලේ අප්රමාණ ස්වේච්ඡා ආධාර වැඩ සටහන් කළ මනිල්කා අක්කත් එකතු වුනා.
අපේම මිනිසුන් ලංකා පොළොවේ ජීවත් වීම උදෙසා අරගලය දියත් කරද්දී.... ඒ මිනිසුන්ගේ හයියට මොකක් හරි කරන්න චාපා අක්කා දන්න යාළුවෝ අනුපමා අක්කා තනුෂා , මම දන්න යාළුවෝ සහ අපි එකිනෙකාගේ තවත් යාළුවෝ ලෙස එකතුවුන Heal Sri Lanka 2022 කණ්ඩායම වටේ දන්න හඳුනන නොදන්නා ගොඩක් දෙනෙක් එකතු වුණා.
අපිත් සසල වෙන ලංකා පොළොවේ ප්රවෘත්ති හමුවේ නොසැලී මොන ප්රශ්නෙ ආවත් අපි මේක කරමු කීවේ...වෛද්ය දම්මිනි.
අපි ඉතින් මූලික සාකච්ජාවලට එහෙම එක් රැස් වුණේ මිරිහානේ අරගලය පටන් ගන්න කලින් ....ලෝකය තනි යායක් කියලා මහගම සේකර ලීවා දේ සනාථ කරමින් zoom තාක්ෂණය ඔස්සේ දවසක් ඇර දවසක් මූණ ගැහෙමින් අපේ what's app සාමූහිකය තුළ නිරතුරුව පණිවිඩ හුවමාරු කරගනිමින් අපි ලැහැස්ති වුනා. මුලින්ම සෞඛ්ය අමාත්යාංශයේ පරිත්යාග අංශය බාර වෛද්යවරයා සමග සාකච්ජා කරලා අපි කවුද මොනවද කරන්නේ කියන එක ලිඛිතව දැනුම් දීලා ඒ ගැන අවශ්ය තොරතුරු දැනගෙන ඉන් පස්සේ අපි හෙව්වේ ඖෂධ රෝහල්වලටම ලබා දීමේ පිළිවෙල. ඒකත් යම් තරමකට නිරාවරණය කරගන්න හැකි වුණේ අපි සියල්ලෝම රජයේ රෝහල්වල වැඩ කර අත්දැකීම් සහ පිරිස් බලය ඒ කියන්නේ දැන හැඳුනුම් කම් වැඩි වැඩියෙන් තිබුණු නිසා.
ඖෂධ නැත කියා ඇහෙද්දි ඖෂධ ඇත කියා ප්රවෘත්ති මැවූ අය නිසාත් අවුලක් නැත නෑ ඒක වැරදියි අවුලක් ඇත කියමින් එක එක ප්රවෘත්ති නිවේදන ආ නිසා අපි අඩියක් පස්සට හෝ ඉස්සරහට ගන්න බැරුව හිටිය වෙලාවල් තිබුණා. අවශ්ය ලිපි ලේඛන ගැන උපදෙස් මීට කලින් මෙහෙම දේවල් කළ අය සහ විශේෂඥ වෛද්යවරුන්ගෙන් ලැබුණා. ඖෂධ ආයතන ගැන තොරතුරු හොයන්න bio medical engineer කෙනෙක් වන සජිත් නීලංජන මල්ලි උදව් කළා.
පවුම් තිස්දහසකට එහා මූල්ය ආධාර ගිණුම එක්ක ඒ හා සමාන අමතර කණ්ඩායම්වල පුද්ගලික දායකත්වය එක්ක heal Sri Lanka 2022 නොනැවතී ගමනේ.....
අප කෙරෙහි විශ්වාසය තැබූ සියල්ලන් මෙන්ම අප ට මේ දේවල් ලංකා පොළොවේ අවශ්යම තැන් හොයා ලබා දෙන්නටත්, ප්රමිතිය හා ගුණාත්මකභාවය ගැන එතන ඉඳන් අපේ නිරීක්ෂකයෝ වෙන්නටත් ස්වෙච්ඡාවෙන් මේ හැම රෝහලකම වෛද්යවරු, හෙදියන්, ඖෂධවේදීන් සහ රසායනාගාර තාක්ෂණික නිලධාරීන් උපකාර වුණා.
මෙතෙක් කළ පරිත්යාග සියල්ල සහ ඒ සඳහා දායක වූ ඔබ ගැන heal Sri Lanka 2022 පිටුවේ සඳහන් වෙනවා. ( https://www.facebook.com/Heal-Sri-Lanka-2022-103177539042249 ).
මට එදා ඉඳන් තිස්සෙම මතක් වෙන්නේ මම කාලයකට කලින් ලියූ මෙන්න මේ කවි පද පේලිය...
ලොකු වෙලා අපි මෙහෙම කරමුද
කතා කරගත් කාල මතකද
මහ පොළොව උඩ කරපු අරගල
අදත් හීනෙන් හිනාවෙනවද
අපිට කරගත් මොකුත් නැතුවට
අනුන් වෙනුවෙන් හුඟක් නැහුනට
හෙලූ දහඩිය මතක කඳුළක
නාඳුනන නම් ලියැවිලා ඇත
හිතන්නෙත් නැති වෙලාවක් අග
දරාගත් හොඳ දෝත බැඳගෙන
හදිසියේ ගත් හුස්ම නතරව
ජීවිතේ මඟ අතැර ගියොතින්
ඉහළ අහසේ වළාවක් උඩ
නතර වෙන්නට ඉසිඹුවක් ලැබ
පාත පෙනෙනා බොහෝ දේ ගැන
කතා වෙමු අපි වෙලා අරගෙන
ලංකා පොළොවේ වැඩ කළ අපිට මේ වචන ටික හරිම ළඟයි නේද ?
©බෝධිනී සමරතුංග
Heal Sri Lanka එකේ gofundme link එක තමා මේ
https://www.gofundme.com/f/7rr463-heal-sri-lanka?fbclid=IwAR1BTNbyjbshZ4_bUWlYX_WQYqAwh_9pmuRpTpIxJvGbiHCfJ45z2UVb-aI
මුලින් 20 000 අරමුණු කළ ද එය සති දෙකෙන් එකතු වූ නිසා අපි එය 40 000 දක්වා පරිත්‍යාග එකතු කරන්නට තබා තිබුනා.
එයත් මේ මාසයෙන් හමාර කරන්නටයි සූදානම. පැවති අවදානම් තත්ත්වයට මදක් හෝ අස්වැසිල්ලක් සපයන්න මේ කරගෙන ගිය ක්‍රියාන්විතයෙන් යම් තරමකට උදව්වක් වුනා කියලා හිතනවා. ඒත් අපි මූලිකවම හිතන්න ඕනෙ මේ සමස්ථ රටක් දුර්වල වුණු... රටක් අකර්මණ්‍ය වුණු අදූරදර්ෂී ඛේදාන්තයක් වූ සිස්ටම් එක වෙනස් කරන්න. එතෙක් මේ ලෝකෙම එකතුවෙලා පරිත්‍යාග දුන්නත් රටට පැවැත්මක් හෝ හෙටක් නෑ.
Tuesday, February 1, 2022
කඩල ඇට නාහේ දමාගත් අයියා සහ නංගි
නංගිගෙ නාහෙටත් කඩල් ඇට රිංගවා තමන්ගේ නාහෙටත් දමාගෙන උතුරු කොන රෝහලට ආ පැංචියි එයාගේ අයියයි මට තවමත් මතක, එදා හදිසි ඒකකය වෙත කතා කළ අප කාටත් උගුර කන නාසය සම්බන්ද අත්දැකීම් නොතිබුණු නිසා ය. උතුරු කොන රෝහලේ අප වැඩ කළ එකක වලට අමතරව අපට තිබෙන දැනුම සහ අත්දැකීම් මත හදිසි අවස්ථා වලදී උදව් කරන්නට ද සිදු වේ. හොඳ වෙලාවට "කෝකටත් තෛලය" බවට පත්වන ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙක් සිටින නිසා ඔහුගෙන් ඇසූ විට ඔහු ඒ සම්බන්ධයෙන් අත් දැකීම් ඇති බව කියා විගහින් එහි ඇවිත් උපකරණ කට්ටලය රැගෙන කඩලා ඇට පෝලිම නාහයෙන් සහ කන් වලින් එළියට ගත්තේ අපි හැම ගේම හිනා සහ ඒ දරුවන් වෙත එල්ලවූ අම්මගේ බැනුම් මධ්‍යයේය. ඒ නිසාම මම ද සෑහෙන්න ඒ ගැන විමසිල්ලෙන් සිටියෙමි.
දීපවාලී දිනයක මගේ දුව ගේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ ටීචර් නළලත මොට්ටුවක් ඇලවූයෙන්
"මේක කටේ දමා ගනීවි" කියා මම ඊට විරුද්ධ වුවද ඇය කීවේ ඔවුන් එසේ නොවන්නට හොඳින් බලා ගන්නා බව ය.
හවස මොට්ටුව පෙනෙන්න නොතිබුණත් ගෙදර ඇවිත් මළ පහ දැමූ විට ඒ මොට්ටුව පැම්පර් එකේ මළ පහ සමග ලස්සනට බැබලෙමින් තිබුණේ මට ටීචර්ව මතක් කරමිනි. ඒවගේම එක්වරක් රතු කහ වර්ණ චෝක් කැබලි මළපහ සමග දිදුලමින් තිබුණි.
තව දිනයක මගේ රාත්‍රී වැඩ කාලයේ පැමිණියේ කුඩා පැංචන් දෙදෙනෙකි. කන් වල වැලි පුරවන් තිබුණේ මුහුදු වෙරළේ නාන්න ගිහින් සිටියදී ය. එසැනින් ඔවුන් උගුර කණ නාසය ඒ කකය වෙත යොමු කලේ කනෙන් එකක් පිරවුණු මුහුදු වැලි සමග ය. තවත් දරුවෙක් ප්ලාස්ටික් බට කැබැල්ලක් කටේ දමා පිඹිමින් සිටියදී හුස්ම සමග එයා ස්වරාලයේ ඔස්සේ පෙනහල්ල දක්වා ගොස් තැන්පත් විය. එය ගැනීමට කඩිනමින් ළමා රෝහලේ ශල්‍ය වාට්ටුව වෙත ගෙන ගියා මතක ය.
එසේ යම් හානි අවම දෑ ගිල දමා පැමිණ පසු ඒ දරුවන්ට මළපහ යන තුරු... "ගියාද ගියාද " කියා අසමින් සිට එම ද්‍රව්‍ය මළපහ ඔස්සේ පිට වූ විට මව්වරුන් සමග අපි ද ජය ගෝෂා නගමින් සැනසුම සුසුම් හෙලුවෙමු.
ළමයි එසේමය. පරිස්සමින් බලා ගත යුතුය. පොඩි පමාවඇති ලොකු ලොකු අවුල් වෙන්නට.
කුඩා දරුවන් මෙලෙස අහුවෙන සියල්ල කටේ දැමීම සාමාන්‍ය වර්ධනයේ කොටසක් වුණා ට 1995/ සිට 2015 දක්වා රෝහල්ගත වීම් ගණනය කළ පර්යේෂකයන් ඔහායෝ රෝහලේ සංගණනය කදි සොයා ගෙන තිබෙනවා ඒ රෝහල්ගත වීම් 2015 වන විට දෙගුණයක් වි තිබෙන බව. එමෙන්ම 75%කම අවුරුදු 5 ට අඩු දරුවන් බව. ගිල දැමූ දෑ අතර... කාසි , සෙල්ලම් බඩු කෑලි, ස්වර්ණාභරණ , බොත්තම් බැටරි ලෙස හදුන්වන පැතලි බැටරි සහ බෝල්ට් ඇන ස්කුරුප්පු ඇන සඳහන් කර තිබෙනවා. ආභාරණ ගිල දැමීමට ගැහැණු දරුවන් අතර බහුල බවක් සඳහන් කරනවා.
ඇපල් කෑල්ල හිරවෙලා රෝහලට ගෙන එද්දිත් මිය ගොස් සිටි දරුවෙක් ගැන මට මේ ලියන අවස්ථාවේ දී මතක් වේ. එමෙන්ම කටින් කැඩූ පොලිතීන් කෑල්ල, ස්වරාලය අසල හිරවි හුස්ම ගැනීමට අපහසුවෙන් ඇඩමිට් කළ දරුවා ගේ කැස්ස සමග එය යන්තම් එළියට ආ හැටි මතක් වේ.
බොහෝ විට ඔවුන් ගිල දමන කෑලි බෑලි මළපහ සමඟ පිටවෙන නමුදු අපේ ආහාර ජීර්ණ පද්ධතියේ ඇති spincters හෙවත් වැහුම් ස්ථාන වලින් පිටවෙන්න ට නොහැකි වීම. චලනයේ අවුල් නිසා සිර වීම සිදුවුවහොත් බඩවැල් තුළ යම් බාධකයක් හිර වීමක් ගොඩ නැගේ. එවිට දිරවු ආහාර ගුද මාර්ගය දෙසට තල්ලු වීම නැවතී බඩ ඇතුලේ obstruction හෙවත් සිර වීමක් දක්නට ලැබේ.
උදරය අසාමාන්‍ය ලෙස පිම්බීම නෙරා එම, උදරයේ දැඩි කැක්කුම ඇති වීම, වමනය යෑම වැනි දෑ ලක්ෂණ ලෙස පෙනේ.
කාසි ගිල , විවිධ ඇටවර්ග ගල්කැට ගිල පැමිණෙන ළමයි ඕනෑ තරම්.
බඩවැල් සිරවීමක් දක්නට ලැබෙන්නේ නැත්නම්, දරුවා සාමාන්‍ය ලෙස සිටිනවානම් අප කරන්නේ මළපහ දමන තුරු දරුවා දැඩි නිරික්ෂණය යටතේ තබා ගැනීමයි. ගිල දැමූ දෙය අනුව එක්ස්රේ ගෙන බැලීම ultra sound මගින් පරීක්ෂ කර බඩවැල් සිරාවීමක් දක්නට ලැබේ දැයි පරීක්ෂා කරන හැක. එනමුදු බොහෝ දෑ ඉබේම මළ පහ සමග පිටවෙන් නමුදු දරුවාගේ වයස සහ ගිල් දැමූ එම දෙයෙහි ස්වභාවය මත මෙය තීරණය කරන්නේ වෛද්‍යවරුන් ය. එනිසා එවන් යමක් සිදුවූ වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න.
බොත්තම් බැටරි හෝ කුඩා බැටරි හරිම භයානකයි.
ඒවා දරුවන්ට හවුවෙන්න තියන්නම් එපා. මේ බැටරි ආම්ලික යුෂ සමඟ ප්‍රතික්‍රියා කර බඩ තුළ පුපුරා යා හැකියි. එසේ වූ දරුවන් ගැන කථා අනන්තවත් දකින්න ලැබෙනවා. එනිසා හැමදේම කටේ දමා ගන්නා වයසේ දරුවන් ඉන්නා දෙමාපියන් මේ ගැන බොහෝ කල්පනා වෙන් ඉන්නා ලෙස මම නැවත වරක් ඉල්ලමි.
විශේෂයෙන් දරුවන්ට දෙන සෙල්ලම් බඩු වල බැටරි කොටස ආරක්ෂිතව ඇනයකින් සම්බන්ද කර වසා ඇති බව දකින්න ලැබුණත් එසේ නොමැති සෙල්ලම් බඩූ ගැන විමසිලිමත් වෙන්න. එවන් අනාරක්ෂිත බැටරි උපකරණ දෙන්න එපා.
ඔබේ දරුවාට අහු වෙන්න ඉයර් බඩ්ස් ලෙස හඳුන්වන දුරකථන මෙවලම අහුවෙන්න තියන්න එපා. ඒවායේ කානට සම්බන්ද කරන රබර් කෑලි...ඇතැම් දරුවන් හරි ආසාවෙන් කටේ දමන බව දැන් දැන් ඇසේ.
මගේ වෛද්‍ය මිතුරියක පැවසූවේ පුටුවේ දමා ඇති කුෂන් කෑලි කෑ දරුවෙක් අධික බඩ බුරුල් වී යෑ මක් සහිතව රෝහල් ගත කළ අයුරුය.
කපුරු බෝල හරිම විෂ සහිතය.
කපුරු බෝල ඔබ නිවසේ තිබෙනවා නම් වහා ඉවත් කරන්න. මුත්‍රා සමග ලේ පිටවීම එක්ක එසේ රෝහල් ගත කළ දරුවා දැඩි සත්කාර ඒකකයේ දී අවසන් ගමන් ගිය හැටි මතක් වේ.
මේ විවිධ මෙවලම් ඇසුරුම් සියල්ල හදන්නේ රසායනික අමුද්‍රව්‍ය යොදාගෙන ය ඒවා දරුවන්ට විෂ සහිත විය හැක.
එනිසා වැඩියෙන් ප්‍රවේශම් වෙන්න. ශ්වසනාලයට ඇතුල් වුවහොත් පෙනහළු වලට හුස්ම ගන්නා වාතය ගෙන යන් කුඩා නාලයක් පහසුවෙන් මේ නිසා වැසී යා හැකියි. එවිට කින්නින් ඒ දේවල් එළියට නොගතහොත් පෙනහළුවලට හානි පැමිනේ. ඔක්සිජන් නිසි ලෙස නොලැබීමත් සමග ජීවිත හානි පාවා ඇතිවිය හැක.
මෙන්න ඔබට කළ හැකි දේ
මෙසේ ගිල ගන්නා බොහෝ දේ කරදරයක් නොමැතිව ශරීරය හරහා ගමන් කරයි, නමුත් සමහරක් ගැටළු ඇති කළ හැකිය. නියපොතු සහ ඇණ යන විට ඒවා නිසා ආහාර මාර්ගයේ බිත්ති සීරීමට ලක් විය හැක, නමුත් වඩාත් ගැටළු මතුකරන වස්තූන් වන්නේ බැටරි සහ චුම්බක ය. බැටරි මගින් ආමාශ බඩවැල් පුළුස්සා දැමිය හැකි අම්ලයක් නිකුත් කරයි. චුම්බක හෙවත් කාන්දම් නම් ඊටත් වඩා භයානක යි. හදිසියේ වත් දරුවා ඔය පොඩි පෙති ලෙස ඇති කාන්දම් එකකට වඩා,ගිලලා නම් ඒවා එකිනෙක ආමාශය හෝ බඩවැල් තුළ ඇලෙනවිට බඩවැල් එකිනෙකඅතර සිරවිය හැක. මා ඉහත සඳහන් කළ අධ්‍යයනයේදී එම රෝහලට කාන්දම් ගිල ආ ලමුන්ගෙන් 13.3%කම එක්කට වඩා ගිල දමා තිබුණා. ඒ එක්කම එහෙම ගිලපු ළමයින්ගෙන් 71%ක් ම රෝහල්ගත කරන්නත් වෙලා .
අපි කියන්නේ prevention is better than cure කියලානේ . හොඳම ප්‍රතිකාරය වන්නේ වැළැක්වීමයි.
ඉතින් වැඩිහිටියන්ට දරුවන්ට සෙල්ලම් බදු දීමේදී ඒවායේ ගහලා තියෙන 2+, 3+ කියා සඳහන් වයස් නිර්දේශය කෙරෙහි අවධානය යොමු කරන්න පුළුවන්. එහෙම සඳහන් වෙන්නේ හේතුවක් ඇතුවයි.
ළමයාට අත් පෙවිය හැකි මානෙන් කටේ දමා ගිලිය හැකි අනතුරු සහිත කුඩා දේවල් කිසිවක් තියන්න එපා. මෙය පැවසීමට හරි පහසු බව මම දන්නවා , මටත් එහෙම කාලයක් ගත වුණු නිසා ඒත් ළමයා වෙනුවෙන් ඒ දේ කළ යුතුයි.
කාසි, බෙහෙත් වර්ග , බැටරි, ආභරණ ආරක්ෂිතව ගබඩා කිරීමට පුරුදු වෙන්න. ආ ඒ එක්කම ම මතක තියා ගන්න ඖෂධ වර්ග සහ රසායනික පිරිසිදු කිරීමේ ද්‍රාවණ හෝ ද්‍රව්‍ය ළමයින්ට අල්ලන්න බැරි තැන්වල තියන්න.
ඒ වගේම තේරෙන වයසක නම් හුස්ම හිරවෙන්න හැකි ද්‍රව්‍ය අපට අහිතකර ද්‍රව්‍ය කටේ දමන එකේ අහිතකර බව සහ හානිය දරුවාට වටහා දෙන්න.
ඔබේ දරුවා යමක් ගිල දමා ඇතැයි ඔබ සිතන්නේ නම්, වහාම ඔබේ වෛද්‍යයවරයා අමතන්න. ඔවුන්, කපුරු බෝල, බැටරියක් හෝ චුම්බකයක් වැනි හානි දායක රසායන අඩංගු දෑ ගිල දැමූ බව ඔබ සිතන්නේ නම්, වහාම හදිසි ප්‍රතිකාර ඒකකයට ගෙන යන්න.
හැම විටම වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
කුඩා දරුවන් මොකක් හෝ කටේ දමා ගන්න ඇහැ පිය හෙලන ප්‍රමාදය ඇති !
- වෛද්‍ය බෝධිනි සමරතුංග
පින්තූර අන්තර්ජාලයෙනි. රවුම් කාසි හැඩය පෙන්වන එකස් රේ සටහන් ද ඇත. උපුටා පල කරන්නේ නම් පිටුව සබැඳිය share කරන මෙන් ඉල්ලා සිටිමි.
වැඩිදුර මා සඳහන් කළ අධ්‍යන කියවන්නට
https://publications.aap.org/pediatrics/article/143/5/e20181988/77066/Foreign-Body-Ingestions-of-Young-Children-Treated
Tuesday, January 11, 2022
කළු පෙනහළු පෙන්වූ මහාචාර්යවරිය
විදුසර පුවත් පතේ පලවු ලිපියකි
මිනිස් සිරුරේ පටක අන්තිම සෛලය පෙනෙනකම් තුනීවට කපා සකසා තිබූ වීදුරු තැටි, අන්වීක්ෂයක ආධාරයෙන්, පරීක්ෂා කරමින් ඒවායේ පටක සැකැස්ම, සෛල ව්‍යූහය, මිනිස් සිරුරේ සෛල වෙනස් වෙන හැටි සහ වෙනස්වන විට දකින දේ වටහාගන්නා ව්‍යාධිවේදය කියන විෂය උගන්වන මහාචාර්යවරිය පළමු පාඩමට පර්යේෂණාගාරයට ආපු ගමන් හරි අපූරු ප්‍රශ්නයක් ඇහුවා.
"කියන්න බලන්න ඔයාලා අතරේ සිගරට් බොන අය කවුද?” කියන ඒ තමා ඇය ඇසූ ප්‍රශ්නය.
අපි නම් ඒ වන විටත් දැනගෙන හිටියා අප අතර දුම් බොන්නේ කවුද කියලා. ඇත්තටම අපේ යාලුවන්ගේ සිගරට් බීම අපට වදයක් වෙලා තිබුණේ. ඒ අතරත් බෙහෙවින්ම දුම් පානයට ඇබ්බැහි වෙලා හිටිය යහලුවා ඒ බව දන්න නිසා අපි අසල කවදාවත් සිගරට් බීවේ නෑ. එයා සිගරට් බොන්න පටන් අරන් තිබුනේ තරුණ කාලෙදී, ඒක ඒ රටේ හැටි. අපේ රටේ ඒ තරම් වයසකදී සිගරට් බොන අය අපි දැකලා තිබුනේ නැති තරම්. ඒ අපේ රටේ දුම් බීමට එරෙහිව ගෙන ගිය සෞඛ්‍ය ප්‍රචාරණ ක්‍රමවේදය නිසා.
මිනිස් සිරුරේ පටක අන්තිම සෛලය පෙනෙනකම් තුනීවට කපා සකසා තිබූ වීදුරු තැටි, අන්වීක්ෂයක ආධාරයෙන්, පරීක්ෂා කරමින් ඒවායේ පටක සැකැස්ම, සෛල ව්‍යූහය, මිනිස් සිරුරේ සෛල වෙනස් වෙන හැටි සහ වෙනස්වන විට දකින දේ වටහාගන්නා ව්‍යාධිවේදය කියන විෂය උගන්වන මහාචාර්යවරිය පළමු පාඩමට පර්යේෂණාගාරයට ආපු ගමන් හරි අපූරු ප්‍රශ්නයක් ඇහුවා.
"කියන්න බලන්න ඔයාලා අතරේ සිගරට් බොන අය කවුද?” කියන ඒ තමා ඇය ඇසූ ප්‍රශ්නය.
අපි නම් ඒ වන විටත් දැනගෙන හිටියා අප අතර දුම් බොන්නේ කවුද කියලා. ඇත්තටම අපේ යාලුවන්ගේ සිගරට් බීම අපට වදයක් වෙලා තිබුණේ. ඒ අතරත් බෙහෙවින්ම දුම් පානයට ඇබ්බැහි වෙලා හිටිය යහලුවා ඒ බව දන්න නිසා අපි අසල කවදාවත් සිගරට් බීවේ නෑ. එයා සිගරට් බොන්න පටන් අරන් තිබුනේ තරුණ කාලෙදී, ඒක ඒ රටේ හැටි. අපේ රටේ ඒ තරම් වයසකදී සිගරට් බොන අය අපි දැකලා තිබුනේ නැති තරම්. ඒ අපේ රටේ දුම් බීමට එරෙහිව ගෙන ගිය සෞඛ්‍ය ප්‍රචාරණ ක්‍රමවේදය නිසා.
දුම් බීම ලොව පුරා මරණ මිලියන අටකට වගකියන බවත් සිගරට් බොන අයගෙන් අඩක්වත් ඒ නිසා ඇතිවන අතුරු ආබාධ නිසා මියයන බවත් ලෝක සෞක්‍ය සංවිධානයේ දත්ත වාර්ථා කරනවා. සෞඛ්‍ය අංශ නොයෙක් ආකාරයෙන් අනතුරු ඇඟෙව්වත්, දුම් කොළ ආශ්‍රිත ඇබ්බැහිවීම් අඩු කරගන්න අපහසු මිනිසුන් එයට ඇබ්බැහි වීමේ තත්ත්වයක් ඇති නිසා. දුම් පානය සහ දුම් කොළ ආශ්‍රිත විවිද නිශ්පාදන භාවිතය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු අතර, පිළිකා, හෘද රෝග, දියවැඩියා, අධික රුධිර පීඩනය වගේ බොහෝ රෝග දක්නට ලැබෙනවා. ඒවගේම තමා දුම් රහිතව භාවිතා කරන දුම්කොළ නිශ්පාදන නිසා පිළිකා තත්ත්ව බොහෝමයක් ඇතිවෙනවා. එයින් සිදුවන ආර්ථික හානිය ගැන කියන සංඛ්‍යා ලේඛණ පෙන්වා දෙන්නේ 80% වඩා දුම් කොළ භාවිතා කරන්නන් සිටින්නේ මධ්‍යම සහ අඩු ආදායම් ලබන පිරිස අතර බව.
දැන් අපේ යහළුවාගෙ කතාව දිහා බලමු. අපි කොච්චරවත් සිගරට් බොන්න එපා කිව්වට එයා කීවෙම, ඒක පුරුද්දක් සහ ඇබ්බැහියක් වෙලා කියලා. මේ අවුරුදු හයක විතර පුරුද්ද, අපි කිව්වා කියලා නවත්වන්න බෑ කියලාත් කියනවා. වැඩිහිටි අයෙක්ට යමක් පැහැදිලි කිරීම අපහසු නිසාත් යුරෝපා සමාජයේ තමාගේ හෝ අනෙකාගේ විදිහ වෙනස් කරන්න යන්නේ නැති නිසාත් අප ඒ හැටි එයාට කියන්න ගියෙත් නෑ. දේශන හෝ වැඩමුළු ඉවර වුණු ගමන් අතර මැද පොඩි විවේකයෙත් ඔහු එළියට දුවලා සිගරට් බොනවා.දුම්කොළ පිළිකා කාරකයක් වන අතර පිළිකා වර්ග බොහෝමයක් ඒ සමඟ ඈඳී තිබෙනවා.
පෙනහළු, ස්වරාලය, මුඛය , අන්නස්‍රෝතය, මුත්‍රාශය, වෘක්ක, බඩවැල්, ගුදමාර්ගය, ගැබ් ගෙල සහ ලියුකේමියා තත්ත්වය දුම්කොළ නිසා පිළිකා තත්ත්වයන් ඇතිවන ඉන්ද්‍රිය ලෙසට ඇමෙරිකාවේ ජාතික පිළිකා ආයතන පෙන්වා දෙනවා. දුම් රහිත හෝ දුම් සහිත යන මේ ක්‍රමවලින්, දුම් කොළ වලින් මිනිස් සිරුරට සිදුවන හානිය බොහොම වැඩි බව ඔවුන් පෙන්වා දෙනවා.
ඉතින් උදෙන්ම අපේ මහාචාර්යවරිය ඇවිත් "සිගරට් බොන්නේ කවුද?" ඇහුවම ඒ වෙද්දි එහෙම බොන එකම කෙනාව, එයාටත් කලින් අපි පෙන්නුවා.
දැන් අපේ යහළුවාගෙ කතාව දිහා බලමු. අපි කොච්චරවත් සිගරට් බොන්න එපා කිව්වට එයා කීවෙම, ඒක පුරුද්දක් සහ ඇබ්බැහියක් වෙලා කියලා. මේ අවුරුදු හයක විතර පුරුද්ද, අපි කිව්වා කියලා නවත්වන්න බෑ කියලාත් කියනවා. වැඩිහිටි අයෙක්ට යමක් පැහැදිලි කිරීම අපහසු නිසාත් යුරෝපා සමාජයේ තමාගේ හෝ අනෙකාගේ විදිහ වෙනස් කරන්න යන්නේ නැති නිසාත් අප ඒ හැටි එයාට කියන්න ගියෙත් නෑ. දේශන හෝ වැඩමුළු ඉවර වුණු ගමන් අතර මැද පොඩි විවේකයෙත් ඔහු එළියට දුවලා සිගරට් බොනවා.දුම්කොළ පිළිකා කාරකයක් වන අතර පිළිකා වර්ග බොහෝමයක් ඒ සමඟ ඈඳී තිබෙනවා.
පෙනහළු, ස්වරාලය, මුඛය , අන්නස්‍රෝතය, මුත්‍රාශය, වෘක්ක, බඩවැල්, ගුදමාර්ගය, ගැබ් ගෙල සහ ලියුකේමියා තත්ත්වය දුම්කොළ නිසා පිළිකා තත්ත්වයන් ඇතිවන ඉන්ද්‍රිය ලෙසට ඇමෙරිකාවේ ජාතික පිළිකා ආයතන පෙන්වා දෙනවා. දුම් රහිත හෝ දුම් සහිත යන මේ ක්‍රමවලින්, දුම් කොළ වලින් මිනිස් සිරුරට සිදුවන හානිය බොහොම වැඩි බව ඔවුන් පෙන්වා දෙනවා.
ඉතින් උදෙන්ම අපේ මහාචාර්යවරිය ඇවිත් "සිගරට් බොන්නේ කවුද?" ඇහුවම ඒ වෙද්දි එහෙම බොන එකම කෙනාව, එයාටත් කලින් අපි පෙන්නුවා.
"ආ මට ඔබට තෑග්ගක් තියෙනවා" කියූ ඇය වීදුරු පෙට්ටිවල ද්‍රාවණ පුරවා ගිල්වා තිබ්බ මිනිස්
අවයව අතරින් පෙනහළු දෙකක් තෝරාගෙන ඇවිත් ඔහුගේ මේසය උඩ තැබුවා.
අවයව අතරින් පෙනහළු දෙකක් තෝරාගෙන ඇවිත් ඔහුගේ මේසය උඩ තැබුවා.
" මෙන්න ඔයාගේ පෙනහළු දෙක.. දැම්ම තියා බලාගන්න" කියල ඇය පාඩම පටන් ගන්න
එයාගේ මේසෙට ගියා. කළු ගැහිච්ච පෙනහළු දෙකක් මේසය මත තිබුණා.
අපේ යාලුවා සෑහෙන වේලාවක් කල්පනා කරමින් හිටියා.
"ඇයි ප්‍රොෆ් මෙහෙම කරන්නේ" කියලත් ඇහුවා.
"යථාර්තයෙන් පැනලා යන්න බෑනේ දරුවා. කොහොමත් ඕටොප්සි කරද්දී ඔයාට මේවා හොඳටම පෙනෙයි. ආතෙරෝස්කෙලෝසිස් තත්ත්වය ඇති ධමනි මං පෙන්වන්නම්කෝ, යුරෝපේ, අපිට smokers lungs (දුම් බොන අයගේ පෙනහළු) සහ , Artherosclerosis (ධමනි බිත්ති ඝණ වීම්) අඩු නෑ" මහාචාර්‍යවරිය පැහැදිලි කරා. ඕටොප්සි කියන්නෙ ප්‍රාණය නිරුද්ධ සිරුරු විච්ජේදනය කර මරණයට හේතු සොයා බලන එකට. දෙවෙනි දවසෙත් මහාචාර්‍යවරිය පන්තියට ආ සැනින් බැලුවේ ඔහු ඉන්නවද කියලා.
"ආ කොහොමද දරුවා... ඉන්න ඉන්න.. මෙන්න ඔයාගේ පෙනහලු" අර වීදුරු පෙට්ටිය ඔහුගේ මේසය මත තියලා ඇය පාඩම පටන් ගන්නේ.
එයාගේ මේසෙට ගියා. කළු ගැහිච්ච පෙනහළු දෙකක් මේසය මත තිබුණා.
අපේ යාලුවා සෑහෙන වේලාවක් කල්පනා කරමින් හිටියා.
"ඇයි ප්‍රොෆ් මෙහෙම කරන්නේ" කියලත් ඇහුවා.
"යථාර්තයෙන් පැනලා යන්න බෑනේ දරුවා. කොහොමත් ඕටොප්සි කරද්දී ඔයාට මේවා හොඳටම පෙනෙයි. ආතෙරෝස්කෙලෝසිස් තත්ත්වය ඇති ධමනි මං පෙන්වන්නම්කෝ, යුරෝපේ, අපිට smokers lungs (දුම් බොන අයගේ පෙනහළු) සහ , Artherosclerosis (ධමනි බිත්ති ඝණ වීම්) අඩු නෑ" මහාචාර්‍යවරිය පැහැදිලි කරා. ඕටොප්සි කියන්නෙ ප්‍රාණය නිරුද්ධ සිරුරු විච්ජේදනය කර මරණයට හේතු සොයා බලන එකට. දෙවෙනි දවසෙත් මහාචාර්‍යවරිය පන්තියට ආ සැනින් බැලුවේ ඔහු ඉන්නවද කියලා.
"ආ කොහොමද දරුවා... ඉන්න ඉන්න.. මෙන්න ඔයාගේ පෙනහලු" අර වීදුරු පෙට්ටිය ඔහුගේ මේසය මත තියලා ඇය පාඩම පටන් ගන්නේ.
මේ පිටුවේ ඇති පින්තූරේ දැක්වෙන්නෙ smokers lungs, හෙවත් සිගරට් බොන කෙනෙක්ගේ පෙනහළු දෙකක්. ඔබ සිගරට් බොනවානම් මේ පින්තූරේ බිත්තියේ ගහගන්න. ඉන්පස්සේ දිනෙන් දින ඔබේ පෙනහළුවලට වෙන දේ ඔබේ හුස්ම ටිකට වෙන දේ වටහාගන්න. සිගරට් කියන්නේ ශරීර සෞඛ්‍යට අහිතකර දේවල් ගොන්නකින් එකක් තමා. ඒත ඒක අපට
ලේසියෙන් වලක්වාගත හැකි හානියක් ලෙස හඳුනාගෙන ඇත්තේ.
ලේසියෙන් වලක්වාගත හැකි හානියක් ලෙස හඳුනාගෙන ඇත්තේ.
අපේ යාලුවා කීවේ එයා බීපු සිගරට් ප්‍රමාණයේ තරමට පෙනහළුවලට සිරුරට සිදුවුණු ඒ හානියෙන් මිදෙන්න අවුරුදු දහයක්වත් ගතවෙයි කියලා. ඒවගේම තමා දුම්කොළ ඇබ්බැහිය සහ දුම්පානයට වැට බඳින්න ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දුම්කොළ පාලනය පිළිබඳ සම්මුතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා (WHO FCTC). එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුග්‍රහය යටතේ සාකච්ඡා කරන ලද පළමු ගිවිසුම යි. එය, උසස් ප්‍රමිතියෙන් යුත් සෞඛ්‍යයක් සඳහා මිනිසාට ඇති අයිතිය යළි තහවුරු කරන, සාක්ෂි මත පදනම් වූ ගිවිසුමක්. වෙළඳපල ඇති ඉල්ලුම, රටවල්වල ඇති විවිධ වෙළඳ සම්බාධක ලිහිල් වීම, වෙළඳපොළේ නිදහස වැනි කාරණා නිසා දුම්කොළ වසංගතය පැතිරීම පහසු කරයි. අප රට ද මේ ගිවිසුම හා එකඟතාවය පළකර එයට එකතු වූණේ 2016 දී ය. දුම්කොළ සඳහා ඇති ඉල්ලුම අඩු කිරීම සඳහා මිල සහ බදු වැඩි කිරීම , ප්‍රචාරණය වැලැක්වීම, ප්‍රජාව, දුම්කොළ දුමාරය ට නිරාවරණය වීමෙන් ආරක්ෂා කිරීම. දුම්කොළ නිෂ්පාදනවල අන්තර්ගතය නියාමන ය කිරීම වැනි දෑ මෙන්ම අප රටේ පවා ක්‍රියාත්මකවන බාල වයස්වල අයට දුම්වැටි විකිණීම තහනම් කිරීම, සෞඛ්‍ය අනතුරු ඇඟවීම් සහිත දවටන, පොදු ස්ථානවල දුම්පානය වැලැක්වීම වැනි බොහොම සාර්ථක දුම්කොළ දුම්වැටි ප්‍රචාරණය වළක්වන ක්‍රමවේද මේ හරහා දියත් වෙනවා.
ඒත් තවමත් දුම් රහිත දුම්කොළ භාවිතය අතින් අප රට වගේම දකුණු ආසියාතික රටවල් ඉදිරියෙන් ඉන්නවා. බුලත් විට වැනි දේ ඔස්සේ දුම් රහිත දුම්කොළ භාවිතය හරහා කලින් පැහැදිලි කළ පිළිකා, බෝ නොවන රෝග ඇතිවීමේ අවදානම තිබෙනවා. දුම්කොළ වවන තැන්වල වැඩකරන සේවකයින්ට පවා සෞඛ්‍ය හානි ඇතිවෙනවා. ආර්ථිකයට ඒ තුලින් මූල්‍යමය ශක්තියක් සැපයෙන නිසා දුම්කොළ වගාවට වැට බඳින්නට තවම අපහසු වී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වයෙන් අදවන විට මේ දුම් රහිත දුම්කොළ භාවිතය අවම කරන්නටත් විවිධ විදි විධාන ක්‍රියාත්මක වෙනවා. කළු පෙනහළු බැලූ යහළුවා තුළ හරි අපූරු වෙනසක් සිදුවෙනවා. තවත් දවස් දෙක තුනකට පස්සේ ඔහු මුළු පන්තියටම කියනවා,
"අවුරුදු 16 සිට නොකඩවා දුම් බීව මම මෙතැන් පටන් දුම් බොන්නේ නෑ. ඒක එහෙම තමා..ඔයාලා පිළිගන්නවානම් පිළිගන්න. ප්‍රොෆ් ඔයාට තමා මේකේ ප්‍රණාමය. මම බීපු දුම් තොගේට මගේ පෙනහළු දෙක දැනටමත් මෙහෙම වෙලා ඇති ඒත් තව අවුරුදු හතක් අටක් යද්දී මේ සියල්ල ඉවත්වෙලා යතා තත්ත්වයට පත් වෙයි." එහෙම කියලා එයා ආයෙම ඒ කළු පෙනහළු සහිත වීදුරු පෙට්ටිය ගිහින් රාක්කයෙන් තියනවා.අපි හැමෝටම එතැන් පටන් තිබ්බ ප්‍රශ්නේ යාලුවා අපට බොරුවක් කරනවාද කියලා බලන එක. සතියක් තිස්සේ අපි එක්කම රෝහල් සායන සියල්ලට යනවා. කිසිම ආකාරයකින් සිගරට් එකක් ගැන කතාවක් නෑ.
"ඔයාට නිකොටින් පැච් එකක්වත් එපාද ?” බැරිම තැන කෙනෙක් අහනවා. සිගරට් බීම නවත්වන්න අවශ්‍ය අය සමහර විට විකල්ප ක්‍රම භාවිතා කරනවා. ඒවා නිකොටින් පැච් හෙවත් දුම්කොළවල අඩංගු නිකොටින් නම් රසායනය කෘතිමව හම හරහා නිකුත් කරන ඇලවුම්, ඊළඟට වෙනත් රසායන අඩංගු දුම් පයිප්ප වැනි දෑ තිබෙනවා. ඒත් පර්යේශන පෙන්වා දෙන්නේ ඒවා වෛද්‍ය නිර්දේශ මත ප්‍රතිකර්ම ලෙස භාවිතා කරන්නෙ නම් ඒවා අඩු කාලයකින් භාවිතය නවත්වන්න කියලයි. යහළුවා ඒ විකල්ප ප්‍රතික්ෂේප කරනවා.
"නෑ එපා. හිතට කීවා මේක නවත්වමු කියලා. දැන් ඇති කියලා හිතුවා ! එච්චරයි" එයාගේ කතාවෙන් අපි පුදුම වෙනවා.
"හිතට පුළුවන් නවත්වන්න. ඇඟේ ප්‍රශ්න ඉවසන්න ඕනෙ"අවුරුදු දෙකක හමුදා සේවය එහෙම නිමකරලා වෛද්‍යවරයෙක් වෙලා දැන් විශේෂඥ වෛද්‍යයවරයෙක් වෙන්න පූහුණුව ලබන මිතුරා කීවා.
එයා ආය කවදාවත් සිගරට් බිව්වේ නෑ.
වැඩිදුරකියවන්න, මෙහි කරුණු උපුටා ගත් තැන්.
ලෝක සෞඛ්‍ය සංවිධානයෙ පිටුව https://www.who.int/news-room/fact-sheets/detail/tobacco
FCTC ගැන - https://www.who.int/fctc/text_download/en/
Tobacco growing and sustainable development goals, Kulik, M.C. (2017) doi: 10.2471/BLT.16.175596
ඇමෙරිකාවේ ජාතික පිළිකා ආයතනය, දුම්කොළ සම්බන්ද විස්තර - https://www.cancer.gov/about-cancer/causes-prevention/risk/tobacco
ඒත් තවමත් දුම් රහිත දුම්කොළ භාවිතය අතින් අප රට වගේම දකුණු ආසියාතික රටවල් ඉදිරියෙන් ඉන්නවා. බුලත් විට වැනි දේ ඔස්සේ දුම් රහිත දුම්කොළ භාවිතය හරහා කලින් පැහැදිලි කළ පිළිකා, බෝ නොවන රෝග ඇතිවීමේ අවදානම තිබෙනවා. දුම්කොළ වවන තැන්වල වැඩකරන සේවකයින්ට පවා සෞඛ්‍ය හානි ඇතිවෙනවා. ආර්ථිකයට ඒ තුලින් මූල්‍යමය ශක්තියක් සැපයෙන නිසා දුම්කොළ වගාවට වැට බඳින්නට තවම අපහසු වී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වයෙන් අදවන විට මේ දුම් රහිත දුම්කොළ භාවිතය අවම කරන්නටත් විවිධ විදි විධාන ක්‍රියාත්මක වෙනවා. කළු පෙනහළු බැලූ යහළුවා තුළ හරි අපූරු වෙනසක් සිදුවෙනවා. තවත් දවස් දෙක තුනකට පස්සේ ඔහු මුළු පන්තියටම කියනවා,
"අවුරුදු 16 සිට නොකඩවා දුම් බීව මම මෙතැන් පටන් දුම් බොන්නේ නෑ. ඒක එහෙම තමා..ඔයාලා පිළිගන්නවානම් පිළිගන්න. ප්‍රොෆ් ඔයාට තමා මේකේ ප්‍රණාමය. මම බීපු දුම් තොගේට මගේ පෙනහළු දෙක දැනටමත් මෙහෙම වෙලා ඇති ඒත් තව අවුරුදු හතක් අටක් යද්දී මේ සියල්ල ඉවත්වෙලා යතා තත්ත්වයට පත් වෙයි." එහෙම කියලා එයා ආයෙම ඒ කළු පෙනහළු සහිත වීදුරු පෙට්ටිය ගිහින් රාක්කයෙන් තියනවා.අපි හැමෝටම එතැන් පටන් තිබ්බ ප්‍රශ්නේ යාලුවා අපට බොරුවක් කරනවාද කියලා බලන එක. සතියක් තිස්සේ අපි එක්කම රෝහල් සායන සියල්ලට යනවා. කිසිම ආකාරයකින් සිගරට් එකක් ගැන කතාවක් නෑ.
"ඔයාට නිකොටින් පැච් එකක්වත් එපාද ?” බැරිම තැන කෙනෙක් අහනවා. සිගරට් බීම නවත්වන්න අවශ්‍ය අය සමහර විට විකල්ප ක්‍රම භාවිතා කරනවා. ඒවා නිකොටින් පැච් හෙවත් දුම්කොළවල අඩංගු නිකොටින් නම් රසායනය කෘතිමව හම හරහා නිකුත් කරන ඇලවුම්, ඊළඟට වෙනත් රසායන අඩංගු දුම් පයිප්ප වැනි දෑ තිබෙනවා. ඒත් පර්යේශන පෙන්වා දෙන්නේ ඒවා වෛද්‍ය නිර්දේශ මත ප්‍රතිකර්ම ලෙස භාවිතා කරන්නෙ නම් ඒවා අඩු කාලයකින් භාවිතය නවත්වන්න කියලයි. යහළුවා ඒ විකල්ප ප්‍රතික්ෂේප කරනවා.
"නෑ එපා. හිතට කීවා මේක නවත්වමු කියලා. දැන් ඇති කියලා හිතුවා ! එච්චරයි" එයාගේ කතාවෙන් අපි පුදුම වෙනවා.
"හිතට පුළුවන් නවත්වන්න. ඇඟේ ප්‍රශ්න ඉවසන්න ඕනෙ"අවුරුදු දෙකක හමුදා සේවය එහෙම නිමකරලා වෛද්‍යවරයෙක් වෙලා දැන් විශේෂඥ වෛද්‍යයවරයෙක් වෙන්න පූහුණුව ලබන මිතුරා කීවා.
එයා ආය කවදාවත් සිගරට් බිව්වේ නෑ.
වැඩිදුරකියවන්න, මෙහි කරුණු උපුටා ගත් තැන්.
ලෝක සෞඛ්‍ය සංවිධානයෙ පිටුව https://www.who.int/news-room/fact-sheets/detail/tobacco
FCTC ගැන - https://www.who.int/fctc/text_download/en/
Tobacco growing and sustainable development goals, Kulik, M.C. (2017) doi: 10.2471/BLT.16.175596
ඇමෙරිකාවේ ජාතික පිළිකා ආයතනය, දුම්කොළ සම්බන්ද විස්තර - https://www.cancer.gov/about-cancer/causes-prevention/risk/tobacco
Subscribe to:
Posts (Atom)