Monday, October 18, 2021

පෑන් ඉස්සීම

බ්ලොග් ලියන්න කියලා විටින් විට මුහුණු පොතේ මතක් කිරීම්.
ඇත්තටම මගේ අන්තර්ජාල ලියැවිල්ලට තිත වැටුණේ පත්තර කෝලම් එක නිසා කියලයි හිතුනේ. පහුගිය අවුරුද්දේ ඉඳන් මේ දක්වා හරිම කලබල කාලයක් ගත වුණා 
කොවිද වසංගතය එක්ක ඇතිවුණු කලබල අස්සේ ඇතැම් දිනවල ඇතැම් කතා කියලා මම පොඩි සටහන්වාගයක් මුහුණු පොතට එකතු කළා. ඒවා විටින් විට මේ අතරින් පතර පල කරන්න හිතුවා.

පෑන් ඉස්සීම..
පෑන්වල නම ගහගෙන පාවිච්චිය සීමාවාසික කාලේ ඉඳන් කරන දෙයක්...පෑනක් නැතිවුනොත් සොරිම තාමා. හදිසියට මිස්ලගේ පෑනක් ගත්තත් මිස්ලා පෑන දිහා බලාගෙන ඉඳලා ලියන ටික ඉවර උන ගමන් ඉල්ලා ගන්නවා. පැනක් හදිසියේ හරි අතින් අරන් ගිහින් තිබුණොත් දෙනකම් මතක් කරනවා.
ඒකත් ඉතින් මෙහෙම පැන් බටේ අස්සට නම ගහපු පෑන්. ඉතින් ආ ගිය තැන්වල නැවත ඇවිදලා නම ගහපු පැන හොයාගන්නවා.

මං නම් ඉතින් පාට කොළයක් ඔබලා.... මේ පාට මගේ කියාගෙන ඉන්නවා...
පස්සෙ කාලෙක නම ගහගෙන පාට කොළ දාලා පෑන් පරිස්සම් කරන පිස්සුව නැති වුණේ nbc වැඩ කරද්දි බොහෝ දුරට කොම්පියුටරේම ලියන වැඩ කරපු නිසා, හැබැයි ඉතින් පෑන් ඕනෙ වුණාම තියන එකකින් වැඩ කරනවා. මගේද කාගෙද අදාල නෑ...අනික මම ගෙදරින් ගේන පෑන කොහේ හරි අමතක වෙනවා. 
පසුගිය දාක බඩු අස් කරනකොට දැක්කේ...අපේ කන්සල්ටන්ට්, ඉන්දිකා මැඩම්ගේ පෑනත් මං උස්සලා. මේක රිටර්න් කරන්න බැරි වුණා. 
අවුරුදු දෙකක් කොරෝනා එක්ක ලේ බෙදා හැරීම් එකතුකිරීම් ගැන අපි එක්ක ලොකුම කට්ටක් කෑවා මැඩම්. ඒ ප්ලෑන් නිසා ලේ වැඩි වෙන්නෙත් නැතිව අඩු වෙනකොට පුළුවන් තරම් මැනේජ් කරගෙන යන්න පුළුවන් වුණා. අනික අපිට තීරණ ගැනීමේදී ඕනෑම දෙයක් කතා කරන්න විරුද්ධ අදහස් වුනත් කියන්න කිසි බයක් දැනුනේ නෑ. මත ගැටුම් කවදාවත් දුර දිග ගෙනිච්චේ නෑ. මට එහෙම බොස් කෙනෙක්ගෙන් මැසිව් සපෝට් එකක් කිසිම දවසක දැනිලා නෑ.  අදටත් ලොකු සෙනෙහසක් ගෞරවයක් තිබෙනවා.
The support and strength was unbelievable 💐  මේ පෝස්ට් එක දාන්නෙත් මේක පෑන් ඉස්සීම සම්බන්දයෙන් සෞඛ්‍ය ක්ශේත්‍රයේ තියෙන විහිළුවලත් epic ම සිද්ධියක් නිසා ❤️💐

කන්සල්ටන්ගේ පෑන උස්සපු කෙනෙක් ඉන්න විදිහක් නෑ ඉතින් !
මේ සටහන දැකලා ඇය කියනවා, "වෙන මිනිස්සු මැරුණම තමා හොඳ කියන්නේ ඒත් මට මැරෙන්න කලින් මෙහෙම හොඳ අහන්න සැලැස්සුවාට ස්තූතියි" කියලා.
ඇත්තටම ඇයි අපට මිනිස්සු මැරෙනකම්ම වේ අයගේ හොඳ මතක් නොවෙන්නේ....


8 comments:

  1. Replies
    1. Thank you for being a constant reader and commenter cause i always notice ur ++++ even when I rarely wrote. That is actually a great feed back that you were here.

      Delete
  2. උස්සන එකක් උස්සන්න ඕනි ලොක්කෙක්ගෙන් තමයි. පොඩි උන්ගෙන් ගන්නෙක පවුනේ..:)))

    ReplyDelete
    Replies
    1. සාවිංඥානික හෝ හිතා මතා අරං නෙමෙ
      සතුතියි කමෙනට්‍ එකට

      Delete
  3. පෑන් ඉස්සීම හිතා මතා කරන දෙයක් වේන්න බෑ . නමුත් හැමෝම වගේ කරනවා.
    ඔන්ලි ඉන් Australia කියලා කව්දෝ මෙහෙම ලියලා තිබුණා, Bank is wide open but the pen is tied to the counter.

    ReplyDelete
    Replies
    1. හිතා මතා නෙමේ‍
      ඔවු දැන් සැනිටයිසර් බෝතලෙත් ඉබ්‍බෝ දමනවා නෙ ්

      Delete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !