උතුරේ රෝහලේ මා වැඩ කළ ප්‍රසව හා නාරිවේද ඒකකය තිබුනේ ප්‍රධාන බිල්ඩිමේ පිටිපස්සෙම කොටසේ. ඉතින් මම බයිසිකලයෙන්ම ඒ කොනටම ගිහින් පහළ කොරිඩෝවේ හෝ හෙවනක නවත්වා ලොක් එක එහෙම දාලා වාට්ටුවට යන්න උඩට නගින්නේ. එක දවසක් ඔහොම ගිහින් ආයේ පහළට ආවම බයිසිකලය නවත්වා ගිය තැන පේන්න නෑ. ඒ එක්කම මට පේනව ට්‍රැක්ටරයක් එතැන ඉඳන් ගේට්ටුව දිහාට යනවා.
මට ටක් ගාලා හිතුනේ ලොක් කරපු බයිසිකලේ දාගෙන යනවා ඇති කියලා.
හැම තැනම හොරු කියලා සමාජය විසින් හිමි කර තිබුණු දුෂ්ට සිතිවිලි ඉතින්. හැමෝම හොරුය කියා හිතන් හිටියට ඒක එහෙම නොවේ කියලා පෙන්නුම් කළේ එහෙමත් කෙනෙක්.
මම ඉතින් කෑ ගහනවා දෙමළෙන්...."මගේ බයිසිකලේ මගේ බහිසිකලේ' කියලා. ට්‍රැක්ටරේ කට්ටිය ට්‍රැක්ටරේ නවත්තන් හිනා වෙනවා.
ඒකේ මිනිස්සු දෙන්නා හිනා වෙවී කියනවා.
"නෑ ඔයා බයිසිකලයක් නෙමේ " කියලා.
එතකොටයි මට තේරුනේ....
හදිසියට ට්‍රැක්ටරේ පස්සෙන් දුව දුවා දෙමළෙන් මම කෑ ගහලා තිබුනේ... "මගේ " වෙනුවට.. "මම බයිසිකලයක්" හෝව් හෝව් "මම බයිසිකලයක්" කියලා...
මං හිතන්නේ රෝහලක් නිසා එයාලා හිතන්න ඇති මොකක් හරි මානසික ආබාධයක් සහිත කෙනෙක් කියලා... ඊට පස්සෙ ඉතින් ඒ ට්‍රැක්ටරේ නවත්වනකොටම දුවලා ගිහින් බැලුවා ඇතුල. වැලි වගයක් බාලා යන එකක්.
අපොයි ඉතින් ඒකේ බැලුවත් බයික් එක තිබුනේ නෑ, ගියදේ ගියාවේ කියලා බොහොම දුකෙන් මම එනකොට රෝහලේ ඕවර්සියර් ඉන්නවා හිනා වෙවී එතන.
"ඩොක්ටර්ගේද බයිසිකලේ. අපි ඒක මෙතන ස්ටෝරු කාමරෙන් තිබ්බා. මේ හරිය පේන්ට් කරා . තීන්ත වදී කියලා. ඩොක්ටර්, මම බයිසිකලේ කියලා කෑ ගහද්දී ඇවිත් බැලුවේ. අයියෝ සොරි " කියලා ඔහු කියමින් බයිසිකලය ගෙනැවිත් දුන්නා. කවදාවත් ඉන් පස්සෙ නැති වුනේ නම් නෑ.
බයිසිකල් පැදීම ගැන මට ලොකු කතාවක් තියෙනවා. මං උතුරට ගිහින් ගත්තු ප්‍රථම සහ එකම වාහනය බයිසිකලයක් !මේක ගත්තේ බැනුම් අහගෙන ඊට කලින් ගන්න හැදුවට මැරෙන්නැතුව ඉන්න කියලා කීප දෙනෙක් දෝෂාරෝපණය කළ නිසා ඒක කරන්න බැරි වුණා.
මම උතුරු කොන පැමිණි පසු ගෙදර තිබෙන බයිසිකලය එහි ගෙනෙන්නට හැදුවෙමි. ඔව් මම කුඩා කල සිටම එක එක ජාතියේ බයිසිකල් කිහිපයක සාඩම්බර අයිතිකාරයෙක් වීමි. මම වැඩෙනවාත් සමගම බයිසිකලයේ ප්‍රමාණයත් වැඩි විය. ඒත් ප්‍රවාහන අවහිරතා නිසා දිනෙන් දින දැනට මා ගෙදරදී පාවිච්චි කරන්න අම්මා අරගෙන දූන්නු බයිසිකලය මෙහි ගෙන එන එක කල් ගියාය.
එක පාරක් ඒ අදහස කියන්න ගිහින් කිහිප දෙනෙක්ගෙන් බැනුම් අහගත්තා. "අපෝ දොස්තර නේද ? තත්වේ තියාගන්න දන්නැද්ද ? "කියලා
හැබැයි මට හමුවෙනවා අපූරු, පොළවේ පය ගහලා ඉන්න, ස්ටේටස් මේන්ටේන් කරන්නේ නැති යහළුවෙක්. Timur Rahaman, එයාටත් තිබුනේ බයිසිකලයක්. ඉතින් රහමාන් එක්ක, මමයි, ෆර්හානායි ගිහින් ටවුමේ කඩ කීපයකම ඇවිදලා ලේඩීස් බයිසිකලයක් ගත්ත දවසේ තමා මේ ෆොටෝ එකත් ගත්තේ.
📷
ඉතිරි ටික පොතේ තියන නිසා සහ කලින් ලියපු නිසා ලියන්නේ නෑ.
මෙන්න ලින්ක් එක...
😁😁😁😁😁
ReplyDeleteදෙකම බැලුවා. පලවෙනි එක ලියලා තියෙන්නෙ, 2012, ඒත් තාම "බයිස්කල් ලේන්" නෑ නේද? හ්ම්...
ReplyDeleteමේ පෝස්ට් එක කලිං කොතන හරි කියවල තියෙයි 🙄🙄🙄
ReplyDeleteදෙපොලක.. බ්ලොග් එකේ සහ අනිත්කොණ බ්ලුක් එකේ.. :)
Deleteමඩකළපුවේ ඉපදිලා, බදුල්ලේ හැදිලා, අවුරුදු 13ක් විතර උතුරු නැගෙනහිර වැඩ කරලා මට අදටවත් දෙමල හරියට කතා කරන්න බෑ.. පිහිටුවේම නැති බාසාවක්.. :/
ReplyDeleteඒ කතාව එදා වගේම රසවත්, කියවන්න කියවන්න අළුත්.
ReplyDeleteහරි ලස්සන කතාවක් ......
ReplyDelete