ආයුධ වලින් දිනන්නට හැකි කිසිවක් නොවන බව පසක් කළ ත්‍රස්තවාදී අරගලය නිමාවට පත් වී දැන් වසර හතකටත් වැඩිය. සිදුවුනේ හරියටම හරි දේ ද වැරදි ද යනුවෙන් කොයි තරම් වාද කරත්, සිදු වූ දේ සිදුවී හමාර ය.
පශ්චාත් යුධ සමයේ වන්නියේ සේවය කළ වෛද්‍යවරියක් ලෙස ,මම හැම අතම කරක් ගැසුවෙමි. වාට්ටු තුලට කොටුවී සිටි මට, මනෝවෛද්‍ය ඒකකයේ කණ්ඩායම හා එක්වන්නට පුළුවන් වූයෙන්, ඊට එහා ගිය විශාල වැඩ කොටසකට දායක වීමට හැකි විය. පුලියන්කුලම, මාන්කුලම, කොකාවිල්, ඉරණමඩු , මල්ලාවි, පූනගරී, පරන්තන්, මුලතීව් නැදුන්කර්නි, මේ අප නිතර ආගිය තැන් විය. මැණික්ෆාම්, සෙට්ටිකුලම් ගිය හැටි, මන්නාරමේ ළමා නිවාස වලට ගිය ගමන් හිතේ ඇති කළේ කිව නොහැකි තරම් දුක් ගොඩකි. ත්‍රස්තවාදය අප්‍රිය කිරීමට මට තවත් හේතු උවමනා නොවී ය.
මා දැක්කේ සුනු විසුනු වූ වන්නියකි. පුරුද්දා පිළියම් කළ නොහැකි ලෙස කැඩී බිඳී ගිය සිත් ඇත්තන් සිටි වන්නියකි. එනමුත් මා එහෙන් එන කාලයේ මා දුටුවේ, ජීවත් වෙන්න හිත හදා ගත් වන්නියකි.
මම පොතේ මතකයන් ඔස්සේ ආ ගිය පරිසරය හා බද්ධ වූ තැන් කියැවීමි.
පැවතුණු කරුම දේශපාලනයේ ඉත්තන් ව, එකම මිනිස් ජාතියක් බෙදී වෙන් වුන තැන් හිඩැස් හොඳින් දකින්න මේ පොතේ ලියැවිල්ල කදිම ය. තැන් දෙකකට වැටුණු ගිරවුන් දෙන්නා මෙන්, වන්නියේ ඔවුන්ද, දකුනේ අපද ජීවිත වෙනස් කරගෙන තිබුනේ එසේ යැයි මම සිතුවෙමි. ඔබ වැරදි යැයි නොකියන්නේ එහෙයිනි. පවතින තත්වය තුල ඔබට වෙන කරන්නට කිසිවක් නොතිබෙන්නට ඇත. හරි හෝ වැරදි හෝ සියල්ල අද අවසන් ව ඇත.
ඔබ වටහා ගත් සත්‍යය මෙසේ අප අතට පත් කළ එක ගැන, මේ තරමින් හෝ ලියා දැක්වීම ගැන මම ඔබට ස්තූති වන්ත වෙමි. ඔබ පසු කාලයේ ජීවිතය වෙනස් කරගත් අන්දම ගැන , එය දරාගත් අන්දම, ඒ දිරිය ශක්තිය පුදුමය කි .
ඔබේ කතාවෙන් පසුතැවීමක් මා නොදකිමි. හුදෙක් ජීවිත යුද්ධයේ අරුමය පමණක් දකිමි. කුඩා කළ සිටම සිංහල බෞද්ධ සංස්කෘතික අක්මුල් දරා , ඒවායෙන් පෝෂණය වී හැදුණු මම ද, එයාකාරම නොවේදැයි මට සිතේ. අප දුටුවේ අපේ පැත්තේ අහිමි වීම් ය. ඔබ දුටුවේ ඔබේ පැත්තේ අහිමිවීම් ය.
වන්නියේ සිය දහස් පිරිසක් අවතැන් කළ, ජීවිත සුනු විසුණු කළ , අපායක් කළ ඒ බිහිසුණු කාලයට නැවත කිසිදිනෙක මේ පිරිස ඇද නොදමන්න යැයි මම සියලු නායකයින්ට පවසමි. මට මුණ ගැසුණු, කතා බස් කළ සියල්ලන්ට ද ඕනෑ නිදහසේ ජීවත් වීම ටයි.
"යුද්ධයක සැබෑ ජයග්‍රාහකයෝ හෝ පරාජිතයෝ නැත" යැයි කියමනක් තිබේ. මා දැක්කේ සිදුවූ ඛේදාන්ත වලට ජයග්‍රාහී ලෙස මුහුණ දුන්, ඒවාට සුබදායක ලෙස මුහුණ දෙන පිරිස්ම නොවේ. ඒත් ඔවුන්ගේ මේ මුහුණ දීම්, ගොඩ නැංවීම් සහ අවබෝධකර ගැනීම් ගැන මට ඇත්තේ මහත් ගෞරවය කි. තමිලිනී ඔවුන්ගේ ක්‍රියා කිසිම ආකාරයක සාධාරණීකරනයක් සිදු නොකළද, මීට වඩා මෙහි කතා බස් කළ යුතු දෑ බොහෝමයක් මට මතකයට නැගේ.
අනිත්කොන ඔස්සේ මා එකළ නොලියූ බොහෝ සංවේදනා ලියා තැබිය යුතු යැයි දැන් මට සිතේ. තමිලිනී අද අප අතර නැති එක විශාල අඩුවකි. එකම කාසියක දෙපැත්තක් මෙන්, කිසිදා හමු නොවුන අප දෙපිරිස දෙපසට වෙන්වී අරගල කෙරුවෙමු. ඔබ උතුරේ සිට, දකුණේ මිනිසුන් හා තරහෙන් වෛරයෙන් සිටි කණ්ඩායමක අරගල කරද්දී අප දකුණේ සිට, දමිළ ත්‍රස්තවාදයට වෛර කෙරුවෝය.
මිනිස් ජීවිත ලක්ෂ ගණනින් අහිමි වූ යුද්ධයක් අවුරුදු තිස් ගණනක් පුරා පැවතිනි. ඔබ සිටි කොටුව ඔබට සාධරණ වූ අතර මා සිටි කොටුව මට සාධාරණ විය. සියල්ල අවසන්ව පුපුරා ගිය වන්නියක, ජීවිත ජීවත් කරවීමේ යුද්ධයට මා මැදි විය. ඔබ වැනි දහස් ගණනකගේ දුක් කඳුළු කෝප වෛරය, අප පිටින් ගලා ගියේ, ඔවුන්ට පෙනෙන්නට හිටි සිංහලයන් අපි වූ හෙයිනි.
පොතේ අවසන් භාගයේ මා ඔබේ දුක්බර මතක කියවමි. බලෙන් ඇද දැමූ යුද්ධයක අපි කොටස් කාරයෝ වීමු. මා උපන්නේ යුද්ධය ඇවිලුණු දේශයක ය. මා හැදී වැඩුනේ යුද බිය හිතේ පොදි ගහගෙන ය. මා හැදී වැඩුනේ ත්‍රස්තවාදය ප්‍රිය නොකළ සමාජයකය. මා හැදී වැඩුණු පරිසරයේ මා දැක්කේ , ත්‍රස්තයින් විසින් විනාශ කරන ලද ජීවිත පමණි.
උතුරු කොනේ දී මා මිනිස් සිතේ අරුමය හා ගනුදෙනු කරමින් පරිණත වීමි. සානුකම්පිතව මම ඔවුන්ගේ දුක දැරීමි. එනිසා මට උතුරු කොන හර්ද කම්පන දරන්නට පහසු විය. පැරදුන අරගලයක අවසන ඔබට ද සියල්ල අහිමි විය. ඔබට වෙනස් වෙන්නට සිදු විය.
අප පා තැබූයේ සියල්ල විසඳුනු වන්නියකට නොවේ. සිංහල වෛද්‍යවරු යන ලේබලය සමග අප වන්නියට පය තබද්දී,
"මුන් මෙහෙ ආවේ මොකට දැයි" ප්‍රසිද්ධියේ කියූ අයවලුන්ද, මට සිහිවේ.
"සිංහල ම්ලේච්ජ දොස්තරලා ගෙදර පලයව්" කියා ගැසූ පෝස්ටර් මතින් ජීවිත තර්ජන තිබුනත්, රෝහල හැර නොගිය වෛද්‍යවරුන් මට සිහි වේ.
"සිංහල ම්ලේච්ජ දොස්තරලා ගෙදර පලයව්" කියා ගැසූ පෝස්ටර් මතින් ජීවිත තර්ජන තිබුනත්, රෝහල හැර නොගිය වෛද්‍යවරුන් මට සිහි වේ.
රැඳවියන් විටින් විට රෝහල් ගත වූ කල, " ආ ඔය ඔයාලගෙ අහවල් වෛද්‍යවරයා අපිව පාවලා දීලා දැන් ලොකු කම් කරන්නේ " යැයි කියන විට, "අහවල් වෛද්‍ය පාලක තැන මේ පැත්තට ටික දවසකට එන එකක් නෑ ඩොක්ටර්" යැයි , සමහර මිස්ලා කිචි කිචි ගෑ අයුරුත් මට මතක් වේ.
කොටි කොළඹ පටවා අත් අඩංගුවට පත් වූ විශේෂඥ වෛද්‍ය තැන, නැවත පැමිණියේ අපි එයින් එන්නට ඔන්න මෙන්න කියා තිබිය දී ය. ඔහු අපට බොහෝ කරදර වෙන ලෙස විටින් විට, අපේ රාජකාරි තැන වෙනස් කරමින්, වාට්ටු වැඩ ගොන්න අතර තුර බාහිර රෝගී අංශයට අපව වැඩ බලන්නට දැමූ හැටි සිහිවේ. එවන් ඉහළ නිළයන් ගේ සිටි මිනිසුන් ඔවුන්ගේ ජාතියේ මලගම ලියා දුන් හැටිත්, ඔවුන් ඉන් පසුව වුව ද " පාවාදී අනෙක් පැත්තට පැන්න" හැටිත් ගැන අත් අඩංගුවේ පසු වූ වන් කියූ කතා අසමින් අප සිටියෙමු. වෛද්‍ය නේවාසිකාගාරයට බෝම්බ අටවන්නට පැමිණ ඒ තැත වැරදී ඊට කළින් බෝම්බය පුපුරා මැරී තිබුණු කොටියා එහිම සේවය කළ වෛද්‍යවරියකගේ සොයුරෙක් විය.
වෙනස් විය යුත්තේ දමිළ වැසියන්ගේ අරගලය යැයි කියමින් තමන්ගේ දේශපාලන අරමුණු ජයගන්න වලිකන මෙවන් අයවලුන් ය.
“ඔය ඩොක්ටර්ට බැන්න ගෑණු කෙනයි එයාගේ මිනිහයි කළේම , එල් ටී ටී ඊ එකට, ළමයි අල්ලන් ගිහින් බාර දෙන එක. ඔය කන ඇහෙන්නෙ නැත්තේ...බෝම්බ නිසා නෙමෙයි. එහෙම ළමෙක් අල්ලන් යනකොට, තාත්තා කෙනෙක් පොල්ලකින් ගහලා ඔළුවට , ඒකයි ඔය “ මගේ මතකයට එන්නේ ඔවුන් ය. (අනිත්කොන - 135 පිටුව, මිත්‍රත්වයේ පාළම)
වාට්ටු වල නිතර ගෙනැවිත් ප්‍රතිකාර කරනා අත් අඩංගුවේ පසුවන කොටින් පෙන්වමින් “සිංහල ගම් වලට පැනලා පෙති පෙති ගහපු උන් “ කියා සුළු සේවකයෙක් කියයි. දැන් ඔවුන් දෙ අත් ලේ මාංචු සමග ඇඳ විට්ටමට සවි කළ දම්වැල් බොහෝමයක පැටලී සිටී.
“ඒ අය කොච්චර එදිරිවාදීකම් කළත් අපි අපේ හොඳකම නැති කරගන්නේ නැතුව ඉමු” මම බොහෝ විට ඔවුන් අස්වසමි.
ඒ සිදු කළ සංහාරයන්ට වෛර නොකරන්නට තරම් මා පරිණත වූයෙමි. මේ වෛරය අවසන් කළ හැක්කේ, අවෛරයෙන් බව මා පිළිපදින බුද්ධ දර්ශනය වේ. මම එයට ප්‍රායෝගිකව මුහුණ දුන්නෙමි.
ඔවුන් ද අපේම මිනිසුන් විය. අප තව දුරටත් සිංහල හෝ දමිළ නොවී ය. අප මනුෂ්‍ය ජාතියේ උන් විය. තමන්ගේ ජාතිය මුල් කරගෙන වැසියන් සහ ඔවුන්ගේ දරු පැටවුන් ආයුධ සන්නද්ධ යුද්ධයකට ඇද දමා, එය පෝෂණය කළ ඩයස්පෝරාවෙන් මම යමක් අසමි ! ඔබ ගේ මිනිසුන් අද ද දුක් විඳි ති. ඒඅයට ඔබ උපකාර වුනේ කෙසේ දැයි මම විමසමි. එදා පිටරටවලට වී කිඹුල් කඳුළු හෙළූ අය අදද සිටී. එදා වන්නියේ දරුවන්ට ආයුධ දෙන්නට මුදල් ආයුධ නැව් පිටින් එවූ උන්, ඔවුන්ගේ දරුවන්, යුරෝපයේ වෛද්‍යවරුන් කරන්නට මුදල් වියදම් කළෝය. එනමුත් මේ රටට පය තැබුවේ උන් නොවේ. මට කිළිනොච්චියේ හමුවූ බොහෝ වෛද්‍යවරු ශිෂ්‍යයින් කාලයේ රැය පහන් කරන ලද්දේ කැළෑ වැදී බව මා හා කීවෝ ය. වන්නියට ආවේ එවන් වෛද්‍යවරුන් සහ දකුණේ වෛද්‍යවරුන් ය.
අපට වෛර කළ, අපට බිය වූ, කොටින්ම මුහුණ අනිත් පැත්ත හැරවූ දස දහස් ගණන් නන්නාඳුනන දමිළ වැසියන්ගේ දුක දරන්නට තරම් මම සමත් වීමි. ඒ මගේ දර්ශනය නිසා ය. ඔබ මේ පොත ලියන්නට හිත හදාගත්තේ කෙසේද, ඒ තරම්ම ඒ හිත් අරගලය අවසානයේ ඔබද නිවුනේ යැයි මම සිතමි.
මා ඔබේ ලියවිල්ලට ගෞරව කරමි. ඒ ඔබගේ චිත්ත දහිරියට යි, දරා ගැනීම ටයි ! ඔබේ සියල්ල දරා වෙනස් වීම් වලට හිතකර ලෙස මුහුණ දුන් සිත මා පුදුමයට පත් කරයි. අපට මේ රටේ නිදහස්ව සිටින්නට අවශ්‍ය වෙන්නේත් එයයි. තමිලිනී ලියූ දෑ කියවිය යුතුම පිරිසක් මට මතක් වේ. ඒ උතුරේ අද ඉන්නා දේශපාලක නායකයන් රැලත්, පාර්ලිමේන්තුවේ ඉන්නා දේශපාලකයින් රොත්තත් වේ. මිනිසුන්ගේ සැබෑ අරගල විනාශ කරන්නේ පටු බලලෝභී ආත්මාර්ථකාමී නායකයින්ගේ අමනෝඥ ක්‍රියා ය. ඉන් විනාශවන ජීවිත ප්‍රමාණය මෙතෙකැයි කිව නොහැක.
මේ අකුරු තුල සුන්දර යමක් මම නොකියවමි. ඔබේ සාහිත්‍යය හැකියාව හෝ ලිවීමේ හැකියාව නොකියවමි. එනමුත් මේ සියල්ල තුලින් ඔබේ මානුෂීය හදවත අවසානයේ මට හමුවිනි.
මිනිස් සංහාරයන්ගෙන් පෝෂිත අරගලයක බිහිසුණු බවත්, නොදියුණු බවත් ම්ලේච් ඡත්වයත් පමණක් කියවමි. එවැන්නක් යළි සිදු නොවන්නට සමස්ථ ශ්‍රීලංකා වාසීන්ම සිත හික්මවා ගත යුතු බව පමණක් සිහි කරමි.

"එකස් රේ අරන් එනකොට මගේ ෂර්ට් එකේ තිබ්බ රුපියල් පන්සීය අරගෙන ඩොක්ටර්" කියමින් වැසියෙක් බිම හැපේ. ඔහු සතියකටත් වඩා ප්‍රතිකාර ලබන අතර , ඔහු එක්ස්‍රේ ගන්න කැඳවාගෙන ගියේද වාට්ටුවේ සිටි සුළු සේවකයෙකි. දෙදෙනාම දමිළ ය. " ඔය මිනිහා ඔහොමමයි. " කියමින් හෙදිය රණ්ඩුව බේරන්නට දිව යයි.
අප ඇද වැටුනේ , කොළඹ තරම්ම දූෂණය භීෂණය සහ නොමනා කම් පිරි වන්නියකට ය.
තමන්ගේම මිනිසුන් පලා යද්දී, ඔවුන්ට වෙඩි තියන්න යැයි ඉහළින් දුන් නියෝග හමුවේ. .. අපේම අම්මලා තාත්තලාට වෙඩි තියන්නේ කොහොම දැයි ඔබ විස්සෝප වන අයුරු මම තැනක කියැවීමි.
ඒ වෙඩි මතින් කලපුව තරණය කළ පිරිස් පසුව කියූ කතා මම උතුරු කොන සිට අකුරු කෙරුවෙමි
ඔබ ලියා ඇති දෑ සැබැවි. මේ අහිමී වීම් ඉදිරියේ, හිත හදාගැනීමට නොහැකි වූ බොහෝ දෙනා සිටියා. නමුත් ඔබ ඒ බාධකය ජය ගෙන තිබුනා.
මුහුණ නොබලා ඉවත බැලූ ත්‍රස්තයින්ගේ අත අල්ලා නාඩි බලන්නට, අනින්නට පිහියක් තියන් ඉන්නවා යැයි අනතුරු ඇඟවුවද , අසලටම ගොස් , ඔවුන්ගේ හදවතට කන් දෙන්නට ස්ටෙතස් කෝප් එක තියන්නට, රුධිර පීඩනය මනින්නට පවා හිත දැඩි කරගන්නට මට හැකි විය.

මල් වත්තේ (පූන් තෝටම්) දරුවන් දැරිවියන් බොහෝ විය, ඔවුන් සියල්ල අතට ආයුධ දී ඔවූන්ට නොතේරෙන යුද්ධයකට ඔවුන්ව ඇද දැමූයේ ත්‍රස්තවාදී නායකත්වය යි. තමිලිනී එහි සිටින කාලය වන විට ඔවුන් සියල්ලන්ම නිදහස ලබා ගොස් සිටියහ. මල් වත්ත නම් දැරූ පූන්තෝට්ටම් සිට, කවි ගී ලියූ පැංචන් පැංචියන්ගේ කවි පොතක් ද අපේ ඒකකයෙන් මුද්‍රණය කළත් එක්ක.
ඒ සිදු කළ සංහාරයන්ට වෛර නොකරන්නට තරම් මා පරිණත වූයෙමි. මේ වෛරය අවසන් කළ හැක්කේ, අවෛරයෙන් බව මා පිළිපදින බුද්ධ දර්ශනය වේ. මම එයට ප්‍රායෝගිකව මුහුණ දුන්නෙමි.
ඔවුන් ද අපේම මිනිසුන් විය. අප තව දුරටත් සිංහල හෝ දමිළ නොවී ය. අප මනුෂ්‍ය ජාතියේ උන් විය. තමන්ගේ ජාතිය මුල් කරගෙන වැසියන් සහ ඔවුන්ගේ දරු පැටවුන් ආයුධ සන්නද්ධ යුද්ධයකට ඇද දමා, එය පෝෂණය කළ ඩයස්පෝරාවෙන් මම යමක් අසමි ! ඔබ ගේ මිනිසුන් අද ද දුක් විඳි ති. ඒඅයට ඔබ උපකාර වුනේ කෙසේ දැයි මම විමසමි. එදා පිටරටවලට වී කිඹුල් කඳුළු හෙළූ අය අදද සිටී. එදා වන්නියේ දරුවන්ට ආයුධ දෙන්නට මුදල් ආයුධ නැව් පිටින් එවූ උන්, ඔවුන්ගේ දරුවන්, යුරෝපයේ වෛද්‍යවරුන් කරන්නට මුදල් වියදම් කළෝය. එනමුත් මේ රටට පය තැබුවේ උන් නොවේ. මට කිළිනොච්චියේ හමුවූ බොහෝ වෛද්‍යවරු ශිෂ්‍යයින් කාලයේ රැය පහන් කරන ලද්දේ කැළෑ වැදී බව මා හා කීවෝ ය. වන්නියට ආවේ එවන් වෛද්‍යවරුන් සහ දකුණේ වෛද්‍යවරුන් ය.
අපට වෛර කළ, අපට බිය වූ, කොටින්ම මුහුණ අනිත් පැත්ත හැරවූ දස දහස් ගණන් නන්නාඳුනන දමිළ වැසියන්ගේ දුක දරන්නට තරම් මම සමත් වීමි. ඒ මගේ දර්ශනය නිසා ය. ඔබ මේ පොත ලියන්නට හිත හදාගත්තේ කෙසේද, ඒ තරම්ම ඒ හිත් අරගලය අවසානයේ ඔබද නිවුනේ යැයි මම සිතමි.
මා ඔබේ ලියවිල්ලට ගෞරව කරමි. ඒ ඔබගේ චිත්ත දහිරියට යි, දරා ගැනීම ටයි ! ඔබේ සියල්ල දරා වෙනස් වීම් වලට හිතකර ලෙස මුහුණ දුන් සිත මා පුදුමයට පත් කරයි. අපට මේ රටේ නිදහස්ව සිටින්නට අවශ්‍ය වෙන්නේත් එයයි. තමිලිනී ලියූ දෑ කියවිය යුතුම පිරිසක් මට මතක් වේ. ඒ උතුරේ අද ඉන්නා දේශපාලක නායකයන් රැලත්, පාර්ලිමේන්තුවේ ඉන්නා දේශපාලකයින් රොත්තත් වේ. මිනිසුන්ගේ සැබෑ අරගල විනාශ කරන්නේ පටු බලලෝභී ආත්මාර්ථකාමී නායකයින්ගේ අමනෝඥ ක්‍රියා ය. ඉන් විනාශවන ජීවිත ප්‍රමාණය මෙතෙකැයි කිව නොහැක.
මේ අකුරු තුල සුන්දර යමක් මම නොකියවමි. ඔබේ සාහිත්‍යය හැකියාව හෝ ලිවීමේ හැකියාව නොකියවමි. එනමුත් මේ සියල්ල තුලින් ඔබේ මානුෂීය හදවත අවසානයේ මට හමුවිනි.
මිනිස් සංහාරයන්ගෙන් පෝෂිත අරගලයක බිහිසුණු බවත්, නොදියුණු බවත් ම්ලේච් ඡත්වයත් පමණක් කියවමි. එවැන්නක් යළි සිදු නොවන්නට සමස්ථ ශ්‍රීලංකා වාසීන්ම සිත හික්මවා ගත යුතු බව පමණක් සිහි කරමි.
බොහොම ඉහළයි ඩොක්ට.
ReplyDeleteSri Lanka is challenged by the adverse effects of two youth uprisings, 30 year internal armed conflict and a great natural disaster in 2004. During the past four decades a large number of people were exposed to traumatic events. A generation of people suffered from psychological aftermath of man made and natural disasters. Significant number of individuals are living with emotional scars.
ReplyDeleteVarious trauma related ailments such as PTSD, Adjustment Disorders, Depression, Somatization etc have found among the victims. Some of the psycho trauma reactions are still undiagnosed and victims do not receive adequate treatments. However these psycho traumas affect the psycho social well-being of the victims, their families and to the society. Effective treatment and psycho social rehabilitation measures should be implemented to help the individuals affected by psycho trauma and prevent future violence. These treatment measures should reflect the concepts of recovery with the ability to live a full and meaningful life.
(The Psychosocial Impact of PTSD in Sri Lanka -Prof Daya Somasundaram, Dr Ruwan M Jayatunge)
great.i got the first one these two in the list..
ReplyDeleteමගේ අරගලය is a re print of the first book, they have included interviews of thamilinis mother at the end. other one is the short story book. worth reading !
Deleteහ්ම්
ReplyDeletegreat
ReplyDeleteකියන්නට දෙයක් ඉතුරු කරල නැහැ. ජාතිවාදී/ත්‍රස්තවාදී දෙකොටසකට මැදිවූ අසරණයන් ගැන හැමදාම දුකයි. ඔවුන්ගේ දුක් නිවේවා.
ReplyDeleteDr Boddini
ReplyDeleteIt a good analysis, Thanks
I too read the Tamilinis Book, but as a you as a Doctor who was then at Wanni and had the opportunity to treat some hardcore LTTE cadres and other ordinary civilians also to listen to the feelings of the ordinary people their life style during the war some of them who were silent protesters of LTTE, your analysis is excellent.
Thank you tilak. Im going to write again as i feel there is a lack of post war literature
DeleteDear Dr
DeletePl do
There are no words to describe the feeling... just great!
ReplyDeleteThank you thisara aiya
DeleteGreat!
ReplyDeleteතමලිනි ලීවාය
ReplyDeleteඅපිද ලිව්වෙමු...
තමලිනි නොලිව්වාය,
අපිද නොලියමු
https://kadadasikole.blogspot.com/2016/10/blog-post_89.html
http://kadadasikole.blogspot.com/2017/03/70.html
Good piece of writing..
Exactly ! Read ur articles today. True about that
Delete///එවැන්නක් යළි සිදු නොවන්නට සමස්ථ ශ්‍රීලංකා වාසීන්ම සිත හික්මවා ගත යුතු බව පමණක් සිහි කරමි.///
ReplyDelete+++++++
+++++++++++
ReplyDeleteThank u !
DeleteGreat!!!
ReplyDeleteඅනිත් කොන මතකයන් විශාල ප්‍රමාණයක් ඇති ව සිටින ඔබ තරම් අප කවුරුවත් තමිලිනී ව කියවානොගනු ඇති බව මගේ හැඟීමයි. කණගාටුවට කාරණය ඔබත් තමිලිනීත් එක ම වේදිකාංවකට කැඳවා මේ කරුණු පිළිබඳ ව සංවාදයේ යෙදෙනු අයුරු විඳගැනීමේ අවස්ථාව අපට අහිමිව ගොස් ඇති බැවිනි.
ReplyDeleteරන්දි... මට ඒක මිස් උනා. ඒත් මම අනන්තවත් එකම මේසෙක මේ අය එක්ක විවාද සංවාද කරලා තියෙනවා.
Delete'තියුණු අසිපතක සෙවන යට'ත් කියවන්න..
ReplyDeleteමේවා කියවනකොට මටත් ලියන්න හිතෙනව.. :)
ඉතින් නොලියන්නේ හොරි හැදෙයි කියලද? හුහ්
Deleteතියුණු අසිපතක සෙවන යට තමා මගේ අරගලය නමින්ද තියෙන්නේ !
Deleteනෑ නේද?.. ඔය දෙවෙනි කොටස මගේ හිතේ.. මුල් පොත වෙනස්. ඒක මගේ ලඟ තියෙනවා.. හරියටම දැනගන්න ඕනි.
Deleteකල්‍යාණ මිත්‍ර : මම පොතේ සාකච්ජාවට ගියා 31 වෙනිදා
Deleteඒකේ ප්‍රකාශකම කීවා එකම පොත අර ඉන්ටර්විව් දැම්මා.. අනික මුද්‍රණ දෝස හැදුවා කියලා
මම පොත් සාකච්ජාවට ගිහින් ඇවිත් ලීවේ. අලුයම් සිහින තමා අළුත් පොත. ඒක කෙටි කතා.
තියුණු අසිපතක සෙවන යට
ReplyDeleteකියන්නේ පට්ට පොතක්...
මේකේ අන්තිම ටික මම කියෙව්වේ යාල්පානම් වලට කෝච්චියේ යන ගමන්...
දෙමල කෙල්ලෙක් පොත ඉල්ලා ගෙන ඇහුවා ඒ මොකක්ද කියලා...
මම විස්තරය දන්න විදිහට කිව්වා...
අපි දෙන්නාම ටිකකට නිශ්ශබ්ද වුණා...
එතනදී ඇති වෙච්ච හැඟීම විස්තර කරන්ට අමාරුයි...