ඔය අතර ceylon today පුවත්පතේ, විශේෂාංගයක් වන book worm හි පැෂන් ෆෘට් නමින් ලේඛකයන්ගේ සහ ඔවුන්ගේ පොත් ගැන දොඩමළු වන ෂෙනාල් රාජකරුණානායක , ග්‍රන්ථ මගින් මා ලියූ අනිත් කොන, බ්ලොග් බුක් හෙවත් blook එක අරගෙන කියවා තිබුනා.
සති අන්තයේම මේ ගැන ලියන්නට ඕනෑ අක්කා ! කියමින් ඔහු මා හා දොඩමළු වුනා.
"දන්නවද, මට ඔබ ගැන කවි ලියන අක්කා කෙනෙක් කීවා. එයා කීවා ඒ කාලේ ඔයා උතුරේ ඉඳන් ඒවා ලියද්දී ඔවුන්ට ඔබ සහ පිරිස ගැන ඇතිවුනේ වීරයන් වගේ හැඟීමක් කියලා" ඔහු මා ගැන අසා තිබුණු අන්දම හෙළි කළා.
" මම දැඩිව සසල වුන තැන, අර කකුලක් නැති අම්මා කෙනෙක් දරුවා ප්‍රසූත කරන්න ගිහින්. බොරු කකුල ගලවලා ඔබලාට දිගු කරන තැන. මට ඒක චිත්ත රූප වලින් මැවෙන තරම් මේ කතාව මා සසල කළා. අනිත්කොන කියන්නේ මට පුදුමාකාර ලෙස හිත හිරි වැටෙන , ඇතැම් විට හී ගඩු පිපෙන, අප නොදන්නාම පැත්තක මනසින් සංචාරයක කරමින් සංවේදනා විඳපු පොතක්" ඔහු කීවේය.
මගේ දෙනෙත් තෙත් විය. ජීවිතේ මා ගත කළ දුෂ්කරම එහෙත් සොඳුරුම අවදියක මට මගේ සංවේදනා බෙදා ගන්න තිබුනේ අනවර්ථ නමකින් ලියූ මේ බ්ලොග් පිටුව යි.
එහි සිට එදිනෙදා ලියූ කතා කියවමින් මා උත්කර්ෂයට නැංවූයේ බ්ලොග් කියවන සහ ලියන සහෝදර සහෝදරියන් පිරිසයි. මුහුණු පොතේ මා මේවා බෙදාගත්තේම නැත.
කාලෙකට කළින් පොත කියවමින් දුම් රියේ යන ගමන් රංජිත් කුමාර සමරකෝන් අයියා, මෙවැනිම වූ කතාවක් ලියා තිබුනා මුහුණු පොතේ.
මම මගේ ලියැවීම් වලට සාධාරණයක් ඉටු කළෙමි. යථාකාරී තථාවාදී බව මුසු කළෙමි.
එනිසා ඒවා ජීවයෙන් පිරී තිබුනි.
සංහිඳියාව යනු වැඩමුළු හෝ දේශන නොවේ. මිනිසුන් අතර සංහිඳියාව ඇති කරන්න පුළුවන් සැවොම මෙසේ පුරුදු වුනොත් පමණකැයි මට සිතේ "තමන්ට අනුන් සලකන්න ඕනෑ කෙසේද එසේම මමත් අනුන් කෙරෙහි ක්‍රියාත්මක වෙමි"
ගෞරවය ඕනෑ නම් ගෞරවාන්විතව හැසිරිය යුතුයි. දයා කරුණාව අවශ්‍ය නම් තමන්ද දයාබරිත කාරුණික කෙනෙක් විය යුතුයි. තමන් ලෝකයේ දකින්න ඕනෑ හොඳ තමන්ම විය යුතුයි. එවිටයි සැබෑ සංහිඳියාව හෝ සාමය ඇති වන්නේ.
අද අනිත් කොන දොඩමළු වී ඇත. උතුරේ ප්‍රශ්නය, ඇයි මේ තරම් නොවිසඳෙන්නේ කියන දේ ගැන අනිත් කොන දොඩමළු වී ඇත. ඔහු ඇසූ ප්‍රශ්න, සාහිත්‍යය හෝ බ්ලොග් ගැන නොවේ. පණ ගැහෙන මිනිස් හදවත් වලින් යුතු වන්නියේ සැබෑ සංහිඳියාව, පුනුරුත්ථාපනය ගැන, සන්නිවේදනයේ දුර්වලතා ගැන සහ අපට කළ හැක්කේ කුමක් ද වැනි බොහොම කාලීන ප්‍රශ්න.
මම මෙන්න මෙතැන ලින්ක් එක දමන්නම් , කියවන්න කැමති අයට කියවිය හැකියි.
She knits unheard stories through the threads of heart-felt words. Her writing conciliates the readers with indispensable love for humanity and emancipates the perennial barriers which are barricading the truth. Her stories are heart wrenching and often make you dewy eyed, yet it never stops your urge to read through. She weaves the reality of the society through her stories with a unique touch of compassion bringing the readers to an astonishment. She cures the scars of 30 years of civil war through her gifted healing therapy while mixing her heart sutra with others. Basically it isn't merely a book which stimulates your mind, yet a road map which drives you all around to see the unseen and address the unaddressed. Truly, "Anith Kona" (The Other End) is a story which unfolds how strangers became family in an unknown environment, undoubtedly everybody must read.
read the interview from the link below.
ඒ වගේම පත්තර කොළමට පින්තූරයක් අවශ්‍ය වන විට , ඒක අරන් දුන් නිෂානි සම්පත් දේශිකා මිස් ව අමතක කළ නොහැක. ගෙන්දගම් පුරවරයේ , ළමා වාට්ටුවක නොයෙක් සංවේදනා අතර ඉන්නා කළ දොඩමළුවෙන්නට සහෝදරත්වයෙන් සලකන්නට සිටින ලෙංගතුම මිතුරියකි ඈ. වාට්ටුවේ තැන තැන මා හිඳුවා " ඩොක්ටර් එළිය මදි , ඔය පුටුව හරි නෑ, මෙහෙම හැරෙන්න ඔහොම හිනා වෙන්න" යැයි කියමින් මගේ පින්තූර අරගෙන දුන්නේ ඈ ය.
මේ සාකච්ජාව සිංහලයට හරවන්න යැයි වෛද්‍ය විනීතා පෙරේරා මහත්මිය පැවසුවා. ඇය කියන්නේ මෙය බහුතරයක් අතර කියවිය යුතු කරුණු රැගත් බොහොම වටිනා එකක් බව ය.
anith kona, අනිත් කොන සහ මනුපුර සක්මන පොත් ගෙදරටම ගෙන්වා ගත හැකි, ග්‍රන්ථ අඩවියේ ලින්ක් එක පහත දැක්වේ. බෙදා නොතිබූ, ගබඩාවක තිබූ පොත් සියල්ල, මා ලබාගෙන ඔවුන් වෙත බාර දුන්නෙමි. වට්ටමක් සහිතව මිලදී ගත හැක. (grantha.lk නිර්මාතෘ අපේ පැරණිම බ්ලොග් රචකයෙක් සහෘදයෙක් වන, දසුන් සමීර වීරසේකර මල්ලී ය. ඔහුව මා දන්නේ 2006/2007 බ්ලොග් ලෝකයට පය ගැසූ දා පටන් ය)
https://grantha.lk/anith-kona-bodhini-samarathunga-thatcher.html
https://grantha.lk/manupura-sakmana-bodhini-samarathunga-thatcher.html
එෆ්බී එකේ ශෙයා වුණ ලින්ක් එකකින් මේ ලිපිය කියෙව්වා. ඔබ ගැන ආඩම්බරයි
ReplyDeletecongrats! nice work
ReplyDeleteWell done ! .... as always.
ReplyDeleteබ්ලොග් ළෝකය තුළ ඔබවැනි කෙනෙක් සිටිමත් සතුටකි.
ReplyDeleteජයවේවා!!!
well done Bodhini (Y)
ReplyDeleteAll The Best.
ReplyDeleteI write this in English b’s I am still learning to type in Sinhala.
ReplyDeleteI got both your two books අනිත් කොන සහ මනුපුර සක්මන few days back from Grantha. lk, and read them at leisure. Although I have read a reasonable amount of your posts in your own Blog, and prior to that your lyrics etc, even in other’s blogs, but it was not like reading them in a book. Latter offer me more time to read and enjoy and admire them again and again, compared to fast reading in a web to save my MBs. I prefer your මනුපුර සක්මන ට වඩා අනිත් කොන not b’s they are two media or I have less preference to කවි සoකල්පනා. I felt that in first you have expressed more sentimentally your feelings with one to one experience compared to some limitations in “thought of” themes and here I confine to අනිත් කොන.
If most doctors we meet at present days are as good as you and behaving with compassion to patients as you then ordinary citizens will not have malice with the Doctors in general. Some of them behave as they came from an alien planet, as you say Weda Mudalalila s.
I am touched with the dialogue and way you express the sentiments and present them when a woman removing her artificial leg on the labor room bed. Also the dialogue and the incident with the woman who came for her 7th delivery, but had only one of them living and the fate of 6 others. The අනු’s comments “හී හී පිස්සු”in the FB incident and also why they others are smiling while posing to the group photograph if they are really sad at your transfer day. Katada Pissu?.
As far I could recall the most witty sarcasm (උපහාසය)in Sinhala literature is in Guthilaya “කතී වෙන මියෙන, සූ සූ යැයි අත ගැසු සැකයෙන”. A similar feeling I get in while reading the Dr’s leraning Tamil where “ඇදට යන්න කීවාම කොයි කාමරයටද යන්නේ අහනවා”
Also when” duka nam eyi hinna wenne)” etc etc. There are many incidents of your (and colleagues) experiences touched my heart. Especially buying clothes for the Kid(kids) whose mother is washing the borrowed baby dress, four hours after cesarean , cycling and accidents in A9, care and attention to patients, danger in splashing patients bloods on face and body (VDRL?),even carrying patient bags etc , space does not provide to quote all.
All and all this is an truly a ballad of a Doctor , I wish you great successes both on your profession, in its humanitarian outlook and especially in your literary capacity and activities.
thank you so much Tilak ! අනිත්කොන was full of strange happenings which I had the opportunity to witness. Im so grateful to receive your feed back and it is a blessing to see another who could feel what we felt and dealt there amidst the political drama.
DeleteI posted this feed back in my anithkona bood page on face book. I hope its alright !
DeleteDear Dr Bodhni
DeleteIts Ok.
great
ReplyDeleteDear Dr. Bodhini
ReplyDeleteI am very happy to note that even Shenal Rajakarunayaka too have appreciated the heart touching incident which I quote in 19th August 2017, about a lady who came to Labour room and removing her artificial limb, before lying in bed.
Yes, there are much more nuisances in your writing in that book, as I mentioned in my earlier comment too but the space does not provide to list them all. I advice all who are interested to get down the Book and read by yourself.
Dear Dr. Bodhini
ReplyDeleteI am very happy to note that even Shenal Rajakarunayaka too have appreciated the heart touching incident which I quoted in my comment on 19th August 2017, about a lady who came to the Labour room and removing her artificial limb, before lying in bed.
Yes, there are much more nuisances in your writing in that book, as I mentioned in my earlier comment too but the space does not provide to list them all. I advice all who are interested to get down the Book and read by yourself.