සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආකල්ප !
මේක වෙලා ටික කාලයක් නිසා මම හිතුවා මේ දේ ලිවීම වැරැද්දක් නෑ කියලා. මෙය එක් එක් පුද්ගලයාගේ වැරදි සෙවීමට ලියන්නක් නොවන බවත්, සමස්ථ වෛද්‍ය හෙද හෙදි සුළු සාත්තු සේවක යන කාර්යය මණ්ඩලයේම වෙනසක් සිදුවිය යුතු බව පමණක් හිතේ තියාගෙන ලියනා ලියවිල්ලක් බවත් මතක් කරනු කැමැතියි. මේ ලියන මම ද මගේ අඩු පාඩු හදාගෙන ඉදිරියට යනවා මිසක, සර්ව සම්පූර්ණ කෙනෙක් නොවේ.
එදින මා වාට්ටුවේ පිටුපස දොරෙන් ඇතුල් වුනේ යම් කිසි බර පොදියකුත් ඔසවාගෙනමය. මට අවශ්‍ය වුනේ වාට්ටුවේ සිටි හෙදියන්ට මා ආ බවට පණිවිඩය දීමට යි. ඇතුල් වෙද්දිම මා දුටුවේ වාට්ටුවේ මැදක සිටි සාත්තු සේවිකා දෙපලයි. මම අතින් සන් කර කතා කෙරුවෙමි. "මම ආවා කියන්න" කීවෙමි. ඔවුන් ගෙන් ප්‍රතිචාරයක් නොමැති තැන නැවත කතා කෙරුවෙමි. "මට එන්න බෑ ඔයා එන්න මෙතෙන්ට" යනුවෙන් ඔවුන්ගෙන් උස් හඬක් නැගිනි.
මා අඩි කිහිපයක් ඔවුන් වෙත යත්ම, හිස් අත් බදාගෙන පැමිණියේ "අයියෝ ඩොක්ටර් නේද, අපි හිතුවේ වාට්ටුවේ අම්මා කෙනෙක් " කියමිනි.
"ඇයි වාට්ටුවේ අම්මා කෙනෙක් නම් එන්නෙ නැද්ද ? හරිම වැරදියි ඔයාලා හැසිරුණු විදිහ. ඒ කොනේ දොර ළඟ අම්මා කෙනෙක්ට හදිසියක් වෙන්න බැරිද ? කලන්තයක් හරි, මොකක් හරි අනතුරක් වෙන්න බැරිද ? කවුරු උනත් ඔයාලාට බලන්න තිබ්බා නේද ?"
මගේ ප්‍රශ්න හමුවේ ඔවුන්ගේ මුව අගුළු වැටී තිබිණි.
"ඩොක්ටර් ඔය දේවල් ඔයාට හදන්න හෝ විසඳන්න බෑ මේ සිස්ටම් එකේ හැටියට" කියමින් මගේ කියැවීම් හමුවේ මිතුරු හෙදියක් අලගු තැබුවාය.
තව දිනක, මා වෛද්‍යවරුන්ගේ විවේක කාමරය ඉදිරිපිට සිටගෙන ඊළඟට සේවා මුරයට පැමිණෙන වෛද්‍යවරියට රෝගීන් ගැන කියද්දී, එදිනම සේවය සඳහා පැමිණි සනීපාරක්ෂක සේවිකාවක් මවෙත කඩන් පැන්නේ
"හා හා කෑ ගහන්න එපා ඔතන, දොස්තර නෝනා ඇතුලේ ඉන්නවා" කියමිනි.
රාත්‍රී වැඩ මුරයක් හමාර කරමින්, සැමියා බෑග් මළු කාර් රථයට පටවන අතරතුර මම, දරුවාද වඩාගෙන ෆෝන් එකෙන් කියවමින් සිටි අතර ඈ මා දුටුවේ වාට්ටුවේ මවක් ලෙසින් බව කියමින්, ඉන් පසු සති කිහිපයක් මගෙන් සමාව ඉල්ලුවාය. නමුත් ඒ සිදුවීම මටනම් සිනහ උපදවන සුළු වුන දෙයක් විය.
ඒ වුනත් "වාට්ටුවේ අම්මෙක්ට උනත් එහෙම බනින එක සුදුසු නෑ " කියා මම ඇයට කරුණු පහදා දුන්නෙමි.
දැන් මට තව සිදුවීමක් මතකයට නැගේ. ඒ උතුරේ මා වැඩ කළ අනිත් කොන රෝහල ය. එහි අතිශය කාර් යය බහුල ප්‍රසව හා නාරිවේද ඒකකයේ, සිටියේ වෛද්‍යවරුන් හතර දෙනෙක් සහ විශේෂඥ වෛද්‍ය වරයා පමණි. එනමුත් සියල්ලෝම එකම කණ්ඩායම් හැඟීමකින් සේවය කළ නිසා පංගු පේරුවක් හෝ, මේ අපේ වැඩේ නොවේ කියා මැසිවිලි නැගීමක් මා දුටුවේම නැත. එදින නාරිවේද සායන පැවැත්වූයෙන්, මා සිටියේ, ස්කෑන් කාමරයේය. විටින් විට, ප්‍රසූතිකාගාරයේ වැඩට අපව කැඳවයි. මා ටිකකට කලින් පැමිණියේ දරුවෙක් ප්‍රසූත කළ මවකගේ යෝනියේ පිහිටි කැපුමක් සහ ඉරීමක් මැසීමෙන් අනතුරුව ය. මොහොතකින් මට මතක් වුනේ, ඔරලෝසුවත් මුද්දත් සින්ක් එක උඩ ගලවා තබා ආ බව ය. මම නැගිට විගහින්, අනෙක් වාට්ටුව දෙසට දිව්වෙමි. ප්‍රසූතිකාගාරයේ ජලකරාමය ළඟ සියල්ල නිරුපද්‍රිතව තිබිණි. මා ඔරලෝසුව බැඳන් හැරෙද්දී දුටුවේ, දොරටුව අල්ලාගෙන හති අරින හෙදිය යි. "අයියෝ ඩොක්ටර් දිව්වේ ඇයි" ඇය මගෙන් අසයි.
"මගෙ මුද්ද අමතක වුනා" මම විමතියෙන් උත්තර දුනිමි.
"අයියෝ මම ඔයා දුවනවා දැක්කම හිතුවා මෙහෙ හදිසි තත්වයක් කියලා. මාත් දිව්වා ඔයා පස්සෙන්,උදව්වෙන්න අයියෝ !" ඇය හති අරිමින් පවසයි. කියන්න කළින් සියළු දේ ගැන විමසිලිමත් ව සිටිති.ඇතැම් අය මෙයාකාරය. මම හිතන්නේ ආකල්ප අතින් අප සිටින්නේ ගොඩක් පහළ අඩියකයි ! මදුරුවෝ කනවා කියා කියූ සැනින්, කොහොඹ කොළ පොල් ලෙලි, රැගත් තාච්චියක් ට්‍රොලියක තියා හවස් වරුවේ වාට්ටුවල දුම ඇල්ලුවේ එහිදී ය. කියන එක පමණක් සෑහේ. ඉක්මනින් ක්‍රියාත්මක වේ.
දින කිහිපයකට කළින් හදිසි සැත්කමක් සිදු කර, දරුවෙක් ප්‍රසූත කරන ලදී. ඉපදුනේම මැරුණ ආකාරයෙනි, විගහින් දරුවා උණුසුම් කර, තට්ටු කරමින් ස්වසනය දෙන්නට සිදුවීදෝ බලද්දී "චෑස් ගාමින් හඬන්නට වූ නමුත්, හමේ වර්ණය, සහ අත් පය වල ගතියෙන් කියා පෑවේ අවුල් බවකි. එහෙත් මට සහය වන්නට සිටි හෙදියන් මා කියන්නත් ප්‍රථම සියළු දේ මවෙත ළංකරමින් ලොකු සහයක් දැක්වූ නිසා විනාඩි කිහිපයකින් දරුවා ප්‍රකෘති කරන්නට හැකි විය.
ජීවිත බේරා ගැනීම යනු හුදෙක් තනි පුද්ගලයෙකුගේ කාර් යයක් නොවේ. එය කණ්ඩායම් වැඩකි. කණ්ඩායම් හැඟීමක් නොමැති වුන කළ සාර්ථකත්වයක් නොමැති වේ.
මේක නම් වෙනම කතා කරන්න ඕනම මාතෘකාවක් අක්කෙ. වෙලාවකට මටම පුදුමයි අපේ වාට්ටු වල වැඩ කරන සමහර ඇයගේ කතා ස්වභාවය. මනුස්සයෙක්ගෙ ඇඳුම , කතා කරන භාෂාව, අපේ රෝහල් වල සේවකයන්ගේ ස්වරය වෙනස් වෙනවා.
ReplyDeleteවෙන එකක් තියා එක backpack කරේ එල්ලගෙන on call එකට casual එද්දී මමත් බැනුම් අහල තියනවා අපේ ආරක්ෂක අංශයෙන්. ඒ වෙලාවේ මමත් ඇහුවා කාට වුණත් ඔය කිවුව දේවල් ටික ඊට වඩා හොඳ විදියට කිවුව නම් හොඳ නැද්ද කියල.
මිනිස්සුන්ට මිනිස්සුන්ගේ ගරුත්වයක් නෑ කියල පේන අනිත් තැන තමයි බස් එක. හැමදාම බස් වල යන මට ඒ ගැන තියන උදාහරණ ගැන කිවුවොත් නම් පොතක් ලියන්න පුළුවන්.
අනේ නංගි කියලා වැඩක් නෑ ඒ ගැන. බස් නම් බොහොම අවුල්ම තැනක්. මාත් බස් එකේ යන නිසා මට ඒ ගැන කියන්න කතා එමටයි. ඒවගේම තමා ත්‍රීවීල් එකකට උනත් රෝහල ඇතුලෙන් නැග්ගම බොහොම ගරුත්වයෙන් කතා කරනවා.
Delete//මදුරුවෝ කනවා කියා කියූ සැනින්, කොහොඹ කොළ පොල් ලෙලි, රැගත් තාච්චියක් ට්‍රොලියක තියා හවස් වරුවේ වාට්ටුවල දුම ඇල්ලුවේ එහිදී ය. කියන එක පමණක් සෑහේ. ඉක්මනින් ක්‍රියාත්මක වේ. // ඔක තමයි නියම සේවය. කණ්ඩායම් හැඟීම නැත්නම් වැඩ අමාරුයි තමා.
ReplyDeleteaawaa. kiyewwaa. lassana sanwedi liyaillak.
ReplyDeleteස්තුතියි සන්ධ්‍යා
Deleteලංකාවේ මිනිසුන්ගේ තියන ලොකුම අඩු පාඩුවක් ඇඟට දැනෙන විදිහට ලියා තියනවා
ReplyDeleteඕක නං සහතික ඇත්ත. අනික දැන් දැන් හැමෝගෙම බෙදාගැනීම්. මේජර් ස්ටාෆ් එකේ අරයට ලෙඩ්ඩු කීයද? මෙයාට නයිට් කීයද? ඊළගට මයිනර් ස්ටාෆ් එකේ ලෙඩ්ඩුන්ට ගහන බනින ඒව ඉවරයක් නෑ. අනේ මන්දා මේක නිකං සිස්ටම් එකම අවුල් වෙලා වගේ...
ReplyDeleteබෝධිනී අක්කෙ... මේක රාජ්‍ය සේවයේම තියන පොදු ලෙඩක් බව එකොලොස් වසරක අත්දැකීමෙන් මට කිව්වැකි
ReplyDeleteඒකනම් ඇත්තම තමා !
Delete++++++
ReplyDeleteමේ වාගෙ ඒව දැන්වීම් පුවරුවල දාල වාට්ටුවල එල්ලන්න ඔ්නෙ. ඒත් වැඩක් වෙයි කියල හිතන්න බෑ. මිනිස්සුන්ගෙ සාම්ප්‍රදායි ගතිලක්ෂණ එච්චර ඉක්මනටම අඩු කරන්න අමාරුයි
ReplyDeleteඒක ඇත්ත.
Deleteරෝහල් වලදි ගොඩාක් වේලාවට තාත්තලාට වඩා අපහසුතාවයන්වලට ලක්වෙන්නේ අම්මලා තමයි. පසුගිය කාලේ සිදුවු ඩෙංගු උණ කරදර වලින් දුක්වින්දේ මගේ බිරිද නිසා හොදින් ඒ ගැන දනිමි.
ReplyDelete// "ඇයි වාට්ටුවේ අම්මා කෙනෙක් නම් එන්නෙ නැද්ද ? හරිම වැරදියි ඔයාලා හැසිරුණු විදිහ. ඒ කොනේ දොර ළඟ අම්මා කෙනෙක්ට හදිසියක් වෙන්න බැරිද ? කලන්තයක් හරි, මොකක් හරි අනතුරක් වෙන්න බැරිද ? කවුරු උනත් ඔයාලාට බලන්න තිබ්බා නේද ?" //
ReplyDeleteප්‍රයිවට් හොස්පිටල් එකකනම් !!!!!!!
එයාලට අමතක වෙනවා ජනතාවට සේවය කරන්නේ කියලා. එයාලා හිතන්නේ මේ කරන්නේ ලොකු උදව්වක් වගේ දෙයක් කියලා.
Deleteඅපේ මිනිස්සු කවදාවත් හිතලා වැඩක් කරන්න කැමති නෑ. ඒකයි ප්‍රශ්නේ..
ReplyDeleteඑකිනෙකාට ගරු කරන්න ඉගෙන ගන්නේම නෑනේ.
Deleteතමන් මොන තරාතිරමක රැකියාවක් කලත් මනුස්සකම අමතක නොකරනවානම් එය අනුන්ගේ යහපත වගේම තමන්ගේ යහපතත් නේද කියලා හිතුනා මේ ලිපිය කියවනකොට.
ReplyDeleteඔබේ අත්දැකීම් හරිම රසවත් හිතට දැනෙනවා බොහොම.
ඒක ඇත්ත ගිම්... මම කියන්නේ අපි පෘතග්ජන මිනිස්සුනේ , තරහ ගත්තට කමක් නෑ. ඒත් අර වගේ හැසිරීම් හරි අවුල් සහගතයි නේ. රෝහල් කියන්නේ ලෙඩ්ඩු ඉන්න තැන් නේ.
DeleteNorthern people are more polite then southern.
ReplyDeletethats true. but they are rude to their own kind.
Deleteඔබ හැමවිටම අදාල පුද්ගලයන්ට කරුණු පැහැදිලි කරදෙන්නට උත්සාහ කර ඇති බව පේනවා..සමහර අය ""ඩොක්ටර් මට බැන්නා"" කියන පටු තැනට කොටුවෙන්ටත් ඇති,,,
ReplyDeleteමේවට බැන්නේ නැති නිසා කියලා තිබ්බේ නෑ. ඒත් බනීන්න තරම් හිතෙන වෙලාවල් එනවා. මේ අය අපටත් වඩා වැඩිමහළු වයසක සාත්තු සේවිකාවෝ නිසා ඉවසනවා.
Deleteලේසිම දේ අපි උපේක්ෂාව පුහුණු වෙන එක.. :)
ReplyDeleteඒත් පව් අපේ මිනිස්සු ! මිනිස්සුන්ට සේවය කරන අය හැටියට අපි එහෙම හැසිරෙන එක හරි නෑ නේ. මං අදත් මේ කතා කියලා කීවා, එංගලන්තෙ නම් ලෙඩාට සර් මැඩම් කියන්න වෙනවා කියලාත්.
Deleteහාමිනේට ඩෙංගු හැදිල ඉස්පිරිතාලෙ නවත්තපු වෙලාවෙ ගැබ්බර නර්ස් නෝනා කෙනෙක් මටත් කඩාපැන්නා. එතනත් උනේ ඇඳුමෙන් මනුස්සයා මැනීම. පහුවදා හවස වාට්ටුවෙ හිටිය දොස්තර මහත්තයට සිංහල බෑ. මං එයාගෙං විස්තර ඇහුවෙ ඉංග්‍රීසියෙං. අර නර්ස් නෝනගෙ කට ඇරෙනව මං දැක්කා.
ReplyDeleteතව නර්ස් නෝනා කෙනෙක් හිටියා. හැබැයි එයා නං බොහොම සතුටින් අනෙක් අයට සතුට බෙදන කෙනෙක්.
අන්න ඕකත් එක දෙයක් තමා. අනේ සමහරු බැරි බැරිගාතේ ඉංග්‍රීසියෙන් විස්තර අහනවා. කතා කරනවා. මම කියන්නේ කවුරු උනත් බැණ අඬ ගහගනන් හොඳ නෑ කියලයි. මට නම් ස්ටාෆ් එක එක්ක මල පණින අවස්ථා තියෙනවා.
Deleteඔය පැත්තෙ වගේම මෙහෙත් ඔහොමයි අක්කෙ. මේක ලංකාවෙ හැම තැනකම අඩු හා වැඩි වෂයෙන් දකින්න පුලුවන්.
ReplyDeleteවන සිවුපාවුන් වැනි මිනිසුන් මැද ..
ReplyDeleteඩොක්ට ට උපදේශයක් දෙන්නද? වැඩ වෙලාවේ හරි නැතුව හරි හොස්පිටල් යනව නං ස්ටෙත් එක කරේ දාගෙන යන්න අමතක කරන්න එපා. ඔය ඔක්කොම ප්‍රශ්න ඒ නිසයි. වැඩේ කරල බලල ගුණ පණ කියන්න.
ReplyDeleteහාහා ඔය උපදේසේ නිතර ලැබෙනවා. මිනිස්සු හිතයි පිස්සු කියලා ස්ටෙත් එක දාගෙන එහෙ මෙහෙ යනකොට.
Deleteඅපි යන්නේ වාට්ටුවලට දොස්තරවරුන් විදිහටව් හෙදියන් විදිහටවත් වෙනත් කාර්ය මණ්ඩලයේ කෙනෙකු ලෙසවත් නොව ලෙඩුන් විදිහටය.ඔය අත් දැකීම් බොහොම කටුකව අත් විදින්න වෙන්නේ පසුවවත් ඔබලාගෙන් මෙන් සමාවක් නොඉල්ලන අතරමය
ReplyDeleteඒක ඇත්ත. ඔවුන් එසේ හැසිරිය යුතු නෑ.
Deleteමට ආසා අර සින්ක් එක ළඟට පස්සෙන් දුවගෙන ආපු නර්ස්ව බලන්න . අන්න මිනිස්සු ��
ReplyDeleteඒවගේ අය හිටිපු නිසා අනිත්කොන වැඩ කරන එක අපහසු වුනේ නෑ. fb ඉන්නවා. ඒත් සිංහල කියවන්න බෑ ඒ මිස් ට.
Deleteඔය ආකල්ප වෙනස් කරන එක කොහෙ ඉඳලා පටන් ගන්නද කියලා හිතාගන්න අමරුයි. අර මුලේ ඉඳලා හදන්න බැරි උණත් ස්කිල් එකක් විදිහටවත් ඕක පුහුණු කරන්න පුළුවන් කියන එකයි මගේ අදහස. මේ රටවල් වලත්, මූනිච්ඡාවට දෙන කස්ටමර් සර්විස් ඕන තරම්.. හැබැයි ඉතින් අවශ්‍ය වැඩේ කෙරෙනවා.
ReplyDeleteරෝහල් වලට යන අපි නොදකින පැත්ත. ඔබේ කථා අපි වෛද්‍ය වෘත්තියේ නොවුනත් කාගෙත් ජීවිත වලට බද්ධ වෙන කතා.
ReplyDeleteතව දෙයක් තමයි, මමත් ඇතුළුව බොහෝ දෙනෙක් උපහාසයෙන් කථා කරන දෙයක් වෛද්‍ය වරුන් රෝහලේ රාජකාරි වලින් පිටත්දීත් වෙද නලාව කරේ දාගෙන සිටීම.ඇතැමුන් කියන්නේ දොස්තරලා හැකිනම් පොලේ යනකොටත් ඕක දාගෙන යයි කියලා.
දිනක් මා සමග සිටි විදෙස්ගත මිතුරෙකු සිනාවට ලක් කලා කොළඹ මහ රෝහලේදී වෛද්‍ය වරියක් වෙද නලාව පැළඳගෙන පැමිණ රථ ගාලේදී රතයට නැග පිටත් ව යාම. ඒත් අපේ සමාජයේ ඇති දුර්වල ආකල්ප හමුවේ ඇතැම් විට රාජකාරියෙන් පිටතදී පවා වෛද්‍ය වෘත්තිකයෙකු බව හඟවන සේ පෙනී සිටීම වැදගත් වන බවක් මට මේ ලිපියන් හිතුනා.
උගත් වෛද්‍ය වෘත්තිකයන් හඳුනා ගැනීමේ සංඤ්ඤා වලින් තොරව හැසිරීමේදී දුර්වල සමාජ අකල්ප නිසා ඇතිවන පීඩාව දරා ගැනීමට ශක්තිමත් හිත් අවශ්‍යයි.
මට එක පාරට හිතුණේ අර දිව්වේ ඇයි, එක තැන වැඩ කරන අයගේ දේවල් කවුද හොරා ගන්නේ කියායි.
ReplyDeleteඑතකොට පරණ කතාවක් මතක් වුනා.
මගේ බිරිඳ කොළඹ මහ රෝහලේ බාහිර රෝගී අංශයේ රාත්‍රී සේවයේ සිටි දවසක තර්මෝස් ප්ලාස්ක් එකකට තේ අරගෙන ගියා. පසුවදා උදේ ඇය සේවය නිමවෙන වෙලාවට මා එහි ගොස් අප දෙදෙනාම දින දෙකකට ඇගේ දෙමව්පියන්ගේ නිවසට ගියා. හිස් ප්ලාස්ක් එක අරගෙන යන්න හිතුවේ නෑ. එය විවේක කාමරයේ තබා ගියා.
නමුත් යළි සඳුදා ඇය වැඩට යන විට ප්ලාස්ක් එක අතුරුදහන්.
ඉතිං ඔර්ලෝසු සහ මුදු ගැන කවර කතා ද?
නෑ එහෙම අවිශ්වාස කරන්න හොඳ නෑ. නමුත් පිට අයත් ආ ගිය හැකි නේ. එනිසා විශ්වාසය රැකෙනවා අපි පරිස්සම් වුනොත්.
Deleteඅපි හැදෙමු රට හදමු..... ඩොක්ටට පින්...
ReplyDeleteමගේ පියා මිය ගියේ පිළිකාවකින්. එය පළමුව අදුන ගත්තෙ නින්දේදී තාත්තට වැළඳුණු වලිප්පුවෙන් සහ පසුව කරපු පරීක්ෂණ නිසා. එදා රෑ බොහොම අමාරුවෙන් හෝමාගම රජයේ රෝහලට ඇතුළත් කළහම, පැයකටත් වැඩියෙන් කිසිම වෛද්‍යවරයෙක් ආවෙ නැහැ අපි කිහිපවරක් හෙදියන්ට කියුවම බේබද්දො අරං ඇවිත් කරදර කරනව කියල බොහොම කැත විදිහට ඇඟට ගොඩ උනා.
ReplyDeleteඑදා සිට අවුරුද්දක් තුළ තාත්ත නැතිවෙන තෙක් අපි මුහුණ දීපු අප්‍රසන්න සිදුවීම් නිසා අදටත් මුළු සෞඛ්‍ය සේවය ගැනම තියෙන්නෙ දැඩි කළකිරීමක් සහ අඩු තක්සේරුවක්.