Monday, May 1, 2017

සුබ ගමන් විචාරකතුමා !

විචාරක ...
අසමි හොයමි දකිමි... ඔන්න ඔහොම නමක් මම මුළින් දැක්කේ... 
මම ද අනවර්ථ නමකින් හෙමි හෙමින් ලියූ අනිත්කොන බ්ලොග් එකේ, හැම කතාවකටම වගේ ප්‍රතිචාරයක් දක්වන විචාරක මහතා ගේ ලියමන් තුලින් මා දැන ගත් දෑ බොහෝ ය. 
ඔහුගේ දියණියද වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලද බව සඳහන් කළා මතකය.
වෛද්‍ය රුවන් ජයතුංගයන් රචිත සංග්‍රාමයට පසු, පොත ගැන සඳහන් කරමින් මා මනෝවිද්‍යාත්මක පොත් පත් වෙත යොමු කළේ ඔහුය. 
නමුත්, පුද්ගලිකව මා ඔහු දැන හෝ දැක හඳුනගෙන නොසිටියෙමි.
ඔහුගේ ලෙඩ දුක් ගැන දැන ගත්තේ බ්ලොග් සම්මාන උළෙලෙහිදීය. දුරකථනය ඔස්සේ ඔහු පැවසුවේ ඔහු සමග කතා බස් කරන්නට එන ලෙසය. විදෙස් ගත වූ නිසා එය නොහැකි වු අතර මා පමා වූවා වැඩිය.
ඔහුගේ සුව දුක් විමසීමට කුරුණෑගල රෝහලට කතා කළ විට ඔහුගේම සිසුවියක් වූ දැනට එහි සිස්ටර් කෙනෙක් වන මහත්මියක් බොහෝ සෙයින් කුළුපගුවී කතා බස් කර ඔහුට ලැබුන සම්මානය ගැන ඔවුන්ද බොහෝ සතුටු වන බව පැවසුවා. දින තුනකට කළින් ඇය මා ඇමතුවත් මා විදෙස්ගතවී සිටින නිසා ඒමට නොහැකි බව මා දැන්වූවා.
බ්ලොග් ලියන පිරිසෙන් ඔහු වැනි. වැඩිහිටියන් ගැන මගේ ඇත්තේ ගෞරවයක් , නිරතුරු ඔවදන් දෙමින්, අප දිරිමත් කරමින් බොහෝ නිහතමානී ලෙස හැසිරුණු අයෙකි.
බොහෝ අය ප්‍රිය කරන චරිතයකි.
බ්ලොග් පිටුව හරවත්, දැනුම් සම්බාරයක් රැගත් තැනකි.
ඉතින් ඔබෙ නික්ම යෑමෙන් ඇති වුන හිඩැස මහත් සේ දැනේ.
ආයුබෝවන් විචාරකතුමා....විචා මාමා
we miss you !

11 comments:

  1. සුභ ගමන් විචාරක තුමා

    ReplyDelete
  2. සුභ රාත්‍රියක් වේවා විචා තුමනි..........

    ReplyDelete
  3. හිතින් තරුණයෙකි ඔහු...

    ReplyDelete
  4. අක්කා කියුව වගේ, විචාරක තුමා අඩුපාඩු පෙන්වාදුන්නේ නිහතවානි විදිහට... ඔහුගේ නික්ම යාම දැනගන්නකොට අදහ ගන්න බැරි උනා...
    එතුමාට නිවන් සුව පතමු...

    ReplyDelete
  5. නොහඳුනන මිතුරානෙනි ඔබට සුවබර නින්දක්

    ReplyDelete
  6. මුල් කාලයේ සිටම ඔහුව සමීපව ඇසුරු කෙරුවෙමි. කිප විටක්ම ඔහු හමු වී සතුටු සිතින් වෙන් වී ඇත්තෙමි. ගිලන්ව සිටි අවදියේ ද එක් දිනක් ගොස් ඔහුගේ සුවදුක් බැලුවෙමි. ගුණේ අයියේ යන ඇමතුමට ඔහුගෙන් එදින ප්‍රතිචාරයක් නොවිණි. එහෙත් විචාරක අයියේ මේ මම නලින් මේ ඉන්නේ තිලක සිත ලියන තිලකේ කියා කියන විට දැස් ඇර අප දෙස බැලූ ආකාරය තාමත් මැවී පෙනේ. ඔබට සුව දායක නින්දක් විචා අයියේ.

    ReplyDelete
  7. ඇත්තම කියනවා නම් මම හිතුවටත් වැඩිය විචා හිතට ලං වෙලා හිටියේ සහෘද බ්ලොග් ලියන්නෙක් හැටියට.

    ReplyDelete
  8. කුකුල් කේන්තිකාර, නමුත් හාස්‍ය රසය හොඳින්ම හඳුනන, සිංහල භක්ෂකයන් පෙන්නන්ට බැරි ආදරණීය වැඩිමහල් චරිතය...
    සුබ ගමන් විචා මාමේ...

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !