දැන් ඔය නිදහස් චතුරශ්‍රයේ නිදහසේ ඉන්න දෙන්න කියලා කෑ ගැහුවා වගේ කට්ටිය මෙහෙම දකින අඩු ලුහුඬු කම් ගැන වැඩියෙන් ලීවොත් මේවා අපිටම හදා ගන්න පුළුවන් නේද කියාත් හිතුනා. මෙන්න ඒ පෙර ලිපිය -
වැරදි හදා ගන්න ඉක්මනින් ක්‍රියාත්මක වුනු ඔවුන්ට ස්තූතියි... කලින් පාර අසල ගොඩ ගැසූ පස් කඳු නැති අතර තාවකාලික පටි යොදා වලවල් සලකුණු කර මගීන්ට යෑමට පාරක් පාදා තිබුනේ මෙලෙසයි. හොඳටම ප්‍රවේසම් සහිත නැති වුනත් මේ වෑයමට ස්තූතියි.

ඒ වගේම තවත් යමක් සටහන් කරන්නයි කියලත් මතක් වුනා... මා සේවය කරන රෝහලේ විශේෂයෙන් මම වැඩ කරන වාට්ටුවේ විවිධ අවශ්‍යතා සැරෙන් සැරේ මම මුහුණු පොත ඔස්සේ දැනුවත් කරනවා.. එතකොට මගේ පාසැල් මිතුරන් බ්ලොග් මිතුරන් විටින් විට ඔවුන්ට හැකි අයුරින් යම් යම් උදව් කර තිබෙනවා.
ඔහොම කතා බහ යන අතරේ, එක්තරා හිතවත් මාධ්‍යවේදී සොයුරෙක් මට කියනවා, අපි ඇවිත් ශ්‍රමදානයක් කරන්නම් කියලා...
ඔය අතරේ අපට මතක් වෙනවා වාට්ටුවේ ඇඳන් ළදරු ඇඳන් එහෙම තීන්ත ගාලා පිළිසකර කළ යුතු බව...
"ඉතින් දැම්ම රෝහලේ නඩත්තු අංශෙට ඔය වැඩේ කරන්න බැරි වෙයි කියලා කීවේ" කියලා අන්තිම සාකච්ජා වලදී
"අපිට පුළුවන්නම් කරගන්න තීන්ත දෙන්නම් කීවා රෝහලෙන් " යන්න ඇසුනම, අපේ විශේෂඥ වෛද්‍යතුමියත් අපිට බැරිද තීන්ත ගාන්න කට්ටියක් හොයා ගන්න කියලා අහද්දී මම කලින් ම "නංගී අපි ඇවිත් ශ්‍රමදානයක් කරන්නම් , ඔය තීන්ත ගාන වැඩ වගේ" යැයි අපිට ශ්‍රමදානය ගැන මතක් කළ පිරිස ගැන කීවා.
කොහොම හරි පේන්ට් ගන් දෙකක්ද සොයා ගෙන බොහොම අමාරුවෙන් සූ ගාලා පස් දෙනෙක් වගේ පිරිසක් සොයාගෙන ( එන්නම් කියලා නෑවිත් සිටි පිරිසකුත් හිටියා )
අන්තිමේ අපි කොහොම හරි ඉන්න පිරිස සේරම එකතු කරගෙන මේ වැඩේට බැස්සා.... මමත් ඇතුලුව. වාට්ටුවේ සියලුම කොට් සහ බෙඩ්ස් නම් සේරම පේන්ට් කර ගත්තා.
මුහුණු පොතෙන් පමණක් දැනගෙන හිටි පතිරණ අයියා, තුෂාර, සාරංග, දසුන් ගම්ලත්, කමි සහ බොහෝ දෙනෙක් ස්වේච්ජාවෙන් ඇවිත් අපට උදව් කළා.
එහෙම නොවෙන්න අදටත් අපේ වාට්ටුවේ පරණ තීන්ත කෑලි කැඩෙන දරුවන් දත් ගහනකොට ඒවා බඩට ද යන අර පරණ තීන්ත ඇති ඇඳන් ළඳරු කොට් තියෙන්නට පුළුවනි.
මේ සටහන ලියැවුනේ කුණු කන්ද කඩන් වැටෙන්න කළින්. ඒත් ඒ කුණු කන්ද ඇති ප්‍රදේශයේම මූලික රෝහලක වැඩ කරන මට පසුගිය අවුරුද්දේ ගංවතුර කාලේ කනින් කොනින් ඇසුනේ කුණු කන්ද ජර්මනියට බාර දෙන්නට යන බවත් අවුරුද්දකින් බැලුවොත් ඔතන කන්දක් නොතිබෙන්න පුළුවන් බවත් ය. අනේ මන්දා ඒ කියන කතා කොහොම වුනත් අන්තිමේ ඉතා ප්‍රබල සෞඛ්‍ය තර්ජනයක් ව පැවති කුණු කසල පිරිච්ච මේ ප්‍රදේශය , ඊටත් වඩා ඛේදනීය තත්වයක් ඇති කරමින් නාය ගියේ ජීවිත රැසක් බිල්ලට ගනිමින්.
කුඩා කාලයේ , ජර්මනිය ප්‍රංශය වැනි රටවල සංචාරය කරද්දී මම දුටුවේ ඔවුන් ඉතා පුදුම සහගත ලෙස කුණු බක්කි කිහිපයක බෝතල් වෙනම, ප්ලාස්ටික් පොළිතීන් වෙනම සහ දිරන ආහාර ද්‍රව්‍ය වෙනම බැහැර කරන බවය.
ජර්මනියේ නැන්දා උනත් "ඔන්න පුතේ මේකට දිරන කෑම ජාති, මේකට පොලිතීන් කොළ කඩදහි..." කියා අපි ගිය දවසෙම කසළ බැහැර කරන අන්දම පැහැදිලි කර දුන්නා මේ එක්දහස් නමසිය අනූ ගණන් වලදී. "බැරි වෙලාවත් පොලිතීන් කොළයක් වැටුනොත් මේකට.." කියා මම ඇහුවම නැන්දා කිව්වේ එතකොට දඩ ගහන බවත් එහෙම බැරි විම් නම් කොහෙත්ම සිදු කළ යුතු නැති දෙයක් බවත් ය.
මට මතකයි එකල මට දී තිබුනු කැමරාවෙන් (ඩිජිටල් නොවන) රීල් දමා පාවිච්චි කරන කැමරාවෙන් මම මේ කුණු බක්කි වල ෆොටෝ එහෙමත් ගත්තා. ඇයි මේ ෆොටෝ නාස්ති කරන්නේ කියලා අහද්දී වැඩිහිටියන් මම කීවේ, "නේචර් ක්ලබ් එකේදී මේවා පෙන්වලා අපේ ඉස්කෝලෙත් මෙහෙමෙ වැඩක් කරන්න ඕනෙ" කියලයි.
ඔව් , නැවත පැමිණි පසු අපි එවැනි දේවල් පාසැලේ ක්‍රියාත්මක කළා , ඒක මම හිතන්නේ සුළු කාලයකට පමණක් ක්‍රියාත්මක වී නිලතල මාරුවත් සමග හෝ යම්කිසි ප්‍රශ්නයක් මත ඇණහිටියා. ඒ ගැන මතකය අඩුයි. පාසැල් කාලයේ ඇතැම් සංසිද්ධීන් අමතකම වෙලා ගිහින්.
කසළ නිසි අන්දමින් බැහැර කළ යුතුයි. යුතුමයි. දැන් මා වෙසෙන කැළණිය ප්‍රදේශයේ නම් පොළිතීන් කඩදහි වෙනම එකතු කරන අතර, දිරන ආහාර ද්‍රව්‍ය වෙනම එකතු කරනවා. එකතු කරන පිරිස කීවේ එම ආහාර ද්‍රව්‍ය ඌරු කොටු සඳහා ලබා දෙන බවය.
කුණු වෙන් කළ යුතුමය ! ප්ලාස්ටික් යකඩ නොදිරන දෑ නැවත ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ලෙස වෙන් කර ගත යුතුය. දැන් වෙන්නේ සේරම එක ගොඩේ ගොඩ ගසන එක හෝ වල දමන එක, පස් පුරවන එක. මම හිතන්නේ නෑ ඒකෙන් මහ පොළවට සෙතක් වේවි කියලා.
අනික, කුණු ගැන වදවෙන එක අපි කාගේත් යුතුකම බව ඇත්ත නමුත් නිසි ක්‍රමවේද සැකසිය යුත්තේ රට කරවන්නට අප එතෙන්ට පත් කර, මහජන මුදලෙන් පඩි ගන්නා , නඩත්තු කරනා ආයතන සහ දේශපාලකයින් ය. එනිසා අපේ ටොපි කොළය නිසා මීතොටමුල්ලට අපිත් වගකිව යුතුයි කියන ආණ්ඩුව හෝ පාලක පක්ෂ බේරන සුළු වැකි ගැන නම් මට දැනේන්නේ අපුලක්. කසල කළමණාකරනය කිරීම ගැන ප්‍රායෝගික පුහුණුව සහ අධ්‍යාපනය ලැබූ උගත් බුද්ධිමත් ශ්‍රී ලාංකික ප්‍රජාවක් සිටිනවා. මේ අවස්ථාවේ ඔවුන්ගෙන් උපදෙස් සහ උදව් ලබා ගැනීම කළ යුතුයි. ඒ සඳහා ක්‍රියාත්මක විය යුතු රජයේ ආයතන වගකීම ගත යුතුයි.
මේ රට අපේ තමයි. නමුත් හැමෝටම හැම දේ ගැනම ලොකු ඉගෙනීමක් නැති නිසා. ඒ අදාල සුදුසු දේ සඳහා හැකියාව ඇති සුදුස්සෝ පත්කළ යුතුමයි. එක අපි කාගේත් වගකීම යැයි මට සිතේ.

අපි කාගේත් වගකීම
ReplyDelete++++
+++++++++
ReplyDeleteකුණු වර්ග කරලා වෙන වෙනම බාස්කට් වලට දාන්න කොච්චර ලැස්ති කළත් ඒක කරන්න අකමැති මිනිස්සු අපේ රටේ ගොඩක් ඉන්නවා...
ReplyDeleteඅපි කැම්පස් එකේදී එහෙම පටන් අරගෙන ප්ලාස්ටික් සහ පොලිතින් වෙන් කරලා විකුණුවත් එක්ක...
ලන්ච් ෂීට් තමයි ලොකුම අවුල, ඉඳුල් යන්න හෝදලා වේලලා දෙන්න ඕනේ...
අපේ උන් එහෙන් මෙහෙන් සල්ලි හිඟා කාල මැෂින් එකකුත් අරගෙන මනුස්සයෙක්වත් වැඩට අරගෙන කරගෙන ගියත් මේ වෙද්දී ඒවා නතර වෙලා...
පොලිතින් දෙන්න තැනක් හොයා ගන්න බැරි වෙච්ච එකත් එක හේතුවක් උනා...
දැන් අපේ ඔෆිස් එකෙත් මම එහෙම කසල භාජන වෙන් කරලා තියෙනවා, නමුත් ඒක පවා හරියට කරන්නේ නැහැ. ඉන්න ඔක්කොම ටෙක්නිකල් අංශයේ තරමක් හෝ උගත් මිනිස්සු...
අන්තිමට ඒ වෙන් කරලා තියෙන කුණු වර්ග ආපහු එකට එකතු කරලා තමයි අපේ කුණු එකතු කරන මනුස්සයා අරගෙන යන්නේ...
මිනිහ කියන්නේ අබාන්ස් එකෙන් කොහොමත් ඔක්කොම එකට කළවම් කරගෙන යන නිසාලු එයත් එහෙම කරන්නේ...
අනේ මන්ද මේවා කොහොම වෙනස් කරන්නද කියලා...
///අන්තිමේ අපි කොහොම හරි ඉන්න පිරිස සේරම එකතු කරගෙන මේ වැඩේට බැස්සා.... මමත් ඇතුලුව. වාට්ටුවේ සියලුම කොට් සහ බෙඩ්ස් නම් සේරම පේන්ට් කර ගත්තා.
මුහුණු පොතෙන් පමණක් දැනගෙන හිටි පතිරණ අයියා, තුෂාර, සාරංග, දසුන් ගම්ලත්, කමි සහ බොහෝ දෙනෙක් ස්වේච්ජාවෙන් ඇවිත් අපට උදව් කළා.
එහෙම නොවෙන්න අදටත් අපේ වාට්ටුවේ පරණ තීන්ත කෑලි කැඩෙන දරුවන් දත් ගහනකොට ඒවා බඩට ද යන අර පරණ තීන්ත ඇති ඇඳන් ළඳරු කොට් තියෙන්නට පුළුවනි.///
වැඩේ හොඳයි...
මේ සම්බන්ධව ඒ තරම් අදාළ නොවුනත් අහන්න ප්‍රශ්නයක් තියෙනවා...
ඔය ගාපු තීන්ත වර්ගය මොනවද, ළමයින්ට කැවුනට අවුලක් නැති තීන්ත වර්ගයක්ද රෝහලෙන් අරගෙන දුන්නේ...
නෑ. ලෙඩ් ෆ්‍රී එකක් නෙවෙයි නෝමල් එනැමල් එකක් ස්ප්‍රේ කරේ.. ඒ උනාට ස්ප්‍රේ කරපු අලුත පතුරු ගැලවෙන්නේ අඩුවෙන් නිසා ළමයින්ගේ අත්වල හා කටේ ගෑවෙන්නේ අඩුවෙන් මගේ හිතේ..
Deleteඅපොයි ඔළු කන්තෝරුවේ මහත්වරුන්ට කුණු වෙන්කරන්න පුරුදු කරන්න අපි කන කට්ටක් මේ දවස්වල .. :(
///නෑ. ලෙඩ් ෆ්‍රී එකක් නෙවෙයි නෝමල් එනැමල් එකක් ස්ප්‍රේ කරේ.. ඒ උනාට ස්ප්‍රේ කරපු අලුත පතුරු ගැලවෙන්නේ අඩුවෙන් නිසා ළමයින්ගේ අත්වල හා කටේ ගෑවෙන්නේ අඩුවෙන් මගේ හිතේ.. ///
Deleteලෙඩ් විතරක් නෙමේ බං. ඕවයේ ගොඩක් විෂ රසායන තියෙනවා...
පේන්ට් අළුත ගෑවත් පොඩි උන් ඕවට දත ගහනවා...
ඒ මට්ටමට හිතන්න සහ වියදම් කරන්න තරම් අපි පෝසත් රටක් නොවෙන එකයි අවුල...
බියර්/පෙප්සි කෑන් වල ඇතුල් පැත්තේ ගාන්නේ විෂ නැති පේන්ට්, හැබැයි එළිය පැත්තේ ගාන්නේ විෂ සහිත පේන්ට්...
ගොඩක් කෑන් ඕපන් කරද්දී ඒකෙ පුංචි තහඩු කොටසක් දියරය තියෙන පැත්තට ගිහින් දියරය සමග ගැටෙන එකට සහ කට තියල බොද්දි විෂ සහිත තීන්ත කොටස ස්පර්ශ වීම ගැන කතිකාවතක් ඇති උනා...
ඊට පස්සේ තමයි පෙප්සි වගේ කෑන් වර්ග අරිද්දි ඒ අරින තහඩු කොටස උඩට ඇදලා සම්පුර්ණයෙන්ම ඉවත් කරන ඇසුරුම් වර්ගය වෙළඳ පළට ආවේ...
හැබැයි මම රට ඉඳල එද්දිත් ඒ කෑන් වල එළියේ පේන්ට් වර්ගය වෙනස් කරලා තිබුනේ නැහැ, දැන් කොහොමද දන්නේ නැහැ...
කසළ කළමනාකරණය ගැන ඉගෙන ගන්න නම් බොහෝ දෙනෙක් රජයේ වියදමින් විදේශ ගත වෙලා තියෙනවා.හරි වැඩපිළිවෙලක් නැති වුනාට.කුණු ගැන වගකීම එක පිරිසකට පමණක් නෙමේ හැමෝටම තියෙනවා.මේ ප්‍රශ්නයේ අපිත් කොටස්කාරයෝ.අඩු වැඩි වශයෙන් අපිත් මේකට වගකියන්න ඕනේ.
ReplyDeleteරජයත් මේයට වඩා වැඩි අවදානයක් මේ වෙනුවෙන් දෙන්න ඕනේ.පරිසර ඇමතිකම තියන් නිකම් ඉඳලා වැඩක් නැහැනේ ජනාධිපතිතුමා.
කුණු නොකියා අපද්‍රව්‍ය කියල කිව්වොත් ටිකක් ලස්සන නිසා එහෙම ලියන්නම්.ලංකාවේ අයගේ මේ ගැන තියන ආකල්පය වෙනස් වෙනකම් මේ අවුල එහෙමම තියෙයි.ඔබ බටහිර රටවලදී දැකලා තියන ක්‍රමය අපේ රටේ නම් පටන් ගන්න තව පරම්පරා කීපයක් යයි.පහුගිය දවස්වල කොලඹ නගර සභාව ඔය අපද්‍රව්‍ය වෙන වෙනම එකතු කරන්න පටන් ගත්තනේ.කිරුලපන ඉන්න යාලුවෙක් ඒ ගැන කිව්වේ මේක මහ වදයක් ඔවා වෙන් කරන එක කියලා.මතකද ලංකාවේ නීතියක් දැම්මා මෝටර් සයිකල් වල හෙඩ් ලයිට් දාගෙන යන්න ඕන කියලා .ඒකට දැන් මොනවද වෙලා තියෙන්නේ? ඔය නීතිය ගැන මොටර් සයිකල් පදින අය කීප දෙනෙක්ගෙන් ලැබුන ප්‍රතිචාරය තමයි "හෙඩ් ලයිට් එක හැම තිස්සේම දාගෙන ගිහින් බල්බ් එක ඉක්මනට පිච්චුනහම ආන්ඩුව සල්ලි දෙනවද එකක් ගන්න කියලා.ඔබට පුලුවන්නම් ඔය ප්‍රතිකාර ගන්න එන ලමයින්ටවත් මේක පැහැදිලි කරලා දෙන්න.
ReplyDeleteමන් වැඩකරන්නෙ බම්බලපිටියේ.හැබැයි අපේ ඔෆිස් එකේ කුණු නම් ඔය විදියට තමයි වෙන් කරලා ගන්නෙ. එහෙම නැත්තම් කුණු එකතු කරන අය ඒවා ගන්නෙ නෑ(අබාන්ස් එකේ සර්විස් එක තමයි මේ පැත්තෙ වැඩ කරන්නෙ). අපි කෑම කෑවත් ලන්ශීට් එක වෙනම භාජනෙකටයි,පත්තර කොලේ වෙනම භාජනායකටයි, ඉදුල් ටික වෙනම භාජනේකටයි.භාජන තුනකට දානවා. මේවට නීතිමය තත්වයක් ගෙනැල්ලා දඩ ගසන තැනට ගේනවනම් ඒක හුගක් හොද දෙයක් වේවි...
ReplyDeleteනංගි ගේ මේ සටහන කියෙව්වේ අද වැඩ ඇරිලා ගෙදර ඇවිල්ල...උදේ ගියා රැස්වීමකට සෞඛ්‍ය අමාත්‍යාංශයට ...එතන කැන්ටිමේ...අප ද්‍රව්‍ය කළමනාකරණය කොහොමට ඇත්ද කියන්නකෝ......ඔක්කොම කුණු ඉදුල් එකම භාජනයට.....කිසිම වෙන් කිරීමක් නැහැ...ඉතින් එතනත් ඔහොම නම අපි කොහොම මේ රටේ ලොකු තැන් ගැන හිතන්නද
ReplyDeleteඒවා ගැන නම් කළකිරෙනවා නේ. කොටින්ම තැන් තැන් වල මේස පුටු ගොඩ ගහලා... පිරිස වැඩ කරන හැටි දැක්කමත් එහෙමමයි
Delete++++++
ReplyDeleteතමන් උපන් රට ආලෙන් රැකිය යුතුයි
ReplyDeleteළමුන් හටත් දැන් මෙය පැහැදවිය යුතුයි
අනුන් පිටම හැම වැරදිම නොදිය යුතුයි
තමන් වෙසෙන පරිසරෙ ගැන සිතිය යුතුයි.....
ජයවේවා!!!
හරියට හරි දුමී...
Deleteඇත්තටම අපි හරි කම්මැලි ජාතියක්. වැඩක් කරන්න ගියාම යන්තම් උඩින් පල්ලෙන් කරලා දාල නිදහස් වෙන්න කොහොම පුරුදු වුනාද මන්ද.. රටේ ජාතික ප්‍රශ්න වෙන තරමට අපේ ඒ ගතිය ඔඩු දුවල. නායකයාද ඒ ජාතියේම වුනාම තව කවර කතා ද
ReplyDeleteමිනිස්සු වගකීම් මොනවද කියලා තෝරා ගන්නකන් මේවා ප්‍රශ්න තමයි
ReplyDeleteමේකට මුලින්ම දඩ ගහල හරි යන්නේ නැහැ.
ReplyDeleteකුණු වෙන්කරන ක්‍රමය කියා දීලා, ඒක හරියට කරන අයට මුලින් තෑගි දෙන්න ඕනේ.
එතකොට අඩුම ගානේ පොඩි පහේ දිරිගැන්වීමක් වෙනවා වැඩේ පටන්ගන්න.
සල්ලිම ඕනේ නැහැ, වරක් ඉස්පිරිතාලේ හෝ රජයේ ආයතනයක පෝලිම නැතුව තමන්ගේ වැඩේ කරගන්න.
මාස හය හතක්, අවුරුද්දක් ගියාට පස්සේ බොහෝ දෙනා පුරුදු වේවි අන්න ඊට පස්සේ පුළුවනි නීති දාල දඩ ගැහිල්ල කරන්න.
මට හිතෙන්නෙ මිනිස්සු බය වෙන්නෙ දඩයට සහ දඬුවමට !
Deleteමීට අවුරුදු කීපයකට කලින් කැලණිය විශ්වවිද්‍යාලයේ පොලිතින්, කාබනික ද්‍රව්‍ය, වීදුරු වගේ දේවල් දාන්න වෙන වෙනම භාජන තිබ්බා. හවසට කුණු එකතුකරන ට්‍රැක්ටරේ ඇවිත් ඒ ඔක්කොම එකටම දාගෙන ගියා.
ReplyDeleteඒක තමයි හැම තැනම සිදු වුනේ... මූලිකම ක්‍රමවේදයක් නැතිව අපි කොහොම වෙන්කරත් වැඩක් නෑ
Delete