Saturday, May 14, 2016

මිහිමඬලේ දරුවෝ - why plant ?


මේ ලෝකේ පවතින්නේ සොබාදහම නිසා. පොඩ්ඩක් හිතන්න අපි හුස්ම ගන්න ඔක්සිජන් ටික අපිට නැති උනොතින් මොකද වෙන්නේ කියලා ?මේ කියවන ඔබම හිතලා බලන්න !
පෙනහළු අකර්මණ්‍ය වුනු හුස්ම ගන්න අපහසු රෝගීන්ට ඔක්සිජන් සැපයූ විට ඔවුන් බොහොම පහසුවෙන් හුස්ම අරගෙන යථා තත්වයට පත් වෙනවා. ඔවුන්ගේ නම් පෙනහළු දුර්වල වීම නිසයි එහෙම වෙන්නේ... නමුත් මහ පොළොව ? මහ පොළොවේ පෙනහළු වෙන්නේ මේ ගහ කොළ .

හැකි තරම් වනාන්තර කපා කොටා ගෙවල් දොරවල් හදා ගන්න නමුත් ජීවත් වෙන්න අපිට අත්‍යාවශ්‍යම ඔක්සිජන් ටික, පිරිසිඳු වාතය ටික ලබාදෙන ගස් වැල් කපා විනාශ කරමින් මිනිසා අද ඔහුගේම විනාශය ළඟා කරගෙන අවසානයි. අකලට වැසි, මහා නියං කාල, නාය යෑම් ස්භාවික විපත් කරදර , මේ දේවල් වලට හොඳින් මුහුණ දෙන්න ක්‍රමයක් නැත්තේ අපේ ඒ ජීවිතාරක්ෂක පද්ධතිය හෙවත් life guard සිස්ටම් එක වන ස්වභාවික පරිසරයම අපිම විනාශ කර ඇති නිසා. 



ඉන්පසු බලන්න ඔබෙන් මේ ලෝකෙට වෙන්න ඕනෑ යුතුකම කවරාකාරද කියලා. වත්තේ පිටියේ තියෙන ගස් කොළන් කප කපා කොන්ක්‍රීට් පුරවන නාගරික ගෙවල් දොරවල් මා අනන්තවත් දැක ඇත. මේ ගිනි කාෂ්ඨක අව්වෙන් මද සිහිලසක් ලැබෙන්නේ අපට ගස් කොළන් නිසා බව මම, ඔබ අත් දැකීමෙන් දන්නෙමු. 

කිසිවක් බලාපොරොත්තු නොවී ඔවුන් මේ කරනා සේවය මහෝඝයකි. හරියට අම්මා කෙනෙක් වගේ මහ පොළොව අපට ලබා දුන් හුස්ම ටික, හද ගැස්ම දැන් .. මිය යමින් සිටිය ඇය ජීවත් කරවන්නට මේ දරුවන් ලබා දෙන්නේ අපි සියල්ලන්ටම මහත් වූ ආදර්ශයක් සපයමිනි. 

වැසි වනාන්තර විකිණීම, කැලෑ හෙළි කිරීම,  පරිසර පද්ධති විනාශ කිරීම ගැන අපි තරුණ කාලේ ඒ තරම්ම කතා බස් ඇති වුනා සමහරු වැඩ කලා. නමුත් මේ බැක් ටු ග්‍රීන් දරුවන් කරන කාර්යය තරම් ඒ ගැන උනන්දු වුන සමාජ සත්කාරයක් සිදු වුනේම නැති තරම්.

…මහ පොළව කියන්නේ අම්මා කෙනෙක්. එයාට දඩබ්බර නොසන්ඩාල දරුවෝ වගේම බොහොම ආදරණීය දරුවොත් ඉන්නවා.... ඒ ආදරණීය දරුවෝ හෙවත් මිහි මඬලේ දරුවෝ ඉන්නේ සුළු ප්‍රමාණයක් !
සැරින් සැරේට මිහි මඬලේ දරුවෝ එළි බහිනවා. ඒ අය මේ හැම දෙයක්ම පුළුවන් විදියකට රැක ගන්න බලනවා… මා මේ හරිත ලොවක් තනන්න වෙර දරණ මේ දරුවන් දකින්නේත් ඒ විදිහට. මේ තරම් ගස් වැල් සිටවනවා පමණක් නොවේ. ඒවා රැක බලා ගන්න විදිවිධාන ක්‍රමෝපායන් සකස් කරනවාත් ඇති.


“How can you buy or sell the sky, the warmth of the land? The idea is strange to us.If we do not own the freshness of the air and the sparkle of the water, how can you buy them? ” Chief Seattle, 1854
මහ අහසත්, මහ පොළොවේ උණුසුමත් මිලදී ගන්නේ කොහොම දැයි රතු ඉන්දියානු නායක සියැටල් ඉංග්‍රීසි ආණ්ඩුවට ලියූ ලියුමක සඳහන් වෙනවා. වාතයේ පිරිපුන් නැවුම් බවත් ජලයේ පිරිපහදු දිස්නයත් අප මිලදී ගන්නේ කොහොමද ? ඔහු විමසනවා…

"හුස්මක වැදගත් කම ඔක්සිජන් වල වැදගත්කම රෝහලකට ඇවිත් පෙනහළු අකර්මණ්‍යව පණ අදින ලෙඩෙක් ගෙන් බලා ගත්තොත් .. එදාට ඔබත් පැලයක් හිටවයි අනිවාර් යයෙන් "

පරිසරයට බද්ධ වෙච්ච අයට ගහකින් කොළයක්වත් මලක්වත් කඩන්න හිත් දෙන්නේ නෑ. ඒක ඒ අයට තමන්ගේම අත පය කපාගන්නවා වගේ දැනෙන්නේ…
මේ ගහකොළ ඇල දොල නැති වෙච්චි දවසට අපිත් මෙහි සිටින එකක් නම් නැති වෙයි. මේ ලෝකය කොයිතරම් මුඩු හිස් තැනක් වේවිද.

පරිසරය සුරකින්නන් වෙනුවෙන් මෙසේද ලියා තබමි.

We love you all and owe you a lot for doing this for our children ! You will be remembered through heart beats and breaths of the future generations ! Thank you !

ඔබ සැමට අපි ආදරෙයි. ඒ ඔබ අපි හැමෝම වෙනුවෙන් මේ දේවල් කරන එකට. අපේ දරුවන් වෙනුවෙන් මේ දේවල් කරන එකට.
ඔබ සැම මිලියන බිලියන ගණනාවකගේ හුස්ම තුල , ජීවිත තුල, හර්ද ස්පන්දන තුල රැඳේවි.
ඔබ මේ කරන හරිත විප්ලවය මතු දිනක ලොවක් ජීවත් කරවාවි.
ඔබට බොහොම ස්තූතියි !

“Man did not weave the web of life – he is merely a strand in it.
Whatever he does to the web, he does to himself.”
Chief Seattle, 1854.

10 comments:

  1. When reading the post I remembered following two quotes.. Good luck.

    "I go to nature to be soothed and healed and to have my senses put in tune once more.. "

    "The essence of gratitude is a law of nature that never cease tk offer its vibration..."

    ReplyDelete
  2. මම වෙද සිසුවෙක් කාලේ මහමෝදර හොස්ටල් එකේ අලිපේර ගස් තුනක් හැදුවා .. ඒ ගස් තුන තවම හොස්ටල් එකේ මැද මිදුලේ තියෙනවා.. ගියපාර ලංකාවට ආපු වෙලේ මගේ හිටපු රූමා මාව එක්කන් ගියා ගස් ටික පෙන්වන්න... ඒවා දැන් හේන රූස්ස ගස්...

    ReplyDelete
    Replies
    1. ඔබත් හරිත විරුවෙක්... කිසිවක් බලාපොරොත්තු නොවී මහ පොළොවට අනාගත දරුවන්ට ඉතිරි කළ හොඳම දෙය තමා ගහ කොළ...

      Delete
  3. ඉන් පස්සේ හිටපු හැම කුලී ගෙදරකම පැල හැදුවා .. ඒවායේ ඉද්දි කෑමට ගෙනෙන පළතුරු වර්ග වල ඇට පල කරලා දෙළුම්, අඹ , දුරියන් වගේ ගස් හිටෙව්වා අපේ මහා ගෙදරත් මගේ බිරිඳගේ මහා ගෙදරත්...

    ReplyDelete
  4. මම මේ ව්‍යාපෘතියට සම්බන්ධවෙලා ගස් හිටෙව්වෙ නැතත් පෞද්ගලිකවම ගස් හිටවලා තියෙනවා ඉඩක් නැතිවෙන තරමටම. ඒ එක්කම ඒ ගස් ‍රැකගන්නත් පුදුම කැපවීමක් කරලා තියෙනවා.

    ඔය දැනුවත් කිරීම විදුලි බල මණ්ඩලේටත් කරොත් හොඳයි කියලා මම යෝජනා කරනවා.

    මම එහා ගෙදර පොරව මග අරිනවා. හේතුව ඇහුවොත් අනිත් කොණ පුදුම වෙයි. පොර මාව දකින ගානෙ මට යෝජනා කරනවා මගේ වත්තේ තියෙන රඹුටං ගහ කපන්න. ඒකෙ අතු තියෙන්නෙත් මගෙ පැත්තටමයි. එයාගෙ පැත්තේ ඒවා ඔක්කොම කපලා. ඒත් ඒ ගහ ලොකු වැඩිලු.

    ReplyDelete
  5. අපි කොච්චර දැන් මේ ගැන කිවුවත් මිනිස්සුන්ට දැන්නේ නෑ. තව කල් යන්න ඕන තේරෙන්න. එතකොට පමා වැඩියි.

    ReplyDelete
  6. අපිත් ඒ අභියෝගයට සම්බන්ධ වුණා.. ඔවුන් කරන්නෙ නම් හරිම වටින වැඩක්!

    ReplyDelete
  7. ඉවක් බවක් නැතුව ගස් කපනවා කියන්නේ සියදිවි නසා ගැනීමක් තමයි.

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !