බොහෝ කෘෂ කේඩෑරී ශරීරයක් ඇති ඔහු ගේ පපුවේ මහන්සිය පපුව ගැහෙනවා හයියෙන් හයියෙන්.. ඇඟට පණ නැහැ වැනි ප්‍රශ්න ගණනාවක් සමගම කරන ලද පරීක්ෂා සහ රසායනාගාර වාර්ථා ඊසීජී එක්ස් රේ.. මේ සියල්ල අවසානයේ... ඔහුගේ රුධිරගත පොටෑසියම් අගය බොහෝම පහළ අගයක තිබෙන බව සොයාගන්නා ලදී.
"ඉක්මනින් මට මොනවා හරි දෙන්න ගෙදර යන්න" ඔය වගේ ඉල්ලීම් එක්ක
"තව මොනවද මේ ලේ ගන්නවා ගන්නවා , කූඩැල්ලෝ වගේ " ටිකක් සැර නොරුස්සනා කියුම් එක්ක.
"ඔබේ ශරීරගත පොටෑසියම් අගය අඩු නිසා ඒක වැඩි කරන්න මෙන්න මෙහෙම කරන්න ඕනේ " කියා විස්තර කිරීම අසන්නටවත් ඔහුට උවමනාවක් උනේ නෑ.
"මොනවා හරි දීලා ඉක්මනින් මාව ගෙදර යවන්න " ඔන්න ඔහොම කියන්න විතරයි ඔහුට පුළුවන් වුනේ.
රුධිරගත පොටෑසියම් කීවම ඔබ අපි අහලා දන්නා පොටෑසියම් ගැනම තමා මේ කියන්නේ K + , ශරීරයේ වැදගත් සංඝටකයක් ! ඉතින් පොටෑසියම් අඩු වෙද්දී අපට දැනෙන අමාරුකම් අතරේ මම ඉහත කියූ දේ ත් තිබෙනවා. මේකට හේතු ලෙස, ඇල්ඩොස්ටෙරෝන් නම් හෝමෝනයක වැඩි වීම. (ඇඩ්‍රිනල් ග්‍රන්ථියෙන්) වගේම පිච්චිම්, පෝෂන ඌනතා , ශරීරයෙන් තරල ඉවත් වීම් , පාචනය , බඩ යෑම වමනය, දියවැඩියා රෝගය ආශ්‍රිත කීටෝඇසිඩෝසිස් තත්වය ආදිය මෙන්ම දිගු කාලීනව පවතින වකුගඩු රෝගය ද හේතු වෙනවා. පොටෑසියම් වැඩි වෙන්නත් පුළුවන් ! එහෙම වෙන්නත් වෙනම හේතු ටිකක් තියෙනවා.
ඔහුගේ මේ රෝගී තත්වයට හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගයේ මුල් අවදිය සහ පෝෂනයේ දුර්වලතා කියලයි අවසානේ තීන්දු වුනේ. ඒවෙනකොට ECG පටියේද පොටෑසියම් අඩු වූ විට පෙන්වන්නාවූ වෙනස් කම් දකින්න ලැබුනි.
පොටෑසියම් ද්‍රාවන ලෙස ශරීරයට ඇතුල් කළ යුතුය. එක් දිනක් තුල ඔහුගේ අඩුව පුරවන්නටද නොහැකි ය. එය ක්‍රමාණුකූලව දිනකට නියමිත ගණන හදා ඇතුල් කළ යුතුය. ඉතින් පළමු දවසේ සහ දෙවෙනි දවසේ යන්තම් ඔහුගේ ඇනුම් බැනුම් චෝදනා එක්ක හරියට අපිට හොඳක් කරගන්නවා වගේ අවශ්‍ය ප්‍රතිකර්ම කරා. තුන්වෙනි දවසේ නම් ඔහු හොඳටම නොසන්සුන්... දහවල් දෙක පසුවෙද්දී පුරුදු නෝක්කාඩු සේරම එකපිට එක අප වෙත දමා ගහන්න සැරසුනා.
"මට දුවලාම තුන්දෙනෙක් ! එයාලට කන්න අඳින්න දෙන්නේ ඔයාල ද? " ඔහු දැඩි හඬින් කියවන්නට විය.
"හැමදේම කරන්න ජීවත් වෙලා ඉන්න එපැයි " විශේෂඥ වෛද්‍යවරිය පවා ඔහුට බොහෝ අවවාද කරන බව අපි දුටිමු.
"පොටෑසියම් අඩු නෙමෙයි නැති වුනත් කමක් නෑ. " ඔහුගේ කන්දොස්කිරියාවත් නුරුස්සනා බැල්මත් අඩු නොවී ය.
"දවස් කීයක කුලී වැඩ මට මග හැරෙනව ද?" ඔහු තව දිනක් දෙකක් හිටියානම් මීට වඩා අසාධ්‍ය තත්වයෙන් තමා රෝහල් ගත වෙන්නේ. ඒ බව ඔහුට වැටහෙන්නේ නෑ.
ඉන්පසු එළඹුන සවස් කාලයේ තමා සන්තක සියල්ල අහුරා ගත් ඔහු..."කරුණාකර මේ කටුව ගලවන්න මම මගේ කැමැත්තෙන් පිටවී යනවා"
අපට අවසාන නිවේදනය කළේය.
"වෛද්‍ය අවවාද වලට විරුද්ධව මම මාගේ කැමැත්තෙන් පිටව යමි. රෝගය ගැන අවධානම දනිමි. මම සියල්ලෙහි වගකීම දරමි" ඔන්න ඔය වගේ මට මතක . එහෙම එකක් ලියලා අස්සන් කරලා ඔහු අපට බැන බැන යන්නට ගියේය. මෙවැනි රෝගීන් බොහෝ හමුවේ. යන්තම් සුවයක් දැනුනු ගමන් වාට්ටුවෙන් පිටවීමට මග බලමින් සිටී.
"මම නම් හිතන්නේ හදිසි ප්‍රතිකාර අංශය හරියේදී ආයේ අසාධ්‍ය වෙයි කියලා... ගියොත් නම් තව අමාරු වෙයි.. සමහර විට !" අපි එකිනෙකා කතිකා කරගත්තෙමු.
එහෙත් ඔහු නැවත පැමිණියේ නැත.
පොටෑෂියම් ටැබලට් තියෙනවා නේද?
ReplyDeleteමේ දිණ තුන තුළ කවුරුද් ඔහුව බලන්න ඇවිත් නැති එකෙන් කියවෙන්නේ පවුලේ ලොකු ප්‍රශ්නයක් ඇති බවයි. අනිවාර්යෙන්ම එ නිසායි ඔහු පිටවී යන්න ඇත්තේ.
හැබැයි සමහරු ඉන්නවා හොස්පිටිතාලේ යන්න අකමැති. වසර 1903 ඉපදී, 1998 දී මිය ගිය මගේ ආච්චී ජීවිතේට හොස්පිටිතාලෙකට හෝ දොස්තරෙකු ළඟට හෝ ගිහින් නැහැ. ඇගේ දරුවනුත් ඇයව බලහත්කාරෙන් රැගෙන නොගිය නිසා ආච්චී තම ජීවිතයේ අවසාන වසර කිහිපයම ගෙව්වේ කැටරැක්ට් නිසා සහමුලින් ම අන්ධ වෙලායි.
මෙතන සාමාජීය, ආර්ථික ප්‍රශ්ණයකුත් තියෙනවා නේද? "මම දවසක් ගෙදර නතර උනොත් කව්ද ගෙදර මිනිස්සුන්ට කන්න දෙන්නෙ" කියන.
ReplyDeleteමේ වගේ ප්‍රශ්ණ විසඳෙන්නෙ හැමෝටම සමාජ සාධාරණත්වය ලැබුන දවසකයි. බිය සැක හදිසිය නැතිව මිනිහෙක් ඉස්පිරිතාලෙක නතරවෙලා බෙහෙත් ටික අරගෙන සම්පූර්ණ සුවයක් ලබලා ගෙදර යන්නෙ, ඔහුගේ පවුලට අවැසි උදව් ඔහු වැඩක පලක නොයෙදුනත් ලැබෙනවාය කියන පසුබිමක් සෑදුන කාලෙක පමණයි.
රටක්, සමාජයක් හැටියට අපි කොපමණ දියුණුද කියලා මනින්න ඕනෙ අපේ සමාජයේ අසරණම ස්ථරයට අපි දක්වන ආදරය, රැකවරණය, අත දීම මතයි.
රටකට හරියන ප්‍රතිපත්ති සම්පාදනය කරන එක පැත්තක තියලා, ඇමති කෙනෙක් උනාම රුපියල් මිලියන 7 ක කාර් එකක් ඉල්ලන, පටු අදහස් ඇති දේසපාලුවො ඉන්න රටක් ඔය තත්වෙට එන එකනම් සිහිනයක් පමණයි!
මේ ලඟදි මමත් පොටෑසියම් කතාවක් ලිව්වා. කටු ගැසීම කියලා. ලංකාවේ අපි ලෙඩ වුනාම බලන්න කෙනෙක් එනකන් ඇඟිලි ගැන ගැන නේ ඉන්නේ..//"දවස් කීයක කුලී වැඩ මට මග හැරෙනව ද?" // තම සුවතාවය පසෙකලා අඹු දරුවන් වෙනුවෙන් මේ ගැනත් හිතන අය ඉන්නවා.. "හොලිස්ටික් / මල්ටි ඩිසිප්ලිනරි ඇප්රෝච් " අවශ්‍ය වන්නේ මේ වෙලාවටයි...
ReplyDeleteඑකම කතාව අක්කෙ හැම තැනම. ගිය සතියෙ පොඩි cellulitis එකක් එක්ක ආව කෙනෙක් LAMA ගියා ඔය වගේම. එයා මඩු වලටත් එහා... එහෙ ඉස්පිරිතාලෙකට යනව කියලා ගියෙ මෙහෙ දුර නිසා ගෙදර අයට යන්න එන්න කරදරයි කියලා. ඒත් ගිහින් නෑ. ඊයෙ ආවා හොඳටම septic වෙලා.... ලොකූ WT එකකින් පස්සෙ දැන් නම් හොඳින් ඉන්නව.
ReplyDeleteඒක ඇත්ත නංගී... බරක් පතලක් නොපෙනෙන ජීවිත...
Deleteඒ මනුස්සයාට මොනව වෙන්න ඇද්ද??
ReplyDeleteඑයා ඉස්පිරිතාලෙ හිටියත් හිත තිබිලා තියෙන්නේ ගෙදර.. ගොඩක් ආර්ථික අපහසුතා ඇති.. පවුලේ අය ජීවත් කරන්නේ මේ මනුස්සයා වෙන්න ඇති..
අම්මලා තාත්තලා එයාලට මොනව උනත් දුරවෝ කන බොන එකයි හිතන්නේ.. මේ මනුස්සයත් ඒ වගේ අක්කේ..
මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට අපිත් හෙම්බත් වෙනවා නංගී... සමහර විට ගොඩාක් රෝගය අසාධ්‍ය වෙලා රෝහල් ගත වෙන්නේ
Deleteදුප්පත් හැම තාත්ත කෙනෙක්ම ඔහොම හිතනවා.ගෙදර උන් කන්නෙ බොන්නෙ කොහොමද කියල හැම මොහොතකම කල්පනා වෙනවා. මට හැගෙන විදියට ඔය කියන සිද්ධාන්තය ටිකක් සල්ලි තියෙන පුද්ගලයෙකුට අදාළ වෙන්නෙ නෑ කියලයිත ආර්ථීක මට්ටමින් ඉතා පහළ අභ්‍යන්තරයට ගිහින් බැලුවොත් සත්‍යය එයයි
ReplyDeleteඅපේ රටේ එහෙම සුබසාධන ක්‍රමයක්වත් නෑනේ. රජයේ රෝහල් වලට එන බහුතරයක් වැඩිහිටි රෝගීන් ඉක්මනින් ගෙදර දුවන්නේ ඔන්න ඔය හේතු නිසා...
Deleteඒක හරි සංකීර්ණයි කියල හිතෙනවා...කල යුත්තෙ දුප්පතුන් නැති ලෝකයක් තැනීමයි....ධෛර්යවන්ත පුද්ගලයෙකු ඇති කිරීම මගින් මිසක් හිඟන්නන් ඇතිකිරීමෙන් ඒ දේ කරන්න බෑ
Deleteළපටියා කියනවා වගේ මෙව්වා මේ සමාජ ආර්ථික ගැටළු.
ReplyDeleteජිවිතේ එක්ක රේස් දුවන මිනිස්සු.එක දවසක් නතර වෙන්නේ නැහැ හැමදාම දුවනවා හරියට යන්ත්‍ර වගේ.එහෙම දුවන්නේ තමන් ගැන හිතලා නෙමේ තමන්ගේ දරු පවුල් ගැන හිතලා.
මේ වගේ එදා වේල හම්බ කරන මිනිස්සුන්ට බෙහෙත් නොමිලේ හම්බුනත් වැඩ නොකරන දවස්වලට වැටුපක් ලැබෙන්නේ නෑනේ. සංවර්ධන ඉලක්ක වලදී මේවත් සැලකිය යුතු කරුණු
ReplyDeleteඒ මනුස්සයා ඉස්පිරිතාලෙ හිටියත් තමන්ගෙ ගෙදර ගැන කොච්චර දුකෙන්ද හිතේ කරදරෙන්ද ඉඳල තියෙන්නෙ. පව් ඉතින්. තමන්ගෙ සෞඛ්‍ය ගැනවත් හිතන්නෙ නැතුව ගෙදර අයට කන්න බොන්න දෙන එක ගැන හිතන්නෙ.. :(
ReplyDeleteබහුතරය එහෙමයි නගා... මිනිස්සු කොයි තරම් අසරණ විය හැකිද කියා තේරෙන්නෙ මෙවැනි සිදුවීම් තුලින්
Deleteමුළු පවුලක් ජීවත් කරවීමේ අරගලයක් යෙදී ඉන්න මිනිසුන්ගෙන් වැඩි දෙනෙක්, විවිධ රෝගාබාධයන් ගෙන් පීඩා විඳිනවා. ඔවුන්ගෙන් අති මහත් බහුතරය, එදිනෙදා දන්නා පිළියම් කරගනිමින්, යන්තමින් පණ ගැටගහගෙන, තමන්ට දරන්නට බැරිතරම්, කායික මානසික වෙහෙසට පත්වන, පහල මට්ටමේ රැකියාවල නිරත වෙනවා. නොමිලේ දෙන සෞඛ්‍ය සේවය ලබාගන්නවත්, ඔවුන් මැලිවෙනවා නෙවෙයි, ජීවන අරගලය, ඔවුන්ගේ මනස දැඩිව ග්‍රහණය කරගෙන, ජීවිත රටාව පාලනය කරනවා.
ReplyDeleteඔහුව ඉස්පිරිතාලේ තියාන හිටියේ පොටෑසියම් දෙන්න විතරක්ම නම් ගමේදීම ඒවැඩේ කරන්න පුවවන් ක්‍රමයක් හදාගන්න බැරිවෙයිද, ගම්වල ඉන්නවා සේවයෙන් විශ්‍රාම ගිය සෙබලුන් ස්වෙච්ඡා ප්‍රාජා සෞඛ්‍ය සේවකයන් විදිහට පුහුණකරව ගන්න පුළුවනි. දැනට හමුදාවල භාවිත කරන සමහර ප්‍රථමාධාර එන්නත් අත්හදා බැලීමක් වශයෙන් ගමේ ප්‍රාජා සේවකයන්ට ලබාදීමේ උත්සාහයක් වැළකුනා එම් ඕ එච් ලා ගේ ප්‍රබල විරෝධය නිසා.
ReplyDeleteපොටෑසියම් දීම ඒ තරම් සරල නෑ ඇණයා. ඊටත් පශ්චාත් යුද සමයක පණ තිබුන රෝහල් කිහිපයයි තිබුනේ. සේලයින් හෝ වෙනත් අතුරු ආබාධ එන්නේ නැති ද්‍රාවන නම් දෙන්න තිබුනා එහෙම. පසු කාලීනව මේ ප්‍රශ්නෙ මග ඇරෙන්න ඇති ප්‍රාදේශීය සහ කුඩා රෝහල් පණගැන්වූ පසු.
Deleteරජයේ රැකියාවක් නොකරන හෝ සුපිරි වැටුප් සහිත රැකියාවක නියුතු නොවන්නෙකුට අද දවසේ ලෙඩවීම තහනම්.තමුන්ගෙන් යැපෙන්නන් සිටියි නම් ඔහුට මරණය වඩා සැපදායකයි.අපේ තියෙන එකම සමාජ රැකවරණය වෙන්නෙ හිත හොඳ මිනිස්සු.ඒත් එයාලටත් සීමාවක් තියෙනවා..
ReplyDeleteජයවේවා..!!
තමන්නෙ පවුල හින්ද කී දෙනෙක් මෙහෙම තමන්නෙ ලෙඩ දුක් වලට බේත් ගනන යන්නෙ නැතිව ගොඩ වෙදකමුත් කරගෙන පුලු පුලු වං විදියට කීයක් හරි හොයා ගෙන ඉන්නව ඇතද...
ReplyDeleteපව් ඉතිං අපේ තාත්තල කියන්නෙත අත හෙල්ලුවොත තමයි කට හොල්ලන්න පුලුවං කියල. ඒක ලංකාවෙ හුඟදෙනෙක් සම්බන්ධ සත්‍යක්...
ගෙදර බත සපයන්නා උනාම ඔහොම තමයි... කරුමයකට අපේ රටේ අති බහුතරය ඔහොම තමයි.. පිටරට ඉන්න අයගේ තත්වය ඔයිටත් අන්තයි...
ReplyDeleteඅර පෙට් ස්කෑන් එකක් ගන්න මිනිස්සුන්ගෙන් සල්ලි ඉල්ලනවා... මම අහන්නේ සුපිරි වාහනයට අමතරව තවත් වාහනයක් මන්ත්‍රිවරුන්ට දෙන එකෙන් ඔයින් ස්කෑන් යන්ත්‍ර කීයක් ගන්න පුළුවන්ද...?
නිදහස් සෞඛ්‍යය / නිදහස් අධ්‍යාපනය වගේ කොන්සෙප්ට් යල් පැන ගිය විදිහටම ශුද්ධවූ දේවල් වගේ තියාගන්නෙ නැතුව දුප්පත් අයට විශේෂයෙන් සහනයක් වෙන විදිහට හා සල්ලි තියන අයගෙන් සල්ලි අරගෙන හදන්න ඕනෙ
ReplyDeleteප්‍රශ්න දෙකයි ඉතිරිවෙලා තියෙන්නේ. මම ජීවත් වෙමින් දරුවන්වත් ජීවත් කරවනවාද? නැත්නම් මම ලෙඩෙක්වී දරුවන්ටත් කරදරයක් වෙනවාද? මේ සමාජ ආරක්ශනයක් නැති බොහෝමයක් මිනිසුන්ගේ තත්වයයි. උඩු යටිකුරු විය යුත්තේ පාලකයා නොව පාලන ක්‍රමයයි. ටිකට් කපාගෙන ගෙදර යායුත්තේ ජයසීලන්ලා නොව, ඒ තත්වයට ඔවුන් ඇද දැමු පාලකයන් බව ජයසීලන්ලා වටහා ගන්නා තුරු ප්‍රශ්නයට කොමාවක් මිස තිතක් නැත.
ReplyDeleteඅරූ අයියෙ පෙන්ශන් එකේ වටිනාකම දැනෙන්නෙ ඔතනදි.. ඒකනෙ මිනිස්සු නොකරනා බලු වැඩ කරලා හරි රජයේ රස්සා හොයන්නෙ.පෙන්ශන් නැති කරනවා නම් අවශ්‍ය සාමාජීය වටපිටාව හදල ඉන්න ඕනෙ.
Deleteගස්ලබ්ස්.....පෙන්ශන් එක නිසා තමයි අඩුම ගානේ සිල්ලර කඩේ ණය පොතවත් පියවලා දාන්නේ.
Deleteවකුගඩු රෝගයද මේ පෙදෙස් වල බහුලය///// මේකට එක් හේතුවක් වල් නාශක ගහන්නේ මාස්ක් නැතිව , වල් නාශක ගහලා ටැංකිය හෝදන්නේ වතුර බොන වැවේ
ReplyDeleteසංවේදී වගේම වටිනා ලිපියක් ! ස්තුතියි !
ReplyDelete//දවස් කීයක කුලී වැඩ මට මග හැරෙනව ද?//
ReplyDeleteජයසීලන්ලට විතරක් නෙමේ, අපිටත් තත්වෙ ඔමම තමයි. මාසෙ පඩියට වැඩ කරපු කාලෙ නං මෙඩිකල් කවර් එකයි නිවාඩුයි තිබ්බ. දැං ඒ මොකවත් නැති නිසා අමතර එක දවසක්වත් වැඩ නොකර නාස්ති කරගන්න බෑ