Thursday, July 5, 2012

හොඳ නරක , Some doctors are mad !





අපි අනිත් කොණ ඉන්දෙද්දී කරපුවා ලියද්දී කාට උනත් හිතෙන්න පුළුවන් අපි පම්පෝරි ගහනවා කියලා… ඒක ගැන නම් අනේක වාරයක් සමාවෙන්න. ඉන්න තැන වෙනසක් කරන්න පුළුවන් කෙනෙක් හැටියට මේවා ලියන්නේ අපි මෙහෙමත් කලා කියලා කියන්න මිසක් ලොකු කමකට නම් නෙමේ. 

අපි අනිත්කොණ රෝහලේ ඉන්නකම් පටන් ගත්තු පෝයදා බණ සඳහා වැඩම කළ පන්සලේ පොඩි හාමුදුරුවෝ හැම තිස්සෙම කිව්වේ මේ තරුණ දොස්තර මහත්තුරු නෝනලා ටික , මග මානවකයෝ වගේ කියලා. මොකද ඒ පැත්තේ අවුරුදු 40 පුරා කරගන්න බැරිව තිබ්බ බොහෝ සමාජමය දේවල් අප සුළු පිරිසකගේ එකමුතුවෙන් සිදු වුන නිසා. පින්තූර සහ විස්තර වැඩියෙන් ලියන්න තිබ්බා නම් හොඳයි නමුත් පින්තූර සහිත ලැප්ටොප් එක අඩපණ වී ඇති නිසා එය අළුත්වැඩියාවට දුන්නෙමි. එය යථා තත්වයෙන් ලැබුනොතින් පින්තූර සමග මින් පසු විස්තර වැඩියෙන් ලියන්නම්.

“පුළුවන්ද මට උදව්වක් කරන්න” මා සමග වැඩ කරන තවත් යහළුවෙක් වන ඩොක්ටර් අපේක්ෂා හදිසියේම කෝල් කලා.

“ඔයානේ මේ සති අන්තේ ගෙදර යන්නේ, ඒ වෙනුවට මට යන්න දීලා සෙනසුරාදා තියටර් ලිස්ට් එක ඔයා කරනවද?” සාමාන්‍යයෙන් ශල්‍යකර්ම වලට ඉතා යුහුසුළුව සහභාගි වන අපේක්ෂා මගෙන් එහෙම ඇහුවම මට දැනුනේ පුදුමයක්.

මම සිද්ධිය පස්සේ කියන්නම්…. ඇය මට කීවාය.

කොහොම හරි දින හුවමාරුවෙන් පසු ශල්‍යාගාරයේදී එක් රෝගී කතක් ඇගේ ශල්‍ය කර්මයට ප්‍රථම මගෙන් විමසුවේ ඩොක්ටර් අපේක්ෂා ඉන්නවද කියාය.
පසුව මම අසා දැන ගත්තේ ඉහත සඳහන් ස්ත්‍රිය අපේක්ෂාගේ ඥාතී කෙනෙක් බවද, අපේක්ෂා ඉගෙන ගන්නවාට ගොඩක් කරදර කළ කෙනෙක් බවය.

“ඒ ලෙවල් කරන කාලේ නිතරම ඒ නැන්දා කිව්වේ… සයන්ස් කරලා මොකටද ? නාකි වෙන්න වෙන්නේ ගෙදරටම, කැම්පස් යන්න නම් එපා. කියලා. මම මෙඩිකල් ෆැකල්ටි ඉන්න කාලේ, එයාගේ දුවට බලෙන්  බයෝ කෙරෙව්වා ඒ ලෙවල් වලට ඒළමයා පාස් වුනේම නෑ. අන්තිමට ඒ නංගි කියලා තිබ්බා අපේක්ෂා අක්කට විරුද්ධවනේ මට බයෝ කරන්න කිව්වේ අම්මා කියලා. මම පත්වීම ලැබිලා දොස්තර කෙනෙක් හැටියට සේවය කරන්න පස්සේ අපිත් එක්ක කිසිම ඇයි හොඳයියක් තිබ්බේ නෑ. පස්සෙ කාලෙක ආරංචි උනා, හදි හූනියම් කොඩි වින ගොඩාක් අපිට විරුද්ධව කළා කියලත්. අනේ මම නම් ඕවා ගණං ගත්තෙ නෑ. අපිට ඉන්න එකම පිහිට බුද්ධ ධර්මය විතරයිනේ.”

“කොහොම හරි මේ ඉස්පිරිතාලෙටම ඇවිත් ඇඩ්මිට් උන දවසේ මම දැක්කම එයාගේ මූණ හතරැස් උනා. ඒත් ළඟට ඇවිත් කතා කළා. එයාට කැන්සර් එකක්. අන්තිමට සර්ජරි එකේ මොකක් හරි උනොත් කියයි මම හිතලම මොකක් හරි කළා කියලා.”

අපේක්ෂාගේ කතාව ඇත්තය. කොහොමත් සමහරුන්ගේ ඉරිසියාව නිසා අහස පොළොව නුහුලන අපරාධ කරති. අන්තිමේ ඔවුන්ම දුක් විඳිති.

“මට නම් එයාලා ගැන තියෙන්නේ අනුකම්පාවක්…” අපේක්ෂා අන්තිමට කිව්වා.

“ඔව් ඔයා මග ඇරලා හිටි එක හොඳයි.” අපිට හැඟුනෙත් එහෙමයි.

ගොඩක් මිනිස්සු තමන් ගැන හොයනවාට වඩා අනුන් ගැන සොයති. අනුන්ගේ දියුණුව දැක ඉරිසියා කරති. අන්තිමේ ඒ පවින් තමන්ටම වින කර ගනිති. හොඳ නරක කොහෙත් තියෙනවා. අප සේවය කළ අනිත්කොණ රෝහලේ විශේෂඥ වෛද්‍යතුමා නිතර කියූ දෙයක් නම්.. 

"Some doctors are bad, some doctors are mad, the rest is sad because of previous 2 categories " කියලා.

 "සමහර දොස්තරලා නරකයි. සමහරුන්ට පිස්සු, අනිත් සේරමලා දුකින් අර කළින් කියූ දෙපිරිස නිසා" කොයි තරම් ඇත්තද ? 

17 comments:

  1. ලෝකෙ පිරිල ඉන්නෙ උපදෙස් දෙන අයගෙන්. හැබැයි ඇත්තට උපකාර කරන අය අඩුයි. ඕවා ඔහොම තමයි. තමන්ගේ ටාගට් එක දැන ගිය කෙනාට ඔය කිසිවක් ප්‍රශ්න නෙමෙයි. ලස්සන අදහසක් ඇත්තම එකක් වෙන්න ඇති. කොහොම වුවත් අපෙක්ෂා සොයුරියගේ ධෛර්ය්‍යයට උපහාර කරනවා.

    ReplyDelete
    Replies
    1. හරියට හරි ! ඇයි මෙච්චර බණ අහන රටේ අපරාධ පිරිලා..

      Delete
  2. දොස්තරලට පිස්සු කියන එකනං දැකලා තියෙනවා.ඒ උනත් එහෙම නැති ඈයො කොච්චර ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. මේ මං වගේඅයටනම් හොඳටම පිස්සු ඇති :)

      Delete
  3. අර විශේෂඥ වෛද්‍යතුමාගේ කතාව නම් සහතික ඇත්ත. අපේ සමාජයේ ඔය එක එක හැම ජාතියේම මිනිස්සු ඉන්නවානෙ අක්කේ.. මමත් කියන්නෙ ඔයාගෙ යාළුවා ඒ අවස්ථාවෙ කරපු දේ හරි කියලයි. මොකටද නිකන් බොරුවට නිකරුනේ කථා අහගෙන හිත රිදවගන්නේ

    ReplyDelete
  4. වෙච්ච අලාභ හානි හා දුක් කරදර ගැන පමණක් ලියද්දි අනේ එයා හරි සංවේදී මනුස්සයෙක් යැයි කියන අය සිංහලෙන් කියවන සමාජයේ වැඩියි, ඒ හුරුව එහෙම නිසා ... ඒත් වෙනසක් ඇති කරගන්න වැඩක් කෙරන විදිය ගැන ලියන අයත්, ගැටළු ජයගත් අයගේ අත්දැකීම් වගේ ම ලැබූ ජයග්‍රහණයන් ද කියවන්න අවස්ථාව ලැබෙන්න ඕනා. පම්පෝරි ගැසීමෙන් ඒවා වෙනස් වෙන්නෙ කොහොම ද කියලා කියවන්නා අවබෝධයක් ලබනා දවස එවිටයි උදාවෙන්නෙ.

    දොස්තරලා විතරක් නෙමෙයි ලෝක සමාජයත් අනිත්කොණ රෝහලේ විශේෂඥ වෛද්‍යතුමා නිතර කියූ විදියේ ම අය බව නන් දෙස සැරිසරද්දී දකින්නා වූ සත්‍ය්‍යක්.

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. //ගොඩක් මිනිස්සු තමන් ගැන හොයනවාට වඩා අනුන් ගැන හොයති. අනුන්ගේ දියුණුව දැක ඉරිසියා කරති. ඒ මගින් තමන්ටම වින කරගනිති.//

    මට හිතෙන හැටියට ජීවිතේ යතාර්ථය මේකටයි.

    //සමහර දොස්තරලා නරකයි. සමහරුන්ට පිස්සු. අනිත් සේරමලා දුකින් කලින් කී දෙපිරිස නිසා//

    ඔතන 'දොස්තරලා' කියන වචනේ අයින් කරලා 'මිනිස්සු' කියන ටික දැම්මත් ලස්සන තේරුමක් එනවා.:)

    ReplyDelete
    Replies
    1. කොහෙත් එහෙමනේ පොඩි කුමාරිහාමි... ඔව් මට හිතුනා එහෙම මිනිස්සු කියලා දැම්මත් හරි කියලා ඒත් සර් නිතරම කියන්නේ ඔහොම නිසා ඒ විදිහටම දැම්මා....

      Delete
  7. කතාවේ ඔක්කොම යටපත් කරගෙන මගේ හිතේ ඉස්මතු වෙන්නෙම ඔයාගේ ලිපියේ උඩින් තියෙන පරම සත්‍යය.. හැමදාම එදා දවස ස්මරණය කරලා සතුටුවෙන්න බැරි උනත් එකතැනකට උනදාට එහෙම සතුටුවෙන්න පුළුවන් වෙයි කියල මන් හිතන් ඉන්නවා.

    ReplyDelete
  8. දිල්රුලා පම්පෝරි ගහනවා කියලා හිතන්නෙ මන්ද බුද්ධිකයෙක් වෙන්න ඕනෙ. මම නම් දකින්නෙ අපිට කරන්න බැරි කැපවීමක් කරන තරුණ ජීවිත ටිකක් හැටියටයි. මමත් දුශ්කර සේවය කලා අවුරුදු ගානක්. ඇත්තෙන්ම අපි නම් ඇඟිලි ගැන ගැන හිටියෙ ආපහු ගම්රට බලා යන දවස ගැන. ඒ අපි.

    අපේක්ෂා කරපු දේ හරියට හරි. ඕක හිරේ යන වැඩක් වෙන්නත් තිබ්බා. ඉරිසියා කාරයො බොරුවලවල් කපන්නො කියන එක ඉතින් අපේ සමාජයට අලුත් දෙයක් නෙවෙයිනෙ.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ලියන්නට බැරි වුනේ අන්තර්ජාලයට පිවිසෙන ඩොන්ගල් එක නැති වීම නිසා. බොරු කියන්නේ මොකටද අපිත් බලන් හිටියේ ආයෙ ගෙදර ළඟ පාතකට මාරු වීම ලැබෙනකම්. හැබැයි එකම වෙනස අපි මේ අනිත් කොණට ආවේ කැමැත්තෙන් ඉල්ලගෙන...

      Delete
  9. යහපත් විදියට ලෝකය වෙනස් කරන්න දෙන දායකත්වයන් ගැන ලියන එක, කතා කරන එක පම්පෝරි ගැහිල්ලක් නෙවෙයි... ඒකත් අර වගේම සමාජ සත්කාර්යයක් තමා...

    මගෙත් ගොඩක් කැම්පස් යාළුවන්ට හිටියෙ ඊර්ෂ්යා්කාර, නින්දා පරිභව කරන අසත්පුරුෂ නෑදෑයො... එහෙම කතා අහන හැම වෙලාවකම මට හිතෙනවා මම හරි වාසනාවන්තයි කියල... සත්පුරුෂ ආදරණිය නෑදෑයො අසල්වැසියො, යාළු මිත්රනයො ලබන්න තරම් මම වාසනාවන්ත වෙලා තියෙනවා...

    විවිධාකාර මිනිස්සු ඉන්න ලෝකයක යහපත්, ධෛර්යනන්ත සිතක් ඇතිව ජීවත් වෙන එකත් අභියෝගයක් තමයි ඇත්තටම...

    ReplyDelete
  10. අපූරු ලිපියක්....

    ReplyDelete
  11. අපෙක්ෂා සොයුරියගේ ධෛර්ය්‍යයට උපහාර කරනවා !!!!!!

    ReplyDelete
  12. ඒ අක්කා කළ දේ හරි . දොස්තරගෙ අතේ වැ‍රැද්දක් නැතත් ගොඩක් වෙලාවට වෙන්නෙ බැනුම් අහන්නනෙ. ඉතින් එහෙම තත්වයක් තියෙද්දිත්, මේ සර්ජරි එකේ වැ‍රැද්දක් වුණා නම් අනිවාර්යෙන් කියයි අයේෂා අක්කා මොකක් හරි කළා කියල.
    මිනිස්සු ගොඩක් අයව මනින්නෙ තමගෙ මිම්මෙන්මයි

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !