පසුගිය කොටසෙන් මා ලියූ ලෙස මල්ලී කෙනෙක් (පුනුරුත්ථාපනය වූ හිටපු
ත්‍රස්ත ළමා සොල්දාදුවෙක්) කතා කර ඔවුන්ගේ උත්සවයකට ආරාධනා කරා. ඒ අප විශේෂඥ වෛද්‍යතුමා
විසින් ඔවුන් ගේ ජීවිතද, මනෝ සෞඛ්‍ය පිළිබඳවද ලියන ලද සතුට නැමැති ග්‍රන්ථය දොරට වැඩීමේ
උත්සවයටයි. මා මේ වන විට වෙනත් මහ රෝහලක ජේෂ්ඨයෙක් ලෙස වැඩ කළද ඔවුන්ගේ ඉල්ලීම අහක
දමන්නට බැරි නිසා එහි ගියෙමි.
කොළඹ පැවති එම උත්සවය බොහෝ උත්කර්ෂ ලෙස පැවැත්විනි. මා ශාලාවේ පිටුපස
කොණකට වෙන්නට ඉඳගෙන සිටියේ පෙර දින මෙහි බසයෙන් පැමිණෙද්දී දැනුනු වෙහෙසද සමගිනි. උත්සවය
අවසානයේ පොත් පිළිගැන්වීමේදී, ඔවුන්ගෙන් කෙනෙකු වේදිකාව මතට පැමිණ කියා සිටියේ…යුද්ධයෙන්
බොහෝ සේ බැට කා, අන්ත අසරණ වූ ඔවුන්ගේ ජීවිත නැවත යහමගට ගන්නට අප වූ වෙහෙසද, පෙන්වූ
හරි මාර්ගයද, ඔවුන්ගේ සිතේ තුවාල හොඳ කර අමතක කරවීමට අප දුන් සහයද අති මහත් ය කියාය.
එක සිංහල වෛද්‍යවරියක්, අපට අක්කා කෙනෙක් වී අවවාද උපදෙස් සහ සහයෝගය ලබා දුන්නා. ඇය
නිවාඩු දමා පැමිණ මෙ තැන ඉන්නවා. ඇයට අපි මේ
පොත පිළිගන්නනවා කියාය. මා ඒ හඬින් තිගැස්සුනා. අන්තිමේ අත්පොළසන් මැද වේදිකාව මතට
ගොස් ඔවුන්ගේ අතින් පොතක් මට ලැබුනා. ඔවුන් හා අප අතර බේදය දුරු කරන්නට කදිම මග කුමක්දැයි
මට දැන් වැටහේ.
එක කලෙක , සිංහල අජීර්ණයකින් පෙළුනු සෞන්දරාජා (අනවර්ථ නමකි) මට මතක්
වේ. ඔහුගේ අයියා කෙනෙකු යුද්ධයෙන් මිය ගිය ත්‍රස්ත නායකයෙකි. එනිසාම 40 හැවිරිදි මොහුට
සිංහලුන් පෙන්නනට බැරිලු. මානසික රෝගයකින් පෙළුනු ඔහු රෝගය උත්සන්න වී කායික වෛද්‍ය
වාට්ටුවට ඇතුල් කළ පසු සිංහල කතා කරන සියල්ලන්ටම පහර දුන්න්නේය. එහි නේවාසික වෛද්‍යවරයා,
සුළු සේවකයින් මේ පහර කෑමට ලක්විය. රෝගියෙක් කියා අනුකම්පා කර ඔහු අපේ වාට්ටුවට විගසින්
මාරු කළේය. සිංහලෙන් කතා බස් නොකරන්නැයි අපට උපදෙස් ලැබිනි. දෙමළද යම් තරමකට කතා බස්
කළ හැකි මා සමග සියලු රෝගීන් මිතුරු වී සිටියෝය. මොහුද උදෑසන වෝඩ් රවුන්ඩ් එකේදී බලෙන්ම මා හා කතාවට පැමිණේ.
අපේ පිරිමි සුළු සේවකයින් සහ හෙද සොයුරන් ඔහු වටේ වලල්ලක් මෙන් සිට ගෙන සිටියේ මට ගහන්නට
සැරසුනොත් බේරා ගන්නටය. නමුත් ඔහු ඉදිරියේම අමතක වී හෙදි සොයුරියන් හා හරි හරියට සිංහලෙන්
කතා කරන මට කිසි දිනෙක බැන වැදීමක් හෝ ඔහු
කළේ නැත.
අන්තිමේ වාට්ටුවෙන් බැහැර කෝවිල වෙත යද්දී පොලිස් නිළදාරී මහතෙකුට
සහ නිළදාරිනියකුට පහර දී ඔහු කුදලාගෙන ආවේ මෙහෙම රෝගියෙක් නිදැල්ලේ යැව්වේ ඇයිදැයි
අප වාට්ටු බාර හෙද පාලකවරයාට දෝස්මුරයකුත් සමගය.
අන්තිමේ අප ඔහු මීට එහා පිහිටි මානසික රෝහලට ඇතුල් කරන්නට තීරණය කෙරුවෙමු.
“ඩොක්ටර් ඔච්චර කතා කරලත් සිංහලෙන් කිසිම කරදරයක් කරේ නෑනේ”
“මටත් පුදුම මේ සිංහල ඩොක්ටර් ට කිසිම කරදරයක් නොවුනු එකයි” අපේ විශේෂඥ
වෛද්‍යතුමා පුදුමයෙන් කීවේය.
ඔය අතර.....
"ඩොක්ටර්ගෙත් කං ඇහෙන්නෙ නැති වුනාම තේරෙයි..." කන ඇහෙන්නෙ නැති "කලා" හෙවත් අපේ වාට්ටුවේ සේවය කරන මැදිවියේ සුළු සේවිකාව අපට බනිමින් යයි. දැන්නම්
ඉවසන්න ඔන්නේ සීමාව පනිමින් සිටී.
මීට පෙරද මෙ ආකාරයෙන් වෛද්‍යවරුන්ට බැණ වැදී ඇති
අයෙකි. හෙදි සොයුරියන්ටද එකටෙක කියමින් බැණ වදිනවා මගේ කන වැටී තීබුනි. "මෙහෙ
එන්න" මම ඇය කැඳවූයෙමි. ඇයට කතා කරන්න නම් බොහෝ වැර වීරියෙන් කෑ ගැසිය
යුතුයි. ඒ ඇයට කන ඇහෙන්නේ නැති නිසාවෙනි. ඇය සමග වාට්ටුවේ වැඩ කරන්න සියලු දෙනා
බොහෝ පරිශ්‍රමයක් දැරිය යුතුයි. මන්ද අපි කියන කිසි දෙයක් ඇහෙන්නේ නැති නිසා මොකක්
හරි පිස්සුවක් අන්තිමට කරන නිසාවෙනි. "තමුන් ඉස්සෙල්ලා දැන ගන්න වැඩ කරද්දී
කන ඇහෙන්න දාන්න දෙන උපකරණය පළදින්න. ඒක දාගෙන එන්න " මම මීට පෙරද ඇය හා කතා කර ගත නොහැකි අවස්ථාවක පැවසුවෙමි. “ ඒක දාන්න බෑ ඩොක්ටර්
කන රිදෙනවා” නිතරම කියන නිදහසට කාරණාව එයයි.
වාට්ටුවේ හදිසි අවස්ථා එමටයි. එවිට අරක
කරන්න , මේක ගේන්න. මේක තියන්න. අරක ගේන්න. යැයි නියෝග කරද්දී ඒ දේ ඇහෙන්නේ නැත්නම්
අපට උදව්වට සිටින සුළු සේවකයින්ගෙන් පලක් නැති තරම් ය.
ඇය තවත් මොනවදෝ කියවමින් මා අසලට පැමිණියා
ය.
“ තමුන් තේරුම් ගන්න , අපි දොස්තරලා
අපිට ඕනෙ නෑ කාගෙවත් ආබාධ තත්වයකට හිනාවෙන්න. ලොකු සර් ඇහුවේ ඇයි මේ මනුස්සයගේ කන ඇහෙන්නේ
නැද්ද කියලා විතරයි” මම ඇයට පැහැදිලි කර දුන්නෙමි.
ඇය හතලිස් හැවිරිදි වේ. ඇගේ ස්වාමි පුරුෂයාට
සහ ඇයට දරුවන් නොමැති නිසා. ( ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ තත්වයක් හේතුවෙන්) අධිකරණය
මගින් දරුවෙක් ගෙන හදා ගැනීමට ඒ ගැන සඳහන් කර මෑතකදී ලියුමක් අපෙන් ඉල්ලා සිටියාය.
ඒ ලියුම ලියන්න කරුණු අසද්දී අප විශේෂඥ වෛද්‍යතුමා දැනගත්තේ ඈ කන් ඇසීමේ දුර්වලතාවයකින්
පෙලෙන බව.
“ඔයාලාට ඉඩම් ප්‍රශ්ණයක් තිබ්බේ නෑනේ.
යුද්ධයෙ නිසා ශෙල් පිපිරීම් නිසා මගේ කණ ඇහෙන්නේ නැතිව ගියේ, ඕගොල්ලො අපි වගේ දුක්
වින්දේ නෑනේ” ඇය දොඩවයි.
ඇය මා අසලින් පිටවී ගිය පසු අප වාට්ටුවේ
ජේෂ්ඨ සනීපාරක්ෂක සේවිකාවක් පැමිණ,
“ඩොක්ටර් එයා ඕනෙ කමින් ඩොක්ටර්ලා කියන
දේ අහන්නේ නැතුව ඉන්නේ. ඔය කණ ඇහෙන්නෙ නැත්තේ ෂෙල් පුපුරලා නෙමෙයි. එයයි මහත්තයයි කලේ
ගම්වල පොඩි එවුන් අල්ලාගෙන ගිහින් බලහත්කාරෙන් ළමා සොල්දාදුවෝ හැටියට එල් ටී ටී එකට
බාර දෙන එක. ඒකයි ඔය මිනිස්සුන්ට ළමයි නැත්තේ ඒ කරපු පව් වැඩ වලට. ඔය කණ ඇහෙන්නේ නැත්තේ
එහෙම ළමයෙක් බලනෙ අල්ලගෙන යද්දී ඒ ළමයගේ තාත්තා ඇවිත් මෙයාගේ ඔළුවට ගහලා ළමයා බේරගත්තු
නිසා”
මගේ ඇඟේ හී ගඩු පිපුනි. භයානක ඉතිහාස
නිරන්තරයෙන් මා හමුවේ දිග හැරෙයි. එහෙනම් ඇය අප හා එකටෙක කියන්නෙත්, ගෞරවයක් නැතිව
හැසිරෙන්නෙත් අපේ අණ නියෝග බැහැර හරින්නෙත් තාම හිතේ තිබෙන කේන්තිය නිසා වෙන්න පුළුවනි.
යුද්ධය නිමවූ කාලයේම අපි අනිත්කොණ රෝහලේ
වැඩ බාරගත් නිසා, අයි ඩී පී රැකවරණයේ සිටින ත්‍රස්තයින් එහෙමත් නිරතුරුවම අප රෝහලට
පැමිණියා. ඔවුන් ඇතැම් විට අපේ මුහුණ බැලුවේවත් නැත. කතා කෙරුවේද නැත. එහෙම අයටත් ඔවුන්ගේ
ඒ හයිකාරකම් විඳ දරාගෙන බෙහෙත් කරන්නට අපි වෛද්‍යවරුන් මෙන්ම හෙදි සොයුරියන්ටද සිදු
වුනා. අවසන වාට්ටුවෙන් පිටවෙද්දී අපට කියුවේ , අපි හිතන් හිටියට වඩා සිංහල මිනිස්සු
ගොඩක් හොඳයි. කියාය.
හැකිතරම් අනුකම්පා කරන්න, හැකි තරම්
ඇයට කාරුණික වන්න. සතුරු වී වෛර කළ, යුද්ධ කළ මිනිසුන් දිනා ගත් අපට, ඇය දිනා ගන්න
බැරි වෙන එකක් නෑ ! මගේ හිත මට කිව්වා.
ඒ කිව්වා වගේම දින දෙක තුනක් යද්දී ඇය බොහෝ යටහත් පහත්ව අප හමුවේ සිටියා. ඒ ඇය එතරම් අකාරුණික වුවද අපි ඇයට අවශ්‍ය ලියුම සාදා දුන් නිසා.බයෙන් බයෙන් මා අසලට විත් කතා කරේ මම බැන වදී යැයි බියෙනියි සිතිනි. නමුත් පෙර සේම සිනහ වී කතා කරන්නට මට හැකි නිසා ප්‍රශ්ණයක් වුනේ නැත.
වෛර කරන්නෝ වෛරයෙන්ම නැසෙති , අවෛරය සියලු දේ දිනයි...කියා කියමනක් කුඩා කල අසා තිබුනාට එහි ප්‍රායෝගික බව දුටුවේ ෆැකල්ටියේ සහ ඉන්පසු රැකියාවේ යෙදෙනවිටයි.
දෙනෝදාහක් මැද්දේ අක්කාගේ නම කියනකොට පුදුම හිතෙන්න ඇති නේද? ඒකෙන්ම පෙන්නුම් කරනවා ඒ කෙනා තුල අක්කා කෙරේ තිබුණු ගෞරවය... ඇත්තටම වෛර කර කර හිටියානම් තවම මින් ගොඩ එන්න බැහැ. හැමෝම මනුස්සයෝ කියලා හිතනවානම් මේවගේ ගැටළු බොහොමයක් අවම කරගන්න තිබුණා...
ReplyDeleteමටනම් පුදුමෙනුත් පුදුමයි. යම්දෝ නොයම්දෝ කියලා හිතමින් හිටියේ ස්ටේජ් එක උඩට. කොහොම හරි මල්ලිට තේරෙයි දවසක මේ පැති වල වෙච්චි විනාසය සහ දැන් තියෙන නිදහස සහ හොඳ කම
Deleteඅනිවාර්යයෙන්ම.මටත් තේරුම්ගන්ඩ බැරි මෙච්චර බෞද්ධයො ඉන්න රටේ ඇයි අපිට අනිත් අයට වෛර නොකර ඉන්ඩ බැරි කියන එක.
ReplyDeleteබුදු බණ ඇහුවත් නිරන්තරේ ගතිගුණ අතින් අපි තවමත් වනන්තරේ...
Deleteජීවක අත් ගුණය හැරුන විට මිනිසුන්ගේ සිත් දිනාගැනීමේ වාසනා ගුණයත් අපේ දිල්රු කෙල්ලට තියෙනවා වගෙයි. ඇත්තටම ඔය හුඟක් දෙමල මිනිස්සු සිංහලයන්ට වෛර කරන්නෙ කවදාවත් සිංහලයෙක් එක්ක කතාබහ කරලාවත් නැතුව. අර බ්‍රේන් වොෂ් කරලා තියෙන නිසා. ඔයා සිංහල ජනතාවගේ හොඳම නියෝජිතයෙක්.
ReplyDeleteතොටියාට සිග්නල් කනුවක් හම්බවෙලාද නැතිනම් තාම එගොඩ බලා ගියේ නැතිද?
henryblogwalker the Dude
කොහේ ඉන්න දිල්රු කෙල්ලෙක්ද හෙන්රි අයියෙ...මේක ලියන්නෙ අනිත් කොණ ඩොක්ට...දිල්රු කියන්නෙ වෙන කෙනෙක් (මම දන්න තරමින්)
Deleteකොහොම කිව්වත් කමක් නෑ. අනිත්කොණ කියලා පාවිච්චි කරන්නේ පහසුවට සහ රාජකාරියේ බැරෑරුම් කම නිසා නිර්නාමිකව ලියන එක පහසුවක්. කොහොම නමුත් දිල් රු ලියන්නම් කිව්වට ලිව්වෙම නෑ.ඉස්සරහටවත් ලියයිද මන්දා. ආමන්ත්‍රණය හර්දයාංගම නිසා කොහොම කිව්වත් කමක් නෑ.
Deleteලකී සිරි බොහොම ස්තුතියි. අනිත් කොන, මාර පටලැවිල්ලක් වුනේ. මට ඔය අනිත්කොණ කියන නමත් එක්ක පොඩි අපහසුතාවයක් තිබ්බා අනිත්කොණට, අනිත්කොණගෙ යනාදීවශයෙන් පාවිච්ච්චිකරන්න. මොකද ඒක පුද්ගලනාමයක් නොවන නිසා. ඔන්න අද ඉඳලා ඔයා අනිත්කොණම තමයි.
Deletehenryblogwalker the Dude
මේක නම් මාත් මුහුණ දුන්නා,
Deleteඇත්තම කියනවනම් මම මේ බ්ලොග් එකේ නම "මහ වෙදානගේ" බ්ලොග් රෝලේ දැක්ක හැටියම හිතුනේ "මොකක් හරි Double meaning " කතා තියන බ්ලොග් 1ක් කියලා .
:-)
සිංහල අපෙත් පැත්තෙනුත් කෙරෙන්න ඕනා දේවල් ගොඩක් තියනවා ඒ මිනිස්සු වෙනුවෙන්.. බලමු ඉස්සරහට මොකෝ වෙන්නේ කියලා
ReplyDeleteThank u Italy Dilan
Deleteඅවයිරය සියලු දේ දිනයි ! හ්ම්ම්...
ReplyDeleteඩොක්ටගෙ පෝස්ට් එක පුරාම තියෙන්නෙ මනුස්සකමේ වටිනාකම..
ReplyDeleteඅපිට කෙනෙක් වෛරයෙන් පහර දෙනකොට අපි ප්‍රතිඋත්තර දෙන්නෙ ඕනෙ ඔහු ළඟ නැති ආයුධයකින්..ඒ තමයි හිතවත් කම සහ මනුස්සකම..ඒක ඔබ හදවතින්ම කරන බව පේනවා..
ස්තූතියි ලකී. ඔය අවෛරය නිසා නොවෙන්නම් අපි මේ තරම් සතුටින් සිටින්නේ.
Deleteඔය මුකුත් නොදන්න සමහර අය පිටඉඳල බලල ප්‍රශ්ණ වලට විසදුම් හොයන්න ගිය හින්ද අපේ රට කොච්චර පස්සට ගිහින්ද?මටනම් ඔබව පේන්නෙ සාම තානාපති කෙනෙක් වගේ.ජය..
ReplyDeleteමෙහෙම රාජකාරි පරිසරයක තමුන්ගේ නියමිත රාජකාරිය විතරක්ම නෙවේ තව කොච්චර ඩයිනමික්ස් මැනේජ් කරගෙන වැඩ කරන්න ඩොක්ටර් කෙනෙක්ට සිද්ද වෙනවද කියලා මම කල්පනා කලේ .එහෙම ඩයිනමික්ස් මැනේජ් කරන්න තමන්ගේ සබ්ජෙක්ට් දැනුමට එහා ගිය සොෆ්ට් ස්කිල්ස් අනිත්කොනේ ඔබ ඇතුලු බොහෝ වෛද්‍යවරුන්ට හා කාර්යමණඩල වලට ඇති කියලා මට හිතුනේ.ත්‍රී ච්යර්ස් තව හොඳින් සේවය කරන්න
ReplyDeleteකියලා වැඩක් නෑ පොඩ්ඩක් හරි ගැස්සුනොත් ඉවරයි. කල හොද සේරම වැඩක් නෑ. එනිසා හරි කල්පනාවෙන් අපි වැඩ කරන්නේ. මොකද වැරැද්දක් උනොත් ඉතින් ජීවිතයක්නේ. ඉස්පිරිතාලයක් කියන්නේ හරියට සමාජයෙන් කොටසක් වගෙයි. පබ්ලික් රිලේෂන්ස් ස්කිල්ස් හොඳටම ඕනෑ . හැමෝම හරියට තියාගන්නනම්. අපි ඩීල් කරන්නේ ලෙඩ්ඩු එක්ක විතරක් නෙමෙයිනේ.
Deleteඇතැම් දෙමළ මිනිස්සුන්ගෙ හිතේ තවමත් තරහක් තියනවා.(තොටියා අයියගෙ ලිපිය අක්ක දකින්නත් ඇති උදාහරණෙකට.)
ReplyDeleteසිංහල අපේ හිත් වලටත් තවමත් පොඩ්ඩ පොඩ්ඩ හරි කුණු තියනව. මේ දේවල් යතා තත්වයට පත් වෙන්න තව බොහෝ කලක් යාවි. සමහර විට පරම්පරාවක්ම. මොකද තිබුණ යුද්දය තිබුණා පරම්පරාවක්ම.
ඒ අතර අක්කා වගේ අය කරන වැඩ නිසා වැරදි නිවැරදි කිරීම්, වැරදි වටහා ගැනීම් නැති වීම් ඉක්මන් වෙනවා, හරි සතුටුයි. මිනිස්සුන්ට වෛද්‍යවරුන්ගේ වැරදිම පේන යුගයක් මේක. ඒ අතින් හිතද්දි නම් හරි දුකයි, මෙහෙම මිනිස්සු ඉන්න ක්ෂේත්‍රයකටනෙ මෙහෙම වෙලා තියෙනෙ කියල
කුණු කොහොමත් හිත් වල තියෙනවා. මේ සිංහල අය අතරෙම උනත් අනිත් අය ගැන ඊරිසියාවෙන්, කුහකකමින් බලන එක අඩු නෑහැනෙ නංගො. අපිට සමහර වීට ඒ නයින් එකේ ටවුමට යන්න ඕනෙ ඌනොත් දුර යන බස් නවත්තන්නේම නෑ. සමහර බස් සිංහල ඩ්‍රයිවර්ලා ඉන්න ඒවා ඒත් අපි නැග්ගම බහින්න කියනවා ටවුමෙ නවත්තන්නෙ නෑ කියලා. නරක ගති ගුණ වලට ජාති බේදයක් නෑ.
Deleteඔයාගෙ මේ ලිපියෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්ත මම...ඇත්තමයි..
ReplyDeleteමම ටිකක් ඉවසිල්ල අඩු කෙනෙක්..තෑන්ක්ස්.
මටත් ඉස්සර ඉවසීම තිබුනෙම නෑ. අත්දැකීම් සමග පරිණත වෙද්දී ඉබේම ඉවසන්න පුරුදු වෙලා.
Deleteජීවිතයට පාඩම් කියා දෙන අත්දැකීම් සමූහයක්.
ReplyDeleteඔබ වන්නන් දහස් ගණනින් මේ රටේ බිහිවේවා. යුද්දය යුද්දය යුද්දය කියා හඬ තලන සිවුරු ඔසවාගෙන සටනට යන හිමිවරුන්ට වඩා ඔබ බුදු දහම ක්‍රියාවෙන් ප්‍රචලිත කරනවා. ජාතින් අතර සාමයට පාර කපන ඔබ වැන්නන්ට මගේ උත්තමාචාරය..
ReplyDelete