යුද්ධය පැවති... නිම වූ... යළි පිබිදෙන ප්‍රදේශයක බොහෝ කල් සේවය කරමින් ඉන්ඳැද්දීත් ඒ අත්දැකීම් නොලියන්නේ ඇයි කියලා හැමතැනින්ම ප්‍රශ්න. අත්දැකීම් කෝටියක් තිබුනත් ඒ කාලේ මතක් වෙද්දි හිතට දැනෙන්නේ වෙහෙසක් දුකක් සහ තේරුම් ගන්න බැරි අමුතුම හැඟීමක්.
ඩෙංගු සමග පොර බැදීම.
ආයෙමත් හිස ඔසවන ඩෙංගු වචනය ඇහෙනකොටම මතක් වෙන්නේ අපේ වාට්ටුවල ඩෙංගු එක්ක අපි කරපු හරඹයයි. වෛද්‍යවරයෙක් වශයෙන් සේවය කළ කාලයේ... මේ ප්‍රදේශයට වට වැස්සත් එක්ක හිස ඔසවපු එක මාරයෙක් තමයි ඩෙංගු.
වාට්ටුවේ දවසකට ඩෙංගු උණ රෝගයෙන් පෙළුනු රෝගීන් 4 දෙනෙකුට අඩු නෑ. වාට්ටුව බාරව හිටියෙත් මම විතරයි. ඒ අයගෙන් දෙන්නෙක්වත් හමුදාවල සේවය කරන්නන්. උතුරු පළාතටම තිබුනු මූලික රෝහල මෙය නිසා හැම ජංජාලයකම අවසන් වෙන්නේ අපේ රෝහලෙන් තමයි. ඇඳන් උඩත් ලෙඩ්ඩු ඇඳන් යටත් ලෙඩ්ඩු. ඇඳක සමහර විට ලෙඩ්ඩු 3 දෙනයි. ward round හෙවත් උදේ හවස අපේ ලෙඩ්ඩු බැලීමේ වටය පටන් ගන්නේ පැය 2 කලින්. නැත්නම් සියල්ලන්ගේම ප්‍රෙෂර් නාඩි බලා අවශ්‍ය පරීක්ෂණ කරන්න වෙලාව මදි. කලබලේ කොතරම්ද කියනවානම් එහෙම එක ඇඳේ දෙතුන් දෙනා සිටින දිනක මගේ එක යහළුවෙක් රෝගියා බලා ගන්න සිටින කෙනාගෙත් නාඩි බලා තිබුනා.
ඒ අතරින් දෙදෙනෙකුවත් හමුදාවේ අය, එක්කෙනෙක් හෝ දෙන්නෙක් අයි. ඩී. පී. කෑම්ප් වල රැඳවියන්. ඉතින් එකම යුධ බිමක දෙපැත්තක සටන් කරගත් දෙපිරිස ඇඳන් දෙකක එකම මාරයෙක් හා පොර බදනවා. ජීවිතය කොයි තරම් අවිනිශ්චිතද. වාසනාවකට මා සේවය කළ කාලයේ අප වාට්ටුවේ නම් කිසිවෙකුත් ඩෙංගු වලින් මිය ගියේ නම් නැත. ඩෙංගු මැඩ පවත්වන්න රෝගී වුනු අවස්ථාවේ බෙහෙත් කිරීම පමණක්ම නොවේ, මදුරුවන් මර්ධනය කිරීමද අවශ්‍යයි. ඒ සඳහා ඔවුන් බෝ වන ස්ථාන හඳුනාගෙන ඒවා හැකි තරම් අවම කිරීමයි කල යුත්තේ.
රාත්‍රියට වාට්ටු පිරී ඉතිරී යන මදුරුවන්ගෙන් බේරී රෑකළ වාට්ටුවේ වැඩ කිරීම ඉතා අපහසුය. ඉතා දිගු ඇඳුම්ද, බාම් වර්ගද ගා ගනිමින් ඔවුන් පළවා හැරීමට බොහෝ විට අපි කටයුතු කළෙමු. කුඩා බාම් කුප්පි රැගෙන විත් ලෙඩ්ඩුන්ටද ඇතැම්විට බෙදන්නෙමු. රාත්‍රී සායනික වටයට පැමිණි අප විශේෂඥතුමා දිනක් මොකද්ද මේ සිද්ධාලේප සුවඳ යැයි ඇසූ විට ලෙඩුන් අප ඔවුන්ට ඒවා දෙන බව කියූවිට එතුමා " ඉතා අපහසුවෙන් මදුරුවන්ගේ කරදරය මැද වාට්ටුව බැලීමට පැමිණි සර් පමණක් මදුරුවන්ගේ ප්‍රහාරයට ලක්වෙද්දී අප සැම බාම් ගාගෙන මදුරුවන්ගෙන් මිදී සිටිනවා යැයි " අපට චෝදනා කරනකොට තමයි තේරුණේ අපට කිට්ටුවෙන්න බැරි මදුරුවන් සේරම සර්ට පහර දෙන බව. ලැබූ අත්දැකීම් නම් අපමණයි
තාම අත්දැකීම් එකින් එක හිතෙන් අහුලගෙන ලියමින් ඉන්නේ...
Life, work, stress and Stories from the other end - සායනික සටහන් නොවේ, මේ ජීවිත සටහන් ගොන්නකි....
Sunday, June 19, 2011
Monday, April 25, 2011
Accepting, Tolerating, and Forgiving
දිනය : හරියටම පරණ අවුරුදු දා
වේලාව : රාත්‍රී 7.30
හිස් බැල්මෙන් ඔහේ බලාගෙන ඉන්න ඇගේ මුහුණ දෙස යලිත් වතාවක් මම බැලුවෙමි. "අපි කිසි දෙයක් මේ අම්මාගේ කැමැත්තෙන් පිට කරන්නේ නෑ. මෙහෙම වහ බීලා ඇවිත් ඒ ගැන පොලිස්සියට පැමිණිල්ලක් කරොත් ඔයාගේ මහත්තයට වෙන දේ පොඩ්ඩක් හිතන්න."
"මට අද දවල් ඉඳන් හොඳටම බැන්නා. බිම ඉඳගෙන වලං හෝද හෝද ඉන්නකොට තඩි ගලකින් ගැහුවා. දැන් කොන්ද රිදෙනවා. මේ ටිකේම රතිඤඥා පත්තු කරලා ඇඟට දානවා."
මේ මනුස්සයාට මානසික ලෙඩක්ද ? ඇගේ කතාව අසාගෙන සිටි අප හැමටම හිතුනේ එහෙමයි. ඇගේ හය හැවිරිදි දියණිය අම්මාගේ වටේ දැවටෙමින් සිටියාය. මාස 4 ගැබිණියක් වූ ඇය අප වාට්ටුවේ සිටියේ අවුරුදු 8 තිස්සේ සිටි තම සැමියාගේ අඩම්තෙට්ටම් ඉවසාගත නොහැකි තැන මැලතියොන් නැමැති රසායනික විෂ ශරීරගත කරගෙනය. වාසනාවකට ඇගේ කුසේ සිටි දරුවාට හානියක් සිදුව තිබුනේ නෑ.
"අම්මේ බැඳපු මුල ඉඳන්ම මහත්තයා මෙහෙම කරදර කරාද ?"
"ඔව්. ඒත් අපි බැඳලා නෑ. " ඇගෙන ලැබුනේ අප විශ්මිත කරවන සුළු උත්තරයක්.ඇය අවුරුදු 8 තිස්සේ මෙලෙස බොහෝ කරදර විඳගෙන ජීවත්වී සිටින්නේ ඇය නීතියෙන් විවාහ කර නොගත් මිනිසෙක් සමගය.
"බැඳලා නැත්නම් මොන එහෙකට මෙහෙම කරදර විඳගෙන ඉන්නවද ?" මා අසල සිටි තව අයෙක් ඇසුවා.
"ලොකු දුව නිසා ඉවසගෙන හිටියා. ඒ කොහොම වුනත් මම මහත්තයාට ආදරෙයි. මට පැමිණිලි කරන්න ඕනේ නෑ.මට වෙන කරන්න දෙයක් තිබුනේ නෑ"
කිසිම හැඟීමක් ඉරියව්වක් නැති ඒ මුහුණේ හිනාවක්වත් දුකක්වත් සටහන් වී තිබුනේ නෑ. "බිව්වම තමයි කරදර වැඩි." අප හා කතා බස් කරමින් සිටින අතරේ ඇය පැවසුවා මතකය. මොන දේ වුනත් පවුලක්නේ... එනිසා එම සැමියා අප වාට්ටුව වෙත ගෙන්වා උපදෙස් සහ අවවාද බොහෝ ලබා දුනිමු.
"මට මේ පරීක්ෂණය පිටින් කරගන්න සල්ලි නෑ නෝනා, මම කුලී වැඩ කරලා ළමයින්ට කන්න දෙන්නේ "
ඇය සරස්වතී, 40 හැවිරිදි ඇය තයිරොයිඩ් හෝමෝන ඌනතාවය නිසා රෝගී වුනු කාන්තාවක්. "එතකොට අම්මාගේ මහත්තයා ?" මම විමසුවා.
" මහත්තයා බොනවා දවස තිස්සෙම. බොන්න සල්ලි දෙනකම් කරදර කරනවා" ඇය හැඬූ කඳුලෙන් පැවසීය.
" අම්මේ ඔහොම මිනිස්සු එක්ක ඉන්න පුළුවන්ද?"
"ඔව් නෝනා බැරි තැන බැනලා රණ්ඩු කරගත්තා. මහත්තයා ගෙදරින් ගියා" ඇය පැවසීය.
ඇය මාස 5 පමණ සායන වලට පැමිණ තිබුනේ නෑ. හරියට බෙහෙතක් නොමැති කමින් ඇගේ රෝග තත්වය උත්සන්න වී ඇය රෝහල් ගත වී තිබුනේ. " කුලී වැඩ කරලා දවසට රුපියල් 100 විතර ලැබෙන්නේ." ඇය ඒ බවත් සඳහන් කලා. එහෙම කෙනෙකුට රෝහලේ කඩිනමින් සිදු කරගත නොහැකි පරීක්ෂණ පිටින් කරගන්න යැයි පවසන්නේ කෙසේද ? අපි එනිසා රෝහලේ ෆන්ඩ් එකෙන් ඒවා කරගන්න ක්‍රමවේදයක් සකස් කර දුන්නා. මේ තවත් අසරණ වූ ගැහැණියකගේ කතාවක් පමණක් නොවේ. ඔබ මා ජීවත් වෙන සමාජයේ දුක් විඳින දහසකුත් කාන්තාවන්ගේ ඉරණමයි.
ගැහැණිය බොහෝ දුක් දෝමනස්සයන් දරාගෙන සිටින්නට හැකි අයෙකි. ආදරය සහ හැඟීම් නිසා නොයෙකුත් කැපකිරීම් කරයි. තම ජීවිතය සහමුලින්ම අමතක කර අන් අය වෙනුවෙන් ජීවත් වෙයි. කලක් දෙමාපියන් යටතේ සිටින ඈ ඉන්පසු සැමියා යටතේ ජීවත් වෙයි. අන් අය වෙනුවෙන් ඇගේ ඕනෑ එපාකම් වෙනස් කරගනී. ඇගේ කැමැති අකැමැති දෑ වෙනස් කරගනී. කිසිම ආදරයක් නොමැතිවද නොයෙක් සමාජීය හේතු නිසා බැඳි හෝ නොබැඳි එකම පුරුෂයා හා දීග කති. (එක් එක් සමාජය සහ සංස්කෘතිය අනුව ඉහත පැවසූ දෑ අඩු වැඩි වශයෙන් වෙනස් වේ.ඒ මානව සමාජය හැඩ ගැසී ඇති අයුරුය.) දවස අවසන ඇගේ හිතේ පොදි ගැහෙන්නේ දුක් කන්දක් නම් සුසුම් පමණක් නම් එවැනි අධම පුරුෂයින් හා ජීවත් වීම නොමනා යැයි මට සිතේ. එකිනෙකාගේ තිබෙන විවිධත්වය තේරුම් නොගෙන තමන්ගේ උවමනා එපාකම් වලට පමණක් මුල් තැන දෙන මීනිසුන් පිරි ලොවක, අන්‍යෝන්‍ය අවබෝධයෙන් සහ කැපකිරීමෙන් ගතකල යුතු ජීවිතය, ආත්මාර්ථකාමීත්වය මත පමණක් අනෙකාට දුක් දෙමින් අවසන් කරන සෙනෙහෙ දම් සහ සබඳතා පිරි ලොවක සැබෑ මානව දයාබරිත විශාල හිත් ඇත්තෝ අල්පය. එහෙව් විශාල හිතක් ඇති අයට සියලු නොගැලපීම් - කැපකීරීම් බවටද, හද බිඳීම් - හද බැඳීම් බවටද, රීදීම් - සැනෙන් අමතක කොට මෛත්‍රී සහගත සිතුවිලි අනෙකා කෙරෙහි පැතිරීමටද හැකියාව ඇත්තේය.
We often tend to lean on our loved ones... we may be strong souls, running the extra mile that no one else would dare but when it it comes to our loved ones... we always count on them... thinking they would love us no matter what we become.
With life hardships, coming at us in mega tons, and life seems to have no cool spot , with so much of stress piled upon our shoulders, what we really want is some courage, care and strength that would give us an extra push to run that extra mile. But when it lacks the weaker party is pulled down where he or she would end up with depressive dark thoughts, senses and self.
We see these kind of miseries everyday... at the end most of them end with attempted suicides.
As it is said in Buddhism "Love should be impartial to all, free from excessive attachment or false hope and expectation; Accepting, Tolerating, and Forgiving.
but at the end of the day...where does the good go ?

Friday, March 25, 2011
හිමි අහිමි වීම් සහ බලාපොරොත්තු කඩවීම් සමග වස බීම්...

අද අවුරුදු 28 ක දරු දෙදෙනෙකුගේ අම්මා කෙනෙක් තම 3 මස් වියැති බිළිඳාත් 3 අවුරුදු කුඩා පුතාත් සමග අප වාට්ටුවට එවා තිබුනේ හදිසි ප්‍රතිකාර අංශයෙන්. තම දිවි තොර කරගැනීමට ඈ කනේරු ඇට කා තිබුනා. දිවි නසා ගැනීමට වස පානය කරගෙන එන කා එක්ක ඇතිවෙන්නේ කළ කිරීමක්. මේතරම් වටිනා ජීවිතයක් මේ තරම් ඉක්මනට නැති කරගන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් හිතන්නේ නැත්තේ ඇයි කියන එකමයි මගේ හිතට එන්නේ. නමුත් ඔවුන්ගේ අභ්‍යන්තරයේ රැඳි දුක් කන්ද දුටු විට ඔවුන්ට දරාගත නොහැකි දුකක් ඇති වුන විට ශක්තිමත් නැති හිත් මොහොතකට හෝ ඒ අඳුරු අකාරුණික විඳීම් වලින් මිදෙන්නට මෙවැනි තීරණ ගන්නවා. මොවුන් හැමෝටම ඔවුන්ගේ ක්‍රියාව සාධාරණීකරනය කිරීමට හේතු අනන්තයි.
එක්තරා සිවු දරු පියෙක් වස පානය කර පැමිණ සිටියේ තම බිරිඳ දරු සිවු දෙනා හා ඔහුව අතහැර ගිය නිසා.
මා ඉහත කියූ මව තම බීමත් සැමියාගේ හිරි හැර ඉවසාගත නොහැකි තැන එසේ දැඩි තීරණයක් ගෙන දිවි නසා ගැන්මට උත්සහ කර තිබුනා.
ජීවත් වෙන්න කාසි නොමැති කමින්... ආර්ථික අහේනිය නිසා නූගත් කුලී වැඩෙහි යෙදෙන එක් අයෙක් වස පානය කරද්දී, උගත් සමාජයේ ඉහළ පෙලේ ව්‍යාපාර වල නිරත තවත් අයෙක් තම ව්‍යාපාර බිඳ වැටුන නිසා වස පානය කර තිබුනා
18 හැවිරිදි තරුණියක් තම පෙම්වතා සමග ගෙදරට හොරා ඇවිත් ඔහු ඇයව අනාථ කර ලොජ් එකක අතරමං කර දමා ගොස් තිබුනා... ඇය එනිසා වස පානය කර දිවි නසාගන්නට තැත් කර තිබුනා..
මේ අතර අම්මා හෝ තාත්තා බැන්නායැයි.. අයියා අක්කා තරවටු කරායැයි වස පානය කර අප වාට්ටුව වෙත ගෙන එන ඇට්ටර කොල්ලන් සහ කෙල්ලන්ද හිඟ නෑ. මොවුන් බොහෝමයකට ජීවිතේ ගැන හරි වැටහීමක් හෝ දැනුමක් නැති බව ඔවුන් හා කල කතා බහෙන්ම තේරෙනවා. අයියට පාඩමක් උගන්වන්න මෙහෙම කලා අම්මට පාඩමක් උගන්වන්න මෙහෙම කලා. යැයි කියන්නෝද බහුලය
නමුත් අන්තිමට පාඩම ඉගෙන ගන්නේ ඔවුන්මය. මන්ද බොහෝ දුක් විඳ මරණය ළඟා වන නිසාය. එවිට කළ වැරැද්ද නිවැරදි කිරීමට කාලය මදිය.
වකුගඩු ආබාධවලින් හෝ හර්ද රෝග නිසා මරණාසන්නව දුක් විඳින මහළු මෙන්ම තරුණ රෝගීන්ද ඒ අතර බොහෝ වෙත්. මා කරන්නේ එසේ වස බී පැමිණෙන්නන්ට මොවුන්ගේ දුක පෙන්වා දීමය. අතපය හතර හොඳට තිබියදීත් නිසි ශරීර සෞඛ්‍යයකින් හෙබි ඔවුන් ජීවිතේ එක්ක මොන කෝන්තරයක් පිරිමහන්නද මෙසේ අනතුරු දායක දේ තමන්ටම කරගන්නේ යන වග මා ඔවුන්ට පෙන්වා දෙනවා. නමුත් දුකක් කරදරයක් අප හිතට ළංවෙද්දී අපිත් හැසිරෙන්නේ මොන තරම් හැඟීම්බරවද කියන දේ පසුව වටහා ගනිද්දී මට මා ගැනත් තරහක් හිතට එනවා. මා අමතක කර දැමූ මග හැර දැමූ දෑ බොහෝය. ඒ අතර මගේ ලියවීම්ද ආත්ම විඳීම්ද ඇතුලු බොහෝ දෑ වෙත්. යමකට හෝ දෙයට අවසඟව ජීවිතය අහිමි කරගන්නට වෙර දරන ඔවුන්ද... එවැනිම වූ විඳීම් අභියස ඉකි ගසා හඬන වැලපෙන නොවක් දුක් සමග වැඩෙහි යෙදෙන ජීවිත ජීවත් කරවන, සිනහ නගන නින්දට යන නැවත නැගිට අලුත් දවසකට මුහුණ දෙන අපද අතර වෙනස අප... කරදර දුක් කන්ද අභියස, අහිමි වීම් අභියස ජීවිතය අත හැර දමා නොයන එකම නේදැයි මට සිතේ.
සසර පුරාවට අප කරන්නේ මගේ යැයි අපේ යැයි කියාගෙන එකිනෙකා හා යුතුකම් වගකීම් සහ අයිතිවාසිකම් වැනි බැඳීම් වලින් අප අතපය නොව හිත වෙලාගෙන නොවක් බලාපොරොත්තු පොඳි බැඳ ඒවා ඉටු කිරීමට හා ඉටු කරවා ගැනීමට දරණ නිරන්තර කෙළවරක් නොමැති උත්සහයකි. ඒ බැඳීම් නොමැති නම් තනිවෙනවා අතරමංවෙනවා , අසරණ වෙනවා වැනි හැඟීමක් හිතට ඇතිවෙන්නේ. ඒත් ඒ විඳීම් සියල්ල දිහා පැත්තක ඉඳන් බලන්නට විචාරයේ යෙදෙන්නට නොහැකිවූයෙන් .... දිගෙන් දිගටම එවැනි අහිමිවීම් ඉදිරියේ දුක් වෙන්නත් වැලපෙන්නත් අපේ හිත් රිදවා ගන්නත් අප පෙළඹෙනවා. නමුත් මෙහි නිස්සාරත්වය වටහා ගන්නට එක තත්පරයකින් පංගුවෙන් එකක් වැනි සුළු මොහොතකින් හැකි වූයේ... ඒ දුක් කන්ද අභියස ඔවුන් ජීවිතය අත හැරීම වෙනුවට අපි තවදුරටත් ජීවත්වීම යන්න තෝරාගත් නිසාය.

Saturday, September 25, 2010
The bitterness in life
It takes lots of courage to face life as it comes. many of us tend to struggle towards the harder aspects seeking complex pathways , when the beaten path is just around the corner. Some never show their miseries and down falls.The only path to happiness is to accept life as it comes. this I've realized after so many years of living.
යමකට හෝ දෙයකට ඇලෙන්නේ ගැටෙන්නේ බැඳෙන්නේ නැතුව ජීවත් විය හැකිනම් අපේ හිත් වලට දැනෙන මේ සංකා සෝ තැවුල් කිසිවක් නැතිවේවි. ඒත් එක්කම සතුට හිනාව සොම්නස මේවාත් නැති වේවි නේද ? මතුපිටින් පෙනෙනවාට වඩා බොහෝ දෑ ජිවිත වල පතුලේ සටහන් වී තිබෙනවා. නමුත් අපට පෙනෙන්නේ ... පෙනෙන්නට එළියට දමන දෑ පමණි. "ඔයාට මොනවාද තියෙන ප්‍රශ්ණ, අපටනේ ප්‍රශ්ණ තියෙන්නේ " යැයි කියන්නට කලියෙන් "මම තමයි ජීවිතේ වැඩියෙන්ම දුක් විඳලා තියෙන්නේ, මම තරම් පීඩිත වෙන කෙනෙක් නෑ" හිතන්නට කලියෙන් සිතන්න මේ වාගෙම හැමෝටම සිතෙන බව. නමුත් හැමෝම එක වාගේ ඒවා පෙන්වන්නේ නැති බව.
ජීවිතේ වෙනස් වෙන්නේ අපටත් නොදැනීම. කොයිතරම් යථාර්තවාදීව ජීවත් වෙන්නට සිදු වූවත් අපට සමහර විට අපේ අදහස් එක්කම ගැටෙන්න සිදුවෙනවා. බොහෝ කල් බලා හිඳ හිතට දැනුනු ලෙංගතුකම හිතටත් නොදැනීම හිත පතුලේම පැල පදියම් වෙලා. අපට දැනෙන අයුරින් ඒ විඳීම් එලෙසම අනෙක් අයටත් නොදැනෙන එකම තමයි මේ ජීවිතයේ ඇති අරුමය. මේ ගැටුම් වියවුල් සියල්ල එනිසා නොවේදැයි මට සිතේ. ජීවිතය කොයිතරම් දුක්බර වුනත් වාට්ටුවෙන් ටිකට් කපාගෙන යන රෝගීන්ගේ මුවින් ඇසෙන පැසසුම් සහ සැනසුම් වදන් පහන් හැඟුම් සමුදායක් ඇති කරනවා. දැන් දැන් සිංහල රෝගීන් බොහෝමයක් රෝහලට පැමිණෙනවා. අහනකොට කියන්නේ මෙහෙ දැන් හොඳයි සිංහල වෛද්‍යවරුන් බොහෝමයක් සිටින බවත් මෙහි සියලු පහසුකම් ලැබෙන බවත් හැම අතරම පැතිරෙන බව ඔවුන් අපට කීවා.
මෙහි පැමිණෙන බොහෝ දෙනෙක් නීරක්තියෙන් පෙලෙනවා. මෙයට බොහෝ හේතු තිබුනත් ප්‍රධාන හේතුව වන්නේ යකඩ ඌණතාවයි. පෝෂණය සහිත කෑම වේලක් ගන්න යැයි කීවාට ඔවුන්ගේ ප්‍රශ්ණ කන්දරාවත් සමග පෝෂණය සොය සොයා කෑම කන්න බැරි බව නොදන්නවා නොවේ. නීරක්තිය නිර්ණය කල සෑම රෝගියෙක්ටම හිමෝග්ලොබින් මට්ටම පහත් සාමාන්‍ය අගයට ගන්නකම්ම රුධිර පාරවිලනය කරන අතර ඖෂධ ද ඒ සමගම දෙනවා. එසේ පැමිණි එක් රෝගී කතක් හත් මස් වියැති ගැබිණියක් වූ අතර ඇගේ හිමෝග්ලොබීන් මට්ටම 3.6 g/dl ලෙස සටහන් වී තිබුනා. ගෙදර තව දරුවන් දෙදෙනෙකුත් සිටින ඈ කොහොමද මෙහෙම හිටියේ යන්නයි අපිට ප්‍රශ්ණයක් වුනේ. සැමියා කුලී වැඩ කරන අතර ජීවත් වෙන්නට දැඩි සටනක නිරත වෙන ඔවුන්හට නිසි පෝෂණ ආහාර වේලක් ගැනීම ගැන උපදෙස් දීම ගඟට ඉණි කපනවා වැනි වැඩකි.
මේ දිනවල මේ ප්‍රදේශයට ඇද වැටෙන වර්ෂාව නිසා පහත් බිම් වල වතුර පිරිලා.වැස්ස කොයිතරම් සොඳුරු වුනත් වැස්සේ තෙමෙන එක කොයි තරම් සොඳුරු වුනත් , ගම් බිම් යටකරගෙන උන් හිටි තැන් අහිමි කරන එකත්, නුදුරු දිනවල ඩෙංගු වැනි වසංගත රෝග පැතිරෙන එකත් එතරම් සොඳුරු නෑ.
"I love to walk in the rain because no one can see me cry"....
වැසි වැටෙන රාත්‍රී කාලයේ උනත් කුඩයක් ඉහලගෙන චොර චොර හඬින් පෑගෙන මඩ කඩිති උඩින් පැන පැන වාට්ටුවට යන්නේ කළ යුතු කාර්‍යය ඒ අයුරින්ම කිරීමටයි. අද උදේ වාට්ටුවට ගියේ පුළුවන් කමට නොවේ. උණ හෙම්බිරිස්සාව කැස්ස නිසා ඔද්දල් වුනු ශරීරයේ හැම මාංශ පේශියක්ම ඇදුම් කද්දී , කිසිදාක සහනයක් නොලැබෙන සිතුවිලි කන්ද පාමුල හිතේ හිස්කමත් කරපින්නාගෙන කළ යුතු වැඩ කොටස ඉටු කිරීමට උදෑසන 6.55 පමණ වෙද්දි වාට්ටුවට ගියෙමි. සෑම රෝගියෙකුම පරීක්ෂාකර ඔවුන්ගේ දුක සැප විමසා ඒ අවසන මේසයට පැමිණි මට දැඩි කලාන්ත ගතියක් එනවාත් හිස මේසය මත තබනවාත් පමණි මතක. ඉන්පසු හෙදියක විසින් මා නැගිටවා ඇතුලු කාමරයේ තිබූ ඇඳට මා ගෙන ගොස් තිබිනි. පැය 2 පමණ නින්ද ගිය මට නැවත ඇහැරුනේ කෑම බීම සමග තේ සාදා ඔවුන් කතා කල හඬිනි. වෛරස් උණ රෝගය නිසා පැය 6න් 6ට පැරසිටමෝල් පෙති සමග පුළුවන් තරම් දියර වර්ග පානය කරමින් හැකි අයුරින් වාට්ටුවේ වැඩ කළෙමි. හදිසි ලෙඩුන් පැමිණි විට විතරක් මා ඇහැරවනන්ට හෙදියන් පවා සැලකිලිමත් විය. එසේ ආ එක් රෝගියෙක්ගේ නාඩි පරීක්ෂා කරද්දී "ඩොක්ටර්ට උණ නේද ?" ඇය ඇසු විට හෙදියන්ට පවා සිනහා පහළ විය. අනෙක් වෛද්‍යවරිය පැමිණෙන තෙක් මා වාට්ටුවේම රැඳුනෙමි.
Sunday, September 19, 2010
ඉර හඳ යටදී ආදරේ විඳින්න...
පපුවෙන් නැගුනු හීන් රිදුමකුත් සමග ඉර හඳ යට බැලීමි....මේ චිත්‍රපටිය හදවතට සමීප වෙන්නේ කුඩා කළ සිට අත්විඳි යුද්ධයත් සමග මානව සබඳතාවන් උපරිමයෙන් පුරුද්දා අප හිත් අපටම මොහොතකට නැති කරන නිසාවෙනි. සියල්ල අහිමිවූවත් මානව දයාවෙන් අනෙකා දිහා බලන්නට පුළුවන් වීම කොයිතරම් උතුම්දැයි මට සිතේ... ඒ ආශ්‍රිත පෙදෙස් අප සිටිනා මේ ප්‍රධාන රෝහලට නුදිරින් තිබේ. මීට අවුරුදු එකහමාරකට කලින් මේ පෙදෙස් වලින් ඇසුනේ වෙඩි හඬයි, බෝම්බ පුපුරණ හඬයි පමණයි. එවන් හඬක් දැන් මේ පෙදෙස්වලින් බොහෝ කලකින් ඇසුනේ නැත... මතුවට ඇසෙන්නේද නැත. මෙම ප්‍රදේශවල ජනයා ජීවිත බියක් නොමැතිව දැන් නම් සැනසිල්ලෙන් වෙසෙයි. චිත්‍රපටය පුරා ලියැවී ඇත්තේ ආදරය මනුස්සකම කැටිවූ දයාබරත්වයයි. කාලකන්ණි යුද්ධය විසින් ඔද්දල් කරන ලද මිනිස් ජීවිත ... ඒ විඳි තරමක් දුක් කිසි දිනක අමතක නොවන බවනම් සැබැවි. ගින්න නිවා දැමිය හැක. එහෙත් ඒනිසා ඇතිවූ දැලි පැල්ලම් නැතිවන්නට බොහෝ කල් ගත වෙනු ඇත...
මුහුණින් පෙනෙන සිනහවට යටින් දුක්ඛ දෝමනස්සයන් බිලියන ගනනින් පොදි ගැසී ඇත. වෙනස ඇත්තේ හැමෝම තම ජීවිතවල කරදර දුක් අනෙකාට නොපෙන්වන නිසාය. මට හමුවෙන නොදත් මිනිසුන් බොහෝමයකගේ මුහුණු පුරා නිරන්තරයෙන් ඇඳී තිබෙන්නේ දුක පමණි. සිනහවක් නොමැති මුහුණු වල ඇත්තේ වෙහෙසකර බවකි..වයස්ගත වෙනතුරු ජීවිතයේ දුකම විඳපු මේ මිනිස්සුන්ගෙන් ඊට වඩා යමක් බලාපොරොත්තු වීමද කළ නොහැකිය.
දියවැඩියාව වැළඳී ඇති එක් කාන්තාවකට ඉන්සියුලින් ඉන්ජෙක්ෂන් ගැසීම ගැන උපදෙස් දෙමින් සිටියදී... ඇගේ ගෙදර ඉන්සියුලින් ගබඩා කිරීමට ශීතකරණයක් නැති බව පැවසුවාය. එහෙනම් අල්ලපු ගෙදරක ශීතකරණයක තබන්න යැයි කීවෙමු. ඒ ගමටම විදුලිය නොමැති බව ඈ පැවසුවාය. දරුවන් 6 දෙනෙකු සිටින ඔවුන්ගේ ආර්ථික මට්ටම ඉතා පහත් අඩියක පැවතිනි. ළඟම තිබෙන රෝහල වූයේද බොහෝ දුරකිනි. අප රෝහල ඇත්තේ ඊටත් බොහෝ දුරකිනි. ශීතකරණයක් ගන්නවාට වඩා සෑහෙන විශාල ප්‍රශ්න ඔවුන්ගේ ජීවිත පුරා ලියැවී තිබුන නිසා ඇගේ ගම ළඟම ඇති සෞඛ්‍ය සේවා කාර් යාලයට ඇගේ ප්‍රශ්ණය පිළිබඳව ලියා දන්වා ඇයට නිසි ප්‍රතිකර්මයක් කරගැනීමට සුදුසු ක්‍රියාපිළිවෙලක් සකස් කරන ලෙස ඉල්ලූයෙමි. පරීක්ෂා කරන බොහෝ දෙනෙකුගේ ඇඟ කොහේ හෝ ෂෙල් කැබලි වැදී තුවාල සහිතය. පැරණි සායනික සටහන් නැති වී ගොසිනි. ඒවා ගෙන ආවේ නැත්තේ ඇයිද ? ඒවාට සිදුවූයේ කුමක්දැයි විමසද්දී ගලන්නේ කඳුළු ගංගාවකි.... ඒ මෙකොණ ජීවිත වෙනස් වූ තරමය. ඉර හඳ යට තුලින් මා දුටුවේද ඒ ජීවිත ගංගාවෙහිම එක් පැතිකඩකි.
මේ ගීය ඉර හඳ යට චිත්‍රපටයෙනි. සදාකාලික වූ කිසිම දෙයක් නොමැති බව නොවැටහෙන ඇතැමුන් කල් ගෙවන්නේ සදහටම ජීවත් වෙන්නේ යැයි සිතමිනි. අප මිය ගිය පසු අපි මේ අපේ යැයි එක් රැස් කරගන්නා කිසිවකින් අපට පලක් නොවනු ඇත. සංසාරය පුරාවට ගොඩ ගැසී ඇති සබඳතා නොයෙක් වර නොයෙක් ආකාරයෙන් මතුවේ. හිතේ විශ්මය නම් ඒ සියල්ල සංවේදී සිත් සතන් ඇති අප ජීවිතය පුරාවට විඳින හෙයිනි.
මතුපිටින් දකින්නාවූ හැඟීම් දැනීම් පමණකින් අප කවුරුන්දැයි විග්‍රහ කිරීම කල නොහැකිය. සමහර අය බොහෝ දෑ සිතේ ගොනු කරගෙන වෙනස්ම වූ ප්‍රතිරූපයක් අන් අය වෙත මවා පායි. සමහරුන් හිතේ මතුවන සියල්ල ඒ ආකාරයෙන්ම පිට කරයි. සැවොම එකිනෙකාට වෙනස්ම වූ සිතුවිලි, විඳීම් සහ දැනීම් සමග පොරබදන මේ ඉර හඳ යට දී ආදරේ පමණක්ම විඳින්න හැකිනම් ලොව කෙතරම් සොඳුරු තැනක් වෙනු ඇතිද ?
තුති ගීතිකාවක බැතිය මවන පවනේ කිතියෙන්

මේ නෙත් උළෙලට එන්න
ඇතුල් හිතේ තියෙන රෝස කැකුළු වර්ෂා අස්සෙන්
අහසේ පැල් බැඳ සදා බලා හිඳිනා ….
මේ ඉර හඳ යටදීම ආදරේ විඳින්න
ජීවිතේ විඳින්න…
ආවේ කොහෙන්ද
ඉන්නේ කොතැනද
මෙහි කවුරුවත් නෑ අහන්න
නොසිතූ මොහොතක මියයන්නට පෙර මේ හමුවීමම කොයිතරම්ම උතුම්ද
තෙත් සමණල් පෙල පාළියේ එන්න
මේ ඉරහඳ යටදීම ආදරේ කරන්න ජීවිතේ දකින්න…
ආවේ තනියම…
යන්නේ තනියම…
එනමුදු තනි කවුරුන්ද…
සුසුමට වැඩියෙන් සමීප වන්නට ,…මේ ළංවීමේ වෙන්වීමක් කොයින්ද
මේ මානව සුවඳේ ගිලෙන්න… මේ ඉර හඳ යටදීම ආදරේ කියන්න …
ජීවිතේ හොයන්න…
composed by - Nadeeka guruge
Wednesday, September 15, 2010
The bitterness in life
It takes lots of courage to face life as it comes. many of us tend to struggle towards the harder aspects seeking complex pathways , when the beaten path is just around the corner. Some never show their miseries and down falls. even though there are heaps of sadness and sorrow, zillion reasons to be grumpy, I never can make my smile fade away. nevertheless I hide all the dark , sad emotional troll-pops deep within me so no one else gets disturbed. I guess that's why people say there's so much of light and shine in my life. Simply because the darkest parts are always invisible.
The only path to happiness is to accept life as it comes. this I've realized after so much of heartaches and heart breaks.
යමකට හෝ දෙයකට ඇලෙන්නේ ගැටෙන්නේ බැඳෙන්නේ නැතුව ජීවත් විය හැකිනම් අපේ හිත් වලට දැනෙන මේ සංකා සෝ තැවුල් කිසිවක් නැතිවේවි. ඒත් එක්කම සතුට හිනාව සොම්නස මේවාත් නැති වේවි නේද ? මතුපිටින් පෙනෙනවාට වඩා බොහෝ දෑ ජිවිත වල පතුලේ සටහන් වී තිබෙනවා. නමුත් අපට පෙනෙන්නේ ... පෙනෙන්නට එළියට දමන දෑ පමණි. "ඔයාට මොනවාද තියෙන ප්‍රශ්ණ, අපටනේ ප්‍රශ්ණ තියෙන්නේ " යැයි කියන්නට කලියෙන් "මම තමයි ජීවිතේ වැඩියෙන්ම දුක් විඳලා තියෙන්නේ, මම තරම් පීඩිත වෙන කෙනෙක් නෑ" හිතන්නට කලියෙන් සිතන්න මේ වාගෙම හැමෝටම සිතෙන බව. නමුත් හැමෝම එක වාගේ ඒවා පෙන්වන්නේ නැති බව.
ජීවිතේ වෙනස් වෙන්නේ අපටත් නොදැනීම. කොයිතරම් යථාර්තවාදීව ජීවත් වෙන්නට සිදු වූවත් අපට සමහර විට අපේ අදහස් එක්කම ගැටෙන්න සිදුවෙනවා. බොහෝ කල් බලා හිඳ හිතට දැනුනු ලෙංගතුකම හිතටත් නොදැනීම හිත පතුලේම පැල පදියම් වෙලා. අපට දැනෙන අයුරින් ඒ විඳීම් එලෙසම අනෙක් අයටත් නොදැනෙන එකම තමයි මේ ජීවිතයේ ඇති අරුමය. මේ ගැටුම් වියවුල් සියල්ල එනිසා නොවේදැයි මට සිතේ. ජීවිතය කොයිතරම් දුක්බර වුනත් වාට්ටුවෙන් ටිකට් කපාගෙන යන රෝගීන්ගේ මුවින් ඇසෙන පැසසුම් සහ සැනසුම් වදන් පහන් හැඟුම් සමුදායක් ඇති කරනවා. දැන් දැන් සිංහල රෝගීන් බොහෝමයක් රෝහලට පැමිණෙනවා. අහනකොට කියන්නේ මෙහෙ දැන් හොඳයි සිංහල වෛද්‍යවරුන් බොහෝමයක් සිටින බවත් මෙහි සියලු පහසුකම් ලැබෙන බවත් හැම අතරම පැතිරෙන බව ඔවුන් අපට කීවා.
මෙහි පැමිණෙන බොහෝ දෙනෙක් නීරක්තියෙන් පෙලෙනවා. මෙයට බොහෝ හේතු තිබුනත් ප්‍රධාන හේතුව වන්නේ යකඩ ඌණතාවයි. පෝෂණය සහිත කෑම වේලක් ගන්න යැයි කීවාට ඔවුන්ගේ ප්‍රශ්ණ කන්දරාවත් සමග පෝෂණය සොය සොයා කෑම කන්න බැරි බව නොදන්නවා නොවේ. නීරක්තිය නිර්ණය කල සෑම රෝගියෙක්ටම හිමෝග්ලොබින් මට්ටම පහත් සාමාන්‍ය අගයට ගන්නකම්ම රුධිර පාරවිලනය කරන අතර ඖෂධ ද ඒ සමගම දෙනවා. එසේ පැමිණි එක් රෝගී කතක් හත් මස් වියැති ගැබිණියක් වූ අතර ඇගේ හිමෝග්ලොබීන් මට්ටම 3.6 g/dl ලෙස සටහන් වී තිබුනා. ගෙදර තව දරුවන් දෙදෙනෙකුත් සිටින ඈ කොහොමද මෙහෙම හිටියේ යන්නයි අපිට ප්‍රශ්ණයක් වුනේ. සැමියා කුලී වැඩ කරන අතර ජීවත් වෙන්නට දැඩි සටනක නිරත වෙන ඔවුන්හට නිසි පෝෂණ ආහාර වේලක් ගැනීම ගැන උපදෙස් දීම ගඟට ඉණි කපනවා වැනි වැඩකි.
මේ දිනවල මේ ප්‍රදේශයට ඇද වැටෙන වර්ෂාව නිසා පහත් බිම් වල වතුර පිරිලා.වැස්ස කොයිතරම් සොඳුරු වුනත් වැස්සේ තෙමෙන එක කොයි තරම් සොඳුරු වුනත් , ගම් බිම් යටකරගෙන උන් හිටි තැන් අහිමි කරන එකත්, නුදුරු දිනවල ඩෙංගු වැනි වසංගත රෝග පැතිරෙන එකත් එතරම් සොඳුරු නෑ.
"I love to walk in the rain because no one can see me cry"....
වැසි වැටෙන රාත්‍රී කාලයේ උනත් කුඩයක් ඉහලගෙන චොර චොර හඬින් පෑගෙන මඩ කඩිති උඩින් පැන පැන වාට්ටුවට යන්නේ කළ යුතු කාර්‍යය ඒ අයුරින්ම කිරීමටයි. අද උදේ වාට්ටුවට ගියේ පුළුවන් කමට නොවේ. උණ හෙම්බිරිස්සාව කැස්ස නිසා ඔද්දල් වුනු ශරීරයේ හැම මාංශ පේශියක්ම ඇදුම් කද්දී , කිසිදාක සහනයක් නොලැබෙන සිතුවිලි කන්ද පාමුල හිතේ හිස්කමත් කරපින්නාගෙන කළ යුතු වැඩ කොටස ඉටු කිරීමට උදෑසන 6.55 පමණ වෙද්දි වාට්ටුවට ගියෙමි. සෑම රෝගියෙකුම පරීක්ෂාකර ඔවුන්ගේ දුක සැප විමසා ඒ අවසන මේසයට පැමිණි මට දැඩි කලාන්ත ගතියක් එනවාත් හිස මේසය මත තබනවාත් පමණි මතක. ඉන්පසු හෙදියක විසින් මා නැගිටවා ඇතුලු කාමරයේ තිබූ ඇඳට මා ගෙන ගොස් තිබිනි. පැය 2 පමණ නින්ද ගිය මට නැවත ඇහැරුනේ කෑම බීම සමග තේ සාදා ඔවුන් කතා කල හඬිනි. වෛරස් උණ රෝගය නිසා පැය 6න් 6ට පැරසිටමෝල් පෙති සමග පුළුවන් තරම් දියර වර්ග පානය කරමින් හැකි අයුරින් වාට්ටුවේ වැඩ කළෙමි. හදිසි ලෙඩුන් පැමිණි විට විතරක් මා ඇහැරවනන්ට හෙදියන් පවා සැලකිලිමත් විය. එසේ ආ එක් රෝගියෙක්ගේ නාඩි පරීක්ෂා කරද්දී "ඩොක්ටර්ට උණ නේද ?" ඇය ඇසු විට හෙදියන්ට පවා සිනහා පහළ විය. අනෙක් වෛද්‍යවරිය පැමිණෙන තෙක් මා වාට්ටුවේම රැඳුනෙමි.
The only path to happiness is to accept life as it comes. this I've realized after so much of heartaches and heart breaks.
යමකට හෝ දෙයකට ඇලෙන්නේ ගැටෙන්නේ බැඳෙන්නේ නැතුව ජීවත් විය හැකිනම් අපේ හිත් වලට දැනෙන මේ සංකා සෝ තැවුල් කිසිවක් නැතිවේවි. ඒත් එක්කම සතුට හිනාව සොම්නස මේවාත් නැති වේවි නේද ? මතුපිටින් පෙනෙනවාට වඩා බොහෝ දෑ ජිවිත වල පතුලේ සටහන් වී තිබෙනවා. නමුත් අපට පෙනෙන්නේ ... පෙනෙන්නට එළියට දමන දෑ පමණි. "ඔයාට මොනවාද තියෙන ප්‍රශ්ණ, අපටනේ ප්‍රශ්ණ තියෙන්නේ " යැයි කියන්නට කලියෙන් "මම තමයි ජීවිතේ වැඩියෙන්ම දුක් විඳලා තියෙන්නේ, මම තරම් පීඩිත වෙන කෙනෙක් නෑ" හිතන්නට කලියෙන් සිතන්න මේ වාගෙම හැමෝටම සිතෙන බව. නමුත් හැමෝම එක වාගේ ඒවා පෙන්වන්නේ නැති බව.
ජීවිතේ වෙනස් වෙන්නේ අපටත් නොදැනීම. කොයිතරම් යථාර්තවාදීව ජීවත් වෙන්නට සිදු වූවත් අපට සමහර විට අපේ අදහස් එක්කම ගැටෙන්න සිදුවෙනවා. බොහෝ කල් බලා හිඳ හිතට දැනුනු ලෙංගතුකම හිතටත් නොදැනීම හිත පතුලේම පැල පදියම් වෙලා. අපට දැනෙන අයුරින් ඒ විඳීම් එලෙසම අනෙක් අයටත් නොදැනෙන එකම තමයි මේ ජීවිතයේ ඇති අරුමය. මේ ගැටුම් වියවුල් සියල්ල එනිසා නොවේදැයි මට සිතේ. ජීවිතය කොයිතරම් දුක්බර වුනත් වාට්ටුවෙන් ටිකට් කපාගෙන යන රෝගීන්ගේ මුවින් ඇසෙන පැසසුම් සහ සැනසුම් වදන් පහන් හැඟුම් සමුදායක් ඇති කරනවා. දැන් දැන් සිංහල රෝගීන් බොහෝමයක් රෝහලට පැමිණෙනවා. අහනකොට කියන්නේ මෙහෙ දැන් හොඳයි සිංහල වෛද්‍යවරුන් බොහෝමයක් සිටින බවත් මෙහි සියලු පහසුකම් ලැබෙන බවත් හැම අතරම පැතිරෙන බව ඔවුන් අපට කීවා.
මෙහි පැමිණෙන බොහෝ දෙනෙක් නීරක්තියෙන් පෙලෙනවා. මෙයට බොහෝ හේතු තිබුනත් ප්‍රධාන හේතුව වන්නේ යකඩ ඌණතාවයි. පෝෂණය සහිත කෑම වේලක් ගන්න යැයි කීවාට ඔවුන්ගේ ප්‍රශ්ණ කන්දරාවත් සමග පෝෂණය සොය සොයා කෑම කන්න බැරි බව නොදන්නවා නොවේ. නීරක්තිය නිර්ණය කල සෑම රෝගියෙක්ටම හිමෝග්ලොබින් මට්ටම පහත් සාමාන්‍ය අගයට ගන්නකම්ම රුධිර පාරවිලනය කරන අතර ඖෂධ ද ඒ සමගම දෙනවා. එසේ පැමිණි එක් රෝගී කතක් හත් මස් වියැති ගැබිණියක් වූ අතර ඇගේ හිමෝග්ලොබීන් මට්ටම 3.6 g/dl ලෙස සටහන් වී තිබුනා. ගෙදර තව දරුවන් දෙදෙනෙකුත් සිටින ඈ කොහොමද මෙහෙම හිටියේ යන්නයි අපිට ප්‍රශ්ණයක් වුනේ. සැමියා කුලී වැඩ කරන අතර ජීවත් වෙන්නට දැඩි සටනක නිරත වෙන ඔවුන්හට නිසි පෝෂණ ආහාර වේලක් ගැනීම ගැන උපදෙස් දීම ගඟට ඉණි කපනවා වැනි වැඩකි.
මේ දිනවල මේ ප්‍රදේශයට ඇද වැටෙන වර්ෂාව නිසා පහත් බිම් වල වතුර පිරිලා.වැස්ස කොයිතරම් සොඳුරු වුනත් වැස්සේ තෙමෙන එක කොයි තරම් සොඳුරු වුනත් , ගම් බිම් යටකරගෙන උන් හිටි තැන් අහිමි කරන එකත්, නුදුරු දිනවල ඩෙංගු වැනි වසංගත රෝග පැතිරෙන එකත් එතරම් සොඳුරු නෑ.
"I love to walk in the rain because no one can see me cry"....
වැසි වැටෙන රාත්‍රී කාලයේ උනත් කුඩයක් ඉහලගෙන චොර චොර හඬින් පෑගෙන මඩ කඩිති උඩින් පැන පැන වාට්ටුවට යන්නේ කළ යුතු කාර්‍යය ඒ අයුරින්ම කිරීමටයි. අද උදේ වාට්ටුවට ගියේ පුළුවන් කමට නොවේ. උණ හෙම්බිරිස්සාව කැස්ස නිසා ඔද්දල් වුනු ශරීරයේ හැම මාංශ පේශියක්ම ඇදුම් කද්දී , කිසිදාක සහනයක් නොලැබෙන සිතුවිලි කන්ද පාමුල හිතේ හිස්කමත් කරපින්නාගෙන කළ යුතු වැඩ කොටස ඉටු කිරීමට උදෑසන 6.55 පමණ වෙද්දි වාට්ටුවට ගියෙමි. සෑම රෝගියෙකුම පරීක්ෂාකර ඔවුන්ගේ දුක සැප විමසා ඒ අවසන මේසයට පැමිණි මට දැඩි කලාන්ත ගතියක් එනවාත් හිස මේසය මත තබනවාත් පමණි මතක. ඉන්පසු හෙදියක විසින් මා නැගිටවා ඇතුලු කාමරයේ තිබූ ඇඳට මා ගෙන ගොස් තිබිනි. පැය 2 පමණ නින්ද ගිය මට නැවත ඇහැරුනේ කෑම බීම සමග තේ සාදා ඔවුන් කතා කල හඬිනි. වෛරස් උණ රෝගය නිසා පැය 6න් 6ට පැරසිටමෝල් පෙති සමග පුළුවන් තරම් දියර වර්ග පානය කරමින් හැකි අයුරින් වාට්ටුවේ වැඩ කළෙමි. හදිසි ලෙඩුන් පැමිණි විට විතරක් මා ඇහැරවනන්ට හෙදියන් පවා සැලකිලිමත් විය. එසේ ආ එක් රෝගියෙක්ගේ නාඩි පරීක්ෂා කරද්දී "ඩොක්ටර්ට උණ නේද ?" ඇය ඇසු විට හෙදියන්ට පවා සිනහා පහළ විය. අනෙක් වෛද්‍යවරිය පැමිණෙන තෙක් මා වාට්ටුවේම රැඳුනෙමි.
Wednesday, September 8, 2010
පුංචි විශ්මයන්....Its the heart that really matters in the end
සායනික සටහන් වලින් ඈත්වූ මොහොතක .......
සමහර විට අපට ඉතා සුළු දේවල් කියා දැනෙන ජීවිත සිදුවීම් ඇතැමෙකුගේ ජීවිත අවුල් වියවුල් කොට හානි කරන්නට තරම් විශාල වීම මොන තරම් ඛේදජනකද ? හමුවෙන දකින විඳින සියලු ජීවිත තුල ඇත්තේ අපේක්ෂා සහ බලාපොරොත්තු රාශියකි. හෙට නොව එන අවුරුදු කිහිපය ගැනම සිත සිතා සියල්ලෝ යුහුසුලුව ගමනේ යෙදෙයි. තම අරමුණු සාක්ෂාත් කර ගැනීමට අවට දහසකුත් දෙනාගේ හිත් වේදනාවට පත් කරයි. ඇතැමුන්ගේ ගමන හෙමින් නොව හැල්මේ දුවමිනි. "අපට වැඩි කාලයක් නෑ.. එනිසා අපි යන්න ඕනෙ හෙමින්" අජාන් බ්‍රහ්මවන්සෝ හාමුදුරුවන් වහන්සේගේ බණ දේශනාවල නිතර කියවෙන වදනකි. ඒත් කොහේවත් හෙමින් ගමනක් නම් නොම දැනේ.
මේ ගතවෙන්නේ ජීවිතේ හොඳම කාලයයි ඇතැමෙක් මට කියයි. ජීවිතේ හොඳ නරක සියලු දෑ සාපේක්ෂ නොවෙද... අද හොඳයැයි සිතෙන දේ හෙට නරක් වෙයි. හෙට වෙන තුරු ඉන්නත් අවැසි නෑ ඊළඟ තත්පරයම වෙනස් ය. මට වැටහෙන්නේ ඒ සාපේක්ෂ බවයි. විඳීම් සියල්ල සාපේක්ෂයි. එහි හොඳ හෝ නරක නැත ඇත්තේ විඳීම් පමණි. එතනින් එහාට ගත යුත්තක් නැත. නමුත් අපට කලාන්තරයක් පුරාවට මතක තිබෙන්නේ මේ විඳීම් පමණමයි.
රොබ් තෝමස් ගයන පුංචි විශ්මයන් little wonders ගීය මගෙ හදට සමීපයි. එය අසන අතරවාරයේ මට දැනෙන අයුරින් ඉංග්රීසි ගීයේ වචන හද බසට පෙරළෙයි. කිසිවෙකුට නොපෙනෙන්නට මේ සටහන් තියාගන්නට නොම සිතෙයි. වැල් වටාරම් ගොඩක් පමණක්ම වුනත් සොඳුරු විඳීම් ඇත්තනි මේ හද වැලපීම් ගැන කමා කරනු මැන. Its the heart that really matters in the end.
යන්න දෙන්න,…කරදර වලට
ඔබේ උරහිසෙන් එපිටට පෙරළී
යන්න ඉඩදෙන්න
ඔබ දන්නවාද …
අමාරුම හරිය දැන් අවසන්…
ඇතුල් වෙන්න ඉඩ දෙන්න
ඔබේ නිර්මලත්වය ඔබව තේරුම් කරනු ඇත
අවසානයේ අපට මතක තියෙනුයේ විඳීම් පමණකි…
අපේ ජීවිත ගොඩ නැගෙන
මේ ඇබිති හෝරාවන්
මේ සොඳුරු විශ්මයන්
දෛවයේ වෙනස්වීම් අතර
කාලය ගෙවී යයි
ඒත් මේ ඇබිති හෝරාවන්
මේ සොඳුරු නිමේෂයන්
තවමත් පවතී
දුක් කරදර සියල්ලට
ලිස්සා යන්න ඉඩදෙන්න
ඉදිරියට ඔබ යන්න ඒවා පසුකර
සොඳුරු විශ්මයන්ගේ දීප්තියෙන් පැහැබරව
දැනෙන තුරු ඔබට ජීවිතය
කම් නැත මට හිඳින්නට පුළුවන්
ඔබේ නැවතුම මා නම්
හැමදේම හරියාවි
මන්ද
අවසානයේ වැදගත් “හදවත” පමණක්ම නිසා
සියල්ලටම වඩා විශාල සෙනෙහස පමණක් නිසා
සේදී වියැකී යන
පසුතැවිලි වීම් අතර
මේ විඳීම් පමණක්
මතකයේ රැඳෙනු ඇත
එහෙත්,
මේ පුංචි විශ්මයන්
මේ ඇබිති හෝරාවන්
තවමත් පවතී…

Subscribe to:
Posts (Atom)