මුහුණින් පෙනෙන සිනහවට යටින් දුක්ඛ දෝමනස්සයන් බිලියන ගනනින් පොදි ගැසී ඇත. වෙනස ඇත්තේ හැමෝම තම ජීවිතවල කරදර දුක් අනෙකාට නොපෙන්වන නිසාය. මට හමුවෙන නොදත් මිනිසුන් බොහෝමයකගේ මුහුණු පුරා නිරන්තරයෙන් ඇඳී තිබෙන්නේ දුක පමණි. සිනහවක් නොමැති මුහුණු වල ඇත්තේ වෙහෙසකර බවකි..වයස්ගත වෙනතුරු ජීවිතයේ දුකම විඳපු මේ මිනිස්සුන්ගෙන් ඊට වඩා යමක් බලාපොරොත්තු වීමද කළ නොහැකිය.
දියවැඩියාව වැළඳී ඇති එක් කාන්තාවකට ඉන්සියුලින් ඉන්ජෙක්ෂන් ගැසීම ගැන උපදෙස් දෙමින් සිටියදී... ඇගේ ගෙදර ඉන්සියුලින් ගබඩා කිරීමට ශීතකරණයක් නැති බව පැවසුවාය. එහෙනම් අල්ලපු ගෙදරක ශීතකරණයක තබන්න යැයි කීවෙමු. ඒ ගමටම විදුලිය නොමැති බව ඈ පැවසුවාය. දරුවන් 6 දෙනෙකු සිටින ඔවුන්ගේ ආර්ථික මට්ටම ඉතා පහත් අඩියක පැවතිනි. ළඟම තිබෙන රෝහල වූයේද බොහෝ දුරකිනි. අප රෝහල ඇත්තේ ඊටත් බොහෝ දුරකිනි. ශීතකරණයක් ගන්නවාට වඩා සෑහෙන විශාල ප්‍රශ්න ඔවුන්ගේ ජීවිත පුරා ලියැවී තිබුන නිසා ඇගේ ගම ළඟම ඇති සෞඛ්‍ය සේවා කාර් යාලයට ඇගේ ප්‍රශ්ණය පිළිබඳව ලියා දන්වා ඇයට නිසි ප්‍රතිකර්මයක් කරගැනීමට සුදුසු ක්‍රියාපිළිවෙලක් සකස් කරන ලෙස ඉල්ලූයෙමි. පරීක්ෂා කරන බොහෝ දෙනෙකුගේ ඇඟ කොහේ හෝ ෂෙල් කැබලි වැදී තුවාල සහිතය. පැරණි සායනික සටහන් නැති වී ගොසිනි. ඒවා ගෙන ආවේ නැත්තේ ඇයිද ? ඒවාට සිදුවූයේ කුමක්දැයි විමසද්දී ගලන්නේ කඳුළු ගංගාවකි.... ඒ මෙකොණ ජීවිත වෙනස් වූ තරමය. ඉර හඳ යට තුලින් මා දුටුවේද ඒ ජීවිත ගංගාවෙහිම එක් පැතිකඩකි.
මේ ගීය ඉර හඳ යට චිත්‍රපටයෙනි. සදාකාලික වූ කිසිම දෙයක් නොමැති බව නොවැටහෙන ඇතැමුන් කල් ගෙවන්නේ සදහටම ජීවත් වෙන්නේ යැයි සිතමිනි. අප මිය ගිය පසු අපි මේ අපේ යැයි එක් රැස් කරගන්නා කිසිවකින් අපට පලක් නොවනු ඇත. සංසාරය පුරාවට ගොඩ ගැසී ඇති සබඳතා නොයෙක් වර නොයෙක් ආකාරයෙන් මතුවේ. හිතේ විශ්මය නම් ඒ සියල්ල සංවේදී සිත් සතන් ඇති අප ජීවිතය පුරාවට විඳින හෙයිනි.
මතුපිටින් දකින්නාවූ හැඟීම් දැනීම් පමණකින් අප කවුරුන්දැයි විග්‍රහ කිරීම කල නොහැකිය. සමහර අය බොහෝ දෑ සිතේ ගොනු කරගෙන වෙනස්ම වූ ප්‍රතිරූපයක් අන් අය වෙත මවා පායි. සමහරුන් හිතේ මතුවන සියල්ල ඒ ආකාරයෙන්ම පිට කරයි. සැවොම එකිනෙකාට වෙනස්ම වූ සිතුවිලි, විඳීම් සහ දැනීම් සමග පොරබදන මේ ඉර හඳ යට දී ආදරේ පමණක්ම විඳින්න හැකිනම් ලොව කෙතරම් සොඳුරු තැනක් වෙනු ඇතිද ?
තුති ගීතිකාවක බැතිය මවන පවනේ කිතියෙන්
මේ නෙත් උළෙලට එන්න
ඇතුල් හිතේ තියෙන රෝස කැකුළු වර්ෂා අස්සෙන්
අහසේ පැල් බැඳ සදා බලා හිඳිනා ….
මේ ඉර හඳ යටදීම ආදරේ විඳින්න
ජීවිතේ විඳින්න…
ආවේ කොහෙන්ද
ඉන්නේ කොතැනද
මෙහි කවුරුවත් නෑ අහන්න
නොසිතූ මොහොතක මියයන්නට පෙර මේ හමුවීමම කොයිතරම්ම උතුම්ද
තෙත් සමණල් පෙල පාළියේ එන්න
මේ ඉරහඳ යටදීම ආදරේ කරන්න ජීවිතේ දකින්න…
ආවේ තනියම…
යන්නේ තනියම…
එනමුදු තනි කවුරුන්ද…
සුසුමට වැඩියෙන් සමීප වන්නට ,…මේ ළංවීමේ වෙන්වීමක් කොයින්ද
මේ මානව සුවඳේ ගිලෙන්න… මේ ඉර හඳ යටදීම ආදරේ කියන්න …
ජීවිතේ හොයන්න…
composed by - Nadeeka guruge
සිත් ආරේ දැක ආමි
ReplyDeleteහදිසියේ බැවින් නොකියවීමි
නැවත එන්නට දොර හරින්නට
මගේ ගොඩට මුණ දාගතිමි.
ස්තූතියි ආවට. නැවත එන එකටත්. මාත් දඩිබිඩියේ උනත් හැමෝගෙම ලියවීම් කියවනවා. හරි රසවත් බ්ලොග් ලිවීම වගේම කියවීම උනත්
ReplyDelete