Wednesday, February 8, 2023

ඉන්දියාව ද කියවන සායනික සටහන් නොවේ ! India reads Sayanika Satahan nove ...

ශ්‍රී ලාංකික ලේඛක රිශාන් ෂරීෆ් විසින් පරිවර්තනය කරන ලද සායනික සටහන් නොවේ හි දමිළ පරිවර්තනය ඉන්දියාවේ චෙන්නායි ජාත්‍යාන්තර පොත් ප්‍රදර්ශනයේ Chennai International Book Fair 2023 හි Vamsi Publications හි දී ජනවාරි 16 වැනිදා පල විය.

Tamil translation of My third book Sayanika Satahan Nove is now available at the Chennai International Book Fair 2023. Translated by M. Rishan Shareef

The book consist of 60 stories which addresses true work and life situations where medical facts are incorporated in story form. The stories not only bear medical problems but societal problems and highly sensitive issues that need to be addressed and discussed. 

සෞඛ්‍ය කතන්දර පොත් ලියන්නේ ඇයි ? 

පශ්චාත් යුද සමයෙහි උතුරු ප්‍රදේශයේ ප්‍රධාන රෝහල් දෙකක ( වවුනියා සහ කිලිනොච්චි) සේවය කරමින් අතිශය තීරණාත්මක කාලයක උතුරු ලද සමාජ අත්දැකීම් ඔස්සේ අනිත් කොන නමින් බ්ලොග් සටහන් ලියන ලදී. කතන්දර ඇසීමට මිනිසුන් කැමතිය ඒ නිසා නීරස වෛද්‍ය කරුණු සැබෑ ජීවන අත්දැකීම් හා මුසු කොට කතන්දර ආකාරයෙන් ලිවීමට පෙළඹුනි. ඉන් කියවන්නා තුල කියවීමට ආසාවක් ඇතිවේ. එසේ ලියූ බ්ලොග් කතන්දර ඔස්සේ ඉන්පසු අනිත් කොන නම් පළමු පොතද මනුපුර සක්මන නම් කවි පොතද 2014 වර්ශයේ ප්‍රකාශනය/ මුද්‍රනය කෙරිනි. 
 රෝගියා හෝ සමාජය රෝගය ගැන දැනුවත්නම් එයින් රෝගයට ප්‍රතිකාර කරන්නට පමණක් නොව, රෝගයක් වලක්වාගැනීමට ද මහඟු උපකාරයක් වෙයි. නමුත් අප රටේ සමාජය තුළ තිබෙන දුර්මත, මිත්‍යාවිශ්වාස සහ දැනුම ලබා ගැනීමේ අපහසුතා නිසා රෝග නිවාරණය සහ වලක්වා ගැනීම පිළිබඳ ඇත්තේ බොහොම අයහපත් ආකල්පයකි. මේ දැනුම් රික්තකය පිරවීම සඳහා සුලභ රෝග , සමාජ අර්බුද ගැටළු සහ සෞඛ්‍යමත් ජීවන රටාව පිළිබඳව කතන්දර කියන්නට මා පෙළඹුනි. 

එසේ සතිපතා ලේක් හවුස් රැස පුවත්පතෙහි සෞඛය පිටුව වෙනුවෙන් වසර දෙකක් ලියූ සායනික සටහන් නොවේ සෞඛ්‍ය කතන්දර රැගත් ලිපි 60ක් සායනික සටහන් නොවේ නමින් ද ග්‍රන්ථ.lk වෙතින් ප්‍රකාශනය කරන ලදි. 

රිශාන් ෂරීෆ් නම්රාජ්‍ය සම්මානලාභී ශ්‍රී ලාංකික ලේඛක/ පරිවර්තක මහතා එම පොත කියවා එය දමිල බසට පරිවර්තනය කරන්නට කතිකා කරගන්නා ලදි.
දමිළ බසට පරිවර්ථනය කරන ලද සායනික සටහන් නොවේ පොත, மருத்துவக் குறிப்புகள் அல்லாதவை
මරුත්තුවක් කුරිප්පුගල් අල්ලාදවෛ
Maruththuvak kurippugal allaadhavai නමින් ඉන්දියාවේ වම්සි මුද්‍රන සහ ප්‍රකාශන ආයතනය විසින් ප්‍රකාශනයට පත් කරන ලද අතර එය පසුගිය 16 වැනිදා චෙන්නායි නගරයේ වාර්ෂිකව පවත්වනු ලබන ජාත්‍යාන්තර පොත් සල්පිලෙහි වම්සි ප්‍රකාශන ආයතනයේ කුටියේ දී අලෙවි කිරීම ආරම්භ කලා.

ලංකා ජන සමාජයේ ඇතිවූ ප්‍රශ්න බොහෝමයකට හේතුවන්නේ අනෙකා තේරුම් නොගැනීම සහ සන්නිවේදනයේ දුර්වලතා ය. මේ රටේ ජනවර්ග අතර සන්නිවේදනයට අනෙකාගේ බස දැන සිටීම මහත් ආශිර්වාදයක් බව මා වටහා ගත්තේ යුද්ධය අවසන් වී ඊළඟ වසරෙහිම උතුරු කොන ප්‍රධාන රෝහලක සේවය කිරීමට ගිය පසු ය. මේ පොතේ ඇති බොහෝ කතන්දර අප සමාජයේ ජීවන අරගලයෙහි හැඩතල පෙන්වා දෙයි. උතුර ද කියවිය යුතු රෝග වලකාගැනීමේ සිට යුද්ධය විසින් ඉතිරි කළ සමාජ ඉරිතැලීම් ද මෙහි කතා තුලින් ඔබට හමුවේ. තම මව් බිමේ දීම අවතැන් වූ ජනතාවගේ ඉකිබිඳුම් අහිමි වීම් හිත් බිඳීම්, හිත හදාගැනීම් මේ කතන්දර තුලින් හමුවේ. ඉතින් මේ පොතේ ආමන්ත්‍රනය අප රටේ සමස්ත ජනතාවටම නිසා සහෝදර දමිල ජනයා විසින් මේ පොත ඔවුන්ගේ බසින් කියවීම අවශ්‍යමය කියා මට සිතේ. 

ඔවුන් මේ කියවන්නේ දශක තුනක යුද්ධයක් පැවති රටක, උතුරු කරයම පුපුරා ගිය කාලයක උතුරු කොන රෝහලක සේවය කළ සිංහල වෛද්‍යවරියකගේ අත්දැකීම් ය. එකම රටක ජාතියෙන් වෙනස් වූ නිසාම ඇතැම් අවස්ථාවලදී අප වෙනස් සැලකුම් ලැබූ හැටි ය. ඉතින් ඉන්දියාවේ දමිල බසින් පරිවර්තනය වීම නිසා මේ පොත කියවීමට ලංකාවේ දමිල කියවන කතාකරන සහෝදර ජනතාවට ද අවකාශ සැලසේ. එමෙන්ම මේ රෝගාබාද පිළිබඳ සමාජය දැනුවත් කිරීම, වෛද්‍ය සන්නිවේදන සහ දැනුවත් කිරීම අත්‍යාවශ්‍ය සමාජ කාර්යයභාරයකි. එනිසා මේ දැනුම සමාන සමාජ තලයන් ඇති ආසියාතිකරයේ රටවල් කියවීමද එම සෞඛ්‍ය දැනුම බෙදා ගැනීමේ සමාජ කාර්යය ඉටු කිරිමෙහිලා වැදගත් පියවරකි.

වෛද්‍ය බෝධීනි සමරතුංග
📷 Pic credit Author/journalist Sujith Prasanga

13 comments:

  1. ගොඩක් සතුටුයි ඩොක්ට,
    භාෂාව නිසා තමයි මිනිස්සු බෙදුනේ.
    ලංකාවේ මිනිස්සුන්ගේ බෙදීම් හොදට පෙන්නේ පිටරට ඉන්න අපිටයි.. වෙන රටක ඉන්නකොට ඔය බෙදීම් ගොඩක් අඩුයි.

    ReplyDelete
    Replies
    1. සුබ පැතුම්වලට බොහෝ ස්තූතියි !

      Delete
  2. සුබ පැතුම්! ඔවුන්ට හොඳ insight එකක් වේවි.

    ReplyDelete
  3. ඉතා සතුටින් දන්වන වග නම්; මේ දිනවල බ්ලොග් හමුවක් පිළිබඳ කතිකාවතක් ඇතිවී ඇත. දැනට යෝජනා වී ඇති අකාරයට බොහෝ විට එය අප්‍රේල් මාසයේදී යෙදෙනු ඇත! මේ පිළිබඳව ඔබගේ සහභාගීත්වය, ස්ථානය, දිනය හා ආකෘථිය පිළිබඳව මෙහි ලියා හෝ අපගේ ලිපිනයට දන්වන්නේ නම් මැනවි. මෙයට සමගාමීව බොහෝ පැරණි බ්ලොග් ලියන්නන් නැවත ලිවීම අරඹා ඇති බව දන්වන්නේ සතුටිනි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම විටින් විට ලියමින් හිටියාට ඒ ආරංචියත් එක්ක නැවැත බ්ලොග් මතක් වුණා කියන එක හරි. ඔබට ස්තූතියි.

      Delete
  4. සුබ පැතුම්! මෙය සාර්ථක වී ඉදිරියේ ද තවත් ‍සන්නිවේදන කටයුතු සමාජයේ යහපතට කරන්නට ලැබේ යයි පතමි.

    ReplyDelete
  5. සුබ පැතුම් ! තවමත් සිංහල පොත කියවීමට නොහැකි වීම ගැන කනගාටුයි

    ReplyDelete
  6. දෙමළ භාෂාව ගැන දැනුමක් තිබුන පලියට වත්. දෙමළ මිනිස්සු වැඩි තැනක ඉස්පිරිතාලෙක සේවයකලා වුනත්.එයින් දෙමළ ජාතිකවාදය ගැන විශේෂ දැනුමක් ලැබෙනවා කියලා හිතන්න හේතුවක් නෑ.
    කොහොමත් දොස්තරලා ගැන මගේ අත්දැකිම අනුව ලෙඩකට බේත් ගන්නකොට දොස්තර උපදෙස් පිලි පැදීම හැර අනෙක් හැම කාරණයකදිම දොස්තරලා කියන දේවල් වල ගතයුත්තක් නෑ. උන් පට්ට මෝඩයි.
    ඒ වගේම මම මුලින් හිතුවේ ඔයාගේ පොතක් ගන්න ඔයාම බ්ලොග් ලිපියකින් පිලිගත්තා, “සුන්දර දෙමළා“ තේමාවට පිටින් යන අත්දැකිම් පලකරන්නේ නෑ කියලා. එහෙනම් පොත අරන් වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ! මේ පොතේ ඇත්තේ බහුතරයක් ලෙඩ රෝග ගැන කතන්දර තමා.

      Delete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !