Sunday, August 1, 2021

දැන් අත හෝදන්න ඕනෙ නැද්ද ?

"මහත්මයා මාස්ක් එක හරියට දා ගන්නවද ?" 

"මේ මම ෆේස් ශීල්ඩ් එකක් දාගෙන ඉන්නේ හරිද ?" 

රූපවාහිනී වැඩසටහන්වල ෆේස් ශීල්ඩ් විලාසිතාව නිසා සමාජගත වුණු තවත් අමනෝඥ වැඩක් ඒ. 

හපොයි ! 

මම අත හෝදමින් ඉන්න අතර කෙලින්ම සුපර් මාකට් එකට යන පිරිස දැක...
මුරකාර උන්නැහේගෙන්....

"මහත්මයා දැන් අත හෝදන්න ඕනෙ නැද්ද ?" 

අනේ අපි කීවට අහන්නෑ..
ඕක තමා මුරකාර උන්නැහේලාගේ උත්තරේ... 

කොහේ ගියත් ඇතුලේ සෙනඟ වැඩි නම් මම එතැන සිට දොර ළඟ හිටගෙන ඉන්නවා. 
එන එන කෙනාට පැහැදිලි කරලා කඩේ අයටත් පැහැදිලි කරනවා. හැකි තරම් ඔන්ලයින් ඩිලිවරි ක්‍රමයට ගෙදරට අවශ්‍ය කෑම බීම ගෙන්වා ගන්නවා. 

ඒත් මරණ සංඛ්‍යාව සහ පොසිටිව්  pcr දත්ත, අනේ මෙහෙමත් රටක්...කියා අපේ හිත්වල සුසුම් මවනවා. 🤷🤷🤷 

home quarantine කරන වැඩෙත් වෙනවා දැන් දැන් ඉස්පිරිතාලවලට දරාගන්නට බෑ මේ රෝගීන් ප්‍රමාණ. ඒත් ඉතින් ඒක ගැන හරි දැනුවත්භාවයක් නෑ. 

මේ පාරේ ගෙදරක් කොවිඩ් පොසිටිව්... සමහර අය හෝම් කොරන්ටයින් 
ඒ ගෙදර ගෑණු කෙනා පෙරේදා මම වැඩ ඇරී එද්දිත් මාස්ක් එකක් නැතුව ඉස්සරහ ගෙදරක ගේට්ටුවක් අල්ලන් කතාව...
අද උදෙත් තව ගෙදරකට ඇවිත් මුට්ටියක් ඉල්ලලා..mask එකක්නම් මළාට දාන්නේ නෑ.
ඊළඟ දවසේ හවස මාස්ක් එකක් නැතුව පාර අතුගානවා...
ඔක්කොම ගෙවල්වල ඇන්ටිලා කලබල වෙලා කෝල් කර කර එකිනෙකා සමඟ කියනවා.
මම ඇහුණ ගමන් PHI ට කෝල් කරලා කීවා.
මේවා අපිට නිතර පෙනෙන්නේ  නෑනේ අපි වැඩට ගිහින් නිසා ගෙවල්වල නෑනේ. 

ඔබ මේ ගැන හිතන්න ගන්න. කොහොමද අපි අප ඉස්සරහ ඉන්න මනුස්සයා හරි ප්‍රවේශම් කෙනෙක්ද කියලා සහතික වෙන්නේ. එනිසා ඔබ මාස්ක් එක පළඳින්න.මීටරකට වඩා ඈත් වෙන්න.
මේ ලියන මම ගෙදරින් පිටවුණාට පස්සේ කිසිම හේතුවකට මාස්ක් එක ගලවන්නේ නෑ. මුහුණු ආවරණය ගලවන්නේ නෑ.
ඒත් අපි සමඟ ගෙදර ඉන්න අනිත් අය ඒවගේම ප්‍රවේශම්ද කියා අපි දන්නේ නෑ. "අනේ මොන කොවිඩ් ද ඒ මනුස්සයට" කියා නොසැලකිල්ලෙන් හැසිරෙන්න පුළුවන්. 
සමහරු "එන්නත් ගැහුවත් හැදෙනවා.. බෝ වෙනවා ඉතින් මොකටද එන්නත්" කියලා කිසිම විද්‍යාත්මක පදනමක් නැති කතා කියමින් තර්ක කරනවා. එහෙම එහෙම සමාජයෙ ප්‍රවේශම් නොවන අය නිසා අති ප්‍රවේශම් අයත් අමාරුවේ වැටෙන්න පුළුවන්.

අදම එන්නත ලබා ගන්න. එන්නත් දෙකම විදලත් කොවිඩ් හැදුණු ප්‍රතිශතය ඉතාම අඩුයි කියල කියනවා ඇහුණා. 
එන්නත ලබා ගත්තත් ඔබේ ප්‍රවේසම පෙර පරිදිම පවත්වාගෙන යන්න 

කොවිඩ් දිනපොත 2021

1 comment:

  1. මගුල් උත්සව ගන්නවා,විනෝද වෙනවා, දහස් ගණනින් පාරට බැහැලා ඉල්ලීම් දිනාගන්න උද්ඝෝෂණය කරනවා. කොරෝනා පාලනය කරන්නෑ කියලා බනිනවා!

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !