Tuesday, July 14, 2020

මේ දුක හරි පොඩියි !

ජීවිතයේ තනිවුණු දා දැනෙනා ළතැවුල් අත ගෙන
මහ ගින්නක පැන මියෙන්න සිතක් සිතනවා
සාගින්නද උහුලනු බෑ පොඩිවුන් අරගෙන පිම්මට
මහ දියකඳ බදා වැළඳ නිමක් සොයනවා

අනෙකා ඇවිදින මග තොට උන් විඳිනා මහ කරදර
ඒ ගැන වඩියක් හිතුවද ඔබෙන් අහනවා
උන් ඇවිදින ගව් සිය දුර උරහිස් දරණා බර පොදි
ඒ ගැන විමසා සිටි උන් නැතැයි පෙනෙනවා

සංසාරේ විඳිනා දුක මඟ සොයලා මඟ දකින්න
මුනිවරයන් දෙසූ දම් හඬ අදත් ඇහෙනවා
අනුන්ගෙ දුක දකින තැනදි බදා වැළඳ දරණ විටදි
මේ දුක් කඳ මොන පොඩීද කීයා සිතෙනවා

බෝධිනී සමරතුංග
2020 ජූලි
මිනිසුන්ගේ දුක් විඳීම් ගැන සත දෙකේ කතාවකින් පසු !
After discussing my 2 cent on "problems with a med friend.
(උපුටා ගැනීම හෝ කොපි කිරීම නොකරනු මැනවි)
ඇවිලෙන සිතකට දම්පැන් සොයමින් ඇවිදින කතරක
දහම් හඬින් මුලා කරන දනෝ

1 comment:

  1. 2020 අලුත්ම සින්ඩිය ඔබේ බ්ලොගය ඇතුලත් කරන්න පහත ලින්ක් එකෙන් එන්න. https://techwishwayasyndi.blogspot.com/

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !