Saturday, July 29, 2017

සමාජ ජාලා හරියට පිහියක් වගේ , AK's 2 cent

මිනිස්සු අහන්නේ " කොහොමද ඔය සේරම කරන්න වෙලාව හොයා ගන්නේ" කියලා. එයාලා අහන්නේ නෑ.. බබා නිදි පැය කීයක් වැය වෙනවද කියලා මේ ලියවිල්ලට. එයාලාට පේන්නෙ නෑ කොහොමද මෙච්චර දුරක් ආවේ කියලා. දැන්නම් ඒවට උත්තර දෙන්නෙත් නෑ.
මොකද ඉන් සමහරක් , තමන්ගේ ගැන, තමන්ගේ පවුල ගැන පමණක් සිතන අය. ඔවුන් සිදු කළ යුතු මෙහෙය වත් සිදු කරන්නේ නැති අය. අන්තිමට ඒ සියල්ලත් අපේ පිට මතම පැටවෙන්නේ. විශ්‍රාම ගිය දිනක ලියන්න බොහෝ දේ තියෙනවා.

People tend to ask me how I manage everything and writing "
I want to ask them 
"I wonder how you don't do everything you could and even what you should !"
but then I remember , its always better to be polite than creating an enemy who is self centered and selfish.
Go home, love your family, take care of those who need your help at the right time , dont worry about us who types, writes or creates when our kids are asleep !

ඔහොම ඉන්න කොට මේ වගේ දේවල් වලටත් ආරාධනා ලැබෙනවා. සමාජ ක්‍රියාකාරිනියක් ලෙස මාව හඳුනා ගත් එකට ගොඩක් ස්තූතියි. විශේෂයෙන්, අපි වගේ රෝහල් සහ සමාජය අතර ගැටෙමින් වැඩ කරන අතරේ සමාජ සුබසාධනය වෙනුවෙන් අපි කොහොමද සමාජ මාධ්‍ය ජාල යොදා ගන්නේ කියලයි මෙතෙනදි කතා වුනේ.

ප්‍රෝග්‍රෑම් එක කරන අය මගෙන් ඉංග්‍රිසියෙන් ප්‍රශ්න ඇහුවේ. නමුත් ඇත්තටම මම ලියන බහුතරය සිංහල අන්තර්ගතයන්. කළින් nation පුවත්පතේ, අනිත්කොන ලිපි වගේම ඉංග්‍රිසියෙන් ලියපු කොලමක් කළාට ඒක ගොඩක් කල් ලියන්න බැරි වුනා, වෙලා මදි වීම නිසා.


ඒවා බොහොමයක් මගේ ඉංග්‍රිසි බ්ලොග් එකේ තියෙනවා. "doctorsheartsutra.blogspot.com"

ඇත්තටම සමාජ මාධ්‍ය ජාල තුලින් බොහෝ පිරිසකට ඉක්මනින් පණිවිඩයක් දීම සිදු කළ හැකියි. අපි ඒක දැක්කා බොහෝ ව්‍යසන වලදී. බත් පැකට් එකේ ඉඳන්, කන බොන දෑ, පවා එකතු කළේ ඒ හරහා, එමෙන්ම මීනිස් ශ්‍රමය, වෛද්‍ය සහය පවා. එනිසා සමාජ සාධනයට මේ මාධ්‍ය ඉතා හොඳ ක්‍රමයක්.

ඒත් අවාසනාවකට එයත් "මෙවලමක්" විතරයි. වෛද්‍යවරයා පිහියෙන් සැත්කම් කර ජිවිත බේරා ගනිද්දී, මිනීමරුවා පිහියකින් ජීවිත උදුරා ගන්නවා. ඒවගේමයි මේ සමාජ ජාලා කියන දේවල්. පාවිච්චි කරන්නාගේ මානසිකත්වය අනුව ප්‍රතිඵල වෙනස් වෙනවා.

ඒවගේම ඔබව සැබෑ ලෙස හඳුනා ගන්න නම් , ඔබේම අනන්‍යතාවයක් ගොඩ නගා ගන්න, ඔබේ නිර්මාණශීලීබව, ඔබට අනන්‍ය වූ එකක් කර ගන්න, අනුන්ගේ අදහසක් හෝ ක්‍රියාකාරකමක් ඔබේ කරගන්නට යෑමෙන්, සියල්ලන්ගේම දෝෂදර්ශනයට ලක් වෙනවා. මට එවැනි වූ බොහෝ අය හමුවී තිබේ. ඔවුන්ට දවස අවසානයේ තමන් ගැන ආත්ම අභිමානයක් ඉතිරි වේදැයි මම සිතමි !
be fresh, be original, be imaginative and your creativity will be at its best !
ස්තූතිය, UNFDA , ivoice.lk

8 comments:

  1. Appreciate your mission & committment

    ReplyDelete
    Replies
    1. ස්තූති ඉයන් අයියා !

      Delete
  2. හොඳින් හඳුනගෙන හැකියාවක් නිතර
    තමන් තබන සළකුණ දැනගනු මිතුර
    දුවන් නැතුව පිළිවෙලකට ලොව අතර
    හොඳින් ගමන් යනවිට ජයවෙයි මිතුර....

    ජයවේවා!!!

    ReplyDelete
  3. If there's a will - There's a Way !!! උවමනාව ඇත්නම් ක්‍රමයක්ද ඇත. කියන දේ මම තදින්ම විශ්වාස කරනවා. සමහරු ඉපදිලා ඉන්නෙම නිදා ගන්න. නොනිදන මිනිසුන් මේ අයට දවල්ට කියවන්න යමක් සපයන බව ඔවුන් දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්තටම ඇත්ත... මම පොඩි කාලේ ඉඳන් පාඩම් කරන මේසෙ ඉස්සරහ ගහගෙන හිටියේ "they burnt their oil while others slept" ඒක මට ලියලා දුන්නේ ලොකු අයියා, ටොකු අනිමින් ඉංග්‍රිසි ලිට් උගන්නපු ලොකු අයියා.. අවුරුදු 14 විතර. අපිට ඉගෙනුම මිසක් අන් සරණක් තිබ්බේ නෑ. මම පසුව ඒ කතාවත් ලියන්නම් ස්තූතියි අයියා මේ අදහසට !

      Delete
  4. “Suddenly you realize that you are the mother of the Universe, eager to protect, transform and care every soul of the world.”
    ― Amit Ray

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !