"අපොයි ඔය මැඩම් ඕනෙ නෑ මල්ලි" මම සුපුරුදු වචන ටික කීවා.
"අක්කෙ... මම ලිරික්ස් කරා ෆිල්ම් එකකට"
"ඉතින් මොක කළත් ඕවා මට ප්‍රසිද්ධියේ සතුටෙන් ලියන්න බෑනේ.... " ඔවුන් ගේ පසුගිය කාලය සමග ඇති බිහිසුණු සබැඳියාවන් ගැන ඔවුන් ඇත්තේ කළ කිරිමෙනි. එනිසා ඒවා ෂෙයා කරගැනීමට හෝ උදම් ඇනීමට ඔවුන් බියෙන් සිටී. මට නම් ඔවුන් සැබෑම වීරයන් ! ඒ ඔවුන් බොහෝ කරදර විඳ, බොහෝ අකටයුතුකම් මැද, යළිත් ජීවිතය ජය ගත් නිසා ය. හිත් හදා ගත් නිසා ය.
ඔවුන් මෙන්ම මම ද බියවූ කාලයක් විය. එකල ලීවේ අනවර්ථ නමකිනි.
"කවුද මේ අයගෙන් විශේෂ හැකියා තියෙන අය " කියා ඇසූ විශේෂඥ වෛද්‍යවරයා ද,
"මෙන්න මෙයාට ලියන්න පුළුවන්" යැයි කියූ ලක්මිණි අක්කා ද, මතක් කළ යුතුම ය.
ඉන්පසු වෝඩ් රවුන්ඩ් එකේදී එක් මවක්, දරුවන් කිහිප දෙනෙක් සුනාමියෙන්ද, ඉන්පසු යුද්ධයෙන්ද අහිමිව නැවත බොහෝ වයස්ගතව දරුගැබක් සහිතව පැමිණ අපේ ප්‍රශ්න කිරීම් හමුවේ හඬා වැටෙමින් කතාව කියද්දී..
" මේවා ලියන්න පුළුවන් නේද, ලියන්න මේ කතා " යැයි විශේෂඥ වෛද්‍යවරයා පැවසූ..ඒ මොහොත නොවේනම් මා අනිත්කොන ගැන සිතන්නේවත් කොහොමද අර මහා වැඩ කන්දරාවේ ගිලෙමින් උතුරු කොණේ තනිවී සිටි ජීවිතේ දුෂ්කරම අවදියේ මට මේ බ්ලොග් ලියවිල්ල අපූරුම ආශිර්වාදයක් වුනා.
උතුරේම මහා රෝහල වූ හෙයින් ගලන ජන ගංගා මෙන්ම ඔවුන්ගෙන් ගලන කඳුළු ගංගා ද දරන්නට වුනේ අපට ය. බොහොම අබලන් වෛද්‍ය නේවාසිකාගාරයේ අපේ කාමරයට පැමිණි පසු බොහෝ විට මා කලේ මේ දුක් කතා මෙහි සටහන් කිරීම ය. අනිත්කොන නම මතක් වෙන්නේ මේ සඳහා සුදුසු නමක් සිතන විට ය. ඉතින් මා අනිත් කොන වූයේ බ්ලොග් එකෙන් පොතක් මුද්‍රණය වෙනකම් විතර ය.
මුලදී බොහෝ මිතුරු හමු සහ බ්ලොග් සම්මාන උළෙල වලින් වැලකී සිටියේ අනවර්ත නමකින් ලියූ හෙයිනි. රටේ තීරණාත්මකම අවධියක බොහෝ සංවේදී පරිසරයක වැඩ රාජකාරි කිරීම මෙන්ම ඒවා ලිවීම ද හරි පරිස්සමෙන් කළ යුතු වූවා.දුර බැහැර නිසාම ආයේ ඕවට යන්න එන්න බැහැයි සිතුන වාර ද විය.
නිදහස් සිතුවිලි බ්ලොගයේ රන්දි නොවේනම් පොතක් කරන්න මගෙ හිතකවත් තිබුනේ නැත. ඉතින් ඔහොම මෙහෙම ලියාගෙන කියාගෙන ආ බ්ලොග් පිටුවට අවුරුදු දෙකක් පමණ නරක දසාවක් ලැබුනේ රාජකාරි අධික වීමෙනි. දැන් ඇයට දෑවුරුද්දකි. මෙවර බ්ලොග් සම්මාන උළෙලට මගේ පිටුවත් නිර්දේශ වී තිබිණි.

බ්ලොග් සම්මාන උළෙලෙහි වසරේ හොඳම බ්ලොග් ලිපිය - අධ්‍යාපන අංශයෙහි ප්‍රථම ස්ථානය ද, හොඳම බ්ලොග් අඩවිය සඳහා කුසලතා සම්මානය ද අනිත් කොන ලියන ම වෙත හිමි විය.
මට සම්මාන පිරි නැමූ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සහ කරූ ජයසූරිය මහතා සම්මාන දෙන විට, මා වැඩ කළ රෝහල් සහ දැන් සිදු කරන කාර් යය භාරය ගැනත් විමසන්න අමතක කළේ නෑ.
මට සම්මාන පිරි නැමූ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සහ කරූ ජයසූරිය මහතා සම්මාන දෙන විට, මා වැඩ කළ රෝහල් සහ දැන් සිදු කරන කාර් යය භාරය ගැනත් විමසන්න අමතක කළේ නෑ.
නාලක ගුණවර්ධන මහතා එදින කියූ ලෙසම, මගේ පවුලේ උදවිය පවා කියන අයුරෙන් ඩේටා වැය කරමින් අප මේ පුරවන වෙබ් අවකාශයේ අපේ ලියමන් වලට ඇගයීමක් ලැබෙනවා නම් එය කොතරම් හොඳ දැයි මට සිතුනි.
ගෙවීමක් නැතිව ලියලා මොකට ද ? කියා මූණටම විමසූ ලේඛක පිරිස් උන්නා. එනමුත් මගේ වපසරිය තුල මා ලියන මේ බ්ලොග් පිටුවේ ලිවීම තරම් නිදහසක් සහ මගේ චිත්ත සන්තානයේ උපදින හැඟීම් විඳීම් වචනයට පෙරලා ගත හැකි අන් තැනක් මට තිබුනේම නැත. එනිසා මම දිගටම අකුරු කළෙමි.
බ්ලොග් සම්මාන උළෙල ගැන විවිධ වූ මතවාද තියෙන්න ට ඇති. එනමුත් පොදු අවකාශයක සමස්ථ බ්ලොග් කරුවන් සියල්ලන්ම අගයමින් ඔවුන්ගේ වියදමින් අපට මෙවැනි උළෙලක් පැවැත්වීම ගැන නෙළුම් යාය බ්ලොග් අඩවියට බොහෝ තුති පිරිනමමි. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතු කාලෙක, ලියන්නා කෙසේ ලීවත් කියවන්නා සිහියෙන් කියවිය යුතුයැයි මා සිතනවා. අවුරුදු 10 තිස්සේ බ්ලොග් ලියමන සැරින් සැරේ කඩින් කඩ ලියවුනත් , මා වටා රැඳි බ්ලොග් කියවන අදහස් දක්වන දිරි දෙන පාඨක පිරිස නොවූවා නම් කොහෙන්ද ලියන්නට ඔක්සිජන් !
උතුරේදී නම් ලියන්න බොහෝ වේලාව ඉඩ කඩ තිබූ නමුත් වසර දෙකක් පමණ දරුවා නිසා , රැකියාව නිසා හිතූ තරම් ගොඩක් ලිපි ලියන්නට බැරි විය.
මම දැන් වැඩ කරන මේ කොළඹ රටේ රෝහලේ අපේ විශේෂඥතුමිය සහ වෛද්‍ය අධ්‍යක්ෂක තුමිය මේ මගේ ලියවිලි ගැන බොහෝ ප්‍රශංසා කරන අතර, රෝහලේ සිදුවෙන විශේෂ අමුතු කතා ගැන , "අපි බෝධිනීට කතාවක් ලියන්න කියමු මේ ගැන" වගේ ඒවා කියමින් මා නිතර මතක් කරන බව ද ආරංචි වේ.
"මේ අපේ ටැලන්ටඩ් ඩොක්ටර්" කියමින් මා සභා මැද හඳුන්වා දෙන එතුමිය, රෝහලේ යම් යම් උත්සව වලදී මෙහෙය වීම කතා පැවැත්වීම වැනි දෑ ගැන මට නිරතුරු ප්‍රශංසා කරයි. එහෙම අධ්‍යක්ෂකතුමියන් ළඟ වැඩ කිරීමට ලැබීම ද භාග්‍යයක් සේ සලකමි.
පොත් වැඩ සහ ලියන වැඩ වලදී මගේ ලොකුම සහයක වන හස්බන්ඩාට රාජකාරි සඳහා පිට රටක යන්නට සිදුවූ බැවින් ඔහුට නෙළුම් යායට සහභාගි වෙන්නට බැරි විය. දෑවුරුදු කුඩා පැංචී සමග වේදිකා නාට්‍ය බැලීමට ගොස් නවරඟහලෙන් පිටත ඇවිදිමින් නාට්ටිය බැලීමට නොව ඇසීමට සිදුවූ උගත් පාඩම් මතක ඇති බැවින් අම්මා කැමැත්තෙන්ම ඇය සමග ගෙදර නැවතුණි. මගේ නංගීත් ඇගේ සැමියාත්, මා සමග යන්නට පැමිණියේ ඔවුන්ගේ වැඩ රාජකාරි පසෙක හෙලමිනි.
අප ලියූ බ්ලූක්ස් ( බ්ලොග් ලිපි පොත්) සඳහා මේසයක් මෙවරත් තිබෙන බැව් කියා තිබුණු නිසා බ්ලොග් පොත් ගොන්නකුත් රැගෙන පැමිණියේ.
බස්සිගේ, දිනේෂ්ගේ, කොළඹ ගමයාගේ, තිලකසිරි ගේ, ඩෝසන් ප්‍රීතිගේ, තරූ අක්කගේ, රන්දිගේ සහ මගේ පොත් ඒ වෙන විටත් ගෙන ඇවිත් තිබූ නමුත් එතෙන්ට ආ විට මේසයක් නොතිබූ බැවින්, ( පොත් මේසේ කැන්සල් යැයි වැරදි වටහා ගැනීමක් නිසා) තරු රසීත් මමත් මේසයක් හොයාගෙන , ඒ වැඩේ කොහොම හරි කළ නිසා , බ්ලොග් සහෘදයන් හා කතා බහ කිරීමටද අතපසු වුණු බව දැනිනි. බොහෝ අය සොයාගෙන ඇවිත් කතා කළ අතර ඇතැමුන් හඳුනා ගත නොහැකි තරම් වෙනස් වී සිටියහ. අපිට සහය වුනු, උපුල් නිශාන්ත මල්ලී, සහ අජිත් ධර්මකීර්ති අයියාද මතක් කළ යුතුමය.
එතැනට පැමිණි සජිත් සාරංග අයියා අපි වෙනුවෙන් එහි රැඳී සිට අපව සම්මාන පිරි නැමෙන කාලයේ නිදහස් කිරීම වෙනුවෙන් ඔහුට අපගේ හර්දයාංගම ස්තූතිය පිරිනමමු.
කොහොම හරි එක සැරයක් වාට්ටු පේන්ට් කරන වැඩේදී කම්කරු වුන මට, මෙවර බ්ලොග් සම්මාන උළෙලෙදි පොත් විකුණන්න සිදුවුනා. අනිත් අයගේ පොත් ඒ වන විටත් ගෙනැවිත් තිබූ බැවින්, අපි ඒ දේ කළා මිසක ! ගිය වර අපිට තිබුනේ බ්ලුක්ස් පොත් ටික බාර දෙන්න විතරයි.

ස්තූතියි !
අති උත්කර්ෂවත් ලෙස පැවැත්වූ, අප ද පුදුමයට පත් කෙරූ, මේ උළෙල සංවිධානය වෙනුවෙන් බ්ලොග් කරුවන් වන අප වෙනුවෙන් නෙළුම් යායට මෙන්ම අපේම බ්ලොග්කරුවන් කිහිප දෙනාට ද ස්තූති කළ යුතුයි. විවිධ අඩු ලුහුඬු කම් තිබුන නමුත් කළ කී දෑ සඳහා ස්තූතිය පිරි නමමි.
මම හිතන්නේ තනි තනිව එක එක මතවාද පවතින බ්ලොග් ලෝකයේ අප සැමට මෙවන් ඇගයීමක් ලැබෙන එකම උළෙල මෙය බව ය. අප සියල්ලන් එක වේදිකාවක ඇගයීම අගේ කොට සැලකිය යුතුයි.
එනමුත්, බ්ලොග් සම්මාන ටික එක දිගට දීගෙන දීගෙන ගිහින් ඉවර කළානම් මීට වඩා අපට උළෙලෙහි පැවති විවිධාංගයන් රසවිඳින්න තිබුනා නේදැයි සිතුනා.
ඉතා විශිෂ්ට නාට්‍යයක් අන්තිමට දමා හිස් අසුන් වලට නාට්‍ය පෙන්වූ බවත්, මමත් තව කිහිප දෙනෙකුත් , එය අවසාන වෙන තෙක් නැරඹූ බවත් කීව යුතුම ය. ඔපෙරාව සහ කුඩා දරුවාගේ නැටුම දිග වැඩි බවත් ජනයි ප්‍රියයි කියන දෙන්නගේ විහිළු නම් කිතිකවා ගත යුතු බවත්, සභාව නිහඬ ව සිටීම සහ ඔවුන් දෙන්නා හිනා වීමෙන් එය මනාවට පෙන්වූ බවත් කිව යුතුම ය.
" අපි මචං" සිංදු ටික නම් මරු. හැබැයි ඔවුන් ද කඩ කඩ තැනින් තැන එක් කිරීම සිදු නොකළ යුතු වුනා.
කොටින්ම අපේ පාසැලේ සහ විශ්ව විද්‍යාලයේදී පවා , සම්මාන උළෙල වල සම්මාන දීම එක පාරම ඉවර කර ඉන්පසු කොන්සර්ට් පෙන්වීමයි කළේ.... එතකොට සම්මාන ගත් අයටත් එය පහසුවක් වන අතර කන්නයි බොන්නයි එළියට යන පිරිසටත් විවේක වේලාවක් වෙන් කර ඒවැඩේ කරන්න දුන්නානම් හොඳයි නේද කියා සිතුනා.
ඇත්තටම ඊළඟ බ්ලොග් සම්මාන උළෙල මීටත් වඩා සාර්ථක වෙයි. දැන් එයට මාවත් හෙළි පෙහෙළි කර තිබෙනවා නොවෙද... ලබන වර , මෙවර බ්ලොග් තෝරමින් සිටි අය අගය කළ යුතු බවයි අපි කිහිපදෙනෙක් සිතුවේ. ඔවුන්ගේ බ්ලොග් ලිපි කිසිම දවසක ඇගයීමක් වෙන්නේ නෑ. එනිසා තෝරන පිරිස වෙනස් වෙමින් ඒ සඳහා ද අවස්ථාවක් දිය යුතුයි සිතුනා. ( අටම්පහුර, කල්‍යාණ මිත්‍ර, තරු රසී, කොළඹ ගමයා වැනි බ්ලොග් ලිපි ) අපි මීට වඩා බ්ලොග් අවකාශය තුල සක්‍රීය විය යුතු බවත් සිතුනා. ෆේස් බුක් එක නිසා එය අඩුවී ඇති බවයි මගේ හැඟීම.
බ්ලොග් ලියලා මොකටද.. මොනවද ලැබෙන්නේ කියා ඇතැම් විට ලේඛක අයම මට කියා තිබෙනවා. නමුත් බ්ලොග් කියන්නෙත් වෙනම මාධ්‍යයක් බව. ලෝකයේ බ්ලොග් ලිපි සඳහා විශාල තැනක් තිබෙන බව ලාංකික සමාජය දන්නේ නෑ... ඉතින් ලියන්නට එදා සිට දිරි දුන් අදටත් දිරි දෙන සැමට බොහෝ ස්තූතියි... මට ඊටත් වඩා සතුට බොහෝ විවිධ වූ ලියැවීම්, සිතීම් ඇති පිරිසක් බ්ලොග් ලියා ඇගයීමට ලක්වීම ගැන.

හඳුනා ගන්ට ලැබීම සතුටක්.සම්මාන වලට මගේසුභපැතුම්
ReplyDeleteස්තූතියි ! මටත් එසේමයි.
Deleteනැවතත් ඔබතුමියගේ ජයග්‍රහණය වෙනුවෙන් සුභ පැතුම්
ReplyDeleteස්තූතියි අයියා.
Deleteබෝධිනී ආවද දැක්කෙත් නෑ ? :P
ReplyDeletecongrats, you deserve this ..... Well done
ගෙම්බා වැස්ස කාලෙට බක බක ගානවා.. මේ ගෙම්බා නෙලුං යාය කාලෙට බක බක ගානවා. හැක්
Deleteකියන්න දෙයක් නෑ.. සුභ පතල අත රිදෙනවා.. ඇයි ඉතිං අතින් නේ සුභ පතන්නේ.. හැක්.. අර ඩබල විස්තර ඇහුවා කිව්වම වැඩිපුර සතුටු හිතුනා..
Deleteහනේ... ඔව් ඔව්... දේශකයා ව නම් හෙව්වා... දෙකක් කියන්න !
Deleteඔව් අක්ක කියපු අඩුපාඩු හැදුනනම් තවත් හොඳ උත්සවයක් වෙන්න තිබුන. කොහොම උනත් සමස්තයක් විදිහට සාර්තකයි කියල කියන්න පුලුවන්. ඒ හැමෝටම ස්තූති කරන්න ඕනෙ.
ReplyDeleteමගේ උණුසුම් සුබ පැතුම්!
ReplyDeleteමා ඔබව නමින් සෑහෙන කාලයක සිට කවි ලියන්නියක ලෙස දැන සිටියත්, මෙහි ඔබ ලියා ඇති පරිදිම පොත ගැන කියවෙන තුරුම මේ බ්ලොගය ලියන්නේ ඔබ බව දැන සිටියේ නෑ. ඒ මදිවාට බ්ලොග් එක ලියූ රටාව නිසා මා සිතුවේ ම මේ ලියන්නේ පිරිමියෙකු කියා යි.
ඉදිරි වෘත්තීමය අධ්‍යාපන කටයුතුත් සාර්ථක වේවා කියා පතනවා!
ස්තූතියි රසිකලොජිස්ට් ... ඔව් ඔව් අනවර්ථ නමකින් ලීව නිසා තමා ඒ කාලේ නිදහසේ ඒ ටික ලියා ගන්න ලැබුනේ !
Deleteසමාවෙන්න.
Deleteමගේ නොදැනුවත්කම නිසා මට සිහිනයකින් හෝ හිතුණේ නෑ තරුණියක් අනිත් කොනේ සේවය කරන්නට යාවි කියා.
ඒ වගේ ම අඬමින් වැඩ කළ අයෙකු නොවේ මට මතක, සේවයට කැපවුණු එඩිතර අයෙක්.
//ඒ වගේ ම අඬමින් වැඩ කළ අයෙකු නොවේ මට මතක, සේවයට කැපවුණු එඩිතර අයෙක්.// අඬ අඬා තමයි... බොහෝ රෝගීන් පරීක්ෂා කරන විට මගේ දෙනෙත් කඳුළෙන් පිරිලා... වාට්ටුව දෙස බලන් ඉන්න කොට ( අපේ මේසෙ තිබ්බෙ වාට්ටුවේ මුල මයි. ) පණ අදින මිනිස්සු දකින කොට ඇඬුම් නො එන දවසක් නෑ. ඒ බොහෝ විට ඔවුන් ගේ රෝග මෙන්ම ජීවිත කතාවද අප හමුවේ දිග හැරෙන නිසා...
Delete//තෝරන පිරිස වෙනස් වෙමින් ඒ සඳහා ද අවස්ථාවක් දිය යුතුයි සිතුනා. ( අටම්පහුර, කල්‍යාණ මිත්‍ර, තරු රසී, කොළඹ ගමයා වැනි// තෝරන පිරිස වෙනස් වීම හොඳයි. මම කොහොමත් ඉදිරියේදී බ්ලොග් තෝරන්න සහබාගි වෙන්න අදහසක් නෑ. :)
ReplyDeleteමම කිව්වේ ඔය බ්ලොග්ස් වල ලිපි ඇගයිය යුතුයි කියලා !
Deleteආයෙත් සුභ පැතුම් අක්කේ... හමු වීම සතුටක්...
ReplyDeleteඔයාට හරි ලස්සන කට හඬක් තියනවා අක්කෙ...
නංගී සමග එක දිගට කතා කරන්න බැරි වුන එක ගැන සමාවෙන්න. අර පොත් මේසෙ වැඩේ නිසා අපි එහෙ මෙහෙ දිව්වානේ. ඔයත් කසුන් මල්ලිත් දකින්න ලැබීම මට ලොකු සතුටක් නංගී.
Deleteසුන්දරයි ඔය හිනාවෙන් අප සැමව පිළිගත් බෝධිණී
ReplyDeleteසුන්දරයි නුඹ හඳුන ගත්විට හිතට සතුටක් ඇතිවුණී
සුන්දරයි බ්ලොග් ලොවේ රැඳුමත් කියා මට දැන් සිහිවුණී
සුන්දරයි නුඹෙ ජයග්‍රහණෙට සුභ පතන්නේ සතුටිනී.......
බෝධිණී, මුල්වරට මේ පැත්තට ආවා. වෛද්‍යවරියක් වුවත් ඔබේ නිහතමානීකම බ්ලොග් ලොවට වටින්නේය. ඔබට සුභ පැතුම්.
ජයවේවා!!!
ස්තූතියි දුමින්ද... ඒකතමා මම කල්පනා කළේ ඇයි මට දුමී කෙනෙක් මතක නැත්තේ කියලා. දැන්නේ කවි දැක්කේ...
Deleteකවියක් ලියා පතමින් සුබ පැතුම් සොඳ
සවියක් මෙ මට සොහොයුර ඔබ ලියූ පද
හමුවීම හා කතා බහ කිරීම සතුටක්.ජයග්‍රහණයන්ට සුභ පැතුම්.....
ReplyDeleteස්තූතියි... මේ බ්ලොග් එක මම කියවනවානේ...ලියන්නා සජීවීව දැක බලා ගන්න ලැබිම ගැන සතුටුයි
Deleteබ්ලුක්ස් එළි දැක්වූ හැම වෙනුවෙන් ඔබ දෙදෙනා ඉටු කරපු කාර්යය භාර්යය ඉතාමත් අගේ කොට සළකමි.
ReplyDeleteඅනිත්කොන වෙනුවෙන් ඔබ ලැබූ සම්මාන අපට ලොකු ආඩම්බරයක්. අනිත්කොන ගැන සේම මේ කොන ගැනත් ඔබේ අකුරු හැමදාමත් අපට ගෙනාවේ වෙනත් අත්දැකීම් සම්භාරයක්.
ඔබට සුභ පැතුම්!
ඉස්තූතියි රන්දිල්.. ඔබ නොහිටින්න පොතක් කොහින් ද ?
Delete//නාලක ගුණවර්ධන මහතා එදින කියූ ලෙසම, මගේ පවුලේ උදවිය පවා කියන අයුරෙන් ඩේටා වැය කරමින් අප මේ පුරවන වෙබ් අවකාශයේ අපේ ලියමන් වලට ඇගයීමක් ලැබෙනවා නම් එය කොතරම් හොඳ දැයි මට සිතුනි.//
ReplyDelete+++++++++++++++++++++
//එනමුත්, බ්ලොග් සම්මාන ටික එක දිගට දීගෙන දීගෙන ගිහින් ඉවර කළානම් මීට වඩා අපට උළෙලෙහි පැවති විවිධාංගයන් රසවිඳින්න තිබුනා නේදැයි සිතුනා.//
+++++++++++++++
සුභ පැතුම් !!
සතුට කියන දේ අපි ළබැඳියන් හා සතුටින් බෙදා ගත්තට
ReplyDeleteදුක කියන දේ එක පාර ඔවුන්ගේ ඔලු උඩට අතාරින්න හිතෙන්නේ නෑ
"මා ඔබ වගේම ලොකේ කඳුළු දුක් සිතේ ලා දිවි ගෙවන්නෙමී . .
ඒ සුසුම් මගේ, ඔබේ සිනාවේ නොලන්නෙමී"
හරියට නීලාගේ මේ සින්දුවේ වගේ.
එහෙම වෙලාවක බ්ලොග් එකක් කියන්නේ ලොකු බෙනයක් තියෙන ගහක්.
කිසි කෙනෙක්ට කියන්න බැරි දුකක් බෙනේට කට තියලා කෑ ගහලා කියලා හිත සනස ගන්න පුලුවන්.
පස්සේ කාලෙක ඒ හරහාත් ළබැඳියෝ එකතු වුනාම දුක විතරක් නෙමේ සතුටත් බෙදා ගන්න හුරුවෙනවා.
ඔබේ ජයග්‍රහන ගැන හදවතින්ම තුටු වෙනවා!
එය ඔබට ලැබිය යුතුම වූ සම්මානයක් !
රෝගීන් වෙනුවෙන් වෙහෙන අතරේ සියල්ලෝ වෙනුවෙන් දිගටම ලියන්න
ජය !
ස්තූතියි අයියා....ඔබත් අපිත් කොයි තරම් දිග කාලයක් තිස්සේ ලියමින් ආ ගමනක් ද මේ
Deleteඉදහිට මේ අඩවියට ගොඩ වුවත්, හමු වී කථාකළ අවස්ථාවේ, කලෙක පටන් දන්නා අයමෙන් කුළුපග වීමගැන ඔබතුමියට ස්තුතියි.
ReplyDeleteමම ඇවිද්ද පය කියවන්නේ බොහෝ කලක පටන්... ෆේස් බුක් නිසා බ්ලොග් ගැන උනන්දුව අඩුවුනා පසු කාලවල මයෙ හිතේ.
Deleteසම්මාන උළෙලට සහභාගී වීමට නොහැකි වීම දුකකි... මමත් මේ අද උදේ ලිව්වා මේ බ්ලොග් ලියන එක ගැන මගෙන් අනික් මිනිස්සු අහන දේවල් සාරාංශයක්....
ReplyDeletehttp://nopenena.blogspot.qa/2017/03/blog-post_27.html
ඒක තමා නදීර... මට ත් පුද්ගලිකව කියා තිබෙනවා නිකම් කාලේ කන වැඩ වගේ දේවල්... නමුත් මට නම් මේක බොහෝම හොඳ මනස නිරවුල් කිරීමක් !
Deleteකිය යුතු ේ නිවැරදිව කියලා තියනවා
ReplyDeleteසුභ පැතුම් බෝධිනී. පොත් දෙකම මගේ ලඟ තියනවා තාම කියවන්න ලැබුණේ නෑ.
ReplyDeleteතිසර ඉස්සර ඉඳන් ම කියවනවනේ , කොමෙන්ට් කරනවනේ... තිසර මගේ පොතේත් ඇති. ස්තූතියි. කියවලා කියන්න නරක දොස් එහෙම
Deleteජයග්‍රහණයන්ට සුබ පැතුම්... සතුටුයි හඳුනගන්න ලැබුනට..
ReplyDelete‘‘අනිත් කොණ‘‘ ඉඳිද්දි සයිබර් අවකාශයෙන් දැන හඳුනාගෙන දැන් එකම පවුලක වගේ සහෝදරත්වයෙන් ළං වෙලා ජීවිතේ බෙදාහදා ගන්න බෝධි නංගිට ආදරයෙන් සුබ පතනවා...
ReplyDeleteඑදා ඔයා නිසාම ගොඩක් දෙනෙක්ව අලුතෙන් අඳුන ගන්නත් ලැබුණා. ‘‘අක්ක දන්නවද මේ ඉන්නෙ ..... ‘‘ කිය කියා ඔයා එක්ක කතා කළ හැමදෙනාවම මටත් අඳුන්නල දුන්නා. ස්තුතියි.
බ්ලොග් සොයුරු සොයුරියන් ඇගයීමට ලක්වීමත්, අපි හැමදෙනාටම හමුවෙලා දැන හඳුනගන්න, කතා කරන්න අවස්ථාවක් ලැබීමත් හැමදේටම වඩා වටිනවා. සතුටුයි... මේ අවුරුද්දෙ අලුත් පොතක් කරමු.
බොහොම ආදරෙන් සුභ පතනවා ඔබගේ ජයග්‍රහණයට..!
ReplyDeleteජයවේවා..!!
සම්මාන උලලේ හිටියා දැක්කා. කථා කරන්න ආවේ නෑ කවුද කියලා දන්නේ නැති නිසා. මගේ සුභ පැතුම්.
ReplyDeleteඔබේ මානව හිතවාදීබව අගයමි .සුබ පතමි .
ReplyDeleteමට ලියන්න නැති නිදහස නංගීට එසේ ලැබීම ගැන ඇත්තටම සතුටුයි....ඒ ගන අපි වෙනම ඕන තරම් කතා කරලා ඇති... ඔයාගේ බ්ලොග් ලිපියට මාගේ හද පිරි ප්‍රණාමය
ReplyDeleteදෙපාරක් තුන්පාරක් කතා කරන්න ලගට ආවා එත් ඔබ ලොකු කතාවක හිටපු නිසා මග අරුනා ...එත් කතා කරන්න කමෙතෙන් හිටියේ
ReplyDeleteස්තූතියි සංජීව. අපරාදේ...කතා කරන්න බැරි වීම ගැන කණගාටුයි.
Deleteඩේටා
ReplyDeleteඅපි මචං
ජනයි ප්‍රියයි
බ්ලොග් සම්මාන
යාළුකම් අලුත් කිරීම
උත්සවේ වචන ටිකකින් කියනවා නම් මට මතක් වෙන්නේ මේවා. ජයග්‍රහණයට සුබ පැතුම්. මාත් දැක්කට කතා කරන්න ආවේ නෑ අඳුරන්නේ නෑනේ :D :D
ජයවේවා!!
ආයේ දැක්කම කතා කරන්න ! ස්තූතියි මල්ලි !
Deleteසුබ පැතුම් අක්කේ... මම අක්කගේ පොත හීන්සීරුවේ කියවගෙන යනවා...
ReplyDeleteසුභපැතුම් බෝධිනී... ජනයි ප්‍රියයි මෙව්ව එක මට නං අවුලක් නෑ. එක එකාගෙ රසවින්දනේ වෙනස්නෙ. මේ පාර බ්ලුක්ස් වැඩිය විකිණුනේ නෑ නේද? අලුතෙන් ඇවිත් තිබ්බෙ නෑ. ගියපාර එව්වමයි. ඒක වෙන්නැති...
ReplyDeleteසුබ පැතුම්...
ReplyDeleteතවත් ඉදිරියටම යන්න
ඔබේ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතුම්!
ReplyDeleteසුබපැතුම් අක්කේ. ඔයා ගොඩාක් විෂිශ්ට සේවයක් කරන්නේ. මම ඔයා ගෙ බ්ලොග් එකට මුලින්ම ගොඩවැදුන දවසේ බොහෝමයක් ලිපි කියෙව්වා. ඔයාට ඉදිරියටත් මේවගේම හොඳ ලිපි ලියන්න ෂක්තියලැබේවා කියල පතනව.
ReplyDelete//ඉතා විශිෂ්ට නාට්‍යයක් අන්තිමට දමා හිස් අසුන් වලට නාට්‍ය පෙන්වූ බවත්, මමත් තව කිහිප දෙනෙකුත් , එය අවසාන වෙන තෙක් නැරඹූ බවත් කීව යුතුම ය. ඔපෙරාව සහ කුඩා දරුවාගේ නැටුම දිග වැඩි බවත් ජනයි ප්‍රියයි කියන දෙන්නගේ විහිළු නම් කිතිකවා ගත යුතු බවත්, සභාව නිහඬ ව සිටීම සහ ඔවුන් දෙන්නා හිනා වීමෙන් එය මනාවට පෙන්වූ බවත් කිව යුතුම ය. //
ReplyDeleteමේක ඉවෙන්ට් එක කරපු අයට නොතේරුණ එකනෙ වැඩේ.
//" අපි මචං" සිංදු ටික නම් මරු. හැබැයි ඔවුන් ද කඩ කඩ තැනින් තැන එක් කිරීම සිදු නොකළ යුතු වුණා.//
සිංදු කොහොම වුණත් තැනින් තැන දැම්ම එකයි අවුල.
ජයග්‍රහණයට සුබපැතුම්.
"උතුරේදී නම් ලියන්න බොහෝ වේලාව ඉඩ කඩ තිබූ නමුත් ..." එහෙම කිව්වම මතක් වුණේ උතුරෙ ඉද්දිත් පිටරටක ඉද්දි වගේ වෙන්න ඇති කායල. මොකද පිටරට ඉන්න අයටනෙ බ්ලොග් ලියන්න වැඩියෙන් වෙලාව තියෙන්නෙ.
ReplyDeleteඔබේ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතුම්! පිරි නමමි.
මගෙත් සුබ පැතුම් ආයෙමත්...! සයිබර් අපරාධ ගැනම කියවෙන කාලයක සයිබරේ හැඩ ගැනත් කියවෙන එක කොයි තරම් අපුරුද?
ReplyDeleteසජ්ජා කිව්ව වගේ කොහොමත් රස විදීම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. මං හිතන්නෙ ඒක පුද්ගලයා තුළ ඇති විවිධ මට්ටම් අනුව තීරණය වන්නක්.(මං හිතන්නෙ මේක බැරෑරුම් මාතෘකාවක්). ඒක පැත්තක දාමු. කොහොම වුණත් අනිත්කොන ලබා ගන්ට හැකි වීම ගැන මම සතුටු වෙනව.ඒත් එය කියවන්න නොහැකිවීම ගැන දුක් වෙනව.ඒත් දොස්තර නෝනා කෙනෙක්ගෙන් ඔබ්බට ගොස් ඔබ ලියන සරල සුගම බස් වහරින් යුක්ත මෙන්ම සමාජයට යමක් දීමට උත්සාහයක යෙදෙන ඔබේ (කියැවූ ඒවායින්)ලිපි කියවීමට මම කැමතියි. ඔබට ජය
ReplyDelete