Saturday, September 24, 2016

පොත් සල්පිල සහ බ්ලූක්ස්

ඊයේ දිනය හරි අපූරුම දවසක් !...
බොහෝ පොත් මිත්‍රයන් මුණ ගැසුනා. ඇතැම් අයට වෛද්‍ය අවවාදත් ලබා දුන්නා.. ඒ එක්කම සයුර ප්‍රකාශන හි නිලන්ත අයියාගේ අක්කා මීට වසර 6 කට පෙර ලියූ නවකථාවක "බෝධිනී" කියා වෛද්‍යවරියක් ගැන ලියූ බව කීවා... මට ඒක පුදුමයක් එතකොට ඒ කාලේ මම උතුරු කොනේ.. පොත් ලෝකේ ගැන හාංකවිස්සියක්වත් නොතිබුනු යුගයක් නිසා පොත නම් මග හැරුනා... සම සයුර සහ කවි පොත් සල්පිල අතර ඇවිදිමින් හිටියා.

බ්ලුක්ස් හෙවත් පොත් වුනු බ්ලොග් ලිපි ...

බ්ලොග් ලියන අප කිහිප දෙනෙක්ගේම පොත් මෙවර සල්පිලේ තිබුනා
සම K 308 / සයුර L407 කුටි වලින් බ්ලොග් පොත් වලට ලැබුනේ හොඳ ඉඩක් !





බොහෝ අය දුටු විට දැන හඳුනගෙන කතා කරන්නත් අමතක කළේ නෑ.
මෙතෙක් ස්ටෝරුගත වී තිබුනු මගේ ඉතිරි පොත් බන්ඩල් කිහිපයද මෙවර සල්පිලට එකතු කලා.

කවි පොතේ කවියක් පත්තරය පල කළ ප්‍රවීණ රචකයෙක් "ඒ වගේ කවි වලට මම කැමති නෑ අර මම පත්තරේ දාපු කවිය හොඳයි" කියා කීවා. අන්තර්ජාලයේ මුහුණු පොතේ මරාගන්න උදවිය... පොත් සල්පිලේදී සෙනෙහසින් වෙලී සිටිනවාද දුටුවා. අපරාදේ ඒ අය නිසා දෙකට බෙදී මුහුණු පොතේ යුද්ධ කළ උදවිය. නවකයින්ගේ පොත් කරමින්, ඒවා සල්ලි ඉල්ලම් බවට පත් කරගත් අප්‍රකට චරිතයක් ගැනත් බොහෝ දේ දැනගත්තා... මේ හැම චරිතයක්ම අපූරු පාඩමක් !
දෙමාපියන් දරුවන් එක්ක අභ්‍යාස පොත්, විභාග පොත් සහිත තැන් වල පොදි කකා හිටියා.... වාට්ටුවේ දරුවන්ට චිත්‍ර බඩු ගන්න පුළුවන්ද බලන්න එක පොත් සැලකට ගියත් එතන බිල් ගෙවන්න තිබුනු පෝළිම දැකලා මම ඒ අදහස අත් හැර ගත්තා...ඒකට ලබන සතියේ පිටකොටුව දිහාට යන්න හිතා ගත්තා.

මම දකින්නේ එක එක විදිහේ පුද්ගලයන්ගේ චරිත ස්වභාවයන්. මනෝවෛද්‍ය විද්‍යාවේ නම් මේ හැම චරිතලක්ෂණයක් ගැනම විග්‍රහ කරනවා. පොත් ලියන්නෝද පොත් කියවන්නෝද පොත් පෙරලන්නෝද, පොත් මවන්නෝද, එකට එකතුවුනු අපූරු තැනක් පොත් සල්පිල...
ලබන අවුරුද්දෙත් හමුවෙමු.

8 comments:

  1. // නවකයින්ගේ පොත් කරමින්, ඒවා සල්ලි ඉල්ලම් බවට පත් කරගත් අප්‍රකට චරිතයක් ගැනත් බොහෝ දේ දැනගත්තා //

    කවුද බෝයි?

    ReplyDelete
  2. නන්දිකඩාල් වේවා!!

    ReplyDelete
  3. සතුටුයි. ලංකාවේ හිටියා නම් එනවා.

    විස්තරයට ස්තුතියි.

    ReplyDelete
  4. මමත් දවස් දෙකක් ඇතුලත තුන් වතාවක් ගියා. ඇවිත් ඉන්න සෙනග දක්කමනම් පොතක් ලියන්න හිතෙනවා. මේ ගන්න පොත් කවුරු හෝ කියවාවි. අනේ මම දන්නේ නෑ මේ රටේ මිනිස්සු මෙච්චරම කියවනවාද කියලා. නමුත් සමහරුන් වෙනසකටත් එක්ක තමන්ගේ පවුලේ උදවියත් එක්ක මෙතැනට රැස් වූ බව වැටහුණා.

    ReplyDelete
    Replies
    1. මෙවර වෙනදා පොත්වලට දෙන ඩිස්කවුන්ට් අඩුකර තිබුනි. සම්පත් බැංකුවෙන් කාඩ් එකට දෙන 5%ක ඩිස්කවුන්ට් එකත් නැතිකර තිබුනි. පොත් මුදලාලිලා පාඨකයින් ගොනාට අන්දවා ගසාකෑවේය.

      Delete
  5. ඒක මනුෂ්‍ය ස්වභාවයනේ. "ඒ වගේ කවි පොත් වලට මම කැමති නෑ.. නමුත් අර මම පත්තරේ දාපු කවිය හොඳයි" ඒක නිකන් අර නරිය මිදි තිත්තයි කිව්ව වගේ එකක්,නේද?

    ReplyDelete
  6. " අසනගී " බ්ලොගර් කෙනෙක්ගෙ පොතක්ද ? එයාගෙ බ්ලොග් අඩවිය මොකක්ද ?

    ReplyDelete
  7. මාත් බැරි බැරිගාතේ දෙපාරක් දුවල ආවා.. ගිනිපෙල්ල ලිපේ දාලා වගේ ආව නිසා කාත් එක්කවත් සාමිචියේ යෙදෙන්න නම් බැරි උනා.. :)

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !