එදින රාත්‍රි වැඩ මුරය අවසානයේ හදිසි සැත්කම් කිහිපයක් යෙදුණා. ඒ සියල්ල අවසන් වෙනවිට වාට්ටුවෙන් ඇමතුමක් ආවේ ප්‍රසූතිකාගාරයේ දරුවෙක් ලැබෙන්න සිටි අම්මා කෙනෙකුට ටිකක් අමාරු බවයි. එසැනින් මමද අප අලුත් විශේෂඥ වෛද්‍යවරයාද ඉක්මනින් වාට්ටුව වෙත දිව ගියෙමු.
“එක් වරම වාට්ටුව දෙස බැලූ ඔහු “ කෝ මේ මිනිස්සු, මොකද මේ ඇඳන් හිස්… කියා කෙටි බිත්තියට ඔබ්බෙන් පෙනෙන වාට්ටු දෙස විමතියෙන් බැලුවේය. මීට කලින් මධ්‍යම රාත්‍රීයේ වාට්ටුව නොදුටු අප විශේෂඥ වෛද්‍යවරයාට මෙය මහත් පුදුමයක් විය.
“ඔය ඔක්කොමලා බිම රෙදි, පැදුරු එළාගෙන බුදි… ඇඳන් වල නිදියන්න බයයි මේ අය වැටෙයි කියලා… අනික බොහෝ දෙනෙක්ට පුරුදු නෑ. ගෙවල් වල ඇඳන් නෑ. කොහොමත්, ගස් යට, කැලෑ වැදිලා රැය පහන් කරපු මිනිස්සුනේ” අපි පැහැදිලි කර දුන්නෙමු.
කෙටි බිත්තියෙන් එබී බැලූ විට.. ඇඳන් අසල බිම සහ ඒ අවට ගුලි ගුලි ගැසී සිටින පිරිස දුටු විට ඔහුටද කාරණය වැටහිණි.
ඔවැනි සිදුවීම් කොතෙකුත් තිබිණි.. එකල ඒවා ලියූ නිසා මතකයෙන් ගිලිහෙන්නට කලින් ලියන්නට හැකි වුණි..
මතකද 2009 එක්තරා දිනක මා ප්‍රථමයෙන් බ්ලොග් සටහනක් ලීවා….ඉර හඳ යට ආදරේ විඳින්න, from north with love… කියලා. ඉන්පසු මාසෙකට සැරයක් හෝ මාස දෙකකට සැරයක්… හෙමින් හෙමින් ලියැවුණු අනිත් කොනේ විත්ති මේ සටහන් කියවන සියලු දෙනා හරි ආදරයෙන් ආශාවෙන් වැළඳ ගත්තා. උතුරු කොනේ ජීවිත ගොඩ නැගීම් , ජයග්‍රහණ ලියවෙද්දී ඔල්වරසන් නැගූ ඔබ සැම, පරාජයන්, දුක්වැළපීම් වලදී දුක බෙදාගන්නත් අනිත් කොන සමග සිටියා. මට අවශ්‍ය වුණේ රටේ ඉතාම තීරණාත්මක කාලයක , යුද්ධය අවසානයේ රටගොඩ නැගීමේ කර්තව්‍යයට එක පැත්තකින් උර දුන් සෞඛ්‍යය ක්ෂේත්‍රයේ අපි මුහුණ දුන් දේවල් සහ අනිත් කොන වැසියන්ගේ ජීවිත වල හැඩතල ඔබ හා බෙදා ගන්නයි.
2009 සිට අවුරුදු ගණනක් තිස්සේ ලියමින් සිටි මේ සටහන් මගේ ලේඛිකා මිතුරියකගේ ඇස ගැටෙන්නේ 2014 දී…
"මේ ආටිකල් නම් නියමයි නංගී මේවා මීට වඩා සමාජගත වෙන්න ඕනේ. මේ වගේ අත්දැකීම් ලැබෙන්නේ බොහොම සුළු පිරිසකට....ඇරත් මෙහෙම දෙයක් කවුරුත් ලියලා නෑනේ. මේවා සමාජගත වෙන්න නම් පොතක් කරන්න ඕනේ. ලංකාවේ අන්තර්ජාලයේ කියවන්නේ කීයෙන් කී දෙනාද ?" ඇය මෙය පොතක් විය යුතුමයි කීවා.
ඒ ඇයට මේ බ්ලොග් සටහන පෙන්වූ විටයි. මෙච්චර කාලයක් තිස්සේ ලියලත් අපරාදේ පොතක් නොකළොත් ! බ්ලොග් ලියන පොත් ලියන මිතුරු මිතුරියන් සහයෝගය දැක්වූවා.
අනිත් කොන ලිපි පොතක් ලෙස පිළියෙල කරලා දෙන්න කියමින් මිතුරු මිතුරියන්ගේ කන් කෙඳිරි ගෑම් සොඳුරු ආයාචන සහ බලපෑම් අභියස පොතක් වුණ අනිත් කොන ලිපි මාලාවේ ලිවීමේ විදිහ කියවන්න පහසු වෙන ලෙස සකස් කරන්නටත්, ඇතැම් ලිපි කපා කොටා පුරුද්දන්නටත් සිදුවුණා. ඒ සියල්ල අවසානේ මා ලියූ කවිද එකතුව පොතක් කරමු යැයි යෝජනාවක්ද පැමිණියා.
නමුත් පොත් ප්‍රින්ට් එකට භාර දුන් පසු මට එහි කිසිම කාර්යයකට එහෙ මෙහෙ දුවන්න බැරි තරම් අමාරු එහෙත් සොඳුරු කාලයක් උදාවුන නිසා ඒ වැඩ වලටත් දුවන්න සිදු වුණේ... මගේ මිතුරියටයි..
අනිත්කොන කතා මාලාව පොතක් ලෙස එළි දැක්වෙන්නේ ඔයාකාරයෙනුයි. අනිත් කොනට ගිය දොස්තර නොදන්නා දෙමළ ගැනත්, ඇස් හිස් මොළ නැති පිශාචයින් මැද අනිත් කොන තනිවුණු ළමා මව්වරුන්ගේ ජීවිත කතා එක්කම ඉන්දු ෆේස් බුක් ගිය ගමන අවසානයේ රාජිතන් අපරාජිත වුණ හැටිත්, ඔස්ට්‍රේලියානුවන් අත්පොළසන් නඟද්දී ඔය ලෙඩාවනම් බේරගන්න එපා කියමින් ගමක් ආයාචනා කළ හැටිවගේම මෙතෙක් කියූ නොකියූ බොහෝ කතා ඒ ඔස්සේ ලියැවුණා.
අනිත් කොන පොතේ කවරයේ පින්තූරය ලැබුණෙත් බොහොම අපූරු සිදුවීමක් නිසා... මේ පින්තූර දකින්න ලැබුණේ අනිත්කොනේම තවත් රෝහලක සේවයේ යෙදී සිටි වෛද්‍ය චන්දන ප්‍රදීප් සොයුරා සහ පිරිස ගමන් ගත් බස් රථය හරියටම පාන්දර නන්දිකඩාල් කලපුව අසලදී ක්‍රියා විරහිත වුණු නිසා... බස් රථය පණ ගන්වනකම් ඔහු, නන්දිකඩාල් කලපුවේ ඉර නැගෙන අයුරු අපූරුවට ජායාරූපගත කර තිබුණා.. මුහුණු පොතෙන් ඇස ගැටුණු ඒ පින්තූරයක් කවරේ සඳහා යොදා ගත්තා. කවර දෙකම සකසා දුන්නේ අසේල ජයරත්න සොයුරා යි.
මනුපුර සක්මන කියා කවි පොතකුත් ලීවා.... මේ කවිත් අනිත් කොන කතා ලෙසම ලියැවුණු ඒවායි.. බොහෝ කවි රෝහල් ආශ්‍රිත අත්දැකීම් වලින් ලියැවුණු ඒවායි… එදිනෙදා ක්ලිනික් වල වාට්ටු වල දකින පුංචි එවුන්ගේ දුක් කඳුළු පිරුණු ජීවිත ගැනයි… රෝගියාගේ පැනය නමින් පැන කිහිපයක් කවි කර ලීවා, ඇත්තටම අපෙන් අහන ප්‍රශ්න ! යාල් දේවි දැන් යාළුයි කවි පන්තිය , අනිත්කොන සේවය කළ කාලයේ පටන් අපට ගමන් පහසුව සැලසූ යාල් දේවි ගැනයි. කලින් අතරමග නැවතුන මේ දේවී අද යාපා පටුනටම ගමනේ .. ඒ ගැනත්… බලාගත්තු අත බලාගෙන ඉන්න අහිමි වුණ සිහින ගැන දොඩන ගීතා ගැනත්… මා අතින් ඇඳුණු කළු සුදු චිත්‍ර ප්‍රමාණයකුත් මේ පොතට ඇතුළත් කළා.
ලංකාදීප සහ ලක්බිම පුවත් පත් වල සාකච්ජා දෙකක් පත්තර පිටු භාගයක් පුරා ලියැවී තිබුණා. ගමනේ යෙදෙන්නට අසීරු කාලයක් ගත කරමින් ගර්භනී අවධියේ සිටින මා කෙරෙහි අනුකම්පාවෙන් ලක්බිම පුවත් පතේ, මාධ්‍යවේදි සොයුරා දුරකථන මාර්ගයෙන් එම ලිපිය සඳහා සාකච්ජා කළා. ඇත්තටම මනුස්සකම් සපිරි මිනිසුන් වගේම හිතමිතුරුකම් වල සවියත් ඇතැම් සිත් වල නිහැඬියාවත් විඳිමින් මේ ගතවුනු මාසයේ පොත් දෙකටම ලැබුනු විචාර සහ අදහස් තවත් ලියන්නට හිත දිරිමත් කළා. මතකනේ මේ අගෝස්තුවේ මුලදීම ඉතා ආසාවෙන් කියවපු තිලකසිරි ඒකනායක සොයුරාගේ තිලක සිත බ්ලොග් පිටුව පොතක් වුණා. ඉන්පසු අක්කන්ඩී හෙවත් පුෂ්පා රම්ලනී රත්නායක සැබෑ ජීවන අත්දැකීම් ඇසුරින් ලියූ සුදු හිම පලස පොත පිටවුණා.. ඉන්පසු මේ පොත් දෙක !
ඔබට හැකිනම් රැගෙන කියවන්න… කියන සොඳුරු ආරාධනයත් සමග මේ පොත් දෙක දැනට ගන්නට පුළුවන් -
බොරැල්ල - YMBA හි කල්‍යාණ මිත්‍ර පොත් හල,
මරදාන - දයාවංශ ජයකොඩි පොත් හල,
නුගේගොඩ - සරසවි පොත් හල
ගෙදරට ගෙන්වා ගැනීමේ පහසුකම සමග නාවල easyhome shop හි
http://www.easyhome.lk/29-books පොත් සඳහා වෙන් වුනු කොටසේ
ඒ විතරක් ද, මීට පෙර පොතක් ලෙස පිට වුනු, තිලකසිත ලියන තිලකසිරි ඒකනායක මහත්මයාගේ තිලක සිත පොතත්, අක්කන්ඩී හෙවත් පුෂ්පා රම්ලනී රත්නායක මහත්මියගේ සුදු හිම පලස පොතත් එම අඩවියෙන් ගෙදරටම ගෙන්වා ගත හැකියි...

ඒ වගේම , මේ පොත ගැන සංවාදයක් ඔක්තෝබර් 31 වැනි දින ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ , මහාචාර්‍ය සුනන්ද මහේන්ද්‍ර මහත්මයා ඇතුලු විද්වතුන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙනවා... ඒකටත් පොත කියවූ, අනිත් කොන කතා මාලාව හා අත්වැල් බැඳගත් සහෘද ඔබට ආරාධනා කරමි.
හරිම අපූරුයි! ඉඩක් ලැබුණු ගමන් අරගෙන කියවන්නම්... මේ පොත රිඩර්ස් ෆෝරම් එකකත් දාමු. මෙන්න එකක ලින්ක් එකක්. iRead Forum
ReplyDeleteස්තූතියි නාඩියා... රීඩර්ස් එකේ දැම්මා... දැනන් උන්නෙ නෑ ඒ ගැන.. පොත් හතරම අරන් කියවන්න ලැබේවා !
Deleteඅනිත් කොණින් ආවාට කමක් නෑ. ලියන එක නවත්වන්න එපා. එතකොට අර 'එහෙ මෙහෙ දුවන්න බැරි තරම් අමාරු එහෙත් සොඳුරු' කර්තව්‍යයත් අනිත් කොණ වගේම අති සාර්ථක වේවා කියල සුභ පතන්නම්. ජය ශ්‍රී!
ReplyDeleteතුති කල්‍යාණ මිත්‍ර...පුළුවන් හැම විටම ලියන්නම්...
DeleteThanks
ReplyDeleteඅපි තවම මෙහෙ අනිත් කොණ. සංවාදය ගැනත් අප්ඩේට් එකක් බ්ලොග් එකේම දානවා නේද?
ReplyDeleteඔබ ආ දුර ගැන හද පතුලෙන්ම සතුටු වන පාඨකයෙක්.
ගමන තව දුරයි.
ලියන්නට පටන් ගත් දා සිට නිරන්තරයෙන් දිරි දුන්නා ඔබත් අක්කාත්, ඇයත් මේවා කියවනවා කියා ඔබ කීවනේ... මේ පොතේ බ්ලොග් සහෘදයින්ගේ අදහස්ද ඇතුලත් වෙනවා. ඔබට මේ පොත් ඉක්මනින් කියවන්න ලැබේවායි පතනවා...
Deleteඑසේම වේවා කියා මාත් පතනවා. තව ටික දිනයි බෝධිනී.
Deleteඑසේම වේවා කියා මාත් පතනවා. තව ටික දිනයි බෝධිනී.
Deleteඔබේ බ්ලොග් සටහන් රටේ තීරණාත්මක යුගයකදී ලියවුනු සර්වකාලීන වටිනාකමකින් යුත් සටහන්. යුද්දයෙන් පීඩිත මිනිසුන් ගැහැනුන් ගැන ලියන්නට සංවේදී දොස්තර නෝනා කෙනෙකු ගත් මේ උත්සාහය ඉතා අගේ ඇති වැඩක්. ඒ නිසා 'අනිත් කොන'පොත හෙමින් හෙමින් වුවද විශාල පිරිසකගේ අවධානයට ලක් වනු නියතයි. මේ පොත දෙමළ බසට පරිවර්තනය කිරීමට උත්සහ කරමු.
ReplyDeleteස්තූතියි තිලක සිත.... හෙමින් ප්‍රචාරය වන නිසා හෙමින් අවධානයට ලක් වේවි යැයි හිතනවා. පොත කියවන පිරිසගෙන් ලැබෙන ප්‍රතිචාර බොහෝයි.. එනිසා මේ පොත සමාජගත වෙනවාය කියා හිතෙනවා
Deleteනංගී තාමත් පොත අරගෙන කියවන්නට නොහැකිවීම ගැන සමාවෙන්න - ඒත් හැකි ඉක්මනින් එය කියවනවාමයි. සුබ පැතුම් ඔබට! ඔබේ මේ අත්දැකීම් අපට සොඳුරු අත්විඳීම් වනු නිසැකයි.
ReplyDeleteස්තූතියි අක්කේ...
Deleteපොතක් මග එනවා. ආසාවෙන් ඉන්නේ බලන්ට. :)
ReplyDeleteතිලක සිත නම් හම්බ වෙලා කියවලත් ඉවරයි.
අනිත්කොණගේ කතා ආසාවෙන් කියපවු කෙනෙක් විදියට මේ වැඩේ ගොඩක් අගය කරනවා.
ස්තූතියි නංගී... පොතේ ඔයාලත් ඉන්නවා... ඇත්තටම සතුටුයි මේ හිතවත් මිතුරු ප්‍රතිචාර ගැන...
Deleteතිලක සිත වගේම අහම්බයෙන් ගොඩ වැදුනු අඩවියක්.හෙමින් හෙමින් කියවගන යනව.හදවතෙහි මනුස්සකම,මානව දයාව තව තවත් පුරවගන යන දුර ගමනකට සුභ පතමි.ඔබේ කුටුම්බයට සහ එක් වීමට නියමිත අලුත් "පොඩි මනුස්සයටත්" යහපතක්ම වේවා.
ReplyDeleteස්තූතියි දිමුතු ... පොතේ කතා වෙනස් ... බ්ලොග් එකෙන් බොහෝ දේවල් ඉවත් කර සංස්කරණය කරන්නත් වුනා... එනිසා පොතත් කියවන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි...
Deleteමම තිලක සිත නම් ගත්තා . මේක ගන්න බැරි වුණා . අම්ම දෙසැම්බර් එනකොට කියල ගෙන්න ගන්නම් . මේ බ්ලොග් එකෙත් මග ඇරිච්ච ගොඩක් දේවල් තියෙනවා . ඒ ටිකත් බලන්නම් .
ReplyDeleteස්තූතියි පැතුම්...
Deleteඅනික් කොන කියෙව්වට කමෙන්ට් කලේ නෑ. පොත ගත්තා , තිලක සිත කියවලා ඉවරයි .
ReplyDeleteඔබේ අදහස් දැන ගැනීමට කැමැත්තෙන් සිටිමි...
Deleteඔබගේ පොත් ගැන ඔබගෙන්ම ඇසීමේ ආසාවෙන් සිටියෙමි.. ස්තුතියි.. පත්තර දෙකේ ආටිකල් මම කියෙව්වා.. සුනන්ද මහතාගේ විචාරයත් කියෙව්වා..
ReplyDeleteමගේ පොත් ගැන ලියන්න හිතාගෙන හිටියට බැරි වුනා දේශකතුමා... බොහෝ විට රෝහලේ වැඩ නිසා ලියන්න හිත හදාගන්නේ බොහොම වැර වීරියෙන්...ස්තූතියි ඔබේ අදහස් දැන ගැනීමට කැමැත්තෙන් සිටිමි
Deleteලියල තියන අකුරු බරයි..
ReplyDeleteඒව යට අත්දැකීම් ගොඩයි
අපි පොත කියවල පැත්තකින් තියයි
අපේ හිත් කම්පනය වුනත් ඒ දේවල් තාවකාලිකයි
ඒත් මේවට දිනපතා මූණ දෙමින් ඉන්න ඔබ? ඔබේ හිත?
දෙසැම්බර් මාසෙ නිවාඩුවට ආවම කරන මුල්ම වැඩක් තමයි පොත් ටික ගන්න එක.. ඔබේ ලිපි මුල සිටම කියවා අගය කලෙ රසිකයෙක් හැටියට පොත් තාමත් කියවන්න බැරිවීම ලජ්ජාවට කරුනක්..
ReplyDeleteස්තූතියි අයියා... මේ ලිපි වලට බොහෝ ප්‍රතිචාර දැක්වූ ලියන්නට දිරිමත් කළ ඔබ කිහිප දෙනෙක්... ඔබේ ප්‍රතිචාරත් පොතේ තියෙනවා.
Deleteඇත්තටම මේ කතා ටික කැටි කොට පොතක කියවනකොට ඒක බ්ලොග් එකක කියවනවට වඩා හිතට වදිනවා වගේ දැනුණා. ඇත්තටම උතුරුකරේ ජීවිතය එකම සොඳුරු කතා ගොන්නක්. අර කීවත් වගේ පිටකවරෙටත් මුල් වුනේ ඒ වගේ අපුරු දෙයක්නෙ. වෙලාවකට පුදුමත් හිතෙනවා. ඇත්තටම කිව්වොත් ඒකාකාරී මෙහාකොනේ රෝහල් ජීවිතයෙදි ඒ වගේ සුන්දර මතකයන් එතරම් අත්දකින්න වෙන්නෙ නැහැ කියල කිව්වොත් අක්කා මාත් එක්ක එකඟ වෙයි.
ReplyDelete-තොටියාස්-
ඒකනම් සහතික ඇත්ත මල්ලි... ඒ කාලේ අත්විඳපු දේවල් වලට වඩා හාත්පසින් වෙනස් දේ දකින්න ලැබෙන්නේ... හැබැයි දුක කඳුළු කරදර නම් හැම තැනම එක වගේ
Deleteමං අද මේ පොත් හතරම ඕඩර් කළා මේ සයිට් එකෙන්. පොත්වලට මෙතැන ඉඩක් ලැබුණු එක හොඳයි.
ReplyDeleteකොහොමද මෙතැනට තවත් පොත් එකතු වෙන්නේ? මොකක්ද ක්‍රමය එහෙම කරන්න?
thank you kathandara..... you can write to them... I emailed my book details, and the cover photos... and also the weight of the books... can get the email address from the web site.. easyhome.lk and they will let u know where to bring the books... we all gave some stocks to their store at Nawala - Koswatta junction
Deleteදිගටම කියවීමට නොහෙකි වුනත් ආසාවෙන් කියවූ බ්ලොග් එකක්. ගොඩක් සංතෝසයි ඔබේ උත්සාහය ගැන. ඔබේ අත්දැකීම් වලට නියම වටිනකමක් ලැබේවි. සුබ් පැතුම්.
ReplyDelete( මං ඔබේ බ්ලොග් එකට ආවෙ නම් blue lotus ) හැටියට.
තුති නිල් මානෙල් ... දිගු කලක් කියවන්න බැරි වුනා බ්ලොග්, මේ අවිවේකීම කාලයක් නිසා... ස්තූතියි.
Delete31 දා හැන්දෑවට මුණගැහෙන්න හිතේ තියාගෙන මොනවත්ම නොලියා ඉන්න හිතුවා.....!
ReplyDeleteහමුවෙමු 31 දින සොඳුරු සංවාදයේදී...
DeletePothe pitakawarayata "waydya" kiyala damme ay? Sahithyakaranaye yedena saha kawi gee liyana doctorsla rasak innawa. Owun kawuruwath "waydya" kiyala danne Naha. Yasanath DHammika Bandara( doctor) Ajith kalyana amarasinghe( AMP), gunadasa amarasekara, Gayathi Garusinghe ( Consultant OMF Surgeon), etc.
ReplyDeleteඅනිත් කොන පොතට වෛද්‍ය කියා යොදන්නත් ඒ හා සමගම ලියූ කවි පොතට වෛද්‍ය කියා නොදමන්නත් හේතුව ඔබම සිතා බලන්න !
Deletemarket thamay ithin, ne...? Mona muhunuwarin aawath..?
ReplyDelete