Sunday, July 29, 2012

විහින් මැරෙන්නේ නැතුව රාජකාරිය විතරක් කරන්න !



නොලියූ කතා ටිකක්...

"අද ටිකක් කලින් අපට යන්න වෙනවා සර්." ස්නායු වෛද්‍ය විශේෂඥ තුමා වෙත එසේ කියද්දී ඔහු අප දෙස කණ්නාඩි කුට්ටමට යටින් බැලුවේ "මොකක්ද ඒ පාර" කියමිනි.

" සර් අපි හොයාගත්තා, ලොජ් එකක් තියෙනවා කියලා මේ අහවල් ගමේ. එතෙන්ට පොඩි කෙල්ලො කොල්ලෝ එනවලු. ඒකට විරුද්ධව මොකක් හරි කරන්න ඕනෙ නිසා පන්සලේ හාමුදුරුවන් හම්බුවෙන්න යන්න හදන්නේ අද හවස."

"අයිසේ මේ මම කියන්නේ නෑ ආයේ. මේ තමන්ට කරන්න පුළුවන් වැඩේ විතරක් කරලා නිකම් ඉන්න මේ නන්නාඳුනන පළාත් වලට ඇවිත් ගම් හදන්න යන්නේ. තමුන්ලා දන්නවද ඔය ඕවා කරන මිනිස්සු පාතාලේ එහෙම සම්බන්දකම් තියෙන උන් කියලා. පිස්සු නැතුව ඉන්ඩ. මම දැක්කා දෙන්නා තුන් දෙනා එකතුවෙලා බැහැගෙන අර  පොන්ඩ් එක සුද්ධ කරනවා ඊයේ පෙරේදා." සර් තරහ ගිහින් අපිට හොඳටෝම බැන්නා.

"ඔව් සර් අපි පේන්ට් කරා අළුතින් මාළු ගෙනත් දැම්මා" මේ බ්ලොග් එකේ කතා වලත් සිටින අපෙන් එකෙක් එහෙම කිව්වේ ඒකටත් බැනුම් අහගන්න වෙයි කියලා හිතාගෙන නෙමෙයි.

අපේ හිටපු ජේෂ්ඨයින් දෙදෙනෙක් හදපු ලොකු පොකුණ සුද්ධ පවිත්‍ර කර එයට අලුතෙන් මාළු පැටව් ගෙනත් දමා වටේ සිමෙන්ති බන්ට් එක වටේ තීන්ත ගෑවේ අපි වෛද්‍යවරු සේරම එකාවගේ එකතුවෙලා. 

ඊළඟට කොහොම හරි එදා අපි කරන්න ගිය වැඩේ නැවතුනේ ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ තුමාගෙන් බැනුම් සංග්‍රහයක් එක්ක ඒ රට හදන්න කලින් ජීවිතේ බේරගෙන වැඩ කරන්න ඉගෙන ගන්න කියලා.
අනිත්කොණ රෝහලට යන්න කැමැත්තෙන් ඇප්ලයි කරපු දවසෙත් ස්නායු වෛද්‍ය සර්ගෙන් බැනුම් ඇහුවේ ලොකු වැරැද්දක් ජීවිතේට එකතු කර ගත්තා වගේ.

"වෙන උන් ඊළඟ උසස්වීමට විශේෂඥයෙක් වෙන්න ඉගෙන ගන්නවා කොළඹ ඉඳගෙන ඉගෙන ගන්නේ නැතුව තමුන් තව ඈතට ගිහින් මොනවා කරන්නද යන්නේ?" ඔහු බොහෝ වෙලාවක් බැන වැදුනා. ඒ අරමුණක් නැතිව සිටි අපට. "හරි සර් ඈතට ගිහින් පාඩම් කරන්නම් මොකක් හරි" ඔහොම කියා යන්තම් ෂේප් උනා. වැඩ කරන අතරේ අපි කොහොම හරි ඊළඟ විභාගෙටත් පාඩම් කරා.

අනිත් කොණ රෝහලේ අඩුවක්ව පැවති ලොකු බුදු මැදුරක් නිර්මාණය කර ගොඩ නැගුවා. මහ විහාරේ හාමුදුරුවන් වහන්සේ ඒ කාලයේ හැමදාම බණ කියද්දී මතක් කරන්නේ "මං දවසක් මෙතැනට වඩිනකොට මේං මේ ගහේ නලාව එල්ලලා අපේ දොස්තර මහත්තුරු ටික උදළු අරන් හරි හරියට පස් කපනවා. සිමෙන්ති අනනවා. " කියලා.
බුදු මැදුර සහ මළුව හැමදාම හවස අතුගෑවේ හේදුවේ අපි දොස්තරලා. සමහරු හුඟක් දොස් කීවා. සුළු සේවකයින්ට ඒක කරන්න අණ කරන්නේ නැතුව ඇයි මෙහෙම නැහෙන්නේ කියලා. අපි හැමෝම මිනිස්සු. රැකියාවේ උස් පහත් බේද තිබුනත් මිනිස්කම අතින් හැමෝම එක වගේ විය යුතුයි. අනිත්කොණ වැසියන් අපෙන් දුටු දයාව කැපවීම සහ සහෝදරත්වය නිසා ඔවුන් අපට සැලකුවේ ඔවුන්ගේම පවුලේ අය වගෙයි. ඔවුන්ගේ ගෙදරක බණක් දානයක් වුනත් , කෝවිලක උත්සවයක් වුනත්, මගුලක් උනත් අපිට කියන සිරිතක් තිබුනා. කෝවිලේ හැදෙන පොංගල් බත වාට්ටුවේ හිර වෙලා ඉන්න අනිත්කොණ ඩොකාට අනිවාර් යයෙන් එවනවා. හරියකට උයා පිහන් කන්නේ නැති බව දන්නා සුළු සේවයකයින් , රෑට එයාලා හදන උප්පමා, ඉට්ලි වඩේ වගේ දෙයක් මටත් ඔතාගෙන එන සිරිතක් තිබුනා. ඒ කාලය මතක් වෙද්දී ඇසට කඳුළක් නැගෙනවා ඔවුන් මතකයට එන නිසා.
මේ කතා මේ ආකාරයෙන් ලියන්න පටන් ගත්තේත් අප ඒකක වල ප්‍රධානීන් වන විශේෂඥ වෛද්‍යවරුන්ගේ අනුමැතියෙන් සහ ආරාධනාවෙන්. මෙහෙමෙ ලියන්න තුන් හිතකවත් නොතිබුනා වගේම කතා ලියන්න පුළුවන් කියලා හිතුනේම නැති තරම් මොකද අවුරුදු ගණනාවක් වෛද්‍ය විද්‍යාව ඉගෙන ගත්තේ ඉංග්‍රීසියෙන් නේ.

අළුත උපන් දරුවාට අන්දන්න රෙදි කෑල්ලක් නැති අම්මලා දුටුවිට ගොස් තමන්ගේ මුදලින් බබා ඇඳුම් රෙදි ගෙන ආවේ අපට බොහෝ සල්ලි තිබෙන නිසා නොවෙයි. එවෙලේ අපි ඔවුන් කුමන ජාතියක කුමන ආගමක උන්ද කියා බල බල උන්නේ නැත. බස් එකට සල්ලි නැති අයට කාසි කීයක් හරි මිට මෙලෙව්වේ මනුස්සකමට හිත උණු වුන හින්දා. වාට්ටුවේ සිටින ඇතැම් රෝගීන් බත් කන්න බෑ කියා සිටිද්දී කාත් කවුරුත් නැති ඔවුන් හට ඉඳි ආප්පා රොටී හෝ ආප්ප මුලක් ගෙනත් දුන්නේ වෛද්‍යවරුන් කිහිපදෙනා මුදල් දාලා. ඒවට ඔය යුද්දේ තියෙද්දී මේ පැති වලට ඇදී ආපු ආධාර උදව් ආවේ නෑ කවදාවත් !

මේ බ්ලොග් එක ලියන්නට පටන් ගත්තේ 2009 අවුරුද්දේදීය. ඒ තවත් මෙලෙස ලියන වෛද්‍යවරුන් කිහිප දෙනෙකු නිසාය. ඔවුන් ලීවේ ඉංග්‍රිසියෙනි. සිංහලෙන් ලියූ අය ලියුවේ සායනික අත්දැකීම් නෙමෙයි කවි කතා ප්‍රබන්ද වගේ ඒවා.
එක් දිනක අප විශේෂඥ වෛද්‍යවරයා  විමසුවේ මෙහි සිටින දොස්තරලාගේ විශේෂ කුසලතා මොනවාද කියාය. අප සියල්ලන් උඩ බිම බැලුවේ සර් මොනවා අහනවාද කියාය. "ඔය චිත්‍ර අඳින. ලියන, සංගීතය කරන අය නැත්ද මේ සෙට් එකේ." සර් ඇසුවේය. මේ අනිත්කොණට පුළුවන් ලියන්න. ඒ වෙනකොටත් වාට්ටුවේ සියලු ලිපි ලේඛන සැකසුවේ මාය. "මෙන්න මෙයාලට ලියන්න පුළුවන් සර්." අපේ ජේෂ්ඨ අක්කලා අයියලා පැවසුවෝය. පසු දිනක සායනය අතර තුර අම්මා කෙනෙකු පෙන්වා ඔහු කීවේ මෙන්න ලියන්න හොඳ කතාවක් මෙයාගේ හිස්ට්‍රි එකේ තියෙනවා.
"සර් එතකොට ඒක එතිකල් නෑනේද. පුද්ගලික කරුණු ලියන එක".
එහෙම ඇහුවම සර් කිව්වේ "ඇත්ත තොරතුරු පල කරන්න එපා. කතා වගේ ලියන්න එතකොට ප්‍රශ්ණයක් නෑ.සමාජයට හානි දායක දෙයක් ලියන්නේ නෑනේ ඕගොල්ලො.අනිත් අයට ගත යුතු ආදර්ශ තියෙනවා. මේ වගේ මිනිස් ජීවිත තියෙන බව ලියන්න ඕනේ. ඒවගේම මෙහෙ මිනිස්සු සමග ඩීල් කරන විදිහ ලියන්න. ඒවා හානි දායක නෑ. කාගෙවත් පුද්ගලිකත්වයට හානි වෙන්නෙත් නෑ."
(සායන වල වෝඩ් රවුන්ඩ් එකේ, ගමේ අය සේරම ඉස්සරහ හිස්ටරි ගන්න වෙන අපට. එක මේසෙ  හතර පැත්තේ වෛද්‍යවරු හතර දෙනෙක් ඉඳගෙන ලෙඩ්ඩු බලන ක්ලිනික් තියෙන ලංකාවේ, දුෂ්කර ප්‍රදේශ වල තියෙන රජයේ රෝහල් වල පුද්ගලිකව මේ හැමෝම හමුවෙන්න තනි තනි කාමර නෑ. ලෙඩා කියන ඔක්කොම පෝලිමේ ඉන්න අයටත් වටේ ඉන්න අයටත් ඇහෙනවා. පොඩි දරුවන්ගෙන් සායනික ඉතිහාස ගනිද්දී බොහොම අමාරුයි වෙලාවකට අවට පිරිලා ඉන්න පිරිස නිසා. මේ තත්වය නැතිවෙන්න ගොඩක් කල් යයි. පුද්ගලික රෝහල් වලත් ,  පිටරටවලත් එහෙම නැති වෙන්න පුළුවනි. ඒ වගේ පහසුකම් ලැබෙන්න තව කාලාන්තරයක් යයි.)

 විශේෂඥ වෛද්‍යතුමා එහි නීතිමය සහ සදාචාරමය පැත්ත ගැන අපට කරුණු වටහා දුන්නේය. හැම ඒකකයකම ප්‍රධානී මෙන්ම විශේෂඥ වෛද්‍යතුමන්ලාගේ තුමියලාගේ අවසරය මේ සඳහා ලැබුනි. ඒ සියල්ලෝම මෙය කියවන බවද දනිමි. සමහරු ප්‍රින්ට් අවුට් අරගෙන තබාගෙන සිටිනු දුටුවා. නමුත් මට ලියන්න ලැබුනේ හෙමින්. ඉදිරියට ලියන්න හැකිවෙයිද කියන්න බෑ. සමහර විට හෙමින් හෙමින් ලියවේවි. ඒත් ප්‍රමාදය ඉවසමින්, කියවන හැමෝටම ස්තූතියි.

46 comments:

  1. විහින් මැරෙන්නේ නැතුව රාජකාරිය විතරක් කරන්න !

    තැනේ හැටියට එහෙම කරන්න වෙන වෙලාවලුත් තියෙනවානේ. දුකෙන් අකමැත්තෙන් වුනත් ඉවසන්න වෙනවා ඒ වෙලාවට.

    ReplyDelete
    Replies
    1. ඔව් අකමැත්තෙන් උනත් එහෙම ඉන්න සිදුවෙනවා. රාමා, ආවාට ස්තූතියි.

      Delete
  2. ගොඩක් දොස්තරලා බ්ලොග් ලිව්වත් සායනික දේවල් ගැන සිංහලෙන් ලියන්නේ ඔයා විතරයි අක්කා!අනිත් අයත් අතරින් පතර නොලියනවාමත් නෙවෙයි! වෙලා තියන විදිහට ලියන එක අගේ කරනවා! හැම ලිපියකින්ම පෞද්ගලිකව මට ගන්න දේවල් තියනවා1

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලි. උපරිමයෙන් උත්සහ කරනවා ලියන්න. වඩා හොඳ වෙන්න අපට මග පෙන්වූ අය නිසා අපි අද හැමෝගෙම හිත් දිනාගෙන සිටිනවා. ඇත්තටම ඉඩක් ලැබෙන වෙලාවකට ලියන්නම්.

      Delete
  3. එහෙම තමන්ගේ ගැන විතරක් හිතන්න පුරුදු කරවන වගේම අනුන් ගැන හිතන්න පුරුදු කරවන මහාචාර්‍යය වරුන් හමුවී අත් දැකීම් ඇත.ඔබට ලියන්න මග පෙන්වූ වෛද්‍යතුමාට තුති වේවා!!!

    දිගටම ලියන්න උත්සාහ කරන්න.වෛද්‍යවරයෙකු තරම් අනුන්ගේ ජීවිත තුළට එබී බැලිය හැකි වෙනත් වෘත්තියක් නොමැති තරම්.ඒ අත්දැකීම් අනිත් අයත් සමඟ බෙදා ගැනීමයි වැදගත්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනුක මල්ලි. හොඳම වෙන්න පුරුදු කරපු අය නිසා අපි අද මෙහෙම ඉන්නේ. ඒත් කෙනෙක් ඇවිත් පොඩ්ඩක් මේ ලියවීම් වල කොන්ෆිඩෙන්ෂියැලිටි එක ප්‍රශ්ණ කරපු වෙලාවේ හිත සසල වුනා. ඒකයි එහෙම ලිව්වේ. අනික දැන් සමාජයේ වැරදි මතයක් යනවා වෛද්‍යවරු කියන්නේ මුදල් වලට යට වූ බොහොම නරක පිරිසක් කියලා. මිනිස්සු දන්නේ නෑ හොඳ අයත් ඉන්නවා කියලා.

      Delete
  4. ඔබේ ලිවීම මම අගය කරනවා අක්කි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලි. මෙහි පල කරන දෑ කියවන එකට.

      Delete
  5. ඔයා ලියන දේවල් ආශාවෙන් බලන කෙනෙක් මමත්,දිගටම ලියන්න.මම හරිම ආශාවෙන් කියවන අලුත් අත්දැකීම් ලබා ගන්න බ්ලොග් එකක් මේක අක්කි....:)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගි.මේ පෝස්ට් එක ලියද්දී හිතේ තිබ්බ කනස්සල්ල දැන්නම් නෑ. බලමු ඉස්සරහට ලියන්නම් වෙලා තියෙන විදිහට

      Delete
  6. oyala wage Doctorsla innawa kiyala ahanna labena ekath loku sathutak... heki vidiyata digatama liyanna... eya oba wagema anith Doctorslatath karana Upaharayak...

    ReplyDelete
    Replies
    1. අපේ වැඩිහිටියොත් කිව්වේ මේ ලියන දේ හොඳයි කියලා. පුළුවන් වෙලාවට ලියන්නම්, ස්තූතියි.

      Delete
  7. ඇත්තට මටනම් මෙහෙම දොස්තරවරු අපේ රටේ ඉන්නවා කියල හිතාගන්න බැහැ... ඔබනම් මේ රටට ගොඩක් ආඩම්බරක් ඩොක්ටර් . ඔබව ලියන්න යොමු කල ඩොක්ටර්ටත් ගොඩක් ස්තුත්යි...
    Hats off to you doctor!!!

    ReplyDelete
    Replies
    1. හිතාගන්න බෑ කිව්වම මතක් වුනේ... අපි අනිත් කොණ ආපු දවස් වල මේ අයටත් පුදුම හිතුනා අපි ගැන. උදේට හැමෝ එක්කම හිනා වෙලා කතා කරන එකම ලොකු දෙයක් කියලයි කිව්වේ එයාල.

      Delete
  8. සර්, අයියා, අක්කා මට නං විහිළු වගේ ඒ කතා!

    ReplyDelete
    Replies
    1. ඒක ලංකාවේ හැටි කතන්දර. අනික විශේෂඥයෙක්ට සර් කියන එකවත්, සීනියර්ස්ලට අයියා අක්කා කියන එකවත් විහිළුවට ලක් විය යුතු නෑ. කෙනෙක් දවසක් කිව්වා ඔහොම ගිහින් කන්සල්ටන්ට්ලට අන්කල් කියන දවස වැඩි ඈතක නෑ කියලා. මොනා කරන්නද මේ ලංකාවේ ක්‍රමේ.

      Delete
    2. මේ වචන වලින් පේන්නෙ අපේ හිතේ තියන හැඟීම්.
      අපේ සමහර වාට්‍ටු වල ඉන්න සමහර සීනියර් රෙජිස්ට්‍රා ලා ට අයියෙ අක්කෙ කියපු අපි, ඒ වාට්‍ටුවේම ඉන්න තව සීනියර් රෙජිස්ට්‍රා කෙනෙක් ට සර් කියපු වෙලාවල් ඕනා තරම්.
      මම නම් කැමතියි ලංකාවෙ මේ ක්‍රමේට. අපි ගරු කළ යුතු කෙනාට ගරු කරනවා. ලෙංගතු වෙන්න ඕනා කෙනාට ලෙංගතු වෙනවා.එතන විහිලුවක් නෑ.

      Delete
    3. මේ විතරක් නෙවි එක කන්සල්ටන්ට් කෙනෙක් (අපිට ගොඩාක් strict විදියට හිටපු) තවත් කන්සල්ටන්ට් කෙනෙක් ඉදිරියේ යටහත් පහත්ව සර් කියන අවස්ථා අපි දැකලා තියනවා. ඒ මොකද ඒ සීනියර් කන්සල්ටන්ට් ඔහුගේත් ගුරුවරයෙක්.. තමා දැන් කන්සල්ටන්ට් කෙනෙක් වුනත් මුල අමතක නොකරපු ඔහු තමන්ගේ ගුරුතුමාට ගරුසරු දැක්වූයේ එහෙමයි (තම සිසුන් ඉදිරියේදී වුනත්).. මටත් ඒකෙ විහිළුවක් පේන්නේ නෑ

      Delete
  9. අනිත්කොණගෙ ලියවිල්ල ගැනයි කැපවීම ගැනයි මම කලින් ලියලා තියෙන නිසා ඒ ගැන යමක් කියන්න යන්නෙ නෑ. මේ පෝස්ට් එක ලියන්න හේතුව පහුගිය පාර කමෙන්ට් එකකින් මතු කරපු එක්තරා කාරනයක් වෙන්න ඕනෙ.
    හරි මොකද මේ කියමන් වල තේරුම?

    1.සමහරු ප්‍රින්ට් අවුට් අරගෙන තබාගෙන සිටිනු දු‍ටුවා.
    2.ඉදිරියට ලියන්න හැකිවෙයිද කියන්න බෑ
    3.සමහරවිට හෙමින් ලියවේවි.

    එකදෙයක් කියන්නම් අනිත් කොණ.
    කිසිදේකට සැලෙන්න එපා.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...මටත් මේක හිතුනා..
      (පෞද්ගලිකත්වය + එතික්ස් + ප්‍රින්ට් අවුට් )...බලාගෙන ඉන්න බැරි කාගෙ හරි ඇස් වල කටු ඇනිලද කියලා හිතෙනවා..

      කොහොමවුනත් වුනත් ඔබතුමිය ලියන හැම වචනයකින්ම අපි යමක් ඉගෙන ගත්තා...මොනතරම් ලොකු ස්ට්‍රෙස් එකක් වුනත් එළියට නොදා වැඩකරන වෛද්‍යවරුන්ගේ ඇතුලාන්තය ගැන යමක් ඉගෙනගත්තා...මෙතනින් හොඳ දෙයක් මිස නරකක්නම් වෙනවා මම කවදාවත් දැකලා නැහැ...

      Delete
    2. ප්‍රින්ට් අවුට් - නෑ මේක පොඩි වැරදි වටහා ගැනීමක්. ප්‍රින්ට් අවුට් ගත්තේ අපේ විශේෂඥ වෛද්‍යවරයෙක්.අපිමයි ප්‍රින්ට් කරලා දුන්නේ කියවන්න. ඒ ඔහුට කියවන්න ඕනෙ කියලා. කොම්පියුටරේ ඉස්සරහ ඉඳගෙන ඉන්නෙ නෑනේ ගොඩක් අය.

      කෙනෙක් මේකෙ confidentiality එක ගැන ප්‍රශ්න කලා. කවදාවත් කිසිම දවසක වචනෙකින් වත් කමෙන්ට් නොකර එකපාර එහෙම අදහසක් පමණක් කියන්නේ මොකක් හරි භයානක ප්‍රශ්ණයක්ද දන්නේ නෑනේ. එනිසයි ඊලඟ පෝස්ට් එකෙන් වඩා හොඳ පැහැදිලි කිරීමක් කරේ. මෙහෙම ලියනවා කියන එක අනික් වෛද්‍යවරු දන්නවා ඔවුන් කියවනවා.

      Delete
    3. අනිත්

      මම මේක හැමදාකම වගේ ඉඩක් ලැබුනම කියෝනවා නොවැරදීම .එහෙම කොන්ෆිඩෙන්ශැලිටි , මෙඩිකල් එතික්ස් අවුලක් නම් දැක්කේ නෑ . ලෙඩ්ඩුන්ගේ වග වාසගම් , පින්තූර වෙන පුද්ගලික විස්තර මේකෙ මම දැක්කේ නෑ .

      ඔය විකාර නැතුව ලියන්න ලමයො .ඔයාගේ ෆ්‍රොෆෙශනල් එතික්ස් ගැන හොඳටම දන්න කෙනා ඔයානේ :)

      අහ් ඔවු තව කියන්න වැදගත් දෙයක් ඇත .ඔය ඉස්පිරිතාල කෙරුවාව ගැන ලොකු සර් දුන්න උපදෙස වගේ තමා බ්ලොග් ලියලා රට හදන්න හිතන්න එපා බොස් . සතුට වෙනුවෙන් තමන් හරි කියලා හිතෙන තමන් කැමති දේ ලියන්න

      Delete
  10. මිනිස්සුන්ට ලෙඩ බෝ කරන විශබීජ වලට එරෙහිව නැගී සිටින ගමන්ම, මනුස්සකමත් බෝ කරන වෛද්‍යවරු ගැන අහන්නත් සතුටුයි..

    ඔබ තුමියට වෙලාව තියන හැටියට ලියන්න...නොලියා ඉන්නනම් එපා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලකී සිරි, උත්සහ කරන්නම් පුළුවන් තරමින් ලියන්න. මේ ගැන නැවත කීප දෙනෙක් එක්ක කතා කළා . ඒ අනුව නම් අදහස ප්‍රශ්නයක් නැති බවයි.

      Delete
  11. ලියන්න හිතෙන දේවල් කොළ කාලාක සටහන් කරලා තියන්න.. පස්සේ හැකි වෙලාවක ලියන්න. මොකද අපි ගොඩක් නාලන් ඉන්නවා කියවන්න. රට එපාවෙලා දුවන්න හිතවන ලියවිලි බොහොමයි ඔබේ එක ලියවිල්ලක් ඒවා දහසකට වඩා වටිනවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් කතා ලියවෙන්නේ එකපාරටම මතක් උනාම. ඔබ කිවු කතාව හරි. හැමදාම ලියන්න තරම් අත්දැකීම් නමුත් පොඩ්ඩක් හිතන්න ඕනේ වගේ මේ බ්ලොග් අවකාශේ වෙන දේවල් දැක්කම.

      Delete
  12. මෙව්ව මෙහෙම වචන වලට පරිවර්ථනය කරල ලීව්වම ලස්සනයි
    කියවන අයට ගුණදොස් කියන්නත් ලේසියි

    ඒත්.... මේ වගේ වැඩ කරන්න කොච්චර දුක් අනුභව කරන්න ඕනෙද කියල දන්නේ මෙහෙම වැඩ කරපු අයමයි
    එව්වායේ පින්තූර දැක්කම මට ඔබතුමිය ඇතුලු පිරිස ගැන බොහොම ගෞරවයක් ඇතිවුණා

    නිවාඩුවට ගෙදර ගියාම මම දැක්ක පුතාලගේ ඉස්කෝලේ දොස්තරල ඇතුලු රාජ්‍ය සේවකයෝ පිරිල දරුවන්ගේ වැඩවලට.. එතකොට ඒ රාජකාරී කරන්නේ කවුරුද?

    කොලඹින් පිට ඉල්ලල යන්නේ එහෙමත් කෙනෙක්

    ආයේ ඔය වාගේ වැඩ කරන වෙලාව අපටත් දන්වන්න - ඇති හැකි විදිහට සම්මාදම් වෙන්න බලන්නම්

    ඔබතුමියට නිදුක් නිරෝගී සුව!

    ReplyDelete
  13. ලකී ෂෙයා කරපු ලින්ක් එකෙන් ආවේ! වැඩිදෙයක් කියන්න නැති වුනේ තිස්ස අයියා සහ සරත් අය්යගේ කමෙන්ට් වල මගේ අදහස් වැඩි ප්‍රමාණයක් තියෙන නිසා!

    ලියන දේවල් කියවන ලිස්ට් එකේ මමත් ඉන්නවා.

    ReplyDelete
  14. ඇත්තටම කිසිම කම්මැලි කමක් නැතුවම කියෙව්වා..ඔබ මෙවන් දේ ලියන්න ඔබේ කාලය වැයකරන එක ඇත්තටම හරි අගෙයි යාළු..
    :)ඔබට ජයෙන් ජය!

    ReplyDelete
  15. කිසිම දවසක එක වචනයක් වත් නොකියා එක දවසක කියන එක දේකින් හිත කඩලා යන වචන කියන අය ඉන්නවා. අක්කා, මේකෙ කිසිම එතිකල් ප්‍රශ්නයක් නෑ. මම විදුසරට ලියන්න කලින් ඒ ගැන හොඳට පැහැදිලි කරගත්ත. මේකෙන් වෙන්නෙ සමාජයට හොඳක් මිසක් වෙන හානියක් නෙමේ. එහෙම ප්‍රශ්න කරන අය ඉන්නව නම් ඒකෙන් උත්සහ කරන්න ඔයාගෙ හිත වට්ටන්න මිසක් එයා එතික්ස් ගැන කන්සර්න් නිස නෙමේ. හොඳ දොස්තර කෙනෙක් දැක්කම ඇස් වල කටි ඇනෙන අය ඕනා තරම් ඉන්නව අක්කෙ. මොකද එතකොට දොස්තරලාව විවේචනය කරන්න අමරුයි එයාලට.

    ReplyDelete
    Replies
    1. thanks alot nango ඔයා පැහැදිලි කළ එකෙන් හැම දේම පැහැදිලි වුනා. ඒක තමයි මාත් බැලුවේ මොකක්ද මේ කියන්නේ කියලා. අන්න ඒකනම් ඇත්ත අපේ සර් කෙනෙක් කියනවා, අපි 1000 බේරුවත් හැමෝටම ප්‍රශ්නෙ වෙන්නේ මැරුණු එක්කෙනා පමණයි කියලා. ස්තූතියි සිදූ මේ දිරිගැන්වීමට.

      Delete
  16. පුලු පුලුවන් විදිහට දිගටම ලියන්න.බලන්න අපි ඉන්නවා.

    ReplyDelete
  17. අපේ තොටියටත් ලියන්න බැරිවෙන කතාවක් කිව්වා. අමු අමුවේ චරිත ඝාතනය කරන රටේ බ්ලොග් වලත් එක නැති වෙන්න බෑනේ. පහුගිය ටිකෙත් ඕනේ තරම් උනානේ. ඒ වුනාට අපිට අපේ පුද්ගලිකත්වය වටිනවා වගේම එයාලටත් එයාලගේ පුද්ගලිකත්වය වටිනවා කියල හිතුවම හරි.

    ReplyDelete
  18. සාමාන්‍ය පුද්ගලයි විදියට අපි ලෙඩක් දුකක් හැදුනහම තමයි අපි වෛද්‍යවරුන්ව දකින්නෙ.. සාමාන්‍ය ආශ්‍රය කරන අය අතරෙ බොහොම අඩුවෙන් ඉන්නෙ. ඒ නිසා ඔවුන් අපේ සාමාන්‍ය ජීවිතයෙන් බොහෝ දුරයි ඉන්නෙ. නමුත් ලෙඩ දුකේදි ගේන සහනය නිසා ඔවුන් දෙව්වරු වගේ කියන හැඟීම හිත ඇතුලේ තැන්පත් වෙලා තියෙන්නෙ පොඩි කාලෙ ඉඳන්මයි. ඔව් වෛද්‍යාචාරධර්ම ඇතුලෙ ඉඳන් උනත් ඔබලාගේ සාමාන්‍ය දැක්ම කියවලා අහල බලලා ජීවිතේට යමක් අර ගන්න අපි හරි කැමතී. නමුත් කාලය බාධාවක් වෙනවා ඇති අනිවාර්‍යෙන්ම මොකද රාජකාරියෙ ස්වභාවය අනුව. ලියන්න, අපි කියවලා යමක් එකතු කර ගන්නවා ජීවිතේට..

    ReplyDelete
  19. ඔයා ලියන දේවල් වලින් අපිට ගන්න ගොඩක් දේවල් තියෙනවා. ලියන එක නම් නවත්තන්න එපා. වෙලාවක් ලැබුනු ගමන් ලියන්න.

    ReplyDelete
  20. අනිත් කොන, මොකද ප්‍රශ්නෙ? ඇයි මොකුත් ලියන්නෙ නැත්තෙ? මේ දවස්වල වැඩ වැඩිද නැතිනම් හිත රිදීමක් වුනාද?
    අපි ඔයාගෙ පෝස්ට් එකක් කියවන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා කියලා මතක තියාගන්න.


    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ලිව්වා ලිව්වා... අම්මෝ තැන්ක්ස් ඩුඩ් මට ලියන්න කියා ධෛර් යය දෙනවට. හිත් රිදීම් නම් අඩු නෑ. නමුත් සිතට සහනයක් ගෙන දෙන සිදුවීම්ද එමටයි. මගේ පෝස්ට් කියවන්න බලන් ඉන්න පිරිසක් ඉන්න එකත් බොහොම සතුටක් ! ස්තූතියි ඩූඩ්

      Delete
  21. ඇයි අක්කි දැන් ලියන්නේ නැත්තේ? මොනවා හරි ප්‍රශ්නයක්ද? මමත් ඔයා ලියන දේවල් වල එතිකල් ප්‍රශ්නයක් දකින්නේ නෑ. නම ගම වැනි අන‍නන්‍යතාවය හෙලි නොකර ලියන මේ වගේ දේවල් වලින් තව කෙනෙක් නොදන්නා කොච්ච්ර දෙයක් ඉගෙන ගන්නවද? අනික යුද්දේ නිමාවෙච්චි අලුත්ම වගේ ඔය පැතිවලට ආපු අක්කා වගේ කට්ටිය කලේ ලොකු සේවයක්. ඒ කාලේ දුෂ්කර ඔය පැති තිබුණේ කොහොමද කියන එක ගැන මෙහේ කීපදෙනෙක්ම මට කියලා තියනවා.ඔයාට ඉරිසියා කරන කෙනෙකුට නම් ඔයා ලියන එකේ ඇදයක් පේන්න පුළුවන්. අපිට ඔක්කෝම දෙනා සතුටු කරන්න බෑනෙ.. මමත් කියන්නේ ලියන එක නතර කරන්න හේතු වුනේ සිත් රිදීමක් නම් ඒක අමතක කරන්න කියලා.. අලුත් පෝස්ට් එකක් දකින්න බලාපොරොතුතුවෙන් ඉන්නවා අපි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලි... ඔන්න ලිව්වා. ඇත්ත තමයි ... ගොඩ කාලයක් මම නොලියා ඉඳලනේ... මටවත් තේරුනේ නෑ.

      Delete
  22. මේ බ්ලොග් එක මට කොහොම මඟ ඇරුනද මංදා!
    Dude අයියගෙ ඔත්තුවක් නිසා තමයි අනිත්කොන ගැන දැනගත්තෙ.
    මොකද මේ හොඳට ලියාගෙන ආව එක නතර වෙලා? අනිත් ඒවත් කියවලම බලන්නම්කෝ.
    අක්කා අපි කව්රුත් බලන්නෙ අපිට සතුටක් දැනෙන දේ කරන්න. මිනිස්සුන්ට උදව්වක් උපකාරයක් කරල සතුටක් ලබන සුළු පිරිසක් ඉන්නවා. ඒ අයව තේරුම් ගන්න සල්ලි වලින් සතුට හොයන බහුතරේට බෑ.
    මාත් අක්ක වගේ කොයි කොනකට සේවයට ගියත් හිතවත්කමයි මිනිස්සුන්ගෙ ආදරෙයි හම්බකරගෙන සතුටින් ඉඳීවි.
    මේ ගමනෙදි කව්රු බාධා කලත් අපහාස කලත් තමන් හිතට එකඟව හොඳ දෙයක් කලා නම් ඒ ගමන නතර කරන්න එපා මොකද ඊර්ශයාකාරයින්ට කුහකයන්ට හෝ මෝඩයන්ට ඕන විදිහට අපි වැඩ කරනව කියන එකත් එක්තරා විදිහකට සමාජයට කරන පාඩුවක්.
    ඉතිං මාසයකටත් වඩා නිහඬව හිටියා නේද! ලඟදීම අක්කාගෙ වටිනා ලිපියක් බලාපොරොත්තුවෙන් බලාගෙන ඉන්නවා.
    සියලු දුශ්කරතා සිත් රිදවීම් ජය ගෙන ඉදිරියට යන්න ඟක්තිය ධෛර්‍යය නොඅඩුව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගිමන් නිවන්නා, ඇත්තටම කලකිරීම් පසු තැවීම් එක්කම සිතට සැනසුමක් දෙන අත්දැකීම් බහුලයි. ලියන්න දිරි දුන්න ඔබට ගොඩක් ස්තූතියි. මටත් තේරුනේ නෑ මාසෙකට වඩා නිහඬව සිටි බව. ඇත්තමයි. සමාවෙන්න බොහෝ අධික වැඩ ගොන්නක් නිසා මෙහෙම උනේ. ආයෙම ලියන්නම් හැකි පමණ.

      Delete
  23. යකඩෝ මට මේක අතැරිලානේ... මොන විදියකින් උනාද මංදා...?

    ඉල්ලාගෙන ඈතට යාමට විරුද්ධ වන ලොකු දොස්තර මහත්තුරු...
    අතින් වියදං කරගෙන හොඳ වැඩ කරන පොඩි දොස්තර මහත්තුරු...

    පොඩි දොස්තර මහත්තුරු ලොකු දොස්තර මහත්තරු වෙද්දී අර වගේ නොවෙනවනං එච්චරයි‍‍...

    දොස්තරලා එක්ක මගේ ඒ හැටි හොඳ සම්බන්ධයක් නැහැ... ඒ ඉතිං උන්නැහේලා එක්ක ගණු දෙනු කරන්න ගියාම විඳපු අහපු දැකපු හුගාක් කාරනා එක්ක වෙච්ච දෙයක්.. හැබැයි මේ බ්ලොග් ලියන දොස්තර කස්ටිය දැක්කම ටිකක් විතර ඒ කෝන්තරේ අඩු වෙලා යනවා... පොල් කඩන්නේ නැති දොස්තරලා..ඉල්ලං දුෂ්කර සේවයට යන දොස්තරලා මට හම්බ වෙන්නේ මෙතැනදී නෙව...

    ලියාගෙන යමු... නිදහස් වෙලාවක මුල ඉඳන් කියවන්නං...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මාරයාගේ හෝරාව... මම නම් ඔබේ බ්ලොග් එකේ කමෙන්ට් කරලත් තියෙනවා. ළඟඳි නම් මොකුත් කියවන්න ලැබුනේ නෑ. අවංක අදහසට ස්තූතියි. අපටත් හිතා ගන්න බෑ ඇයි අපි විතරක් මෙහෙම වෙන්නේ කියලා. සමහර විට තව උඩට යද්දි අපි වෙනස් වෙයිද ? ඒක තමයි භයානක. නමුත් ලොකු වුනත් ගොඩක් හොඳ දොස්තරලා දුටු නිසා අපිට එහෙම වෙන්න හිතෙනවා මීසක් නරකක් කරන්න හිතෙන්නේම නැති තරම්

      Delete
  24. කෝ අලුතින් මොකුත් නැහැනේ.. අයි නොලියන්නහිතුවාද නැත්නම් ලිවිල්ල එපා උනාද ?

    ReplyDelete
    Replies
    1. ලියවිල්ල අමතක වුනා. නොලියා ඉන්න තරම් වැඩ අධික වුනා... ආයෙ හිත හදාගෙන ලියන්න ගත්තා.

      Delete
  25. ඔක්කොටම කොමෙන්ට් කරන්න වෙයි වගේ, අදටනම් පොපුලර් 10 විතරයි කියවන්න වෙන්නේ,
    මේකෙන් තමයි දැක්කේ ඉල්ලගෙනම අනිත් කොණට ආව කියලා,
    නියමයි

    මටනම් මෙතෙක් කියවපු ලිපි කීපයෙන් ජීවත්යට ගන්න දෙයක්, හිතන්න දෙයක් තියෙනවා මිසක, රෝගියකුගේ අනන්‍යතාවය හෝ වෛද්‍ය ආචාරධර්ම උල්ලන්ගනය වෙන දෙයක් කියවන්න හම්බ වුනේ නම් නෑ.
    මෙය දිගටම කරගෙන යන්න මේය සමාජ සත්කාරයක්

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !