කිහිප ගමනක් A 9 ප්‍රධාන මාර්ගයේ ගමන් කළද දැන්නම් ඒ වෙනුවට අතුරු මාර්ග යොදා ගනිමින් මාර්කට් එකට, ෆුඩ් සිටි එකට ළඟාවෙන්නේ හැමෝගෙන්ම ලැබූ අවවාද සහ සතියේ සෑම දිනකම දකින්න ලැබෙන අනතුරු හා මරණ නිසා.
අහෝ A9 ලිපිය ලියූ දිනට පසුවදා… වාට්ටු වල වැඩ අවසන් කොට පහළට පැමිණෙද්දීම A9 ප්‍රධාන මාර්ගයේම පිහිටි ප්‍රාදේශීය රෝහලකඇම්බියුලන්ස් රථයක් නැවැත්තුවා. අපේ හිතවතියක් වන ඒ රෝහලේ වෛද්‍යවරිය කඩිමුඩියේ එළියට බැස, කෑ ගසා සියල්ලන් රැස් කරඇතුළේ තිබූ ස්ටෙචරය සමග රෝගියා හදිසි සත්කාර ඒකකය වෙත තල්ලු කරගෙන ගියාය.
දහවල් 12 පමණ වූයෙන් ETU (emergency treatment unit) හෙවත් හදිසි සත්කාර ඒකකය එවෙලාවේ බොහෝ කලබල නිසා අපි තිදෙනාදනිල නිවාසයට යන ගමන නවත්වා එහි දිව ගියේ උදව් කිරීමටය.
රෝගියා දුටු මතින්ම බොහෝ අසාධ්‍ය යැයි සිතුණි. අපේ හිතවත් වෛද්‍යවරිය කීවේ, බයිසිකලයේ ගමන් ගත් ඔහු, ටිපර් රථයක් හප්පාගෙන ගොස් ඇති බවය. ඔළුවට හානි සිදු වී ඇත. ඔක්සිජන් ප්‍රතිශතය බලාගෙන ඉඳෙද්දී පහළ බසී. නාසයෙන් කටින් ලේ ගලයි.ශ්වසන මාර්ග සියල්ලම අවහිර වී ඇත. මොළයට දැඩි හානි සිදුවූ බවක් පෙන්වයි. ඔහුට සිහියක් නැත. නිර්වින්දන වෛද්‍යවරයා බටයක්දමා ශ්වසනය යථා තත්වයට පත් කරන්නට උත්සහ ගත්තද බටය දිගේ පැමිණෙන්නේ ලේ පමණි. හර්දයද අකර්මණ්‍ය වී ඇත. අනෙක් අයවටවී කෘතිම හර්ධ ස්පන්දනය ඇති කිරීමට උරස් ප්‍රදේශය තෙරපයි. එහෙත් රිද්මයේ වෙනසක් නැත. දෙතුන් පාර විදුලි සැර මගින් හෘදයක්‍රියාත්මක කිරීමට උත්සහ ගත්තද එය සාර්ථක වූයේ නැත. ඔහු මිය ගොසිනි. අපි පිටතට පැමිණියෙමු.
එක දරුවෙක් වඩාගෙන තවත් දරුවෙක් අතින් අල්ලාගෙන ඔහුගේ බිරිඳ ETU එකේ දොරකඩ බලාගෙන සිටී. ඇය සිතන්නේ ඔහු ජීව්ත්වේය කියාය. අප නැවත නිල නිවස වෙත ගියෙමු. දැන් රෝහල දෙසින් මහත් විලාප හඬක් ඇසේ. නිර්වින්දක වෛද්‍යවරයා පිටතට පැමිණඔහුගේ බිරිඳට කනගාටුදායක පුවත පවසන්නට ඇති.
තරුණ මව දරුවන් දෙදෙනෙකු සමග තනිවී සිටී. කුලී වැඩ කර එදාවේල සරි කරගත් ඒ 32 හැවිරිදි තරුණ පියා, ටිපර් රථ බයිසිකල්ගැටුමෙන් ලොව හැර ගොසිනි !
මගේ යෙහෙළියක් මා දෙස බලා “ පේනවා නේද.. තව බයිසිකල් පදිනවා” යැයි මා දෙස ඔරවාගෙන දොඩවයි. ඔව් එය ඇත්තෙන්ම භයානකයි ! (අත්දැකීමෙන් දනිමි.) රජය හෝ වගකිවයුතු ආයතනයක් මේ දේවල් ගැන සැලකිලිමත් වෙනවානම් හොඳයි සිතේ.
රටේ නායකයින් කීප දෙනෙක් මාස කිහිපයකට කලින් මේ අනිත්කොන රෝහලට පැමිණියා මතකය. ඒ පැමිණෙද්දී නම් දින 3 ඇතුළතරෝහල කළ එළි වී අමුතුම සිරියක් ගෙන ආවේ අපේ ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට පින් සිදු වෙන්නටයි. උත්සවයට කලින් දින එක්ලේකම්වරයෙක් රෝහලේ පිවිසුම් කොරිඩෝවේදී, අපි හවස වැඩ ඉවරවෙලා නිල නිවාසයට යමින් සිටියදී මුණ ගැසිණි.
“මම අහවලාගේ ලේකම් , ඩොක්ටර්ස්ලා කොහේද, කොහොමද කොයි පළාතේද. මෙහෙ හොඳද” යනුවෙන් ඇරඹි කතා බහ අවසානයේ.
“මොනවද ඩොක්ටර් තියෙන අඩු පාඩු” යැයි ඇසුවේය.
“අඩු පාඩු නම් එමටයි. අපට තියෙන්නෙ එකම එක ශල්‍යාගාරයයි.(operation theatre) ඉතින් හදිසි සැත්කම් අවස්ථා පැමිණි විට ඇතුළේකරමින් ඉන්න සැත්කම නවත්වා ඒ ලෙඩා එළියට අරගෙන අර හදිසි සැත්කම කරන්න වෙනවා. එහෙම නැත්නම් ඇතුළේ එක ඉවරවෙනකම් එළියේ ලෙඩා ජිවත්කරන්න සෑහෙන සටනක් දෙන්න වෙනවා”
“ඒ කිව්වේ”
“දැන් හිතන්න, කකුලක් කැඩිච්ච රෝගියෙක්ගේ සැත්කම කරමින් ඉන්නකොට, බබෙක් හම්බුවෙන්න ඉන්න අම්මා කෙනෙක්ගේප්‍රශ්නයක් වෙලා හදිසියෙන් සීසර් කරන්න උණොත්. මිනිත්‍තු කිහිපයකින් ඒ දේ කරනන් ඕනේ. හැකි තරම් ඉක්මනින්. ඉතින් එතකොටඅර තියටර් එකේ ඇතුළේ ඉන්න ලෙඩා ඉක්මනින් සිහි ගන්වා එළියට ගන්න වෙනවා.”මම පැහැදිලි කළෙමි.
“ආ හරි. ඔව් ඩොක්ටර් ඒක ගැන මම සටහන් කරගන්නම්”
“තව.. මේ රෝහලේ ලිෆ්ට් එකක්වත් වැඩ කරන්නේ නෑ. දැන් යුද්දෙ ඉවර වෙලා අවුරුදු 3ක්. වාට්ටු සහ ශල්‍යාගාර තියෙන්නේ දෙවෙනි තට්ටුවේ. ස්ටෙචර් පිටින් කර මතින් උස්සගෙන තමයි පඩිපෙළ නගින්නේ. හදිසියෙවත් රෝගියා වීල් චෙයා එකේ ගෙනාවොත්, සුළු සේවකයන්ට තේරෙන්නේ නෑනේ රෝගියාගේ තත්වය, එයාලා රෝගියා පයින් පඩිපෙළ දිගේ ගෙනියනවා. මේ ළඟදි දවසකත් පඩිපෙළ පාමුල අම්මා කෙනෙක් බබෙක් ප්‍රසූත කළා. අපි සේරම පල්ලෙහාට දුවලා තමයි දරුවා ගත්තේ. ඒකට අපිට කාටවත් බනින්න බෑ. දරුවෙක්ප්‍රසූත කරද්දී වීල් චෙයා හෝ ස්ටෙචර් එකේ ඒ අම්මව උඩට උස්සගෙන එන්න බෑනේ. සමහර විට හදිසි ප්‍රතිකාර ඒකකයෙන් ශල්‍යාගාරයට ගෙන යන හදිසි රෝගීන් පවා කර මතින් පඩිපෙලින් ගෙන යද්දී කොයි තරම් අමාරුද ඒකට විකල්පයක් නෑ. එනිසා පුළුවන්නම් මේ ලිෆ්ට් දෙකක් බිල්ඩිමේ දෙකොනේ තියෙනවා ඒ දෙක හරි ගස්සලා දෙන්න.”
“හොඳයි ඩොක්ටර්.. මම ඇහුවේ ඩොක්ටර්ස්ලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද මෙහේ. ඉඳුම් හිටුම් , පහසුකම්” එතකොටයි මට තේරුණේ මොහු අසන්නේ අපේ පුද්ගලික අවශ්‍යතා ගැන කියා.
“ඕ සමාවෙන්න. නෑ අපිට නම් එහෙම කියන්න තරම් අපහසුකමක් නෑ. කියන පරක්කුවෙන් අපට අවශ්‍ය සියල්ල අපිට සපයන්න මෙහෙ පිරිස ඉන්නවා. එකම දේ මේවායේ තියෙන දේවල් ඒ ආකාරයෙන් පවත්වාගෙන යන්න ඕනෙකම තියෙන අය හෝ පිරිස නෑ. ඒකියන්නේ maintenance, මේ දේවල් හරියට maintain කරනවානම් හොඳයි. එතකොට ගොඩක් කල් පවතිනවා. අනික අපිට කොහොම හරි එදා වේල කාලා බීලා ඉන්න හැකියාව තියෙනවා, ඒ උණත් මේ ප්‍රදේශයේ ඉන්න මිනිස්සුන්ට නම් සෑහෙන්න අමාරු ඇති. දැන් පාරවල් හැදෙන නිසා වාහන යනවා නෙමෙයි පියාඹනවා. දවසකට එකක් හෝ දෙකක් මාර්ග අනතුරු මරණ” මම ආයෙත් මාතෘකාවෙන් පිට කියවනවා.
පිටි ටින් රැගෙන වාට්ටුවටආපු ඩ්‍රග් රෙප් මල්ලී මා එක්ක කතා කළාට පසු ආයේ පැත්ත පළාතේ නො ආවා මෙන්. මොහුද හිතන්න ඇතිකතා කරපු මෝඩකම කියා. “අපේ ට්‍රාන්සර් ඉක්මනින් හරි ගස්සාගන්න බලන්න තිබ්බනේ කියලා” මේ කතා බහ ගැන කියූ විට අපේඑකෙක් කියයි.
තවත් කිරි පිටි කොම්පැනියකීන් මෑතකදී අප සොයා පැමිණියා. ඉතා මිල අධික අධි පෝෂණ කිරි පිටි එකක් වන එම ටින් එකක් නොමිලේමගේ මේසය මත තියන්නත් ඔවුන් අමතක කළේ නෑ. මේ පළාතේ පෝෂණ ඌනතා තියෙන අම්මලා කොතෙකුත්ද. ඔවුන් මා හට ටින් එකදුන් විටම මම කළේ අප වාට්ටුවේ සිටින එවන් මන්ද පෝෂණය සහ දැඩි රක්ත හීනතාවයෙන් පෙළෙන, රුධිර පාරවිලයනය කරමින් සිටිනඅම්මා කෙනෙකු කැන්දා ඔවුන්ට ඇගේ තත්වයද පහදා දී මට ලැබුණු ටින් එක ඇයට පිරි නැමීමයි. "ඔයාලටත් ලොකු පිනක් ! මම කීවෙමි.
"ඩොකටර්ට සහන මිලකට ලබා දෙන්න පුළුවන්" ඔවුන් කියයි.
"අපි දොස්තරලා අපිට කොහොම හරි මේ දේ අවශ්‍යනම් ගන්න පුළුවන් මල්ලී, ඒ උණත් මේ මිනිස්සු හරිම දුප්පත් එයාලට අවශ්‍ය යකඩපෙති උණත් නොමිලේ දෙන නිසා එයාලා බොනවා. නමුත් අපිට ඊට වඩා දෙයක් කරන්න බෑ.මං දන්නවා ඕගොල්ලොන්ට පුළුවන්නම් මීටවඩා මේ සත්කාර වලට උදව් කරන විත්තිය. ඕගොල්ලො මේ කරන ප්‍රජා සත්කාර උණත් ගොඩක් හොඳයි මම සුබ පතනවා." ඔවුන් අපකරන සමාජ සත්කාර වලට කියූ සැණින් පැමිණ පුළුවන් තරමින් උදව් උපකාර කරයි.
"ඩොක්ටර් නම් මහ පුදුම වැඩ කරන්නේ... මං දැක්කා කරපු දේ" අපේ නර්ස් මිස් කෙනෙක් කියයි.
ඒ අතර අපි ම් මාස ගණනාවක් ලියුම් ලියා… මීටින් තබා, වගකිවයුත්තන් දැනුවත් කර, අපේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරු දෙදෙනා සහවිශේෂඥ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරු දෙදෙනා යන මේ හතර දෙනාගේ මැදිහත් වීම නිසා දැන් අපට ශල්‍යාගාර දෙකක් ලැබී තිබේ.එනිසා දැන් හදිසි සැත්කම් එසැනින් සිදු කරන්නට අපට හැකියාව තිබේ. නමුත් ලිෆ්ට් දෙකනම් තාම වැඩ කරන්නේ නැත. ඒකත් අපිම කෑගසා හදාගත්තොත් මිසක් !
අප ඒකකයට අලුතෙන් පැමිණි විශේෂඥ වෛද්‍යතුමා කියුවේ… අඩු තරමේ මේ රෝහලේ සියල්ල අප කියූ සැණින් ක්‍රමානුකූලවසිදුවෙනවා. වෙන ප්‍රධාන රෝහලක මෙහෙමවත් පහසුකම් නෑ කියලයි. ඒ කතාව නම් සෑහෙන්න ඇත්ත. මෙහෙ දොස්තරලාට නියමගෞරවය සහ සැලකීම නො අඩුවම ලැබෙනවා. මොකද මේ මහ රෝහලේ කොඳු නාරටිය වන්නේ අපි නිසා.
Im doing what ever I can to change the unwanted into something productive and healthy.
be the change u wish to see in this world :)
ReplyDeleteඑහෙම තමයි මල්ලියා.මම හැමවිටම හැමෝටම හිතකර වෙනසක් වෙන්නට උත්සහ ගන්නෙමි.
Deleteපළමුව ඔබව අගයමි. අපි දන්න මේ කොළඹ තත්ත්වේ දැන් දැන් භ්‍යානක වේගන එන්නේ, හිතාගන්න බැරි විදියට හැම දෙයක්ම ඉක්මනින් අනිත් පැත්තට යනවා. මට ඒ අනුව හිතන්න පුලුවන් මේ වගේ අසරන පලාතකට වෙන දේ. සහෝදරිය මේ අපේම වැරදි. අපි එකිනෙකා බෙදිලා ගහගන්න අතරේ අපේ ඒ බේද උපයෝගී කරගෙන කට්ටිය බොහෝ දුර ගොහින්. කාට කියන්නද? මේවා තව කොතරම් කල් ඉවසන්නද? මට නම් හැම දෙයක්ම එපා වෙලා තියන්නේ. ඉකමනින් මම නම් තීරණයක් ගන්නවා. ඒත් මගේ දුවගේ වයස නිසා තව ටික කලක් මට මේවා ඉවසන්න වෙනවා. ඔව් මම නම් බයටම පලා යනවා.
ReplyDeleteඔව් ඒක තමයි මහ වෙදනා... මේවා හරියට කරගන්න ගියොත් සමහර විට ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙන්නේ...
Deleteපළමුව ඔබට ගරු කරමි.දෙවනුව පරිපාලනය ගැන දුක් වෙමි.
ReplyDeleteඔව් මල්ලි තත්වය කොහෙත් ඔහොමමයි...රැකියාව පටන් ගත්විට ඔබටත් වැටහේවි... ටික කලක් ඕවාට විරුද්ධව රණ්ඩු කරලා කරලා අන්තිමට හති වැටෙනවා
Deleteඔහෙ ලිෆ්ට් හදයිද, මෙහෙ කොළඹත් තියෙන්නෙ වහළ හිල් වුණු අයි සී යූ එකක්නෙ. ඕවගෙ පරිපාටියට අනුව, පොත ලියලා, අරෙහෙට යවලා, මෙහෙට යවලා, වැඩේ අනුමත කරලා, ඉන් පස්සෙ ආයෙම රැස්වීම් තියලා, මුදල් අනුමත කරලා, කොන්ත්‍රාත් එකට ඇණවුම් කැඳවලා..... කෙරෙනකොට කල් හරි.
ReplyDeleteකියලා වැඩක් නෑ අක්කා... උතුරු කොළඹ එකේ තියෙන පරන වීල් චෙයා ටික දැක්කම මෙහෙ කොච්චර හොඳද කියා හිතෙනවා. අපොයි එයාලා වැඩක් කරද්දී ඔය රැස්වීම් කොළ පාස් කෙරිල්ලයි, ලියුම් ලිවිල්ලයි විතරයි අන්තිමට...
Deleteමෙහෙ තියනවා සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා දාන පරිත්‍යාග කරන සංවිධාන බොහොමයක්. ලෝකෙ පුරා වගේ ම රට පුරාත්, ඒ ඒ ඉස්පිරිතාලය වෙනුවෙන් හදාගත්ත සංවිධාන තියනවා. එහෙම සංවිධානයක් ඔයාගෙ ඉස්පිරිතාලය වෙනුවෙන් පිහිටුවා ගන්න පුළුවන් ද? බැංකු ගිනුමක් එක්ක ලෝකෙ වටේ ඉන්න අයට තෑගි එවන්න පුළුවන් වෙන්න. වෙබ් අඩවියක් එක්ක මුහුණු පොතක් ද දාගන්න හැකි නම් සම්බන්ධ විය යුත්තේ කවුරුන් සමඟ දැයි කියා උදව් කරන්න අය බොහොමයක් සිටිවි. මම දන්න මෙහෙ විසූ ලාංකිකයෙක් තම වස්තුව හා ධනය කොටසක් සිය මරණයෙන් පසුව පැවරුවේ එයා ලෙඩ වෙලා සුවය ලැබූ මෙහෙ ඉස්පිරිතාලයට.
ReplyDeletehttp://www.huntingtonhospital.com/Main/GivingtoHuntington.aspx
http://www.ahp.org/Pages/Home.aspx
මෙහෙ තියනවා ඉස්පිරිතාල සහායට එන ඒ ඉස්පිරිතාලයේ ම උපකාර සංවිධාන. බැංකු ගිනුමක්, ලිපිනයක් එක්ක හදාගන්න පුළුවන් වෙයි ද? වෙබ් අඩවියක්, මුහුණු පොතේ පිටුවක් ඇත්නම් තවත් හොඳයි. එතකොට නන් දෙසින් කැමති අයට පුළුවන් තෑගි මුදල් එවන්න. මෙහෙ මම දන්න ලංකාවේ කෙනෙක් තමන් සුවය ලැබූ ඉස්පිරිතාලයකට තම වස්තුවෙන් කොටසක් ලියා තැබුවා මරණයෙන් පසුව උරුම වෙන්නට. දානපති හිත් ලොව තියෙනවා, ඒ අයට දානය කරන්නට අවශ්‍ය අය හොයා ගැනීම පහසු නැහැ බොරුකාරයෝ වැඩියෙන් ඉන්න නිසා.
ReplyDeletehttp://www.huntingtonhospital.com/Main/GivingtoHuntington.aspx
කියලා තියෙන කතාව නම් සහතික ඇත්ත....,නමුත් ලංකාවෙ දැන් සිද්ද වෙන්නේ නම් {පද්ධතියට අනුගත නොවන කල්හි පද්ධතිය වෙනස් කිරීමට උත්සාහ දරන්නාට සිදුවන්නේ පද්ධතියේ ගොදුරක් බවට පත් වීමටයි.} යන කතාවේ ප්‍රායෝගික බව අත් විදීමටයි.....එමෙන්ම වෙනදා වගේම අපූරු ලිවීමක් ඒ වගේම කියවන්නාට හිතන්නට දෙයක් ඉතිරි කරන පෝස්ට් එකක්....
ReplyDeleteස්තූතියි... තව ටික කලකින් අපටත් එහෙම වෙයිද... කියවලා කියවලා හති වැටෙයිද ?
Deleteඅක්කේ මම අදම තමා මේ බ්ලොග් එකට ගොඩවුනේ.. මට කියවන්නට මඟ හැරිච්ච වටිනා බ්ලොග් එකක්. ඉඩ ලැබෙන අන්දමට ඔක්කොම ලිපිටික කියවන්න තමා කල්පනා කළේ. මමත් අද හෙටම එන ඊලඟ ලැයිස්තුවෙන් ඈත කොනකට යන්න ඉන්න කෙනෙක් තමා.සමහරවිට අක්කාගේ ඉසව්වටම වෙන්නත් පුලුවන්. ඒක හින්දම මේ ලිපිවල තියන දේවල් මට ගොඩාක් වැදගත්. ඈත කොනේ ගෙවෙන ජීවිතය මොනවගේ එකක්ද කියලා මේව කියවලා තේරුම් ගන්න පුළුවන්.
ReplyDeleteඋඩුගං බලා පීනන දිල්රුගෙ අනිත්කොන බ්ලොග් එකයි තොටියගෙ තොටුපොල අයිනේ බ්ලොග් එකයි දෙකම මම මේ දැන් මගෙ සිංහල සහ ඉංග්‍රීසි බ්ලොග් දෙකේම බ්ලොග් රෝල් වල එල්ලුවා.
Deletehenryblogwalker the Dude
යථා තත්ත්වය ගැන හෘදයාංගමව මෙවන් සටහන් තබන්නට , ඔබවන් සංවේදී හදවත් ඇති බ්ලොග්කරුවෙක් සිටීම භාග්‍යයක්. ඒත් පරිපාලනමය දුර්වලතා ගැනනම් කියන්නට තිබෙන්නේ , එය අභාග්‍යයක් !
ReplyDeleteස්තූතියි. කොහෙත් එහෙමයි. ඔබට මීට වඩා අත්දැකීම් ඇති මේ සම්බන්දයෙන්...
Deleteකනගාටුව කොටි ගණන් අනවශ්‍ය විච්චුරනවලට බදු ගෙවන්නගෙන් සූරාකන මුදල් නාස්ති කිරීමයි..
ReplyDeleteමේ සටහන කියවන කොට ඔබ තුමිය ඇතුලු වෛද්‍යවරුන් පිරිස ගැන ඇති වෙන්නෙ ලොකු ගෞරවයක්. එ වගේම බොරු සෝබන වැඩ වලට කෝටි ගනන් වියදම් කරන පාලකයො ගැන ඇතිවෙන්නෙ පුදුම තරහක්....
ReplyDeleteරටේ නියම අවශ්‍යතා තේරුම් ගත්ත පරිපාලනයක් අපට කවදානම් ලැබෙයිද ..
එහෙම පරිපාලනයක් කවදා ලැබෙයිද ? ඒ ලැබෙන තුරු නො ඉඳ අපිට පුළුවන් දේ කරමු. ඇත්තටම අපේ ලොකු සර් එහෙම ප්‍රශ්ණ වලදි කෑ ගහන ක්‍රියා කරන හැටි දැක්කොත් වඳින්න හිතෙයි. ඒ තරම් ලොකු ගෞරවයක් එයාලා ගැන ඇතිවෙන්නේ... මේ මිනිස් ජීවිත ජීවත් කරන්න කරන අරගලයක් . ඒක තේරුම් ගත්තොත් තමයි වැඩ කරගන්න පුළුවන්
Deleteඇත්ත රටට බැනලා වැඩක් නැහැ.
ReplyDeleteගොඩ කාලෙකින් බ්ලොග් කියවන්න ආයෙත් ආවේ... ලිපි ගොඩක් තියෙනවා බලන්න :) හැමදා වගේම හිතන්න දේවල් ගොඩක් තියෙනවා... ගොඩක් ස්තුත්යි doctor ගේ අත්දැකීම් අපිත් එක්ක බෙදාගන්නවට...
ReplyDeleteඔබගේ හඬ නැගීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවායි පතමි ...
අන්තිම පින්තූරේ කතාව ඔක්කොම කියනවා
ReplyDelete