Monday, July 25, 2022

සිස්ටම් චේන්ජ්....

 අද උදෑසන මගේ හිතවත් වෛද්ය සොයුරියක් විසින් මට ලියා තිබූ පණිවිඩ රැසක් නිසා මේ ටික ලියන්න හිතුනේ.

"On my way home there was so much litter in the roads where people were parked and staying for petrol. The sides of the roads where smelly(you know why) beetle spit on the sidewalks.I think this should be done right now. Very urgently along side the aragalaya
If grass root level is not adjusted things will go haywire. Media people should do this. It's a good point to enforce orderHow can this be done?U can do something from there. That's why i am telling u !"
"මම ගෙදර ඇවිදන් එද්දී (පෙට්රල් නැති නිසා ඇය පයින් ඇවිදන් ගෙදර යන්නේ) පාර දෙපැත්තේ තිබෙන කෑලි කසළ පෙනෙනවා. ඒවා පෙට්රල් පෝලිම තියෙද්දී තිබුණා ඒවා. පාර පුරා බුලත් කෙල ගහලා ගඳ ගහනවා. සමාජයක හිත් වෙනස් වීමක් මුල ඉඳලා නොකරන්න, මේ නිසා ලොකු විනාශයක් වෙනවා. ජන මාධ්ය ට පුළුවන් ලොකු දෙයක් කරන්න මිනිසුන්ගේ ඔළු හැදීම වෙනුවෙන්. ස්වයං විනය ඇති කරන්න ඕනේ. ඔබටවත් මොකුත් කරන්න බැරි ද?"
ඇය මට ලියා තිබ්බා. අපිට මොනවද කළ හැක්කේ ?
මිනිස්සු තනි තනිව හිතලා වෙනස් වෙන්න ඕන කාලය ඇවිත් තියෙන්නේ. තාක්ෂණික මෙවලම් එක්ක දැනුම ඕනේ තරම්. තියෙනවා එක හොයාගන්න ඕනේ එක තමන් වෙත ලබා ගන්න ඕනේ.
Google search වත් නොකර හිතළු කියවන වැඩිහිටියන් වගේම තරුණ පිරිස් අපි දකිනවා. මම මේ ගැන ළඟදීත් ලීවා.
තමන්ගේ චින්තන පරාසය වැඩි කරගන්න කියවන්න ඕනේ. ඒවගේම තමන්ගේ හිතේ සහවේදනය ඇතිවීම පිණිස මානුෂවාදී අදහස් කියවන්න ඕනේ. තේරුම් ගන්න ඕනේ.
දරුවන්ට කුඩා කාලයේ ඉඳන් ලෝකේ මිනිස්සුන්ගේ චින්තනය වෙනස් වූ හැටි, දර්ශනවාදය Philosophy පිළිබඳ දැනුමක් ලබා දෙන්න ඕනේ. ඒ තුළින් හැඟීම් එක්ක ක්රියාත්මක වෙන මනුස්සයෙක් වෙනුවට වඩා වැඩි වපසරියක් තුළ බුද්ධිය සහ මානුෂීය බව එක්ක හිතන්න හැකි මනුස්සයෙක් බිහිවෙයි.
දැනුමෙන් සන්නද්ධ වෙනවිට මනුස්සයෙක් තුළ සංයමය වැඩෙනවා.
එතකොට කොයි තරම් අපහසු කාල තුලදී වුණත් මිනිස්සු අනෙකාව පෙලන්නට, කරදර කරන්නට, විනාශයක් කරන්නට පෙළඹෙන්නේ නෑ. හැම විටම තමන්ගේ ගුණධර්ම ආරක්ෂා කරගන්නවා.
බෝ 2022ජූලි
📷 මේ නොරට ඇවිදිද්දි මා විසින් ගත් පින්තූරයක් පාර අසල වැටක එතුණු පිපුණු මල..



4 comments:

  1. ඔබ කියන එක දෙයක් ඇත්ත. දරුවන් තමයි හදන්න ඕනෑ. දැන් හැදිලා ඉවරවෙච්ච උන් ආය හදන්න බෑ. ඔය අතිශය ප්‍රගතිශීලි අය ලියන එකකට විරුද්ධව කමෙන්ට් එකක් දාලා බලන්න. ප්‍රතිචාරය එන්නේ ඔබේ මව හා පියා සිහිපත් කරමින්. මට හිතෙන විදියට වඩාත්ම අවශ්‍ය වන්නේ තමන් එකඟ නොවන අදහස් ඉවසීමේ ගුණය වර්ධනය කරන එකයි.

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !