Saturday, July 16, 2022

2021 හෙවත් ගිය අවුරුද්දේ අද වගේ දවසක

අප්පච්චී  ඇප් එකකට රෙජිස්ටර් වෙමින් සිටී...
"ලොකු දුව...මෙන්න පාස්වර්ඩ් ඉල්ලනවා මගේ ඊමේල් පස්වර්ඩ් මොකටද මේකට..."

"නෑ නෑ අප්පච්චි මේ අකවුන්ට් එකටලොග් වෙන්න කැමැති පාස්වර්ඩ් එකක් දා ගන්න."

ටිකකින් ආයෙත් 

"මෙන්න terms and conditions වලට agree වෙන්නලු. කෝ කොහෙද තියෙන්නේ ඒවා කියවන්න."

"ආ ඒක කියවන්න ඕනෙ නෑ...ඔන්න ඔතන ක්ලික් කරලා accept කරන්න"

"එහෙම කොහොමද agree වෙන්නේ. ඒවා මොනවද කියලා බලන්න ඕනේ.කොහොමද ඒ ටික කියවන්නේ... කෝ මට ඒක කියවන්න ඕනේ... "

මම ...නිරුත්තරව....😯

"මේ තියෙන්නේ මේක උඩ ක්ලික් කරාම terms and conditions එනවා අප්පච්චී."

"කෝ ඉන්න මම කියවලා බලන්න ඕනේ. කවුද දන්නේ අපෙන් මොනවා අරගන්නවද කියලා"

දැන් මිනිත්තු 10කුත් ගිහින් අප්පච්චී තාම කියවනවා.... 

ටක්ගාලා මෙලෝ මළදානයක් කියවන්නේනැතුව i agree i accept කියා රෙජිස්ටර්වන...අපි ගැන හිතමින් මම කල්පනා කළා .😕 
මම ඕවා කියවන කෙනෙක් දැක්කමයි !

සාමාන්‍යයෙන් අප්පච්චී එක්ක නිතරම සමපාත නොවන මගේ දේශපාලනික සාමාජීය මතිමතාන්තර... එක්ක වාද විතරමයි. 
අවසානේ මේ දවස්වල මම කියපු සේරම සනාතවුණු අප්පච්චිලා විශ්වාස කළ දේශපාලනික වෙනස නොවුන එකේ ඉඳලා වැක්සීන් එකට එනකම්ම වාද විවාද තමා...
ඒත් තවම එයාලගෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවා...
අද මේ සටහන මතක් වුණේ... අවුරුද්දකට කලින් ඉඳන් මේ දේශපාලන අවුල මිනිසුන් දැනන් හිටියා. 
ඒත් තමන්ට අපහසු වෙනකම්ම ඉවසන් හිටියා. තවත් ඉවසුවා. ගෑස් පුපුරද්දි ත්, පෝලිමේ වල ජීවිතේ දියවේද් දිත් ඉවසන් හිටියා. අවසානේ මේ විදිහට හරි සමාජය ම නැගී සිටියා. 

7 comments:

  1. හුඟ දෙනෙක් තව කෙනෙක් පෙරමුණ ගන්නකං බලන් ඉන්නවා, හරි යනවා වගේ නම් පස්සෙන් එනවා.

    ReplyDelete
  2. මම හිතනවා කෝවිඩ් වල බලපෑමක් තිබුණා කියල. ඒ පොහොට්ටුවේ අය කියන තේරුමෙන් නෙවෙයි. එහෙමනම් තව ආසියාවේ,, අප්‍රිකාවේ රටවල ගාණක් කඩා වැටෙන්න ඕන. ප්‍රශ්ණෙට එකම හේතුව ඩොලර් එක 200 තියාගෙන සල්ලි අච්චු ගහල මාසෙකට ලැබුණ ශ්‍රමික ප්‍රේශණ ඩොලර් මිලියන 800 ඉඳන් 200 ට බස්ස ගත්ත එකයි. ඒවුණාට කෝවිඩ් නිසා මිනිස්සුන්ට විශාල විශාධියක් තිබුණා කියා මම හිතනවා. තමන්ට පාලනය කල නොහැකි දෙයක් තමන්ව පාලනය කරනකොට සහ එයින් වෙන මරණ සහ මරණ බිය නිසා. ඒක ඉවර වේගෙන එනකොට ලයිට්, ගාස්, ඉන්ධන ප්‍රශ්ණෙ එනකොට ඇඟිල්ල දික් කරන්න කෙනෙක් හිටිය.

    ReplyDelete
  3. ඉනෙස් ගේ තාත්තා , මගේ මාමණ්ඩියත් ඔය වගේ තමයි. agreement ඔක්කොම කියවනවා. දවස් පහක් විතර යනවා පුටරේ මොකක් හරි ඉන්ස්ටෝල් කරන්නත්

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඒ වැඩිහිටි අයගේ පුරුද්දක් වගේ මට හිතෙන්නේ.

      Delete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !