Saturday, November 6, 2021

පොතක් කළ හරියක් !

රෝග දුක් මහ මෙරුව
නඟින ජන ගඟ සැර ය
හුදී ජන අරගල ය
හොයන්නේ සැප සුව ය

හුදෙකලා සටනක ය
වෙට්ටු කැපිලිත් සරු ය
යටින් දිවෙනා ගැටි ය
රජේ සේවේ හැටිය

බෙහෙත් කරනා අප ය
බෙහෙත් ගන්නා ඔබ ය
මැද දැනෙන හිස් තැන ය
පුරවන්න මේ තැත ය

මා සොයා ආ රැස ය
මටම දුන් තීරුව ය
පටන් ගෙන බෝ කල් ය
ලියන්නේ ඒ ගැන ය

දැන් වසර දෙකකුත් ය
පොතක් කරලා ඇති ය
රැගෙන කියවා සකිය
එවනු මැන ඔබෙ සවිය

බෝධිනී සමරතුංග 
2019
රැස පුවත්පතට 2018අවුරුද්දේ සිට ලියන සෞඛ්‍ය කතන්දර තීරුව දැන් පොතක් වෙලා. පොත උත්සව මොකුත් නැතුව පිට වුනා. දැන් අවුරුදු දෙකක්... තෙවන මුද්‍රණය. 
ප්‍රකාශනය - ග්‍රන්ථ.lk ආයතනය

දෙවන මුද්‍රණයේ ඉඳන් කතෘ භාගය එකතුවෙනවා අවශ්‍යම දෙකට දන් දෙන්න. පළමු මුද්‍රණයේ කතෘ භාගය වෙනුවෙන් පොත්ම ලබාගත්තා. 
පොත ගන්න හැකි තැන් බොහොම යි. සරසවි සූරිය, දයාවංශ සහ ග්‍රන්ථ එකෙන් නම් ඕනෙම තැනකට ගෙන්වාගන්න පහසුකම තියෙනවා.
www.grantha.lk

7 comments:

  1. ඔබේ සටහන් සහ කවි ආසාවෙන් කියවනවා. ඔබේ පොත අරගෙන කියවන්නත් බලාගෙන ඉන්නවා. ඔබේ මුහුණු පොතේ හෝ බ්ලොග් අඩවියේ පල නොකල කවි ලන්ඩන් කවියට යවන්න. https://londonkavi.com/contact/

    ReplyDelete
    Replies
    1. thankyou something is wrong with my sinhala typing in browser hence replying in english. I will send poems there.

      Delete
  2. ඒ කවිය අපූරුයි...

    ReplyDelete
  3. මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "3. බ්ලොග් සඟරා" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !