Monday, November 29, 2021

හිටගෙන !

කාන්තා සුබසාධනය සඳහා කැපවී වැඩ කරන කතුවරියක වන පුෂ්පා රම්ලනී මහත්මිය ඔවුන් සම්බන්ද කාන්තා සංගමය හරහා මගෙන් ඉල්ලා සිටියේ දිගු කාලයක් සිටගෙන සිටීම තුළින් ශ්‍රමිකයන්ට විශේෂයෙන් කාන්තාවන්ට ඇතිවන අතුරු ආබාධ ගැන විස්තරයක්. 

එහිදී මා සමග කතා බස් කළ ඇඟළුම් ක්ශේත්‍රයට සම්බන්දව වැඩ කරන දිගු කාලයක් හිටගෙන සිටින කාන්තාවන් පැවසුවේ ඔවුන්ගේ අත් පා සන්දි ආශ්‍රිතව දැඩි වේදනා තත්ත්වයන්ගෙන් පෙළෙන බව යසේවා ස්ථානයේ වැඩි කාලයක් රැඳී සිටින කාන්තා කම්කරුවන්ට මාංශ පේශි ආබාධ, නහර ගැටගැසීමහෘද හා රුධිර සංසරණ ගැටලු සහ ප්‍රසව හා නාරිවේදය සම්බන්ද දුෂ්කරතා වැනි සෞඛ්‍යා තත්වයන් ඇතිවීමේ අවදානමක් ඇත. බොහෝ විට හා බහුලවම පැමිණිලි කරන රෝග ලක්ෂණ වන්නේ පහල ගාත්‍රාවල ඇති වන අපහසුතාවතෙහෙට්ටුව සහ ඉදිමීමයි.නිදන්ගත හෘද රෝග සහ රුධිර සංසරණ ආබාධ රැකියාවෙහි දීගු කාලයක් සිටගෙන සිටීම නිසා ඇති විය හැක. වැඩ කරන ස්ථානයේ එල, ඉරියව්වකින් ඉතා දීගු  කාලයක් ගත කිරීම අධි රුධිර පීඩනය ඇතිවීමට ඇති අවදානම අවුරුදු විස්සකින් වයසට යෑම හා සමාන බව එක් පර්යේෂනයකදී සොයාගෙන ඇත.

දේවි එවැනි ඇඟළුම් කම්හලක වැඩකරන තිස්දෙහැවිරිදි තැනැත්තියකි.  

“ලැයිමේ ඉන්න බෑ හිටියොත් දළු කඩන්න ඕනා. මම අවුරුදු විස්සෙන් ගාමන්ට් ආවේ. තැන්කීපෙක වැඩ කළා දැන් අවුරුදු පහක ඉඳන් මේ කකුල් සහ අතේ ඇඟිළි වල හිරි වැටීමයි කැක්කුමයි” ඇය පවසයි.

 රැකියාවෙහි දිගු කාලයක් සිටගෙන සිටීම හෘදයාබාධ හා අංශභාගය ඇතිවීමේ අවදානම ඇති කරන බවට ප්‍රබල සාක්ෂි මෑතකදී අනාවරණය විය. පර්යේෂකයන් මෙහිදී කාලයත් සමග කැරොටිඩ් ධමනි සිහින් වීමේ අවදානමක් ඇති බවද එමඟින් හෘදයාබාධ හා අංශභාගය වැඩි වීමේ අවදානමක් ඇති බවද පෙන්වා දේ.

කකුළේ මතුපිට මෙන්ම මාංශපේශීන් අතර දිවයන රුධිර නාලද අවහිර වීමේ තත්ත්වයද දිගු කාලයක් රැඳී සිටීමේ පොදු සංකූලතාවකි.  සිටගෙන සිටීමෙන් ඔබේ ශරීරයේ පහළ හෙවත් පාද ආශ්‍රිත රුධිර නාලවල පීඩනය වැඩි වන අතරමේ නිසා එම රුධිර නාල විශාල වී පුපුරා යයි. Varicose veins හෙවත් නහර ගැටගැසීම නමින් හඳුන්වන තත්ත්වය රුධිර සංසරණ ගැටළු ඇති කරමින් හර්දය සහ රුධිර නාල ආශ්‍රිත රෝගාබාද සඳහා වැඩි අවදානමක් එකතු කෙරේ. මෙම නහර ආසාදනය වීමට හෝ බොහෝ කාලයක් පවතින වේදනාකාරී තත්ත්වයක් ඇති කිරීමට ද ඉඩ ඇත. එය හදිසි වෛද්‍ය උපකාර අවශ්‍ය විය හැකි බරපතල රෝගාබාධවලට පවා හේතු විය හැක. (thrombophlebitis, deep vein thrombosis, pulmonary embolism) 

මාංශ පේශි වේදනාවඅත් පා හන්දි හිරි වැටීම ඉදිමීම උකුල් හා දණහිසේ සන්ධි ප්‍රදාහයට ලක්වීම නිසා වැඩ කරන ප්‍රමාණය සීමාවීම.  මෙය පසුකාලීනව රූමැටික් රෝගයට පවා හේතු විය හැක.

මෙසේ ශ්‍රමිකයන්ගේ කායික සෞඛ්‍යයේ ගැටළු ඇති කරන සේවාවේ ක්‍රම මගින් ඔවුන්ගේ කායික සෞඛ්‍ය පමණක් නොව මානසික සුවයද නැති කර දමනු ලැබේ.  දිගු කාලීනව වේදනාවෙන් සිටින අයෙකුගේ ජීවිතයට මානසික ආතතියක් මේ නිසා ඇතිවේ. මෙය සේවකයාගේ ජීවිතයේ මනෝ සමාජීය අර්බුදයක් ඇති කරන අතර එය අවසානයේ විශාදිය වැනි මානසික රෝග තත්ත්වයට ලක්වීම දක්වා දරුණු විය හැක. .

මෙම වෛද්‍ය ගැටළු සමහරක් පසුකාලීනව සිදුවනු ඇති නමුත් එයින් සිදුවන්නේ කායික හා මානසික වශයෙන් රෝගී වූ ආබාධිත ජනගහනයක් සමාජයට එකතුවීම් ය්. එමෙන්ම එක තැන සිටගෙන වැඩ කිරීම තුළින් මෙන්ම පෝෂ්‍යදායී ආහාර වේලක් නොලැබීමද අහිතකර ආහාර රටාවන්ට යොමු වීමද නිසා මොවුන්ගෙන් වැඩි පිරිසක් ඉක්මනින් බෝ නොවන රෝගයන්ට ලක්වේ. එනම් දිය වැඩියාව අධික රුධිර පීඩනය වැනි සමාජයේ සුලභ රෝග තත්ත්වයන්ට මේ ශ්‍රමිකයන් ඉතා තරුණ අවධියේදීම ලක්වන බව අප හා කතා කළ ශ්‍රමිකයන්ගෙන් දැනගන්නට ලැබුණි. ලිවර්පූල් හි අධ්‍යනයකට අනුව මිනිත්තු 30ක් එක දීගට හිටගෙන ඒ ඉරියව්වෙන් වැඩ කිරීම සෞඛ්‍ය ගැටළු ඇති කරන බව පෙන්වා දී ඇත. 

වැඩකරන ස්ථානය ආශ්‍රිතව තම ශ්‍රමිකයන් මේ ගැන දැනුවත් කර ඔවුන්හට සේවාමුර අතරතුර වෙනත් බාහිර ක්‍රියාකාරකමක් හෝ ව්‍යායාමයක් කරන්නට සංඥා කිරීම අද වන විට ප්‍රසිද්ධ ක්‍රියාමාර්ගයකි. එවැනි දෑ සිදු කිරීම තුළින් ශ්‍රමිකයාගේ කාර්‍යක්ෂමතාවයද වැඩි වන බව නොරහසකි. 

දිගු කාලයක් සිටගෙන සිටීමේදී ඇතිවන රෝගාබාද  අවම කිරීම සඳහා කෙටි සහ නිරන්තරයෙන් ලබාගන්න විවේක කාලයන් වැදගත් වේ. සේවකයින් විවේක කාලයේදී වාඩි වී සිටීමට හැකි ලෙස සේවා ස්ථානය සකස් කළ යුතුය. ඉරියව්වල වෙනස්කම් සැපයීම සහ ඇවිදීම දිරිමත් කිරීමද සේවා ස්ථාන ආශ්‍රිතව සිදු කළ හැක.  කිසි විටෙකත් සේවකයාට බාධාකාරී ඉරියව්වකින් නොසිටීමට ඔවුන් දැනුවත් කිරීම සිදු කළ යුතුය. එමෙන්ම ලෝකයේ පිළිගත් කම්කරු ප්‍රඥාප්තීන්ට අනුකූලව හැකි සෑම විටම හිඳගෙන වැඩ  කිරීමත්සිටගෙන සිටීමට සිදුවෙනවානම් ඔවුන්ගේ කාලය සීමා කර හිඳ ගැනීමට පහසුකම් සැලැස්වීමත් යන කාරණා ගැන නීති සකස් වී ඇත. 

රටක ශ්‍රම බලකාය ඉතා ඉක්මනින් රෝගීන් වන්නේ නම් එය රටේ ඉදිරි ගමනට විශාල බාදාවකි. එනිසා ඔවුන්ගේ ජීවිත පහසු කිරීම සෞඛ්‍ය ප්‍රශ්න අවම කිරීම මෙන්ම රෝගී වෙන්නට ප්‍රථම එය වලක්වා ගැනීමට හැකි පියවර සකස් කිරීම නිසි බලධාරීන්ගේ වගකීමකි.

වෛද්‍ය බෝධිනී සමරතුංග - සායනික සටහන් නොවේ





4 comments:

  1. කම්කරු රැකියාවල යෙදෙන වයස්ගත වීමේදී හා ආබාධවලට ලක් වූ පසු කිසිදු ආදායම් මාර්ගයක් නොමැතිව අසරණ බවට පත් වේ. අවම වශයෙන් වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට පවා අවස්ථාවක් නැත. මේ අය සඳහා සමාජ සුබසාධන වැඩ පිළිවෙළක අවශ්‍යතාව ද පවතී. එමෙන්ම කාරුණිකව සැලකීම ද අතවශ්‍යය. මා නිවසේ සේවය කළ පුද්ගලයෙකු රජයේ රෝහලක සායනවලට සහභාගි වීම නවතා දැමීය. හේතුව විමසූවිට දුන් පිළිතුර වූයේ "අනේ මහත්තයෝ බල්ලන්ට වාගේ කතා කරන්නේ, ඇස්දෙනට කඳුළු ආවා මට කතාකරපු විදියට. මම නං ආයෙ යන්නෑ." යන්නය. මාගේ පෙළඹවීම මත නැවතත් ඔහු එයට සහභාගි වන බැවින් රෝහල නම් කිරීමෙන් වළකිමි.

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !