Sunday, June 28, 2020

මහත් නොවී ඉන්න බේත්

 “මැඩොම්දුව ආවා අද ලේ පරීස්සන ටික කරගන්න” මේසය අසලට පැමිණි ඇය පවසන්නීය.

මම වහා නැගිට කොරිඩෝවේ කොනේම පුටුවේ සිටින ඇය වෙතට ගොස් සුව දුක් විමසා පැමිණෙමි. හිස කෙස් ගැලවී ගිය ඒ තට්ටය සහිත හිස සලුවකින් වසාගෙන බොහෝ කෘෂව සිටි ඇය සමග වදනක් කතා බහ කර ඇගේ ජීවිතය පහසු කරගැනීමට මොණර කොළ කිහිපයක් අත තබමි. ඇගේ නැන්දම්මා රෝහලේ කැළි කසල සුද්ධ පවිත්‍රකරන ඒජන්සියේ වැඩ කරන්නී ඇගේ දරුවන්ද රැක බලාගනීය.

පිළිකාව බොහෝ සෙයින් අද සමාජය වසා පැතිරෙමින් ජීවිත බොහෝමයක් විනාශකරමින් ලෝකයේ අංක එකේ මරුවා වී ඇත්තේ ඉක්මනින් පැතිර යන වසංගත රෝගයක් මෙනි. ශරීරයේ ඕනෑම තැනක අසාමාන්‍ය ලෙස සිදුවන සෛල වර්ධනයක් පිළිකාවක් ලෙස හැදින්විය හැක. අපේ රටේ බොහෝ දුරට අප දකින්නේ මුල් අවධියේදීම හඳුනාගෙන ප්‍රතිකාර කරානම් ජීවිතයට අවධානමක් නොමැතිව පිළිකා තත්ත්වය පාලනය කළ හැකිව තිබූ බව ය. බොහෝ පිරිසක් තමන්ගේ සිරුර තුළින් පිටට පෙනෙන්නට වර්ධනය වන ගැටිතිතුවාළ හෝ ගෙඩි පිළිබඳව හෝ අවදානයක් යොමු නොකරන්නෝය.

අද ලෝකයේ පිළිකා අවදානම සහ ආහාර රටාව අතර ඇති සබඳතාවය බොහෝ සෙයින් පෙන්වාදෙන අතර අපේ රටේ වැසියන් මේ ගැන දක්වන්නේ බොහෝ ඇල්මැරුණු ස්වභාවයකි.

රතු මස් සහ පිරිපහදු කළ ධාන්‍ය අධික ලෙස පරිභෝජනයද පිළිකා අවදානම වැඩි කරන බව පර් යේෂණ වලදී අනාවරණය විය. බටහිර ආහාර වේලක් (western diet) පිළිකා පර්යේෂකයන්ගේ නව අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ සැකසූ රතු මස්පිරිපහදු කළ ධාන්‍ය වර්ග සහ සීනි අධික බීම සහ අධික සැර (spicy) ආහාර වේල්මහා බඩවැලේ පිළිකා ඇතිවීමේ අවදානම සැලකිය යුතු ලෙස වැඩි කරන බවය. එමෙන්ම ශරීරයේ ඇතිවන ප්‍රදාහය (inflammation) තත්ත්වයන් පිළිකා අවදානමට සෘජුවම බලපාන බවද අද පිළිගන්නා පර් යේෂණ වලින් ඔප්පු කර ඇත. ශරීරය තුළ ප්‍රදාහය පාලනය කර ගැනීම සඳහා පරිපූර්ණ ලෙස මධ්‍යධරණී ආහාර වේලකට හෙවත් ධාන්‍ය වර්ගමේදය අවම ප්‍රෝටීන් වර්ග, මාළුපලතුරු හා එළවළු විශාල ප්‍රමාණයක් අඩංගු ආහාර වේලකට යොමු විය යුතු බව විශේෂඥයින් පෙන්වා දේ.

පසුගිය අවුරුද්දේ ජර්මනියේ බොන් විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය අයිකා ලාට්ස් විසින් කළ දේශන සැසියකට සහභාගි වීමට හැකි වුණෙන් අද ලෝකයේ සිදුවන නවීනතම පර් යේශන ගැන හැදෑරීමට හැකි විය.

දන්නවාද අනාගතේ කොච්චර කෑවත් මහත් නොවී ඉන්න පුළුවන් !”

 ඔහු එහිදී අප හා පැවසුවේ කිසි දාක මහත් නොවී සිටීමට හැකියාව සැලසෙන ජාන වෙනස් කිරීමේ පර් යේෂන දැනටමත් සාර්ථක ලෙස සිදුවෙමින් පවතින බවය. එහෙත් ඔහුගේ කණ්ඩායමේ විද්‍යාඥයින් පිරිසක් ඒ වෙනුවෙන් වැඩ කරන අතරේ තව පිරිසක් යොමු වුණේ ප්‍රජා සෞඛ්‍ය අංශය සමග එකතුවී රටේ ජීවනාලිය වන දරුවන් වෙත මේ පණිවිඩය ගෙන යෑමටය. එනම් “බටහිර ආහාර ක්‍රමයෙන් මිදීම තුළින් අධික ස්ථුලතාවය ආසාදනප්‍රදාහ සහ පිළිකා යන මේවායෙන් වැලකීමට හැක” යන පණිවිඩය රටේ ඉදිරි පරම්පරාව වෙත දැඩිව කාවැද්දීම පිණිස ඔවුන් පාසැලෙන් පාසැලට යමින්රට පුරා දරුවන් දෙමාපියන් ගුරුවරුන් දැනුවත් කරන බව ඔහු පැවසුවේය.

මා අප රටේ දරුවන්  දෙස මදකට හැරෙමි. “කොහොමද ඩොක්ටර් බර අඩු කරගන්නේ” ළමා වාට්ටුවේදී හමුවූ, බර කිලෝ 80ක් වූ එක් දැරිවියකගේ වයස අවුරුදු 12 කි. එවැනි දරුවන් බොහෝ දෙනෙක් මට හමුවේ.

රෑට තාත්තාට කියලාකොත්තු රොටී ෆ්‍රයිඩ් රයිස් ගෙන්නා ගන්නවා.හවසට චූං පාං ත්‍රීවිල් එක එනකම් බලං ඉන්නවා” මේ ඒ අම්මලා මට නොයෙක් අයුරින් කියන කතාවල සම්පින්ඩනයයි.

ටියුෂන් හැමදාමඒවයෙන් ඉඳගෙන ඉඳලා ඉඳලා එන්නේ මහ රෑට. ඉතින් ඇවිදින්න දුවන්න කාලයක් කෝ” දාහත් හැවිරිදි වියේදීම මේද අධික වීම සහ අක්මාව ඉදිමීම යන තත්ත්වයන්ට මුහුණ දෙන දුවා දරුවන් මට කොතෙක් හමුවේ.

චූං පාං රථ හංදියේ වඩේ පැටිස් කට්ලට් කඩ දකිද්දී මට සිතෙන්නේ අප රටේ ප්‍රජා සෞඛ්‍ය ගැන අප කොයි තරම් අවම සැලකිල්ලක් යොදන්නේද කියලාය. එළවළු පළතුරු පළා වර්ග බහුල අප රටට කොයි තරම් ආහාර විවිධත්වයක් තියෙනවා දැයි මට සිතේ.

බටහිර රටවල ඇත්තෝ අපේ රටේ පැරණි ආහාර රටාව ගැන ප්‍රශංසා කරන කළ අද මුළු මහත් සමාජයම බටහිර ආහාර රටාවකට හුරුවීක්ෂණික නූඩල්ස්ක්ෂණික පිටි කෑම ගිලිති. බර්ගර්බැදපු අලපෙතිමාස ගණන් පරණ මස් වෙනුවට නැවුම් කොළ එළවලු පලා වර්ග වලින් විවිධ අමුතු කෑම හදා දරුවන් පුදුම කරවමුමගේ මව එළවළු මාළු කේක් යැයි හඳුන්වමින්, විවිද එළවලු වර්ග තම්බා කේක් තැටියක් තට්ටු තට්ටු පුරවා කේක් ආකාරයෙන් එළවළු සහ මාළු කැවූ හැටි මතක් විය.

රටේ දරු පරපුර වැරදි ආහාර රටාවකට හුරු වෙමින් සිටින බව දැක දැක නිහඬව සිටිය නොහැකි නිසා ලියමි. ධාන්‍ය, එළවලු පළාවර්ග කන්න යැයි බල කරන්නේ නැතුව එය අපේ එදිනෙදා කෑම වේලට අනුගත කරගමු. බටහිර ආහාර වර්ග යනු සුඛෝපභෝගී ආහාරය යන මතය බැහැර කරලමු. එය පිළිකාවේ මුල ය !

 සායනික සටහන් නොවේ පුවත් පත් තීරුවෙන්...

මේ කතාව පොතේ නැත එහෙත් පොතේ ඊට කලින් පලවූ සමාජීය සෞඛ්‍ය කරුණු රැගත් කතන්දර 60 ක් ඇත.

"ග්‍රන්ථ" පොත් ප්‍රකාශන සමාගම විසින් ප්‍රකාශනය කරන ලදී.


3 comments:

  1. වැදගත් ලිපියක්. අද කාලේ කඩේකට වත් පයින් යන්නෙ , සයිකලේකින් යන්නෙ කීයෙන් කී දෙනාද. හැමදේටම ත්‍රිවීල්, කාර්, මොටර් බයික් නෙ පාවිච්චි කරන්නේ. ඒකත් එක හේතුවක් නේ මේ ප්‍රශ්නයට. මිනිස්සුන්ගෙ physical activities බොහොම අඩුයි.

    ReplyDelete
  2. ඔබේ ලිවීමේ රටාව සරලයි වගේම ලස්සනයි. සුවසෙත ගැන සරල පණිවුඩ විදිහට යූ ටියුබ් චැනල් එකකට ගොනුකලා නම් හොදයි.

    ReplyDelete
  3. මෙහෙ ළමයිගේ තියනවා junck food day කියලා දවසක් එදට අල පෙති, pitzza, buggers එහෙම දෙනවා. හැබැයි ඉතින් මොකක් හරි ළමයෙකුට ඉදුල් කට ගෑවුණු ගමන් ආකර්ෂණීය වෙන්නේ junck food වලට. එක තමයි කරුම වැඩේ...

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !