Wednesday, May 27, 2020

ගංවතුර කතා

Dont let ur kids play in water... its not only river water... this is from last year....
වෝඩ් රවුන්ඩ් එකේ ඇසෙන්නේ මෙවැනි කතාය. 
"නියම වතුර ටික නේ ? පීනුවද ? කොච්චර වතුර තිබ්බද "

 "පීනුවේ නෑ ඇන්ටි ඉන ගාවට තිබුනේ.. " 

"අපෝ එහෙනම් ඕක්කොම පණුවෝ විශබීජ කකුල් වලින් ඇඟට ඇතුල් වෙලා ඇති ඒක තමා මේ වමනේ යන්නේ බඩ යන්නේ" (මම)

" අයියෝ ආයෙනම් බහින්නේ නෑ " 

"වැඩක් නෑ ඉතින් නියපොතු කනවනම් කොහොමත් ඔය ඉතිරි කුණු ජරාව බඩට යනවනේ" 

"අම්මෝ ආයෙ නියපොතු කන්නෙත් නෑ" දරුවන් බිය වැද්දීම කලාවක් ! 

වමනය , බඩ එළියේ යෑම හිස ඔසවමින් සිටි... පැංචන් රොත්තකි...කටු දැමීම, සේලයින් දීම, නිසා නර්ස් ඇන්ටිලා නරක ම අය වී ඇත.. (අපි ඒවා ඕඩර් කරන බව කියා නරක මිනිස්සු වෙන්නේ නැත. එහෙම කළොත් ආයේ ලෙඩ බලලා හමාර ය. කන්න බොන්න හෙමින් දෙන්න යැයි පැය 6ක් පමණ සේලයින් දුන් පසු කීවෙමි... මා මේ බව මීට දින කිහිපයකට කලින් කීවා මතකය. එවිට තත්වය මේ තරම් දරුණු නැත...ටැප් වතුර උණු කළාට මදි ය. පෙරා ගත යුතුය. ෆිල්ටර් කොහේ ද මේ ආපු වතුර පාරට ? ගංවතුරට අසුවී ඇති නිවෙස් වල බඩු මුට්ටු කිසිවක් පාවිච්චි කරන්න පුළුවන් ආකාරයෙන් නොවන බව ඕනෑම ප්‍රකෘති මනසක් ඇත්තෙකුට වැටහේ... අපි සෞඛ්‍ය පුරුදු ගැන දෙන දේශනා නිසා  වික්ෂිප්ත වූ හිස් බැල්මෙන් සිටිනා දෙමාපියන්ගෙන් සමාව ඉල්ලා ගනිමි. අඩු තරමේ දරුවන්ට දෙන පානීය ජලය පිරිසිඳු බෝතල් වතුර හෝ නටවා දෙන්න යැයි කියමි. 

"පෙරේදා ටිකට් කපලා යද්දි ගෙයි වහලෙටම වතුර, ආයෙ හැරිලා ගියේ බෝමිරිය ඉස්කෝලෙට... බබාට ආයෙම බඩ යනවා"

එන අය ළඟ ඇඳුම් මොකුත් නෑ...හැබැයි හොඳ වෙලාවට අපේ වාට්ටුවේ (ඩොක්ටර්ස්ලා)  බබාලගේ පොඩි වෙන ඇඳුම් බෑග් පිටින් ගෙනත් තියෙනවා. හෙට මම ඩියුටි එනකොට ආයෙම ගේනවා..... අද ක්ලිනික් ආපු සේරටම කීවා පොත් පරිස්සම් කරගන්න කියලා. වතුරේ සර්පයෙක් කාලා දුවෙක් ආවා...ප්‍රවේසම් වීම වටිනවා.
 ගඟ දිගින් දිගටම උගන්වන පාඩම මොකක්ද කියලා තේරුම් ගන්න වෙනවා...

6 comments:

  1. මේ ආපදා තත්වය ලන්කාවට හැම අවුරුද්දකම වගේ එන එකක් නේ. ඉතින් මේකට අපිට මීට වඩා පෙර සූදානමක් ගන්න බැරිද.

    පොඩි බබාලගෙ ඇන්දුම් බැග් පිටින් ගෙනත් තියෙනවා කියන එක දැක්කහම ලොකු සතුටක් ඇති උනා.

    ReplyDelete
    Replies
    1. 2018න් පසු ගංවතුර මේ තරම් දරුණු වූයේ නැත.

      Delete
  2. අවුරුද්දකට කලින් කතාවක් වගේ මතකයි.

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !