යෝගී යන අනවර්ථ නමින් හඳුන්වන මගේ දමිළ
ජාතික මිතුරා මට අද හමුවුනේ මා 2008 සහ 2009 දී ලියා තිබූ බ්ලොග් සටහන් තුලිනි.
එකල මා නොසිතූ ලෙස ඒ ප්‍රදේශවල සේවය කිරීමට
මටද හැකි වුනේ දෛවෝපාගත ලෙස ය. අද ඔහු පැරීසියේ හෝ ස්වීඩනයේ සිටිනවා වෙන්න පුළුවන.
බොහෝ විට පාඩම් කළේ කඩින් කඩ ය. ඔහුගේ
අත පය පුරා පුහුණුවීම් වලදී ලද කැළැල් තිබුණි. පියාගේ අවමංගල්‍යයට ත්‍රස්ත නායකයා ආ හැටි සටහන්
වූ ජායාරූප ගෙනැවිත් පෙන්නුවේ අපි එක්තරා රාත්‍රියක හොස්ටල් එකේ රොටී කමින් සිටියදී
ය.
Sometimes we feel like its our responsibility to set
everybody straight , make everything right and solve every one's problems. We
do the best we can with right effort, but when we fail often feel bad and
depressed.
We are often hurt and offended, by the things others say and
do. I've learnt many valuable lessons thanks to the university/hostel life.
Every other day You'd hear someone talking about you behind your back.
Surprisingly most of them aren't even the usual people we associate with. when
I was in first years I used to go to such people and questions them on what
I've heard. Never thought that it would in return worsen the situation. Later
on I learnt to control my emotions and words, specially with those whom I am
not much familiar with. Then again, I used to hear things about others as
well,hostel was one place where gossiping was at it's best. Yogi, was one of
those ppl I never spoke with cause of the "stories" I heard about
him. They'd say "He is one of "them" so be careful when you talk
with him". One day while coming back to hostel after a late evening
seminar,I had to sit next to him in the bus . As we spoke, He told me many
things about their life situations in war affected areas.This is his story..
"හවස් වෙනකොට ගමට යන්න බස් නෑ එතකොට,
ටවුමේ පන්සලේ නිදාගන්නවා, කොහොමත් පන්සලේ නිතරම කෑම බීම ඉඳුම් හිටුම්
ලැබෙනවා" යෝගී, කියන්නට විය. යෝගී නමින් අපි කවුරුත්
අමතන අප හිතවත් දමිල ජාතික මිතුරා ඔහුගේ කටහඩ අවදි කලේ, අවුරුදු ගැන අපි එකිනෙකා අපේ මතකයන් කියද්දී, යාපනයේ දුෂ්කර ගම්මානෙක සිට සිල්ප දැන උගෙන
මෙහි පැමිණි ඔහු, අද වෛද්‍යවරයෙක් වීමට ඉගෙන ගන්නවා.
"බෞද්ධ හින්දු, මුස්ලිම් මේ ඕනෙ කෙනෙක්ට පන්සලේ ඉන්න ඉඩ දෙනවා,
මම බෞද්ධ නෙමේ, මම හින්දු, ඒත් පන්සලේ තමයි අපි කොයි කවුරුත්
නවතින්නේ, ආයේ උදේ බස් එකෙන් ගමට යනවා"
"ඒ පැත්තේ ගොඩාක් ඉන්නේ බෞද්ධ අයද ?"මම ඇහුවා.
"නෑ හින්දු අය, පන්සලට දානෙත් දෙනවා හින්දු අය"
"පන්සලේ උයන්නේ කවුද?" අපේ කෙනෙක් ප්‍රෂ්ණ කරනවා
"ආමි එකේ කට්ටිය ඇවිත් උයන්නේ, එතන තියෙන මුර පොලටත් කෑම දෙන්නේ
පන්සලෙන්." යෝගී ට සිංහල වචන කිහිපයක් කතා කරන්න පුළුවන්වුනත් අප හා කතා
කරන්නේ ඉංග්‍රීසි බසිනි.
ඇත්ත, ඒ ප්‍රදේශ වල ජාතිවාදය හෝ ආගම්වාදය
යන මේ කිසිවක් ඒ තරම් දරුණු නැත.
"වෙඩි සද්ද ඇහෙද්දී අපි කැලේට රිංගනවා,
හැමදාම හවස් වෙද්දී අපි කැලේට යනවා. සැරයක් අපි
රාත්‍රීයේ කැලෑ වදුනා, ඒත් මට උදේ වෙද්දී තේරුනේ මම අපේ
පවුලෙන් මග ඇරිලා අතරමං වෙලා කියලා, පස්සේ
ගමට ආවම ගෙවල් ගිනි තියලා, මිනිස්සු[පිස්සුවෙන් වගේ ඇවිදිනවා,
අපේ අම්මා පිස්සියෙක් වගේ ගම හැමතැනම දුවනවා
මාව හොය හොයා, එයා හිතලා මාව අරුන් සංවිදානෙට අරගෙන
ගිහින් කියලා, අක්කාව හොයා ගන්න බැරි උනා , අවුරුදූ ගානකින් අවුරුද්දක් තිබ්බේ නෑ අපිට,
ගිය අවුරුද්දේ තමයි අපි ඔක්කොමලා එකට එකතුවෙලා
අවුරුද්දක් ගත කලේ, මේ සැරේ කොහොම වෙයිද දන්නේ නෑ"
ස්වභාවික අනතුරු අඩු, ක්ශේම භූමියක උපන්නත්, යුද බිය නිසා, අපේ ජීවිත බොහෝ දුරට නැති නාස්ති වී ඇත. යෝගීලා තරමට නැති උනත්,
මරණ බිය කියන දේ අපේ හිත් වලටත් විටෙන් විට
අඩුවක් නැතිව දැනුනා නොවෙද ? ඒ සිතුවිලි ඔස්සේ ලියැවුනු මේ කව මෙහි
පල කළද සතුටු විය යුතු කාලයේ, සිත් තැවුලක් ඇති විනි නම් සමාවෙන්න.
ජනවාරි දෙවෙනිදා කිලිනොච්චි නගරය
මුදාගත් පුවත ඇසූ ශ්‍රී ලාංකිකයන් බොහෝ පිරිස් ප්‍රීතියෙන් පසුවිය. ත්‍රස්තවාදය නිසා
ලොව පුරා කී දාහක් දෙනා අන්ත අසරණ අනාථයන් වී සිටීදැයි කල්පනා කළ විට... වැඩි දුර
නොගොස් අපේ රටේ අපේම උන් කොයිතරම් නම් දුක් විඳිනවාද ?. දෙපැත්තෙම ඉන්නේ මිනිස්සු. යුද්ධය නැවැත්විය යුතුයැයි බොහෝ පිරිස්
කියති.එහෙත් අවි දරා ගත් ත්‍රස්තවාදය තුරන් කළ හැක්කේ ඉන් පමණක් බව විශ්ව විද්‍යාලයේ
මා සමග ඉගෙනුම ලබන, දමිළ ජාතික මිතුරා ගේ අදහසයි.
මේ ළඟදී දවසක ඔහු යළිත් මුණ ගැසුනි.
යුද්ධය මා කතා කරන්නට අකමැතිම මාතෘකාවක් බව මම ඔහුට සඳහන් කළෙමි. මන්ද, ඒ සම්බන්දයෙන් බොහෝ දෙනෙකුගේ මතය විවිදාකාර වන
හෙයිනි. බොහෝ දෙනෙකුගේ හිත් රිදෙන නිසා, තරහව වෛරය ක්‍රෝදය ඉන් හිත් තුලට ඇතුලු වන නිසා. අවිහිංසාව ඇති කළ
හැක්කේ ත්‍රස්තවාදය තුරන් කරලා බව කතාබහේදී හේ මා සමග පවසයි, යාපනය නුවර මාර්ගය නැවත ජනතාවගේ පරිහරනයට ලැබීම
ගැන බොහෝ උද්දාමයෙන් පසුවේ. "මට ගමේ යන්න පුළුවන් නිතර". මේ සිදුවන දේ
ගැන යාපනේ වැසියෙක් වන මගේ මිතුරා කතා කලේ පහන් සිතිනි.
++++++++++++++
ReplyDeleteයුද්ධය කියන්නේ ව්‍යාපාරයක්. ලංකාව වගේ ජාතීන් කීපයක් ඉන්න රටවල් තමයි මේ අයගේ ඉලක්කය. ඒ අය ඒ ගොල්ලොන්ගේ ආයුධ ව්‍යාපාරය කරගෙන යනවා. දේශපාලඥයෝ තමයි යුද්ධයේ අලෙවි නියෝජිතයෝ. පොඩි මිනිස්සු ගහගෙන ඒ අයට සල්ලි හොයල දෙනවා. දැන් රටේ යුද්ධයක් නෑ. හැබැයි උතුරේ දේශපාලඥයෝ හදන්නේ ඒක අයෙත් පටන් ගන්න. පාරේ තියෙන තහඩු වල සිංහල අයින් කරලා, එහෙ තියෙන බුදු පිළිම අයින් කරලා, විශ්ව විද්‍යාල වල ඉන්න ළමයි කුලප්පු කරලා, පිට රට ඉන්න අය කුලප්පු කරලා,මොනා හරි කරලා ආයේ මේක පටන් ගන්න ඕන. නැත්තන් එයාලගේ කොමිෂන් එක හම්බෙන්නේ නෑ. මිනිස්සු මේක තේරුම් ගන්න ඕන.
ReplyDeleteThis is very true. Ordinary people want small things, only politicians want part of the country. I went to Jaffna in December, people seem to enjoy the peace, very busy running around. It was very green due to December rain and every inch was cultivated. People were very friendly, staff in the hotel US could not speak much Sinhala/English, but that was not problem at all, we had good food and comfortable beds. They said they like to see more people from south visiting Jaffna. Funny thing was, there was a Ice cream place called 'Rio' jam packed with people eating ice cream.
ReplyDelete