Wednesday, October 24, 2018

Siyama -දරුණු මග හැරීමක් පෙන්වාදීමකි

සියාමා

පළමුව ගත් පොත නැති වී ඉන්පසු නැවත අද ඉයන් අයියාගෙන් කෘතියක් තෑගි ලැබුණි. මා එය යුහුසුළුව කියවන්නට පටන් ගත්තේ ගෙදර යන ටිකට වාහනයේ සහ ජංගම දුරකථනයේ එළියෙනි.
පොත ලියා ඇති සරල මෙන්ම කියවිය හැකි ආකෘතිය නිසා එය එක හුස්මට කියවාගෙන ගියෙමි .
61 වෙනි පිටුවෙන් ඔබ්බට යා නොහැකිව, බොහෝ බරැති සුසුම් සමගින් කඳුළු සැළුවෙමි. හැම රටකම විනාශ වී යන විනාශ කරන දරුවන් ගැන සිහි කරමින් හැඬුවෙමි.
අන්ත විනාශකාරී ආගම් අන්තවාදය මේ ලොවින් තුරන් විය යුතුම ය. හිත හදාගෙන පොතම කියෙව්වෙමි.
මෙය ඔබ කියවිය යුතුම බව මතක් කරමි.
තබ බිරිය හෝ දරුවා මැරුණත් කම් නෑ කියා ඇඳ ඉහපතේ සීසර් සැත්කමට විරුද්ධව අත්සන් තැබූ අන්තවාදය ද ගැහැණු දැරිවියන් වැඩි විය පැමිණි සැනින් විවාහ කර දෙන්න යැයි කියන්නාවූ අන්තවාදයද මා දැඩිව පිළිකුල් කරමි.
කාන්තා සුන්නත් කිරීමට පක්ෂව වෛද්‍ය මතය ලියන්නට තරම් අඳබාල සමාජයකි. අලුත උපන් බිළිඳා ප්‍රතිශක්තිකරණයට විරුද්ධයැයි කියනා දහඅට වියැති මව්වරුන්‍ ය.
අවාසනාව නම් ඒ සමාජ වලද උගතුන් බිහි වුනද ඔවුන් ද ඒ ආගමික අන්තවාදයට නතුව කල් ගෙවන එකය. වරද ඇත්තේ අන්තවාදය තුල මිසක ආගම හෝ දර්ශනය තුල නොවේ.
එවන් සමාජවල දහසක් කාමාතුරයින්ගේ ආශාවන් පිනවීමට විනාශ කරනා මල් කැකුළුය.
ගැහැණුන්ට දරුවන්ට දැරිවියන්ට අන්ත අසරණ දුකක් විඳ මියෙන්නට සිදුවෙනවානම් එවැනි රටවලට අත පොවන්නට ශිෂ්ට යැයි සම්මත ජාතීන් හෝ ජාත්‍යන්තර සංවිධාන වලට නොහැකි ඇයි දැයි මේ පොත කියවද්දී මසිතේ පැන නැඟි ප්‍රශ්නයකි.
අපේ වාසනාවට එවන් අන්තවාදීන් මැද නොඉපිද , නිවහල් නිදහස් මානව හිතවාදී දහමක් මූලික කරගෙන කල් ගෙවමි. එනමුදු එහෙව් මානව හිතවාදී දහමෙහි නාමයෙන්ද සමාජය කෙළසන අන්තවාදීන්‍ බොහෝ ය. බොදු කිතුනු ඉස්ලාම් හින්දු මේ කවර ආගමක හෝ වේවා අන්තවාදීන් සහ අන්තවාදී ඉගැන්වීම් අපි පිළිකුල් කර බැහැර කරමු.
සියාමා... සමාජය වෙත කෙරෙන එවන් මතක් කිරීමකි. දරුණු මග හැරීමක් පෙන්වාදීමකි.
Lost my copy of සියාමා the novel of Ajith Dharmakeerthi , from the book fair... as i was reading it while traveling to work.
Got a book gift from Ian lintota aiya.... started reading it from where i left off...with my phone light.
I was stuck in page 61, heart throbbed with immense pain remembering all the innocent lives and little souls destroyed by so called religious or political goons,rapists and psycopaths. Ended up crying ....
සියාමා Is a must read !
nocountry , no society should let this happen to its children !
සියාමා
අජිත් ධර්මකීර්ති
අහස ප්‍රකාශන
මිල රු 350

7 comments:

  1. /බොදු කිතුනු ඉස්ලාම් හින්දු මේ කවර ආගමක හෝ වේවා අන්තවාදීන් සහ අන්තවාදී ඉගැන්වීම් අපි පිළිකුල් කර බැහැර කරමු./

    ++++++++++++++

    ReplyDelete
  2. පොත නම් කියවන්න තවම බැරි වුනා. ඒත් මේ අදහස්වලටනම් 100% එකඟයි.
    කොහොමහරි පොතත් කියවන්නෝනෙ.

    ReplyDelete
    Replies
    1. මල්ලි , මම පොත ඕඩියෝ කරන්න ඉන්නේ . ප්‍රකාශක මහත්මයා තවම අවසරය දීල නැහැ. තව ටිකක් ඉන්න කියල තමයි කියන්නේ. මේලක් දාන්නම්

      Delete
  3. සරසවියෙන් ගන්න ඕනේ.ඉක්මනට කියවන්න හිතන් ඉන්න පොතක්.

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !