අම්මෙක් සහ දරුවෙක් අපේ රෝහලේ සායනයකදි මුණ ගැහුනා,අප වෙත යොමු වෙන මේ දරුවට වෙනත් තැන් වලින් ඇදුම රෝගයට ඉන්හේලරය දුන්නට හොඳක් වෙන බවක් නෑ.නිතරම ඇදුම රෝගය උත්සන්න වෙනවා. මම ඇහුවා ඇගෙන් කොහොමද මේ බෙහෙත පාවිච්චි කරන්නේ කියලා, අම්මා කියනවා කිඹුහුම් යද්දි, කැස්සක් ආවොත් විතරයි පාවිච්චි කරන්නේ කියලා. ඒ කියන්නේ ඇයට රෝගය ගැන පැහැදිලි කිරීමක් ලැබිලා නෑ.
මම වෙනදා වාගේම රූප සටහන් ඇඳලා දුඹුරු ඉන්හේලරයෙන් වෙන්නෙ මොනවද නිල් එකෙන් වෙන්නේ මොනවද , පෙනහළු නාල සහ ගර්ත පිහිටන්නේ කොහොමද කියලා වෙලා අරන් කියා දුන්නා වැඩි වෙලාවක් කතා කරන්න වුනත් "අනේ ඩොක්ටර් මම දැනන් හිටියේ නෑ අම්මෝ මම දැන් ඉදන් හරියට පාවිච්චි කරන්නම්" කීවා. ඒ අම්මටත් ඇදුම.
"රෝගියාගේ රෝගය ඔවුන්ට වටහා දුන්නම ඔවුන් ඒක ගැන සැලකිලිමත් වෙනවා. ඒනිසා මේ බෙහෙත බොන්න කියලා බෙහෙත් ටික ගුලි කරාට මදි බෙහෙතෙන් එයාගේ රෝගය නැති කරන හැටි කියලා දෙන්න ඕන" විශේෂඥ වෛද්‍ය චම්පා ජයසුන්දර මහත්මිය අපි ශිෂ්‍ය අවධියේ පැවති සායනික පුහුණුවකදී කියා දුන්නේ, පෙනහළු දෙක පෑනෙන් කොළේ මත අඳිමින්.
"ඇදුම කියන්නේ..." කියමින් ඇය ගර්ත වලට වාතය යන හැටිත් නාල වල බිත්ති ඉදිමෙන හැටිත් දුඹුරු පාට ඉන්හේලරය වැඩ කරන හැටිත් නිල් පාට එකෙන් කරන්නේ මොකක්ද යන්නත් රූප සටහන් සහ තේරෙන වචන වලින් රෝගීන්ට කියා දෙන අයුරු අපි බලන් සිටියෙමු.
බොහෝ රෝග වලට හේතුව මිනිසුන් ධර්මය නොදැනීම බව ඇය නිතර දහම් කරුණු කියා දුන් අතර එකල එය අපිට නොදැනුනත් අද බොහෝ සෙයින් දැනෙනවා.
ඇය ගැන අපට ඇය කියා දුන් සායනික කරුණු වගේම ජීවන කරුණුත් මතක් වෙනවා.
අපට හිටිය එවන් උතුම්.ගුරුවරු අපට කීවේ වඩා හොඳ වෛද්‍යවරු වෙන්න කියලයි. මට ඒක තිස්සෙම මතක් වෙනවා.
"ඩොක්ටර් මොකෝ.මේ රූප ඇඳලා කියා" අපි ලියන කොළ වල කොනේ රූප සටහන් පෙන්නා මිස්ලා අහනවා. ඒ කියන්නේ මම රෝගය අම්මාට පැහැදිලි කරා. ඒ විතරක් නෙමේ , explained her child's health status in her native language. කියලත් ලියනවා. එහෙම ලියන්න අපිට පුරුදු කළේ උතුරේදී කායික රෝග වාට්ටුවේ විශේෂඥ වෛද්‍යවරිය වූ අරුල්චෙල්වම් මහත්මිය. මොකද සිංහල වෛද්‍යවරු නමුත් රෝගීන් දෙමළ, කොච්චර හොඳින් දෙමෙළ කතා කළත් මොකක් හරි අවුලකදී රෝගියා කියන්න පුළුවන් "ඩොක්ටර් කිව්ව එක තේරුණේ නෑ" කියලා. එහෙම දේවල් වෙලා තිබ්බා ඒ පැත්තේ ඒ වෙනකොටත්.
රෝගීන් විශාල ප්‍රමාණයක් එක්ක මේ තරම් කතා කරන්න අමාරු බව මම දන්නවා. ඒත් අපි එතැන ඉන්නේ ඔවුන්ට උපරිමය කරන්නනේ. එනිසා මම ඒ උපරිමය කරනවා. මට එනිසා හිත සතුටෙන් නිදහස්ව ඉන්න පුළුවන් !
මට තව කතාවක් මතක් වුනා මේක වුනේ මෙහෙදි... දරුවෙක් ලැබෙන්න පමා වෙනවා දරුවගෙ හාට් රෙට් එක අඩු වෙනවා කියලා මට ඇමතුමක් ආවේ ප්‍රසූතිකාගාරයෙන්... හදිසි තත්වයන්ට අවශ්‍ය මෙවලම් සූදානම් කරගෙන, මාත් බලන් හිටියා, දරුවා ඉපදෙනකම්,
දැන් මට ඇහෙනවා, මිස්ලා විධාන දෙනවා, කාරුණිකව , ඇත්තටම ඔවුන් අම්මලාට විශාල කරුණාවක් දක්වනවා.
මට ඇහුනා ඒ අම්මාට " උංගි අම්මාහ්" කියලා කියවෙනවා. ඒක උතුරු කොනේදී අපට නිතර ඇහුණු වචනයක්. මේ අම්මට සිංහල බැරිව ඇති මට එකපාරම හිතුනා. මම කණ ළඟට ගිහින් ඇහුවම කීවේ ඔව් ඒ තරම් තේරෙන්නෙ නෑ කියලා. මම දෙමළෙන් අම්මා කරන්න අවශ්‍ය ටික කියා දුන්නා.
"පුල්ල පුරන්ද නේරම් මුක්කොනම් අම්මා, වෛර පාත තොඩන්ද මුක්කෝනම්, කාල කුත්තු මඩිංග , මුක්කුංග.." ඔන්න ඔහොම මට පුළුවන් සේරම කීවා. ඔහොම කියමින් අම්මාට සවි දෙමින් අම්මාව ඒ සඳහා යොමු කළා.
ඊළඟ මිනිත්තුවේ අම්මා තටමලා දරුවා එළියට ආවා. අපේ මිස්ලා තල්ලු කරන්න තටමන්න එවන්න එවන්න කියනවා අම්මට තේරෙන්නෙ නෑ. ඒවගේ තමයි. කෙනෙක්ට තේරෙන්න දෙයක් ඒ අයගේ බසින් කියන්න ඕනේ. එහෙම කියලා දුන්නම ඒ අය ඒ බෙහෙත හෝ ක්‍රම වේදය පිළිපදිනවා.
"මේක ආසාධනයක් ඒකට මේ තරම් කාලයක් ප්‍රති ජීවක බොන්න ඕනේ. ඒකට හේතුව , පරීක්ශන මගින් හොයාගෙන තියෙනවා ඇඟේ බැක්ටීරියාව නැති කරන්න යන කාලය. මොකද එයාලගේ වර්ධන වේගය හරි වේගවත්. බෙහෙතෙන් විනාශ නොවී ඉතිරි වෙන අය දෙගුණ තෙගුණ වෙන්නෙ හරි ඉක්මනින්. එනිසා උණ හොඳයි ඇඟට හොඳයි කියලා මේක නවත්වන්න එපා. අපි කියන කාලයම බොන්න වේල් අතර පරතරය තියන්න. කලාතුරකින් මේ වගේ අතුරු ආබාධ එන්න පුළුවන් ඒත් රෝගය එක්ක ගත්තම ඒවා හරි සුළු යි. හැමෝටම එන්නෙත් නෑ."
ඔහොම කියා දෙන්න වැඩි වෙලා ගත්තත් එහෙම කරන එකෙන් හිතේ සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් අපි රෝගීන් වෙනුවෙන් උපරිමය කළා නේද කියලා.
ටික කළක් නිහඬව උන්නේ, නිදහස් වෙළඳ කලාපයේ ළමයින්ගේ සෞඛ්‍ය ගැටළු ගැන අධ්‍යයනයක් කරන්න ලැබුන නිසා. ඒ ගැනත් ලියමින් ඉන්නේ මේ කාලය වෙන විට ඒ ටිකත් ඉක්මනින් ලියන්නම්.
Dear Dr Bodhini
ReplyDeleteNallam
No words to appreciate your kindness.
ReplyDeleteඒ අධ්‍යයනය ගැන කියවන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ReplyDelete//රෝගීන් විශාල ප්‍රමාණයක් එක්ක මේ තරම් කතා කරන්න අමාරු බව මම දන්නවා. //
ReplyDeleteලංකාවේ වෛද්‍යවරුන් සංඛ්‍යාව වැඩි කිරීම මෙයට එක පිලියමක් නේද?
ඔබ තුමිය වැනි ආදර්ශමත් වෛද්‍ය වෘත්තිකයන් වාසනාවක්. ඔබ කියන ආකාරයෙන් රෝගීන්ට පැහැදිලි කිරීම් කිරීමෙන් සතුටක් ලබන න්වැරදි සේවය සැපයීමෙන් සතුටක් ලබන උතුම් වෛද්‍ය වරු න් සිටිනවා.
ReplyDeleteඒ අතරේම, රෝගියෙකුට තියා පලපුරුදු ඖශධ වේදියෙකුටවත් කියවා ගන්න බැරි ආකාරයට බෙහෙත් ලියන විශේශ්ඥ වෛද්‍ය වරුන් කොතරම්ද?
එසේ අපැහැදිලි අකුරු නිසා නොගැලපෙන බෙහෙතක් නිකුත් වී මගේ වයස්ගත නැන්දම්මාත් ඊයෙ පෙරේදා නොමැරී නූලෙන් බේරුනා.
ඔබතුමිය වගේ හිතන කෙනෙකුගෙන් ප්‍රතිකාර ගන්න ලැබුණොත් වාසනාවක්. ඒ්ත් මම අත්දැකලා තියන විදියට බහුතරයක් වෙෙද්‍යවරු කියලා දෙන්න කැමති නැහැ. අැහුවත් හරියට විස්තර කරලා දෙන්නේ නැහැ. රජයේ විතරක් නෙවේ අපි දාස් ගණන් ගෙවලා චැනල් කරන අයත් ඒ වගේ. :(
ReplyDelete