Thursday, March 28, 2013

ඔවුන් මනුස්සකම ඉගෙන ගත්තේ අපෙන්....


"අක්කා මම උසස් පෙළ ලියලා දැන් ප්‍රින්ටින්ග් ප්‍රෙස් එකක වැඩ කරනවා." ඒ කිව්වේ දන්නා හඳුනන දෙමළ මල්ලී කෙනෙක්. කලකට කලින් අනිත්කොණ රෝහලේ වැඩ කරද්දී පුනුරුත්ථාපනය වෙච්චි ළමා සොල්දාදුවන්ගෙන් කෙනෙක්. මතකද මම ලීවා ඕස්ට්‍රේලියානුවන්ගේ අත්පොලසන් සහ අපරාජිතන්හතුරු හිත් මිතුරු කළ බෙහෙත,  ජීවිතය සොයා  .

 "ඔයාට බය හිතුනේ නැද්ද ? ඒ අය එක්ක කතා කරන්න" යෙහෙළියක් අහනවා දවසක්.
"මොකටද ?"
 "කොච්චර උනත් තුවක්කු අරගෙන යුද්ධ කරපු අයනේ" ඇය කියයි.
 "එගෙම උනත් ඒ අය ඒකාලේ පොඩි ළමයි, ඒ අයව හරි මගට ගන්න අපි මග පෙන්නුවා. දැන් එයාලා සන්තෝස වෙනවා ඒ ගැන."

අසනීප වුනත් නොලියා ඉන්නේ කොහොමද...ඩූඩ් අයියා කිව්ව නිසාම ඉංග්‍රිසි ලිපි වලට වෙනම බ්ලොග් එකක් පටන් ගත්තා.monsoon bliss කියලා... මෝසම් වැස්සට කවුද අකමැති... ඒ අතරේ අසනීප වුන නිසා මාසෙකට වඩා නිවාඩු ඉන්නත් වුනා. ජීවිතේ පළමු වතාවට රෝහල්ගත වෙන්නත් වුනා. ඒකනම් හරිම හාස්‍යජනකයි. මම මගේ රෝහලේ මගෙම වාට්ටුවේ රෝගියෙක් වුනා. කමක් නෑ පූරුවේ කර්ම තමයි. ඒ එක්කම කරපු හොඳ සේරම උදව් වෙන්න ඇති ජීවිතේ බේරෙන්නත්.

" අක්කේ අපේ පොත හදනවද?"

 "ඔව් මල්ලී මට සමාවෙන්න මේ තරම් කාලයක් ගත වුන එකට... ඒක එකලසක් කරන්න අපිට වෙලාව හොයාගන්න බැරි වුනා"
"කමක් නෑ.. අක්කේ ඔයාට කොහොමද ?"
සිංහලෙන් ඔවුන් ෆේස් බුක් ගිනුම ඔස්සේ අසයි. "මට සනීප නෑ මම දැන් ඉස්පිරිතාලේ ඉන්නේ...  ඔන්න ඉතින් අසනීප කාලය පුරාම ඔවුන් සැරෙන් සැරේ දුක සැප විමසයි.
"ඔයාට දැන් හොඳද අක්කේ... "

 ළඟම යහළුවන් වුනත් එකට වැඩ කරන දොස්තරලා වුනත් නෑයින් වුනත් මට මොකද වුනේ කියා දැන දැනත් කොහොමද කියා වචනෙකින් නොවිමසන කල මාස කිහිපයක් ඔවුන් හට උදව් කළ සිංහල අක්කා ගැන ඔවුන් වද වේ. සුව දුක් සොයා බලයි.

"ඔයාට බය නැද්ද ෆේස් බුක් එකෙත් ඇඩ් කරගන්න..." ඊනියා වර්ගවාදී අදහස් පමණක්ම හිත් වල ඇති අය කවදා මනුස්සකමක් ගැන ඉගෙන ගනියිද ?

"නෑ මට බය නෑ... මොකද, ත්‍රස්ත්වාදී අදහස් පමණක් කවා පොවා තුවක්කු අතට දීලා අනුන් මරන්නට හදපු ඒ දරුවන්ගේ කුඩා මොළ වලට මනුස්සකම ආදරය කරුණාව ඉගැන්නුවේ අපි නිසා... අපෙන් ඉගෙන ගත්තු මනුස්සකම එයාලගෙන් ආයේ ගිලිහෙන්නේ නෑ."

 මොන තරම් වෛර කරන කෙනෙක්ට උනත් මෛත්‍රීය කරුණාව පතුරන්න, තමන්ගේ හිත හදා ගැනීම වඩා උසස් උතුම් කාර් යය බව වටහා දෙන්න අපට පුළුවන් වුනා. අනුන්ට ගහන්නට අත උස්සනවා වෙනුවට ඒ අයට නැගී හිටින්නට අත දෙන කෙනෙක් වෙන්න උගන්වන්න පුළුවන් වීම. අනික් අයගේ දුක දැනෙන අය වීමට පුළුවන් වීම ගැන මට දැනෙන්නේ සිහින් ආඩම්බරයක්. ඒ සියල්ලෝම ඔවුන් ගැන හොඳ කතා කරන නිසාය. ඔවුන්ගේ පොත දෙමළ බසින් දැනටමත් පිටවී තිබේ.  එහි තිබෙන්නේ ඔවුන් කුඩා කල සිට විඳි දුක් සහ යුද්ධය නිමා වූ පසු ඔවුන් වින්ද සැනසීම සහ සතුටයි. එහි සියල්ල සිංහලට හැරවීම කලත් තවම පොත එකලසක් කරන්න නිවාඩුවක් හොයාගන්න බැරිවීම දුකක්. !


 "ඉක්මනින් මම ඔයාලගේ පොත සිංහලෙන් හදනවා" මම ඔවුන්ට පැවසීමි.
 "අක්කා ඉස්සෙල්ලා සනීප වෙලා ඉන්න" එක් අයෙක් පවසයි.



24 comments:

  1. You did make a difference and as a SriLankan I am proud of you.. Our country needs thousands like you today to lead the way for peace..

    ReplyDelete
    Replies
    1. thanks alot for this encouraging comment... i fear that this peace will only last awhile

      Delete
  2. සමහර විට වෙනසක් ඇතිවෙන්න වචනෙකුත් ඇති... හොදට හෝ නරකට....

    ඔයාගේ සමහර පෝස්ට් වලට චවනයක්වත් කියාගන්න බැරි වෙලාවල් තියෙනවා... ඒ කියන්න දේවල් නැති නිසා නෙවෙයි.. කියන්න දේවල් වැඩි නිසා...

    //ළඟම යහළුවන් වුනත් එකට වැඩ කරන දොස්තරලා වුනත් නෑයින් වුනත් මට මොකද වුනේ කියා දැන දැනත් කොහොමද කියා වචනෙකින් නොවිමසන කල//

    සමහර විට එහෙම කරන්නේ තුවාල උනු හිත තවත් පෑරෙයි කියලා හිතලා වෙන්නත් පුළුවන් නේද .....? මට නම් ඇත්තටම කර කියාගන්න දෙයක් නැතුව ඉන්න වෙලාවල් තියෙනවා මගේ යාලුවන්ගේ කරදර වලදි....

    ඇත්තටම මටත් කියන්න තියෙන්නේ “ ඉක්මණට සනීප වෙන්න ” කියලා තමයි...

    ReplyDelete
    Replies
    1. හිරු, මටනම් කවුරු කවුරු හරි කතා කරනවානම් ලෙඩ ඉක්මනින් සනීප වෙනවා... නැත්නම් ලෙඩෙ ගැනම හිත හිතා ඉන්නවනේ... ස්තූතියි.. මම ත් කැමති ඉක්මනින් සනීප වෙනවට. දැන් ආයිත් කැස්ස උණ :(

      Delete
  3. Proud of you , You are a different young professional .

    ReplyDelete
  4. විය යුතු දේ ඕකයි අක්කා. සද්දෙ දාන ගොඩක් අය කිසි දෙයක් දන්නෙ නෑ. මේ ගැටලුව මේ තරමින්වත් විසඳිලා තියෙන්නෙ අක්ක වගේ අය නිසා ගොඩක් අයගේ හිත් නෙවෙන/නිවුණ නිසා. අක්කාට ඉක්මණ් සුවය පතමි!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලී... ඇත්තටම ඔව්... හිත් හදන්න අපි කරපු යුද්දෙ විස්තර දන්නේ අපි කිහිප දෙනෙක් පමණයි...

      Delete
  5. අයියෝ, අනිත් කොණ අසනීප වුනාද? ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා. එක අතකට ඒකත් අත්දැකීමක් වෙන්න ඇති. Being at both ends: Delivering and receiving ends is fine. එහෙමවත් කියලා හිත හදා ගම්මු. සමහර විට මෝසම් වැස්සට තෙමිලා වෙන්නත් ඇති. Monsoon Bliss! :)

    නැවතත් අපේ අනිත් කොණට ඉක්මන් සුව. (දැන් සුවයි නේද?)

    ReplyDelete
    Replies
    1. sthuthiy henry aiya... දැන් ටිකක් හොඳයි.. ඒත් කැස්ස උණ අඩුවක් නෑ..වැස්සත් එක්කනේ

      Delete
  6. තවම අසනීපෙන්ද?අක්මනින් සුව වෙන්න ප්‍රාර්ථනා කරනවා අක්කේ!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලී

      Delete
  7. දැන් සුවයි නේද? ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. දැන් ටිකක් හොඳයි. ස්තූතියි සිතුවිලි සිතු...

      Delete
  8. "මගෙම වාට්‍ටුවෙ ලෙඩෙක් වුන හැටි" කියද්දි මට මතක් වුණේ මගේ මහත්තයා, එයාගෙ වාට්‍ටුවෙ ඇඩ්මිට් වෙලා කැනියුලා එකකුත් එක්ක පැය 24 වැඩ කරපු විදිය දවස් ගාණක්. ඒක මතක් කරද්දි තවම කඳුලු එනවා මට. අඩුම තරමෙ පැය කීපයක නිවාඩුවක් වත් දෙන්න මනුස්සකමක් නැති මිනිස්සු මැද්දෙ අසරණ වුණා එදා......

    අක්ක කරන්න යන දේ ගොඩක් හොඳ දෙයක්. තවමත් වෙනස් නොවුණ අපේ ගොඩක් මිනිස්සුන්ගෙ ආකල්ප වලට පුංචි වෙනසක් හරි ඇති කරයි ඒක.

    ReplyDelete
    Replies
    1. සමහර විට එහෙම තමයි නංගී... මමත් HO කාලේ වාට්ටුවේම නර්සස් රූම් එකේ ඇඳකට වෙලා ඇඩ්මිෂන් බැලුවා...අපේ gyn වෝඩ් එකේ doctors room එකක්වත් තිබ්බේ නෑ...ස්තූතියි නගා..

      Delete
  9. අසනීප වෙලා නැහැ ඔයාගෙ හිත.අසනීප වෙලා වණ වෙච්ච හිත් තියෙන මිනිස්සු අතරෙ හිස නමා ආචාර කරනව ඔයාගෙ මනුසත්කමට.කායික අසනීප සුව වේවා ඉක්මණින්!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වර්ෂා... පුළුවන් තරම් හිත හදාගන්න උත්සහ කරනවා

      Delete
  10. ඔබේ සැබෑ මනුස්සකමට හිස නමා ගරු කරමි..

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !