Life, work, stress and Stories from the other end - සායනික සටහන් නොවේ, මේ ජීවිත සටහන් ගොන්නකි....
Saturday, January 12, 2013
ඉන්දියාවේ සිදුවීම, ෆේස් බුක් හමුවේ හැමදාම ඇහෙන කතා
මට දුකයි....ඒ බොහෝ වෙලාවට මට ඔවුන් වෙනුවෙන් උපරිමය කරන්න බැරි වෙන නිසා. සාධාරණය කරන්න බැරි වෙන නිසා. අපිට සීමා මායිම් ඇඳ පෙන්වා දී ඇති නිසා.
ඉන්දියාවේ ස්ත්‍රී දූෂණ සිදුවීමත් එක්ක ආයෙත් සමාජයේ කතා බහට ලක්වුන මාතෘකාවක් බවට පත්වෙච්චි නමුත් ඒ කොතරම් සුළු කාලයකටද ? මුහුණු පොත නම් අන්තර්ජාල සමාජ වෙබ් අඩවියේ දකින දකින අත මේ අසාධාරණය ගැන විවිධ රූප රාමු පෝස්ටර් පළ වුනාට ඒකත් කොයිතරම් සුළු කාලයකටද ? මට මේ කිසි දෙයක අළුත් වෙනසක් පෙනුනේ නෑ... ඒ මෙවැනි අසාධාරණයට ලක්වූ අපේ මේ රටේ ගැහණුන්, දැරියන් හා ළදැරියන් නිතර දකින නිසා, ඔවුන්ගේ දුක් කඳුළු දකින නිසා ... අවසන ඔවුන්ගේ කතාව අහන්නට වෙන නිසා.
මීට වසර කිහිපයකට කලින් මා ලියූ ඇස් හිස් මොළ නැති පිසාචයන් මැද කතාව ඔබට මතක නැතුව ඇති... අවුරුදු දෙකකට පස්සෙ ආයෙත් මට ඒ හා සමාන සිදුවීමකට මුහුණ දුන් පුංචි දැරිවියන් දෙන්නෙක් මුණ ගැහෙන්නේ හදවතේ රිදෙන්න පුළුවන් උපරිමයට රිදවමින්. අම්මා අගනුවර රස්සාවක් කරන අතර මල්ලිත් නංගීත් බලාගෙන මේ අක්කා සිටියේ තාත්තාගේ රැකවරණයේ... නමුත් අක්කාටත් නංගීටත් ඉතා කුඩා වයසෙදිම තම පියාගෙන් සිදුවුනේ අහස පොළව නූහුලන අපරාධයක් ! "දැන් මිනිස්සු යක්කු වෙලා" කෙනෙක් කියයි. "අසීමිත නිදහස නිසයි මේ, ඉස්සර මෙහෙම නෑ " එහෙමත් අදහසක් මතුවෙයි. "අම්මා නොමැති කල අප්පා කවර කල" කියලා කියන්නේ මේ වගේ තාත්තලාට වෙන්න ඇති. ඒත් මේ කියවන ඔබෙත් මගෙත් මතු බුදු වන තාත්තලා/අප්පච්චිලා වැනි පියවරුන් ලබන්නට අපි කොයිතරම් පින්කර ඇද්දැයි මට යළිත් සිහිපත් වේ.
වයස් සීමාවක් නැතිව සිදුවන මේ දූෂණය කිරීම් කවදා නතර වෙයිද ? "මට කැම්පස් එකේ විභාගේ ඩොක්ටර් පොත් ටික ගෙන්න ගන්න විදිහක් තියෙයිද ? පොත් තියෙන්නේ හොස්ටල් එකේ කාමරේ" තම පෙම්වතා විසින් අතවරයට ලක් වුනු එක් තරුණියක් අපෙන් අසයි. "අපි ඔයාට කොහොම හරි පොත් ටික ගන්න ක්‍රමයක් කියන්නම්" ඉන්පසු ප්‍රජා සෞඛ්‍ය නිළධාරීන්ගේ සහයෙන් පොත් පත් ලබා දීමු. "දැන් මම මොකද කරන්නේ ඩොක්ටර් ?" තම කුසෙහි සිටින දරුවා ගැන ඇය විමසයි. නිසි දැනුමක් හෝ මග පෙන්වීමක් නොමැති නිසා තරුණ තරුණියන් වල්මත් වී ඇත. ලිංගික අධ්‍යාපනය ගැන අප රටේ පවතින බොහොම ඇල්මැරුණු ස්වභාවය මීට බොහෝ ලෙස හේතුවේ. ජන මාධ්‍ය මගින් විශේෂයෙන්ම රූපවාහිනී, අන්තර්ජාලය වැනි දේ මගින් බොහෝ ලෙස හැඟීම් කුපිතකරනු ලැබූ තරුණ තරුණියන් හට ඒ සුළු මොහොතක වින්දනයෙන් අත්වන අතුරු ප්‍රතිඵල ගැන දැනුමක් නොමැති තරම් ය. එසේ නොකර සිටින්නට යැයි අපට කියන්න හරි ලෙහෙසිය. එහෙත් යථාර්තය නම් අප සංස්කෘතික වටිනාකම් හා සාරධර්ම සදාචාර ආචාර ධර්ම යැයි මොන මගුලක් ලෙස ලියූවත් මේ කිසි දෙයක් අද බල පවත්වන්නේ නැති කමයි.
අවුරුදු 5 ක දැරියක් තම අම්මා විසින් රැගෙන ආවේ හිස අත් තබා විලාප තබමිනි. අසල ගෙදරක සිටි දරුවනුත් සිටින අමනුස්සයෙක් විසින් මේ දැරිය අතවරයට ලක් කර තිබිනි. නමුත් ඇය ගේ කෑ ගැසීම් හමුවේ අහල පහල වුන් පැමිණ ඇය බේරාගෙන තිබිනි. අනේ අපොයි... දැඩි දුකක් සහ බයක් ඇතිවේ. මෙහෙම සමාජයකද අපි ජීවත් වෙන්නේ.... ඉස්සරහට මීට වඩා දරුණු වෙයි. එහෙමත් කියවෙයි.
මුහුණු පොතේ, අන්තර්ජාලයේ අපි වීරයන් මෙන් ඉන්දියාවේ තරුණිය ගැනද, තව නොයෙක් අතවර ගැනද ශෝක ප්‍රකාශ ලියන්නෙමු, කවිකාර ඇත්තෝ කවි ලියති. විප්ලවීය අදහස් ඇත්තෝ යුද ප්‍රකාශ කරති . මරණ දඬුවම දේන්න යැයි නියෝග කරති. නමුත් සමාජයක් වශයෙන් අපට පුළුවන් වුනාද අප අවට අපි ජීවත් වෙන ප්‍රදේශයේ ඇති සුරක්ෂිත බව ගැන විමසිලිමත් වෙන්න ? බස් රථයේ හෝ දුම් රියේ , රාත්‍රී කාලයේ තනිව ගමන් කරන්න ? සමාජය යනු අපමය. අප වෙනස් විය යුතුය. අප විසින් ඇතැම් දේ වෙනස් කළ යුතුය. එසේ නැත්නම් සමාජය වෙනස් නොවනු ඇත.
බස් රථයේ මා අසුන්ගෙන යද්දී පොත් බෑගයක් එල්ලාගෙන ඉස්සරහින් සිටගෙන සිටි දැරිවියට හේත්තු වෙන්න ආ මැදිවියේ මිනිසා දුටු මට මහත් කෝපයක් ඇති විය. දෙමළ දන්නා නිසා දැරිවියට කතා කර මා අසළට ඇදගත් නිසා අර මිනිසා මට රවමින් ඔරවමින් ඉස්සරහට ගියේය. එහෙම නොවුනානම් තමන්ගේ අසික්කිත ඕනෑ එපාකම් අර කුඩා දරුවාගේ පිටින් යවන්නට ඒ තිරිසනා කටයුතු කරනවා ඇති.
"වීරකම් කලාට, බහින තැන බලාගෙන ඉඳලා ඇවිත් ඔයාට හිරි හැර කරානම් ! " මගේ යහළුවෙක් එසේ මට අමතක වුනු පැත්තක්ද මතක් කළාය. දින කිහිපයක් යන තෙක් තනියම කොහේවත් නොගිහින් ඉන්න මා වග බලා ගත්තා. බොරු කියන්නේ මොකටද, නොයෙක් විට අනුන් වෙනුවෙන් වීරකම් කරාට, ඒ පළාතෙන් මාරුවී යන තෙක්ම මේ බිය හිතේ පැවතුනා.
photo thanks to ..google search / top news in usa
Subscribe to:
Post Comments (Atom)
Welcome back!!!!!!!!!!
ReplyDeleteමේකේ තියෙන දේවල් හැම එකක්ම වගේ මං ලිව්වා ගිය ටිකේ... ප්‍රමෝටින් නෙවෙයි.. ඒත් කියන්න ගොඩක් දේවල් තියෙනවා මේ ගැන.. අනිත්කොණට මහ වෙලාවක් නැති බව දන්න නිසා බ්ලොග් හොය හොය බලන්න, මං මෙතන ඒ ලින්ක් ටික දානවා... පුළුවන් නම් කියවලා බලන්න..
ReplyDeleteපසුතැවීමට වඩා පරිස්සම හොඳයි... Better be safe than being sorry .....
පසුතැවීමට වඩා පරිස්සම හොඳයි... Better be safe than being sorry ..... 2 කොටස
“ දාමිණී ” කතාවේ මට පේන දුක්බර ඇත්ත .. What I see inside the story of “ Damini”
ඔය කියන එක කරනවනම්, කරන්න ඕනේ කොහොමද කියලා මට හිතෙන හැටි...
මම මේ මං ලියපු දේවල් වලට වඩා වැදගත් කියලා සලකන්නේ මේවට ලැබිච්ච කමෙන්ට් වල තිබ්බ අදහස්...
//සමාජය යනු අපමය. අප වෙනස් විය යුතුය. අප විසින් ඇතැම් දේ වෙනස් කළ යුතුය. එසේ නැත්නම් සමාජය වෙනස් නොවනු ඇත.//
මෙන්න මේක තමයි වෙන්නම ඕනේ දේ.. ඒ වගේම මේ සදාචාරේ, සංස්කෘතිය කියලා දැං නං ලොකු දෙයක් ඉතුරු වෙලා නෑ කියලමයි මට හිතෙන්නේ.. ඉතුරු වෙලා තියෙන ටික හරි රැකගන්න නම් හණ මිටි කරෙන් බිම තියන්න ඕනේ...
ඔව් ඒක කරන්න පුළුවනුත් අපිටම තමයි :) ඔන්න හිරු ට පුළුවන් ඔයාගේ දුවලට ආරක්ෂා වෙන හැටි කියල දෙන ගමන්ම, පුතාලට, මල්ලිලට කියල දෙන්න ගැහැණු ළමයින්ට වැරදි නොකරන්න කියල.
Deleteසහතික ඇත්ත හිරු... ඔයාගේ ලිපි බැලුවා. ඇත්තටම වටිනවා මේ ලියැවීම් තව ටිකක් සමාජගත වෙනවානම්
Deleteකතාව ඇත්ත.. අපි අතරම මේ වගේ සිද්දි අනන්ත වෙනවා. ඒත් ඒ ගැන හඩක් නැගෙන්නෙ නෑ...
ReplyDeleteතරු,... ඒක තමයි. බොහෝම විශාල ප්‍රශ්ණයක් ඒත් ඒක සාමන්‍ය දෙයක් බවට පත්වෙලා
Deleteඅනිත් කොණ මම ලියන්ටදෝ කියලා හිත, හිත හිටපු මාතෘකාවක් ගැන ලියලා තියන එක ගැන සතුටුයි.
ReplyDeleteසම්පූර්ණ ඇත්ත. පහුගිය දවස්වල කාන්තාවන්ට සිදුවෙන අපරාධ ගැන කතා හැම තැනම තිබුනා. මටත් හිතුනේ අපි පවුල් වශයෙන්වත් හැදෙන්නේ නැතුව කොහොමද සමාජය වෙනස් කරගන්නේ කියලා. මීට වඩා තමන්ගේ ලමයින් ගැන, දෙමව්පියන් සැලකිලිමත් වෙන්ට ඕනි. ගෑනු ලමයි පරිස්සම් වෙන්ට ඕනි. ඒ අයව කුඩා කල ඉඳලා දැනුවත් කරන්ට ඕනි. ඔය වගේ අපරාධකාරයෝ ඉන්නවා නම් ගම් මට්ටමින්, ඒ අයට ගහලා පොලිසිවලට බාර දෙන්ට ඕනි. ඇයි අපේ අය මෙහෙම නිශ්ශබ්දව ඉන්නේ කියලා මට හිතාගන්ට බෑ.
මේ දේවල් මහ නගරේ වගේම ඈත ගම් වලත් වෙනවා. වරද ඇත්තේ අපේ සිස්ටම් එකේ. මේවා මැඩ පවත්වන්න ක්‍රමයක් නෑ. ඒ වෙච්ච කරදරේට වඩා පණට ආදරේ නිසා සමහරු පොලිසි යන්න බයයි.
Deleteමේ මාතෘකාවත් මට කියවලා, කතා කරලා ඇති වෙලා තියෙන්නෙ. මේක අන්තිමට ඉවර වෙන්නෙ ගෑනුන්ගෙ වරැද්දෙන්ම දූෂණය වෙනවා කියන බක පන්ඩිත අදහසට සමාන අදහසකින්.
ReplyDeleteනමුත් අපි සංකර යයි හඳුන්වන permissive societies වලට වඩා ඇඟපත හංගාගෙන ඉන්න හෝ ඉන්න බලකරන සමාජ වල ලිංගික අසහනය ඔඩු දුවලා ඇති බව කාටත් පේන නමුත් පිළිගන්න අකමැති සත්‍යයක්.
අපේ බේබද්දා පවා වෙනත් රටක බේබද්දෙකුට වඩා කාම අපරාධ කරන්න පෙළමෙන්නෙ ඇයි?
ඉන්දියාව ගැන උනත් ඉන්දියානුවොම කියන දේ අපි ඉන්දියාව ගැන මවාගෙන ඉන්න චිත්‍රයට වඩ භයානකයි. මේ පෝස්ට් එක ලිංගික අපරාධ ගැන උනත්, මේකෙත් අදාලත්වයක් මම දකිනවා. අපේ ස්ටාෆ් එකේම ඉන්න එක ඉන්දියානුවෙක් 2011 නිවාඩුවෙදි තමන්ගෙ වකුගඩු දෙක හොරුන්ගෙන් බේරාගෙන තියෙන්නෙ වන රොදක හැංගිලා.
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ඩූඩ් මතු කරන කරුණු හරි...මටත් හිතාගන්න බැරි මේ රටේ මිනිස්සු මෙච්චර මානසික අසහනයෙන් ඉන්නේ ඇයි කියලා. ආර්ථික ප්‍රශ්න නිසා බීමත් වෙන බව කීවත් ඊළඟ කියන්නේ බොන නිසා අපරාධ වෙනවා කියලයි.
Deleteඇත්ත තමයි අක්කේ, මම හිතන්නේ මිනිස්සුන්ට නිසි දැනුමක් නැතිකම තමයි අවුල.
ReplyDeleteFb weerayo nam epa wela ban..ekai fb ekath deactivate kale..lankawath den pattama charter..welawakata apith kaalakanni lankawa wage kaalakanni muusala rataka muusala naayakayo inna thenaka ipadenta lebunata..shik witharak..
ReplyDeleteමුණු පොතේ නම් ''යාළුවො ''විතරක් තියාගන්න එක මානසික සුවයට හොඳයි.
ReplyDeleteකාන්තා හිංසනය ...ඩුඩ් කියල තියෙන දේට මාත් එකඟයි . පරිස්සන් වෙන එක තමයි හොඳ . ඒ වුනාට පරිස්සන් වෙන මට්ටමට අදාල දාන මුලික කාරණය එහෙම මයි .
අපට මෙව්වා ඇහුවම දත් මිටි කන එක විතරයි අපට කරන්න පුළුවන් . කිරි දරුවෙක්ට වත් නිදහසක් නැති සමාජයක් . මොකද අප්පා පිරිමින්ට මෙච්චරම අසහනේ . අනික් අතට පිරිමි ළමුන්ටත් සැහෙන ලිංගික අපරාධ වෙනවා දැන් දැන් .
දිල්ලියේ සිද්ධිය මෙහෙත් සැහෙන්න කතා වෙනවා . අපිත් ඉතින් ඉන්දියන් මුණ නිසා ලැජ්ජයි . ප්‍රසිද්ධ නොවුනත් ආයේ අපේ වුනත් වෙනසක් නැහැ .
ඔයා කිව්වා වගේ බස් එකකදී වෙන කෙනෙක් වෙනුවෙන් පෙනී හිටින්න බයයි. අද ඊයේ නෙමේ අපේ අම්මා තරුණ කාලේ [ 60 දශකයේ අග ] බස් එකේදී ඇඟට ආව මිනිහෙක්ව බස් එකෙන් තල්ලු කරලා . මස ගානක් කොහෙවත් නොයා හිටියලු
ඔයා කියල තියෙන හැම දේම ඇත්ත.
ReplyDeleteමට හිතෙන හැටියට, ගැහැණු කොච්චර පරිස්සම් උනත් වැඩක් නැහැ පිරිමි වෙනස් වෙන්නේ නැත්නම්. අම්මල තාත්තල හැමෝම වගේ දුවලට පරිස්සම් වෙන්න ඉගැන්නුවත්, කීයෙන් කී දෙනාද පුතාලට කියා දෙන්නේ ගැහැණු කියන්නේ කෙළි බඩු නෙවෙයි කියල? ඉතින් මේක අපි මුණු පොතේ කෑගැහුවට වැඩක් නැහැ. මේක කරන්න පුළුවනුත් අපිටමයි. පවුලෙන් දුවල පරිස්සම් කරන ගමන්ම, පවුල ඇතුලෙන් පුතාලට ත් කියල දෙන්න ඕනේ වැරදි නොකරන්න.
හරියට හරි නිරෝෂිනි... මේකට හරි විසඳුම සොයන්න ඕනේ පවුල ඇතුලෙන්මයි.
Deleteඅ යන්න ආයන්නේ ඉඳල අපි හැමෝම වෙනස් වෙන්න ඕනෙ.. ඒ කියන්නේ ගැහැනියකට කාමුක විහිලුවක් කරන මනුස්සයා දූශනය පිටි දැකීම විහිලුවක් කියන එකයි.. අර ජෙසුස් වහන්සේ කිවුවා වගේ වරදක් නොකල කෙනෙක් පලමු ගල ගසන්න කීවොත් විවේචකයො කීදෙනෙකුට ඒක කරන්න පුලුවන්ද ? තමුන්ගේ බ්ලොග් ලිපිය ජනප්‍රිය කරවාගන්න ගැහැණු සෙලුවේ අඩ නිරුවතේ පින්තූර යොදන තැනැත්තා පවා අර අපරාද වලට වගකිවයුතුයි නේද ?
ReplyDeleteමේ යන විදිහට ගියොත් මහා විනාසයක් මිසක හොඳක් නම් වෙනවා කියල හිතන්න අමාරුයි. තමන්ගේ තාත්තට තමන්ගේ දුවව පෙන්නේ ගොදුරක් විදිහට, අම්මගේ වතුර කෝප්පෙට නිදි පෙති දාලා පහත් ආශාවල් සපුරා ගන්න ළමයි ඉන්න රටක අනාගතේ ගැන කවර කතාද ?
ReplyDeleteජන මාධ්‍යය උනත් මේ ගැන වගකීමක් ඇතුව ක්‍රියා කරන්නේ නෑ කියලයි මට හිතෙන්නේ...
Deleteඅවිවේකී ජීවන රටාව, මානසික පීඩනය, ආගමික පසුබිම සමාජයෙන් ඈත් වීම, පාලනයකින් තොර නූතන තොරතුරු තාක්ෂණය, මේවා එක් අයෙක්ට දෙන්නෙක්ට වෙනස් කරන්න බැහැ. ෆේස්බුක් බ්ලොග් වැනි මාධ්‍ය මගින් මොහොතකට හරි මේ ගැන සිතන්නට ඉඩ දීම වටිනවා යමක් නොකර සිටීමට වඩා. කොහොමත් අක්ක කියල තියනවා වගේ අපිට හැකි විදිහට විමසිලිමත් වෙන්න ඕනෙ.
ReplyDeleteහැබැයි අර මූකන් බස්සා මට සෙට් උනානම් ඌ බස් එක ඇතුලෙම කනවා ආයේ මදි නොකියන්න. කාලකන්නි හිරිකිතයි මටනම් ඔයවගේ උන්ව.
ReplyDelete