Friday, October 21, 2011

We are doctors , so "saving lives" is not optional

ඔබ වෛද්‍යවරයෙක්... ජීවිත බේරා ගැනීම ඔබේ වගකීමයි.

අපට රැයක් දවාලක් නැත, තුන් වේල හරියට කෑමක් නැත. සීමාවාසික සමයේ සෑම වාට්ටුවකම, ලෙඩුන් සිය ගණනකම ජීවිත අප අතේය. ඇඩ්මිට් කරනා සෑම කෙනෙක්ම, පරීක්ෂා කර බලා අවශ්‍ය සියලුම පරීක්ෂණ , නිරීක්ෂණ නිගමන ආදිය ජේෂ්ඨ වෛද්‍යවරුන් පැමිණීමට කලින් සිදු කළ යුත්තේ අපියි. අසාධ්‍ය රෝගීන් සේරම බලා කියා තත්වය වාර්තා කරයුත්තේ අපියි. රැයක් දවාලක් නැතිව වැඩකරන අතරේ, වාට්ටුවෙන් ටිකට් කපා යන රෝගීන්ගේ වාර්ථා පත් ලිවිය යුත්තෙත් අපියි. මහ රෑ රෝහලට ඇතුල් කරපු රෝගියෙක්ගේ හදිසි පරීක්ෂණ සියල්ල ලෑබ් එකට යවා, නිදි මරාගෙන පරීක්ෂණ වාර්ථා ගෙන්වාගන්න ලැබ් එකත් එක්ක රණ්ඩු කරපු දින අනේකයි අප්‍රමාණයි. බොහෝ විට රෝහලේ සිදු කරගත නොහැකි පරීක්ෂණ පිටින් සිදු කරන්නට වෙන විට , ඒවාට මුදල් නැතිව ලතවෙන රෝගීන්ගේ අසරණ මුහුණු දකිද්දී අපි අපේ ළඟ තිබෙන සුළු මුදල එකතු කර ඔවුන්ට අවශ්‍ය පරීක්ෂණ ලබාදෙන්නේ අහවල් දෙයක් දිනාගන්න නොවේ !

සමහරෙක් හිතන්න පූළුවන් වෛද්‍යවරු වුනේ ඒකට නේද කියලා. ඔව් මේ අපේ රැකියාව , නමුත් අපේ සේවය අන් හැමටම වඩා බාරදූර්‍ය තීරණාත්මක රැකියාවක් වෙන්නේ ඇයි ? අපි මිනිසුන් ජීවත් කරවන නිසා. මැරෙන්න පණ අදිමින් පැමිණෙන රෝගියෙක් බොහෝ කරදර විඳ ගොඩ ගත් පසු ඔවුන් ගේ සැනසිලි මුහුණ බලමින් ඔවුන් පිං දෙමින් කියවන කියවිල්ල ඇසුවොත් ඕනෑම කෙනෙකුට තේරේවි වෛද්‍යවරයකුගේ සේවය කුමක්ද කියා. සරසවි ඇදුරන් වර්ජනය කලාට ජීවිත නැතිවෙන්නේ නැත, නමුත් වෛද්‍යවරුන් නොමැති කල ජීවිත නැතිවේ.

බෑග් උස්සාගෙන යෑමට සිදු වීම.

මාතෘ ගැබිණි වාට්ටු වල සේවය කරද්දී අනිවාර්‍යයෙන්ම අපි කාර් යක්ෂම විය යුතුයි. සුළු ප්‍රමාදය හෝ දැඩි අනතුරු දායක තත්වයන් ඇති වීමට බලපානවා.
එදින මා  රාත්‍රී වැඩ කළ දිනයකි, රාත්‍රී වැඩ බලන වෛද්‍යවරයා හට වාට්ටුවේ කාමරයක් තිබේ. ඒ ඕනෑම හදිසියකදී ඉක්මනින් ඒ අවස්ථාවට පැමිණීමටයි. ප්‍රසව හා නාරි වේද වාට්ටු කිහිපයක් ඇති අප මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනා ගණන 200 ඉක්මවයි. එදින ඉතා වෙහෙසකර දිනක් වූවාය. දරුවන් බිහි කරන්නට විළිරුදාවෙන් සිටි මවුවරුන් කිහිප දෙනෙකූම රාත්‍රී 12 වෙන විට තම වේදනා සැහැල්ලු කරගනිමින් දරුවන් නිරුපද්‍රිතව බිහි කර සිටියෙන් , කැපුම් තුවාල වලට අප මැහුම් දමා අවසන් කරන තෙක් වේදනාවෙන් මිරිකෙමින් සිටියෝය. දරුවෙක් බිහි කරනවා යනු මොනතරම් වේදනා කන්දක්ද ! සියල්ල නිම කර සටහන් කර මා නැවත වාට්ටුවේ අපේ ඔන් කෝල් කාමරයට පැමිණ යන්තම් ඇහැ පියවගත්තා පමණි. ඈත ප්‍රාදේශීය රෝහලකින් අප වෙත ට්‍රාන්සර් එකක් එවා තිබිනි.

ඒ 18 වියැති අම්මා කෙනෙක්. ඇගේ කුසේ දරුවාට සති 36 යි. වේලාව පාන්දර 3 පසුවූවා පමණි. ප්‍රසව වේදනා තිබෙන බවක් පවසයි. එවෙලේම ඇයට එම ප්‍රසව කැක්කුම් නැති කරන්නට , බෙහෙත් පෙත්තක් දිය යුතුවේ. මා මේසය අසල සිට ඇයගේ විස්තර සටහන් කරගෙන පරීක්ෂාකර බැලූවිට , තවම දරුවා බිහි වෙන්නට තරම් ගැබ් ගෙල වෙනස්කම් නැති බවද , එවැනි කැක්කුම් සහ දරුවාගේ හර්ද ස්පන්දනය මැන බැලෙන දත්ත සටහන් යන්ත්‍රයේන් එලියට ආ කොළයේ අනතුරු දායක තත්වයක් නැති බවද දුටුවාය.
අවුරුදු 18 වියැති මේ පොඩි අම්මා, පළමු දරුවා නිසා ගර්බනී කාලය අවසානයේ එන බොරු කැක්කුම් නිසා මෙලෙස කලබල වී ඇති සැටියකි. එවෙලේම අපි ඇයට අවශ්‍ය පෙති සියල්ල දුන්නෙමු. අම්මා එවිට වතුර බෝතලයක් ගෙන ආවේ නැති බව කියයි.

ඒ අසලම ඇති පළමු ඇඳේ සිටි අම්මා, අපි ඇයට නාලිනි කියමු. වකුගඩූ රෝගයෙන් මෙන්ම දියවැඩියාවෙන් පෙළෙන්නියක් නිසා ඇගේ 32 වැනි සතියේ සිටම අප රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. දියවැඩියා තත්වය පාලනය කරගත නොහැකි තරමට ඇගේ වකුගඩු රෝගී තත්වයද අසාධ්‍ය වී ඇත. අධික රුධිර පීඩනයෙන්ද ඈ පෙළේ. මූත්‍රා වල ඇල්බියුමින් + + + ය, එනම් ඉතා ඉහළ අගයක් ගනී, මෙය ගර්බනී සමයේදී නම් සූවදායක දෙයක් නොවේ. ඇගේ කුස තුල සිටින දරුවා හරි හැටි මෝරා වැඩී නැත(IUGR). අප මහ රෝහලේ අඩු බර නොමේරූ ළදරු ඒකකයේ ඇඳන් මේ වන විට පිරී ඇති නිසා ඇය දරුවා ප්‍රසූත කරන කාලය වන විට අනිවාර්‍යයෙන් , එම පහසූකම ඇති රෝහලකට යැවිය යුතුමය.
වතුර ඉල්ලන්නේ කාගෙන්දැයි අර 18 වියැති අම්මා ඔබ මොබ බලයි. හයියෙන් කතා කරන නිසා වාට්ටුවම දෝංකාර දෙයි. නාලිනී නින්දෙන් මිදී ඇස් ඇරගෙන අප දිහා බලාගෙන සිටිනු දුටු දැන් මේ මහ පාන්දර පැමිණි 18 වියැති අම්මා, නාලිනී වෙත ගොස් ඇයගෙන් වතුර ඉල්ලයි. මම දත්ත සටහන් කරමින් සිටිමින්ම ඔවුන් දිහා බලාගෙන සිටියෙමි. නාලිනී අම්මා ඔහේ බලාගත්තු අත බලාගෙන සිටී. කිසිදු හැල හොල්මනක් නැත. මමද හෙදියද නැගිට ඇඳ වෙත දිව්වෙමු.

නාලිනි නාලිනි... මම කෑ ගැසුවෙමි. හුස්ම ගනී, පුදුමයෙන් බලා සිටී. හෙදියක් වතුර ගෙන ඇගේ මුහුණ පිස දමයි. "ෂුගර් චෙක් කරන්න " තව කෙනෙක් සීනි චෙක් කරයි.
" ඩොක්ටර් 53 "
"50 %ඩෙක්ස්ට්‍රෝස්...ස්ටැට්" එවෙලෙම අපි රුධිරනාලිකා හරහා සීනි සහිත ද්‍රාවණය ශරීරගත කළෙමු.. මිනිත්තු 2, 3 යද්දී දෑස් පොඩි කරමින් නින්දෙන් ඇහැරුනාක් මෙන් අම්මා අප දෙස බලා " ඇයි මිස් මොකද උනේ" අසයි.  මිඩ් වයිෆ් මිස් පැමිණ කුස තුල දරුවාගේ හර්ද ස්පන්දනය මනින්නට බලයි. "ඇහෙන්නේ නෑ ඩොක්ටර්"
"මයි ගෝඩ්. ඉක්මනින් සී ටී ජී ගන්න"

ඒ අතර දුටුවේ බෙහෙත් පෙති අතේ තියන් ඉන්න 18 වියැති අම්මා වතුර කෝප්පයත් අතැතිව අප දෙස බලාගෙනම සිටී.. " ඒ අස්සේ මෙයා මොනවා කරගන්නද බොන්නයි කීව්වේ බෙහෙත්, ඊට පස්සෙ නිදා ගන්න

"  ඇය කඩි මුඩියේ බෙහෙත් ටික බොයි කූඩයත් අරගෙන ඇගේ ඇඳ වෙත යයි.
දැන් තියෙන්නේ ජේෂ්ඨ වෛද්‍යවරියට දන්වන එකයි. දුරකථනයෙන් ඇයට කතාකර සියලු විස්තර දන්වා, ළදරු ඒකකය වෙත කතා කර ඇඳන් නොමැති බවද සපත කරගත්තෙමි. ඉක්මනින් දරුවා ප්‍රසූත කළ යුතුය. හර්ද ස්පන්දනය අඩු වෙමින් වැඩි වෙමින් පවතී. ගත කරන්නට කාලයක් නොමැතිය. වහාම පැය භාගයක දුරින් තිබෙන අනෙක් රෝහලට ඇය යැවිය යුතුය. ජේෂ්ඨ වෛද්‍යවරියත් මමත්, හදිසියේ ෆෝම් සියල්ල් පුරවමින් අම්මාගේ බෑග් ලැහස්තිකරන සුළු සේවකයින්ට ඉක්මන් කරන්න යැයි කීවෙමු. අපට තිබෙන හදිසිය ඔවුන්ට නැත.
ඇම්බියූලන්ස් එකක් ලෑස්ති කරගන්න කිහිප විටක් කියා බැරි තැන තර්ජනය කරන්නටද සිදු විය. " දැන් මේ අම්මට හරි බබාට හරි මොකක් හරි උනොත් වගකියන්න ඕනේ ඔහෙලායි" ඔවුන් සමග යකා තදවී කෑ ගසා ගනිමින්. ට්‍රොලිය මත වම් ඇලයට හරවා නිදි කෙරූ අම්මා අරගෙන ප්‍රෙෂර් මීටර් සීනි පරීක්ෂා කරන ග්ලූකෝ මීටර් සියල්ල රැගෙන මමත් හෙදියත් යන්නට යත්ම මා දුටුවේ අර අම්මාගේ කකුල් හරියේම පටවා තිබූ ඇගේ ඇඳුම් බෑග් එකය. හෙදිය අතේ උපකරන සියල්ල ය. සුළු සේවකයින් දෙදෙනා ට්‍රොලිය තල්ලු කරයි. තව කවූරුත්නැද්ද ඔබ මොබ බැලිමි කවුරුත් නැත. මා එම බෑගය අතට ගතිමී. හා හා ඉක්මනට.. කෑ ගසමින් අම්මාව රැගත් ට්‍රොලිය රැගෙන ඇම්බියුලන්ස් එකට දීව්වෙමු.
නිරුපද්‍රිතව අම්මත් ඇගේ කුස තුල තිබෙන බබත් අනෙක් රෝහල වෙත ගෙන ගියෙමු. ඒ අම්මාට එවෙලේම හදිසි සිසේරියන් සැත්කමක් කර දරුවා බිහි කරන ලදී. මවගේ තත්වය කෙමෙන් කෙමෙන් යතා තත්වයට පත් විනි.

අපි නැවත බොහෝ හෝන්දු මාන්දු වී, වාට්ටුවට පැමිණියෙමු. ජේෂ්ඨ වෛද්‍යවරිය මා පැමිණෙත්ම රකුසු මුහුණක් මවාගෙන බැන වැදිනි.

"මං දැක්කා කරපු හපන්කම. පේෂන්ට් ගේ බෑග් උස්සගෙන ගියේ මොකටද ? ඒකට තමයි මයිනර් ස්ටාෆ් අය ඉන්නේ, මම කෑ ගහද්දිත් දුවලා ඉවරයි. තමන්ගේ තත්වෙ තියා ගන්න."  ඇය කියන කතාව යම් දුරකට ඇත්තය.
මොන තරම් අසාධ්‍ය කලබල තත්වයකදී උනත් අපි අපේ යුතු අයුතුකම් බලන්නේ නැතුව වැඩ කරන්නෙමු.
නමුත් එලෙස මට කෑ ගහපු ජේෂ්ඨ වෛද්‍යවරියත්, එවැනිම හදිසි අවස්ථාවක සුළු සේවකයන් ඇති පමණ නොසිටි අවස්ථාවක ට්‍රොලියක් තල්ලු කරගෙන හෙදියන් හා ශල්‍යාගාරය වෙත දිව ගියාය. ඇයට දැන් ඒවා මතක නැත. ඒ අපේ හැටි ය. හදිසි අවස්ථාවක අපිටනම් නොදන්නා පුද්ගලයාගේ පණ කෙන්ද රකිනවා ඇරෙන්නට වෙන කිසි දෙයක් මතකයට එන්නේම නැත.

ශල්‍යාගාරයේ රෝගියෙකු ඇඳකින් ට්‍රොලියකට මාරු කරන්නට උනත් කිසීවෙක් නැතිනම් අපි පැමිණ උදව් වන්නෙමු. හදිසි ප්‍රතිකාර දෙමින් ට්‍රොලී තල්ලු කරමින් අපි හරි හරියට වැඩ කරන්නෙමු. යුද්ධ ඇති කාලයේ අප ජීවිත ගැනවත් නොසිතා, ඈත පිහිටි වෛද්‍ය කඳවුරු වෙත ගොස් අවම පහසූකම් යටතේ සේවය කර පැමිණෙන්නෙමු. අපේ රටේ බහුතරයක් ඒ වෙනුවට දකින්නේ නුගුණය, දොස් ය. ඇතැම් විට රෝගීන්ම දරුණු ලෙස සියල්ලන්ටම බැනවදී , නමුත් ඔවුන්ගේ ජීවිත බේරුනු පසු අපි හමුවේ වැඳ වැටේ. කෙතරම් දොස් ඇසුවත් අපි අපේ සේවය ඉහළින්ම කරන්නෙමු. ඒ අපේ සිත් එලෙස සකස් වී තිබෙන නිසා ය.

11 comments:

  1. සැහෙන්න වටිනවා ඔබේ අත්දැකීම් අපිට~

    ReplyDelete
  2. කියන්නට දෙයක් හිතට එන්නේ නැත. "struck me speechless" ලෙස කිව හැක.
    පසු ගිය කාලයේ දොස්තරලට එරෙහිව පළවුණු ලිපි (වෛද්‍යවරු මුදල් පසුපසම යන රෝගීන්ට නොසලකන ජාතියක් බවට) මෙයට හේතු වුවාදැයි සැක සිතේ.
    කෙසේ වුවත් වෛද්‍යවරු යනු "මුදල් පසුපසම යන රෝගීන්ට නොසලකන ජාතියක්" ලෙස මා(මට කිව හැක්කේ මා ගැන පමණි) නම් නොසලකන බව කිව යුතුය. මේ අදහස ඇති තව (වෛද්‍යවරුන් නොවන)බොහෝ දෙනෙක් අනිවාර්යෙන්ම සිටිති. ඉතා ඉහල සුදුසුකම් හා කැප වීමක් අවශ්‍ය වන, වන මහන්සියට (අධ්‍යාපනය ලබන කාලයේ හා රැකියාවේදී) සරිලන වැටුපක් නොලබන (පොදුවේ ගත් කල) ඉහල වගකීමක් ඇති අසාදාරන ලෙස බැනුන් අසන රැකියාවකි, වෛද්‍ය වුර්තිය යන්න මගේ අදහසයි.

    ප.ලි. මේ ලියන මා වෛද්‍යවරයෙකු නොවන අතර වෛද්‍යවරුන්ට ලගින්වත් ගෑවී නැත. එසේම හදිසි ලෙඩ රෝග නිසා රජයේ රෝහල් වල සිට ඇත. එසේම මගේ ඉතා සමීප නෑයෙක්ද ටික කාලෙකට ඉහෙතදී රෝහලදී මිය ගියේ මරණයට හේතුව පවා හෙළි නොකරමිනි (නොඑසේනම් වෛද්‍යවරුන් ට හේතුව සොයා ගැනීමට නොහැකි වුනි).

    ReplyDelete
  3. ඇත්තටම සායන වලදී එක දිගට විශාල රෝගින් සංඛ්‍යාවක් බලන වෛද්‍යවරු දැක්කම මට පුදුමයක් ඇති වෙනවා . ඇත්තටම එතරම් කාළයක් මනස නිරවුල්ව තබාගෙන අවසාන රෝගියා දක්වා එකම සැළකිල්ල දැක්වීම මොන තරම් අපහසු දෙයක්ද . ඒ වගේම ඉතා වෙහෙසකර දීර්ඝ සේවා මුර වල යෙදෙන වෛද්‍යවරු මොන තරම් ඉවසීමකින් කටයුතු කරනවා ඇතිද.
    ඔබතුමිය ලියන මෙවැනි ලිපි නිසා පහුගිය දවස් වල ලැබුන තරමක් අමිහිරි අත්දැකීමක් දිහා ( ඔබ දන්නා කාරණය සම්භන්ධව නොවේ ) උපේක්ෂාසගතව බලන්න මට හැකිවුනා....ඇත්තටම වැරදීම් වලට ඉඩ නැති සේවයක යෙදෙන වෛද්‍යවරුන් දිහා ගෞරවයෙන් බැලීම අපට උරුමයෙන්ම ලැබුන දෙයක්. හැමදේම මුදලට යටවුන සමාජයක ඔබතුමිය වැනි අය ගැන ඇසීමත් සතුටක්.( මුරුංගා අත්තේ තියනවා කියලා හිතන්න නම් එපා / ).

    ReplyDelete
  4. දොස්තර නෝනා...

    මගේ පුතා ඉපදුන වෙලේ ඇතිවුන ඉතාම වේදනාත්මක අමිහිරි අත්දැකීම නිසා මේ වගේ දේවල් කියවන්න, මේ වගේ අවස්තා පෙන්වන රූපරාමුවක් බලන්න බරි මානසික තත්වයක ඉන්න කෙනෙක් මම... ඒත් මේක කියෙව්වා... අප්‍රමාණ සතුටුයි... ඔබ වැනි අය තමයි වෛද්‍යවරුන් විය යුත්තේ... ඔබ වැනි අයටම තමා ඔබේ පරපුරේ ජේෂ්ඨයින් විසින් ඇතිකර ඇති අප්‍රසන්න ප්‍රතිරූප බිඳ දැමිය හැක්කේ...

    ............

    //ඒ 18 වියැති 36 මසැති අම්මා කෙනෙකි // කියන තැන පොඩි දෝෂයක් තියෙනව වගේ... ඔබ කියන්නෙ "36 weeks pregnant" යන්න වෙන්න ඕන... මමත් දන්නෙ නෑ හරියට කියන්නෙ කොහොමද කියල...

    ReplyDelete
  5. අවස්ථානුකූලව ඔබ වැඩ කරල තියනවා. හදිසි අවස්තාවක තමා කව්ද කියලත් අමතක වෙනෙවනෙ..ඒත් ඉතින් හැමෝම එහෙම කරයි කියල හිතන්නත් අමාරුයි.. කොහොම උනත් ඔබට අපේ ප්‍රණාමය...

    ReplyDelete
  6. ටික දෙනෙකුගෙ වැරදි ගැන පුන පුනා කීමට, ඒ මිම්මෙන් සියළු දෙනා මැනීමට බොහෝ දෙනා ඉදිරිපත් වෙද්දි, තමන්ගෙ අත්දැකීම් තමන්ටම කියන්න වෙලා නේද?

    ReplyDelete
  7. සබීත්- ස්තූතියි මල්ලි

    ගිම්හානි - ස්තූතියි...

    මගේ කතාව - ඒක ඇත්ත... හැමෝම එක වගේ නෙමෙයි. වෙලාවකට අපිවත් අර අතලොස්සක් නරක අය නිසා වැරදී විදිහට තේරුම් ගනිද්දී... මුදලින් සීයල්ල මැනිය නොහැකි බව තේරුම් ගන්නවානම් හැමෝම ලොකු දෙයක් නේද.

    ලකි - ඒක තමයි, අපටත් රෝගියෙක් හරියට බෙහෙත් නොගෙන ලෙඩ වැඩි කරගෙන හෝ වහ බීලා ආවිටනම් හොඳටම කේන්ති යනවා. සමහර විට "දොස්තරලත් මිනිස්සු" කියන දේ තේරුම් ගන්න කල් යනවා.

    නලිනි අක්කා - මෙහෙමවත් කිව්වේ නැත්නම්...ඇත්තටම අහන්නෙම දකින්නෙම, අපේ සේවය තඹේකට මායිම් නොකරන කතා. හැමෝම එක වගේ නොවෙයිනේ.
    මට මෙහෙම අත්දැකීම් අතරින් කතන්දර ලියන්න කියන අදහස මුලින්ම කිව්වේ , අපේ VOG sir, ඒ මේ කොණේ මිනිස්සූන්ගේ ජීවිත ඒ තරම්ම සංකීර්ණ නිසාත් මෙහෙ අපි ලබන අත්දැකීම් හරිම වෙනස් නිසාත්... දැන් තමයි තේරෙන්නේ මෙහෙම ලියන්න පටන් ගත්තු එක කොයි තරම් හොඳ ද කියලා.

    සපතේරු උන්නැහේ වරද පෙන්නුවාට ගොඩක් ස්තූතියි. මාත් සති 36, කලබලේට මාස 36 කියා ලියලා. ඔන්න ඒක නිවැරදි කරා. මෙඩිකල් වචන සිංහලෙන් ලියන්න ගියහම හරිම අමාරුවක තමයි මම වැටෙන්නේ.

    ReplyDelete
  8. සප්පතේරූ උන්නැහේ - ඔබ එසේ සිතීමත් මට සතුටක්. මේ ලියන සියල්ල සත්‍ය සිදුවීම්. මේවා මෙලෙස ලියන්නේ ජේෂ්ඨ වෛද්‍යවරුන්ගේ ආරාධනාවෙන්.මම හිතන්නේ අපි කරන ලොකුම වැරැද්ද සාමාන්‍ය මිනිස්සුන්ට අප ක්ෂේත්‍රය ගැන අවබෝදයක් ලබා නොදීමයි.

    අප වෙත එන හැම රෝගියෙක්ටම තියෙන්නේ එහෙම අමිහිරි අත්‍දැකීම්. බොරු කියන්නේ මොකටද එහෙම අත්දැකීම් වලට මුහුණ දෙන රෝගීන් අපිත් දැක ඇත්තෙමු. ඒත් ඒවා විවේචනය කරන්නට තරම් නොවන නිසා මම ඒ ගැන ලියන්නේ හෝ ඒ වැරදි හරි ගස්සන්නට නොයමි. ඒවෙනුවට අපි වෙනසක් ඇති කරන්නට සිතා ගත්තම හොඳයි නේද . Be the change you wish to see in this world. ඔබ ලියූ අඳුරට ශාප නොකරමින් ඉඳ එක පහනක් හෝ දල්වන්න වගේ ... නිතර හිතට ගත්තු කරුණක් !

    ReplyDelete
  9. වෛද්‍යවරු වීශේෂයෙන්ම අපේ රටේ අය ගොඩක් වෙලාවට ලෙඩ්ඩු ගැන හිතලා කටයුතු කරනවා.මේ ළඟදි සොයිසා එකේ බබෙක් හම්බ උන අම්මා කෙනෙක්ගේ වැදැමහ සම්පූර්ණයෙන් ඉවත් නොවීම නිසා රුධිර වහනය වීම නතර නොවුන වෙලාවෙ එතන හිටි වෛද්‍යවරිය අතට දමාගත් සාමාන්‍ය ශල්‍ය අත්වැස්මක් සහිතව ගර්භාශය තුලට අත දමා වැදෑමහේ ඉතිරි කොටස් ඉවතට ගන්නා ආකාරය මම බලාගෙන හිටියා.ඇත්තටම සෞඛ්‍ය සේවකයින්ට රෝගියෙකුගේ රුධිරය කියන්නෙ ඕනෙම රෝගයක් වැලඳීමට ඉඩ ඇති ආසාදිත ද්‍රව්‍යයක් ලෙස සලකන ලෙසයි උපදෙස් දී ඇත්තෙ.නමුත් මැණික් කටුව දක්වා පමණක් අත්වැසුම ඇති ඇයගේ වැලමිට දක්වාම අර අම්මාගේ රුධිරය තැවරුනා.ඇය ඒ ගැන යන්තම්වත් තැකුවෙ නෑ.ඇයට වැදගත් උනේ අර අම්මගේ ජීවිතේ.

    කට්ටිය නිරපරාදෙ දොස්තරලට බණිනවා තමයි.නමුත් කවුරුවත් ඔවුන්ගේ වැටුප ගැන දන්නෙ නෑ.බෝවෙන රෝග බහුල පරිසරයක ඉන්න සිදුවී තිබෙන ඔවුන්ට ඕනෙම මොහොතක ඕනෙම රෝගයක් වැළදෙන්න පුළුවන්.ඒත් කවුරුවත් ඒ ගැන පැමිණිළි කරනවා කවුරුත් අහල තියෙනවද?

    ReplyDelete
  10. දිනුක - සෞඛ්‍ය සේවයේ වැඩකරන අයට මිසක් ඕක වෙන කාට තේරෙන්න ද ? ඉන්ටර්න්ස් කාලේ gyn n obs appointment එකේදි කොච්චර නම් ඔය වාගේ සිදූවීම් වලට මුහුණ දූන්නාද අපි.

    ReplyDelete
  11. ඔබ මේ අත්දැකීම් බෙදාගන්න එක හුඟක් වටිනවා. මිනිස්සු මේවා දැනගන්න ඕනා.

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !