Sunday, January 25, 2009

ලියන්නට හිත හදා ගැනීම හෙවත් කාලයේ දොස

වෙනස් වෙන හිතක නොවෙනස් යම් දෙයක් තියේද ඉතිරිව ?
ජීවිතේ නිරන්තරයෙන් වෙනස් වීම් වලට ලක් වෙනවා, සමහර වෙනස් වීම් අපිට දරාගන්ට බැරි තරම් දුක උනත්, අපි ඒවාට අකමැති උනත් ජීවිතේ කොහොම හරි ඉදිරියට ගමන් කරන්න අපි උත්සහ ගන්නවා , ඒක ලෝක ස්වභාවය.

අනිත් හැමෝගෙම කරදර දුක් කම්කටොළු මගේ උර මත හෙලද්දී ඒවා දරාගෙන ඉන්නේ මට ප්‍රශ්ණ නැති නිසා නෙමෙයි. ඒත් අනික් හැමෝටම වඩා සැහැල්ලුවෙන් මම ජීවත්වෙන බව මට දැනෙනවා.

මනෝරත්න මහත්මයාගේ නාට්‍ය උළෙල පටන් ගත්තෙ ඊයෙ ජෝන් සිල්වා රඟහලේ යද්දි බස් එකේ හමු වුන ආච්චි අම්මා කෙනෙක් රුසියානු එම්බසිය තියෙන තැන ඇහුවා. මාත් කෝල් අරගෙන දන්න අයගෙනුත් අහලා යන හැටි කියා දුන්නා. එයා ඉඳගෙන හිටියෙ මට ඉස්සර සීට් එකක. ඉන්පස්සෙ ආයෙමත් හැරිලා එයාගේ දුක් කඳුලු සේරම මට කියවන්න ගත්තා. ඇගේ දියණියගේ දියණිය කියන්නේ මිනිපිරිය මොන්ටිසෝරි යන වයසේ දරුවෙක් ඒත් ඉගෙනුමට හොරයිලු. ඇයව විශේෂ පාසැලකට යොමු කරන්න අවශ්‍ය වුනත් එසේ කරන්න තරම් ඔවුනට ආර්ථික තත්වයක් නැති නිසා දොස්තර මහතා මේ දරුවා චිත්‍ර නැටුම් වැනි දේ වලට යොමු කරන ලෙස කියා තිබෙනවා. චිත්‍ර පන්තියක් සඳහා රුපියල් 1000 පමණවත් වැය වෙනවා ඉතින් රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ නොමිලේ උගන්වන පාඨමාලා ඇති නිසා ගැන අහන්න යන බවත් පැවසුවා. හැම දරුවෙක්ම එක මට්ටමින් ඉගෙන ගන්නේ නෑ අම්මේ.. මුලදී ඉගෙනුමට හොර දරුවන් පසුව හොඳින් ඉගෙන ගන්නවා. අනික හැමෝම එක වගේ හැමදේටම දක්ෂ නෑනේ. මම එයාගේ හිත හදන්න උත්සහ කරා. ගමනාන්තය දක්වා එයාගෙ දුක් කරදර පොදි සේරම ඇරලා පෙන්නුවා පිටස්තරයෙක්වුන මට විටෙන් විට එයාගේ ඇස් දෙකෙන් කඳුළු කැට කඩා හැළුනා. එයාගේ දියණියත් මන්ද මානසික මට්ටමක සිටින්නියක වන අතර ආර්ථික වශයෙන් දැඩි පීඩනයක සිටින බව පැවසුවේ. ඇගේ විශ්‍රාමික වැටුපෙන් දරුවන් ජීවත් කරවන බවක් ඇය පවසා සිටියා.
මිනිසුන් කොතරම් දුක් විඳිනවාද ? එහෙම බලද්දී අපිට තියෙන කරදර මොනවද කියලා හිතෙනවා

නමුත් මා වටේ හිටපු හැමෝම කිව්වේ නොදන්නා මිනිසුන් හා කථා කරනන් යන්න එපා කියලයිඒත් මම මොනවා කරන්නද ඔවුන් කථාවට එනවානම්.


"සොයන හැමදේම හම්බ වේනම් අවශ්‍ය හැම දේම ලැබේනම් මිනිස්සුන්ගේ හිතට මේතරම් බලාපොරොත්තු ගොඩක් ඉතිරි නොවනු ඇත"


2 comments:

  1. හ්ම්ම්....මමත් වැඩිය මගේ තොරතුරු නම් වෙන අයට කියන්න යන්නේ නැහැ. හැබැයි කවුරු හරි එයාලගේ විස්තර කියනවා නම් අහගෙන ඉන්නවා..ඒකෙන එයාලට සතුටක් දැනෙනවා නම් ඒක මගෙත් සතුට

    ReplyDelete
  2. කෙනෙක් කියන දේ අහගෙන ඉන්න පුළුවන් නම්... ඒක ලොකු දෙයක් "කියන්" කෙනාට.

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !