අප වෙත එවා තිබූ පස් මස් වියැති ළදරුවා අත දැරි කාන්තාව කියද්දී, “මොකද්ද යන බස් එකේ නොම්මරේ" ප්‍රසිද්ධ බස් මාර්ගයක් නිසා මම ඇසුවෙමි. ඇය නිරුත්තර විය.
“බලන්න බබාගේ බර… තාම මාසෙක දරුවෙක්ගේ බර වගේ. හරියට කිරිවත් දීලා තියෙනවාද ?”
දරුවා උපත ලබා තිබුණෙත් අඩු බර දරුවෙක් ලෙසයි. ඔහු දිගු කාලයක් නොමේරූ ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබනවා. ඒ සම්බන්ධ කාඩ්පතේ, මව මත්පැන් වලට ඇබ්බැහිවූ කෙනෙක් බව ලියා තිබුණා. ඒ කියන්නේ දරුවා කුස ඉන්න කාලෙත් ඇය මත්පැන් මත්ද්‍රව්‍ය අරගෙන!
“ බබා ලැබෙන්න ඉන්නකොටත් මත්පැන් බිව්වද අම්මා” මම ඇගෙන් විමසුවෙමි.
ඇය නිහඬය. ඇගේ මුහුණ කියා පාන්නේ දිගු කලක් මත්පැන් පානය කරන කෙනෙකුගේ ලක්ෂණය. ඇයට නිවහනක් නැත. ඉන්නේ පාලමක් යට බව කියයි. කලින් දරුවන්ට ඇති බව කීවත් ඔවුනට වෙච්චි දෙයක් නැත. මිය ගියේ යැයි ඈ පවසයි. මට සිතෙන්නේ සිඟමනේ යෙදෙන්නට කා අතට හෝ පත්කර ඇතැයි කියාය. ඇය මෙලෙස අප වෙත යොමු කළේ දරුවා සමග බීමතින් සිඟමනේ යද්දී පොලිසියවිසින් අත් අඩංගුවට ගැනීම නිසාය. මේ කුඩා සිඟිත්තාගේ ඇඟ පුරා දරුණු කුෂ්ටයක් සහ තුවාලද තිබේ "ස්කේබීස්" යන නමින් හඳුන්වන අපිරිසිඳු කම මුල්වන බෝවන රෝගයකි. එය වැළඳී තිබුණේ මවගෙනි. මවගේද මුළු ඇඟ පුරා ස්කේබීස් කුෂ්ඨ තුවාල දද පිරී ඇත.
හැමදාම දරුවෙක් ළමා රෝහලේ ප්‍රතිකාර ලබනවා යැයි කියමින් තව දරුවෙක් අතින් වඩාගෙන බස් රථවලට නගින සිඟන්නා මට මතක් වේ.අවුරුදු ගණනාවක් පුරා ඔහුගේ කතාව එකමය. දරුවාද සයිස් එකෙන් එහෙමමය. ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවද අනෙක් දරුවන් ගැනක්‍රියා කරන දෙපාර්තමේන්තුද දැඩිව ක්‍රියා කළ යුතු කාලයක් එළඹ ඇතැයි මට සිතේ.
අද පුවත් වලට පැවසූ සිදුවීමක් නිසා මෙලෙස ලියන්නට සිත් විය. අවුරුද්දකට කලින් දකුණු ප්‍රදේශයෙන් නැතිවූ දරුවෙක් දඹුල්ලෙන් හමුවී තිබෙනවා. එහෙම හමුවෙලා තියෙන්නෙත් ඒ දරුවාගේ ආච්චී දරුවා සොයාගෙන නගරෙන් නගරෙට ගියපු නිසයි. දරුවා පැහැරගෙන ගිහින් තියෙන්නේ හිඟා කෑමට යොදා ගන්නයි. ආච්චිට මත්පැන් දී නින්දගිය පසුළු දරුවා පැහැරගෙන ගිහින් ඇත්තේ හැබැයි අපූරුමවැඩේ.. මේ ආච්චිත් කරලා තියෙන්නේ මේ දරුවා වඩාගෙන හිඟා කාපු එකයි.
දරුවන් අතින් කටින් එල්ලාගෙන ඒ දරුවන්වත් හෙම්බත්කරමින් හිඟා කන මිනිස්සුන් නිතර බස් වල කඩ පිල් වල, මංසන්ධි වල කලර් ලයිට් අසල, ඒවගේම කැලණිය බෙල්ලන්විල වගේ පුදබිම් අසලත් මොවුන් අඩු වැඩි නැතිව ඉන්නවා ඔබ දැක ඇති. මටත් නිතර හමුවෙනවා මෙවැනි පිරිසක්, බොහෝ විට දරුවන් සමග හිඟමනේයද්දී අත් අඩංගුවට පත් වෙන සිඟන්නියන්… ඒ ඔවුන්ගේ දරුවන් අප වෙත යොමු කරවන නිසා. බොහෝ දරුවන්ට අම්මලාගේ දද කුෂ්ඨඅඩු වැඩි නැතිව සෑදී තිබෙන අතර, ඔවුන් පෝෂණ ඌනතා වලින් පෙළෙන වයසට සරිලන බරක් නොමැති දරුවන්ද වූවා.

තවත් අයෙක් ඔපරේෂන්කරන ලද හර්නියා එකක කැළල පෙන්වමින්, තමාට දරුණු සැත්කමක් සිදු කිරීමට තිබෙනවා යැයි අර ලබාදෙන ඩයග්නෝස් කාඩ් එකහෙවත් ප්‍රතිකාර නිමවූ පසු ලබා දෙන සිදුකළ සැත්කම හෝ ප්‍රතිකාර ගැන සඳහන් කාඩ් පත පෙන්වමින් හිඟා කමින් හිටි ඔහු මා වෙතට ඇවිත් කාඩ් එක දිගු කළේය. මා එය කියවා " මේ ඔපරේෂන් එක කරා නේද ?" ඇසූ විට විගස කාඩ් එක උදුරාගෙන අතුරුදහන් විය. මෙවැනි සිදුවීම් අනන්තයි.
දරුවන් මෙහෙකාරකමේ යොදවනවාට නීති රීති හරියට ක්‍රියා කරනවානම් ඇයි සිඟමනේ යොදනවාට විරුද්ධව නීති ගෙනෙන්නට බැරි ? ඇස් පනා පිට, ට්‍රැෆික් ලයිට් අසල දරුවන් අතින් කරින් එල්ලාගෙන එහෙ මෙහෙ වාහන වලට අතපාන අයද, පුද බිම් අසල දරුවන් ඔහේපාරවල් , දූවිල්ලේ දමාගෙන සිඟමන් ඉල්ලන්නෝද බහුලය. ලංකාවේ නීතිය අනුව නම් සිඟා කෑම තහනම් කර තිබෙන අතර දරුවන් සමග සිඟා කන අය අත් අඩංගුවට ගන්නා බවත් සඳහන්, ඒවගේම මෑතක ඔය සිදුවීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා කියපු දේත් ඔය හා සමානයි.
අත් අඩංගුවට ගන්නා අතරම හිඟමනේ දරුවන් අරගෙන යන අයගේ දරුවන් ඔවුන්ගේම දරුවන් දැයි ඩී එන් ඒ පරීක්ෂණ මගින් ඉදිරියේදී පරීක්ෂා කරන බවත් පැවසෙනවා. කෙසේ වෙතත් මේ නීති රීති දැඩිවක්‍රියාත්මක විය යුතු කාලයකි. නැත්නම් වෙන්නේ දරුවන්ද රෝගීන් කරවා සිඟමනේ යොදවන්න මෙවැනි පිරිස් පෙළඹීමය. එසේ නම් අප ද පුරවැසියන් ලෙස, සිඟා කෑමේ යෙදෙන පිරිස ට මුදල් ආහාර, රෙදි පිලි ආධාර උපකාර දීම වැරදි ද ? බස් රථ වලට නගිනා, පන්සල් පල්ලි අසල රැඳෙනා සිඟමන් යදින යාචකයින්ට මින් පසු ආධාර කිරීම නවතා දැමිය යුතු ද ?
More info > http://colombogazette.com/2014/10/23/crackdown-by-cops-on-street-beggars/