ඒ කාලෙදි බැරි වෙලාවත් අපිට ගෙදර යන්න වුණොත් ඒකටත් ඉතින් පුදුම දුකක් විඳින්න ඕනේ... බොහෝ වෙලාවට එහෙ යනකොට ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නෑ.. ඇයි ඉතින් ගංවතුර ගලලා පාරවල් වැහිලා කෝච්චි පාරවල් පවා වැසී කෝච්චි ගමනාගමනය අමාරුනම් අපි නොගිහින්සේවයේම යෙදී සිටින නිසා නමුත් ප්‍රශ්නේ ඇති වෙන්නේ මෙහෙම නිවාඩු ගිහින් ආපසු එන්න යෙදෙන දිනවලම කොළඹ ඉඳන් අනිත්කොනට තියෙන දුම් රිය මාර්ග වැසිලා, කෝච්චි යන්නේ නැතැයි කියලා නිවේදනය කරාම. නිවාඩු නැතුව ගෙවල් වල ඉන්නත් බෑ..
අනික අපි ආයෙ එනකම් අනෙක් අයට නිවාඩු ගන්නත් බෑ. ඒ කාලෙට බොහොම දරුණුවට ඉස්පිරිතාලෙම කාර් යය බහුල වෙන නිසා නිවාඩුපාඩුවේ වැඩි කල් ඉන්නත් බෑ ඉතින්. ඔහොම කීප ගමනක්ම බස් වල පිහිටෙන් යන්න එන්න වුණත් අතර මග වැව් පිටාර ගලලා බොහොමකරදර වලට මුහුණ දෙන්න වුණා. පැය ගණන් බස් වල ඉඳගෙන ඉන්න වුණා. පැය 12 පමණ ගමනේ යෙදෙන්නත් වුණා. බස් එකේදී අසනීප වෙන අය ගැන බලන්නත් උණා. ඒ ගැන පහළ ජායාරූපම සාක්ෂි සපයාවි. මේ පින්තූර නම් පරණයි. ඒ කාලේ ගත්ත ඒවා නේ...
මේ ලියන අනිත්කොන හිටියේ බස් එක ඇතුළේ, ඇතැමුන් දුම් රිය පොළේ සිට අරෝග්‍ය ශාලාවට යන්නත් වාහන ගෙන්වාගත්තත් අනිත්කොන ලියන මා සිටින්නේ බොහොම වෙනස් මතයක. එනිසා පොදු ප්‍රවාහන සේවය පමණක් අනිත්කොනට යන්න එන්න පාවිච්චි කරා.
I was inside the bus when it slowly took off ...
මෝසම් වැසි සමයේ පාරවල් හරහා වැව් උතුරා ඇල දොල ගලා යද්දී පාර පෙන්නුවේ, ත්‍රස්තයින්ගෙන් මේ පෙදෙස් මුදාගෙන මිනිස් ජිවිත වලට නිදහසක් ලබා දුන් ත්‍රිවිද හමුදාවමයි. ඔවුන් මෙහෙම පාර හොයාගෙන පාර මායිමේ වතුරේ බැහැගෙන සැර වතුර පහර මැඩගෙන පාර පුරා හිටගත්තම තමයි බස් ලොරි වගේ බර වාහන ඔවුන් පෙන්නන ඒ මං ඔස්සේ ඉදිරියට ඇදුනා. බස් එක තුල සිටින අනිත්කොන ලියන්නා, පිහිනුම් ශාස්ත්‍රයේ අල්පමාත්‍රයකවත් දැනුමක් නැත්තෙක් නිසා සිටියේ විනාඩියකට එකසිය පනහක පමණ හර්ද ස්පන්දනය වන අවධියක ය.
හැබැයි මේ දුෂ්කර අවදියේ ... දැන්නම් ඒ පළාත් වල පාරවල් හැදිලා ඔය වතුර එහෙම පාලනය කරන්න වැව් හාරලා බොහොම හොඳින් කළමනාකරනය කෙරුනු බවක් දකින්න ලැබෙන්නේ... මේන්න ඒ නයින් එකේ වත්මන් පින්තූරයක්...
ඒ කාලෙට ඉතින් වාට්ටුවලට ඇතුල් වෙන රෝගීන් පිරිස බොහෝම වගේම වාට්ටුවලින් පිටකරගන්න බැරි පිරිසත් බොහෝමයි. සායනවටයේදී ඔහොම නොයන අය නිසා අපේ ලොක්කොන්ගෙන් ඒ කියන්නේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් අපි බැණුම් අහන්නේ සායන වටයේදී...
මේ ලියන අනිත්කොන හිටියේ බස් එක ඇතුළේ, ඇතැමුන් දුම් රිය පොළේ සිට අරෝග්‍ය ශාලාවට යන්නත් වාහන ගෙන්වාගත්තත් අනිත්කොන ලියන මා සිටින්නේ බොහොම වෙනස් මතයක. එනිසා පොදු ප්‍රවාහන සේවය පමණක් අනිත්කොනට යන්න එන්න පාවිච්චි කරා.
I was inside the bus when it slowly took off ...
මෝසම් වැසි සමයේ පාරවල් හරහා වැව් උතුරා ඇල දොල ගලා යද්දී පාර පෙන්නුවේ, ත්‍රස්තයින්ගෙන් මේ පෙදෙස් මුදාගෙන මිනිස් ජිවිත වලට නිදහසක් ලබා දුන් ත්‍රිවිද හමුදාවමයි. ඔවුන් මෙහෙම පාර හොයාගෙන පාර මායිමේ වතුරේ බැහැගෙන සැර වතුර පහර මැඩගෙන පාර පුරා හිටගත්තම තමයි බස් ලොරි වගේ බර වාහන ඔවුන් පෙන්නන ඒ මං ඔස්සේ ඉදිරියට ඇදුනා. බස් එක තුල සිටින අනිත්කොන ලියන්නා, පිහිනුම් ශාස්ත්‍රයේ අල්පමාත්‍රයකවත් දැනුමක් නැත්තෙක් නිසා සිටියේ විනාඩියකට එකසිය පනහක පමණ හර්ද ස්පන්දනය වන අවධියක ය.
හැබැයි මේ දුෂ්කර අවදියේ ... දැන්නම් ඒ පළාත් වල පාරවල් හැදිලා ඔය වතුර එහෙම පාලනය කරන්න වැව් හාරලා බොහොම හොඳින් කළමනාකරනය කෙරුනු බවක් දකින්න ලැබෙන්නේ... මේන්න ඒ නයින් එකේ වත්මන් පින්තූරයක්...
ඒ කාලෙට ඉතින් වාට්ටුවලට ඇතුල් වෙන රෝගීන් පිරිස බොහෝම වගේම වාට්ටුවලින් පිටකරගන්න බැරි පිරිසත් බොහෝමයි. සායනවටයේදී ඔහොම නොයන අය නිසා අපේ ලොක්කොන්ගෙන් ඒ කියන්නේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් අපි බැණුම් අහන්නේ සායන වටයේදී...
"මේඅහවලා මෙයා ආවේ මේ නිසා ඒත් දැන් මොකුත්ම රෝග ලක්ෂණ නෑ..". කියලා විශේෂඥ වෛද්‍ය තුමියට හරි තුමාට හරි ( අපිටවිශේෂඥයෝ දෙන්නෙක්ම හිටියා) කියද්දී...
"එහෙනම් මොකටද තියන් ඉන්නේ, මේ ඊයේ ඩිශ්චාජ් කරපු කෙනා නේද ? " ඔහොම ප්‍රශ්නඅනන්තයි.
" ගංවතුර ගලලාලු, පාර කැඩිලා බස් යන්නේ නැතිලු, ගෙදර හැමෝම කඳවුරේලු" වගේ උත්තර තමයි ඉතින් අපෙන්ලැබෙන්නේ.
ඒ අයත් අපේ අනුකම්පාව ගැන බොහොම උපේක්ෂාවෙන් හිතපු නිසා අපේ වාට්ටු නිකම්ම අනාථ කඳවුරු බවට පත්වුණා.ඔහොම ඉන්න අතරේ මේ අයට බෙහෙතුත් ඕනෙ වෙනවා. එයාලා හිතන්නේ අනික් අයට ලැබෙන බෙහෙත් නොලැබුණොත් ඒකත්අඩුවක් වගේ. ඉතින් මොකක් හරි බොරු රිදීමක් කියාගෙන එනවා.
එක්කෝ භයානක යමක්... ලේ වමනේ ගියානේ ටොයිලට් එකේදී...ඒකත් ඉතින් අපිට පෙන්වන්නේ නෑනේ.. ඉතින් කරන්න ඕනේ පරීක්ෂණ කරලා මොකුත්ම ලෙඩක් නැති බවට ප්‍රත්‍යක්ෂ කරලා බැලුවම සමහර විට එයාලගේ ලෙඩෙත් හොඳ වෙලා. ආයේ ගියොත් කියන්න කිව්වට කවදාවත් එහෙම පෙන්වන කෙනෙක් නම් නෑ. සමහර අයටමොකුත්ම නැත්නම් පණු බෙහෙත් හරි ඕනෑ වෙනවා. එහෙම නැත්නම් ශක්ති පෙති කියලා එයාලා හඳුන්වන විටමින් පෙත්තක් හරි ඉල්ලනවා.
ඇඳන් මදි !
ඇඳන් මදි !
ඇඳන් උඩත් බිමත් රෝගීන්, සමහර ඇඳන් වල තුන් හතර දෙනා ඉඳගෙන. අන්තිමට මෙහෙම බලන්න බැරි නිසා සායනවටයට කලින් ඇවිදගෙන කෙළින් ඉන්න පුළුවන් එච්චර ලොකු බරපතල රෝගාබාධ නැති, ගංවතුර ගලපු නිසා හෝ ගෙයක් දොරක්හරියට නැති නිසා ආපු වැඩිපුර කට්ටිය එළියේ කොරිඩෝවට ගන්නවා,
පෝලිමක් හදලා එක එක්කෙනා අපේ රෝගීන් පරීක්ෂා කරනකාමරයට අරගෙන බලාගෙන බලාගෙන යනවා. මේ විදිහට කළ විට අපේ විශේෂඥවෛද්‍යතුමියට හෝ තුමාට වාට්ටුවට එනකොට කලබගෑනියක් දකින්න ලැබෙන්නේ නෑ. ඇඳකට එක බැගින් රෝගීන් ඉන්න නිසා වාට්ටුවත් පිළිවෙළයි. හැබැයි සායන වටය ඉවර වුනු ගමන් ආයෙත් වාට්ටුවම පිරී ඉතිරී යන්න සෙනග.
මම අනිත්කොන ආපු මුල් දිනවල මේ ප්‍රදේශය ගැනත් පිරිස ගැනත් ලොකු වැටහීමක් තිබ්බේ නෑ. අම්මෝ එහෙ යන්නේ මොකද ? බුදුඅම්මේ එහෙද වැඩ කරන්නේ කියලා, හැමෝම ඇස් නළලට ගත්තා.
මම අනිත්කොන ආපු මුල් දිනවල මේ ප්‍රදේශය ගැනත් පිරිස ගැනත් ලොකු වැටහීමක් තිබ්බේ නෑ. අම්මෝ එහෙ යන්නේ මොකද ? බුදුඅම්මේ එහෙද වැඩ කරන්නේ කියලා, හැමෝම ඇස් නළලට ගත්තා.
ඒ අවදියේ ඔන්න ඉතින් පිරී ඉතිරී යන කායික වාට්ටු වල ගානටම වැහිකාලේ ආරම්භ වුණ අවදියේ වැඩ භාරගත් මේ අනිත්කොන ඩොකාට සිද්ධ වුණේ කෑමක් බීමක්වත් හරියට නොගෙන උදේ හවා ඒවාට්ටුවට වෙලා වැඩකරන්නයි. යුද්ධය ඉවර වෙච්චි කාලෙම නිසා ඒ ප්‍රදේශවල අලුතෙන් අමුතුම හිතන්න වෙච්චි බොහොම අමුතු ප්‍රශ්නතිබුණේ.
හැමෝම හිටියේ මොකද්ද ඊළඟට වෙන්නේ වගේ හිතුවිල්ලකින්. ඔහොම ඉතින් ඇතුල්වෙන රෝගීන් හැමෝම දිහා බොහොම ලොකුදයානුකම්පාවක් දැනුණා.
හැමෝම හිටියේ මොකද්ද ඊළඟට වෙන්නේ වගේ හිතුවිල්ලකින්. ඔහොම ඉතින් ඇතුල්වෙන රෝගීන් හැමෝම දිහා බොහොම ලොකුදයානුකම්පාවක් දැනුණා.
ඒ අය බොහොම කරදර කාරී කාලයක් ගතකරලා, නිදහසක් ලබා ගත්තු අලුතම ඔවුන්ට බොහොම ලොකු ප්‍රශ්නගොඩක් තිබුණා. ආයේ ඉඩම් ගෙවල් දොරවල් ගොඩ නගාගන්න, ගම්මාන වලට ආයෙත් යන්න, නැතිවුණ හෝ අහිමි වුණ දරුවන්නෑදෑයින් හොයාගන්න, යුද්දෙයෙන් සහ ඒ ප්‍රදේශවල තිබුණු ත්‍රස්ත ක්‍රියා තාඩන පීඩන නිසා ඔද්දල් වුණ හිත් වලට සුවයක් ලබාගන්න.
ඒඅය බොහෝ විට පිළිසරණ සෙව්වේ, රජයේ හමුදාවෙන් සහ ප්‍රධාන රෝහලෙන්. අපි වෙත එන බොහෝමයක් අය හරිම අහිංසකයි. ඔවුන්හා කතා බස් කරද්දී මගේ දෙනෙත් පවා තෙත් වෙනවා කඳුළු ඇවිදින් ඒ ඔවුන්ගේ ජීවිත වල පසුගිය වගතුග මා හමුවේ කියන නිසා.
ටිකෙන් ටික මම උත්සහ කළේ රටේ දුෂ්කරම පැතිවල සේවය කළ අපේ අත්දැකීම් ඔබ හමුවේ තියන්නයි. නමුත් ඇතැම් විට සමාජ සෞඛ්‍යය ජීවන ක්‍රම, යන මේ සියල්ලම මේ ලිපි ඔස්සේ අඩු නැතිව ලියවුණා.
ටිකෙන් ටික මම උත්සහ කළේ රටේ දුෂ්කරම පැතිවල සේවය කළ අපේ අත්දැකීම් ඔබ හමුවේ තියන්නයි. නමුත් ඇතැම් විට සමාජ සෞඛ්‍යය ජීවන ක්‍රම, යන මේ සියල්ලම මේ ලිපි ඔස්සේ අඩු නැතිව ලියවුණා.
මං හිතන්නේ අපි කරන ලොකුම වැරැද්ද සාමාන්‍යමිනිස්සුන්ට අප ක්ෂේත්‍රය ගැන අවබෝධයක් ලබා නොදීමයි. මම කලින් ලියූ චීන්නු ස්මාර්ට් ෆෝන් එකෙන් ලෙඩ හොයන අතරේ අපේ අයගේ නොදැනුවත්කම ලිපියෙන්, ලියන්නට වුවමනා වුණේත් එයමයි.
බටහිර වෛද්‍ය විද්‍යාව දියුණු වුණ රටවල නම් සමානාත්මතාවයබොහොම ජයටම සුරැකෙන නිසා, වෛද්‍යවරුන් සහ රෝගීන් අතර හෝ අනෙක් වෘත්තිකයන් අතරේ තියෙන පරතරයක් නැති තරම්. ඒත්කුමක් හෝ අභ්‍යාග්‍ය සම්පන්න හේතුවකට ලංකාවේ මෙන්ම ගොඩක් දියුණු වෙමින් පවතින රටවල හෙවත් තුන්වෙනි ලෝකයේ රට වලමේ තත්වය මෙහෙම නෙමෙයි.
වෛද්‍ය වෘත්තිය කියන්නේ මිනිස්සුන්ගේ ජීවිත රැකගන්න, ජීවිතය තව දුරටත් හොඳින් පවත්වාගෙනයන්න උපකාර කරන වෘත්තියක්.... නමුත් අවාසනාවකට එය නුසුදුස්සන් අතටද පත්වෙනවා. තමන් උගතෙක් පණ්ඩිතයෙක්... මට තරම් එහා කෙනෙක් නැති බව ඔළුවට ගත්තම ඒ එක්කම අනුන් තලා පෙළන්න කරදර කරන්න පෙළඹෙනවා. හරියට නිකම් අර, පිහියකින්වෛද්‍යවරයෙක් සැත්කම් සිදුකර ජීවිත බේරාගන්නවා වගේම, මීනී මරුවෙක් පිහියෙන් ජීවිත හානි සිදු කරනවා, මස් වැද්දෙක් පිහියෙන්සතුන් මරනවා හා සේම ගෘහණියක් පිහියකින් ගෙදර ඉන්න අයට කන්න කෑම පිළියෙල කරනවා.
මේ ක්ෂේත්‍රයෙත් එවැනි විවිධ අයබොහොමයි.
සමහරු හිත් සුවපත් කරනවා සමහරු හිත් සුව නසනවා.
අප අතරේ කවුරුත් එහෙමයි. අප වෙත එන හැම රෝගියෙක්ටමතියෙන්නේ එහෙම අමිහිරි අත්‍දැකීම්. බොරු කියන්නේ මොකටද එහෙම අත්දැකීම් වලට මුහුණ දෙන රෝගීන් අපිත් දැක ඇත්තෙමු.
ඒත් ඒවා විවේචනය කරන්නට තරම් නොවන නිසා මම ඒ ගැන ලියන්නේ හෝ ඒ වැරදි හරි ගස්සන්නට නොයමි. ඒවෙනුවට අපි වෙනසක්ඇති කරන්නට සිතා ගත්තම හොඳයි නේද . Be the change you wish to see in this world !
ඉසිවර වෙදැදුරුවරියට.. බොහෝ සිත් සුවපත් කරන්න, බොහෝ රෝගීන් සුවපත් කරන්න ශක්තිය, ධෛර්යය නිබදවම ලැබේවා...
ReplyDeleteස්තූතියි තරු රසී... ඔය ඉසිවර වෙදැදුරු කියන දේ ගැන රසවත් කතාවක් තියෙනව ඉදිරියේ ලියන්නම්...
Deleteමමනෙ මේ ලිපියට මුලින්ම කමෙන්ට් කරල තියෙන්නෙ... කෝ ඉතින් අනිත් කොණ ‘ඉසිවර වෙදැදුරු‘ ගැන කතාව තාම කිව්වෙ නැහැනෙ.
DeleteLiwa akka, ara poddek ahuwe.. "oya inne bodimakada ?" Kiyala
Deleteඅපිත් අවුරුදු තුනකට දුශ්කර සේවයට නැගෙනහිරට යනකොට, බලපුලුවන්කාරයෝ කෙලින්ම පහසු දිස්ත්‍රික්ක වලට හදා ගත්තා. අවුරුදු තුන ඉවර වෙලා ආපහු එන්න ඉල්ලුවාම, ඉසුරුපායේ උන්ගේ උත්තරේ වුනේ, ඔයාලගේ අනුප්‍රාප්තිකයෝ හැටියට යන්න කෙනෙක් නැතුව ඔයාලව නිදහස් අරන්න බෑනේ" කියලා, ඉතින් කාටද කියන්නේ?
ReplyDeleteඅන්තිම ඡේදයට බොහොම ලයික්යැ.
ඔව් ඩූඩ්, සමහර ප්‍රාදේශීය රෝහල් වල හිටපු අයට ඔහොම ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න සිදු වුනා. ඒකට හේතු වුනේ පුරප්පාඩු සපුරන්න එන්න පිරිසක් නොමැතිවීම. හැබැයි උතුරු නැගෙනහිර සේවය කරපු අයටනම් අනිවාර්‍යයෙන් කාලය ආවම ට්‍රාන්සර් ලැබුනා.
Deleteයන්න එන්න තැනක් නැතුව ගංවතුර කාලෙදි ඉස්පිරිතාලෙට එන මිනිස්සු එහෙම එන්න කොයිතරම් අසරණ වෙන්න ඇතිද... කාලයක් තිස්සෙ එහෙම සිදු වෙනකොට දොස්තරවරුන්ටත් ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා ඇති, එයාලගෙ අසරණකම ගැන අවබෝධයත් එක්කම... ඒ උනාට ඒක බොහොම කරදරයක් වෙනව ඇති සැබෑ ලෙඩ්ඩුන්ටත් වෛද්‍යවරුන්ටත්....
ReplyDeleteඅළුත් වැඩ පිළිවෙලවල් එක්ක දැන් ගං වතුර එච්චර බරපතල නෑ කියලයි ලිපිය කියෙව්වම මට හිතුනෙ... දැන් මේ දේවල් වෙනස් වෙලාද...?
ඩූඩ් කිව්වා වගේ මාත් කැමතියි අන්තිම ඡේදයට...
ඕව් මියුරු, ඒ අයට තිබුනු ප්‍රධානම තැන රෝහල... දැන්නම් ගොඩක් වෙනස් වෙලා, ඊළඟ අවුරුද්දේ මේ තරම් ගංවතුර ගැලුවේ නෑ... ඇල වේලි සුද්ද කරා බැකො එහෙම දාගෙන...
Deleteසෞඛ්‍ය සේවය තරම් කුසල් පුරවා ගන්නට මෙන්ම අකුසල් රැස් කරගන්නටත් හැකියාවක් ඇති වෙනත් රැකියාවක් ඇත්දැයි මම නොදනිමි . එහි යථා තත්ත්වය හඳුනා , “මිනිසුන්ට“ සේවය කරන ඔබවන් වෛද්‍යනිළධාරින් අපේ රටට වාසනාවක් .
ReplyDeleteස්තුතියි ඔබට
ස්තූතියි දිරිමත් කරන ඔබටත් මහේෂ්... තවම කළකිරීම් හමුවේ මව් රට හැර යන්න හිතන්නේ නැත්තෙත් ඒ නිසාමයි
Deleteවෙනසක් ඇති කරන්ට වැඩ කරන ගමන්, අපිට මේ දෙන පණිවිඩත් හරිම වැදගත් AK...
ReplyDeleteස්තූතියි පොඩ්ඩි....
Deleteලංකාවෙ සමහරක් වෘත්තීකයිනුත් සේවාදායකයිනුත් අතර ඇති මේ පරතරය කවදා වෙනස් වෙයිද කියල මං ලංකාවෙ ඉන්න හැමවතාවකම හිතනවා. පෙරකදෝරුවා සේවා දායකයාගෙ සේවකයා වෙන රටවලනම්. අපේ රටේ එයා රජා. දැන් දැන් වයිද්‍ය වෘත්තියේ මිනිස්සු එක්ක සුහදව කතාකරන අය වැඩියෙන් ඉන්නවා. ඒත් මුදලට යටවේගෙන යන ඒ සේවයෙත් ලෙඩාට අසනීපය ගැන කතා කරගන්න වෙලාවක් පුද්ගලික චැනල් කිරීමෙදිත් නෑ.. වතාවකට බැලීමට හැකි ප්‍රමානයට වඩා දහ ගුනයක් විතර ලෙඩුන් පෝලිමේ දාගෙන එක්කෙනාට මිනිත්තු පහක් විතර වැය කරන තත්වයක් තමයි මම දැක්කෙ.. එහෙව් රටක ඔබ වැන්නන් අතලොස්සක් හෝ සිටීම සාමාන්‍ය මිනිසාගෙ වාසනාවක්..
ReplyDeleteඅද ඉන්න සමහර ඩොකාලා දිහා බලද්දි ඔයාලා වෙද ඉසිවරු අක්කේ....
ReplyDeleteස්තූතියි බස්සි... හැබැයි එයාලට දිගටම අපිව එහෙ තියාගන්න බැරි වුනා... කාලය ආවම අපිත් ට්‍රාන්සර් වුනා අපේ ගම් ප්‍රදේශවලට
DeleteHave you read A.J.Cronin's THE CITADEL ? Try an find it. You'd like it I am sure.
ReplyDeleteno aiya I will try to find it and read...
Deleteමමත් කාලයක් ඔය වගේ දුෂ්කර පලාතක හිටියා. මමත් ඔය වගේ විටමින් ඉල්ලගෙන ගියා මතකයි. ලෙඩේ තමයි කෙට්ටු වෙන එක,
ReplyDeleteඔබගේ දුෂ්කර සේවය මම ඉතා අගය කොට සලකනවා.
ආ ඔය ඉන්නේ තවත් විටමින් ඉල්ලපු කෙනෙක්... මෙහෙ පැතිවල ඒවාට කියන්නේ ශක්ති කුලුස කියලා...ස්තූතියි කුමා
Deleteමෙහෙම රෝහල් අපේ පැතිවලනම් නෑ ඔගොල්ලො ඉසිවරුන්ම තමා
ReplyDeleteඔය පින්තූර නම් කොහෙත්ම එළි දැක්කුවේ නෑ ඉස්සර , එහෙ බරපතල දේවල් හෝ සිද්ධි ගෙවල් වල අය දැන ගත්තේ බොහොම සැර අඩුවෙන් නැත්නම් රස්සාවටත් නැවතීමේ තිත තමයි.
Deleteඅක්කා ඔය කියපු වැස්ස ආපු කාලයේ මේ පළාතෙ තත්වෙත් වැඩි වෙනසක් තිබුණෙ නෑ. රෝහල තියෙන පළාතට එනයන ප්‍රධාන පාරවල් ඔක්කෝමත් යට වුනා. ඒ විතරක් නම් මදෑ. බාගෙට වැඩ නිම කරමින් තිබුණ පාළම් දෙකක් සම්පූණයෙන් කඩාගෙන ගියා. කොටින්ම කිව්වොත් කොළඹ ඇවිල්ලා ඉන්න අයට මෙහෙට එන්නත් මෙහේ හිරවුන අයට එලියට යන්නත් බැරිව දවසක් විතර තිබුණා. අපිට මෙන්ම රෝගීන්ටත් රෝහලට යන්න වුනේ නාවික හමුදාව සපයපු බෝට්ටු වලින්. අමාරු වුන ලෙඩෙක් වැඩිදුර ප්‍රථිකාර වලට මෙහේ රෝහලෙන් පිටතට මාරුකර යවන්න ගිලන් රථ වලට යන්නට හැකියාවක් පවා තිබුණේ නෑ. ඒ නිසා සියළුම ලෙඩ්ඩුනට අපට හැකි උපරිමෙන් මේ රෝහලේදීම ප්‍රථිකාර කරන්න සිද්ධවුනා. අත්‍යාවශ්‍යම අයෙක්ව වෙතොත් යවන්නට තිබුණ එකම මඟ ගුවන් හමුදාවෙ ආධාර පමණයි. ඒත් ඒ වෙනකොටත් කුණාටු සහිත කාලගුණයක් තමා තිබුනේ. වාසනාවකට කිසිම අයෙක් එවන් අසාධ්‍ය තත්වයකට පත් නොවී තබා ගන්නට අපට හැකි වුණා. ඒත් දියේ ගිලුණ එක් අයෙක් බෝට්ටු මගින් රෝහලට ගෙනාවත් ඒ වෙනකොටත් ජීවිතය හැරගොස් තිබුණා. හමුදාවේ අප්‍රතිහත කැපවීම නිසා පසු දින දහවල් වෙනකොට තාවකාලික සැපයුම් මාර්ගයක් සාදා දෙන්නට ඔවුනට හැකිවුණා. මුළු රෝහලම ලෙඩ්ඩුන්ගෙන් පිරී ඉතිරී ගියා. ඒ තදබදය අඩු වෙන්න නම් සෑහෙන කලක් ගියා.
ReplyDelete-තොටියාස්-
අක්කයි තොටියා අයියයි ලිවුව දේවල් වලට තව දේවල් ටිකක් එකතු කරන්න බලන් ඉන්නෙ මමත් තවත් කොනකට ගිහින් ටික දවසකින්
ReplyDelete